Published on: May 12, 2018 – නුගේගොඩ දෙල්කඳ සිය නිවස ඉදිකිරීමේ කටයුතු බැලිමට ගිය අවස්ථාවේ සිදුවු රහසිගත අනතුරකින් දැඩි ලෙස තුවාල ලබා සැත්කම් කිහිපයකටද භාජනය කර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මේජර් ජනරාල් සුමිත් මානවඩු 2016 05 මස 6 වැනිදා එනම් සිද්ධිය සිදුවු දිනම මරණයට පත්වු අතර එම මරණය ඝාතනයක් බව අප එදින රාත්‍රීයේම අනාවරණය කළා.
අදාළ අනතුර වාර්තා වු අවස්ථාවේ අප විශේෂ වාර්තාකරුවන් කිහිප දෙනෙකුම ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කල අතර ඉදිකිරීම් පරිශ්‍රයකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතල තුවාල ලබා මේජර් ජනරාල් සුමිත් මානවඩු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවට රාජ්‍ය මාධ්‍ය හරහා ගෙනයන තොරතුරු අසත්‍ය බව රෝහල් ආරංචි මාර්ග පිළිබඳව වාර්තාකරණ අප විශේෂ වාර්තාකරු සදහන් කලා.
එම ස්ථානයට ගිය අප විශේෂඥ වාර්තාකරුවෙකු සදහන් කළේ පරාලය වැටුන ස්ථානය සහ මේජර් ජනරාල් වරයා සිටි ස්ථානය සම්බන්ධයෙන් සලකා බැලිමේදි එවැනි පහරකින් යුධ විරුවෙකු මරණයට පත්විය නොහැකි බවයි.ඊට අමතරව සිද්ධිය සිදුව් විනාඩි කිහිපයකදි එම ස්ථානයට පැමිනි යුධ හමුදාවේ විශේෂ ආරක්ෂක අංශයක් යැයි කියාගත් කණ්ඩායමක් එම ස්ථානය පොලිස් පරික්ෂණ සහ මහේස්ත්‍රාත් පරික්ෂණ සිදුකිරිමට පෙර එම ස්ථානය පිරිසිදු කල අතර එ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රශ්ණ කිරිමට පවා ඔහුන් ඉඩ ලබාදි තිබුනේ නෑ.-
අප කල සියලුම අනාවරණයන් පහත දක්වා ඇත.
(මෙම ඝාතනය සම්බන්ධයෙන් අප සතුව තවත් සාක්ෂී ඇත. පරික්ෂණයක් ආරම්භ වන ඔනෑම මොහොතක එවා අනාවරණය කිරිමට අප සුදානම් බවද සටහන් කර තබමු.)
මෙන්න ඇත්ත! – මේජර් ජනරාල් සුමිත් මානවඩු මියගියේ පරාල ප්‍රහාරයකින්ද?
අපරාධයක් වසන් කළ නොහැකිය. වසර ගණනාවකට පසු අපරාධකරු කවුදැයි හෙළිවනු ඇත – ප්‍රංශ ගත්කරු ඇලෙක්‌සැන්ඩර් ඩුමා
ශ්‍රී ලංකා කාලතුවක්‌කු හමුදාවේ සේනාවිධායක ලෙස ක්‍රියාකළ මේජර් ජනරාල් සුමිත් මානවඩු හදිසි අනතුරකින් බව කියන සිද්ධියකින් මියගොස් අදට (6) දෙවසරකි. මේජර් ජනරාල්වරයා මියගියේ අලුතින් ඉදිකෙරෙමින් තිබූ ගොඩනැඟිල්ලකින් වැටුනු පරාලයකින්ද එසේත් නැත්නම් වෙනත් තක්‌කඩි ක්‍රියාවකින්ද යන්න අනාවරණය වී නැත. එහෙත් එම හදිසි මරණය ගැන දැඩි සැකයක් පවතී. ලසන්ත වික්‍රමතුංග, රගර් ක්‍රීඩක තාජුඩීන් මෙන්ම ප්ලොට් සංවිධානයේ හිටපු හමුදා නායක ඩී. පී. සිවරාම් හෙවත් තාරකීගේ මරණ ගැන යුක්‌තිය ඉටුවිය යුතු යයි හඬනගන මේ සමයේ හිටපු මේජර් ජනරාල් සුමිත් මානවඩු හදිසියේ මියගියේ කෙසේ දැයි සොයන ලෙස මෙතෙක් කිසිවෙක් රජයෙන් ඉල්ලා නැත.
