Published on: Feb 10, 2020- පෙබරවාරි 24 වැනිදා මධ්‍යම රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවාලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තින්දුවක් ගෙන ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.රනිල් – ගෝඨා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව එම තින්දුව ගෙන ඇති අතර පවතින තත්ත්වය හමුවේ දෙදෙනාටම ඉක්මන් මැතිවරණයක් කැදවා ගැනිමේ අවශ්‍යතාව තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

2015 පාර්ලිමේන්තු මැතිවරණය නියමිත කාලයට මාස දහයකට පෙර 2015 අගෝස්තු මස 17 වන දින පැවැත්වු අතර ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව වත්මන් ජනාධිපතිවරයාට 2020 පෙබරවාරි 17 වැනිදා මධ්‍යම රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවාලීමට අවස්ථාව හිමි වනවා.

රනිල්ගේ කුමන්ත්‍රණය ……..

එක්සත් ජාතික පක්ෂ නායකත්වය තවදුරටත් තමන් සතුව තබා ගැනිම සදහා රනිල් වික්‍රමසිංහ ගෙන ගිය අනවරථ මෙහෙයුමේ අවසන් අදියර මේ වනවිට දියත්ව තිබේන අතර ඒ අනුව සජිත්ගේ ප්‍රධානත්වයෙන් නිර්මාණය වෙමින් තිබේන සන්ධානය අර්බුදයට ලක්කර ඉදිරි දින කිහිපය තුල එය වර්ධනය කර පසුව 2015 දි මෙන්ම අවසන් මොහොතේ එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරග කිරිම රනිල්ගේ උපාය වි තිබේ.ඒ සදහා ඉක්මන් මැතිවරණයක් කැදවා ගැනිම මොනතරම් අවශ්‍යද යන්න දේශපාලන දන්නා රනිට කියාදිය යුතු නැත.

මේ වනවිට සජිත්ගේ සන්ධානයේ මහා ලේකම්වරයා ලෙස මද්දුමබන්ධාර පත්කිරිම සම්බන්ධයෙන් ආරම්භ වි තිබෙන අර්බුදය දිගින් දිගටම ඇදගෙන යැමට රනිල් කටයුතු කරනු ඇති අතර ඒ සදහා කෘත්යාධිකාරි මණ්ඩලය රනිල්ට සහය දෙනු ඇති අතර  අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවාලිමට කටයුතු කිරිමත් සමග රනිල් යලිත් පක්ෂය සියතට ගැනිමට කටයුතු කරනු ඇත.

ඒ සදහා අද දිනයේ පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමේදි සන්ධාන මහා ලේකම් තනතුර සදහා තවත් නම් යොජනා වි ඇති බැවින් අවසන් තින්දුව කෘත්‍යාධිකාරි මණ්ඩල විසින් ගතයුතු බවත් ඊට අමතරව නාමයෝජනා ලබාදීම සදහා අවශ්‍ය බලතලද මණ්ඩලය තුල සාකච්ඡා කලයුතු බව දැනුම් දෙනු ඇති අතර මේ තත්ත්වය මැතිවරණයට නාමයෝජනා ලබාදෙන තුරුම ඇදගෙන යෑම් රනිල්ගේ කුමන්ත්‍රණය වේ.

පාර්ලිමේන්තුව විසුරුවාලිමට කටයුතු කිරිමත් සමග දින 21ක් පමණ කාලය තුල නාමයෝජන ලබාදිමය කටයුතු කලයුතු අතර එම කාලය තුල සන්ධානය ගොඩනැගිමට නොහැකි වනු ඇත. ඉක්මන් මැතිවරණයක දැඩි අවශ්‍යතාව රනිල්ට ඇත්තේ ඒ නිසාය.

ගෝඨා වැට උඩ…..

රනිල්ට්‍ය පසු හදිසී මැතිවරණයක අවශ්‍යතාව ඇති අනෙකා ගෝඨාභය රාජපක්ෂය.එක් අතකින් 2/3ක බලය ලබ ගැනිමක් ලෙස එය පෙනුනද මේ වනවිට එවන් තත්ත්වයක් නොමැති බව ගෝඨාභය හදුනගෙන අවසන් ය.අනික 2/3ක් ගත්තාය කියා කරන්නට පුලුවන් දෙයක් නැති බවද් ගෝඨා දනී.

මේ වනවිට වත්මන් ආණ්ඩුවට මහ මැතිවරණයකදි 113ද ලබා ගත හැක්කේ යන්තම් සන්තම් එකතු කිරිම වලින් බව රාජපක්ෂ පවුලේ ආචාර්‍යවරයාගේ අදහසයි.සමස්ථ රාජපක්ෂ කදවුරේම ගණන්  හැදිමද ඊටම ආසන්න උත්තරයක් තිබේ.

රනිල්ගේ නායකත්වයෙන්,අකිලගේ මහා ලේකම් ධුරයේන් එක්සත් ජාතික පක්ෂය බලයට ඒම සහ ගෝඨාභයගේ 2/3 අතර ඇත්තේ අගල් දෙක තුනක දුරකි.එය මේ දක්වා ගෝඨා සහ රනිල් අතර සිදුන සාකච්ඡා වලින් තහවුරු වන අතර මහින්ද,බැසිල් නායකත්වයෙන් 2/3ක් ගන්නවාට වඩා රනිල් සමග දීග කැම ඇගට ගුණ බව ගෝඨාභය හොදින්ම දනී.

තමන්ට හිතවත්,ටයි,කොට් අදින ආචාර්‍ය,මහාචාර්ය කැලි ඉස්සරහට ඇති ඩිප්ලෝමැටික් දන්නා පිරිසක් පමණක් තමන් ලග සිටිම ගෝඨාභයට ප්‍රමාණවත්ය.ඒ යට ඇති ප්‍රබලම බාධාව බැසිල්‍ ය. මන්ද 70ක් අලුතෙන් උගතුන්,වියතුන් පාර්ලිමේන්තුවට යැවිමට සිටි ගෝඨාභයට බැසිල් පැමිණිමෙන් පසුව එම සංඛ්‍යා අවස්ථා 3කදි 30,25 සිට අද වනවිට 10 දක්වා පහලට වැටිමයි.

අලී මදිවට කොටි…

මේ අතර මේ දිනවල දැඩි ප්‍රහරයට ලක්වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය(SLFP) සහ පාරට වැටුන වියත්මග,එලිය සහ යුතුකම යන සංවිධාන මෙන්ම මෛත්‍රී ගුණරතනගේ එක්සත් ජාතික නිදහස් පෙරමුණ, දිගම්බරන්ගේ කදුරට ජනතා පක්ෂය,ඇතුලු සේසු පක්ෂ එක්ව දැවැන්ත පෙරමුණක් මේ වනවිට රහසේ නිර්මාණය වෙමින් තිබේන අතර එහි ප්‍රධාන පාර්ශවය ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පෙරමුණ ගෙන සිටින අතර ගෝඨාභයගේඅ ආශිර්වාදයද එයට හිමිව තිබේ.

ආණ්ඩුකාරවරුන් 5ක් නව සන්ධානයෙන් තරගයට…

ඒ අනුව ආණ්ඩුකාරවරුන් පස් දෙනෙකු මහ මැතිවරණයට තරගවදින අතර ඔහුන් එම පළාතේ පක්ෂයේ නායකත්වය ගෙන කටයුතු කිරිමටද සුදානමින් සිටි. ඒ අනුව මෛත්‍රී ගුණරත්න  ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරනු ඇති අතර සුරේන් රාඝවන්  යාපනය දිස්ත්‍රික්කයෙන්,කිර්ති තෙන්නකෝන් බදුල්ලෙන්,ධම්ම දිසානායක රත්නපුරෙන් මෙන්ම අසාද් සාලිය කොළඹ දිස්ත්‍රික්කයෙන්ද සටනට කැදවා තිබේ.මීට අමතරව පොලොන්නරුව නියෝජනය කරමින් මෛත්‍රීපාල සිරිසේන මෙන්ම දයාසිරි ජයසේකර කුරුණෑගලද නියෝජනය කරන ප්‍රබල චරිත වේ.

මීට දින 3කට පෙර මෙම නව සන්ධානයේ කණ්ඩායම් අතර සාකච්ඡාවක් පැවැති අතර එහිදි දයාසිරි අවධාරණය කර සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බෙල්ල කඩා තමන් ලග තබ ගැනිමට බැසිල් රාජපක්ෂ මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් ඊට එරෙහිව නව සන්ධානයට නායකත්වය දෙමින් අලුත් ගමනක් යැමට තම පක්ෂය තින්දු කර ඇති බවයි.

ඊට අමතරව නව සන්ධානය නියෝජනය කරන ව්‍යාජ්‍ය දේශප්‍රේමීහු මෙන්ම වියතුන් ලෙස පෙනී සිටින වියත්මග,එලිය සහ යුතුකම නව සන්ධානයේ විවිධ පාර්ශවයන් පිලිබදව සිය අප්‍රසාදය පලකර ඇති බවත් එය ඉදිරි සාකච්ඡාවලදි විසදා ගැනිමට හැකි වනු ඇති බව නව සන්ධානයේ ප්‍රබලයෙකු අප දේශපාලන වාර්තාකරු සමග සදහන් කර තිබේ.

අතන…මෙතන…රතන …අද කොතනද?

නව සන්ධානයේ හීන් නූල් කාරයා බවට පත්ව ඇත්තේ අතුරුලියේ රතන හිමියන් ය.පාර්ලිමේන්තුවේ ස්වාධීන යැයි පෙන්විමෙන් පටන්ගෙන දළදා මාලිගාව ඉදිරිපිට විරෝධතාව දක්වා ගමන් කල රතන හිමියන් මේම නව සන්ධානයේ පහසුකම් සපයන්න ලෙසද කටයුතු කරමින් සිටින අතර සිරි සදහම් ආශ්‍රමය මේ දිනවල නව සන්ධානයේ සාකච්ඡා සිදුකෙරෙන ප්‍රධාන ස්ථාන බවට පත්ව තිබේ.

කතාව අවසන් නැත…..

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Feb 10, 2020- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ රජය “එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය සඳහා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගනු ඇතැයි” “will realize the expectations of the Tamil people for equality, justice, peace and respect within a united Sri Lanka”. තමා විශ්වාස කරන බවත් ඒ සදහා 13වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරිමට වත්මන් ජනපති සහ අගමැති කටයුතු කරනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රි ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබේ.

සිවුදින නිල සංචාරයක් සඳහා පසුගිය සිකුරාදා(07) ඉන්දියාව බලා ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අමතරව සංචාරයට යෝෂිත, යෝෂිතගේ බිරිද ඇතුළුව 39ක්. මාධ්‍ය ඒකකයෙන් 09 දෙනෙකු අගමැති ආරක්ෂක අංශයෙන් 12 ක් ද සහභාගි වි සිටි අතර ප්‍රසන්න රණවීර වැනි උගත් බුද්ධිමතුන්න්ද එම සංචාරයට එක්ව සිටිම කාගෙත් කතාබහට ලක්ව තිබේ.

ප්‍රසන්නට වැටුන තොප්පිය!

ප්‍රසන්න රණවීරගේ ඉන්දියා සංචාරය ගෑන විවිධ අදහස් පලවුවද ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ඉන්දියාවේ සිටින අප විශේෂ වාර්තාකරු සමග සදහන් කර ඇත්තේ තමන් (ප්‍රසන්න) අගමැතිවරයාගේ නිළ සංචාරයට පෙරදිනයේ පෞද්ගලික කටයුත්තක් සදහා ඔහු(අගමැති) හමුවිට ගිය බවත් එම කටයුත්ත අවසන් කර නැවත පැමිනිමට සුදානම් වන අවස්ථාවේ …”එයි… ප්‍රසන්න මම යනවා හෙට ඉන්දියාවෙ තමුසෙත් එනවා යන්න” යනුවෙන් පැවසු බවයි. ඒ අනුව තමන් මෙම සංචාරයට එක් වු බවද ඔහු සදහන් කර තිබේ.

ලංකාවේ රාජපක්ෂවාදි මාධ්‍ය සහ මුදල් මත යැපෙන පුවත් පත් ඇතුලු සෑම මාධ්‍යයක්ම පාහේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් ලබාදෙන රාජපක්ෂලාට අහිතකරන් නොවන කොටස පමණක් ජනතාවට කිවුවද ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනය හරහ කිදේ ශ්‍රි ලංකාවට බලපෑම් එල්ල කරන්නේ කෙසේද යනන් දැනගෙන සිටිම වැදගත් ය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ද්විපාර්ශවීය සාකච්ඡා අවසන් කර නිකුත් කල නිළ නිවේදනය සම්පූර්ණයෙන් අප පහත පලකර ඇති අතර එහි වැදගත් කොටස් පමනක් අප උපුටා දැක්විමට කටයුතු කරමු.

13++ද + ද

“ශ්‍රී ලංකාවේ, ප්‍රතිසන්ධානය හා සම්බන්ධ ගැටළු පිළිබඳව අපි විවෘතව කතා කළෙමු. එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය සඳහා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ශ්‍රී ලංකා රජය විසින් අවබෝධ කර ගනු ඇතැයි මට විශ්වාසයි. මේ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සමඟ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම අවශ්‍ය වේ. ”

“In Sri Lanka, we spoke openly on issues related to reconciliation. I am confident that the Government of Sri Lanka will realize the expectations of the Tamil people for equality, justice, peace, and respect within a united Sri Lanka. For this, it will be necessary to carry forward the process of reconciliation with the implementation of the Thirteenth Amendment to the Constitution of Sri Lanka.”

ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය හා සමෘද්ධිය සඳහා මෙන්ම කලාපීය ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා ඉන්දියාව සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය අපි ඉතා ඉහලින් අගය කරන බව.

ත්‍රස්තවාදය අපේ කලාපයේ විශාල අනතුරක්. අප රටවල් දෙකම මෙම ගැටලුවට තදින් සටන් කර ඇත.ඒම නිසාම ජාත්‍යන්තරව ආරක්ෂක ක්‍රියා පිළිවෙතක් සකස් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කල බව.

ඒ අනුව අප පසුගියදා අනාවරණය කල පරිදිම ඇමරිකානු ට්‍රම්ප් පාලනය අත්සන් කරන ලද ඉන්දු-පැසිෆික් ගිවිසුමට අනුව ශ්‍රි ලංකාවේ කේන්ද්‍රාභිසාරි බලය ඉන්දියාව සතුව තිබේන බව යලිත් තහවුරු කර තිබේ.

එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් 2019 ඉන්දු-පැසිෆික් සහයෝගීතා පනත අනුමත කිරීම, ශ්‍රී ලංකාව පිළිගැනීම භූ-උපායමාර්ගික වැදගත්කම සහ ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද මිලිටරි ව්‍යාප්තිය, ඉන්දු-පැසිෆික් කලාපය තුළ ශ්‍රි ලංකාව “කැමැත්තෙන් හවුල්කරුවෙකු” ලෙස ප්‍රකාශයට පත් කිරීම, කලාපයේ එක්සත් ජනපද මිලිටරි ව්‍යාප්තිය වෙනුවෙන් එක්සත් ජනපද කඳවුරක් පිහිටුවීමට සැලසුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව වඩාත් සමීප කරවීමට ඉන්දියාව දක්වන උනන්දුවද කැපී පෙනේ.

