Published on: Feb 4, 2020- ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරමින් විවිධ සංවිධාන සහ වියතුන්,උගතුන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විම සදහා නාමයෝජනා ඉල්ලා සිටිම හේතුවෙන් හටගෙන ඇති අර්බුදයට බැසිල් රාජපක්ෂ ආ සැනින් විසඳුමක් ලබාදිමට කටයුතු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී වියත් මග හෝ එළිය හෝ වෙනත් ගෝඨාභය නියෝජනය කරන සංවිධානවලට නාමයෝජනා සaජුවම ලබා නොදිමට බැසිල් තින්දු කර තිබේන අතර නාමයෝජන ලබාගැනිමට අවශ්‍යනම් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්යේ සමාජිකත්වය හෝ සන්ධාන සමාජිකත්වය ලබාගැනිම අනිවාර්ය කර තිබේ.

ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා සකස් කිරීමේදී, බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන අතර නාමයෝජනා සම්බන්ධයෙන් අවසන් තින්දුව බැසිල් සතු බවයි පොහොට්ටුවේ ප්‍රධානියෙකු අප දේශපාලන වාර්තාකරු සමග පවසා ඇත්තේ.කෙසේවෙතත් පොහොට්ටු පක්ෂයේ සමාජිකත්වය දරණ අය සදහා නාමයොජනා ලබාදිමේදි ප්‍රමුඛත්වයක් හිමිවන බවද  ඔහු තරයේ අවධාරණය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ කදවුර නියෝජනය කරමින් වියත් මග සහ එළිය සංවිධාන හරහා 70ක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කිරිමටත් ඒ සියලුම දෙනා දිනවිම සදහා ජනාධිපතිවරයා පෞද්ගලිකවම මැදිහත් විමටත් මුලදි තින්දු කර තිබුනද එම සංවිධාන හරහා ඉදිරිපත් වන අය වෙනුවෙන් නාමයෝජනා ලබාදිය හැක්කේ උපරිම 30ක් බව බැසිල් මේ වනවිට ගෝඨාභයට පවසා තිබේන බවද ඔහු සදහන් කළා.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Feb 3, 2020 – Airbus වර්ගයේ ගුවන්යානා වැඩිපුර ඇනවුම් කිරීම සඳහා එම සමාගාම මගින් ඩොලර් මිලියන 16ක අල්ලසක් ඉල්ලා ඉන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති කපිල චන්ද්‍ර‍සේන මහතා සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගැනීමට වහාම අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) උපදෙස් ලබා දී තිබේනවා.

ගුවන් යානා මිලදී ගැනීමක් සඳහා වැඩිපුර ඇනවුම් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිළධාරියෙකු සඳහා ඔහුගේ බිරිඳට ඩොලර් මිලියන දෙකක් මුදලක් බෲනායිහි ශෙල් ගැස් සමාගමක් හරහා අල්ලස් මුදල් ලබා දී ඇතැයි බ්‍ර්තාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය එක්ව සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වී තිබිණි.

එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර දෙනු ලැබු විමර්ශන වාර්තා සළකා බැලීමෙන් පසු නීතිපතිවරයා විසින් මෙසේ උපදෙස් ලබා දී ඇත.

ලෝක හොරෙකු වු කපිල චන්ද්‍රසේන

දින 52කේ කුමන්ත්‍රණ අගමැති ලෙස පත්ව මහින්ද රාජපක්‍ෂ මුලින්ම කරන ලද පත්වීම වන්නේ ශී‍්‍රලංකන් ගුවන් සමාගමේ සභාපති තනතුරට, කපිල චන්ද්‍රසේන පත්කිරීම වන අතර කපිල චන්ද්‍රසේන මීට පෙර ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස තනතුර දැරූ, 2011 සිට 2015 දක්වා අවුරුදු හතරක කාලය තුළ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ලබා ඇති ශුද්ධ අලාභය රුපියල් බිලියන 93කි.

ශ‍්‍රීලංකන්හි ප‍්‍රධාන විධායක නිලධාරී වශයෙන් ඔහුට රුපියල් ලක්‍ෂ 15ක වැටුපක්ද ගෙවා ඇති අතර ඒ අසීමිත ඉන්ධන දීමනාවක්ද, පෞද්ගලික රියැදුරකු සමග කාර් එකක්ද, ක‍්‍රීඩා සමාජ සාමාජිකත්වය සඳහා වසරකට රුපියල් 24,000ක්ද, නිවසේ දුරකථනය හා ජංගම දුරකථනයේ සියලූ බිල් ශ‍්‍රීලංකන් සමාගම විසින් ගෙවාදැමීම ඇතුළු පහසුකම් රැසකට අමතරවය.

රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ ශ‍්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවුණු අක‍්‍රමිකතා හා දූෂණ සොයාබැලීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සිදුවු අනාවරණයන්ට අනුව 2011/2012 ගිණුම් වර්ෂය තුළ ශ‍්‍රී ලංකන් ලබා ඇති ශුද්ධ අලාභය රුපියල් මිලියන 383කි. 2012/2013 කාලය තුළ ශුද්ධ අලාභය බිලියන 19කි. 2013/2014 කාලය තුළ ශුද්ධ අලාභය රුපියල් බිලියන 26කි. 2014/2015 කාලය තුළ රුපියල් බිලියන 32කි. 2015/2016 ගිණුම් වර්ෂය තුළ ශුද්ධ අලාභය රුපියල් බිලියන 16කි.

කපිල ශ‍්‍රීලංකන් ප‍්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරමින් මසකට රුපියල් ලක්‍ෂ 15ක වැටුපක්ද ලබාගන්නා අතරම ඔහු ශ‍්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් යන ආයතනවලද වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළ අතර එම තනතුරු දරන බව ඔහු කිසිවිටෙකත් ශ‍්‍රීලංකන් කළමනාකාරිත්වය වෙත හෙළිදරව් කර නොතිබිණි.

පසුව ටෙලිකොම් වෙතින් හා මොබිටෙල් උපදේශකයකු ලෙස කටයුතු කල ඔහු රුපියල් ලක්‍ෂ 4,50,000ක දීමනාවක් වෙනම ලබාගෙන තිබේ.

බෙලිඅත්තේ, මහින්ද රාජපක්‍ෂගේ සමීප නෑදෑයන්වූ පිරිසකට අයත්, එකම පවුලේ සමාගම් දෙකක් ලෙස ලියාපදිංචි කර ඇති කුමා ස්ටිකර්ස් හා විහඟ මාර්කටින් යන සමාගම් දෙකට නීති විරෝධී ආකාරයෙන් ශ‍්‍රීලංකන්හි ප‍්‍රචාරක පුවරු සවිකිරිමේ ව්‍යාපෘතිය භාරදී ඇත්තේද කපිල චන්ද්‍රසේන විසිනි.

2020.02.02 හිටපු ශ‍්‍රීලන්කන් ප‍්‍රධානියාගේ බිරිඳ දැවැන්ත අල්ලස් වංචාවක (සන්ඩේ ටයිම්ස් වාර්තාවේ පරිවර්තනය)

ප‍්‍රංශ එයාර්බස් සමාගම විසින් ශ‍්‍රී ලන්කන් ගුවන්සේවයේ හිටපු ප‍්‍රධානියෙකුගේ බිරිඳක් අල්ලස් ගෙවීමේ කටයුත්තක් වෙනුවෙන් කුලියට ගෙන තිබේ. මේ සඳහා ඇය ව්‍යාපාරික හවුල්කාරියක ලෙස යොදා ගනු ලැබ ඇති අතර අල්ලස් දීම සඳහා උපයෝගී කර ගනු ලැබ ඇත්තේ ඇය විසින් බෲනායිහි ලියාපදිංචි කරන ලද ව්‍යාජ සමාගමකි. ශ‍්‍රී ලන්කන් ජාතික ගුවන් සේවය විසින් ප‍්‍රංශ එයර්බස් මිලදී ගැනීම තහවුරු කර ගැනීම වෙනුවෙන් ප‍්‍රංශ එයාර්බස් සමාගම එ.ජ. ඩොලර් මිලියන 16.84ක් (රු. බිලියන 03ක්) ගෙවීමට පොරොන්දු වී ඇති අතර එයින් ඩොලර් මිලියන 2ක් (රු.මිලියන 362ක්) මෙම සමාගම වෙත එවා තිබේ.

හිටපු ශ‍්‍රීලන්කන් ප‍්‍රධානියා මේ පිළිබඳවගනුදෙනු කිරීම සඳහා සහ එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමට හිලව් වශයෙන් ඩොලර් මිලියන 02ක මුදල දැනුම්දීම සඳහා (2013 නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදී) ඔහුගේ පෞද්ගලික ජීමේල් ලිපිනය පාවිච්චි කර ඇත.

රටවල් 20ක කොන්ත‍්‍රාත් ලබාගැනීම වෙනුවෙන් දැවැන්ත අල්ලස් පිරිනැමූ බව පිළිගැනීමෙන් පසු දඬුවම් වශයෙන් පවුම් බිලියන 3ක වාර්තාගත දඩ මුදලක් එයාර්බස් සමාගම වෙත නියම වී ඇත. එම රටවලින් එකක් වනුයේ ශ‍්‍රී ලංකාවයි. ඒ, 2012 සහ 2013 වසරවල A 330 යානා 06ක් සහ A 350යානා 04ක් මිලට ගැනීමටත් තවත් යානා 04ක් කල් බදු ක‍්‍රමයට ලබාගැනීමටත් වෙනුවෙන් ශ‍්‍රී ලංකාව සමග එකඟ වූ ගනුදෙනුවලට අනුවය.

