All

පාස්කූ ප්‍රහාරයෙ මහා මොළකරුවන් මෙන්න…. “සහරාන්” මුස්ලිම් අධිරාජ්‍ය අල්ලිරාජාගේ කුළී කරුවන්… සෞදි අරාබියේ කේබල් පණිවිඩයේ කී කතාව… CIA රහස් ඔත්තුකරුවෙකු කල අනාවරණය!

Published on: Feb 18, 2020- පාස්කු ඉරිදා අප්‍රියෙල් (21) අන්තවාදි මුස්ලිම් ස්වරූපයෙන් එල්ල වු බෝම්බ ප්‍රහාරය පසුපස රාජපක්ෂවරු මෙන්ම කුප්‍රකට කළු සල්ලි මෙහෙයවන ව්‍යාපාරිකයෙකු මෙන්ම මුස්ලිම් අධිරාජ්‍යයෙකු ලෙස රහසේ පෙනී සිටින සුභාෂ්කරන් අල්ලිරාජාගේ (Subaskaran Allirajah) සැඟවුණු හවුල්කරුවෙකු ලෙස සිටි බව ප්‍රසිද්ධ CIA රහස් ඔත්තු සේවයේ සේවය කර දැනට පෞද්ගලික රහස් ඔත්තුකරුවෙකු ලෙස රටවල් ගණනකට සේවය සපයන ඔත්තු සේවා සපයන්නෙකු අනාවරණය කර තිබේ.

අතිශය රහසිගත් කාරණා රැසක් අනාවරණය කරමින් ඔහු පෙන්වා දෙන්නේ අප්‍රියෙල් 21 එක ප්‍රහාරය සම්පූර්ණයෙන් වලක්වා ගැනිමට ජනාධිපතිවරයා ප්‍රමුඛ් ආරක්ෂක මණ්ඩලයට පුලුවන් කම තිබුනද එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ තවත් තෙවන පාර්ශවයකගේ මැදිහත් විම මත් එය ඔනෑකමින්ම  මගහැර දැමු බවයි.

ශ්‍රී ලංකා දේශපාලඥයින් සහ ඉස්ලාමීය ව්‍යාපාර අතර අන්තර් ක්‍රියාකාරිත්වය ඉතා තියණු ලෙස පසුගිය කාලය තුල වර්ධණය වු බව පෙන්වාදෙන ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ආසියානු-බ්‍රිතාන්‍ය මුස්ලිම් අධිරාජ්‍යයා වන සුභාෂ්කරන් අල්ලිරාජා අතර කුමන්ත්‍රණ කිහිපයක්ම දියත්ව ඇති බවත් එහි උච්චතම කුමන්ත්‍රණය පාස්කු ප්‍රහාරය බවයි සදහන් කර ඇත්තේ.

බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්ගේ සහ අප්‍රිකාව/ ආසියාව සංක්‍රමණිකයන්ගේ සිම්කාඩ් වලට පිංසිදුවන්නට  වන්නට යුරෝපයේ බිලියන ගණනක් බිල් ගෙවන වාණිජ දුරකථන සමාගමක් වන (වොඩාෆෝන් රිපීටර් මත පදනම්ව) ලයිකා මොබයිල් හි අධිපතියා ලෙස කටයුතු කරන ප්‍රධාන ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධානය වෙත මුස්ලිම් ආධාර සපයන ද්‍රවිඩ සම්භවයක් ඇති සුභාෂ්කරන් අල්ලිරාජා ඉස්ලාමීය ව්‍යාපාරිකයෙකු ලෙසද ප්‍රසිද්ධ බව ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘති සහ බ්‍රිතාන්‍ය අගමැති ජෝන් කැමරන්ගේ මැතිවරණ ව්‍යාපාරය, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය ඇතුලු රහසිගත ඉස්ලාමීය ආයුධ සන්නද්ධ ව්‍යාපාර සදහා මුදල් ආයෝජනය කරන අල්ලිරාජා ලන්ඩනයේ අයිඑස්-ෆයර් (IS-Fire)වැනි ඉස්ලාමීය ඉහළ මූල්‍ය සඟරා වල කවර දිනා ගැනීමට සමත් ව තිබේ.

ඇමරිකානු ඔත්තුකරු අවධාරණය කරනුයේ අලිරාජා පාස්කු සංහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සැඟවුණු හවුල්කරු බවයි.