2016 මැයි 6 දා මියගිය මේජර් ජනරාල්වරයා මෙරට ජාතික ආරක්‍ෂාව සඳහා සිදුකළ උදාර මෙහෙය බොහෝ පාර්ශවවලට අමතකය.
මැලේසියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් ලෙස කටයුතු කළ මේජර් ජනරාල් මානවඩුට කොලොන්නාව තෙල් ටැංකිය. කොටුව ගුවන් හමුදා මූලස්‌ථානය, කටුනායක ගුවන් කඳවුර ඇතුළු ආරක්‍ෂක කේන්ද්‍රස්‌ථානවලට කොටි ගුවන් ප්‍රහාර එල්ල කළ තැනැත්තා මැලේසියාවේ පුත්‍රජයා ප්‍රදේශයේ ෆාම්වත්තක සේවය කරන බවට තොරතුරක් ලැබුණේය. මොහු කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක සුන්දරලිංග රාජා කුෂාන්තන් හෙවත් දර්ශන් හෙවත් කුෂාන්තන් මාස්‌ටර් හෙවත් චන්ද්‍රලිංගම් හෙවත් මුල්ලයිචෙල්වම්ය.
mejorවන්නි මෙහෙයුමේ අවසාන සමයේ කුශාන්තන් මෙරටින් මැලේසියාවට පැනගොස් එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාඩ්පත ලබාගත්තේය. මේ බව මෙරට ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට හෙළිවී නොතිබුණි.
කුශාන්තන්ව අල්ලා ගැනීමට මා මැලේසියා පොලිස්‌පති අබුබකර්ගේ සහය පැතුවා. ඔහු ඒ සඳහා පූර්ණ සහය ලබාදුන්නා යයි මේජර් ජනරාල්වරයා එදා ඉරිදා දිවයින සංග්‍රහයට හෙළි කළේය. කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියාව සිටි ශංකර්ගේ දෙවැනියා ලෙස කටයුතු කළ කුශාන්තන් ස්‌ලින් නැමැති කොටි ගුවන් යානා දෙකෙන් සියලු ප්‍රහාර සැලසුම් කරනු ලැබීය.
මැලේසියාවේ පොලිසියට ඒවනවිට කුශාන්තන් ගැන වාර්තාවී නොතිබුණි. කුශාන්තන් හෙවත් දර්ශන් මාස්‌ටර් මැලේසියාවේ සිටින බවට නියෝජ්‍ය මහකොමසාරිස් සුමිත් මානවඩුට තහවුරු වූයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත ලැබී තිබූ ගමන් බලපත්‍රයක් නිසාය. මේ ගමන් බලපත්‍රය අලුත් කිරීම සඳහා භාරදී තිබුණි. මෙලෙස ලබාදෙන ගමන් බලපත්‍රවල හිමිකරුවන් ශ්‍රී ලංකාවට ඕනෑකරන අයවළුන්ද යන්න නිරීක්‍ෂණය වන්නේ නැත. ඒ අපේ තානාපති කාර්යාලවල පවතින අවාසනාවන්ත තත්ත්වයයි.
එම ගමන් බලපත්‍රය ලබාදී තිබුණේ කුශාන්තන්ය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදී තිබූ ගමන් බලපත්‍ර සියල්ල පරීක්‍ෂාවට ලක්‌කිරීමේදී කුශාන්තන්ගේ ගමන් බලපත්‍රය හමුවීම රහසක් ලෙස තබාගත් මේජර් ජනරාල්වරයා එය තමාගේ භාරයට ගනු ලැබීය.
mejor1සතියකට පසු සිය ගමන් බලපත්‍රය ලබාගැනීමට කුශාන්තන් කුවාලාලම්පූර්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණි විට ඔහුට දක්‌වනු ලැබුවේ දින කීපයකින් එය ලබාදෙන බවයි.
කොටි ගුවන් ඒකකය හෙවත් වාන්පුලිගල් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන්ට වැරදුනේ එතනය. ඔහු මහ කොමසාරිස් කාර්යාලයේ සිට ආපසු යන අවස්‌ථාවේ මේජර් ජනරාල් මානවඩු යෙදවූ චරපුරුෂයකුද මැලේසියා පොලිස්‌පති අබුබකර්ගේ බුද්ධි නිලධාරීන් දෙදෙනකුද පසුපසින් විමර්ශනයේ යෙදුනි. කුවාලාලම්පුර් නගරයේ පිහිටි සුපිරි ජංගම දුරකථන මැඳුරට ගිය කුශාන්තන් එතැන් සිට ප්‍රත්‍රජයා වෙත ගියේය.