01. චීන අභියෝගයට නැගී සිටීම… ඉන්දු-පැසිෆික් කලාපයේ ඇමරිකානු සටන ගැන CNAS වාර්තාවක්! චීනයට එරෙහිව සඳහා මිලිටරි අර්බුදයක් සදහා නවදිල්ලිය? යනුවෙන් අප කල අනාවරණය පහතින් කියවන්න …

ශ්‍රි ලංකා නව රජයේ ප්‍රධානින් දෙදෙනාම සිය පලමු සහ එකම නිළ සංචාරය මේ දක්වා ඉන්දියාව සමග සිදුකිරිම හරහා ඇමරිකාව ශ්‍රි ලංකාව කොතරම් සියතට ගෙන තිබේද යන්න පැහැදිලිය.

උතුරේ ජනතාවගේ ප්‍රශ්ණය මෙන්ම සමස්ථ දමිළ ජනතාවගේ ප්‍රශ්නය පමණක් සාකච්ඡා කර ඇති බව සම්පූර්ණ නිවේදනය තහවුරුකර සිටි.

චීනය අපට උදව් කළා,එච්චරයි…

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාසෙනසුරාදා නවදිල්ලියේ ITC මෞර්ය ෂෙරටන් හෝටලයේදී (Maurya Sheraton Hotel) සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්ණයකට පිළිතුරුදුන් අකාරයෙන්ද චීනනය සම්බන්ධයෙන් තිබු හිතවත් කම් ඈතට තල්ලු කිරිමට රාජපක්ෂලා කටයුතු කර තිබේන බව පැහැදිලිය.

“සංවර්ධනය වෙනුවෙන් චීනය අපට උදව් කළා, එපමණයි. අපේ යුද්ධය අපේ රට සුනුවිසුනු කර තිබුණා, සංවර්ධනය කිරීමට අපට උදව් අවශ්‍යයි; ඔවුන් සූදානම්, ඉතින් අපි ඔවුන්ගේ මුදල් අරගෙන ඒ ප්‍රදේශය දියුණු කළා”

ඉන්දියාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂගේ අදහස වුයේ

“මම නිතරම කියන්නේ ඉන්දියාව ඥාතීයෙක් බවයි. අනෙක් අය මිතුරන් ය”

“I always say India is a relation. Others are friends.” 2015 ජනාධිපතිවරණයේදි චීනයට සමීප විම හේතුවෙන් මැතිවරණ පරාජය දක්වා රාජපක්ෂලා ඇදගෙන ගිය ඔහුන් දැන් හොදින්ම තේරුම් අරන් තිබේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ නිළ නිවේදනය…..

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Your Excellency,
Prime Minister Mahinda Rajapaksa,

Distinguished Delegates,

Ayubovan!
Vanakkam!
Namaskar!

First of all, I heartily congratulate my friend Mahinda Rajapaksa for becoming the Prime Minister. Immediately after assuming office he accepted my invitation and chose India for his first foreign tour. I am thankful to him for this. A few days ago, Sri Lanka celebrated its seventieth anniversary of independence. For this, I congratulate Prime Minister Rajapaksa and all the people of Sri Lanka.

Friends,

India and Sri Lanka are neighbors since time immemorial, and also close friends. The history of our relationship has been woven with countless colorful threads like culture, religion, spirituality, art and language. Whether it is security or economy or social progress, our past and our future are connected to each other in every region. Stability, security and prosperity in Sri Lanka are not only in interest of India, but also in the interest of the entire Indian Ocean region and therefore, our close cooperation is valuable for peace and prosperity even in the Indo-Pacific region. In line with our Government’s “Neighborhood First” policy and “Sagar” doctrine, we attach special priority to relations with Sri Lanka. We welcome the Sri Lankan government’s resolve to work with India for regional security and development.

Friends,

Today Prime Minister Rajapaksa and I discussed in detail all aspects of our bilateral relations and international issues of mutual interest. Terrorism is a major danger in our region. We both countries have fought this problem firmly. There were painful and barbaric terrorist attacks on “Easter Day” in Sri Lanka in April last year. These attacks were not only a blow to Sri Lanka, but also to humanity. And so, in our conversation today, we discussed furthering our cooperation against terrorism. I am happy that Sri Lankan police officers have started participating in anti-terrorism courses in India’s premier training institutes. We are also committed to further strengthening the contacts and cooperation between the agencies of the two countries.

Friends,

In today’s conversation we discussed Joint Economic Projects in Sri Lanka, and also on enhancing economic, business, and investment relations. We also discussed increasing our People-to-People connectivity, promoting tourism, and improving connectivity.

The recent direct flight between Chennai and Jaffna is part of our efforts in this direction. This direct flight will increase connectivity options for the Tamil population of the northern region of Sri Lanka and it will also be beneficial for the economic and social development of the region. The good response received to this flight is a matter of happiness for both of us. We also discussed efforts to further enhance and improve our relationship.

Friends,

India has been a trusted partner in Sri Lanka’s development efforts. The new Lines of Credit announced last year will give more strength to our development cooperation. We are happy that the Indian Housing Project for the construction of more than 48,000 houses for internally displaced people in the northern and eastern region of Sri Lanka has been completed. Apart from this, the construction of several thousand houses for Tamil people of Indian origin is also progressing in the up-country region. Prime Minister Rajapaksa and I also discussed the humanitarian issue of fishermen. This theme directly affects the livelihood of the people of both countries. And therefore, we agree to continue Constructive and Humanitarian Approach on this issue.

Friends,

In Sri Lanka, we spoke openly on issues related to reconciliation. I am confident that the Government of Sri Lanka will realize the expectations of the Tamil people for equality, justice, peace, and respect within a united Sri Lanka. For this, it will be necessary to carry forward the process of reconciliation with the implementation of the Thirteenth Amendment to the Constitution of Sri Lanka.

Friends,

I once again warmly welcome Prime Minister Rajapaksa to India. I am confident that his visit will strengthen the friendship and multi-dimensional cooperation of India and Sri Lanka. At the same time, cooperation between the two countries for regional peace and stability will also increase.

Bohoma Sthuti,
Nandri,
Thank you

http://lankanewsnetwork.org/archives/22532

http://lankanewsnetwork.org/archives/22693

Published on: Feb 8, 2020- රාජපක්ෂලා යනු කම්බ හොරුය …. දේශපාලනය තුල රාජපක්ෂ නාමය ගැවුන තැනක් අයෙක් සිටි නම් ඔහු හොරකම් කිරිමට සමත්කම් ඇත්තේකු වන්නෙ නිරායාසයෙන්මය. මේ කතාව නිශාන්ත රුවන් සෙනවිරත්න රාජපක්ෂ හෙවත් කෙටියෙන් මේජර් නිශාන්ත රාජපක්ෂ ගැනය.

මේජර් නිශාන්ත රාජපක්ෂ නැමත්තා මේ වනවිට රුපියල් මිලියන 600කට අධික මුදලක් ලංකාවේ මුල්‍ය ආයතන මෙන්ම විවිධ ව්‍යපාරිකයන්ගෙන් කූට ආකාරයට ලබාගනිමින් පවුල පිටින්ම අතුරුදන්ව සිටින අතර ඔහුගේ බිරිදගේ දරු දෙදෙනාගේ සහ ඔහුගේ නමින් පවත්වාගෙන යන NSTN Maritime Services යටතේ සේවය කල විශාල සේවක සංඛ්‍යාවකට මේ වනවිට මාස 10කට ආසන්න කාලයක් වැටුප් පවා නොලැබෙන අතර ඔහුන්ද අන්ත අසරණ තත්ත්වයකට වැටි සිටි.

ජනතා මුදල් කොල්ල කෑ මේජර් නිශාන්ත….

දැනට අනාවරණය වන ප්‍රමාණයට අනුව මේජර් නිශාන්ත රාජපක්ෂ නැමත්තා Pan Asia Bank සදහා මිලියන් 70ක පොල්ලක් තබා ඇති අතර එම මුල්‍ය වංචාව සදහා එම බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු සaජුවම සම්බන්ධ වි ඇති බවද අනාවරණය වි තිබේන අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරියේදි අනාවරණය කිරිමට අප කටයුතු කරනු ඇත. ඊට අමතරව Union Bank වට මිලියන 4ක්,Seylan Bank වට මිලියන 6ක්, HSBC බැංකුවට මිලියන 2ක් සහ Nations Trust Bank සදහා මිලියන 3ක් මෙන්ම රාජ්‍ය බැංකු සියල්ලටම මිලියන් ගණනින් පොලු තැබිමටද මේජර් නිශාන්ත සමත්ව තිබේ.

මිට අමතරව NSTN Maritime Services පෙන්වා යුධ හමුදාවේ බල සේනාංක භාරව සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුගෙන් ලක්ෂ 150ක මුදලක්,කොට්ටේ ප්‍රවාහන ආයතනයක හිමිකරුවෙකුගෙන් ලක්ෂ 100ක්, ලබාගැනිමට මේජර් නිශාන්ත කටයුතු කර ඇත්තේ සිය බිරිදට පිළිකාවක් වැලදි ඇති බවත් ඒ සදහා විදේශගතව ප්‍රතිකාර කිරිමට අවශ්‍ය බව පවසමින් ය. ලංකාවේ ප්‍රසිද්ධ හිටපු ගුවන් නියමුවකුගෙන් ලක්ෂ 350ක මුදලක්, වර්තමානයේ අධ්‍යක්ෂවරුන් පත්කිරිම සදහා අවශ්‍ය සුදුසුකම් බැලිම සදහා ගෝඨාභය ජනපති පත්කල කමිටුවේ සිටින සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන,ඩයන් ගෝමස්ගෙන් ලක්ෂ 325ක මුදලක්ද මේජර් නිශාන්ත ලබාගෙන තිබේ. ලංකාවේ සුප්‍රකට ආහාර නිෂ්පාදනයන් වන ෆැබ් සමාගමෙන් ලක්ෂ 100ක්,මිට අමතරව යුධ හමුදාවේ සමකාලීන නිළධාරීන් 40 දෙනෙකුගෙන් පමණ ලක්ෂ 5 සිට ලක්ෂ 20 වැනි පරාසයන් වල මුදල් ලබාගෙන තිබේ.

රටේ ජනතාවගේ මුදල් සහ ශ්‍රමය හුරාගෙන කමින් ජනපති,අගමැති කවුරුන් පත්වුව්ද ඔහුන් සමග ඩිල් දමමින් යෙහෙන් වැජබෙන රාජපක්ෂ පරපුරේ කවුද මේ මේජර් නිශාන්ත රාජපක්ෂ.

මේජර් නිශාන්ත රාජපක්ෂ ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමලත් නිලධාරියෙකු වන අතර දශක දෙකකට ආසන්න කාලයක් ආරක්ෂක හා ආරක්ෂක මෙහෙයුම් පිළිබඳ අත්දැකීම් ඇති අයෙකි. ඔහු යුද හමුදාපතිවරයාගේ ඒඩීසී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ හමුදා සහකාර සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු සඳහා ආරක්ෂක භාර නිලධාරියා ද විය.

88 89 කාලයේ බටලන්ද වධකාගාරයේ එක් අලුගෝසුවෙක් විදියට කටයුතු කල මේජර් නිශාන්ත හමුදාවේ සේවය කරන සමයේ තමන්ගේ ජේෂ්ඨ නිලධාරි වූ හිටපු මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් (වර්තමානයේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වත්මන් උපකුලපති) ඝාතනය කිරිමට උත්සහ කල අතර පසුව එය අනාවරණය වුනා.

මෙම ඝාතන උත්සහය හමුදාව විසින් අනාවරණය කර ගැනිම සමඟ හමුදාවේ සිරගත වී තනතුරෙන් පහත හෙලීමට පවා ලක් වු මේජර් නිශාන්ත තනතුරෙන් පහත හෙලීම නිසා නැවතත් නිලයේ උසස් වීමක් බලාපොරොත්තු විය නොහැකි නිසා අවසනායේ හමුදාවෙන් ඉවත් විමට කටයුතු කර තිබේ.

පසුව තම මිතුරන් කිහිපදෙනෙක්ගේ උපකාර සහිතව එක්සත් ජාතින්ගේ සංවිධානයට ඇතුලත් වීමට කටයුතු කොට ඇති මේජර් නිශාන්ත ඒ සඳහා විවිධ කූට ලේඛන භාවිත කළ බවට මේ වන විට අනාවරණය වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය නිළ වශයෙන් ශ්‍රි රජයටද එවකට දැනුම් දි තිබේ.

උදාහරණයක් ලෙස තම රටෙහි හෝ තමා සේවය කළ ආයතනය තුළ හෝ තම චරිතය තුළ හෝ අපරාධමය පසුබිමක් නිසා තනතුරෙන් පහත හෙලන ලද කිසිවෙක් එක්සත් ජාතින්ගේ සංවිධානය සිය නිත්‍ය සේවය සඳහා පත් කර නොගත්ත ද තම ජේෂ්ඨ නිලධාරියාගේ ජීවිතයට අනතුරක් කිරීමට තැත් කළ මොහු එහි නිත්‍ය සේවය සඳහා තෝරා ගැනීමට අදාළවයි එම කූට ලේඛන සකස් කර ඇත්තේ.

මේජර් නිශාන්ත ඇසුරු කරන පුද්ගලයන්ට අනුව මොහු කූඨ ලේඛන සකස් කිරීම පිළිබඳව ඉතා විශිෂ්ටයෙක් ලෙස හදුන්වන අතර ඒ හරහා ඔහු විවිධ දේ ලබා ගැනිමට සමත් වුවෙකි.

දශකයකට වැඩි කාලයක් ජෝර්ජියාව, එරිත්‍රියාව, ඉතියෝපියාව, ඊශ්‍රායලය, උතුරු සුඩානය සහ දකුණු සුඩානය යන රටවල එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වල යෙදුනු මේජර් නිශාන්ත කුප්‍රකට ජාවාරම් කාරයෙකු බව එක්සත් ජාතින්ගේ සංවිධානය හදුනා ගන්නා විට වෙන්න ඔන සියල්ලම සිදුව තිබේ.

එලෙස සුඩානය එරිත්‍රියාව වැනි රටවල එක්සත් ජාතින්ගේ සංවිධානය තුළ සේවය කරමින් සිටියදි තමාට අසනීප තත්ත්වයක් ඇති බවට බොරු හේතු දක්වමින් මොහි එහි සේවයෙන් ඉල්ලා අස් වු අතර හොදින් රාජකාරු කරමින් සිටියදීම මෙවැනි රැකියාවකින් ඉල්ලා අස්වීමට මේජර් නිශාන්ත කටයුතු කලේ මන්ද යන්න ගැටලු සහගත තත්ත්වයක් වු අතර ඊට හේතුව වි ඇත්තේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ විශේෂ කණ්ඩායමක් ඔහු සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් දියත් කර තිබිමයි.

ඒ අනුව සිදුකල පරික්ෂණ වලදි අනාවරණය වුයේ එරිත්‍රියාව සහ සුඩානය වැනි රටවල රාජකාරිය කරන අතරතුර එම රටවල විවිධ පතාල කල්ලි සහ මැර කණ්ඩායම් සමඟ මේජර් නිශාන්ත සමීප සබඳතාවයන් පවත්වා ඇති බව අනාවරණය වනවිට මේජර් නිශාන්ත රැකියාවෙන් ඉවත් වි ලංකාවට පැමිණ අවසන්. වෛද්‍ය හේතු මත රැකියාවෙන් ඉවත් වීමට ඉල්ලුම් කිරීමේ දි අදාළ වෛද්‍ය පරික්ෂණය සමත් වුවහොත් විශාල වන්දියක් සහිතවම එක්සත් ජාතින්ගේ සංවිධානයේ රැකියාවෙන් ඉවත් වීමට හැකි බව දැනගත් මේජර් නිශාන්ත එම වන්දියත් රැගෙන එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ඉවත් වී ලංකාවට පැමිණ තිබේ.

එක්සත් ජාතින්ගේ සංවිධානයට ඇති බලය සහිතව එම සංවිධානයේ රථ වාහන ලෝකයේ මොනයම් ස්ථානයකදීවත් පරික්ෂාවට ලක් නොවීම උපකාරි කරගනිමින් මේජර් නිශාන්ත තමා ගමන් කළ රථ මගින් එම කැරලිකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය, රත්‍රන් සහ දියමන්ති වැනි දේ සපයා ඇති අතර ඒ මගින් විශාල ලෙස අයථා මුදල් සම්භාරයක් උපයා ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් අනාවරණය කරගෙන තිබේ.

දවසට දෙකට වෙනස් වු මේජර් නිශාන්තගේ පවුල…

එවකට ලංකාවේ සරලව ජීවත් වූ පවුලක් විදියට මේජර් නිශාන්ත රාජපක්ෂ පවුල හදුන්වා දිය හැකිය. මොහුගේ භාර්‍යාවගේ නම වන්නේ නිරෝෂා රාජපක්ෂ. ඇය ඉසිපතන විද්‍යාලයේ ගුරුවරියක් ලෙස කටයුතු කල අතර ඔහුගේ දරුවන් වන තමායා සහ ශවීන් පවා සාමාන්‍ය ලෙස රජයේ පාසල් වල අධ්‍යාපනය ලැබූවන්.

මේජර් නිශාන්ත එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවය කරමින් සිටියදි හදිසියේම නිරෝෂා රාජපක්ෂට විශාල වශයෙන් මුදල් ලැබීමට පටන් ගත් අතර ඇය වහාම සිය රජයේ රැකියාවෙන් ඉවත් වන අතරම සිය දරුවන් බ්‍රිටීෂ් ජාත්‍යන්තර පාසල වෙත ඇතුලත් කරනවා. (සාමාන්‍යයෙන් මෙම ජාත්‍යන්තර පාසලේ කාර්තුවක් සඳහා ලක්ෂ තුනාමාරක් වැනි මුදලක් අය කරනු ලබනවා.) මීට අමතරව ඇය අත්තිඩිය ප්‍රදේශයේ පිහිනුම් තටාක, පෞද්ගලික බීමහල්වල් ඇතුලත් අති සුඛෝපභෝගි නිවසක් සෑදීම ආරම්භ කරනු ලැබු අතර විවිධ ආයතන සදහා සුළු පොලියට ණය ලබාදිමද ආරම්භ කර තිබේ.

ලංකාවට පැමිණී මේජර් නිශාන්ත

ලංකාවට පැමිණීමත් සමඟ සිය ඊලඟ මෙහෙයුම් ආරම්භ කල මේජර් නිශාන්ත සෝමාලියාව, එරිත්‍රියාව සහ සුඩානය වැනි රටවල මුහුදු මංකොල්ලකරුවන් පැහැර ගන්නා නැව් සහ මගින් සම්බන්ධයෙන් මුහුදු මංකොල්ලකරුවන් සමඟ සාකච්ඡා කොට බේරා ගැනීමට සම්බන්ධ සංකල්පයක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කර තිබේ.

ඒ අනුව ලංකාව හරහා අප්‍රිකා මහද්වීපය වෙත හෝ එයින් ඔබ්බට යන නෞකා වෙත ආරක්ෂාව සැපයිමට ලංකාවට හැකියාවක් ඇති බව වන සංකල්පය රැගෙන එන්නේ මේජර් නිශාන්ත විසිනි.(එවකට ඇවන්ගාඩි සමාගම ආරම්භ කොට තිබුණද මුහුදු ආරක්ෂක සමාගමක් විදියට එම සමාගම ක්‍රියාත්මක නොවීය.)

එම සංකල්ප සමඟ මේජර් නිශාන්ත එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත සමීප වීමට කටයුතු කරන අතර ඒ වෙනුවෙන් රාජපක්ෂ නාමයද භාවිතා කර ගැනිමට තරම් මේජර් නිශාන්ත දක්ෂ විය.

ඒ ආකරයෙන් මෙම ව්‍යාපරය ආරම්භ කරන අතර ම ගෝඨාභය රාජපක්ෂගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ව කටයුතු කොට යහපාලන රජය සමයේ මේ පිළිබඳව පරික්ෂණ ආරම්භ වෙද්දීම රට පැන හැංගි සිටිය දමයන්ති ජයසූරිය වෙත විශාල කප්පම් මුදල් ගෙවිම හරහාය.

මේජර් නිශාන්ත ව්‍යාපාරයේ නාමය වූයේ NSTN Maritime Services (Pvt) Ltd වශයෙනි. තමා සිය දරුවන් දෙදෙනා හා බිරියගේ නාමයන් ගේ මුලකුරු යොදා ගෙන මෙම සමාගමේ නාමය සැදිමට කටයුතු කොට ඇත. මෙම ආරක්ෂක ව්‍යාපරයට අමතරව දේශීය ආයතන වෙත ආරක්ෂාව සපයන්න STAD යන නමින් තවත් ආරක්ෂක සමාගමක් ද මොහු විසින් ආරම්භ කරනු ලැබ තිබේ. ඒවකට ආණ්ඩුවේ ආයතන රැසක හා ආරක්ෂක සේවාවන් අවශ්‍ය ස්ථාන රැසකට ආරක්ෂාව සපයන්නේ මේජර් නිශාන්තගේ STAD නැමති ආයතනය හරහාය.

නිශ්ශංක සේනාධිපතිගේ ආගමනය….

නිශ්ශංක සේනාධිපති මෙම ව්‍යාපාරයට සම්බන්ධ වන්නේ මෙම කාලයේදි වන අතර තනතුරු වල ගැටලුවක් නිසා මොවුන් දෙදෙනා අතර විරසකයක් නිර්මාණය වීම ද ආරම්භ වු අතර නිශ්ශංක සේනාධිපති ගෝඨාභයගේද ආශිර්වාදය සහිතව මේජර් නිශාන්තට ගේම දී මෙපමණ කලක් මොහු සතුව තිබු ආරක්ෂාව සැපයීමේ සේවාව ඇවන්ගාඩ් සමාගම වෙත ලබ ගැනිමට සමත්විය.

ඒත් සමඟම ඇවන්ගාඩ් සමාගමේ හිමිකරු නිශ්ශංක හා මේජර් නිශාන්ත අතර ජන්මාන්තර වෛරයක් හට ගත් අතර එය සමනය කිරිම සදහා ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයා රජයේ රැකියා විශාල ප්‍රමාණයක් මෙහුගේ සමාගම වෙත ලබා දෙන අතර අධිවේගි මාර්ග වල ආරක්ෂක සේවා සැපයීම තනිකරම මොහු යටතට පත් කර තිබේ.

මේජර් නිශාන්තගේ යහපාලන ගමන…..

මහින්ද රාජපක්ෂ රජය පෙරලි යහපාලන ආණ්ඩුව ඇති වීමත් සමඟ මේජර් නිශාන්ත යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වු අතර ඒ හරහා තමන්ට අහිමි වූ බලපත්‍රය ලබා ගැනිම සදහා ආණ්ඩුවේ අමාත්‍යවරු අමාත්‍ය ලේකම්වරු විශාල ප්‍රමාණයක් සමග ඩිල් කිරිම ආරම්භ කර තිබේ.

ඒ හරහා තම බලපත්‍රය නැවත ලබා ගන්න මේජර් නිශාන්ත නිශ්ශංක සේනාධිපතිට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසමේ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පවා පැමිණිලි ගොනු කරනු ලැබුවා.(නිශ්ශංක සේනාධිපතිද හොරෙකු බව කරුණාවෙන් මතක් තබා ගන්න)

මීට අමතරව ඇවන්ගාඩ් සමාගමට එරෙහිව රූපවාහිනි වෙත ප්‍රකාශ කිරීමටද මේජර් නිශාන්ත කටයුතු කරන අතර 2015 පෙබරවාරි 09 වන දින නාවික ආරක්ෂක සේවා සැපයීමේ ඒකාධිකාරය ඇවන්ට්ගාර්ඩ් සමාගමට ලබා දී ඇත්තේ රුපියල් මිලියන පන්සියයක අල්ලසක් ලබා දීම හේතුවෙන් බව පෙන්වා දෙමින් මේජර් නිශාන්ත රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කල අතර එම පැමිණිල්ලේ සදහන්ව් තිබුනේ 2010 වසරේ ඇවන්ට්ගාර්ඞ් සමාගම විසින් මෙම මුදල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ පූර්ව ප‍්‍රචාරක කටයුතු සඳහා ලබාදුන් බවයි.

පැමිණිල්ලේ චූදිතයන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න, රක්නා ආරක්ෂක ලංකා සභාපති පාලිත ප‍්‍රනාන්දු, ඇවන්ට්ගාර්ඩ් සමාගමේ හිමිකරු නිශ්ශංක සේනාධිපති යන අය නම් කර තිබුනා.

යහපාලන කාලයේදි මොහුගේ පෞද්ගලික ආරක්ෂක සේවා සැපයීමේ ව්‍යාපාරය ඉහලටම යන අතට කෝට්ටේ ප්‍රදේශයේ කුඩා තැනක පවත්වා ගෙන එම සමාගම බත්තරමුල්ලේ අක්කර භාගයක භූමි ප්‍රමාණයක ගොඩනැගිල්ලකට ගෙන යාමට පවා මේජර් නිශාන්ත සමත්විය.

මේජර් නිශාන්ත අතුරුදන් විම…

මෙසේ තිබියදි හදිසියේම මේම සමාගම වසා දැමෙන අතර සමාගමේ සේවය කල කිසිම සේවකයෙකුට පසුගිය මාස 10ක කාලය තුල වේතන පවා ලැබී නොමැත. ETP, EPF ගෙවා නැත. ආරක්ෂක අමාත්‍යංශය වෙත ගෙවිය යුතු බදු මුදල පවා ගෙවා නොමැත. තත්ත්වය මෙසේ වෙද්දි ඇත්තටම සමාගම හට කුමක් සිදු වී ඇත්ද යන්න පිළිබඳව සේවකයන් විසින් සෙවීම ආරම්භ කොට තිබේ.

එහිදි අනාවරණය වූයේ නිශාන්ත රාජපක්ෂ, නිරෝෂා රාජපක්ෂ, තමයා රාජපක්ෂ හා ශවීන් රාජපක්ෂ යන යන රාජපක්ෂ යන නාමය භාවිතා කොට මිනිසුන්ගෙන් විශාල ධනස්කන්ධයක් කොල්ල කා ඇති බවය. මේ වන විට එම මුදල මිලියන 600 කට ආසන්න අතර එම පවුල මේ වන විට කොහේ සිටිනවාද යන්න පවා දැන ගැනීමට නොහැකිය.

අත්තිඩියේ නිවස විකුණා ඇති අතරම බත්තරමුල්ල ප්‍රදේශයේ ජීවත් වූ අධි සුඛෝපභෝගි නිවසද විකුණා දමා ඇත. දියණිය සහ මව මේ වන විට අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ ඥාති නිවසක සිටින බව ආරංචි වන අතරම එම ඥාතියාද මේ වන විට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවය කරන්නෙකි. එසේම එම ඥාතියාගේ නැගණියද ලංකාවේ සුපිරි නිරූපණ ශිල්පිනියක් සහ නිලයක් ලෙස කටයුතු කරන්නියකි. ඇයගේ ස්වාමිපුරුෂයා කලක් ස්වර්ණවාහිනීයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කොට ස්වර්ණවාහිනීයට විශාල ලෙස මුදල් වංචා කොට මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිටින අයෙකු බවද අනාවරණය වි තිබේ.

හොරා කෑ මුදල් වලින් බාල් නටයි…

සේවකයන් අනාථ කරමින් ඔහුගේ සේවයට පඩියවත් නොගෙවා අතුරුදන් ව ඇති මේජර් නිශාන්ත සහ ඔහුගේ පවුල රටින් පැනිමට පෙර බාල් නටා ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.රටින් පිටවිමට පෙර මේජර් නිශාන්තගේ බිරිදගේ උපන්දිනය වෙනුවෙන් කොළඹ ජයික් හිල්ටන් හී 300 දෙනෙකු කැදවා විශාල සාදයක් පැවැත්වු අතර එම සාදයට පොඩි රාජපක්ෂලාගේ සිට නාකී රාජපක්ෂලා දක්වාම සහභාගි වි තිබේ.

මේජර් නිශාන්තගේ බිරිද වන නිරෝෂා රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව සිටි සමගේ ඔහුගේ බිරිද වන මෛත්‍රී වික්‍රමසිංහ පවා සමීපව ආශ්‍රය කිරිමට සමත්වු අයෙකු වන අතර මේජර් නිශාන්තගේ දියණීයගේ විවාහය ලියාපදිංචිය (Engagement) එක බත්තරමුල්ලේ Waters Edge හෝටලයේ 400කගේ සහභාගිත්වයෙන් පැවැත්වු අතර ඒ සදහා හෝටලයට පමණක් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් ගෙවා තිබේ.ඇය විවාහ වි ඇත්තේ ගාමිණී ලෝකුගේ අමාත්‍යවරයාගේ සමීපම ඥාති පුත්‍රයෙකු සමගය.

කවුද මේ ලලන්ත වටදුර

මේජර් නිශාන්තගේ පුත්‍රයා ඔස්ට්‍රේලියාවේ Deakin University හි අධ්‍යාපණය හදාරණ අතර ඔහුට ජිවත් විමට තනි නිවසක් පවා ඔස්ට්‍රේලියාවේ තිබේ.ශවීන් හෙවත් මේජර් නිශාන්තගේ පුත්‍රයා විවාහය විමට සිටින්නේද ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ලලන්ත වටදුරගේ දියණිය සමග වන අතර මේජර් නිශාන්ත කූට ආකාරයට උපයාගත් මුදල් වලින් වැඩි ප්‍රමාණයක් ලලන්තලාගේ ව්‍යාපාර වලට යොදවා තිබිමද විශේෂත්වයක්.

නාමල් සමග රගර් ගැසු රෝෂාන් …!!!

ලලන්ත වටදුරට අයත් එංගලන්තයේ ව්‍යාපාරයක් දියත් වන අතර එම ව්‍යාපාරය භාරව සිටින්නේ නාමල් රාජපක්ෂ සමග රගර් ගැසු රෝෂාන් නැමත්තේකු වන අතර ඒ හරහා සිදුවන දැවැන්ත වංචනීක ඩිල් කරණය සම්බන්ධයෙන් තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න.

නිශාන්ත, රාජපක්ෂලාගේ කවුද? දැනට ඔහු ලංකාවේ ඉන්නවා ද එසේනම් කොහේද? ලංකාවෙන් පිටට ගොස් ඇත්ද? මේ දක්වා මේජර් නිශාන්ත සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ඉදිරිපත්ව තිබුනද ඒ සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයක් ආරම්භ වි නොමැති විම ගැන පුදුමයට පත්විය යුතු නැත. මන්ද ඒ පසුපස රාජපක්ෂලා,සිරිසේනලා,වික්‍රමසිංහලා හා බැදුනු දැවැන්ත ඩීල් ජාලාවක් තිබිමය.

කතෘ සටහන :-

මේජර් නිශාන්තලා හොදට කා බී ජිවත් විම ගැන අපට කිසිම තරහක් නැත.නමුත් රටේ ජනතාවගේ බදු මුදල් හොරාකමින්,ජනතාවගේ ශ්‍රමය සුරාකමින් මේජර්ලා නොව ෆීල්ඩ් මාෂල්ලා හෝ ජිවත් වන්නේ නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරිම අප සතු යුතුකමකි.
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…



Published on: Feb 8, 2020- “ජනාධිපති, අගමැති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා. නිදහස් උළෙල වර්ජනය කළ හේතුව මෛත්‍රී කියයි” යන පුවත අසත්‍ය පුවතක් බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය එකකය නිවේදනයක් මගින් පෙන්වා දෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් උළෙල වර්ජනය කළ හේතුව අතිශයින්ම පෞද්ගලික හේතුවක් බවයි ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු අප විශේෂ වාර්තාකරු සමග සදහන් කර ඇත්තේ.

