Published on: Jan 24, 2020- මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට ගත් උත්සහය මේ වනවිට නතර කිරිමට රජය තින්දුකර ඇති අතර ඊට හේතු වි ඇත්තේ අත්අඩංගුවට ගැනිමට එරෙහිව අමාත්‍ය විමල් විරවංශ මහතාගේ මැදිහත්විම බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

මහාධිකරණ විනිසුරු ගිහාන් හදිසියේ අත් අඩංගුවට ගැනිම නතර කල රජය විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුවට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළත්. මේ අතර වැඩතහනමට ලක් කෙරුණු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයේ (23) උපදෙස් ලබාදි තිබුනා.

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ අමාත්‍ය විමල් විරවංශ බොහෝ කාලයක් ඉතාම සමීප මිතුරන් ලෙස කටයුතු කරන අතර දෙදෙනා කොළඹ එක් ස්ථානයක සතියට දිනක් අඩුම තරමින් හමුවන අතර එහිදි මධුවිත,වලට අමතරව තණමල්විල කොළ මෙන්ම මුදලට ගන්නා සුරූපී කාන්තාවන් සමග සතුටු වන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.(ස්ථානය අනාවරණය නොකිරිමට අප තීරණය කර ඇත)

ඒ අනුව විමල්ගේ උපදෙස් පරිදි ගිහාන් අත් අඩංගුවට ගැනිම මේ වනවිට නතර වි ඇති අතර අනෙකුත් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මෙන්ම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල, සම්බන්ධයෙන්ද රජය මෙ වනවිට ක්‍රියාමාර්ග ගැනිම නතර කිරිමට තින්දු කර ඇති අතර ඊට හේතු වි ඇත්තේ විනිසුරුවරුන්ට පසුගිය රාජපක්ෂ රජය සමයේ මහින්ද ඇතුලු ආණ්ඩුවේ ඇතැම් කණ්ඩායම් කල බලපෑම් රටට හෙලිවිය හැකි නිසා බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

අද පාර්ලිමේන්තුව අමතමින් විමල් විරවංශ සිය සගයා ගලවා ගැනිම සදහා නීතිපතිවරයාට හීනියට කනේ පහරක් ගසමින් කල කතාව අහන්න

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…





Loading…


Published on: Jan 24, 2020 – ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා නියෝග ලබාදීම නීතියට පටහැනි අත්තනෝමතික ක්‍රියාවක් බව පවසමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු අද(24) අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක යෙදුනා.

නීතිපතිගේ කාර්යභාරය අධිකරණයට මග පෙන්වීම සහ සහය වීම පමණක් බවත් එසේ තිබියදී විනිසුරුවරුන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කිරීම නීතිපතිගේ කාර්යභාරය නොවන බවයි නීතිඥවරුන් එහිදි පෙන්වා දුන්නේ.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට චොදනා කරමින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගලවා ගැනිම සදහා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර වරදකරු කිරිම සදහා බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන සමඟ හවුල් වී බොරු නඩුවක් ගොනු කිරිමට කටයුතු නීතිපති දප්පුල ද ලිවේරා දිගින් දිගටම ගෝඨාභය ඇතුලු රාජපක්ෂලා ආරක්ෂා කර ගැනිමට මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත කටයුතු කල අයෙකි.

ගෝඨාභය රාජපක්ෂ ජනපති විමට පෙර සිටම ඔහුගේ නඩු යට ගැසිමස් සදහා සිරිසේනගේ උදවු ද ඇතුව කටයුතු කල ලීවේරා වතම්න් ආණ්ඩුවේ දඩයම අධිකරණයේ ප්‍රධානීයා ලෙස කටයුතු කරමින් සිටින අතර ඒ සදහා 24 පැයේම වැඩකරන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

චම්පිකගෙන් ආරම්භ කළ විපක්ෂ මන්ත්‍රී දඩයම මන්ත්‍රීවරුන් පසුකර රාජපක්ෂලාට එරෙහි නඩු තීන්දු දුන් විනිසුරුවරුන් දක්වා ව්‍යාප්ත කරමින් සිටින ලීවේරා ඇතුලු කණ්ඩායම අධිකරණයට බයේ සැගවි සිටි වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මොහොතකට අධිකරණයේ කූඩුවට මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේන් පලි ගැනිම ආරම්භ කල අතර එහි පලමු පියවර ලෙස වැඩ තහනමට ලක්කල අතර මේ වනවිට ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට ලීවේරා තප්පුලමින් සිටි.

ගෝඨාභය මොහොතකට කුඩුවට දැමු අවස්ථාව..

“ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ මුහුදු අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ හැරීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළැයි අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනාට ඇප දීමට එවකට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය 2016 සැප්තැම්බර් 30 වනදා නියෝග කල අතර ඇප දෙනතුරු සැකකරුවෝ කුඩුවේ රඳවනු ලැබු අතර ඒ අතර ගෝඨාභයද සිටියෙය.

රන්ජන් රාමනායක සමග ගිහාන් එක්ව බොරු සාක්ෂි හැදීමට කුමන්ත්‍රණය කළ බවට චොදනා කරන ලීවේරා “මරණයක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම” යටතේ අත්අඩංගුවට ගැනිමට තැත් කිරිම හරහා පෙනී යන්නේ රාජපක්ෂලාගේ බත් බැලයෙකු බවට ලීවේරා පත්ව ඇති බවයි.

දප්පුල ලිවේරාගේ සහකාරිනී ජනාධිපති අතිරේක ලේකම් නිශාරා ජයරත්න නියම බඩ්ඩකි.මේ දිනවල කලු සල්ලි නාලිකා සහ කුඩු නාලිකා යොදා ගනිමින් ලීවේරාගේ නීතිය නැමිල්ල සාධාරණ කිරිම සදහා අවශ්‍ය වන විදියට විවිධ voice කට් බලකායන් මෙහෙය වන ලබනනෙ ද නීශාරාය.ජයරත්න මල්ශාලා අයිතිකරු ගේ දියනිය වන නිශාරා ජයරත්න ඉතාම හොදින් මේවනවිට දප්පු බබා නලවමින් සිටීන අතර නීතිය අවශ්‍ය අකාරයට නැවිම සදහා ඩිල් සියල්ලම මල්ශාලාව හරහා සිදුවන අතර ඒ නිසාම වන්නට ඇයගේ ඩිල් වෙනුවෙන් ලැබෙන සංතොෂම් කිසිවක් තවමත් අනාවරණය වි නොමැත.

“දප්පු ……බබා…” නැලවීමට නිශාරා කුමණ ආකාරයේ නැටුමක් නැටුවත් කොහෙ නිශාචාරයේ ගියත් අපට කම් නැත.නමුත් රටේ නීතිය නවන්නට ගන්නා උත්සහය දැන් වහාම නතර කල යුතුය.

Loading…


Published on: Jan 24, 2020 – බැඳුම්කර සිද්ධීන් පිළිබඳව විද්‍යානුකූල තාක්ෂණය සහ විද්‍යාඥ විශේෂඥයින් මුල් කරගෙන සකස් කරන ලද වෝහාරික විගණනය වාර්තාව (FORENSIC AUDIT) මේ වන විට ප්‍රසිද්ධ ලේඛනයක් බවට පත්ව තිබේ.

වාර්තාවට අනුව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගේ නැගණිය වන ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ නැමැත්තිය එවකට මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව මැදිහත්ව කටයුතු කළ බවත් ඇය අර්ජුන මහේන්ද්‍රගේ පර්පචුවෙල් ට්‍රේසරිස් සමාගමේ අධ්‍යක්ෂවරියක් වශයෙන්ද කටයුතු කර ඇති බවදවොහාරික විගණන වාර්තාවෙන් අනාවරණය වි අවසන්.

එපමණක් නොව අජිත් නිවාඩ් කබ්රාල්ගේ ළඟම ඥාතියෙකු වන රවීන්ද්‍ර තම්බයියා, අමල කබ්රාල් , අමල් ෆොන්සේකා යන අය ද අජිත් නිවාඩ් කබ්රාල් සමග මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී තම නංගී ඥාතින් 04 දෙනෙකු සමඟ ඉතාම සුක්ෂම ලෙසට ජනතාව ගේ මුදල් හොරාකමින් රාජපක්ෂලාට අතදිග හැර හම්බකර දී ඇති ව පෙන්වා දෙන වාර්තාව 2012 සිට 2017 දක්වා කාලය තුළ වෝහාරික විගණනයට ලක් වූ සෑම විගණන වාර්තාවකටම අනුව ශ්‍රී ලංකා ජනතාවගේ මුදල්  බිලියන දෙකකට පමණ ආසන්න ප්‍රමාණයක් කීපදෙනෙක් බෙදා ගෙන ඇති බවයි.

අජිත් නිවාඩ් මහතාගේ සොයුරිය වන ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ මහත්මිය ප්‍රශ්නගත පර්පචුවල් කැපිටල් හෝල්ඩිංස් ආයනයේ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කිරිමට අමතරව සොයුරා වන අමල් කබ්‍රාල් කමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත්,මස්සිනා කෙනෙකු වන රවීන්ද්‍ර තම්බයියා ඩී.එෆ්.සී.සී. බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙසත්,තවත් ඥාති සහෝදරයකු වන නිහාල් ෆොන්සේකා කමර්ෂල් බැංකුවේ ඉහළ නිලධාරියකු ලෙසත් එම කාල සීමාව තුළ සේවය කර තිබේ.

