LNN SPY

රූමස්සල වනසන සිරිසේන පවුල ගැන ජනපති සිරිසේන නිහඩයි…. අක්කර දහයක් වනසන සිරිසේනලාගේ වැඩ මෙන්න

Published on: Jul 16, 2019 – පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ දයාබර සොහොයුරු ඩඩ්ලි සිරිසේනගේ සුඛෝපභෝගි හෝටල් පද්ධතියක් හේතුවෙන් 2003 වර්ෂයේ  අංක 1269/25 යටතේ අභය භූමියක් ලෙස රූමස්සල ඓතිහාසික පරිසර පද්ධතියට යාවන උණවටුන මුහුදු තිරය දිනෙන් දින විනාශ වෙමින් පවතිනවා.

සියල්ල පත්තරයෙන් දකින වාසියට පරිසරය අමතක වෙන ජනපති මෛත්‍රිපාල සිරිසේනයන් විසින් තවමත් මේ පිළිබඳව දැනුවත් නැද්ද යන්න දන්නේ සිරිසේන පවුලේ සමාජිකයන්ම පමණකි.

ඩඩ්ලි සිර්සේන 2017 වසරේ ආයෝජන මණ්ඩලය සමඟ ඇති කර ගත් එකඟතාව මත මේ වන විටත් ගාල්ල උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේ අක්කර අක්කර දහයකුත් පර්චස් 6.1 භූමි භාගයක මෙම දැවැන්ත හෝටලය ඉදි වෙමින් පවතින අතර අරලිය හොටෙල් බිචි  උණවටුන පුද්ගලික සමාගමට අයත් එය තට්ටු 16 කින් සහ  කාමර කාමර දෙසිය පණහකට වඩා වැඩි විශාලත්වයකින් යුක්ත වේ.

ආතර් සී ක්ලාක් විසින් රචිත The Viwe from Serendip පර්යේෂණ ග්‍රන්ථයේ පවා සඳහන් රූමස්සල හා උණවටුන ප්‍රදේශයේ පවතින විවිධ විවිධ වෙනස්කම් සහිත ගුරුත්ව පරිසරයට හා එහි ජෛව විවිධත්වයට මෙම දැවැන්ත හෝටලය නිසා විශාල වශයෙන් හානි වන බව පරිසර විද්වතුන්ගේ මතය යි. දැනට පර්යේෂණ මගින් හඳුනා ගෙන ඇති පරිදි රූමස්සල යනු ලංකාවේ අඩුම ගුරුත්ව බලය හිමි ප්‍රදේශයයි.

දැනටමත් හෝටලය ඉදිකිරීම සඳහා යොදා ගනු ලබන බර යන්ත්‍ර සූත්‍ර හේතුවෙන් හෝටලය සහ එය අවට මුළු ප්‍රදේශයම දෙදරුම් කන බව ප්‍රදේශවාසින්ගේ මතයයි. 

ඩඩ්ලිගේ හෝටලය ඉදිවෙමින් පවතින ප්‍රදේශය ඉතා දුර්ලභ සහ සංවේදි කඩොලාන පරිසරයක් සහිත ප්‍රදේශයක් වන අතර ම හෝටලය මායිම් වන ප්‍රදේශය ඉන්දියාවේ වෙස්ටන් ගාටිස් තීරයට ඉතා සමීප පාංශු කොටස් සහිත ප්‍රදේශයයක් ලෙසද හදුනාගෙන ඇත. ජනපති ආශිර්වාදයෙන් සහ අනුමැතියෙන් විනාශ වන්නේ එවන් මහගු පරිසර පද්ධතියකි.

එසේම 2012 රතු දත්ත වාර්ථාවට අනුව  දැඩි වදවීමේ  තර්ජනයට ලක් වූ ශාකයක් වන  මූදු දෙලුමි (Xylocarpus rumphii)  ශාක කිහිපයක්  වැල්ලේ දේවාල භූමියේ හා මෙම හෝටලය ඉදිකරන භූමියේ දක්නට ඇත. අධික ලෙස වද වීමේ තර්ජනයට ලක්ව ඇති මෙම ශාක දැනට ලංකාවේ වාර්ථා වන්නේ  ශාක 08 අඩු ප්‍රමාණයකි . මෙවැනි අති දුර්ලබ පුරාණ ලෝකයේ ශාක ලෙස හැදින්වෙන මෙම ශාක මුලු ලෝකයෙන්ම වදවී යන අතර එය ආරක්ෂා කල යුතුව තිබුනත් පරිසර අමාත්‍යවරයා සිය සොයුරාගේ හොටල් උවමනාව වෙනුවෙන්  මෙම ශාක පිහිටා ඇති අවසාන භුමියද මෙලෙස විනාශ කිරීමට ඉඩ ලබා දීමඅරටේ අනාගත පරපුර වෙනුවෙන් කරන මහත් ආසාධාරණයකි.

සාමාන්‍යයෙන් හෝටලයක් ඉදි කිරීමේදි නිසි අධ්‍යනයකින් යුතුව පරිසර තත්ව වාර්තාවක් සමඟ පරිසර ඇගයිම් වාර්තාව එම හෝටලයේ ඉදිකිරීම සදහා ලබා දිය යුතු අතර පරිසර අධ්‍යයන වාර්තාව අසමත් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය යුතු නොවන බවද පරිසර පනත දක්වා සිටි. නමුත් මෙම අධ්‍යන වාර්තාවන් හා ඇගයීම් වාර්තාවන් ලබා දෙන්නේ මධ්‍යම පරිසර අධිකාරිය මගින් වන අතර එය පවතින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ යටතේ ය. එසේ නම් සිදු වී ඇත්තේ සහෝදර ප්‍රේමයෙන් ලේ කකියීම නිසා ජනාධිපති සිරිසේනට පරිසරයට වඩා මල්ලිගේ දියුණුව වැදගත් වීම බව මනාව පැහැදිළිය.

Top