ලන්ඩනයේ අයිඑස්-ෆයර් (IS-Fire)වැනි ඉස්ලාමීය ඉහළ මූල්‍ය සඟරා වල කවරයට 

එවකට රාජ්‍ය නායකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස කුමන්ත්‍රණකාරී ලෙස මහින්ද රාජපක්ෂ පත්කිරිමත් සමග ඇතිවු දේශපාලන අසම්මතතාව පිටුවහලක් කර ගනිමින් ජාත්‍යන්තර මුදල් මත යැපෙන ත්‍රස්තවාදීන් නිසී ලෙස මෙහෙයව විමට හැකියාව ලැබි තිබේ.කෙසේවෙතත් එවැනී තත්ත්වයක් යටතේ වුවත් ඉන්දියානු රහස් සේවාව (RAW)අනතුරු ඇඟවීම් නිකුත් කිරිමට් කටයුතු කර තිබේ.නමුත් ශ්‍රි ලංකාවේ විධායකය හිමි සේනාධිනායකයා එම අනතුරු ඇඟවීම නොසලකා හැර ඇති බව ඔහු සවිස්තරාත්මක පෙන්වා දි තිබේ.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය දා ජනපති සිරිසේන සිටියේ සිංගප්පූරුවේ වන අතර එය ඔහුගෙ අති පෞද්ගලික සංචාරයක් බව ඔහු විසින් ප්‍රකාශ කර තිබුනද ඕනෑම අයකුට එවැනි ගමන් තිබිය හැකි බව නොරහසක් නමුත් ප්‍රශ්නය රටේ නායකයා ලෙස මෙරට මෙතරම් ඛේදවාචකයක් වී තිබියදීත් සිද්ධිය දැනගත් වහාම ඔහු පෙරළා ලංකාවට නොආවේ මන්ද යන්නය. සිද්ධිය දැන දැනම ඔහු එන්නේ සිද්ධියට දින දෙක තුනකට පසුවය.ඒ අනුව සිරිසේන ඔනෑකමින්ම රටින් පිටවි සිටි බව තහවුරු වි තිබේ.

ලන්ඩනයේ කිංග්ස් කොලේජ් (King’s College London) හි යුද අධ්‍යයන දෙපාර්තමේන්තුව පදනම් කරගත් ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයක් පිළිබඳ අධ්‍යයනයක් සිදු කර ඇති අතර ඒ අනුව විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් 800 ක් පමණ අරාබියේ සිට ISIS මාර්ගයේ සටන් කිරීමට පිටත්ව ගොස් තිබේ.ඔහුන්ගෙන් බොහෝ දෙනෙකු කුරානය පවා ඉගැනගෙන නොමැති අතර ආගම වෙනුවෙන් සියදිවි නසා ගැනිම වෙනුවට ඇඩ්‍රිනලින් (Adrenaline ) හා අසීමාන්තික මුදල් මත ඔහුන් මිලදි ගනිමින් විවිධ කුමන්ත්‍රණයන් සදහා භාවිතා කිරිමට හැකියාව තිබේ. ඒ අනුව සහරාන් ඇතුලු කල්ලිය මුදලට මිළදීගෙන ඇති බවයි ඔහුගේ අනාවාරණයෙන් පැහැදිලි කර ඇත්තේ.

සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රහාරය දැන සිටියා…

රියාද් රජය ශ්‍රී ලංකාවේ ජිහාඩ් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල අන්තරාය ගැන දැන සිටියා පමණක් නොව නිශ්චිත වේලාවන් හා ස්ථාන පවා දැන සිටි අතර එය ප්‍රංශ මාධ්‍යවේදී ලේඛක ටියරි මේසන් (Tyerry Meyssa) විසින් ලියන ලද “Sous nos yeu” නම් කෘතිය හරහා ඉස්මතුකර තිබේ.

රියාද් රජය විසින් ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාර්යාලයට යවන ලද අරාබි කේබලයේ, කොටසක්!

පාස්කු ප්‍රහාරයේ ආසන්නතම ත්‍රස්ත ප්‍රහාරය ගැන අනතුරු ඇඟවීම සඳහා සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ( RSA) 2පාස්කු ප්‍රහාරයට දින හතරකට පෙර, 2019 අප්‍රේල් 17 වන දින ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාර්යාලයට කේබල් පණිවිඩයක් යවා ඇති අතර ජීන් ලුවී විසින් පරිවර්තනය කරන ලද කේබලයේ අන්තර්ගත වනුයේ…

හදිසි – අතිගරු තානාපති අබ්දුල් නසාර් බින් හුසේන් අල් හරේතිගේ රහස පහත සඳහන් පියවර වහාම ගත යුතුය:

” Urgent – Top secret To His Excellency Ambassador Abdul Nasser Bin Hussein al Harethi The following steps must be taken immediately:

1. It is necessary to delete all documents, computer data and the last correspondence with members and groups at home and abroad, and to impose a curfew on embassy staff unless it is necessary [to travel].

සියළුම ලියකියවිලි, පරිගණක දත්ත සහ සාමාජිකයන් සහ කණ්ඩායම් සමඟ දේශීය හා විදේශීය ලිපි හුවමාරුව මකා දැමීම අවශ්‍ය වන අතර තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට ඇඳිරි නීතිය පැනවීම අවශ්‍ය නොවේ නම් [සංචාරය කිරීමට]

2. It is necessary to inform all persons connected to the Kingdom of Saudi Arabia, including counselors, security forces and intelligence services, in order to avoid presence in public and overcrowded places, including churches within the next three days, in particular that of Easter Christians.