මෙම කොන්ත‍්‍රාත් මතභේදාත්මක බව බොහෝ කලකට පෙර ලංකාවේදී ඔප්පු වී තිබුණද මේ පිළිබඳ පරීක්ෂණවලදී කිසිවෙකු වරදකරුවෙකු කිරීමට හෝ අවම වශයෙන් විනය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කෙරුණේ නැත.

එයාර්බස් සමාගම විසින් අල්ලස් ගෙවා ඇති බවත් ශ‍්‍රීලන්කන් ගුවන් සේවයේ ප‍්‍රධානියෙකුගේ බිරිඳක් වන නම් සඳහන් නොවන කාන්තාවකට එම මුදල් ලැබී ඇති බවත් එංගලන්තයේ මහාධිකරණයේදී සැකයෙන් තොරව අනාවරණය වී තිබේ.

මෙම කාන්තාව 2012 ඔක්තෝබර් 05 වැනි දින ව්‍යාජ සමාගම ලියාපදිංචි කරනු ලබයි. එම සමාගමේ එකම කොටස් හිමිකාරිය හා අධ්‍යක්ෂවරිය ඇයය. අධිකරණයේ ලේඛන ප‍්‍රකාශ කරන්නේ මෙම සමාගමට “ගුවන්යානා අලෙවි ක්ෂේත‍්‍රයේ කිසිදු අත්දැකීමක් හෝ පෞද්ගලික සේවා පලපුරුද්දක් නොමැති” බවය. එහෙත් එම සමාගමට “ශ‍්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර්බස් 10ක් මිලට ගැනීම සහ තවත් 04ක් කල්බදු ක‍්‍රමයට සැපයීම පිළිබඳව බලපෑම් කිරීම” පැවරී තිබූ බව එහි වැඩිදුරටත් සඳහන්ය.

එයාර්බස් සමාගමේ පැරීසිය පදනම් කරගත් අලෙවි අංශයක් වන එයාර්බස් SMO අංශයේ මෙම ව්‍යාජ සමාගම සඳහන් වන්නේ ‘එයාර්බස් සේවක 8’ ලෙසය. එයාර්බස් සමාගමේ අල්ලස් ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක කරන ලද්දේ මෙම අංශය මගිනි. එය විසින් ප‍්‍රශ්නගත ව්‍යාජ සමාගම පත්කරගන්නා ලද්දේ එම අංශයේ කාර්යමණ්ඩලය විසින්ද එය ගැටලුකාරී බව ප‍්‍රකාශ කරන ලද තත්වයක් යටතේය.

2013 මාර්තු මාසයේදී එයාර්බස් සමාගම මෙම කාන්තාව ව්‍යාපාර උපදේශිකාවක් ලෙස පත්කරන ලද්දේ ඇයට ගුවන්යානා සම්බන්ධ කිසිදු විශේෂඥ දැනුමක් නොමැතිව තිබියෙදීය. ඇගේ අනන්‍යතාව සඟවාලීම සඳහා එයාර්බස් කාර්යමණ්ඩලය ඇගේ නමත් ස්ත‍්‍රී පුරුෂභාවයත් හෙළිදරව් නොකර එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව පවා නොමඟ යවා තිබිණි.

ඉන් දින කිහිපයකට පසු එයාර්බස් සමාගම සහ ව්‍යාජ සමාගම ‘උපදේශන ගිවිසුමකට’ එළඹෙන්නේ A 330 යානා 06ක් සහ A 350යානා 04ක් විකිණීම සහ තවත් අතිරේකව A 350යානයක් කල් බදු ක‍්‍රමයට ලබාදීම වෙනුවෙනි.

ගිවිසුම අනුව ශ‍්‍රීලන්කන් විසින් මිලට ගන්නා සෑම A 330 යානාවක්සැපයීමකට පසුව කාන්තාවගේ සමාගමට ඩොලර් මිලියන 01 බැගින්ද A 350යානාවක් සැපයීමකට පසු ඩොලර් මිලියන 1.16 බැගින්ද ගෙවීමට නියමිත විය. ඊට අමතරව කල්බදු ක‍්‍රමයට ගන්නා A 350 යානාවක් වෙනුවෙන් ඩොලර් 300,000 බැගින් ගෙවනු ඇත. (කෙසේ වුවද මුළු මුදලෙන් ගෙවා ඇත්තේ ඩොලර් මිලියන 02ක් පමණි)

එයාර්බස් විසින් කාන්තාවගේ සමාගම සමග වෙළඳපොළ පංගුව පිළිබඳ තවත් ගිවිසුමක් අත්සන් කර තිබිණි. එයින් කියවුණේ 2015 ඔක්තෝබර් 30 වන තෙක් ශ‍්‍රීලන්කන් ගුවන්සේවය විසින් තමන්ගේ (එයාර්බස්) තරගකරුවෙකුගේ යානාවක් මිලදී නොගත්තේ නම්, එනම් එම දිනය දක්වා ශ‍්‍රීලන්කන් විසින් එයාර්බස් පමණක් මිලට ගන්නා බවට සහතික වන්නේනම්, කාන්තාවගේ සමාගමට අතිරේක ඩොලර් මිලියන 05ක මුදලක් ලැබෙනු ඇති බවටය.

2013ජුනි 19 වැනි දින, එනම් කාන්තාවගේ සමාගම සමග ගිවිසුමෙන් මාස 03කට පසු, පැරිස් ගුවන්යානා ප‍්‍රදර්ශනයේදී ශ‍්‍රීලන්කන් සමාගම A 330 යානා 06ක් ඇණවුම් කළේය. මේ යානා සපයන ලදී. ඉන් දින 09කට පසු, එනම් ජුනි 28, ශ‍්‍රීලන්කන් මිලදී ගැනීමේ දෙවැනි ගිවිසුමට අනුව A 350යානා හතරක් මිලදී ගැනීමේ ඇනවුම ලබාදුන්නේය. මෙම යානා සපයනු ලැබුවේ නැත.

එදින මාධ්‍ය නිවේදන කියා සිටියේ ශ‍්‍රීලන්කන් මිලදී ගැනීම ඩොලර් බිලියන 2.8ක වටිනාකමකින් යුක්ත වූ බවය. 2013 ජුනි 18 දින එයාර්බස් විසින් අන්තර්ජාලලයට මුදාහරින ලද ප‍්‍රවර්ධන වීඩියෝවක පැරිස් ගුවන්යානා ප‍්‍රදර්ශනයට පැමිණ සිටින එවකට ශ‍්‍රීලන්කන්හි ප‍්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන කියා සිටින්නේ ජාතික ගුවන්සේවය ක‍්‍රියාත්මක වන්නේ තනිකරම A 340ල A 330ල A 321සහ A 320 වර්ගයේ එයාර්බස් සංචිතයකින් බවයි.

”අපට මෙහෙයුම් කාර්යමණ්ඩලයේදී, විශේෂයෙන් තාක්ෂණ කාර්යමණ්ඩලයේදී පොදුභාවයක් ලැබී තිබෙනවා. එය අපට වාසියක්. ගුවන්යානා කාර්යමණ්ඩලයට පවා එක් වර්ගයක සිට තවත් වර්ගයකට මාරු වීමේදී පහසුවක්. එහිදී අපට නැවතත් තරගකාරී වාසියක් ලැබෙනවා.” ඔහු කැමරාවට කියා සිටියි.

”ගුවන්යානා වර්ගයට අමතරව. අපි වඩාත්ම අගය කරන්නේ සමාගමෙන් ලැබෙන සහයෝගයයි. මොකද මෙය සංකීර්ණ මෙහෙයුමක්. තාක්ෂණික වශයෙන්, නඩත්තුවලින් හා සියලු පැතිවලින් එයාර්බස් සමාගමෙන් ලැබෙන සහයෝගය අතිශය වැදගත්. මේ දක්වා අපි එයාර්බස් සමාගම ගැන තෘප්තිමත්. අපේ බැඳීම වසර 20ක් ඉතිහාසයට දිවයනවා. අපි වසර 12ක් පුරා 320 හා 330 පාවිච්චි කරනවා. එය හොඳින් ක‍්‍රියාත්මකයි. ඒ වගේම වැඩිදියුණු කළ හැකියි.

මම හිතන්නේ අපට තවත් වසර 20ක් එයාර්බස් සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්න පුළුවන් වේවි.”

මෙම වීඩියෝ පටයේ තේමාව වන්නේ, ”ශ‍්‍රීලන්කන් ගුවන්සේවය: තනිකරම එයාර්බස් සංචිතයක්” යන්නය.

ශ‍්‍රීලන්කන් විසින් මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් මාස 02කට පසු බෲනායි ලියාපදිංචි සමාගම ඩොලර් මිලියන 01ක ඉන්වොයිස් පත‍්‍රයක් ඉදිරිපත් කරන ලදී.

එහෙත් එයාර්බස් විසින් ගෙවීම් කරනු ලබන්නේ යුරෝ මුදලින් පමණක් වන බැවින් එම සමාගමට ගෙවීම ලබාගැනීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ යුරෝ ගිණුමක් ඇරඹිය යුතු විය.