2014 මැයි 15 දා උදේ මැලේසියා බුද්ධි සේවා නිලධාරීන් පිරිසක් සහ මේජර් ජනරාල් මානවඩු පුත්‍රජයා පාම් වත්තකදී කුශාන්තන් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ ඔහු විස්‌මයට පත්විය.
තමා කොටි සංවිධානයේ ක්‍රියාකාරියකු නොවන බව පැවසූ කුශාන්තන් එක්‌සත් ජාතීන්ගේ සරණාගත සංවිධානය නිකුත් කර තිබූ හැඳුනුම්පත පෙන්වා තමා ද්‍රවිඩ සරණාගතයකු බවත් කොටින්ගෙන් දිවි ගලවා ගැනීම සඳහා මැලේසියාවට පැමිණි බවත් ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටියේය.
මේ අවස්‌ථාවේ කුශාන්තන් වෙත පැමිණි මේජර් ජනරාල්වරයා ඇයි නුඹ බොරු කියන්නේ. නුඹ කුශාන්තන් නොවේද? ගමන් බලපත්‍රය අලුත්වැඩියා කිරීමට අපේ තානාපති කාර්යාලයට භාරදුන්නා නේද යයි ප්‍රශ්න කිරීමෙන් කුශාන්තන්ට කට උත්තර නැතිවිය.
අවසානයේ කුශාන්තන් තමා කවුදැයි පිළිගත්තේය. මැලේසියාවේදී වාන්පුලිගල් හෙවත් කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානි කුශාන්තන් පමණක් නොව ඔහු සමඟ සිටි තවත් ප්‍රධානතම කොටි ක්‍රියාකාරින්වූ කිරුබාහරන් මහාදේවන් සහ කිරුබනාදන් සෙල්වතුරෙයිද අසුවිය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන ප්‍රධාන පෙළේ කොටි ක්‍රියාකාරීන් තිදෙනකු ක්‌වාලාලම්පුරයේදී අසුවූ බව රහසක් ලෙස තබාගැනීමට මේජර් ජනරාල්වරයා ක්‍රියාකළේ ඔවුන් ගැන මැලේසියා කොටි ඩයස්‌පෝරාවෙන් වසන් කිරීමටය.
එහෙත් දින දෙකකට පසු මැලේසියාවේ ස්‌ටාර් පුවත්පත කුශාන්තන් ඇතුළු පිරිස ගැන තොරතුරු හෙළිකරනු ලැබීය.
මේ නිසා මේජර් ජනරාල්වරයා බරපතළ ප්‍රශ්නයකට මුහුණ පෑවේය.
මැලේසියාවේ සිනැන්ග් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති මහාචාර්ය රාමසාමි ඇතුළු කොටි ක්‍රියාකාරීන් විගස ක්‌වාලාලම්පූර් අධිකරණය වෙත පෙත්සමක් ගොනු කරමින් කුශාන්තන්ව මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙනයාම අත්හිටුවන ලෙස ඉල්ලා සිටියහ.
එහෙත් කුශාන්තන් අල්ලා ගැනීමට හැකිවීම මෙරට ආරක්‍ෂක හමුදාව ලත් සුවිශේෂී ජයග්‍රහණයකි.
මේ පසුබිම මැද මේජර් ජනරාල් මානවඩු ආරක්‍ෂක අමාත්‍යාංශය දැනුවත් කර ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරීන් තිදෙනකුද ක්‌වාලාලම්පූර් නුවරට ගෙන්වා ගත්තේය. මැලේසියා පොලිසිය විසින් කුශාන්තන්ව ත්‍රස්‌ත මර්දන ඒකකයේ නිලධාරීන්ට බාරදෙන අවස්‌ථාවේ රාමසාමි ඇතුළු කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් විසින් අධිකරණය මගින් කුශාන්තන් පිටුවහල් කිරීම නතර කිරීමේ නියෝගය ලබාගෙන තිබුණි. එහි එන්ජින් යන්ත්‍ර පණගන්වා තිබිණි. ඒ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ යානාවක් කුවාලාලම්පුර් ගුවන්තොටුපළේ සිට කටුනායක බලා පැමිණීමට නියමිතව තිබුණි.
මේ අවස්‌ථාවේ අධිකරණ නියෝගය කුවාලාලම්පූර් ගුවන්තොටුපළේ ආගමන විගමන බලධාරීන් වෙත ලැබුණේ නම් කුශාන්තන්ව ශ්‍රී ලංකාවට ගෙනයාමට නොහැකි වේ.