ජනාධිපති, අගමැති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා. නිදහස් උළෙල වර්ජනය කළ හේතුව මෛත්‍රී කියයි” යන පුවත අසත්‍ය පුවතකි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙබරවාරි 4 වනදා නිදහස් උත්සවයට නොපැමිණියේ ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව අපහසුතාවයට පත් කළ නිසා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් ප්‍රචාරය වී තිබේ.

එම පුවතේ සඳහන් ආකාරයට හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීම සඳහා පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වාහනය ජනාධිපති, අගමැති ආරක්ෂක අංශය විසින් අතරමග නවත්වා පයින් ගමන් කරන ලෙස ජනාධිපති ආරක්ෂක අංශය විසින් මෛත්‍රීපාල සිරිසේන මහතා හට පැවසූ බව යන සිදුවීම සාවද්‍ය පුවතකි.

ජනාධිපති ආරක්ෂක අංශය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව එලෙස අපහසුතාවයට ලක් කිරීමක් කිසිදු ලෙසකින් එම අවස්ථාවේ සිදු නොකරන ලදී.

එම නිසා “ජනාධිපති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා. නිදහස් උළෙල වර්ජනය කළ හේතුව මෛත්‍රී කියයි” යන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් වේ.

ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ පළපුරුදු නිලධාරීන්ගෙන් විශේෂ පුහුණුවකින් යුතුව නිර්මාණය කර ඇති විශේෂ ඒකකයක් වන අතර වෘත්තීයවේදිත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. මෛත්‍රීපාල සිරිසේන මහතා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් පළවන මෙවැනි පුවත් සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද අපකීර්තියට පත් කිරීම, මාධ්‍ය සදාචාරය අගයන සියලු දෙනා වටිනාකමක් නොදෙනු ඇතැයි හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය ලෙස අප විශ්වාස කරමු.

Published on: Feb 8, 2020 – පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ විසිඅටදහසක (රුපියල් ලක්ෂ 28,000) රුපියල් බිලියන 2.8ක මුදලක් වැය කර ඇති බව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ 2015 ජනවාරි 08 වැනිදා සිට පසුගිය ආණ්ඩුව කාල සීමාවේදී අමාත්‍යවරු අමාත්‍යාංශ සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 28,000ක මුදලක් වැය කර ඇති බවයි.

එහිදී කැබිනට් අමාත්‍යවරුන්ගේ වාහන සඳහා රුපියල් ලක්ෂ 16,500ක්ද, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන සඳහා රුපියල් ලක්ස 6,528.5ක්ද, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 5,649.9කද මුදලක්ද වැය කර තිබේ.

ඒ අනුව වැඩිම මුදලක් වැය කොට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වාහන ගෙන්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.රජයට හිමිවිය යුතු බදු මුදල්ද ඉවත් කර ලක්ෂ 3,289ක් වටිනා වාහන 09ක් එලෙස ගෙන්වා ඇති අතර ඊට රුපියල් ලක්ෂ 1,510ක් වටිනා වෙඩි නොවදින රථ 02ක් සහ රුපියල් ලක්ෂ 1,040ක් වටිනා BMW X5 වර්ගයේ වාහන 02ක් ඇතුළත්.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 420ක් වටිනා ටොයෝටා ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ ජීප් රථයක් ගෙන්වා තිබේ.

මේ අතර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය හිටපු ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා සිය අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ රුපියල් බිලියන 2.8ක් මුදලක් ජනතා මුදල් වියදම් කරමින් පසුගිය ආණ්ඩුව වාහන මිල දී ගැනීමේ ක්‍රියාවලියට තමන් තරයේම එරෙහි වු බවත් එය ප්‍රසම්පාදන ක්‍රියාවලියටද සම්පූර්ණයෙන්ම පටහැනිවූ වු ක්‍රියාවලියක්ද බවයි.

නමුත් අවසානයේ හිටපු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එවකට ක‍්‍රියාත්මක වූ “ආර්ථික හා කළමණාකරණ කැබිනට් කමිටුව” වෙත මා කැඳවා “Sign or Resign” යනුවෙන් හිටපු අගමැතිවරයා විසින් ප‍්‍රසිද්ධියේම තමන්ට හට තර්ජනය කරනු ලැබු බවද ඔහු සිය නිවේදනයේ දක්වා තිබේ.

“යහපාලන” ආණ්ඩුවේ වාහන මිල දී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ හෙළිදරව්ව 

රුපියල් බිලියන 2.8ක් හෙවත් රුපියල් කෝටි 280ක වටිනාකමින් යුත් අධිසුඛෝපභෝගී වාහන 78ක් පසුගිය “යහපාලන” ආණ්ඩුවේ කැබිනට්/රාජ්‍ය/නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් මිල දී ගෙන ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේ දී අනාවරණය වූ අතර එය මේ වන විට ඉමහත් ආන්දෝලනයකට ලක්වෙමින් තිබේ. එහෙත් එම අනාවරණයේම දිගුවක් ලෙස ඔවුන්ගේ විශේෂ අවධානයට ලක්විය යුතුව තිබූ එවැනිම සුවිශේෂ කරුණක් ඒ මොහොතේ ඔවුන්ට මගහැරුණු බැවින් ඒ පිළිබඳව ඔවුන්ගේ ද සමස්ත රටවැසියන්ගේ ද අවධානයට යොමු කරවීම සඳහා මෙම විශේෂ මාධ්‍ය නිවේදනය නිකුත් කරමි.

එනම් 2016 වසර අගභාගයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට ඉහත ආකාරයේ අධිසුඛෝපභෝගී වාහන 58ක් පෞද්ගලික සමාගමක් මගින් මාසික කුලියට ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමත කළ ගණුදෙනුවේ වටිනාකම ද රුපියල් බිලියන 2.43ක් හෙවත් රුපියල් කෝටි 243ක් විය. එහෙත් එම ගණුදෙනුවට අදාළ විෂයභාර අමාත්‍යංශය වූ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් ආරම්භයේ සිටම මා ඊට විරුද්ධ විය. සාමාන්‍යයෙන් ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් කැබිනට් තීරණයකට විරුද්ධ වීමට අමාත්‍යංශ ලේකම්වරයෙකුට නෛතික බලයක් නොමැති වුවද එම ගණුදෙනුව ආරම්භයේ සිටම මට නිරීක්ෂණය වූ අතිශය දූෂිත අරමුණ හා ක්‍රමවේදය මා දැඩිව ප්‍රතික්ෂේප කළ අතර එය ප්‍රසම්පාදන ක්‍රියාවලියටද සම්පූර්ණයෙන්ම පටහැනිවූ බැවින් එකී පදනම ඔස්සේ මා ඊට විරුද්ධ විය.

එහෙත් මාගේ එම විරෝධතාවය නොතකා කැබිනට් මණ්ඩලය එය අනුමත කළ අතර එම වාහන සපයන පෞද්ගලික සමාගම සමග අදාළ ගිවිසුමට අත්සන් කිරීමේ වගකීම මා වෙත පවරා තිබිණි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ තර්කය වූයේ කැබිනට් මණ්ඩලය අනුමත කළ කරුණක් ප්‍රතික්ෂේප කිරීමට අමාත්‍යංශ ලේකම්වරයෙකුට නෛතික බලයක් නොමැති බැවින් විෂයභාර අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් මා ඊට වහා අත්සන් තැබිය යුතු බවයි. එහෙත් ආකාර පහකින්ම එම ගණුදෙනුව නීතියට පටහැනි බව පෙන්වා දෙමින් දිගින් දිගටම මා ඊට අත්සන් තැබීම ප‍්‍රතික්ෂේප කරමින් සිටි තත්වයක් තුළ හිටපු අග‍්‍රාමාත්‍යවරයාගෙන් සහ හිටපු මුදල් අමාත්‍යවරයාගෙන් මා වෙත එල්ල වූ බරපතල පීඩනය කොතෙක් දරාගත නොහැකි වුවද මා එම ස්ථාවරය වෙනස් කළේ නැත.

අවසානයේ හිටපු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එවකට ක‍්‍රියාත්මක වූ “ආර්ථික හා කළමණාකරණ කැබිනට් කමිටුව” වෙත මා කැඳවා “Sign or Resign” යනුවෙන් හිටපු අගමැතිවරයා විසින් ප‍්‍රසිද්ධියේම මා හට තර්ජනය කරනු ලැබීය. කෙසේ වුවද එම තර්ජනයට ද මා කීකරු නොවූ අතර එවකට ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ ලැබුණු පුළුල් ප්‍රචාරය හමුවේ “යහපාලන” ආණ්ඩුවේ පිරිහීම ආරම්භ වූ බැවින් හිටපු ජනාධිපතිවරයා විසින් එම ගණුදෙනුව යළි සමාලෝචනය කිරීම සඳහා සිව්පුද්ගල කමිටුවක් පත් කොට එතෙක් එය ක‍්‍රියාත්මක කිරීම අත්හිටවනු ලැබීය. එහෙත් ඒ වන විට විපක්ෂ මන්ත‍්‍රීවරුන්ද, පෞද්ගලික මාධ්‍ය හා සමාජ මාධ්‍ය ද ඒ සම්බන්ධයෙන් සෘජුව පෙනීසිටිම හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව නැගී ආ බරපතළ මහජන විරෝධය හමුවේ එම ව්‍යාපෘතිය ක‍්‍රියත්මක කිරීමට නොහැකි වූ අතර එමගින් රුපියල් කෝටි 243ක් ඉතිරි කරගැනීමට හැකිවිය. එහෙත් ඒ සමගම මා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධ කරමින් නව අමාත්‍යංශයක් නිර්මාණය කොට හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එම නව අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කරමින් නීති විරෝධීව මාගේ තනතුර අහිමි කරනු ලැබීය. එහිදී මගේ තනතුර අහිමි වුවද රුපියල් කෝටි 243ක් රටට ඉතිරි කරදීමට මට හැකිවිය.

මේ සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා බලයට පත් වූ සැණින් නව රජයේ ජනාධිපති ලේකම්වරයාටද එම තොරතුරු ලබා දීමට මා ක්‍රියාකළ අතර මේ කරුණ සම්බන්ධයෙන් හා පසුගිය “යහපාලන” ආණ්ඩුව සමයේ රජයට වාහන මිල දී ගැනීමේ දී භාවිතා කළ “මෙහෙයුම් කල්බදු ක්‍රමය” ආශ්‍රිතව සිදුකළ වාහන මිල දී ගැනීම් පිළිබඳවද විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කරමි.

නීතිඥ නිමල් බෝපගේ
හිටපු ලේකම්
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…



Published on: Feb 8, 2020 – මින් ඉදිරියට රාජ්‍ය මාධ්‍ය ආයතන පවත්වාගෙන යෑම සදහා මහා භාණ්ඩාගාරයෙන් හෝ රජයේ වෙනත් කිසිමආයතනයකින් මුදල් ලබාදිමට තමන් සුදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය මාධ්‍ය ආයතන සභාපතිවරුන්ට සaජුවම දැනුම් දි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

රාජ්‍ය මාධ්‍ය ආයතන දැඩි ලේස පාඩු ලබන බවත් ඊට ප්‍රධානම හේතුව ප්‍රමාණය ඉක්මවා ගිය සේවක මණ්ඩලය බව පෙන්වා දි ඇති ජනාධිපතිතුමා එම වැරදි නිවැරදි කරගනිමින් වියදම් පියවා ගැනිමේ ක්‍රමවේදයක් සකස් කර ගනිමින් හැකිනම් පමණක් එම ආයතන පවත්වාගෙන යන ලෙස දැනුම් දි තිබේ.

පෞද්ගලික නාලිකා වත්මන් රජයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සහය ලබාදෙන බව පෙන්වා දි ඇති ජනපති, සිනාසෙමින් පවසා ඇත්තෙ “කොහොමත් මම දිනනකොට ඔය රාජ්‍ය නාලිකා එකක්වත් මට තිබුනේ නෑ ” යනුවෙනි.

එක් ක් රාජ්‍ය මාධ්‍ය ආයතන සතු දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් තුල තමන්ට ලබාදිමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදි නියෝග කර තිබේ.

රාජ්‍ය මාධ්‍ය ආයතන පොලවට සමතලා කර එවා සතු සම්පත් රාජපක්ෂලාට කඩේ යන කළු මාධ්‍යයට ලබාදිම සදහා කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් මේ වනවිට දියත්ව තිබේන බවත් ඒ සදහා රාජ්‍ය මාධ්‍ය යාන්ත්‍රනය සම්පූර්ණයෙන්ම දියකර හැරිම සදහා මෙහෙයුමක් දියත් වන බවද මේ වනවිට අනාවරනය වෙමින් තිබේ.(ITN,SLBC,SLRC)

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…



Published on: Feb 8, 2020 – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ ඇති බුද්ධශාසන , සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධ්කරණ ලේකම් ලෙස කුප්‍රකට සමාජ ශාලා හිමිකරුවෙකු වන කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධන මහතා පත්කිරිම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

බුද්ධශාසන , සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධ්කරණ ලේකම්වරයා කුප්‍රකට සමාජ ශාලා හිමිකරුවෙකු බව slvlog,youtube හරහා ප්‍රථමයෙන් අනාවරණය කල අතර එම අනාවරණයත් සමග ඇතිවු තත්ත්වයත් සමග ලේකම්වරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විවිධ පාර්ශවයන් විසින් වාර්තාකල අතර ඒ අනුව ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේන බවයි අප වාර්තාකරු සදහන් කලේ.

ගෝඨාව විනාශ කිරිමේ අරමුණින් යුතුව මෙම පත්කිරිම් සිදුකිරිමට මහින්ද කදවුර කටයුතු කරන බවට දිගින් දිගටම චොදනා එල්ල වුනා.

මේ අතර ජනාධිපතිවරයාගේ මැදිහත් විමත් සමග තමන්ට තනතුර අහිමි වේ යැයි බියට පත්ව ඇති කිත්සිරි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා රටින් පිටව යැමට මොහොතකට පෙර හමුවිමට ගොස් ඇති අතර එහිදි තනතුර සම්බන්ධයෙන් භිය නොවි සිටින ලෙස තමන්ට අගමැතිවරයා පැවසු බව කිත්සිරි සිය සමිපතමයන් සමග සදහන් කර තිබේ.

මහින්ද මහත්තයා ඒ කතාව ගණන් ගත්තේ වත් නෑ …. ” ගෝඨාට බම්බුගහන්න කියන්න…. මම එනකම් ඉන්නවා… බය නැතුව” ඉන්නවා යනුවෙන් මහින්ද තමන්ට පැවසු බවයි කිත්සිරි පවසා ඇත්තේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කල කිත්සිරි හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යාපාරය මෙන්ම රාජපක්ෂලාගේ කළු සල්ලි සුදුකිරිමේ මෙහෙයුම සදහා යොදාගත් ඉත්තේකු වන අතර ඒ සදහාම Sithwin නමින් night club එකක්ද ආරම්භ කිරිමට කටයුතු කරන ලදී.නාමල් රාජපක්ෂගේ හම්බන්තොට මැතිවරණය මෙහෙයුම සදහා කැපවි මුදල් වියදම් කරමින් කටයුතු කල කිත්සිරි පසුගිය ජනාධිපතිවරණය සමයේ උතුරේ ප්‍රදේශ කිහිපයක දමිල ජනතාවට භාණ්ඩ බෙදාදීම සදහාද කැපවි කටයුතු කර තිබේ.