මේ මොහොතේදී බිරිඳ විසින් සමාගම පිහිට වූ ශ‍්‍රීලන්කන් ප‍්‍රධානියා එයාර්බස් සමග තමන්ගේම ගිණුමින් සන්නිවේදනය කිරීම ඇරඹීය. තමන්ගේ පෞද්ගලික ජීමේල් ගිණුමින් ඔහු යුරෝ ගිණුමක් ඇරඹීමට පොරොන්දු විය. 2013 නොවැම්බර් 13 ප‍්‍රධානියාම – ඔහුගේ බිරිඳ නොවේ – නව ගිණුම් විස්තර සඳහන් නව ඉන්වොයිස් පත‍්‍රයක් එයාර්බස් සමාගම වෙත යැවීය.

2013 දෙසැම්බර් 02 වැනි දින එම ප‍්‍රධානියාම අමතර ඩොලර් මිලියනයක් ඉල්ලා යැවූ දෙවැනි ඉන්වොයිස් පත‍්‍රය සමාගම වෙත ලැබිණි. එයාර්බස් SMO අංශයේ ”එයාර්බස් සේවක 1” සහ ”එයාර්බස් සේවක 9” විසින් ගෙවීම අනුමත කරන ලදුව 2013 දෙසැම්බර් 27 ඩොලර් මිලියන 02ක් යුරෝ මුදලින් ප‍්‍රධානියාගේ බිරිඳගේ සමාගමට ගෙවනු ලැබිණි.

මේ අල්ලස් ගනුදෙනුව අනාවරණය වූයේ එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් මිලදී ගැනීමේ ගිවිසුමට සම්බන්ධ නියෝජිතයෙකු හෝ උපදේශකවරයෙකු ඇත්නම් හෙළිදරව් කරන ලෙස නියෝග කළ අවස්ථාවේය. ඒ, A 330 යානා 04කට අදාළව අපනයන මූල්‍ය සම්පාදනය කර දෙන ලෙස එයාර්බස් සමාගමේ නිලධාරීන් එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබිණි.

එයාර්බස් සමාගම හඟවා තිබුණේ ඔවුන් ශ‍්‍රීලන්කන් ගනුදෙනුවේදී ඒජන්තවරයෙකු යොදා ගෙන ඇති බවත් ඊට අදාළ ගෙවීම් කිරීම සඳහා තමන් එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුවේ ”විශේෂ මෙහෙයුම් ක‍්‍රියාවලියක්” අපේක්ෂා කරන බවය. එහි තේරුම අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුවේ කිහිප දෙනෙකුට පමණක් ඒජන්තවරයාගේ විස්තර අනාවරණය කිරීම විය. 2015 පෙබරවාරියේදී ඔවුහු එසේ කළහ.

එහෙත් මෙම විස්තරවලදී ඒජන්තවරයා හඳුන්වන ලද්දේ ”ඔහු” ලෙසය. මෙය ව්‍යාජ තොරතුරු දැක්වීමක් වූ බව අධිකරණ ලියකියවිලි ප‍්‍රකාශ කරයි. එසේම එයාර්බස් සමාගම උපදේශන ගිවිසුමට අනුව තමන් සම්පූර්ණයෙන් කොපමණ මුදලක් ගෙවන්නේද යන්න පිළිබඳ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ අතර වෙළඳපොළ පංගුව පිළිබඳ ගිවිසුමේ කොමිස් මුදලද අනාවරණය නොකළේය.

අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව සපයන ලද තොරතුරු සම්බන්ධයෙන් තෘප්තිමත් නොවූ අතර ප‍්‍රශ්න නැගීය. ඒ ප‍්‍රශ්න අතර ජීවදත්ත පත‍්‍රිකාවේ ඔවුන්ට ගුවන්සේවා ක්ෂේත‍්‍රයේ අත්දැකීම් මද බව කියා තිබියෙදී එම සමාගම සේවයට බඳවා ගත්තේ ඇයිද යන්නත් එම ඒජන්තවරයාගේ පදිංචිය ශ‍්‍රී ලංකාවෙන් පිටත ඇත්තේ සහ ඒ වෙතට (බෲනායි) ගෙවීම් සිදුවන්නේ ඇයිද යන්නත් විය.

2015 පෙබරවාරියේ එයාර්බස් පිළිතුරු සැපයූ අතර ඒජන්තවරයා ”ඔහු” සහ ”ඇය” දෙයාකාරයෙන්ම හඳුන්වා දී තිබූ අතර වෙළඳපොළ පංගුව පිළිබඳ ගිවිසුම පිළිබඳව කිසිදු සඳහනක් නොකර තිබූ ඔවුන් කාන්තාවකගේ සමාගමකට එයර්බස් සමාගමෙන් ගෙවීමක් නොකළ බවද අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව කරන ලද විමසීමට පිළිතුරු ලෙස පැවසූහ.

අනතුරුව අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව එයාර්බස් සමාගමෙන් ඉල්ලා සිටියේ ”ඔවුන්ගේ ඒජන්තවරයා ශ‍්‍රීලන්කන් ප‍්‍රධානි 1ගේ බිරිඳ නොවන බව තහවුරු කරන” ලෙසයි. පිළිතුරු ලෙස එයාර්බස් සමාගම අවධාරණය කළේ ”තම ඒජන්තවරයා ශ‍්‍රීලන්කන් ප‍්‍රධානි 1ගේ බිරිඳ නොවන” බවයි. එසේම ”ඒජන්තවරයාට ශ‍්‍රීලන්කන් සමග කිසිදු සබඳතාවයක් නොමැති” බවයි.

2015 මාර්තුවේ එයාර්බස් සමාගම එක්සත් රාධානියේ අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුවෙන් අපනයන මූල්‍ය පහසුකම් ඉල්ලීමේ අයදුම්පත ඉල්ලා අස්කර ගත්තේය. එහෙත් 2016 අප්‍රේල් මාසයේදී අපනයන මූල්‍ය දෙපාර්තමේන්තුව මෙම තොරතුරුත් එයාර්බස් විසින් ලබාදෙන ලද තවත් තොරතුරුත් එක්සත් රාජධානියේ බරපතළ චංචා විමර්ශන කාර්යාලයට බාරදුන්නේය.

Published on: Feb 3, 2020- ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ(SLBC) සභාපති ලෙස පසුගිය 30 දා වැඩබාර ගත් රෝහණ දේව පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබේනවා.අදාළ ඉවත් කිරිමේ ලිපිය ගුවන් විදුලි අධක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ වෙත අද (03) පෙරවරුවේ දී යොමුකර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු රජයේ ආයතන සඳහා පත් කරනු ලබන්නේ වියත්ම සංවිධානයේ කමිටුවක් නිසින් ලබාදෙන නිර්දේශ මත සුදුසුකම් ඇති විශය ප්‍රවීනයන් බව ප්‍රකාශ කර තිබුනද රෝහණ දේව පෙරේරා යනු මුල් ළමාවිය සංවර්ධනය නොවු ගොනෙක් බව පසුගියදා පැවැති රැස්විමකදි කළ ප්‍රකාශ වලින් තහවුරු වුනා.

පසුගිය කාලයේ රාජපක්ෂලා වෙනුවෙන් අටවාගෙන තිබු “නිදහස් කළා සන්ධානය ” යේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කලේද රෝහණ දේව පෙරේරායි.

කැලණි විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා ගුවන් සංස්ථාවේ සංස්ථාවේ සභාපති තනතුරට පත්කරන ලෙස කමිටුව නියෝග කර තිබියදි රෝහන එම පත්විම සදහා පත්කල බව දැනට අනාවරණය වි තිබේ.

ඇමරිකාවේ සිට පැමිණ ගෝඨාභයගේ පච පත්තිනි අම්මා ලෙස ජනාධිපතිවරණ සමයේ පෙනී සිට ජාතිවාදය වපුරමින් කාන්තා සනීපාරක්ෂක තුවා වලට පවා පහරදුන් සංජීවනී වීරසිංහද පසුගියදා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්කෙරුනේද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවටයි.

ගුවන් විදුලි සංස්ථාවේ තනතුරු සඳහා රුහුණු විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය වරයෙක් ද ඉල්ලීම් ඉදිරිපත් කළ නමුත් ඔහුට තනතුරක් නොලැබුණු අතර

ගුවන් සංස්ථාවේ සිංහල සේවාවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ඉන්දික ජයරත්න හට බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගෙන් අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත්වීම් ලිපියක් ලැබුණද ඔහුටද එම පත්වීම ලබා ගත නොහැකි විය.

සංජීවනීට අධ්‍යක්ෂක ධුරය ලැබිමේ රහස…. බලාපොරොත්තු වන්න …..

ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති ලෙස වැඩ භාරගත් අවස්ථාවේ රෝහණ දේව පෙරේරා කල කතාව …

එක් එක්කෙනාගේ රස ජනනය සන්නිවේදනය එක රසාංජනය වන විදිය වෙනස්.මම ගුවන් විදුලියේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙස සිටියේ.අතන මෙතන කැරකෙනවා.ඉද ගන්න පුටුවක් දුන්නේ නෑ.හැබැයි අද ලොකු පුටුවම ඉදගන්න ලැබිලා තියෙනවා.ඒ දවස්වල පුටුවක්වත් තිබුණේ නෑ.එදා වවුචරයක ගාණක් ගන්න පැය ගණනක් වැඩ කර තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මගේ අයැදුම්පත බලලා මාව තෝරා ගත්තා හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා අාශිර්වාදය දුන්නා. ඒ නිර්දේශ මත අාචාර්ය බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මේ පත්වීම දුන්න එක සැබෑය.

