Breaking
2 Feb 2025, Sun

පාස්කු ප්‍රහාරය ගැන කෙප්ප කියන මවුලානා රජයේ සාක්ෂිකරුවෙකු වෙයි! විශේෂ පොලිස් බල ඇණියක් ස්විට්සර්ලන්තයට!

පාස්කු ප්‍රහාරයෙන්  වසර 4කට පසු හදිසිම ඇහැරුණු අසාද් මවුලානා හෙවත් මොහොමඩ් හන්සීර් මොහොමඩ් මිහ්ලර් ස්විට්සර්ලන්තයේ සිට ලංකාවට සාක්ෂිකරුවෙකු ලෙස ගෙන්වා ගැනිමට විශේෂ පොලිස් බල ඇණියක් පිටවත් යැමට ස්විට්සර්ලන්තයේන් අවසර ලැබෙන තුරු බලා සිටින බව LNN ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.019 පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයට නායකත්වය දුන් සරාහන් හසීම් සහ ලුතිනන් ජෙනරාල් සුරේෂ් සලේ අතර මෙන්ම හිටපු අරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතර සබඳතාවයක් තිබුනු බවත් ඒ සම්බන්ධයෙන් සාක්ෂී දිමට රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පෙනීසිටිමට අසාද් මවිලානා සමග වත්මන් රජය එකඟතාවක් ඇති කරගෙන තිබේන බවයි LNN ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාවරයාගේ සaජු මැදිහත් විම හරහා ස්විට්සර්ලන්තයේ තානාපති කාර්යාලය සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මේ වනවිටත් ආරම්භකර තිබේ.

උතුරේ සන්නද්ධ අංශ සමග සaජු සම්බන්ධකම් පැවැත්වු මවුලානා පසුව එම සංවිධානයෙන් පැනවිත් කොළඹ කෙන්ද්‍රකරගත් දමිළ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගනිමින් ජිවත් වු අයෙකු වන අතර පසුව මුල්‍ය ආයතන රැසකින්ම ව්‍යාජ තොරතුරු පෙන්වා මුදල් මිලියන ගනණක් වංචාකර ඩුබායි හරහා ස්විට්සර්ලන්තයට පැනගොස් දේශපාලන රැකවරණය ඉල්ලා සිටි අයෙකු වේ. ඔහු ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ඉල්ලා ඇත්තේ “තමන් සතුව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය පිළිබඳව සාක්ෂී ඇති බවත් ඒ හෙතුවෙන් එවකට පැවැති රජය තමන් ඝාතනය කිරිමට උත්සහ කරන බව” සදහන් කරමින් ය. කෙසේවෙතත් වසර 3කට ආසන්න කාලයක් ඔහු විසින් ඉදිරිපත් කල තොරතුරු සම්බන්ධයෙන් සාක්ෂී පෙන්විමට අපොහොසත් වි තිබේ.

පාස්කු ප්‍රහාරය සිදුවි වසර 4ක්ම යනතුරු නිහඩව සිටි අසාද් මවුලානා වසර 4කට පසු ඇහැරුණේ මන්ද යන්න පහසුවෙන් තෙරුම් ගැනිමට හැකිය.එනම් අසාද් මවිලානා ස්විට්සර්ලන්තයේ පුරවැසි භාවය තහවුරු කර ගැනිම සදහාම මෙම ප්‍රකාශ සිදුකලා වියයුතුය.

පසුව බ්‍රිතාන්‍යයේ Channel 4 රූපවාහිනිය 2023 සැප්තැම්බර් 5 වන අඟහරුවාදා එනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා 54 වැනි නිත්‍ය සැසියේදී ශ්‍රී ලංකාව ගැන සිය වාර්තාව නිකුත් කිරීමට පැය කිහිපයකට පෙර රාත්‍රී 11.05 ට විකාශය සිය Dispatches වැඩසටහනේ “ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාර” වාර්තා චිත්‍රපටය විකාශය කළ අතර විකාශනයට පෙර, චැනල් 4 ඩිස්පැචස් ප්‍රකාශ කළේ, මෙම වාර්තා චිත්‍රපටයේ “ඉහළ තනතුරු දරන තොරතුරු හෙළි කරන්නන් සමඟ සුවිශේෂී සම්මුඛ සාකච්ඡා ඇති බවත්, ඔවුන් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් බෝම්බ ප්‍රහාරවලට හවුල් වූ බවට චෝදනා කරන බවත්ය.

චැනල් 4 වාර්තා චිත්‍රපටයේ ‘whistleblowers’ තිදෙනෙකු ඇතුළත් වු අතර ඉන් එක් අයෙකු වුයේ දෙමළ මක්කල් විඩුතලයිප් පුලිගල් (TMVP) නායක සහ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්දිකාන්තන් නොහොත් පිල්ලෙයියන්ගේ හිටපු සහායක හංසීර් අසාද් මවුලානා ය.

වත්මන් ආණ්ඩුව බලයට පත්විමත් සමග ආරක්ෂ වගකිම් වල ඉහල තනතුරු සදහා පත්වු  පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ සිය වගකිම් පැහැර හැරි ඉහල නිලධාරින් තමන්ගේ පවුලේ අය විසින් පවත්වාගෙන් යන You tube නාලිකා හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ සමාජගත කල අතර  බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ විකාශය වූ ආන්දෝලනාත්මක වැඩසටහනට තොරතුරු ලබාදුන් අසාද් මවුලානා ශ්‍රී ලංකාවට යළි පැමිණීමට සූදානමින් සිටින බවටද පුවත් පලකරන ලදී.

TMVP නායක සහ රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයියන්ගේ හිටපු සහායකයා කවුද සහ ඔහු මෙම නිර්භීත පියවර ගැනීමට එඩිතර විම පසුපස ඇත්තක් තිබේද?