බුද්ධශාසන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයා night club කාරයෙකු ලෙස සමාජය හදුනා ගැනිමත් සමග තමන්ට night club එකක නැති බව තැන තැන පවසමින් සිටින කිත්සිරි Sithwin නැමති සමාජ ශාලාවේ හිමිකරු වෙනත් අයෙකු බවද හදුන්වාදිමට කටයුතු කර තිබේ.නමුත් ලංකාව වැනි රටක දේශපාලනය තුල ගමනක් යන කුප්‍රකට මාෆියාකරුවන් කිසිවෙකුත් තමන්ගෙ නමට මේ අකාරයේ ජනතා මුදල් කබාසිනීය කරන,හොරකම් කරන,කළු සල්ලි සුදුකරන ආයතන ලියාපදිංචි නොකරන බව කිත්සිරිට අමතක වි තිබේ.

Place Type :Art Gallery, Just For Fun, Arts & Entertainment
Address :Marine Drive, 00400 Colombo, Sri Lanka
Coordinate :6.89313476378, 79.8533830047
Phone :0775740027
Rating :5.00
Facebook :facebook.com/ SithwinEntertainment
5.4K people like this.

Website : sithwin.com

About The Business:

Sithwin entertainment is a bollywood dancing night club.

අන්තර්ජාලයේ Sithwin night club එක සම්බන්ධයෙන් තොරතුරු සදහන්ව ඇත්තේ මෙලෙසිනි. sithwin.com නමින් වෙබ් අඩවියක් නම් කර තිබුනද එම නාමය සහිත ඩොමේනයක් වෙන්කර ගැනිමට මේ දක්වා කටයුතු කර නැත.

ලේකම්වරයාගේ පෞද්ගලික Facebook සමාජ ජාලාව Kithsiri Ganganth Abeygunawardana නමින්  kithsiri.abeygunawardana.1 යන  User Name එක යටතේ පවත්වාගෙන යන අතර එහි  Music,Artists කාණ්ඩය යටතේ Dj Harry නැමැත්තේකු සිටින අතර  ඔහු Sithwin night club හි DJ කරනා ඉන්දිය ජාතික  පුද්ගලයා වන අතර ඔහු සමග ගත් ඡායාරූප කිහිපයක්ද පහතින් බලන්න.(මෙම අනාවරණයෙන් පසු මේ සියල්ලම අතුරුදන් විය හැකී බව කරුණාවෙන් සලකන්න…)

මේ අතර Sithwin night club  සතු 0775740027 දරණ දුරකතනය සතුව ඇත්තේ Shadir Basheer නැමති මුස්ලිම් තරුණයෙකුට වන අතර ඔහු කිර්තීගේ සමිපතමයෙකු ලෙස කටයුතු කරන අතර Sithwin night club එකෙහි පරිපාලන කටයුතු රැසක් මෙහෙයවනු ලබන්නෙ ඔහු විසින් බව අපගේ උපාය දුතයෙකු හරහා කල කතා බහකදි අනාවරණය කර ගැනිමට හැකි වි තිබේ. (හඩපට ඇත. )

මේ අතර ලේකම්වරයාගේ වන්දිභට්ටකම් කරන උදාර විමුක්ති පෙරේරා නැමැත්තාගේ Facebook හි තප්පර 5ක විඩියෝවක් පලව ඇති අතර එය මිට මාසයකට පෙර Sithwin night club හිදි සජිවිව විකාශය වුවකි.පුවත පලවිමෙන් පසුව එම විඩියෝව ඉවත්කල හැක.

https://www.facebook.com/udara.perera.313/videos/vb.100002019191817/2602692713141343/?type=3

ස්වාමියාගේ ඇත්ත හෙළිවනවිට කුපිත වු කුක්කෝ……

අප මේ අනාවරණය කළේ රටේ බත්කන 69 ලක්ෂයට අයත් නොවන ජනතාවට ඇත්ත ඇති සැටියෙන් දැන ගැනිම සදහා පමණී. කතාව අවසන් නැත.තවත් තොරතුරු රැසක් අප ඉදිරියේදි අනාවරණය කිරිමට සුදානම්.

සටහන….

Night Club කාරයෙකු රාජපක්ෂලාගේ ආණ්ඩුවේ බුද්ධශාසන අමාත්‍යවරය වුවද අපට කමක් නැත. කොහොමත් රාජපක්ෂ කදවුර නියෝජනය කරන වැඩිහරියක් රස්තියාදු චිවරධාරින් ජනතාවට බණ දෙසා කරන්නෙම දුෂිත වැඩ බව අමතුවෙන් ජනතාවට කියාදිය යුතු නැත. නමුත් බෞද්ධ සාසනයට මුවාවි රාජපක්ෂ අයියා සිටි සමයේ කුඩු කන්ටේනර ගනන් රටට ගෙන ආ යුගයක් තිබු බව අමතක නොකල යුතුය.කුඩු නාලිකා තවමත් මේ රටේ ජනතාවගේ මනස විකෘති කරන බව අමතක නොකල යුතුය.ඒ නිසාම අනතුර දැක දැකම අහක නොබලා ඒ පිළිබඳව ජනතාවට දැනුවත් කර තිබිම ඇගට ගුණය.

කතාව අවසන් නැත…………

………………………..

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…



Published on: Feb 7, 2020 – “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය”. යනුවෙන් ජනමතවිචාරණයකින් මිස සංශෝධනය කළ හැකි ව්‍යවස්ථාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව ලෙස ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය එනම් ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීම සහ භුක්ති විදීම සිදු කරන ආකාරය 4වන ව්‍යවස්ථාවේ දැක්වේ. මෙම ලිපිය මගින් සළකා බලන්නේ ජනතාවගේ අධිකරණ බලයට අදාල ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ක්‍රියාත්මක වීම සහ භුක්ති විදීම සිදු කරන ආකාරය ඇසුරෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකින් නියම කළ ජනමතවිචාරණයක් අවලංගු කළ හැකිද? යන්න විමසා බැලීමයි.

4(ඇ) ව්‍යවස්ථාවේ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක වන ආකාරය දක්වා ඇති අතර නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය ලෙස දක්වා ඇත.

ඒ සමගම අවබෝධ කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඈ) ව්‍යවස්ථාව මූලික අයිතිවාසිකම් සම්බන්ධව විධිවිධාන දක්වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 සහ 118 සහ 126 ව්‍යවස්ථා මගින් මූලික අයිතිවාසිකම් සම්බන්ධ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඈ) ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේ ය. ආරක්ෂා කරනු ලැබිය යුත්තේ ය. වර්ධනය කරනු ලැබිය යුත්තේ ය. තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේ ය. ලෙස දක්වා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේ ය. (126 ව්‍යවස්ථාම මගින්ද මේ බව දැක්වෙන අතර ලිපිය දීර්ඝවන හෙයින් 126 ව්‍යවස්ථාව මෙහි දක්වා නැත.)

ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු විභාග කිරීමට හෝ කියා සිටින කරණාවලට හෝ ජනාධිපතිවරයා විසින් සිදුකරන යොමු කිරීම්වලට ඇහුම්කන් දීමට අධිකරණ බලය ලැබෙන්නේ 118 ව්‍යවස්ථාව හෝ 129 ව්‍යවස්ථාව හෝ 134 ව්‍යවස්ථාව හෝ 136 ව්‍යවස්ථාව හෝ 157.අ.4 ව්‍යවස්ථාව ඇතුලු ව්‍යවස්ථා සහ වෙනත් නීති මගින් ය.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව/ Judgemet සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය Determination සහ ශ්‍රේෂ්ඨාධිකරණ මතය/ Opinion අතර වෙනස

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.2, 118 සහ 124 ව්‍යවස්ථා අධ්‍යයන කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අතර වෙනස අධ්‍යයනය කිරීම පහසු කරවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  118 ව්‍යවස්ථාව මෙසේ ය.

ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේඨාධිකරණය ජනරජයේ උත්තරීතම සහ අවසානාත්මක ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, මෙහි පහත දැක්වෙන ආකාරයේ වූ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ ය. එනම් :-

(අ) පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් වූ අධිකරණ බලය

(ආ) මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ අධිකරණ බලය

(ඇ) අවසාන අභියාචනාධිකරණ බලය

(ඈ) උපදේශක අධිකරණ බලය

(ඉ) ඡන්ද පෙත්සම් සම්බන්ධයෙන් වූ අධිකරණ බලය

(ඊ) පාර්ලිමේන්තුවේ යම් වරප්‍රසාද කඩකිරීමක් සම්බන්ධයෙන් අධිකරණ බලය සහ

(උ) පාර්ලිමේන්තුව විසින් නීතියෙන් පවරනු ලබන හෝ නියම කරනු ලබන වෙනත් කාරණා සම්බන්ධයෙන් වූ අධිකරණ බලය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 124 ව්‍යවස්ථාවේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සම්බන්ධ විධිවිධාන දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  80.2 ව්‍යවස්ථාවේ ආරම්භය මෙසේ ය.

යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් හෝ ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමතය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කර ඇත්තා වූ අවස්ථාවක හෝ, යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් හෝ ජනමත විචාරණයදී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තා වූ අවස්ථාවක හෝ යම්කිසි පනත් කෙටුම්පතක් 85 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කරන අවස්ථාවක, ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී 85 වැනි ව්‍යවස්ථාවේ (3) වැනි අනුව්‍යවස්ථාවට අනුකූලව අනුමත කර ඇති බව ජනාධිපතිවරයා විසින් සහතික කරනු ලැබූ විට පමණක් ඒ පනත් කෙටුම්පත හෝ ඒ පනත් කෙටුම්පතෙහි එකී විධිවිධානය හෝ නීතිය බවට පත් වන්නේ ය. එසේ අනුමත කරනු ලැබූ සෑම පනත් කෙටුම්පතක ම මෙහි පහත දැක්වෙන ආකෘතියෙහි වූ සහතිකයක්, ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කළ යුත්තේ ය:-

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  80.2 ව්‍යවස්ථාවේ දැක්වෙන ජනමතවිචාරණය තීරණය කළ හැක්කේ කාටද?

  1. යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් හෝ ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමතය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කිරීමෙන්

 

  1. යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් හෝ ජනමත විචාරණයදී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමෙන්

 

  1. යම්කිසි පනත් කෙටුම්පතක් 85 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයක් මගින් ජනතාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමෙන්.

118 ව්‍යවස්ථාව සහ 80.2 ව්‍යවස්ථා සැළකීමේදී යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් සම්බන්ධ ව්‍යවස්ථානුකූලත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විසින් පරීක්ෂා කර පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලබයි.

යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් සම්බන්ධව පරීක්ෂා කර ශේෂ්ඨාධිකරණය ලබා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකි. අනෙක් අවස්ථාවලදී නඩුව හෝ ඉල්ලීම විභාග කර ශේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් ලබා දේ.

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත උපදේශක අධිකරණ බලය සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා ගැනීම අවස්ථාවෝචිත වන ස්වභාවයේ සහ පොදු වැදගත්කමකින් යුත් යම් නීතිය හෝ සිද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් උද්ගත වී ඇති බව නැතහොත් උද්ගත වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයාට කවර අවස්ථාවක දී වුව ද පෙනී ගියහොත් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඒ ප්‍රශ්නය සලකා බැලීම සඳහා යොමු කළ හැකි අතර ඒ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය මතය ලබා දේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු සහ ශ්‍රේෂ්ඨාධිකරණ මතය යනු එකි නෙකට අනන්‍ය වූ ශේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මක වීම්ය. මේ ආකාරයේ අනන්‍ය වූ බලයක් ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු සහ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අතර ගැටීම් ඇති කරන්නේ නැත.

2002 ‍ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සහ 2018 ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පනත් කෙටුම්පත සහ එහි විධිවිධාන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතු බවට සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල්(වි) එදිරිසූරිය (වි) යාපා (වි) ජේ. ඒ. එන් ද සිල්වා (වි)  ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය, 2018 නොවැම්බර් මස 09වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවකින් නලීන් පෙරේරා (අ.වි) බුවනෙක අලුවිහාර (වි), සිසිර ආබෲ(වි) ප්‍රියන්ත ජයවර්ධන (වි), විජිත මලල්ගොඩ(වි), ප්‍රසන්න ජයවර්ධන (වි)  සහ මෘදු ප්‍රනාන්දු (වි) විසින් ලබා දුන් තීන්දුවෙන් කිසිම වෙනස්කමකට ලක්වන්නේ යැයි හෝ විශේෂයෙන් පනත් කෙටුම්පත් සම්බන්ධව හෝ එහි යම් විධිවිධානයක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමතවිචාරණයක් සදහා නියම කරන තීරණයක් කිසිම අවස්ථාක ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකින් අවලංගු කිරීමට හැකියාවක් ලැබෙන්නේ යැයි විධාන කරන්නේ නැත.

ඒ අනුව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පනත් කෙටුම්පත සහ එහි විධිවිධාන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතු බවට සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල්(වි) එදිරිසූරිය (වි) යාපා (වි) ජේ. ඒ. එන් ද සිල්වා (වි)  ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මේ වන විටත් වලංගු නීතිය වන අතර එයට පටහැනිව 79 සහ 80.2 ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් ක්‍රියාත්මකවන 19වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත වී ඇති පනත් කෙටුම් පතක්ම වේ.

ජනාධිපතිවරයා විසින් මේ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවලිය නිවැරදි කළ යුතු අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පනත් කෙටුම්පත සහ එහි විධිවිධාන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතු බවට ශේෂ්ඨාධිකරණ තීරණය මත පදනම් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පනත් කෙටුම්පත සම්බන්ධව ජනමතවිචාරණයක් කැදවීමට ක්‍රියා කළ යුතුය.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන (2020.02.04)

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…



Published on: Feb 7, 2020 – රටපුරා දිලිඳු පවුල්වල විරැකියා තරුණ/තරුණියන් ලක්ෂයකට රැකියා දීමේ වැඩසටහන හරහා එම තරුණ/තරුණියන් මිලිටරිකරණය කිරිමේ මෙහෙයුමක් දියත් කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරනවා.

රුකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන “‍බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය”‍ ලෙස නම්කර තිබේන අතර එය ජනාධිපතිවරයාගේ සaජු මැදිහත් විම යටතේ ත්‍රිවිධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කල හා 2007 දී වැඩබලන හමුදාපති ධුරයේ සිට විශ්‍රාම ගත් මේජර් ජෙනරාල් නන්ද මල්වආරච්ච් යටතේ ක්‍රියාත්මක වේ. සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව මාස 06ක කාලයක් පුහුණුව ලබාදිමට නියමිත අතර පසුව රැකියාව ලබාදෙන අතර වසරක් ගතවනතුරු රුපියල් 20,000/ක දිමනාවක් ගෙවවිමට නියමිතව තිබේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට 300-400 ක් පමන වන සේ බඳවා ගන්නා මෙම පිරිස වඩු, පෙදරේරු, ධීවර, කෘෂිකාර්මික හා වනවගා වැනි අංශ වල රැකියා සදහා යොමුකරන අතර පුහුණුවෙන් පසුව රැකියාවට බඳවා ගැනීමෙන් පසු රුපියල් 35,000 වැටුපක් ලබාදීමට නියමිත අතර විශ්‍රාම වැටුප් සහිත ස්ථිර රැකියා බවට පත්වන්නේ වසර 10 ක කාලයකින් පසුව බව සදහන් කලද එයද නිශ්චිත නැත.