කුශාන්තන් ප්‍රමුඛ මෙරට ත්‍රස්‌ත මර්දන අංශයේ කණ්‌ඩායම ක්‌වාලාලම්පූර් ගුවන්තොටුපළේ ආගමන විගමන අංශය වෙත පැමිණෙන අවස්‌ථාවේ ආගමන විගමන ප්‍රධානියාගේ කාර්යාලයේ දුරකතනය නාදවන අයුරු ශ්‍රවණය විය. වාසනාවකට ආගමන විගමන බලධාරියා කාර්යාලයේ නොසිටීම නිසා විගස කුශාන්තන්ව ශ්‍රී ලන්කන් ගුවන් යානාව වෙත ගෙනයාමට හැකිවිය.
ක්‌වාලාලම්පූර් ගුවන්තොටුපළේ ආගමන විගමන ප්‍රධානියා වෙත කුවාලාලම්පුර් අධිකරණය මගින් කුශාන්තන් ශ්‍රී ලංකාවට ගෙන යාම නතර කරන ලෙස නියෝගය ඇතුළත් පණිවුඩය දෙන අවස්‌ථාවේ ශ්‍රී ලංකා යානාව මැලේසියානු අහසෙන් පිටතට ගොස් තිබුණි.
මේ නිසා මැලේසියානු පොලිස්‌පති ටැන් ශ්‍රී කාලිද් අබුබකර් සහ මේජර් ජනරාල් සුමිත් මානවඩු එක්‌වී කුශාන්තන්ව පිටුවහල් කිරීමේ කඩිනම් රහස් වැඩපිළිවෙලක් මෙහෙයවූ බවට මහාචාර්ය රාමසාමි චෝදනා එල්ල කළේය.
කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් මාස්‌ටර් අත්අඩංගුවට ගනු ලැබ ශ්‍රී ලංකාවට ගෙනඑනු ලැබූ බව මුලින් හෙළිකරන ලද්දේ ඉරිදා ආරක්‍ෂක විශේෂාංගය මගිනි.
කුශාන්තන් මෙරටට ගෙනඒමෙන් පසු කොටි ගුවන් ඒකකයේ තොරතුරු රැසක් අනාවරණය විය. ඔහු මාස කීපයක් බූස්‌ස සිරකඳවුරේත් පසුව වැලිකඩ සිරගෙදරත් සිටියේය.
එහෙත් යහපාලන රජය යටතේ කොළඹට බෝම්බ හෙළීමට මුල්වූ කුශාන්තන් මාස්‌ටර් නඩුවක් පැවරීමෙන් තොරව නිදහස් විය. ඔහු නිදහස් වන දිනයට පෙර දිනයේ වැලිකඩ සිරගෙදර රඳවාසිටි හිටපු සහකාර පොලිස් අධිකාරි ලක්‍ෂ්මන් කුරේ අමතා පැවසුවේ මට එරෙහිව සාක්‍ෂි ඉදිරිපත් කිරීමට ත්‍රස්‌ත මර්දන ඒකකයට නොහැකි වුණා යන්නයි. එහෙත් ත්‍රස්‌තවාදී චෝදනා මත ඇපදීමකින් තොරව හිටපු පොලිස් අධිකාරිවරයා වසර අටකට අධික කාලයක් තිස්‌සේ වැලිකඩ සිරගෙදර රඳවා සිටියි.
කුශාන්තන් හෙවත් දර්ශන් හෙවත් කුශාන්තන් මාස්‌ටර් චෝදනා ගොනුකිරීමෙන් තොරව නිදහස් වීම විහිළුවක් නොවේද? ඔහු පමණක් නොව මෙහි බුද්ධි සේවාවට තොරතුරු සැපයූ බව කියන කපිතන් ඉන්දික සංජීව හෙවත් සාන්ඡ් මොහමඩ්ද නිදහස් විය.
මොවුන් නිදහස් වන අවස්‌ථාවේ අපමණ වෙහෙසක් දැරූ ඔවුන්ව අල්ලා ගැනීමට මුල්වූ මේජර් ජනරාල් මානවඩු ජීවතුන් අතර සිටියේ නැත. මෙහිදී රජයේ බලධාරීන් විමර්ශනයට ලක්‌කළ යුතු කරුණක් වූයේ කුශාන්තන්ට සහ කපිතන් ඉන්දික සංජීවට එක්‌සත් ජාතීන්ගේ සරණාගත බව ලබාගැනීමට හැකිවූයේ කෙසේද යන්නයි. එහෙත් අද වනතෙක් ඒ ගැන විමර්ශනයක් සිදුවූයේ නැත.
එසේම මැලේසියා ත්‍රස්‌ත මර්දන පොලිසිය මොවුන් ගැන තවත් තොරතුරු සොයාගෙන තිබුණි. ඒ මැලේසියාවේ කොටි හිතවාදී ඩයස්‌පෝරාවේ සහයෙන් නැවත වරක් කොටි සංවිධානය නගාසිටුවීමට සැලසුමක් දියත් වී ඇති බවයි. මේ ගැනද යහපාලන බලධාරීන් විමර්ශනය කළේ නැත. මැලේසියාවේ ප්‍රධාන පෙළේ කොටි ක්‍රියාකාරීන් රැසක් සිටින බව මේජර් ජනරාල්වරයා දැන සිටියේය. එහෙත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටි ඉහළ පෙළේ නිලධාරියකු මේජර් ජනරාල්වරයාගේ කටයුතුවලට අකුල් හෙළනු ලැබීය. ඊට මූලික හේතුව වූයේ මහා පරිමාණ වැට් බදු වංචාවේ ප්‍රධාන මොළකරුවන් දෙදෙනාවූ මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවටගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට මේජර් ජනරාල්වරයා ක්‍රියාකිරීමයි. එම සිද්ධියෙන් ඉහත කී තානාපති නිලධාරියා කෝපයට පත්විය. එම සමයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල නොවන විදේශ ඇමැති ලෙස කටයුතු කළ අයෙක් සමඟ එම තානාපති නිලධාරියා දැඩි සබඳකම් පැවැත්වූ අතර ඔහු මැලේසියාවට පැමිණි අවස්‌ථාවේ සියලු වරප්‍රසාද ලබාදීමට ක්‍රියාකර තිබුණි.
මේජර් ජනරාල් මානවඩු යහපාලන රජය බලයට පැමිණීමත් සමඟම බරපතළ දුෂ්කරතාවයකට මුහුණ පෑවේය. ඔහුගේ සේවා කාලය අවසන් කිරීමට යහපාලන රජය කටයුතු කිරීමෙන් එතෙක් මැලේසියාවේ දියත් කළ කොටි ක්‍රියාකාරීන් ඇල්ලීමේ මෙහෙයුම නතරවිය. මේ මෙහෙයුම් සඳහා මේජර් ජනරාල්ට සහය වූ ඔහුගේ නිල රියෑදුරුද සේවයෙන් නෙරපීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියා ක්‍රියාකළේය.
මේ අතර යහපාලන රජය යටතේත් එම තානාපති නිලධාරියා සිය ධුර රැකගැනීමට සමත්විය. යහපාලන රජය බලයට පත්වීමෙන් පසු මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිදහස් දින උත්සවයේ ජනාධිපතිවරයාගේ නිදහස් දින පණිවුඩය ප්‍රකාශ කිරීමට බාරවී තිබුණේ මේජර් ජනරාල් මානවඩුටය. එහෙත් ඒ වනවිට ප්‍රධාන පෙළේ වංචනිකයකු අල්ලා ගැනීම සඳහා ඔහු මැලේසියානු පොලිස්‌පති අබුබකර් එක්‌ව කටයුතු යොදා තිබුණි. මේ මෙහෙයුම රහසිගතව දියත් විය. මේ නිසා ඔහු අසනීප යයි දක්‌වමින් නිදහස් දින උත්සවයට සහභාගිවීමෙන් වැළකී සිටියේය.
2005 පෙබරවාරි 4 දා අළුයම මේජර් ජනරාල් මානවඩු සහ මැලේසියා පොලිසිය එක්‌ව දියත් කළ මෙහෙයුමෙන් මෙරට වැට් බදු වංචාවේ ප්‍රධාන තක්‌කඩි දෙදෙනා අසුවිය. ඔවුන්ට විගස ක්‌වාලාලම්පූර් ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ආපසු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එනවිට තානාපති නිලධාරියා ගිනි අවුළුවා තිබුණි. මේජර් ජනරාල්වරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිදහස් දින පණිවුඩය ප්‍රකාශ කිරීම ප්‍රතික්‍ෂේප කළ බවට තානාපති නිලධාරියා විසින් රජයේ බලධාරීන්ට පැමිණිලි කර තිබුණි. එහෙත් ඊට පෙර මේජර් ජනරාල්වරයා පෙබරවාරි 4 දා රහස් මෙහෙයුම ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ ආරක්‍ෂක අමාත්‍යාංශයටද දන්වා තිබුණි.