රෝහණ දේව වැඩභාර ගත් වෙලාවේ නාරාහෙන්පිට මහින්දාරාම (අභයාරාම) විහාරාධිපති එක්සත් හෙද සේවා සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද කල කතාව…

“මේ රටේ තිබුණ අවසනාවන්ත දුර්දාන්ත පාලන ක්‍රමය වෙනස් කර යහපාලනයක් ගෙන එන්නට පමණක් නොව රට නවීකරණය කර ඉදිරියට ගෙනියන්න ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස පත් වු රෝහණ දේව මහතා ලබා දුන් සහයෝගය කිසිදා අමතක කළ නොහැකියි.”

“අද ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයෙන් පිදුම් ලබන රෝහණ දේව පෙරේරා මහතාට මේ ලත් පදවිය තව තවත්ආ ලෝකමත් කරන්න ලැබේවා.අද ඔබතුමාට ලද මේ පදවිය ගැන අපි කතා කරනවා නම් අවුරුදු හතර හමාරක් තිස්සේ අප හැමදෙනාම මහත් කළකිරීමකට අසහනයකට ලක්වෙමින් රටේ හැම පැත්තකින්ම පිරිහෙච්ච පරිසරයක් තමයි අපේ රටේ ඇති වෙලා තිබුණේ.ඒ පරිසරය වෙනස් කර අද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේත් වත්මන් අගමැතිගේ මැදහත්වීමෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අපි තෝරාගෙන මේ රට අපි දැන් ඒ තුමාට බාරදීලයි තියෙන්නේ.මම හිතන්නේ මේ බාරදීමට ප්‍රථම අපේ රෝහණ දේව මහතා දක්වපු කාර්ය බාරය විනාඩි දහයකින් පහකින් කියන්න බැහැ.”

“රෝහණ දේව මහතාගේ හඩ ගම් නියම්ගම් කරා ගිහිල්ලා මේ රට එක්සේසත් කරන්න මේ රටේ තිබුණ අවාසනාවන්ත දුර්දාන්ත පාලන ක්‍රමය ඉවත් කරදාලා යහපාලනයක් ඇති කරන්න විතරක් නොවෙයි රට නවිකරණයක් කරන්න ඉදිරියට ගෙනියන්න ඔබතුමාගෙන් ලැබුණ සහයෝගය අපට කිසිදාක අමතක කරන්න බැහැ.සේවක සුහදතාවයෙන් මෙය පාලනය කරනවා නම් ගුවන් විදුලියට කවදාවත් අපලයක් වෙන්නේ නැහැ.”

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…



Loading…


http://lankanewsnetwork.org/archives/21313

Published on: Feb 3, 2020- ඉදිරි මහ මැතිවරණයට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා එකතු කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයකගේ කැමැත්තක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මෛත්‍රී රනිල් හවුල මේ රට විනාශ කළ බව පෙන්වා දෙන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා රට විනාශ කළ පුද්ගලයින් සමග එක් ව ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් නැවත සිතා බලන්නැ‘යි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නායකයන්ගේ ඉල්ලා සිටින බව ද කීවේය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සමනායකයෙකු ලෙස පිළිගැනීමට පොදුජන පෙරමුණ සුදානම් නොමැති බවත් තම පක්ෂයේ අසමසම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණක් බවත් රණතුංග මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව දැනුවත් කිරීම සදහා අද (03) උඩුගම්පල ඒ මහතාගේ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී රණතුංග මහතා මේ බව සදහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

” මම දැක්කා මොකක්ද මේ පොදු පෙරමුණ ද මොකක්ද කියලා පක්ෂයක විධායක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙලා සන්ධානයක් හදාගෙන තියෙනවා. ඒ සන්ධානයේ 51%ක් අපේ පක්ෂයටත් දෙන බවත් සෙසු පක්ෂ අතරේ ඉතිරි කොටස බෙදෙන බවත් කියලා තිබුණා. මොන මොන සන්ධාන කවුරු කොහොම ගැහුවත් අපි ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුවෙන් පමණයි. පොහොට්ටුව හැර අපට වෙන විකල්ප නෑ. අනික කියලා තිබුණා ඒ සන්ධානයේ සම නායකයා මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් බව. අපිට සමනායකයන් නෑ. සමනායකයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පිළිගන්න අපේ පක්ෂය සුදානම් නෑ. අපේ අසමසම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආප්ප කාලා පැනලා ගිහින් අපේ නායක මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. 2015 ජනාධිපතිවරණයෙන් දිනලා රනිල් එක්ක ජාතික ආණ්ඩුව කියලා අටමගලක් අටවාගෙන මේ රට විනාශ කළා. අපි එක්ක ශ්‍රිලනිපයේ හිටපු අයත් ඒකට ගිහින් තනතුරු වරප්‍රසාද ගත්තා. පසුගිය වසර 05 යහපාලන ආණ්ඩුව මේ රට කෑවා. ඒකට මෛත්‍රී – රනිල් හවුල් යහපාලන ආණ්ඩුවේ හිටපු හැමෝම වග කියන්න ඕනෑ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ඒ වගකීමෙන් මිදෙන්න බෑ.

මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව තමයි මහ බැංකු හොරකම කළේ. පාස්කු ප්‍රහාරයටත් සම්පුර්ණයෙන්ම වග කියන්න ඕන මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව. මේ රටේ ජාතික ආරක්ෂාව විනාශ කරපු එකට, රණවිරුවෝ හිරේ දාපු එකට, ස්වාමීන් වහන්සේලා හිරේ දාපු එකට වග කියන්න ඕනේ මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව. එහෙව් කත් ඇදපු අය එක්ක අපි කොහොමද එකතු වෙන්නේ.

පසුගිය ආණ්ඩුව ගැන මිනිසුන්ට තියෙන්නේ ලොකු කළකිරීමක්. ඒ ආණ්ඩුවට සහය දුන් අය එකතු කර ගත්තොත් අපේ පාක්ෂිකයෝ අපි පිළිබදවත් කළ කිරීමක් ඇති කර ගනී. අනික අපි හදන ආණ්ඩුවකට මේ අය එකතු වීම අපේ ජනතාවාදී වැඩපිළිවෙලඅනතුරේ හෙළිමක් වෙන්න පුලුවන් කියන එකයි අපේ පාක්ෂිකයන්ගේ මතය. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපට එකතු කර ගැනීම ගැන පොහොට්ටුවේ බහුතරයකගේ කැමැත්තක් නෑ. අපේ පක්ෂ නායකයන් මේ තත්ත්වය හොදින් වටහාගෙන කිසියම් තීරණයක් ගනිවි.

දැන් තව මතයක් යනවා විද්වතුන් දේශපාලනයට පැමිණීම ගැන. අපි ඒකට එකගයි. හැබැයි මේ සමහර විද්වතුන් පසුගිය රනිල් – මෛත්‍රී හවුලට කඩේ ගිය උදවිය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ එහෙම නැත්නම් ජනාධිපතිවරණයේ දී අපිට එකතු වුණ අය. එහෙම අය පාර්ලිමේන්තුවට යැව්වොත් අපි හදන්න හදන ජනතාවාදී ආණ්ඩුව ඒ අය තනතුරු, වරප්‍රසාද වෙනුවෙන් විනාශ කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඉදිරි මහ මැතිවරණයේ දී ජනතාව ඉතා පරිස්සමින් තීන්දු තීරණ ගතයුතු යැයි කියන එකයි මගේ අදහස. මහින්ද – ගෝඨාභය සුසංයෝගය තමයි මේ රට ගොඩ  ගත්තේ. දැන් ඒ සුසංයෝගය නැවත් රට තුළ ස්ථාපිත කරන්න අපිට ඉදිරි මහ මැතිවරණයේ දී අවස්ථාව ලැබෙනවා. එතනදී අපි පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ මහින්ද මහතා සමග වැඩ කළ හැකි, ඔහුව රකින පිරිසකුයි.

එක්සත් ජාතික පක්ෂය අද යන එන මං නැති පක්ෂයක්. රනිල්ව නායකත්වයෙන් අයින් කර ගන්න බැරි සජිත් කොහොමද ජනතාවට නායකත්වය දෙන්නේ. සජිත්ගේ පිළ කිව්වා හොදින් හරි නරකින් හරි රනිල් එලවනවා කියලා. වැඩේ කරගන්න බැරිවුණාම සජිත් පිළ කියනවා පෙරළුණ පිට හොදයි කියලා. සජිත් ප්‍රේමදාස මහතාට මෙවර මහ මැකිවරණයෙන් පස්සේ විපක්ෂ නායකකමත් අහිමිවෙනවා. ඒක ස්ථිරයි.

අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ වැඩ පිළිවෙල පිළිබද ව ජනතාව බලාපොරොත්තු තබාගෙනයි ඉන්නේ. පසුගිය මාස 02 තුළ අපි අලුත් රටක් නිර්මාණය කිරීමේ මුල් පියවර තැබුවා. ඉදිරි මහ මැකිවරණයෙන් පසු අපි ඒ අලුත් රට නිර්මාණය කිරීමේ කටයුත්ත වේගවත් කරනවා.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Feb 3, 2020 – 2002 දී පාර්ලිමේන්තුවට ගෙන එන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5වන වගන්තිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ව්‍යවස්ථාවක් ගෙන එමින් වසරකට පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබුණි.

එකී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2002 සැප්තැම්බර් මස 19වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප්‍රතිපත්ති හා ආයෝජන ප්‍රවර්ධන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර 2002 සැප්තැම්බර් මස 11වන දින ගැසට් පත්‍රයේ පළ කර ඇත.