ඉදිරි දින තුන ඇතුළත, විශේෂයෙන් පාස්කු කිතුනුවන්ගේ පල්ලි ඇතුළු පොදු හා ජනාකීර්ණ ස්ථානවලට නොපැමිණීම සඳහා උපදේශකයින්, ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ ඇතුළු සෞදි අරාබියට සම්බන්ධ සියලු පුද්ගලයින් දැනුවත් කිරීම අවශ්‍ය වේ.

3. You should regularly send written news about the Sri Lankan authorities and their opinions to this ministry.

ඔබ නිරන්තරයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ ඔවුන්ගේ අදහස් පිළිබඳව ලිඛිත ප්‍රවෘත්ති මෙම අමාත්‍යාංශයට යැවිය යුතුය.

Signed: Ibrahim bin Abdul Aziz al-Assaf, Minister of Foreign Affairs »

අත්සන් කළේ: ඉබ්‍රාහිම් බින් අබ්දුල් අසීස් අල් අසාෆ්, විදේශ කටයුතු අමාත්‍ය »

නමුත් ඒ තරම් තොරතුරක් ලබදුන්නද ශ්‍රි ලංකා රජයට අහිංසක ජිවිත 300කට ආසන්න සංඛ්‍යාවක් බේරා ගැනිමට නොහැකි වුයේ ඇයි?යන්න ප්‍රශ්ණයට පිළිතුරු දෙන ජාත්‍යන්තර ඔත්තුකරු එය සම්පූර්ණයෙන්ම අතී විශාල මුදල් ගණුදෙනුවක් මත මිලදී ගන්නා ලද රාජ්‍ය ත්‍රස්තවාදින් යෝදා ගනිමින් සිදුකල එකක් බව තහවුරු කර සිටි.එම ගණුදෙනුවට ශ්‍රි ලංකා රජයේ ප්‍රධානියා ඇතුලු කල්ලියක් සම්බන්ධ විම හේතුවෙන් ඔහුන් එම තොරතුරු සියල්ලම සැලකිල්ලට නොගේනම අතහැර දමා තිබේ.

සහරාන් ලග ගොඩගැසුනු අල්ලිරාජාගේ සල්ලී…

ජාතික හවුහිත් ජමාද් ත‍්‍රස්ත සංවිධානයේ නායක ලෙස පෙනී සිටි මුදල් ගේවා ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදේන මොහොමඩ් සහරාන් ඇතුලූ එම කල්ලි සාමාජිකයන් සතුව රුපියල් කෝටි 113 ක මුදල් හා දේපළ රජය අනාවරණය කරගත් අතර ඒ අතර රුපියල් කෝටි 100 ක දේපළ හා රුපියල් කෝටි 13 ක් වටිනා මුදල් හා බැංගු ගිණුම් ලංකාව තුල පමණක් හදුනාගෙන තිබේ. ඒ සා විශාල වස්තු සම්බාරයකට සහරාන් කල්ලිය හිමිකම් කිවේ කෙසේද යන්න දැන් තේරුම් ගත හැක.ඒ සියල්ලම සුභාෂ්කරන් අල්ලිරාජාගේ (Subaskaran Allirajah) කළු සල්ලි බව ඉතා පැහැදිලිය.

අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ්…..

29 හැවිරිදි අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් (Ahamed Milhan Hayathu Mohamed) නැමති ත්‍රස්තවාදීයෙකු අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට ඉන්ටර්පෝල් කටයුතු කර තිබුන අතර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඔහුන් මෙරටට රැගෙන ආවා. මෙම Ahamed Milhan නැමත්තා සහරාන් හරහා පාස්කු ප්‍රහාරය මෙහෙයවු ප්‍රබලයෙකු වන අතර සුභාෂ්කරන් අල්ලිරාජා මෙම මෙහෙයුමට සම්බන්ධ වන අයුරු ඔහු පමණක් දැන සිටි බවත් එයට ප්‍රධානතම හේතුව අල්ලිරාජා හරහා සිදුකල මුල්‍ය ගණුදෙනු වලදි සaජුවම මැදිහත් විම් කර ඇති පුද්ගලය වන්නේ මිල්හාන් විමයි.

කතාව අවසන් නැත…. තවත් සාක්ෂී රැසක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න 

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


සුභාෂ්කරන් අල්ලිරාජාගේ (Subaskaran Allirajah) ගැන මෑතකදි කල අනාවරණයන් පහතින් කියවන්න

http://lankanewsnetwork.org/archives/22877

http://lankanewsnetwork.org/archives/22387

http://lankanewsnetwork.org/archives/23066

http://lankanewsnetwork.org/archives/22349

Top