මෙම සම්මුඛ පරීක්ෂන, රැකියා පුහුණුව හා රැකියා ලබාදීම යන කටයුතු සියල්ල ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂනය යටතට පත්කර තිබිම හරහා පැහැදිලිවම මෙය මිලිටරිකණය කිරිම අරමුණු කරගනිමින් දියත් වන්නක් බව පැහැදිලිය.සියල්ලටම වඩා මෙම තොරා ගැනිම සදහා නිර්ණායක ලෙස යොදාගෙන ඇත්තේ මිලිටරි බුද්ධි අංශ නිලධාරීන්, බෞද්ධ භික්ෂූන් සහ ග්‍රාමසේවා නිලධාරීන් විසින් නම්කරන තරුණ/තරුණියන්ද වේ.

එහිදි ග්‍රාමසේවා නිළධාරිවරයා අදාළ තරුණයා/තරුණිය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අයෙකු බව තහවුරු කලයුතුය. ගමේ පන්සලේ හාමුදුරුවෝ (බෞද්ධ භික්ෂූන්) විසින් අදාළ තරුණයා/තරුණිය සිංහල බෞද්ධයෙකු බව තහවුරු කලයුතු අතරම මිලිටරි බුද්ධි අංශ නිලධාරීන් හරහා එම තහවුරු කිරිම් නිවැරදිද යන්න සොයා බැලිමට නියමිතයි.

පැහැදිලිවම මෙම මිලිටරිකරණය කරන තරුණයා/තරුණිය යොදා ගනිමින් ආණ්ඩුවේ දුෂණ,වංචා මෙන්ම රාජ්‍ය සේවකයන් කප්පාදුවට එරෙහිව නැගී සිටින රාජ්‍ය සේවකයන් මර්දණය සදහා මුගුරක් ලෙස යොදා ගන්නා බව පැහැදිලිය.මෙම රැකියා ලාභීන් රාජ්‍ය බුද්ධි අංශය ඇතුලු‍ ආරක්ෂක ජාලය සමග සමීපව කටයුතු කිරිම අනිවාර්ය වන අතර ඒ හරහා මෙම මර්දණය දියත් කිරිම ගෝඨා ඇතුලු මිලිටරිකරණ හස්තයට පහසු වනු ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ සමාජ ජාලා පිටුවෙන් උපුටා ගන්නා ලද රැකියා සම්බන්ධ සටහන

රුකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ඇරඹේ.

• රැකියා අපේක්ෂකයන් විශ්ව විද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 වන දිනට සම්පූර්ණ කර තිබිය යුතුය.

• එදිනට වයස අවුරුදු 35ට නොවැඩි විය යුතුය.

• අයැදුම්කරු, අයැදුම්පත ඉදිරිපත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථීර පදිංචිකරුවෙකු සහ පූර්වාසන්න වසර 03 කාල සීමාව තුළ රැකියාවක නිරත නොවූවකු විය යුතුය.

• අයැදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප්‍රතිඵල ලේඛනයේ ඡායා පිටපතක් (මුල් පිටපත අනුව, සසඳා සාමදාන විනිශ්චයකාරවරයෙකු/නීතිඥයෙකු විසින් සත්‍ය පිටපතක් බව සහතිකර) 2020-02-14 වන දිනට පෙර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් එවිය යුතුය.

• අයැදුම් පත්‍රය ජනාධිපති කාර්යාලීය www.presidentsoffice.gov.lk වෙබ් අඩවියෙන් පෙබරවාරි 07දින උදෑසන 9න් පසු බාගත හැකිය.

• රැකියා විරහිත උපාධිධාරින්/ඩිප්ලෝමාධාරී රැකියාගත කිරීමේ වැඩසටහන 2020, ආයතන කළමනාකරණ සහ සම්බන්ධිකරණ අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01 ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.

• ලිපියේ වම් පස ඉහළ කෙළවර, උපාධිධාරියෙකු නම් “උපාධිධාරී /(දිස්ත්‍රික්කයේ නම) යනුවෙන් ද,ඩිප්ලෝමාධාරියෙකු නම් ඩිප්ලෝමාධාරී / (දිස්ත්‍රික්කයේ නම) යන්නද සඳහන් කර තිබිය යුතුය.

• නියමිත දිනට පසුව ලැබෙන අයැදුම්පත්‍ ප්‍රතික්ෂේප කරනු ලැබේ.

• තෝරා ගන්නා පිරිස අධ්‍යාපන අමාත්‍යාංශය (ග්‍රාමීය හා වතු පාසල්), වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය (ග්‍රාමීය රෝහල්/ඩිස්පෙන්සරි), මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ක්ෂේත්‍රවල සේවා නියුක්ත කෙරේ.

• වසරක පුහුණු කාලය තුළ රුපියල් 20,000/ක දිමනාවක් ගෙවනු ලැබේ.

•දිස්ත්‍රික්ක පදනමින් පත්වීම් කෙරෙන අතර පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 05ක් සේවය කිරීම අනිවාර්ය
වේ.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…



Published on: Feb 6, 2020- ළමා නිවාසයක් පවත්වාගෙන යන මුවාවෙන් කිසිදු හවුහරණක් නැති කුඩා දැරිවියන් තමන්ගේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ Voice Cut චීවරධාරින්ගේ පහත් ලිංගික ආශාවන් සංතෘප්ත කරගැනීමට යොදාගන්නා චීවරධාරියෙකු පිලිබඳව අප දේශපාලන වාර්තාකරු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

නීතියේ ඇසට වැලිගසමින් චිරාත් කාලයක් තිස්සේ ඉතාම සුක්ෂම අන්දමින් ජයවර්ධනපුර ප්‍රදේශයේ මෙම ළමා නිවාසය පවත්වාගෙන යන අතර එහි භාරකාරත්වය දරණුයේ මහානායක හිමියන්ගේ ආහාරවලට වසදී ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කල “ශ්‍රි” කැල්ලක් නාමයේ සදහන් මජර,රස්තියාදු චිවරධාරියෙකු විසිනි.

(ළමා නිවාසයේ නාමය හෝ චිවරධාරියාගේ නාමය හෙළිදරවු නොකරන්නේ දරුවන්ගේ යහපත සලකා බව කරුණාවෙන්ස ලකන්න …. වහාම නීතිය ක්‍රියාත්මක කිරිමට වත්මන් ආණ්ඩුවේ බලධාරීන් කටයුතු නොකලහොත් සියලුම සාක්ෂි සහිත අනාවරණයක් සිදුකිරිමට අප සුදානම් )

එසේම තවත් නීති විරෝධී සහ සමාජ විරෝධී ක්‍රියා රැසකට සම්බන්ධ බවට තොරතුරු ඇති මෙම චීවරධාරියාගේ යටගිය පැටිකිරියද අපට වාර්තා විය.

කලක් දලදා මාලිගාවේ තේවාව භාරව මෙන්ම කාරක සංඝ සභිකයෙකු ලෙසද කටයුතු කර ඇති මොහු අස්ගිරි පාර්ශවයේ සිටි ජ්‍යෝෂ්ඨතමයෙකි. අස්ගිරි පාර්ශවයේ මහානායක ධුරය ලබාගැනීමේ අරමුණින් එවකට මහානායක ධූරය දැරූ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත හිමියන්ගේ ආහාරවලට වසදී ඝාතනය කිරීමට තැත්කිරීම හා තවත් ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ කලක් බන්ධනාගාරගතව සිටි මේ චීවරධාරියා භික්ෂු භාවය අහෝසි කර ශාසනයෙන් නෙරපා දැමූ අයෙකි.

ඇවන්ට් ගාඞ් අධිපති නිශ්ශංක සේනාධිපති සමගද සමීප සබඳතාවයක් ඇති “ශ්‍රි” මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ඇවන්ට් ගාඞ් ගිණුමෙන් ළමා නිවාසයේ ගිණුමට බැරකර ගැනිමට සමත්වු අයෙකු වන අතර මහ මුල්‍ය වංචාව සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපතිට චොදනා එල්ල වු සමයේ ඔහු වෙනුවෙන් මාධ්‍ය හමුවල පවා ප්‍රසිද්ධියේ පෙනී සිටි පිරිස අතර ඉදිරියෙන්ම සිටි අයෙකුද වනවා.

එසේම තමන්ගේ එකකුස උපන් වැඩිමහල් සහෝදරයාගේ දියණිය අඹුකමේ තබාගත් පාපතර බාප්පා කෙනෙකි.මේ වන විට ඔහුට දාව අවුරුදු 25 ඉක්මවූ දරුවකුද සිටින අතර තමන්ට හිමි මහා ධනස්කන්ධයේ වැඩිප්‍රමාණයක් අඹුවගේ නමින් සඟවා ඇත. පිට කෝට්ටේ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක්ද මොහු විසින් ඇයගේ නමින් පවත්වාගෙන යයි. විශේෂයෙන් ස්ත්‍රී දූෂණ බොහෝමයකට වගකිවයුතු මොහු චීවරය, ධනය හා දේශපාලන සම්බන්ධකම් භාවිතා කරමින් ඒවා සඟවා ගැනිමට සමත්වු අයෙකි.

කොලඹ ප්‍රදේශයේ කෝටිගණනක ඉඩකඩම් හා දේපොල හිමි මේ චීවරධාරියා මවුපියන් අහිමි අහිංසක දරු දැරියන් විකුණමින් එම දරුවන්ගෙන් තමන්ගේ පහත් ලිංගික ආශාවන් සපුරාගන්නා මේ පාපතරයා තම මිලමුදල් බලයෙන්, මැරකමින් හා දේශපාලන සමබන්ධකම්වලින් නීතියේ ඇසට වැලිගසමින් සිටියි.

කලකට ඉහතදීද එම ළමා නිවාසයේ සිටි වෙනත් චීවර ධාරියෙකුද දූෂණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Feb 6, 2020- ශ්‍රී ලංකාවේ නිදහස් දිනයේදී බලහත්කාරයෙන් අතුරුදහන් වූ තම ආදරණීයයන් සිටින ස්ථානය පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලා සිටිමින් උතුරේ කිලිනොච්චි, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන දිස්ත්‍රික්කයකම විරෝධතා රැස්විම් සහ පා ගමන් පැවැත්වුනා.

අතුරුදහන් වූවන්ගේ දෙමළ පවුල් 4 වැනිදා උදෑසන කළු කොඩි ඔසවා පෙළපාලි ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් වීම් සම්බන්ධයෙන් වගකිවයුත්තන් රඳවා තබා ගැනීමට සහ ඔවුන්ගේ අතුරුදහන් වූ ආදරණීයයන් සොයා ගැනීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ඉල්ලා සිටිය අතර ඒ සදහා ගෝඨාභයගේ පොලිසියේ ආරක්ෂාවද හිමිවුනා.

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඔසවා තැබීමේ සැමරුම්වලින් හෝ ශ්‍රී ලංකාවේ වාඩිලාගෙන සිටින ඒකීය රාජ්‍යයේ ජාතික ගීයට සම්බන්ධ වීම නතරකල ඔහුන් පෙබරවාරි 4 වැනිදා “කළු දිනය” ලෙස නම්කිරිමටද කටයුතු කළා.ඒ අනුව මින් ඉදිරියට පෙබරවාරි 4 වැනිදා “කළු දිනය” ලෙස හදුන්වනු ලැබේ.

1948 පෙබරවාරි 04 සිට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඊනියා නිදහසින් පසුව දෙමළ ජාතිය ක්‍රමානුකූල ව්‍යුහාත්මක ජන සංහාරයකින් වසර 72 ක් තිස්සේ ලක්ව තිබේ.එමනිසා ද්‍රවිඩයන්ට ස්වයං පාලනයක් ලබාදිමට රජය කටයුතු නොකල හෙයින් එම අසාධාරණය සිහිපත් කරමින් පෙබරවාරි 4 වැනිදා දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශ කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ කලා ශිෂ්‍ය සංගමය නිවේදනයකද නිකුත් කර තිබේ.

මිට අතරව එහි දක්වා ඇත්තේ දෙමළ අභිලාෂයන් තෘප්තිමත් කරන දේශපාලන විසඳුමක් ලබා ගත හැක්කේ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් තුළින් පමණක් වන අතර, දෙමළ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම අරමුණු කරගත් අභ්‍යන්තර ක්‍රියාවලීන්හි දී ශ්‍රී ලංකා රජය අව්‍යාජ නොවනු ඇති බවයි.(අදාළ නිවේදනය පහතින් අමුණා ඇත.)

මහවිරු සැමරුම් සියල්ල නතරකන බවට වහසී බස් දොඩමින් බලයට පැම්ණී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා
ඇතුලු ආණ්ඩුව වසරේ විශාලම මහවිරු සැමරූමට ඉඩ දි නැට්ට පස්සේ හංගාගෙන සිටි බව බත්කන ජනතාවට අමතක නැත.විමල්,ගම්මන්පිල වැනි පඩත්තල කටවාචාලයන්ගේ සිට වර්ථමානයේ ආරක්ෂක ලේකම්ව සිටින,ජාත්‍යන්තර පාසල්ව ල පොඩි ලමයින්ට මානසික වද දි ආතල් ගත් කමල් ගුණරත්න වැනි අඩමයන්ද දැන් සද්දයක් නැත.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…


Loading…


Published on: Feb 6, 2020 –විශේෂ අධිකරණයක් මගින් වෝහාරික විගණන වාර්තාව ගැන අධිකරණ ක‍්‍රියාමාර්ග ආරම්භ කරන ලෙසත් එතෙක් අජිත් නිවාඞ් කබ්රාල්ගේ ඇතුලු වෝහාරික විගණන වාර්තාවේ  නම් සඳහන් සියලූ දෙනාගේ පාස්පෝට් අධිකරණය භාරයට ගතයුතු බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. කොළඹ පැවැති බැඳුම්කර කොල්ලයේ තිත්ත ඇත්ත සම්මන්ත‍්‍රණයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

සුදුකරපටි අපරාධකාරයින් බේරගන්න පක්ෂ දෙකම සුදානම්….

අපි මේ කතා කරන්නේ සීසීටීවී කැමරාවකින් බලාගන්න පුළුවන් මංකොල්ලයක් ගැන නෙවෙයි. මේක සහමුලින්ම දැනුම පාවිච්චි කරලා කරන මංකොල්ලයක්. සුදුකරපටි අපරාධයක්. සාමාන්‍ය හොරු වගේ මේ හොරු අදුරගන්න බැහැ. මේ අය අදින්නේ ටයිකෝට්. ඉංග‍්‍රීසියෙන් කතා කරන, ලොකු ඉස්කෝලවලට ගිය, ලොකු පවුල් පසුබිමක් තියෙන, පිටරට ගිහින් උපාධි ගත්ත, දැනටත් රජයේ ඉහළ ආයතනවල සභාපති ධුරවල, අධ්‍යක්ෂක මණ්ඩලවල ඉන්න අය තමයි මේ සුදුකරපටි අපරාධවලට සම්බන්ධ වෙලා ඉන්නේ. මේ අයට පක්ෂ නැහැ. ගමේ ඡන්ද දායකයින් වගේ බෙදිලා නැහැ. මේ අය ශ‍්‍රී ලංකා යූඑන්පී හැම පක්ෂයකම ඉන්නවා; ජවිපෙ හැර. මේක තමයි තිත්ත ඇත්ත. එක පාටියේ, කොක්ටේල් එකේ, වෙඩින් එකේ, එක පක්ෂයේ ඉන්නවා. ඒ නිසා මේ සුදුකරපටි අපරාධකාරයින් බේරගන්න මේ පක්ෂ දෙකම පෙනී ඉන්නවා. ඒ නිසා අපිටත් මාධ්‍යවේදීන්ටත් වගකීමක් තියෙනවා දැනුම් පාවිච්චි කරලා කරන මේ අපරාධ එළියට ගන්න. ඒ නිසා බැඳුම්කරයේ තිත්ත ඇත්ත කතා කරන්න වෙනවා.