මේ පසුබිම මැද වැට්‌බදු වංචාවේ මොළකරුවන් දෙදෙනා අසුවීමේ සිද්ධිය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තානාපති නිලධාරියාට වාර්තා විය. ඔහු ඉන් වඩාත් කෝපයට පත්විය. මේ නිසා මේජර් ජනරාල්වරයාට එරෙහිව පෙත්සම් තොගයක් රජයේ බලධාරීන්ට යොමුකිරීමට ඔහු ක්‍රියාකළේය.
මෙවන් පසුබිමක් මැද යහපාලන රජය ඔහුගේ නියෝජ්‍ය මහ කොමසාරිස්‌ධුරය අවසන්කර ආපසු මෙරටට කැඳවීමත් සමඟම මැලේසියාවේ කොටි ඩයස්‌පෝරාව ගැන විමර්ශනය කිරීමේ සියලු කටයුතු අවසන් විය.
එහෙත් යහපාලන රජය යටතේද සිය ධුරය රැකගත් එම තානාපති නිලධාරියාට පසුව දිට්‌ඨධම්මවේදනීය කර්මය පලිසන් දුන්නේය. මේජර් ජනරාල් සුමිත් මානවඩු හිටපු ජනාධිපතිනිය සමයේ කොළඹ හමුදා බුද්ධි සේවාවට සම්බන්ධවද ක්‍රියාකළේය. හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් කොටි සංවිධානය විසින් ඝාතනය කිරීමෙන් පසු කොටින්ට සම්බන්ධ ඔස්‌ටේ්‍රලියානු පුරවැසි චාල්ස් ඥාණකෝන් කෙරේ දැඩි සැක පහළ විය. ඒ කොටි සංවිධානය කදිරගාමර්ව මරන්නේ නැතිබව ඥානකෝන් විසින් කදිරගාමර්ට පැවසීම නිසා ඔහුගේ ආරක්‍ෂක කටයුතු ලිහිල්වීමය.
මේ නිසා චාල්ස් ඥානකෝන් ගැන විමර්ශනය කිරීමට හමුදා බුද්ධි අංශ ක්‍රියාකළේය. එහි ප්‍රතිඵලයක් වූයේ දෙහිවල නිකපේ පාරේ නිවසක රැඳීසිටි චාල්ස් ඥානකෝන් මානවඩු ඇතුළු හමුදා භට පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමයි.
මේ නිවසේ හිමිකරුවූයේ හම්බන්තොට ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක් මෙහෙයවන ඔස්‌ටේ්‍රලියානු ප්‍රබලයකි. මෙම යුවළ චාල්ස් ඥානකෝන්ගේ මිතුරන්ය. එම රාජ්‍ය නොවන සංවිධානයට අවසරදී තිබුණේ ඌව පළාතේ ශ්‍රී.ල.නි.ප. දේශපාලකයෙකි.
චාල්ස් ඥානකෝන් අත්අඩංගුවට ගත් මේජර් ජනරාල් මානවඩු ඔහුව දෙහිවල පොලිසියට ඉදිරිපත් කළත් පොලිසිය ඔහුව භාරගැනීම ප්‍රතික්‍ෂේප කළේය. ඉන්පසු කොළඹ අපරාධ පරීක්‍ෂණ ඒකකයට ඉදිරිපත් කරනු ලැබූ අතර එම ඒකකයද ඥානකෝන්ව බාරගත්තේ නැත.
එහිදී චාල්ස් ඥානකෝන් සිනාසුණේය. ඒ ප්‍රභාකරන්ට ඇති බිය නිසා පොලිසිය තමන්ට අත නොතබන බව ඥානකෝන් දැනසිටි බැවිනි. අවසානයේදී රහස් පොලිසිය විසින් චාල්ස් ඥානකෝන් රඳවා ගනු ලැබීය. රහස් පොලිසියේදී ඥානකෝන්ට සියලු පහසුකම් ලැබුණි. විදුලි පංකාවක් මෙන්ම විස්‌කි පානය කිරීමටද ඔහුට අවසර හිමිවිය. එහෙත් සති දෙකකට පසු ඥානකෝන් නිදහස් විය.
2005 නොවැම්බර් මස නිදහස්‌වූ කපිතන් චාල්ස් ඥානකෝන් ආපසු ඔස්‌ටේ්‍රලියාව බලා ගියේය. 2012 ජුලි මස ඔහු මියගියේය.