එම 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින්ශ්‍ රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල්(වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

එහි තීරණය අනුව ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය නීතියක් බවට පත් කිරීම සදහා අවශ්‍ය වන නීතිමය තත්ත්වය එම විනිසුරුරු 7දෙනා විසින් දීර්ඝව විස්තර කර ඇත. වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5වන වගන්තිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසරවීම ජනාධිපතිට සීමා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බවත් එය නීතියක් වන්නේ ජනමතවිචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය දීමෙන් පසුව බව අගවිනිසුරු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුරු 7දෙනෙකු විසින් තීරණය කර ඇත. 2

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට එකගව කටුයුතු කරන්නේ නම් වසරකට පසු පාර්ලිමේන්තුව විසරවීම ජනාධිපතිට සීමා කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් නීතියක් බවට පත්කරන ආකාරයේ සහ 79 වන ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කරනු ලබන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බවට වන කථානායකවරයාගේ සහතිකයක් සදහන් සටහනක් තබා ජනමතවිචාරණයකදී තමන්ගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව එළඹෙන තෙක් ජනතාව බලා සිටින අතර මේ වන තෙක් ජනාධිපතිවරයා විසින් ඒ අවස්ථාව ජනතාවට ලබා දී නැත. මෙය ජනාධිපතිවරයා විසින් සිදුකරන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට පටහැනි තත්ත්වයකි.

2015 ගෙන එන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය කියා ඇති පරිදි ජනතාවගේ කැමැත්ත විමසීමට ජනමතවිචාරණය නොපැවැත්වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කිරීම සහ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක යෙදීම…..

අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි 2015 මාර්තු මස 13 වන දින ගැසට් පත්‍රයේ 11 වන කොටස අතිරේකය   (2015.03.16 දින නිකුත් කරන ලද) 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 19වගන්තිය මගින් පාර්ලිමේන්තුව විසරවීමට අදාල ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව එකී ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාව ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අනු ව්‍යවස්ථාව ආදේශ කිරිම මගින් මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1)    ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ය:

එසේ වුවද, පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට එසේ නොවන්නේ නම් පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකල යුතු බව දක්වා ඇත.

ඒ අනුව 2005 දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින්ද 2002දී ගෙන එනු ලැබූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මෙන්ම ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම සීමා කරන විධිවිධාන ඇතුළත් කර ඇත.

2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට පෙර එනම් 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 7දෙනෙකු විසින් තීරණය කළ පරිදි  පාර්ලිමේන්තුව විසිරවීමෙන් ජනාධිපති වළක්වන විධිවිධානය නීතියක් බවට පත් කිරීමට පෙර ජනතාවගේ මතය විමසන ජනමතවිචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරවයා කටයුතු කර නැති අතර පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය පමණක් මේ වන විට හිමි වී ඇත. නමුත් එය නීතියක් වීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව පැවැත්විය යුතු ජනමතවිචාරණය පැවැත්විය යුතු අතර වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව විසින් බලයට පත් කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කිරීමට නොව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලට අනුව රට පාලනය කිරීමටය.

පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සම්ම්ත වී ඇති 2005දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව නීතියක් බවට පත්කිරීමේ ඉදිරි පියවර ගැනීම ජනාධිපතිවරයා විසින් කළ යුතු වේ.

මෙහිදී යම් අයෙකු හෝ කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අයුතු ලෙස හා අන්තනෝමතික ලෙස යොදා ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අනුව කටයුතු නොකරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝණය කරන ආකාරයට 2015දී ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා නීති විරෝධීව නීතිමය තත්ත්වයක් ආරෝපණය කරමින් සිටින හෙයින් ඒ සම්බන්ධව දැඩිව ක්‍රියා කිරීමද ජනාධිපතිවරයාට අයත් කාර්යයක් වේ.

ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්කරනු ලැබූයේ නීතියට අනුව රට පාලනය කිරීමට හෙයින් මේ වැරදි තත්ත්වය නිවැරදි කිරීමේ පූර්ණ වගකීම ඔහු විසින් දැරිය යුතු අතර මෙහිදී කිහිප දෙනෙකු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්  සිදු කර ඇති බවත් පැහැදිලිවන හෙයින් ඒ සම්බන්ධව පූර්ණ විමර්ශනයක් සිදුකර වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමද සිදු කළ යුතු වේ.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

ආශ්‍රිත මූලාශ්‍ර

  1. 2002 දී පාර්ලිමේන්තුවට ගෙන එන ලද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5වන වගන්තිය.
  2. ශ්‍රී ලංකා වාසී ජනතාව තවම ව්‍යවස්ථානුකූලව සම්මත නොකළ එම නිසා තවම නීතියක් වී නැති 19වන ව්‍යවස්ථාකෙටුම්පත සහ කළු සුදු කිරීමේ 21 සහ 22 

(හර්ෂ කුමාර සූරියආරච්චි)

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Feb 2, 2020- කොරොන වෛරසයට වඩා එක්සත් ජාතික පක්ෂය තුල එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා භායානක බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පවසයි.ජාතික මහජන සභාව විසින් (02) දින හැටන් නගරයේ කැදවා තිබු විශේෂ මාධ්‍යය හමුවකදි චමිර පෙරේරා මහතා කියා සිටියේ නිල් වික්‍රමසිංහ භුත ආත්මයෙන් නිදහස්ව ස්වාධීන සංධානයක් ජනතාව ඉල්ලන බවයි. (අදාළ විඩියෝව පහතින් නැරඹීමට හැක.)

දැන් මේ එක්සත් ජාතික පක්ෂය දිහා බැලුවම කොරෝනා ‍වෛරසයට වඩා ලොකු වෛරසයක් තමයි මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ.

ඒක හොද කරන්න බැරි බව තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් අපි දැක්කා රනිල් වික්‍රමසිංහ පක්ෂයේ  ඩමී ටික රැස් වෙලා ආයේම පාරක් කිව්වා රනිල් වික්‍රමසිංහ තමයි හොදම කියලා.

රනිල් වික්‍රමසිංහ මහත්තයටයි ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයටයි කියන්න කැමතියි ඊලග වතාවේදී ව්‍යවස්ථාව වෙනස් කරලා හරි කමක් නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා ස්වර්ගස්ත වුනත් මේ භද්‍ර කල්පය පවතින තුරු රනිල් වික්‍රමසිංහ උතුමානන්මයි මේ එජාපයේ නායකයා කියලා තීරණය කරන්න.

භූත ආත්මයකින් හරි එතුමව ගෙනල්ලා නායකත්වයේ තියාගන්නවා කියලා තීරණය කරන්න පුළුවන්. දැන් පහු ගිය ජනාධිපතිවරණයේදී ලබා ගත්ත ජයග්‍රහනයක් තමයි ඔය රනිල් වික්‍රමසිංග දෝශයෙන් නිදහස් වුණා. ඒ නිසා කාට හරි ජනතාවගේ ප්‍රසාදයක් දිනා ගන්න ඕන නම් එය රනිල් වික්‍රමසිංහ දෝෂයෙන් නිදහස් වෙන්න ඕන.

මේ ආණ්ඩුව බලයට පත් වෙලා මාස 2 , 3 ඇතුලත වර්තමාන ආණ්ඩුව බිහි කිරිමට ජන්දය ලබා දුන්න අය අතර මේ වන විට බරපතල ඉච්චා භංගත්වයක් තියෙනවා.එ නිසා අපිට ඕනි විකල්ප පරිවර්තනිය වැඩ පිලිවෙලක්. එක ගෙන්න පුළුවන් විකල්ප පරිවර්තනිය නායකයෙකුට පමණයි.

නොවැම්බර් මාසය එවැනි ප්‍රජාතන්ත්‍රවාදි කදුවර එවැනි නායකයෙක් පිලිඅරගෙන තියෙනවා.එ නිසා පුළුල් සන්ධානයක් ඇතිකරගන්න ඕනි රනිල් වික්‍රමසිංහ භුත ආත්මයෙන් නිදහස්ව ගිහින් , එක තමයි මේ මොහොතේදි රටේ ජනතාව ඉල්ලා සිටින්නේ.

පාර්ලිමේන්තුවට එන 5වන එතනොල් කාරයා කවුද?

මේ නුවරඑලිය දිස්ත්‍රික්කට 2015 ට කලින් පත්තර වල මාධ්‍යය වල ගියා එක්තරා ක්‍රිකට් ක්‍රිඩකයෙක්ගේ සහෝදරයෙක් එතනොල් ගෙනල්ලා නිතියට හසු වෙලා කොටි ගණනක දඩ මුදලකට යටත් ව නිදහස් වෙලා ඉන්න ක්‍රිකට් ක්‍රිඩකයෙක්ගේ සහෝදරයෙක් නුවරඑලියට පැරෂුට් එකකින් දාන්න යනවා කියලා.

රංජන් රාමානායක මහතා පසුගිය දා පා.ම කිව්වා එතනොල් ගෙන්නන පා.ම හතර දෙනෙක් ඉන්නවා කියලා , මැයි මාසයේ රංජන් රාමානයක මහතාට කියන්න ඉඩ තියන්න එපා එතනොල් ගෙන්නන පා.ම පස් දෙනෙක් ඉන්නවා කියලා.ඒ  පාපයට නම් නුවරඑලිය ජනතාව අතගහන්න එපා කියලා ඉල්ලිමක් කරනවා . යනුවෙන් පැවසිය.

