Breaking
2 Feb 2025, Sun

පාර්ලිමේන්තුව විසුරුවයි! ජනපති හීනය වෙනුවෙන් ගහන අලුත්ම ගේම් එක!

සිය ජනාධිපති සිහිනය වෙනුවෙන් ජනාධිපති මැතිවරණයකට පෙර පාර්ලිමේන්තුව විසුරුවාලීමට තමන් පත්කල ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් බැසිල් රාජපක්ෂ හමුවි අනාවරණය කර තිබේ.ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිකරවිම රනිල්ගේ මෙහෙයුම බවත් ඒ වෙනුවෙන් කවුරුත්⁣ නොසිතූ අවස්ථාවක රනිල් පාර්ලිමේන්තුව විසුරවා හැරීමට නියමිත බවයි බැසිල් මුණගැසුන මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දි තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව තනි පක්ෂයකට මෙරට බලය ලබා ගැනීමට නොහැකි වන බව දන්නා රනිල් මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව තුළ තමන්ට කැමති අකාරයේ ආණ්ඩුවක් සාදා ගැනිම් හා ඒ හරහා ව්‍යවස්ථා සංශෝධනයන් සහ මන්ත්‍රී මිලදී ගැනිම් හරහා සිය ජනාධිපති ධුරය අල්ලා ගැනිම රනිල්ගේ අරමුණ වි තිබේ.

ගාල්ලේ විශේෂ සාකච්ඡාව!

මේ සම්බන්ධයෙන් සජිත් පිළේ රනිල් කණ්ඩායම සහ පොහොට්ටුවේ බැසිල් විරෝධීන් ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් සමග ගාල්ලේ විශේෂ හමුවක් පවත්වා තිබේන බවත් එහිදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා වි තිබේන බවද මන්ත්‍රී කණ්ඩායම බැසිල්ට පවසා තිබේ. උතුරේ දේශපාලන පක්ෂ සියල්ලක්ම ඉන්දියානු සහ ඇමරිකානු බලපෑම අනුව පමණක් කටයුතු කරන බවත් ඒ අනුව මහා මැතිවරණයකින් පත්ව උතුරේ මන්ත්‍රීගේ සහය රනිල්ට ලබාගැනීමට පහසු බවද ගාලු සාකච්ඡාවේදි අවධාරණය කර තිබේන බවද වාර්තා වේ. පාර්ලිමේන්තුව ව ිසුරුවාලීමට ජනපති කටයුතු කලහොත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්හට යන එන මං නැති වන බව අමුතුවෙන් කිවයුතු නැත.

චම්පිකගේ අගමැති සිහිනය!

සිංහල බෞද්ධ ඡන්දය දිනා ගැනිම සදහා චම්පිකගේ භාවිතා කිරිමට රනිල් කටයුතු කරමින් සිටින බවත් අස්ථාවර පාර්ලිමේන්තුවේ මිලග අගමැති පුටුව බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක කැමැත්ත පරිදි චමිපිකට ලබාදිමටද යෝජනාවක් ඉදිරිපත් වි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.චම්පිකගේ අගමැති සිහිනය භාවිතා කරමින් සිංහල බෞද්ධ ඡන්ද දෙකඩ කර හි වාසිය ගැනිම රනිල්ගේ මෙහෙයුම වි තිබේ. චම්පික මේ වනවිට එක්සත් ජනරජ පෙරමුණ නමින් අලුත් සන්ධානයක් සාදාගෙන දේශපාලන කටයුතු කරමින් සිටින අතර ඔහුගේ හතුරා වි ඇත්තේද  මාලිමාවයි.

බොරදියේ මාළු බෑමේ මෙහෙයුම!

මේ අතර මෙම මෙහෙයුමට අදාලව බොරදියේ මාළු බෑමේ ව්‍යාපෘතියක් සජිත් ප්‍රේමදාස හරහා දියත් වෙමින් තිබේන බවත් එහි මුලිකත්වය ගෙන කටයුතු කරමින් සිටින්නේ රනිල්ගේ සමීපතමයකු ලෙස සැලකෙන මලික් සමරවික්‍රමය. මලික් හරහා මේ වනවිට මෙහෙයුම් දෙකක් දියත් වෙමින් ඇති අතර එහි පලමු වැන්න රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යලිත් සමගි කර එකම දේශපාලන පක්ෂයකට ගෙන එමය. දෙවැන්න විපක්ෂයේ ඉහළ ජන ප්‍රසාදයක් සහිත අනුරගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සටනක් දිමට හැකි මට්ටමේ විපක්ෂයේ පොදු සන්ධානයක් ඇති කිරිමයි. එම සන්ධානය හරහා ගම්මට්ටමේ මාලිමාවේ ජනප්‍රියත්වයට යම් බලපෑමක් සිදුකිරිම අරමුණ වි තිබේ.

කෙසේවෙතත් නව සන්ධානයක් පිහිටුවිම සහ රනිල් සමග සංහිදියාවක් සාදා ගැනිම සම්බන්ධයෙන් තින්දුවක් ගැනිමට පෙර තමන්ගේ මන්ත්‍රීවරුන් බිලිගැනිම නතර කර පෙන්වන ලෙස මලික් සමග පැවැති සාකච්ඡාවකදි අවධාරණය කල බවයි සමගී ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයෙකු අප දේශපාලන වාර්තාකරු සමග සදහන් කර ඇත්තේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.