කෙසේවෙතත් 2019 පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයට නායකත්වය දුන් සරාහන් හසීම් සහ ලුතිනන් ජෙනරාල් සුරේෂ් සලේ අතර හමුවක් තිබු බව ඔප්පු කිරීමට තමන්ට කිසිඳු සාක්ෂියක් නොමැති බව පාස්කු ප්‍රහාරය ගැන නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කළ තෝම් වෝකර් සඳහන් කළේය. ඒ ජිනීවා නුවර පෞද්ගලික ස්ථානයකදී එම වාර්තා චිත්‍රපටය තිරගත කළ අවස්ථාවෙන් පසු ඊට සහභාගී වූ මාධ්‍යවේදියකු විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එසේම අදාළ අවස්ථාවට සූම් තාක්ෂනය ඔස්සේ සම්බන්ධ වූ අසාද් මවුලානාගෙන්ද තම චෝදනා සඳහා සාක්ෂි තිබේදැයි විමසු අවස්ථාවේ ඔහුට ඒ සඳහා සාක්ෂි ඇති බව වාචිකව කියා ඇත. එහෙත් අදාළ හමුවේදී අදහස් දැක්වූ මාධ්‍යවේදියකුට අනුව මවුලනා මෙරට ඇතැම් ජනමාධයවේදීන්ට තම කතාව කීමට විශාල පරිශ්‍රමයක් දරා ඇති නමුත් එය විශ්වසනීය මූලාශ්‍ර මත පදනම් වී ඇතැයි කිසිවෙකු පිළිගෙන නැත.එසේම මේ වන තුරුත් ඔහු සමග සම්බන්ධ වූයේ යැයි කියන රාජ්‍යය නිලධාරීන් සහ ඔහු අතර සිදුවූ බවට තහවුරු කෙරෙන කිසිම දුරකථන ඇමතුමක් හෝ සේයාරුවක් ප්‍රසිද්ධ කිරීමට ඔහු අපොහොසත් වී ඇත.

එවැබින් මෙම සමස්ථ සිදුවීම් විවිධ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මුවා වී විවිධ යටි අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා පමණක් සිදුකළ කටයුත්තක් ලෙස බොහෝ දෙනෙකු පිළිගනිති.

මවුලානාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ප්‍රකාශ ලබාදුන් අතර ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය හමුවේ ඔහු කියා සිටියේ චැනල් 4 විසින් හඳුන්වා දී ඇති ඔහුගේ හිටපු ලේකම් අසාද් මවුලානා, ඔහුගේ පැවැත්ම සඳහා අන් අයව පාවා දෙන වංචාකාරයෙකු බවයි.

“අසාද් මවුලානා බොරු චෝදනා ඉදිරිපත් කරමින් විදේශයන්හි දේශපාලන රැකවරණ පතා තිබුණි. ඔහුට ශ්‍රී ලංකාවේ ජීවත් විය නොහැකි බව ව්‍යාජ ලෙස පවසා සරණාගතභාවය පතා තිබුණි,”

“පාස්කු ඉරිදා ප්‍රහාර සැලසුම් කළේ අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වන අතර මෙම කරුණ කතෝලික පල්ලිය ඇතුළු බොහෝ දෙනෙකු තේරුම් ගත යුතුය. ලොව පුරා තවමත් තලේබාන් වැනි ත්‍රස්ත කණ්ඩායම් පවතින බව ඔවුන් මතක තබා ගත යුතුය,”

මේ අතර අප ආරක්ෂ තොරතුරු වාර්තාකරු එවකට අනාවරණය කළේ යුද්ධය අවසන් අදියරේ LTTEය පාවාදිම සහ  එම සංවිධානය සතු ඇතැම් රහස් ආණ්ඩුවට අනාවරණය කිරිම  LTTE එකේ පරාජයට ලොකුම හේතුවක් වු බව නොරහසක් බවයි. ඒ අනුව  LTTE-හිතවාදී කණ්ඩායම්  Channel 4 නාලිකාවේ වාර්තා වැඩසටහන සහ අසාද් වැනි කණ්ඩායම් යොදා ගනිමින් යුද්ධය අවසන් කිරිමට දායක වු ඉහල පෙලේ පුද්ගලයන් නීතියට කොටු කිරිමේ මෙහෙයුමක් දියත්ව තිබේන බවයි.

මේ අතර අසාද් මවුලානා හෙවත් මොහොමඩ් හන්සීර් මොහොමඩ් මිහ්ලර් වෙත එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) 2022 ජනවාරි මාසයේදී ‘Post Of Shelter Cluster Co-ordinator ‘ ලෙස තනතුරක් ලබා දී ඇති තිබේන බව අනාවරණය වුනා.නමුත් අදාළ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින්ට රැකියා අවස්ථා ලබා දීමෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාට පැවරී ඇති මූලික සදාචාරත්මක නිදහස බරපතළ ලෙස ප්‍රශ්න කරණු කරනු ලබන බවත් සත්‍යය වසන් කිරීමට සහ කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රවර්ධනය කිරීමට ඇතැම් පාර්ශ්වයන් විසින් බලවත් උත්සහයක නිරතව සිටින බවත් ඒ අනුව මැනවින් ප්‍රදර්ශණය වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන ලද නවතම වාර්තාවේ “2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්පූර්ණ තත්ත්වයන් පිළිබඳ වැඩිදුර විමර්ශන රේඛා ලුහුබැඳීම සඳහා ජාත්‍යන්තර සහාය ඇතිව ස්වාධීන පරීක්ෂණයක්” නිර්දේශ කර ඇත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *