LNN SPY

TNA තීරණයෙන් ගෝඨා වියරු වැටේ….. පිල්ලෙයාන්, වර්දරජා දෙමළ ජනයා බියගැන්වීමේ උත්සහයක…. සියලු මෙහෙයුම් හෙන්දාවිතාරණ යටතට

Published on –Nov 8, 2019  2019 ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 08. තවත් සතියකින් ලංකාවේ දිශානතිය නව මානයක යොමු වනු ඇති. මැතිවරණය සඳහා අපේක්ෂකයක් 35 දෙනෙකු ඉදිරිපත් වූවද තරගය ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස අතර ය.

මහා ඉහළින්, මහ මුදල් සම්භාරයක් යට කරමින් ආරම්භ කෙරුණු ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය පරදා කෙලින් කතා කරන රටට හිතවාදි, ප්‍රජාතන්ත්‍රවාදී සජිත් ප්‍රේමදාස දිනෙන් දින ගෝඨාභය පරයමින් ජනතාවගේ හදවත් වෙත ලං වෙන බව සියළුම මැතිවරණ පූර්ව විචාරකයින් නීරීක්ෂණය කොට ගෙන ඇති අතර ජාතික හා ජාත්‍යන්තර බුද්ධි අංශ දිනෙන් දින එය තහවුරු කරමින් සිටියි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන බොහෝ පිරිසක් මේ වන විට කොන්දේසි විරහිතව ගිවිසුම් රහිතව  ම සජිත් ප්‍රේමදාස වෙත සහය පල කිරීමට ඉදිරිපත් වීම රාජපක්ෂ පිල නොසන්සුන් කිරීමට සමත් වූ අතර පසුගිය 03 වෙනිදා දෙමළ ජාතික සන්ධානයේ සහය සජිත් ප්‍රේමදාස වෙත ලබා දීමට තීරණය කොට ඊයේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂ සියල්ලේම නායකයින් විසින් එය ලිඛිතව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟම රාජපක්ෂ පිළේ නොසන්සුන්තාවය පරාජයේ වියරුව බවට පරිවර්තනය වී ඇත.

වරදරාජා පෙරුමාල්, තොන්ඩමන්, හිස්බුල්ලා, පිල්ලෙයාන් අතර ඇති කරගත් ගිවිසුම් තියා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ ඇති කර ගත් ගිවිසුම් හා කොන්දේසි පවා රටට හෙලි නොකොට වසා ගනිමින් රටේ අනාගතය තීරණය කරන්නට උත්සහ කරන රාජපක්ෂවරුන්ට කිසිදු කොන්දේසියකින් තොරව දෙමළ ජාතික සන්ධානය සජිත්ට සහය දීම මරු පහරක් විය.

ඊයේ TNA විසින් නිකුත් කළ නිවේදනයේ තම සන්ධානය සජිත් සහය දැක්වීම හා ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිකේෂ්ප කිරීමට බලපෑ හේතු සාධාක පැහැදිළිව පෙළ ගස්වා තිබූ ආකාරය අනුව පැහැදිළි වූයේ වෙනත් කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට නොතිබු ගැම්මක්, ශක්තිමත් කොන්දක්, සජිත් සතුවීම එම තීරණයට බලපෑ බවයි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින්ම් ලිඛිතවම රටටම පේන්න ලංකාවේ ඒකීයභාවය පිළිගත් එකම ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව TNA පව පිළිගෙන තිබීම හා ඒකිය රටක් තුළ සමගියෙන් ජීවත් වීමට, ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත් වීමට ඔවුන්ද එකඟ වී ඇත.

මේ දෙමළ ජාතික සන්ධානය අනාගත ජනාධිපතිවරයා සතු විය යුතු බවට අපේක්ෂා කරන ගති ගුණ වන අතර එය ඇත්තේ සජිත් ප්‍රේමදාස සතුව පමණක් බව අවිවාදයෙන් පිළිගෙන ඇත.

උතුරේ ඡන්ද වර්ජනයක් සිදු වී හෝ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වෙත දෙමළ ඡන්ද නොලැබෙන බවට සිතා සිටි රාජපක්ෂලාගේ පාරාජයේ වියරුව මෙම නිවේදනය සමඟම ප්‍රචණ්ඩත්වය යොමු වී ඇති අතරම පෙර පුරුදු ලෙසම උතුරේ ජනතාව බිය වද්දා ඔවුන්ගේ ඡන්දය සජිත් ප්‍රේමදාස වෙත නොලැබෙන තැනට වැඩ කිරීමට මේ වන විට සැළසුම් කොට ඇත.

ඒ අනුව හිටපු කොට් නායක හා මේ වන විට මඩකළපුව බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන් විසින් මෙහෙයවන 35 දෙනෙකුගෙන් සමන්විත මැර කල්ලියක් හා වරදරාජා පෙරුමාල් විසින් නායකත්වය ලබා දෙන තවත් කුලි මැරයන් පිරිසක් මේ සඳහා යොදවා ඇති අතර උතුරු නැගෙනහිර ප්‍රාදේශිය සංවිධායකවරුන් හා ජනතාව බිය ගන්වමින් ඔවුන්ව ඡන්දය ලබා දීමට ඡන්ද පොලට වෙත නොයැවීම හෝ සජිත් වෙත ඡන්දය ලබා දීම වැළැක්වීම එම මැර කණ්ඩායම් වෙත ලබා දී ඇති නියෝගය වේ.

මේ සියලු මෙහෙයුම් මෙහෙයවීමේ වගකීම ගෝඨා විසින් භාර දී ඇත්තේ ගෝඨා බලයේ සිටි කාලයේ සිට සියලු ජඩකම්, මැරකම් මෙහෙයවූ හෙන්ද්‍රාවිතරාණ වෙත වන අතර මෙතක් කොළඹ සිට ක්‍රියාත්මක වූ ගෝඨාභයගේ මිනිමරු කුලී භටයන් පිරිසක් මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට යොදවා ඇත.

මේ මෙහෙයුමේ තීරණ ගැනීම හෙන්ද්‍රාවිතාරණ විසින් ගනු ලබන බවත් පිල්ලේයාන්, වර්දරාජා හා ගෝඨාගේ කුලි මැරයන් ඔහුට වගකියනු ලැබේ. ගෝඨා මෙහෙයුමට සම්බන්ධ වන්නේ හෙන්ද්‍රා හරහා ය.

මේ සැළැස්ම ක්‍රියා කිරීමට පෙරම බන්ධනාගාරයටම ගොස් පිල්ලෙයාන් බලා ගිනි අවුලා ආ මහින්ද තොත්ත බබා සේ පසෙකින් හිද පිල්ලෙයාන් හා වරදරාජා හරහා උතුරේ ජනතාවගේ ඡන්ද අයිතිය විනාශ කිරීමට උත්සහ කිරීම පිළිකුල් සහගතය.

අද උදෑසන වන විට මෙම මැර කණ්ඩායම් දෙක පිළිබඳව තොරතුරු බුද්ධි අංශ විසින්ද තහවුරු කොට ගෙන ඇති අතර ජාතික ආරක්ෂාව ත්‍රස්තවාදයේ නාමයෙන් විනාශ නොවීමට උතුරේ ආරක්ෂාව තර කිරීමට මේ වන විට ක්‍රියාත්මක වෙමින් ද පවති.

Top