2013 වසරේ රේගු බදු පැහැර හරිමින් එතනෝල් බහාලුම් දෙකක් ආනයනය කළ පුද්ගලයින් පස් දෙනෙකුට ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් 33,800,000 ක දඩ මුදලක් නියම කල අතර එම චොදනාවට වරදකරු වුයේ මුත්තියා සසිධරන් හෙවත් මුත්තයියා මුරලිදරන්ගේ සොහොයුරුය.

එම බහාලුම්වල එතනෝල් ලීටර් 61500 ක් අඩංගු බව සොයා ගන්නා ලදී.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Feb 1, 2020 – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවි යන අවස්ථාවලදි වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් නොකර සිටිම සම්බන්ධයෙන් මහින්ද පාර්ශ්වය සහ ගෝඨා පාර්ශ්වය අතර අලුත්ම අර්බුදය බවට පත්ව තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.අර්බුදය වෙගයෙන් ඉහලට ගමන් කරමින් තිබෙන බවට හොදම උදාහරණය වන්නෙ සිය මාසික ප්‍රතිකාර සදහා සිංගප්පූරුවට යැමට පෙරේදා රාත්‍රියේ ගෝඨාභය සුදානම් වුවද ආරක්ෂක අමාත්‍යධුරයේ වැඩ බලන්නෙකු සම්බන්ධයෙන් මහින්ද කල ප්‍රශ්ණ කිරිම් හමුවේ ගෝඨාභයගේ ගමනද නතර විමයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක වගකීමක් දැරිය නොහැකිව තිබිම නිසා මහින්දගේ වන්දිබට්ටයෝ හිතාගෙන සිටියේ මහින්ද ආරක්ෂක අමාත්‍යවරයා කියාය.වන්දිබට්ටයන්ට එය එසේ නොවේ යැයි තෙරුම් ගැනිමට මාසයක පමණ කාලයක් ගතවු බව ඉතාම පැහැදිලිය.

ආරක්ෂක ඇමතිකම මහින්දට දෙන්න ගෝඨාභය භයද?

මේ දක්වා ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයෙකු පත්කර නොමැති අතර එය නීතියට පිටින් යමින් ගෝඨාභය සිය අතෙ තබාගෙන සිටි.මහින්ද ජනාධිපති සමයේ ආරක්ෂක අමාත්‍යධුරය සියතේ තබාගෙන සිටි අතර යුද්ධයේ අවසන් කාලයේදි පවා රටින් පිටවි යන අවස්ථාවල එය පවරා ගිය අතර එවකට මෛත්‍රීපාල සිරිසේනද එම ධුරයේ වැඩබලා තිබේ. කෙසේවෙතත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ පත්කර තිබේන නමුත් ඉන්දිය සංචාරය,සහ ප්‍රතිකාර සදහා රටින් පිටව ගිය අවස්ථා 3 දීම ගෝඨාභය සිය ආරක්ෂක තනතුරේ වැඩ බැලිම ඔහුට හෝ පවරා ගියේ නැත.

ව්‍යවස්ථාව හා නීතිය උල්ලංඝනය කරමින් ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව පිළිබඳ වගකියන කැබිනට් අමාත්‍යවරයෙකු පත් නොකර ගෝඨාභයගේ තනි කැමත්තට පත්කරගත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගෝඨාභයට අවශ්‍ය දේවල් නිසි පරිදි සිදුකරමින් සිටි.

මහින්දට බෑ…

මේ අතර ගෝඨාභයගේ  බෝන් අ’ගෙන් ක්‍රිස්තියන් මාෆියා න්‍යායාචාරවරුන් කිහිප දෙනෙකුම මහින්දට ආරක්ෂක අමාත්‍යාංශයේ වගකිම් පැවරිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් අදහස් පලකර තිබේන අතර ඔහුන් සදහන් කර ඇත්තෙ

“මහින්දගේ නොසැලකිලිමත් කම හේතුවෙන් ආරක්ෂක අමාත්‍යධුරය හෝ වැඩබලන අමාත්‍යවරයා ලෙස හෝ පත්කිරිමට තමන් අකමැති බව “HE” දැන්වු බවයි.”

අප්‍රියෙල් 21ක ප්‍රහාරය සදහා ඉඩ ලැබුනේ ඊට මාස ගණනකට පෙර සිට ආරක්ෂක මණ්ඩලය කැඳවා නොතිබිම නිස බවත් ඊට පලමු මෙන්ම ප්‍රමුඛ හේතුව මෛත්‍රී – රනිල් දෙන්නා අතර වූ ගැටුම්කාරී තත්ත්වය නිසා බව හිටපු අග්‍රාමාත්‍යවරයා(රනිල් වික්‍රමසිංහ) ජනාධිපතිවරයාට පෞද්ගලිකවම පෙන්වාදුන් කරුණක් බවත්, ඔහුන් සදහන් කර තිබේ.

මෛත්‍රී – රනිල් ගැටුම ආරම්භ විමට මෙන්ම එය දිගින් දිගටම පැවැතිමට මහින්ද ප්‍රබලම හේතුවක් බවත් දෛනිකව මහින්ද මෛත්‍රීට දුන් උපදෙස් සහ කී කේලාම් මේ දෙදෙනා අතර අර්බුදයට ප්‍රධාන හේතුව බව පසුව අනාවරනය වුනා.

ජාතික ආරක්ෂාවට කොරෝනා

රටේ ජනතාව ජාතික ආරක්ෂාව යනුවෙන් සිතගෙන සිටින්නේ මිලිටරීකරණය වු බෝම්බ සහ තුවක්කුවලින් කරන යුද්ධ පමණී. ජාතික ව්‍යසනයන කිහිපයකට මුහුණ දුන් ශ්‍රි ලංකාව ජාතික ආරක්ෂාව සදහා කරපු මගුලක් නැත. දැන් පැතිර යන කොරෝනා වලින් අලුත් පාඩමක් ඉගෙන ගැනිමට තරම් ලාංකිකයන්ට ඔලුගෙඩියක්ද නැත.සියල්ලටම වඩා ජාතික ආරක්ෂාව ගැන කැබිනට්ටුවට වගකියන අයෙකු අවශ්‍ය.නැත්නම් ජාතික ආරක්ෂාවට කොරෝනා හැදෙන දවසද වැඩි ඇතක නොවනු ඇත.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Feb 1, 2020- සත්‍යය, යුක්තිය සහ වන්දි ගෙවීම සඳහා රජය විසින් සිදුකරන ලද කැපවීම්, උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා අඛණ්ඩව දඩුවම් නොලැබීම, ආගම හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ශ්‍රී ලංකාව තුල අහිමි වෙමින් තිබේන තත්ත්වයක් උදාවි ඇති බව ආසියා පැසිෆික් කලාපයේ මානව හිමිකම් පිළිබඳව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International ) සවිස්තරාත්මක විශ්ලේෂණය හරහා පෙන්වා දෙනවා.

(Human Rights in Asia-Pacific: Review of 2019 ) වාර්තාවේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කොටස  පහතින් අමුනා ඇත.

අපේ‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයෙන් වාර්ගික ප‍්‍රචණ්ඩත්වය වත්මන් රජය යටතේ වර්ධනාය කිරිම හේතුවෙන් සුළු ජාතීන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර ජාතින් අතර නිදහස අනතුරේ හෙළන බවද එම වාර්තාව පෙන්වා දෙනවා.

වසර 30 ක ගැටුම සඳහා යුක්තිය සහ වන්දි ගෙවීම නතර විමෙ තත්ත්වයක් උදාවි ඇති අතර පසුගිය රජය ඒ සදහා ගත් සුභදායී පියවර නව රජය විසින් ආපසු හැරවීමේ අවදානමට ලක්ව තිබිම ඊට හේතු වි තිබේ.

“ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ පැවති ගැටුමට ගොදුරු වූවන් සඳහා, අතුරුදහන් වීම් පිළිබඳ සුළු ප්‍රගතියක් සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් වගවීමක් නොමැත.” යනුවෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි දකුණු ආසියාවේ අධ්‍යක්ෂ බිරාජ් පට්නායික් (Biraj Patnaik) සදහන් කර තිබේ.

අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ අප්‍රියෙල් ප්‍රහාරයෙන් පසුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ආගමික විශ්වාසයන් සඳහා වූ අයිතිවාසිකම්වලට අනවශ්‍ය සීමාවන් පැනවීම වත්මන් බලධාරීන් හදිසි රෙගුලාසි භාවිතා කරමින් සිටි.

අන්තර්ජාතික මානව හිමිකම් නීතිය හා ප්‍රමිතීන්ට අනුකූල නොවීම සම්බන්ධයෙන් දිර්ඝකාලීන විවේචනයට ලක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ( PTA) ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටළු නිරාකරණය කිරීම සඳහා ද යොදා ගන්නා අතර බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව මුස්ලිම් විරෝධී ප‍්‍රචණ්ඩත්වයක් ඇති වු අතර එය සන්නද්ධ කණ්ඩායම විසින් ‘ඉස්ලාමීය රාජ්‍යය’ ලෙස හදුන්වා දෙමින් ජනතාව බෙදා වෙන්කිරිමට කටයුතු කල අතර සුළුතර ප්‍රජාවන්ට එල්ල වු ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ එතරම් දෙයක් නොකිරිම හරහ එය මනාව තහවුරු වි තිබේ.

අපේ‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ආගමික නිදහස සක්‍රියව අවදානමට ලක්ව තිබේනවා.එම නිතී අවලංගු කල යුතුයි.ජාතික ආරක්ෂාව යන නාමයෙන් විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල අයිතිවාසිකම් උල්ලංඝනය කිරිම සමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ.

2009 දී අවසන් වූ තිස් වසරක ගැටුමේදී සිදු කරන ලද ජාත්‍යන්තර නීතිය යටතේ සිදු වූ අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා විසඳීම සඳහා රජය විසින් නැවත නැවතත් කරන ලද සහතික කිරීම් බොහෝ දුරට යථාර්ථයක් නොවීය.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය විසින් අතුරු සහන සහ යුක්තිය සඳහා තීරණාත්මක නිර්දේශ ඉදිරිපත් කළ වාර්තාවක් නිකුත් කළ නමුත් ඉන් එකක් පමණක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නීතිපතිවරයා නොවැම්බර් මාසයේ දී කඩිනම් අධිචෝදනා ගොනු කළ නමුත් අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩගේ නඩුව ද ඇතුළුව චෝදනා ලැබූ අනෙකුත් වැරදිකරුවන් ඉවත් කර තිබේ.

සාක්‍ෂි නොමැතිකම හේතුවෙන් 2006 දී දෙමළ සිසුන් පස් දෙනෙකු ඝාතනය කළ බවට චෝදනා ලැබූ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් 12 දෙනෙකු ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත්වරයකු විසින් ජූලි මාසයේදී නිදොස් කොට නිදහස්ක රන ලදී. එතැන් සිට මෙම ඝාතනයන් සම්බන්ධයෙන් වෙනත් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනු කර නොමැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් 2014 දී කරන ලද පරීක්ෂණයකදී නම් කරන ලද හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු වසර අවසානයේ නව රජය දිවුරුම් දීමෙන් පසු බලතල සඳහා උසස් කරනු ලැබීම සම්බන්ධයෙන්ද වාර්තාව අවධානය යොමුකර තිබේ.

සත්‍යය, යුක්තිය සහ වන්දි ගෙවීමේ යාන්ත්‍රණයන් ස්ථාපිත කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඇති නව රජය ඉවත් වි ඇති අතර හිටපු රජයක් විසින් කරන ලද බැඳීම් ඉටු කිරීමට තම රජය බැඳී නොසිටින බවටද ප්‍රකාශ කර තිබේ.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…




Human Rights in Asia-Pacific: Review of 2019


Published on: Jan 31, 2020- පරාජිත සන්ධානයකට නායකත්වය දීමට තමන්ට අවශ්‍ය නැති නිසා සජිත්ට සන්ධාන නායකත්වය ලබාදිමට තීරණය කල බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සිය කෘත්‍යාධිකාරි මණ්ඩල සමාජිකයන් කිහිප දෙනා නිවසේ හමුවු අවස්ථාවේ පවසා තිබේ.

මහා මැතිවරණයෙන් සජිත් පිළ දැවැන්ත පරාජයකට පත්වෙන බව තමන් දන්නා බවත් ජනාධිපතිපතිවරණයෙ ලැබු පරාජය දිගටම පවතීන බවත් එවන් පරාජිත සන්ධානයකට නායකත්වය දීමට තමන් අකමැති බවද වික්‍රමසිංහ මහතා සදහන් කර තිබේ.

එක්සත් ජාතික් පක්ෂයේ (UNP)නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව සහ සජිත්ට මහා මැතිවරණයට තරග වදින සන්ධානය මෙහෙයවිමේ බලය සහ අගමැති අපේක්ෂකත්වයද පිරිනමන බව සදහන් කල රනිල්ගේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමෙන් අනතුරුව ඊයේ රාත්‍රීයේ එම කණ්ඩායම රනිල්ගේ නිවසේදී හමුවකට එක්වුනා.

එහිදි සජිත් ප්‍රේමදාසාගේ නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම පිළිබඳව ඔහුගේ සමීපතමයන් කල සාකච්ඡා වලට එක්වෙමින් වික්‍රමසිංහ මහත සදහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම දකුණේ පවත්වන ලබන කිසිදු රැස්වීමකට සුළු ජාතික දේශපාලන  පක්ෂ නායකයින් ඉදිරිපත් නොකිරීමට තමන් කටයුතු කරමින් සිටින බවයි.

“කොහොම ප්ලෑන් කලත් මහා මැතිවරණය දිනන්න එයාලට බෑ.. අනික ඔය සුළු පක්ෂත් මහා මැතිවරණයෙදි තමන්ගේ තින්දුව වෙනස් කරයි.දිනන එක කෙසේවෙතත් සජිත් වටේ ඉන්න අයට පාර්ලිමේන්තුවට එන එකත් දැන් අවුලක් වෙලා තියෙන්නේ.”

“ජනාධිපතිවරණයට වසරකට පෙර ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව තමන් හොදින්ම දැන
සිටිය බවත්,මහින්ද ඇතුලු රාජපක්ෂ පවුලේ ඇතැමුන් ගෝඨාගේ ගමන වැලැක්වීමට කටයුතු කල විටදි ඊට මුහුණදිමට ගෝඨාභය උපදෙස් පැතුවේ තමන්ගෙන් බවද රනිල් එහිදි ඌජාරුවෙන් පවසා තිබේ.”

“පහුගිය අවුරුදු 4ක වැඩි කාලයක් තමන් කල වැඩ ඉදිරියට කරන්නට පුලුවන් ගෝඨාට කියලා මම දැනගෙන හිටියා…ඒ වගේම අද ඔයාලා ඇවිල්ලා මේ විදියට මා එක්ක ඉන්නේ මම නායකයාන් නිසා… ගෝඨා පැරදුනනම් අද ඔයාලා මෙතන් නෑ…. ”

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Jan 31, 2020 –නැගෙනහිර පලාත් දෙමළ මාධ්‍යවේදීන් පිරිසකට මරණ වරෙන්තු නිකුත් කිරිමට හදුනා නොගත් කණ්ඩායමක් කටයුතු කර තිබේන බව වාර්තා වේ.මාධ්‍යවේදීන් හත් දෙනෙකුගේ ඡායාරූප ඇතුළත් පත්‍රිකා මගින් මෙම මරණ වරෙන්තුව ලබාදි තිබේ.

මඩකලපුවේ පුවත්පත් සමාජ ශාලාවට එම ඡායාරූප ඇතුළත් පත්‍රිකා දමා ගොස් ඇති අතර ඒ මගින් වරෙන්තු නිකුත් කර ඇත්තේ …

ස්වාධීන රූපවාහිනී ජාලයේ ( ITN) ක්‍රිෂ්ණකුමාර්,(Krishnakumar) ලංකා ශ්‍රී වෙබ් අඩවියේ සෙල්වකුමාර් නිලන්තන්,(Selvakumar Nilanthan) පුන්නියමූර්ති සසිකරන්,(Punniyamoorthy Sasikaran) කුහාරසා සුබෝජන් (Kuharasa Subojan) සහ Sirasa/MTV හි නල්ලතම්බි නිත්‍යානන්දන්,(Nallathambi Nithyananthan)සහ තිනකූරල් පුවත් පතේ Vadivel Shakthivel සහ Subramaniam Kunalingam යන අයෙගේ ඡායාරූපය එහි ඇතුලත් කර තිබේ.

2009 ජනවාරි මාසයේ දී ගෝඨාභයගේ විශේෂ ආරක්ෂක කණ්ඩායමකගේ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වු සන්ඩේ ලීඩර් ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගට ගෞරව දක්වන අවස්ථාවක ගත් ඡායාරූපයක් මෙම මරණ වරෙන්තුව සදහා භාවිතා කර තිබේ.

“රජයට එරෙහිව ප්‍රවෘත්ති පළ කරන විදේශ කොටි අරමුදල් සපයන වාර්තාකරුවන් මොවුහු ය. අපි ඉක්මනින්ම ඔවුන්ට මරණ දඩුවම ලබා දෙන්නෙමු.” යනුවෙන් එහි දෙමළ භාෂාවෙන් සදහන් කර තිබේ.මේ පසුපස හමුදා බුද්ධි අංශ හෝ ඉට සමාන කණ්ඩායමක් සිටින බව නැගෙනහිර පළාතේ මාධ්‍යවේදීන් විශ්වාසය පලකරනවා.

උතුරේ සහ නැගෙනහිර මාධ්‍ය සංවිධාන සමග එක්ව මඩකලපුව පුවත්පත් සමාජය ඝාතනයට ලක්වු සහ අතුරුදන් වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා වැඩසටහනක් ආරම්භ කිරිමට කටයුතු කරමින් සිටි අතර ඒ අනුව එම වැඩසටහන නතර කිරිම සදහා බිය ගැන්වීමේ උත්සාහයක් ලෙස මෙම වරෙන්තු නිකුත් කිරිමට කටයුතු කර ඇති බව පැහැදිලිය.

වසර 6ක් තුල මාධ්‍යවේදීන් 44ක් අතුරුදන් වු නැගෙනහිර

ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක්වූ මාධ්‍ය සේවකයින්ගෙන් බහුතරයක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සේවය කළ දෙමළ ජාතිකයන් ය. නැඟෙනහිර මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් අනුග්‍රහය දක්වන පැරාමිලිටරි කණ්ඩායම්වලට චෝදනා එල්ල වී තිබේ.

2004 සිට 2010 දක්වා කාලය තුළ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 44 දෙනෙකුගේ නම් ඇතුළත් ජේඩීඑස් විසින් සම්පාදනය කරන ලද ලැයිස්තුවක් 2015 දී කොළඹ හිටපු ක්‍රියාකාරීන් විසින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී තිබේ. මේ දක්වා කිසිදු විමර්ශනයක් සිදු කර නොමැත.

ඇමරිකාව සමග එක්ව උතුරු නැගෙනහිර ප්‍රදේශ මිලිටරීකරණය කිරිම සදහා ගෝඨාභය රාජපක්ෂ ගෙනයන මෙහෙයුම් දකුණේ ජනතාව අතරට පත්විම නතරකිරිමට මෙන්ම අතුරුදන් වු මාධ්‍යවේදීන් මෙන්ම දමිළ ජනතාව සම්බන්ධයෙන් නිරනතර මාධ්‍ය හරහා වාර්තා පලවිම නතරකිරිම සදහා මේ වනවිට උතුරේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

බලහත්කාරයෙන් අතුරුදහන් වීම් වලට ලක්වූ පුද්ගලයින්ගේ පවුල් පසුගියදා කිලිනොච්චි සහ වවුනියා වලදි උද්ඝෝෂණ ව්‍යාපාරවල නියැලුන අතර තමන්ගේ අඛණ්ඩ විරෝධතා නතර කිරිමට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා අතුරුදහන් වු දරුවන්ගේ දෙමාපියන් බියවැද්දීමට කටයුතු කරන බවද අප පසුගියදා අනාවරණය කළා.

Secret Intelligence Service

බුද්ධි අංශ භාවිතා කරමින් රාජපක්ෂලා සහ ආණ්ඩුව ආරක්ෂා කර ගැනිම සදහා බුද්ධි අංශ සියල්ලම තම අතට ගැනිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට කටයුතු කර තිබේන අතර ඒ අනුව ගෝඨා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ සිට සියලු ජඩකම්, මැරකම් මෙහෙයවූ කපිල හෙන්ද්‍රාවිතාරණ ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස පත්කරගෙන තිබේ. ඊට අමතරව ඔහු යටතේ රහස් බුද්ධි සේවයක් (Secret Intelligence Service) වෙනම ස්ථාපනය කර තිබේන අතර එය GRM ලෙස නමකර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

“රජයට එරෙහිව ප්‍රවෘත්ති පළ කරන විදේශ කොටි අරමුදල් සපයන වාර්තාකරුවන් මොවුහු ය. අපි ඉක්මනින්ම ඔවුන්ට මරණ දඩුවම ලබා දෙන්නෙමු.”

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Jan 30, 2020 – රජයට බදු නොගෙවා මුල්‍ය වංචා සිදුකිරිම ඇතුලු සිද්ධින් කිහිපයක් හේතුවෙන් පසුගිය කාලේ අහෝසි කරන ලද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ළඟම ඥතීන් දෙදෙනකු නමින් පවත්වා ගෙන ගිය ‘වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ’ බලපත්‍රය යලි පෙබරවාරි 6 වැනිදා සිට නිෂ්පාදනයන් ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

දෙමටගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්‌ථානයක ලොරි හතරක ගබඩාකර තිබූ අරක්‌කු බෝතල් 68,000 ක්‌ අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්‍ෂණවලින් පසුව සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකල පරික්ෂණ වලදි අනාවරණය වු කරුණු මත වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය අහෝසි කෙරුනා.පසුව වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ කුරුණෑගල පිහිටි ප්‍රධාන කර්මාන්ත ශාලාවට, ගබඩාවට සහ යාපනය ප්‍රදේශයේ පිහිටි ගබඩාවට සීල් තැබීමටද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කළා.

වයඹ ඩිස්‌ලටරීස්‌ සමාගම මීට පෙර වෙනත් ව්‍යාපාරිකයකු විසින් නිෂ්පාදන කටයුතු සිදුකර රුපියල් කෝටි ගණනක්‌ බදු නොගෙවීම නිසා අත්හිටුවා තිබියදී ජොන්ස්ටන් ඇමැතිවරයා මැදිහත් වී බදු ගෙවීමේ පොරොන්දුව මත ලබාගෙන තිබුනද රාජපක්ෂ කළු දශකයේදි සතපහක බදු ගෙවිමක් කර නොතිබු බව පසුව කල පරික්ෂණ වලදි අනාවරනය විය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙමින් පසුව ජොනීගේ ඉල්ලිම මත වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඒ.බෝදරගම පත්කල අතර එම පත්විමෙන් පසුව ජොන්ස්ටන්ගේ ‘වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ’ බදු සියල්ලම ගෙවු බවට අවශ්‍ය ලේඛන සකස් කර 6 වැනිදා සිට යලි විවෘත කිරිම සදහා අවසර පත්‍ර නිකුත් කර තිබේ.

බෝදරගම යනු සුරාබදු පරීක්ෂකවරයෙකු වසර 35 ක පමණ කාලයක් කටයුතු කර කප්පම් මරුවෙකු වන අතර ඔහු සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත්කිරිම සම්බන්ධයෙන් ගෝඨාභය ජනාධිපතිවරයාට අප්‍රසාදය පලවු අතර ඒ නිසාම මාස 5ක කාලයක් සදහා වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙසයි බෝදරගම පත්කර ඇත්තේ. කෙසේවෙතත් කුප්‍රකට බෝදරගම සිය තනතුර අවභාවිතාවේ යොදවමින් සීටින අතර ඔහු කිසිදු තැනක තමන් වැඩබලන කැල්ල භාවිතා නොකරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන් සදහන් කලේ.

මිරිසවැටිය චෛත්‍යරාමාධිපතී ලෙස ශ්‍රාස්ත්‍රපති ඊතලවැටුණවැවේ ඤාණතිලක හිමියන් “වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගම” යලි විවෘත කිරිමට විරුද්ධව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත පෞද්ගලිකවම හමුවි පලකර තිබේ.කෙසේවෙතත් තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිවක් කල නොහැකි බව ජනාධිපතිවරයා පවසා ඇති අතර ජොන්ස්ටන් මැතිවරණ ව්‍යාපාරයෙදි තමන් වෙනුවෙන් සැහෙන්න වියදම් කල බවත් එවා යලි හම්බකර ගැනිම සදහා ව්‍යාපාරවලට ඉඩ දියයුතු බවද සදහන් කර තිබේ.

කවුරු කවුරුත් කියනකොට එහෙමයි… කරනකොට මෙහෙමයි යැයි පවසමින් ඤාණතිලක හිමියන් ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් පිටතට පැමිණ ඇත්තේ කාට කාටත් කතාව ඇහෙන ලෙස කියාගෙනය.

ජොනීගේ නමට නැති.. නමුත් ජොනීගේ වත්කම් මෙසේය….

>වයඹ ඩිස්ටලරිස් සමාගම කෝටි 300

>ඇලහැර අක්කර 50ක මැණික් ඉඩම දෛනිකව මැණික් හැරිමේ කටයුතු වෙමින් තිබේ. වටිනාකම කෝටි 50ක් පමණ

>නුවරඑළියේ තේ ඉඩම වටිනාකම කෝටි 50 ඉක්මවයි

>කොල්ලුපිටියේ අමරාවතී රෙස්ටුරන්ට් වටිනකම කෝටි 100ක් වන අතර එහී පරිපාලනය ජොනීගේ අනියම් බිරිදක් වන රූකී නැමත්තිය මෙහෙයවනු ලබයි.

>කොළඹ කොටුවට ආසන්නයේම පිහිටි Sea Fish Restaurant වටිනාකම් කෝටි 100ක් ඉක්මවයි.

>කවුරුත් දන්නා V fm නාලිකාව කෝටි 30ක් පමණ

>Havelock City නිවාස 4ක අයිතිය වටිනාකම කෝටි 16ක් පමණ

>කොම්පඤ්ඤවිදියේ නවලෝක රෝහල අසල ලිලී මාවතේ ඉදිවෙන විශාල හෝටලය වටිනාකම කෝටි 100ද ඉක්මවා තිබේ.

සමිතාට නාවලින් දුන් කෝටි ගණනක් නිවස,අදටත් සමිතා ඇතුලු පවුලේ අය භාවිතා කරන වාහන 7 පමණක් නොව සමිතාගේ පුතාට ජොනී පියා දි තිබේන ආරක්ෂකයින් ඒ සියල්ලම ජොනීගේ සල්ලිය.

රටේ ජනතාවගෙන් හොරාකන සල්ලිය.

Published on: Jan 30, 2020- තමන්ගේ 31 වසරක දේශපාලන ජිවිතයේදි කිසිදු අවස්ථාවක කිසියම් හෝ දුෂණයකට,වංචාවකට හෝ අල්ලස් ක්‍රියාවලියකට සම්බන්ධ වි නොමැති බවත් එසේ තිබියදි අභූත චොදනා එල්ල කල මාගල්කන්දේ භික්ෂුවට සහ සුරාබදු කොමසාරිස්ට එරෙහිව නිත්‍යානුකූල නඩු පවරන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

තමන් දුෂිතයෙකු ලෙස මයික් ඉදිරියේ මාධ්‍ය සංදර්ශන පෙන්වන සෑම අයෙකුටම උසාවිය ඉදිරියේ එම කරුණු සනාථ කිරිමට අවශ්‍ය අවස්ථාව උදාවනු ඇති බවද හිටපු අමාත්‍යවරයා පෙන්වා දි තිබේ.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Top