Breaking
23 Feb 2025, Sun

ගෝඨා වෙනුවෙන් බොරු කී අලි සබ්‍රිගේ ජනාධිපති නීතිඥ බලපත්‍රයට කෙලවෙන ලකුණු! සබ්‍රිගේ කතාවෙන් අනාවරණය වු ගෝඨාගේ පාස්කු ප්‍රහාරය… ඇමරිකාවටත් බොරු කල ගෝඨාගේ හොර වැඩ මෙන්න …

Published on: Nov 10, 2019 – ජනාධිපති නීතිඥ අලි සබ්‍රිගේ ජනාධිපති නීතිඥ බලපත්‍රය අහෝසි කළ යුතු බව මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කළා. සිය නිල ටිවිටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් සටහන් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කරමින් රටේ ජනතාව නොමඟ යැවීමේ වරදට අලි සබ්‍රිගේ ජනාධිපති නීතිඥ බලපත්‍රය අහෝසි කළ යුතු බවයි.

මංගල අමාත්‍යවරයා විසින් මෙහිදි මතුකරන තර්කය වන්නේ අලි සබ්‍රි විසින් අද ඉදිරිපත් කළ ගෝඨාභයගෙ ගමන් බලපත්‍රයේ සඳහන් වන්නේ අහෝසි කළා මිස, අහෝසි කොට ඇත නොවන බවයි. අනෙක් අතට ගෝඨාභය වෙනුවෙන් අමෙරිකාව විසින් නිකුත් කොට ඇති බවට අලි සබ්‍රි පෙන්වන සහතිකයේ දිනය සඳහන් වන්නේ අමෙරිකානු ආකාරයට නොව ලංකාවේ භාවිත වන ආකාරයට බවත් එහි සඳහන් වෙනවා.

ව්‍යාජ ලේඛන, ව්‍යාජ ගමන් බලපත්‍ර සැකසීමේ කෙල පැමිණියන් සිටින රාජපක්ෂ කල්ලියට තවත් ව්‍යාජ ලේඛනයක් සෑදීම අමාරු නොවන බවත් එය වටහා ගැනීමට තරම් රටේ ජනතාව හය හතර නොදන්නා දරුවන් නොවන බවද සඳහන් කළ යුතුමය.

 

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නිත්‍ය නීති උපදේශක අලිසබ්‍රි අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග හරහා ගෝඨාභය රාජපක්ෂ අමෙරිකනු පුරවැසි බව අවසන් කොට ඇති බවයි.

“තමුන්ගේ පුරවැසිභාවය අහෝසි කරන්න අවශ්‍ය නම් කොළඹ තිබෙන තානාපති කාර්යාලයට ගිහිල්ලා ඒ පිළිබඳව සඳහන් කරලා දිවුරුමක් ලබා දිය යුතුයි. මේ දිවුරුම ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන්නේ 2019 අප්‍රේල් මස 17 වෙනිදා. ඒ අනුව එම දිවුරුම දුන්නා කියලා පුරවැසිභාවය අහෝසි වෙන්නේ නෑ. පුරවැසිභාවය අහෝසි වෙන්නේ එම දිවුරුම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පිළිගත්තොත් විතරයි. 2019 මැයි 3 වෙනිදා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එම්ම දිවුරුම පිළිඅරගෙන එතුමාට ලබා දෙනවා අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අත හැරීම පිළිබඳ සහතිකය.” අලි සබ්‍රි අද මාධ්‍ය හමුවේ සඳහන් කළා.

අලි සබ්‍රිට අනුව ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසි බව අත හැර අවසන් ය. ගෝඨා අමෙරිකානුවෙන් නොවේ නම් ඔහු ඇත්තටම පුරවැසිබව අත හැර ඇත්නම් මේ වන තෙක් අමෙරිකාව විසින් නිකුත් කළ එකම ෆෙඩරල් රෙජිස්ට්‍රයකවත් ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාවේ පුරවැසියෙක් නොවන බව සඳහන් නොවන්නේ ඇයි.

අමෙරිකානු එක්සත් ජනපදයේ පුරවැසිබව අතහරින අනෙකුත් සෑම පුද්ගලයෙකුටම අදාළ වන එම රාජ්‍ය ප්‍රතිපත්තිය ගෝඨා වෙනුවෙන් අදාළ නොවන්නේ ඇයි?

