Breaking
22 Feb 2025, Sat

ජාත්‍යන්තරය හොරගල් අහුලනවා! අතුරුදහන් වුවන්ට අඹසරණයි! දින 500 ඉක්මවූ අඛණ්ඩ විරෝධතාව ජාත්‍යන්තර සැමරුමක්!

ජාත්‍යන්තර ප්‍රජාව මහපොළවේ වින්දිතයන්ගේ දෘෂ්ටිකෝණයෙන් ප්‍රශ්නය දැකීමට අපොහොසත් බව සෙල්වරානි තම්බිරාසා (Selvarany Thambirasa) පවසනවා. ඇය පෙන්වා දෙන්නේ බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් සදහා යුක්තිය ඉටු කිරිමට ශ්‍රි ලංකාවේ ආණ්ඩු මෙන්ම ජාත්‍යන්තරයද අපොහොසත් වි ඇති බවයි.

බලහත්කාරයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය (International Day of Enforced Disappeared in Mannaar and in Ampaara) බ්‍රහස්පතින්දා මන්නාරමේදී සහ අම්පාරේ ප්‍රදේශයේ පැවැත්වු අතර දින 500 ඉක්මවූ උතුරු-නැගෙනහිර ප්‍රදේශයේ අඛණ්ඩව විරෝධතා පවත්වමින් සිටින බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් මේ සදහා එක්ව සිටියා. බලහත්කාරයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ තිරුක්කෝයිල්හි විරෝධතාවයට නායකත්වය දෙන්නේ සෙල්වරානි තම්බිරාසා විසිනී.

එහිදි උතුරේ දිස්ත්‍රික්ක පහේ සම්බන්ධීකාරකවරුන් කියා සිටියේ සමූහ මිනීවළ කැණීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු කිරීම සඳහා මෙවර මන්නාරමේ විරෝධතාවය පැවැත්වීමට තීරණය කළ බවයි.දින 500 ඉක්මවූ අඛණ්ඩ විරෝධතාවයේදී උතුරේ දිස්ත්‍රික්ක පහේ විරෝධතාවට සහභාගී වූ බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් 17 දෙනෙකු මිය ගොස් තිබේන බවද එහිදි අනාවරණය වුනා.

උතුරේ දිස්ත්‍රික්ක පහේ සම්බන්ධීකාරකවරුන් කියා සිටියේ බලහත්කාරයෙන් අතුරුදන් කළ ඔවුන්ගේ ඥාතින්ට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

ඝාතනය කිරිම් සහ අතුරුදන් කිරිම් සම්බන්ධයෙන් වරදකරුවන් වන ජන සංහාරක ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යය තමන් විසින්ම විමර්ශනය කරන්නේ කෙසේදැයි උතුරේ දිස්ත්‍රික්ක පහේ සම්බන්ධීකාරකවරුන් ප්‍රශ්ණ කර සිටි.ඊනියා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය තවත් රැවටීමක් බව පැහැදිලිවම තහවුරු කර ඇති බවටද ඔහුන් චෝදනා කර සිටිනවා.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවුවන්ගේ පවුල්වල සාමාජිකයන් මන්නාරම ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වූ පවුල් විසින් යුද සමයේ ජනතාවට උපකාර කරමින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක් වූ ගරු ජිම් බ්‍රවුන් පියතුමාගේ (Rev Fr Jim Brown) සහ ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමාගේ (Rev Fr Francis Joseph) ඡායාරූප ඇතුළත් විශාල බැනර් රැගෙන ගියහ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.