මෙලෙස කොටි සංවිධානයේ ප්‍රධානතම ක්‍රියාකාරීන් දෙදෙනකුවූ කුශාන්තන් මාස්‌ටර් මෙන්ම චාල්ස් ඥනකෝන්ද අල්ලාගැනීමට මේජර් ජනරාල් සුමිත් මානවඩු උත්සාහගනු ලැබුවත් ඔහුගේ උත්සාහය නිෂ්ඵල විය.
මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කුශාන්තන්ගේ පසුබිම විමර්ශනයට ලක්‌කළහොත් ඔහු මුලතිව් කෙප්පිලාව් ප්‍රදේශයේදී ස්‌ලින් නැමැති ගුවන් යානා දෙක එකලස් කිරීමටද ක්‍රියා කළේය.
මුලතිව්හි අවතැන්වූවන් යයි දක්‌වමින් ද්‍රවිඩ පවුල් අද නාවික හමුදා සහ යුද හමුදා නිලධාරීන්ව පන්නා දැමීමට උත්සාහ කරන්නේ කෙප්පිලාව් ප්‍රදේශයෙනි. එදා කුශාන්තන් කෙප්පිලාව් ප්‍රදේශය අත්පත්කරගෙන සිටියදී එම ද්‍රවිඩ පවුල් සිටියේ කොහේද? මේජර් ජනරාල් සුමිත් මානවඩු එදා හෙළි කළේ ඉරනමඩුහි කොටි ගුවන් කඳවුරක නතරවී සිටි කුශාන්තන් කොළඹ කටුනායක – කොලොන්නාව කෙරවලපිටිය සහ අනුරාධපුර ප්‍රදේශවලට ප්‍රහාර මෙහෙයවූ බවයි. 2007 වසරේ ප්‍රභාකරන් විසින් කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායකයා ලෙස කුශාන්තන් මාස්‌ටර්ව පත්කරනු ලැබීය.
මේ අතර ශ්‍රී ලංකා පොලිසිය කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි සිවරාසා පිරුන්නවන් හෙවත් අච්චුදන්ට ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනය රතු වරෙන්තු ප්‍රකාශයට පත්කර තිබුණත් කුශාන්තන්ට එරෙහිව රතු වරෙන්තුවක් ප්‍රකාශයට පත්වී නොතිබුණි.
කුශාන්තන් සමඟ කොටි හඬ ගුවන් විදුලියේත් නිදර්ශනම් කොටි රූපවාහිනියේ ප්‍රධාන ක්‍රියාකාරියා වූ මහාදේවන් තිරුබාහරන්ද අසුවූ නමුත් ඔහුට මැලේසියාවෙන් පිටුවහල් කරගැනීමට නොහැකිවිය.
එදා මැලේසියාවේ කොටි ඩයස්‌පෝරාව ගැන තොරතුරු හෙළිකළ මේජර් ජනරාල් මානවඩු 3000 කට අධික කොටි ක්‍රියාකාරීන් මැලේසියාවේ සිටින බව කීවේය. අතුරුදන්වූ බව කියන කොටි විශාල සංඛ්‍යාවක් ඔවුන් අතර සිටින බවද හෙතෙම අනාවරණය කළේය.
මේ අතර මැලේසියාවේ කොටි ජාලයේ ප්‍රධානියාව සිටි මැලේසියා රාජන් හෙවත් සිවකුමාර් සුබ්‍රමනියන්ද 2010 දී මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහු නිදහස් විය.
එහෙත් දැන් මැලේසියාවේ කොටි ජාලය ගැන විමර්ශනය කිරීමට ක්‌වාලාලම්පූර්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකයකු නොමැත.
මෙවන් පසුබිමක් මැද මේජර් ජනරාල් මානවඩු හිටපු හමුදා කපිතන්වරයකුගේ පරිගණකයේ තිබූ රහසිගත ලියවිල්ලක්‌ද සොයාගෙන තිබුණි. ඒ හිටපු හමුදා නිලධාරීන් විශාල පිරිසකට මුදල් ලබාදීමේ සිද්ධියයි. එලෙස මුදල් ලබාගත් හමුදා නිලධාරීන්ගේ නම්ද එහි සඳහන් විය. මුදල් ලබාගෙන ඇති හිටපු හමුදා නිලධාරීන්ගේ නාම ලේඛනය ඔහු ආරක්‍ෂක අමාත්‍යාංශයට යොමුකර තිබුණි. එහෙත් පැවැති දේශපාලන වාතාවරණය නිසා ඊට අදාළ පරීක්‍ෂණ යටපත් විය. මෙලෙස මුදල් ලබාදී තිබුණේ විදේශ තානාපති කාර්යාලයක් විසින් හිටපු හමුදා බලධාරියකුට සැපයූ මුදලින් බවද මේජර් ජනරාල් මානවඩු සොයාගෙන තිබුණි.
