පුවත්

ජාත්‍යන්තර පරික්ෂණයට පයින් ගැසු පාස්කු ඝාතකයා! නායකත්වය වෙනුවෙන් ජනතාව බිල්ලට දුන් රනිල්!

පුද්ගලයන් 250කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් කළ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් “ශ්‍රී ලංකා ආන්ඩුවට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය නැත” යයි කියමින් වික්‍රමසිංහ ජාත්‍යන්තර පරීක්ෂණයක අපේක්ෂාව දැඩි ලෙස විවේචනය කර තිබේ. ඒ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 134 දෙනෙකු විසින් පත්කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ Duetsche Welle DW News සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී එක්සත් ජාතින්ගේ සංවිධානයට බැණ වැදුණේය.

රාජපක්ෂලාගේ බල අවශ්‍යතාව වෙනුවෙන් 2019 වසරේ අප්‍රියෙල් 21 වැනි දින එල්ල කල අන්තවාදී ප්‍රහාරය මෙන්ම ත්‍රස්තවාදය මුවාවෙන් ඝාතනය කල අහිංසක දමිළ ජනතාව සම්බන්ධයෙන් එක්සත් ජාතින් විසින් දියත් කර තිබේන පරික්ෂණ වලට පවා රනිල් මෙම සාකච්ඡාවේදි දැඩි ලෙස පහර දි තිබේ.ජනාධිපතිවරයා අතිශය ආවේගශීලීව හැසිරෙමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කිසිම ජාත්‍යාන්තර පරීක්ෂණයක් නොපත්වන බව ඍජුව ප්‍රකාශ කලේ තමන් එම ප්‍රහාරයේ පලමු වගකිවයුත්තන් අතර සිටින නිසාවෙනි.

අන්තවාදින් පෝෂණය කරමින් සිය පක්ෂයේ නායකත්වය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ගෝඨාභයගේ ජයග්‍රහණයට පාරකපමින් රාජපක්ෂලාගේ පාස්කු ප්‍රහාරයට සහය දුන් ප්‍රධාන චුදිතයන් කිහිපදෙනාගේ එක් අයෙකු වන්නේ වත්මන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 134 දෙනා විසින් තෝරාගත් රනිල් වික්‍රමසිංහ වන බව නොරහසකි.

සජිත් පරාජය කර පක්ෂයේ බලය සියතේ තබා ගැනිම සදහා ගෝඨාභයට බලය ලබා ගැනිම සදහා රනිල් සහය දුන් අතර එහිදි විශේෂයෙන්ම ගෝඨාභයට ජනපති අපේක්ෂකත්වය ලබාදිමට රාජපක්ෂ පවුලේන් එල්ල වු බාදාවන් සියල්ලම ඉවත් කර අවස්ථාව උදාකර දිමට රනිල් තරම් මහන්සියෙන් වැඩකල අයෙකු නොසිටි බව එම කාලය පුරාම රෑට රෑට රනිල්ගේ ගෙදර බඩගෑ දිලිත් ජයවිර සහ සාගල හොදින්ම දනී.

පාස්කු ප්‍රහාරය එල්ල වන විට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරයේ කටයුතු කල රුවන් විජේවර්ධන හට ජාතික ආරක්ෂාවට අදාලව කිසිම බලතලයක් ලබා නොදිමට එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබුනේද එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත බවද අවස්ථා කිහිපයකම අනාවරණය වුවද ඒ පිළිබඳව ජනතා අවධානය යොමු වුයේ නෑ.

විශේෂයෙන්ම 2019 අප්‍රේල් 4 වැනිදා ප්‍රහාරයක් පිළිබද පළමු බුද්ධි වාර්තාව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට ලැබීම හා එතැන් සිට එම ප්‍රහාරය පිළිබඳව පොලිස් හා බුද්ධි අංශ අතර පණිවුඩ හුවමාරුව, රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා විසින් 2019 අප්‍රේල් 20 වැනිදා ද ‘හෙට දිනයේදී‘ භයානක සිදුවීමක් ඇතිවිය හැකි බවට පොලිස්පතිවරයාට අනතුරු ඇඟවීම් ලැබි තිබුන අතර ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමට ජනපති හෝ අගමැති උපදෙස් නොදී සිටියේ දේශපාලන බල පෙරලිය වෙනුවෙන් බව දැන් අමුතුවෙන් කිව යුතු නොවේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන් වත්මන් ජනාධිපති ඉවත් කර තිබෙන්නේ තාවකාලිකව – ජ්‍යේෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර

ලංකාවේ භූමිය මත 2019 අප්‍රේල් 21 දින සිදුකළ සිදුවීම්වලින් සිය ගණනක් මරණයට පත්වී රටම භීතියට පත්ව, රටේ ආර්ථිකය කඩාවැටීමට හේතු වී හැමෝම පීඩාවට පත්වුණා. අද තිබෙන්නේ විකෘති ආණ්ඩුවක්, විකෘති පාලනයක් බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපි මෙයට පෙර අවස්ථා ගණනාවකදී පෙන්වා දී තිබෙනවා. චැනල් ෆෝ නාලිකාවෙන් හෙළිකර තිබෙන්නේ මේ ප්‍රහාරය අවුරුදු කිහිපයක් පුරා සැලසුම්කර දියත් කළ බවයි. ඒ පිළිබඳව අපේ යාන්ත්‍රණවලින් නිසි පරිදි පරීක්ෂණ සිදුකර යුක්තිය ඉෂ්ට කළා නම්, මේ වැනි ප්‍රචාරයන් සිදුවන්නේ නැහැ. අපේ රටේ පාලකයෝ නීතියෙන් පාලනය නොවෙන තත්වයක් තුළ මෙවැනි සිදුවීම් යළි යළි ඇතිවීමේ අනතුර තිබෙනවා. මේ ප්‍රහාරය මැතිවරණයේ ප්‍රතිඵලයට ඍජුවම බලපෑම් කළා. ජනාධිපතිවරණයට වගේම මහා මැතිවරණයටත් විශාල බලපෑමක් සිදුවුණා. ඒ ආකාරයෙන් පත්කර ගත් ජනාධිපති ප්‍රජාතාන්ත්‍රික අරගලයකින් ඉවත් කිරීමට ජනතාවට සිදුවුණා. 2019 අප්‍රේල් වන විට විපක්ෂයේ සිටි කට්ටිය තමන්ගේ බලය ලබාගැනීම වෙනුවෙන් ප්‍රහාරය සැලසුම් කළ බව වීඩියෝවෙන් කියැවෙනවා. එවකට ආණ්ඩුවේ ජනාධිපතිවරයා තනි පුද්ගලයෙක් ලෙස සිටින අතර, කැබිනට් මණ්ඩලය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ඔහුගේ පක්ෂය ප්‍රමුඛව සිටි මන්ත්‍රීවරුන්ගෙන් පිහිටුවා තිබුණා. එදා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය දැරූයේ අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්. අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍ය ධුරය දැරුවේ අද ඔහුගේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශකවරයෙක්.

තමන් ආණ්ඩු බලයේ සිටියදී විපක්ෂය මෙවැනි බලය ලබාගැනීමේ මෙහෙයුමක් සිදුකළා නම්, පාලනයේ සිටි අයගේ නොහැකියාව, අකාර්යක්ෂමතාවය සහ අලස බව ඉතා හොඳින් පැහැදිලි වෙනවා. අද විපක්ෂ නායකතුමාත් ඒ කැබිනට් මණ්ඩලයේ සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග වූ එක් නඩුවකදී මේ සියලු දෙනා ගැනම තොරතුරු හෙළිවුණා. ඒ චෝදනාව එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහත් මුලින්ම සිටිනවා. අද ඔහු ජනාධිපති නිසා තාවකාලිකව ඒ චෝදනාවලින් ඉවත් කර තිබෙනවා. නමුත් එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පොලිස්පති, බුද්ධි නිලධාරීන් නොසැලකිල්ලට වගකිව යුතු බව තීන්දුවේ ප්‍රකාශ කර, වන්දි නියම කළා. නීතිය අනුව ජනාධිපති ධුරය ඉවත් වූ වහාම ඔවුට විරුද්ධව නැවත අධිකරණමය ක්‍රියාමාර්ග ගත හැකියි.

අද වෙනකොට පාස්කු ප්‍රහාරය දියත් කිරීමේ චෝදනාව එල්ල වී සිටින පිරිසත්, ඒ වළක්වා නොගැනීමේ චෝදනා එල්ල වී තිබෙන පිරිසත් දෙගොල්ලම එකතු වූ විකෘති පාලනයක් ගෙන යනවා. ඔවුන් අතරේ සලාදයක් වගේ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්වී සිටිනවා. මේ දෙගොල්ල යටතේ පාස්කු ප්‍රහාරයට විසඳුම් ගන්න හැකිවේදැයි බරපතළ සැකයක් තිබෙනවා. ජාතික ගීය සම්බන්ධයෙන්, නාට්‍යයක් සම්බන්ධයෙන්, ක්‍රියාත්මක වන සී.අයි.ඩී. එක මේ තරම් කරුණු හෙළිකර තිබියදී ගෝඨාභය රාජපක්ෂගෙන් වගේම එවකට සිටි නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමති, ඇතුළු සියලු දෙනාගෙන්ම වහාම ප්‍රකාශ සටහන් කර ගත යුතුයි. අපරාධය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය ඒ තොරතුරු ඔස්සේ දියත් කළ යුතුයි. මේ සතිය ඇතුළත ප්‍රකාශ සටහන් කරගෙන යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාමාර්ගය නොගන්නේ නම්, තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කළ දෙගොල්ලම සැබෑ චූදිතයන් බව මහජනතාව ඉදිරියේ තහවුරු වෙනවා. මෙම වීඩයෝ පටය ගැන පරීක්ෂණ පවත්වන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව එක් ඇමතිවරයෙක් ප්‍රකාශ කළත්, එවැනි සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේ සිදු නොකළ බව මාධ්‍ය ප්‍රකාශක කියා තිබෙනවා.

රටේ අපරාධයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත්කිරීම අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවෙයි. අපරාධ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමයි කළ යුත්තේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හෙළිවුණු කරුණු, ජනාධිපති කොමිෂන්වලදී හෙළිවුණු කරුණු වගේම ‘චැනල් ෆෝ’ නාලිකාවෙන් හෙළිකර තිබෙන කරුණුත් යොදා ගනිමින් රටේ සාමාන්‍ය නීතිය යටතේ පරීක්ෂණ දියත් කළ යුතුයි. එසේ නොකරනවා නම්, දේශපාලන වශයෙන් පත්වී රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙය වූ අය වගේම එම දේශපාලකයන් අතින් තනතුරු ලබාගත් නිලධාරීනුත් මේ රටේ නීතියෙන් පාලන නොවන බව තහවුරු වෙනවා. එවැනි තත්වයක් ඉතාම භයානකයි, අරාජිකයි. එවැනි තත්වයකට එරෙහිව ජාතික ජන බලවේගය සහ එහි නීතිඥයන් හැටියට අපි ක්‍රියාමාර්ග සැලසුම් කරනවා. යුක්තිය ඉටුකර ගන්නා තුරු අපි අපේ හඬ නඟනවා.

Top