විගණක කියන්නේ මුර බල්ලෙක් මිසක් දඩ බල්ලෙක් නෙවෙයි.

වෝහාරික විගණන වාර්තා 05 එළියට ආවට පස්සේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් හොඳටම කලබල වෙලා. ඒ වගේම අර්ජුන් මහෙන්ද්‍රන් කලබල වෙලා. මීට කලින්ම හිටපු අධිපති සුනිල් මෙන්ඩිස් මහත්තයා කලබල වෙලා නැහැ. තවත් අධිපතිවරු ඉන්නවා. මේ ගැන වචනයක්වත් කියන්නේ නැහැ. නමුත් අජිත කබ්රාල් කියනවා මේ විගණන වාර්තා හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් කියලා. අපිට පේන්නේ පුහුල් හොරා කරෙන් දැනෙයි කියලා. කබ්රාල් කර පිහින හැටි අපිට පේනවා. හොරා අනෙක් අයට කියනවා හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා. ඒ නිසා මේ හොරු හෙළිදරව් කිරීමේ වගකීම අපිට තියෙනවා. රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලඥයින් මේ වාර්තා 05ටම ගැහුවොත් අර්ජුන මහෙන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් වාර්තාවත් ඔවුන් ආරක්ෂා කළා වෙනවා. මේකේ එක වාර්තාවක තියෙන්නේ රනිල් වික‍්‍රමසිංහගේ කලේ බැදුම්කර වංචාව ගැන. එතකොට වෙන්නේ ළමයයි බේසමයි දෙකම කුණු කූඩෙට දැම්මා වගේ වැඩක්. ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු මේ විගණන වාර්තා ගැන දන්නේ නැහැ. වාර්තාවලට ගහපල්ලා කිව්වම ගහනවා. ඒ ගහන හැම වචනයකින්ම රටට පේනවා මේ ආණ්ඩුවේ අයත් එජාපයේ ෆුට් නෝට් කල්ලිය වගේමයි කියලා. එදා අජිත් පෙරේරලා, සුජීව සේනසිංහලා අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කරන්න ෆුට් නෝට් දැම්මා. අද රාජපක්ෂ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු ඒ ෆුට්නෝට් කල්ලියට එකතුවෙලා. පාඩු වගේම ලාබත් තියෙනවා ඇයි ලාබ ගැන කතා නොකරන්නේ කියලා අපෙන් අහනවා. ආයතනයක් ලාබ ලබන්න තමයි ව්‍යාපාර කරන්නේ. වැඩිම ලාබ ලබන අයට තෑගි පවා දෙනවා. ඒක ආයතනයේ වගකීම. නමුත් විගණනයෙන් කරන්නේ පාඩුවට හේතු හොයන එකයි. විගණක කියන්නේ මුර බල්ලෙක් මිසක් දඩ බල්ලෙක් නෙවෙයි. වැරදි හා වංචාවලින් තොරව මූල්‍ය කටයුතු කරලා තියෙනවාද කියලා පරීක්ෂණ කිරීම තමයි විගණකගේ රාජකාරිය.

වෝහාරික විගණනය කරලා තියෙන්නේ ලෝකය පිළිගත් සමාගම් දෙකක්

විගණන වර්ග කිහිපයක් තියෙනවා. මූල්‍ය විගණනය, කාර්යසාධන විගණනය, අනුකූලතා විගණනය මේ හැම දේම එකතුවක් තමයි විගණනය කියන්නේ. එවැනි එක් විගණනයක් තමයි වෝහාරික විගණනය. හරියට වෝහාරික මරණ පරීක්ෂණය වගේ. සාමාන්‍ය මරණ පරීක්ෂණයක් නෙවෙයි. අධිකරණ කි‍්‍රයාවලියක් සඳහා තමයි වෝහාරික විගණනයක් කරන්නේ. මෙහි අරමුණ අධිකරණයට යොමු කිරීම. ඒක කළේ මහබැංකුවේ කාමරයකද? ඒක කරනකොට මහබැංකුවෙන් තේ බිව්වද? කෑම කෑවද කියලා හොයන එක ලාභ දෙයක්. මහ බැංකුවේ මහමොළකරුගේ කාලයේමයි මේ විගණනය කරලා තියෙන්නේ, මහ බැංකුවේ බිල්ඩිමේමයි කරලා තියෙන්නේ වගේ සරල තර්ක ඉදිරිපත් කරනවා. හොරකම වහන්න දැනුම පාවිච්චි කරනවා. විගණන කරන්න පුළුවන්ද මහපාරේ ඉඳගෙන. ආයතනයක විගණනයක් කරනකොට ඒ ආයතනයේ ඉන්න වෙනවා. ඒ ආයතනයේ සියලූ තොරතරු ලබාගන්න වෙනවා. ආයතනයෙන් දෙන තේ එක බොන්න වෙනවා. විගණකගේ කාර්යභාරය බලන්න පුළුවන් වාර්තාවේ කරුණු අනුව. මේ වෝහාරික විගණනය කරලා තියෙන්නේ ලෝකය පිළිගත් සමාගම් දෙකක්. ඒ සමාගම්වල ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය වෙනවා මේ වාර්තාවලින්. සත්‍ය හා සාධාරණ මතය නිවැරදි විශ්ලේෂණය වැදගත්. සමාගමේ කීර්තිනාමයට හානි කරගන්නේ නැහැ.

මේ ගණන් හදලා තියෙන්නේ අතරමැදියන් විසින් මංකොල්ල කාපු ප‍්‍රමාණය.

බැඳුම්කරවල ලාබ පාඩු හොයන්නේ කොහොමද. බැදුම්කර කියන්නේ රජය ණය ගන්න පහසු ක‍්‍රමයක්. ණය ගන්න ක‍්‍රම කිහිපයක් තියෙනවා. ඒ ණය ගන්න ක‍්‍රමවලින් සුදුසුම ක‍්‍රමයට ණය ගන්න මහ බැංකුව කි‍්‍රයාකළ යුතු වෙනවා. මහබැංකුවේ මුදල් මණ්ඩලය, ටෙන්ඩර් මණ්ඩලය, ආයෝජන කමිටුව සහ අධිපතිගේ වගකීම තමයි රජයට අවම අවාසිය සිදුවෙන ක‍්‍රමය හොයාගන්න එක. තැරැුව්කරුවන් ඉදිරිපත් කරන ලන්සුවම ගන්න ඕන නැහැ. රජයට වාසි ලන්සුව තමයි ගත යුත්තේ. අර්ථ සාධක අරමුදල මහබැංකුවෙන් බැදුම්කර මිලදී ගන්නවනම් නිර්ණායකය තමයි අවම අවාසිය සිදුවෙන ක‍්‍රමය තෝරාගැනීම. මේ බැඳුම්කර කොල්ලයේදී සිදුවෙලා තියෙන්නේ රජයට උපරිම අවාසිය වෙන ආකාරය තමයි තෝරාගෙන තියෙන්නේ. ගැටලූව මතුවෙන්නේ ඒ නිසා. බැඳුම්කර ගැන විගණන පරීක්ෂණයක් කරනකොට හොයන්නේ ඒ අවම අවාසිය වෙන විදියට අරගෙන තියෙන්නේ කියලා. ලෝකයේ මොන විගණන සමාගමක් කළත්, අපේ කෝප් කමිටුව පරීක්ෂණ කළත් ඒක තමයි හොයන්නේ. බැඳුම්කර මංකොල්ලයේදී සිදුවුනේ අර්ථ සාධක අරමුදල සෘජුව මහ බැංකුවෙන් බැඳුම්කර ගත්තේ නැතුව අතරමැදියන් හරහා බැඳුම්කර මිලදීගැනීම. කොමිස් කාක්කෝ ඉන්නවා. ඥාතීන් ඉන්නවා. අර්ථසාධක අරමුදලෙන් බැඳුම්කර මිලදී ගන්නකොට මේ කොමිස් කාක්කෝ අතරමැදියන් ලෙස අමතර ගානක් හම්බකරගත්තා. ඒ අය වහන්න හදන්නේ ඒක. අපි හෙළිකරන්න හදන්නෙත් ඒක. ඒ කොමිස්කාරයෝ ඥාතියෝ. මහ බැංකුවටත්, අර්ථසාධක අරමුදලටත් සිදුවූ පාඩුව ලාබයක් ලෙස උපයාගත් තැරැුව්කරුවන් පිරිසක් ඉන්නවා. මේ ගණන් හදලා තියෙන්නේ අතරමැදියන් විසින් මංකොල්ල කාපු ප‍්‍රමාණය. එනිසා සාමාන්‍ය විදියට මේවා ගණන් හදන්න එපා.

අර්ථ සාධකයට කෙලවපු කෙලවිල්ල 

අර්ථ සාධක අරමුදල කියන්නේ ස්වාධීන අරමුදලක්. ඒක අයිති අපේ රටේ වැඩකරන ජනතාවට. මහ බැංකුව කියන්නේ අර්ථ සාධක අරමුදලේ අයිතිකාරයා නෙවෙයි. භාරකාරයා විතරයි. මහබැංකුවට ඕන විදියට අර්ථසාධක අරමුදල ආයෝජනය කරන්න බැහැ. ඇත්තම අයිතිකරු කම්කරු කොමසාරිස් ජනරාල්වරයා. මහ බැංකුව කළ යුත්තේ සාමාජිකයාට ප‍්‍රතිලාභ ලැබෙන විදියට ආයෝජනය කිරීමයි. නමුත් 2013.06.04 වෙනිදා අර්ථසාධක අරමුදලේ ආයෝජන කමිටුව කළමනාකරණ කමිටුවට නිර්දේශයක් එවනවා අජිත් නිවාඞ් කබ්රාල් නිර්දේශ කළා කියලා 2013.06.05 වෙනිදා ඉඳලා අර්ථසාධක අරමුදල ප‍්‍රාථමික ගැනුම්කරුවෙකු ලෙස නොව ද්විතීයික ගැණුම්කරුවෙකු ලෙස වැඩිපුර මුදල් ආයෝජනය කළ යුතු බවට. පළමු අවස්ථාවේ බැදුම්කර මිලදී ගන්නවා වෙනුවට තැරැුව්කරුවන්ගෙන් මිලදී ගන්න කටයුතු කළ යුතුයි කියලා. එහෙමයි හොරාට වැඬේ භාරදෙන්නේ. පළවෙනි අවස්ථාවේ ගනුදෙනු කිරීමයි අර්ථසාධක අරමුදලට වැඩි ලාබයක් ලැබෙන්නේ. 2008 ඔක් 07වෙනිදා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණයක් අරගෙන තිබුණා ද්විතීයික වෙළදපොලේ පොලී අනුපාතයට වඩා 0.05%ක් අර්ථසාධක අරමුදලට වැඩි පොලියක් ලබාදිය යුතුයි ප‍්‍රාථමික ගැනුම්කරවෙකු ලෙස කටයුතු කරන වෙලාවේ කියලා. වාසිය අර්ථසාධක අරමුදලේ සාමාජිකයාට වැඩි ප‍්‍රතිලාභයක් ලැබීම. ඒ තීරණය උල්ලංඝනය කරනවා අජිත් නිවාඞ් කබ්රාල්. ප‍්‍රාථමික වෙළඳපොල වෙනුවට ද්විතීයික වෙළඳපොලේ වැඩිපුර මුදල් ආයෝජනය කරන්න කියලා අර්ථසාධක අරමුදලට නිර්දේශ කරනවා. මේ සියල්ල සාක්ෂි ඇතුව තියෙනවා. විෂයගත කරුණු. එම නිර්දේශයෙන් පසුව 2013 සැප්තැම්බර් මාසයේ තමයි පළවෙනි වතාවට ප‍්‍රාථමික ගනුදෙනු කරුවෙකු ලෙස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් බැඳුම්කර වෙළඳපොලට එන්නේ. ඒ අර්ථසාධක අරමුදල ප‍්‍රාථමික වෙළඳපොලන් ඉවත් කළාට පසුව. ඉන්පසුව අර්ථසාධක අරමුදලට සිදුවුනා පර්පචුවල් ආයතනයෙන් ද්විතියිකව බැඳුම්කර මිලදීගන්න.

ඇලෝසියස්ගේ පවුල,කබ්රාල්ගේ පවුල 

මේ වාර්තාවේ සඳහන් වෙනවා 2014 ජූනි මාසයේ සිදුවුන ගනුදෙනුවක් නිසා, එනම් අර්ථසාධක අරමුදල ද්විතියිකව පර්පචුවල් ආයතනයෙන් බැඳුම්කර මිලදී ගත් නිසා මිලියන 97ක් පාඩු වුනා කියලා. ඒ පාඩුව සිදු වුනේ අජිත් නිවාඞ් කබ්රාල්ගේ තීරණය නිසා. මේ විදියට 2005 සිට 2015 දක්වා අර්ථසාධක අරමුදලට සිදුවෙලා තිබෙන පාඩුව ප‍්‍රාථමික වෙළඳපොලේදී මිලියන 9071ක්. ද්විතියික වෙළඳපොලේදී මිලියන 751ක පාඩුවක් සිදුවී තිබෙනවා. මේවා තමයි තිත්ත ඇත්ත. මේ කාලයේ තමයි අධිපතිගේ නංගී (අජිත් කබ්රාල්ගේ) ශිරෝමී නොයෙල් වික‍්‍රමසිංහ පර්පචුවල් ආයතනයේ අධ්‍යක්ෂකවරියක් ලෙස සේවය කරන්නේ. ඒක විගණන වාර්තාවේ තියෙනවා. ඒ කාලෙම අර්ජුන ඇලෝසියස් ඉන්නවා. ඒ නිසා තමයි අපි කියන්නේ පුහුල් හොරා කරෙන් දැනෙනවා කියලා. දැන් අපිට කියන්න මේ වාර්තාව කොහොම හැදුවත් අජිත් නිවාඞ්ගේ නංගී ශිරෝමී වික‍්‍රමසිංහ නෙවෙයිද? තව තව ඥාති ඉන්නවා. එක පැත්තකින් අජිත් කබ්රාල්ගේ පවුල ඉන්නවා. අනෙක් පැත්තෙන් අර්ජුන් ඇලෝසියස්ගේ පවුල ඉන්නවා. මේවා බොරු කියන්නේ කොහොමද? ඥාතීත්වය බැඳිම් ගැන මේ වාර්තාවේ කියනවා. මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ් ඒ විජේවර්ධන මහත්තයත් ජනාධිපති කොමිසමේදී මේ ඥාතීත්වයන්ගේ බැදීම් ගැන කියලා තියෙනවා. නංගිලා, මස්සිනාලා ස්ථානගත වෙන්නේ නිකන් නෙවෙයි. අපේ රටේ මුල්‍ය වෙළඳපොළ පවුල් බලයෙන් අල්ලගෙන ඉන්නේ. ඒ අයට පුළුවන් කොටස් වෙළඳපොලේ, බැඳුම්කර වෙළඳපොලේ පොලී අනුපාත එහෙ මෙහෙ කරන්න. මේ ඔක්කොම හොරු දැන් රකිනවා. හොරු ටික හැංගිලා ඉඳගෙන කියනවා දේශපාලකයෝ අපිව රකිනවනේ කියලා. යුක්ති සහගත සමාජයක් නම් අපි මේ සුදුකරපටි අපරාධකාරයෝ සියල්ලට අධිකරණය හමුවට ගෙනත් දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න ඕනෑ.