මේ සොයා ගැනීම් ඔහුගේ මරණය ඉක්‌මන් කළ බවට වාර්තා විය.
එය වැඩිදුරටත් තහවුරු වූයේ හමුදාවේ විජයග්‍රහණය පිළිබඳ පැවැති රාජ්‍ය උත්සවයට සහභාගිවෙමින් සිටි මේජර් ජනරාල්වරයා වෙත හදිසියේ කඩාවැදුනු තරුණියක් නිසාය.
බලාගන්නවා ඔහේට වෙන දේ යයි කියමින් එම තරුණිය මේජර් ජනරාල්වරයාට තර්ජනය කළාය. තමාට තර්ජනය කළ තරුණිය කාගේ කවුදැයි යන්න මේජර් ජනරාල්වරයා හඳුනාගත්තේය.
එහෙත් එම තර්ජනය ගැන ඔහු පොලිසියට පැමිණිලි කළේ නැත. එහෙත් මේජර් ජනරාල්වරයා සමීපයේ අසුන්ගෙන සිටි අනිකුත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට එම තර්ජනය ශ්‍රවණය විය. මේ තර්ජනයෙන් මාස ගණනකට පසු නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ ඉදිවෙමින් තිබූ සිය ගොඩනැඟිල්ලක් පරීක්‍ෂාවට ගිය මේජර් ජනරාල්වරයාගේ හිසට පොල් පරාලයක් ඇද වැටින. එය මාරාන්තික විය. මේ පොල් පරාලය කැඩී තිබුණාද එසේත් නැතිනම් යමෙකු දියත් කළ සැලසුමක්‌ද යන්න වැඩිදුර විමර්ශනයක් සිදුවූයේ නැත. එය හදිසි අනතුරක් බවට තීරණය විය. මේජර් ජනරාල්වරයාගේ අවමගුලට කොන්ද පණ ඇති ඔහුගේ සමීපතම හමුදා නිලධාරීන් පැමිණ සිටි අතර ඇතැම් හමුදා නිලධාරීන් නොපැමිණියේ හිටපු හමුදා ප්‍රධානියකුට ඇති බිය නිසාය. සුමිත් මානවඩු මේජර් ජනරාල්වරයාට අවසන් ගෞරව දැක්‌වීමට පැමිණ සිටි එක් හිටපු හමුදා නිලධාරියෙක් පැවසුවේ මානවඩුට ගෞරව දැක්‌වීමට එන්නේ කවුදැයි විමර්ශනය කිරීමට ඔත්තුකරුවන් පිරිසක් නිවස අසල කැරකෙන බවය.
මේ රටේ දැන් සිදුවෙන්නේ පුදුම දේවල්. නිවාස වල සවිකර ඇති පරාල පාවෙල අවුත් ඔලුවේ වදිනවා යයි ඔහු කියා සිටියේය.
මෙරටින් කොටි ත්‍රස්‌තවාදය විනාශ කර දැමීම සඳහා මේජර් ජනරාල් සුමිත් මානවඩු සිදුකළ අපමණ මෙහෙය කිසිදිනෙක අමතක කළ නොහැක.
එසේම අපරාධ සිදුකළ දේශපාලකයන්ට මෙන්ම හමුදා නිලධාරීන්ටත් දිට්‌ඨධම්මවේදනීය කර්මය පලදුන් අවස්‌ථා අපේ සියෑසින් දුටුවෙමු. එය කිසිදිනෙක වැළකිය නොහැකිය.
ප්‍රංශ මහාගත්කරු වික්‌ටර් හියුගෝ වරක් මෙලෙස පවසා තිබුණි.
ඒ අපරාධකරු පසුපස අපරාධය හඹා එන බවයි.
පහත දැක්වෙන්නේ අප කල පලමු අනාවරණයයි….
වෙබ් අඩවිය අවස්ථා ගණනාවකදි තහනමට ලක්වු බැවින් ඇතැම් ඡායාරූපය සහ විඩියෝ දර්ශණ නැරබිමට නොහැකි විමට හැක.
http://198.211.112.164/archives/10302
දෙවන අනාවරණය ……
http://198.211.112.164/archives/10439
තුන්වන අනාවරණය ……
http://198.211.112.164/archives/13779