කට බොරු කිව්වත් දිව බොරු නොකියන බව සනාථ කරමින් නීතිඥ අලි සබ්‍රි පවසන කතාවක් කෙරෙහි අවධානය යොමු කල යුතුමය. අලිසබ්‍රි මාධ්‍ය සාකච්ඡාවේදි විමසන්නේ අවුරුදු හතරක් පුරා කතාකළ ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසිභාවය ඉවත් නොකර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තරම් ගෝඨාභය කටයුතු කරනු ඇති ද යන්නයි.

නමුත් පසුගිය අවුරුදු 4 පුරාම ගෝඨාභය රාජපක්ෂ රටට, ජනතාවට, මාධ්‍යයට පවසා සිටියේ කුමක්ද? තමන් කිසි දිනක දේශපාලනයට නොපැමිණෙන බවයි. තමා නිලධාරියෙකු මිස දේශපාලඥයෙන් නොවන බව ත් ඔහු තැන තැන කිව්වා අමතක දැයි දැන උගත් නීතිඥ මහතාගෙන් විමසියයුතුමය .

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨා පවසන්නේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් දින 3කට පසුව බවත් නීතිඥ මහතාට මතක් කරමු.

ඔතරම් අවශ්‍ය වූවා නම් ගෝඨාභය  අප්‍රේල් 17 තෙක් අමෙරිකානු තානාපති කාර්යාලය පුරවැසිබව ඉවත් කිරීමේ ඉල්ලීම කරන්න පමා වෙන්නේ ඇයි? ඇත්තම කරුණ නම් අප්‍රේල් 17 වෙනිදා වන විට පාස්කු ප්‍රහාරය පිළිබඳව තහවුරු කිරීම සහරාන් ගෝඨාභයට ලබා දීමයි. එනම් අනිවාර්යයෙන් ම අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාරය සිදු වන බවත් ඒ හරහා ගෝඨාභය රාජපක්ෂ ට මාර්ගය විවර වන බවත් අප්‍රේල් 17 වෙනිදා වන විටම ගෝඨාභය ඇතුළු රාජපක්ෂලා දැන සිටිමයි.

තවත් අත්තක් අල්ලන්නේ නැතුව ඉන්න අත්ත අත නොහරින ගෝඨාභය රාජපක්ෂ අප්‍රේල් 17 වෙනිදා සිය ඉල්ලුම් පත්‍රය අමෙරිකානු තානාපති කාර්යාලයට භාර දෙන්නේ තමන් ඇති කළ ලේ පිපාසිත සහරාන් නම් සුනඛ පෝතකයා සිය රාජකාරිය අකුරටම ඉටු කරන බවට විශ්වාස කළ බැවිනි.

අලි සබ්‍රි රටට හංගන ඇත්ත එයයි. අනෙක් අතට ඔක්තෝබර් 26 වෙනිදා සිරිසේන ජනාධිපති විසින් බලහත්කාරයෙන්, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් හොර අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීම හරියටම හරි ලෙස පවසන්නේ ද අලි සබ්‍රි නීතිඥවරයා බවද මතක් කිරීමට මෙම අවස්ථාව කරගමු.

අලි සබ්‍රි විසින් මාධ්‍යයට ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්ෂගේ විසා බලපත්‍රය

ඇමරිකාවේ වීසා ලබා ගැනීමේදි ඡායාරූපය පිළිබඳව සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා අතර අමෙරිකාව විසින් සඳහන් කොට ඇත්තේ ඇසේ ශල්‍යකර්මයක් සිදු කොට ඇති පුද්ගලයෙකු හැරුණු කොට කිසිවෙකුට වීසා ඡායාරූපය සඳහා ඇස් කණ්නාඩි භාවිත කළ නොහැකි බවයි. එහෙම ගත් විට ගෝඨා යනු ලෙඩ ගොඩකි. එසේ නම් විසා ඡායාරූපය සඳහා ගෝඨාභය ඇස් කණ්නාඩි පැළද පෙනී සිටින්නේ ඇයිද යන ප්‍රශ්නයටද අලි සබ්‍රි පිළිතුරු ලබා දිය යුතුය.

විසා ඡායාරූපය පිළිබඳව අමෙරිකානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති අවශ්‍යතා,

වැඩි විස්තර දැන ගැනිමට අවශ්‍ය නම් LINK එක භාවිතා කරන්න –  US Visa Photo Guidelines

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.