දැන් බැඳුම්කර ගනුදෙනු වන්නේ ඔටෝමේටඞ් ක‍්‍රමයට

2015 පෙබරවාරි 27 බැඳුම්කර ගනුදෙනුව සිදු වුනාට පස්සේ අපි මාර්තු මාසයේ මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්වුවා. පක්ෂය වෙනුවෙන් මම මාධ්‍ය හමුවේදී කිව්වා මේ බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අර්ජුන මහේන්ද්‍රන්ගේ සේවය අත්හිටුවලා පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා. 2015 පෙබරවාරි 27 බැඳුම්කර හොරකම සිදුවෙලා දින තුනක් යනකොට අපේ පක්ෂයේ සහෝදරයෙක් අපිට මේ තොරතුරු ලබාදුන්නා. ඒ නිසා තමයි අපිට මේ වංචාව රටට හෙළිදරව් කරන්න පුළුවන් වුනේ. ඒ සහෝදරයා අද මේ සම්මන්ත‍්‍රණයේ ඉන්නවා. එදා සිට පටන් ගත්ත අරගලය තමයි මේ වෝහාරික විගණනයක් දක්වා ඉදිරියට ගිහින් දැන් හැමදෙනාගේම රෙදි ගැලවෙන්නේ. දැන් බැඳුම්කර ගනුදෙනු ඔටෝමේටඞ් ක‍්‍රමයට සිදුවෙනවා. වංචා කරන්න බැරි තත්වයට අද මහබැංකුව ක‍්‍රම හදලා තියෙනවා. ඒවා සිදු වුනේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් මේ තොරතුරු රටට කියපු නිසා. ඒක තමයි ඇත්ත. මේ රටේ හැමදේම අගය නොකරන මිනිස්සුන්ට අගයක් නැහැ. සුනාමියේදී අපි වැඩ කළා. ඒක අගය කළේ නැහැ. සුනාමි සහන මණ්ඩලය අහෝසි කරන්න අපි මැදිහත් වුනා. ඒක අගය කළේ නැහැ. උතුරු නැගෙනහිර වෙන් කරන්න අධිකරණයට ගියා. ඒක අගය කළේ නැහැ. අපේ රටේ පොලී අනුපාත මේ විදියට තියෙන්නේ, අර්ථසාධක අරමුදල බේරිලා තියෙන්නේ මේ හෙළිදරව් නිසා. අපේ කැපකිරීම අනාගත සමාජයට දායකත්වයක් සපයයි.

තිත්ත ඇත්ත

මෝඩ තකතීරු දේශපාලකයින්ගේ තීරණ, නිලධාරීන්ගේ, ඥාතීන්ගේ හොරකම් නිසා රටට සිදුවුණු පාඩුවක් තියෙනවා. ඒක රටට කියන්න ඕනෑ. 2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ අජිත් නිවාඞ්ගේ අධිපතිත්වය යටතේ බැඳුම්කර නිකුත් කිරීමේදී ප‍්‍රාථමික වෙළඳපොලේදී සිදුවූ පාඩුව කෝටි 1047යි. ඒ කාලය තුළම වෙන්දේසි ක‍්‍රමය තුළ නිසා පාඩුව උපරිම මිලියන 10622යි. වෙන්දේසි ක‍්‍රමයට පමණක් මිලියන 151යි. 2015 පෙබ 01 සිට 2016 දෙසැ 31 දක්වා දක්වා රනිල් වික‍්‍රමසිංහ කාලය තුළ අර්ජුන් මහෙන්ද්‍රන් ගෙනාවා. ඔහු විදේශිකයෙක්. රනිල් මුදල් අමාත්‍යංශය යටතේ තිබුණ මහබැංකුව තමන් යටතට ගත්තා. වෙන්දේසියට සෘජුව හවුල් වුනා. මේ සියල්ල තියෙනවා. බෑනා ගනුදෙනුවල ඉන්න බව දැනගෙන මාමා අධිපතිකමට දැම්මා. ඒ කාලය තුළ පාඩුව මිලියන 9681යි. ඒ පාඩුව ඇතුලේ තමයි 2015 පෙබ 27 සිදුවුණු ගනුදෙනුවත් තියෙන්නේ. ඒ ගනුදෙනුව සිදුවෙන වෙලාවේ විතරක් පාඩුව මිලියන 689යි. ඒකෙන් තමයි අහු වුනේ. ඒක ද්විතියික වෙළඳපොලේ ගනුදෙනුව අවුරුදු 30කට සිදුවෙන කොට පාඩුව කොයිතරම්ද කියලා ගණනය කරන්න ඕනෑ. සල්ලි අතේ නැතුව මේ අය බැඳුම්කරවලින් හොරකම් කළා. ඒ සියල්ල මේ වාර්තාවේ තියෙනවා. ඒ වගේම 2015 සිට 2016 දක්වා අර්ථසාධක අරමුදලට සිදුවුණු පාඩුව මේ වෝහාරික විගණන වාර්තාවේ ගණන් හදලා නැහැ. ඒ පාඩුවත් එලියට ගන්න ඕනෑ. කබ්රාල්ලා කෑ ගහන්න ඕනෑ ඒවට. තමන්ගේ අළු පිහදාගන්න නෙවෙයි. මේවා තමයි තිත්ත ඇත්ත.

නිධානය හාරලා තියෙන්නේ දෙගොල්ලම එකතු වෙලා.

මේ අය සමූහ ලෙස හොරකම් කරලා තියෙන්නේ. මේ ඔක්කොම හොරු. ඒ නිසා මුල ඉඳලා අගට හෝ අග ඉඳලා මුලට හොයන්න ඕනෑ. කොහෙන් පටන් ගත්තත් අපිට කමක් නෑ. අපිට කොයි හොරත් එකයි. මුලින් අර්ජුන් මහෙන්ද්‍රන්ගෙන් පටන් ගත්තත් මුලට යන්න වෙනවා. මොකද අර්ජුන ඇලෝසියස්ගේ සමාගම ලියාපදිංචි කරනකොට අධිපති හිටියේ අජිත් නිවාඞ් කබ්රාල්. කබ්රාල්ගේ නංගී අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකාවක්. මේ දෙගොල්ල එකට මංකොල්ල කාලා තියෙන්නේ. නිධානය හාරලා තියෙන්නේ දෙගොල්ලම එකතු වෙලා.

වාර්තාවේ නම් සඳහන් සියලූ දෙනාගේ පාස්පෝට් අධිකරණය භාරයට

අපේ රටේ අධිකරණය ස්වාධීන නම් කරන්න ඕනෑ නීතිපති නියෝගයක් ගන්න අජිත් නිවාඞ් කබ්රාල්ගේ පාස්පෝට් එක අධිකරණයට භාරදෙන්න කියලා. මේ වාර්තාවේ නම් සඳහන් සියලූ දෙනාගේ පාස්පෝට් අධිකරණය භාරයට ගන්න ඕනෑ. මේ නඩුව අහන්න පටන් ගන්න. පාර්ලිමේන්තු විවාදයෙන් දෙපැත්තම හොරා කියාගනී. සමහරු රට පනී. සතොසට හාල් ගෙනාවා. ගෙනාවේ ජොන්ස්ටන්. ඒවා සත්ව ආහාර කියලා රිෂාඞ් බදුර්දීන් විකුණලා දැම්මා. හවුලේ කළේ. එයාර් බස් මිලදී ගත්ත එකටත් දෙගොල්ල හවුල්. ගිවිසුම අත්සන් කරනකොට හොරකම් කළා. අහෝසි කරනකොටත් හොරකම් කළා. බැඳුම්කරෙත් එහෙමයි. මහ බැංකුව මහදවල් මංකොල්ල කෑවා කියලා කෑ ගහපු එක්කෙනක්වත් දැන් සද්ද නෑ. සමහර මාධ්‍ය ආයතනත් කොරෝනා උස්සගෙන යනවා.

මහජනතාවට සිදුවුණු පාඩුව අයකරගන්න තුරුම අපි මේ අරගලය ගෙනියනවා.

නඩුව අහන්න පටන් ගන්න. විත්තිකාරයා ගේන්න බැරිනම් විත්තිකාරයා නැතුව නඩු අහන්න. කතානායකතුමාට මුදල් ඇමතිට ජනාධිපතිට නියෝග කරන්න පුළුවන් වෝහාරික වාර්තාව අනුව අධිකරණ කි‍්‍රයාමාර්ග ආරම්භ කරන්න කියලා. වෙනම විශේෂ අධිකරණයක් ආරම්භ කරන්න ඕනෑ. අන්න එදාට විගණකවරු වැරදි නම් ඒවත් හොයාගන්න පුළුවන්. ඔවුන් අධිකරණයට කැඳවන්න පුළුවන්. සීඅයිඞී වාර්තා පවා වෝහාරික වාර්තාවේ තියෙනවා. කෝප් වාර්තා, ජනාධිපති විමර්ශන වාර්තා, විගණන වාර්තා සියල්ල පදනම් කරගෙන තමයි වෝහාරික වාර්තාවට යොදාගෙන තියෙනවා. විපක්ෂයේ ඉඳලා බලයට එන්න තිබුණ වුවමනාව දැන් දඩුවම් දෙන්න වුවමනාවක් නෑ. ඒ නිසා සමාජයෙන් බලපෑමක් කළ යුතුයි මහ මැතිවරණයට කලින් නඩු අහන්න පටන් ගන්න කියලා. මහජනතාවට සිදුවුණු පාඩුව අයකරගන්න තුරුම අපි මේ අරගලය ගෙනියනවා.

වරලත් ගණකාධිකාරී, ජ්‍යෙෂඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු

රටේ මහජන ධනය කිහිපදෙනෙක් එකතුවෙලා තමුන්ගේ පුද්ගලික ප‍්‍රයෝජනයට අරගෙන නිසාවෙන් තමයි මේ ප‍්‍රශ්නයේ බැ?රුම්කම තිබෙන්නේ. මහජනතාවගේ පැත්තෙන් මේ ප‍්‍රශ්නයට මැදිහත්වීමේ යම් අඩුවක් අපි දකිනවා. සමහර වගකිය යුතු පුද්ගලයන් හා කණ්ඩායම්ද මෙම සොරකම සම්බන්ධ බවට අපට තොරතූරු ලැබී තිබෙනවා. එනිසා ඔවුන් නිහඬ වුණා.

මේ ප‍්‍රශ්නයේදී මම ජනතා විමුක්ති පෙරමුණට විශේෂ ස්තූතියක් පුද කරනවා. මොකද මේ ප‍්‍රශ්නයේදි තොරතුරු සම`ග කරුණු හෙළිකළේ ඔවුන්. මෙවැනි පොදු මහජන දේපළ කොල්ලකෑමේදී ඒ සම්බන්ධයෙන් මැදිහත්වීමට සමාජයක් ලෙස අපේ සමාජය තවම ඉදිරියට ඇවිත් නෑ. මාධ්‍යවලින් පවා මෙවැනි දේවල්වලට වැඩි ඉඩකඩක් නෑ. සමහරවිට මෙවැනි සම්මන්ත‍්‍රණ හරහා ජනතාවට කරුණු කියන එකත් ඔවුන් සමච්චලයට ලක් කරනවා. ජවිපෙ මේ සියළු අභියෝග බාර ගෙන මෙම සම්මන්ත‍්‍රණය සංවිධානය කිරීම අගය කළ යුතූයි.

අප ජීවත් වෙන මේ ආර්ථික වෙළ`දපොළ යාන්ත‍්‍රණය මත ක‍්‍රියාත්මක වන කිසිවක් මේ සමාජයේ විශ්වාසය මත සිද්ධ වෙන්නේ නැහැ. මේ ක‍්‍රමය ඇතුලේ පුද්ගල අභිමතාර්ථ ධනය උපරිම කරගැනීම තමයි බලකරන්නේ. අප පුද්ගලික ජීවිතයක් ගෙවන ගමන් මේ මහා සමාජයේ පොදු ජීවිතයක්ද තිබෙන බව අමතක නොකළ යුතුයි. පොදු ආයතනවල භාවිතා කරන්නේ පොදු ධනයක්. මේ පොදු ධනය එක්ක කටයුතු කරන්නේ පුද්ගලයෝ. එහිදී තම පුද්ගල ඇල්ම උඩට එන්න බොහෝවිට පුළුවන්. මේ තත්වය පාලනය කරන්න නම් හො`ද පාලන යාන්ත‍්‍රණයක් තිබිය යුතුයි. මතු පිටින් මේ ආයතන මොන නම්වලින් තිබුණත් ඇතුලෙන් කඩන් වැටිලා. එනිසා ඒ තුල සිදුවන දේවල් මේ සමාජය ලොකු බරකින් ගන්නේ නැහැ. යමක් විගණනය කරන අයට විශාල වගකීමක් තියෙනවා. රාජ්‍ය ආයතන සහ පොදු සමාගම් සියල්ලේම තිබෙන්නේ මහජනතාවගේ ධනය. මෙවැනි තැන්වලදී පුද්ගලයෝ තම පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගන්න නිසා නීතියක් ගෙනල්ලා තිබෙනවා සුදුසුකම් ලත් විගණනයකු විසින් එම ආයතනවල මූල්‍ය වාර්තා පරීක්ෂා කරලා මහජනතාවට ඒවායේ සත්‍යය සහ සාධාරණත්වය පෙනෙන්නට සැලැස්විය යුතුයි. මේ වෙළ`දපොල ආර්ථිකය ඇතුලේ තම ස්වාධීනත්වය කෙළෙසාගත් තැන් ඕන තරම් තිබෙනවා. මේ වෝහාරික විගණන වාර්තාව උසාවියට ඉද්ිරිපත් කරන්න කියලා සමාජය විසින් බලපෑම් කළ යුතුයි. වගකිය යුතු පුරවැසියන් ඉන්න රටක නම් සිදුවිය යුත්තේ එයයි.

බැ`දුම්කර ගැන මෙතෙක් කල් රටේ සාමාන්‍ය ජනතාවට අවබෝධයක් තිබුණේ නෑ. නමුත් මේ සිද්ධියත් සම`ග දැන් දැන් යම් පමණකට දැනුවත් වෙලා තිබෙනවා. ඒක හො`ද දෙයක්. මහ බැංකුව ණය ගන්නා විට රටේ ආර්ථිකයට හානිකර වන අන්දමින් එය ඉටු කිරීම නොවෙයි මහ බැංකුවේ වගකීම. අද රාජ්‍ය ආයතනවල ටෙන්ඩර් කැ`දවීමේදීත් ඉහත බලධාරීන් කිහිප දෙනෙකුගේ ඒකාධිකාරය යටතේ තමයි එය සිදුවන්නේ. ඒ නිසා සිදුවන මගඩි අතිවිශාලයි. දැන් සමහරු තර්ක කරනවා 2015ට කලින් බැ`දුම්කර නිසා ඇතිවුණේ පාඩුවක්ය 2015ට පසු එහි ඇතිවූයේ වංචාවක්ය කියලා. වංචාවත් පාඩුවක් තමයි. මොකද වංචා කරන්න ගිහිල්ල තමයි පාඩු වෙලා තිබෙන්නේ. මේ බැ`දුම්කර ගණුදෙනු කරලා තිබෙන්නේ සද්භාවයෙන් නොවෙයි. පෞද්ගලික ලබැ`දියාවන් එක්ක. ඒ නිසා වංචාවකට යන්න තිබෙන ඉඩකඩ වැඩියි. අපි කියන්නේ මේක අධිකරණයට ගේන්න. මේ මහා කොල්ලය වගකිය යුතු සියළු දෙනාටම නිසි පරිදි නීතිය ක‍්‍රියාත්මක කරන්න කියලා.

Top