මෙම වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිකුත් කිරීමටත් පෙර සිටම එම වාර්තාවට එරෙහිව පුවත්පත් පිටු ගණන් ලිපි ලියමින් අජිත් නිවාඩ් කබ්‍රාල් දැඩි විරෝධයක් දක්වා තිබු අතර ඒ අනුව ඔහුගේ හොරකම් ඔහු විසින්ම අනුමත කරගෙන තිබේ.

ගෝඨාභයගේ වියත් මග සංවිධානයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයකු වන කබ්රාල් මේ වනවිට අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශකවරයා ලෙස මෙන්ම “අපි වෙනුවෙන් අපි” අරමුදලේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.

2015 වසරේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් අර්ජුන මහේන්ද්‍ර පත් කිරීමත් සමගම ඒ වන විට පර්පචුවෙල් ට්‍රේසරිස් අධ්‍යක්ෂවරයෙකු වශයෙන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් එම සියලුම කටයුතු වලට 2015දී මහබැංකු ඒ සියලු මැදිහත්වීම් සිදු කර ඇත්තේ අර්ජුන මහේන්ද්‍ර ගේ මැදිහත්වීම මත බව වාර්තා අනාවරණය කර තිබේ.

2002 සිට 2017 වර්ෂය වන තෙක්ම ශ්‍රී ලංකාවට මහබැංකු බැඳුම්කර පිළිබඳ නිශ්චිත ක්‍රමවේදයක් නැති බවත් බොහෝ විට සිදුව ඇත්තේ සෘජු ක්‍රමයෙන් පාඩු ආකාරයට මෙම පුද්ගලික මූල්‍ය ආයතනවලින් ණය ගැනීම පමණක් බවද එම වාර්තා පෙන්වා දෙනවා.

මේ අතර වෝහාරික වාර්තාව අනුව 2005 – 2015 බැඳුම්කර පාඩුව මිලියන 10,470ක්

සභාගත කෙරුණු බැඳුම්කර නිකුතුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාවේ සඳහන් වන පරිදි 2005 – 2015 කාලසීමාව තුළ මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 10,470ක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පෙන්වා දෙනවා.

“මම දැන් පළවෙනි වාර්තාව කියවන ගමන් මේ ඉන්නෙ. එක්සෙකටිව් සමරි එකේ තියෙනවා 2005 ඉඳලා 2015 වෙනකල් රජයට වෙලා තියෙන පාඩුව රුපියල් මිලියන 10,470යි කියලා” යනුවෙනි.

2015 වසරේ සිදුවූ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී රජයට සිදුවූ පාඩුව රුපියල් මිලියන 689කට ආසන්න මුදල් ලෙස ගණන් බලා ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් ද මේ වනවිට අධිකරණය හමුවේ පවතී.

Published on: Jan 23, 2020 – දින දහස් ගණනකට අධික කාලයක් මහමග උද්ඝෝෂණයේ යේදි සිටින අතුරුදහන් කිරීම්වලට ලක්වූ දෙමළ ජනයාගේ පවුල් වලට මෙන්ම තවමත් අතුරුදන් ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුලු අතුරුදන් වු දරුවන් 11 දෙනා ඇතුලු රාජපක්ෂ රේජිමය යටතේ අතුරුදන් කල අයගේ ඥාතින්ට ඉතිරිව තිබු අවසන් බලාපොරොත්තුවටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පයින් ගසා තිබේ.

ඒ පවුල් දහස් ගණනකගේ බලාපොරොත්තු සුන් කරමින්, අතුරුදන් වුවන් සදාකාලිකව අතුරුදන් කිරිමට තමන් සුදානම් බව ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් (Hanaa Singer) හමුවු අවස්ථාවේ පවසා ඇත්තේ “අතුරුදහන් වූවන් ඇත්ත වශයෙන්ම මිය ගිහින් . “මට මළවුන්ව නැවත ගෙන ඒමට නොහැකිය!” යනුවෙනි.

ඒ අනුව රටේ ඉතිහාසයේ වේදනාකාරී පරිච්ඡේදයක් වසා දැමීමට අතුරුදහන් වූ ශ්‍රී ලාංකිකයන් සඳහා මරණ සහතික නිකුත් කිරීමට සැලසුම් කර තිබේන බව ජනාධිපතිවරයා හනා ඉදිරියේ පවසා තිබේ.

2009 දී අවසන් වූ 26 වසරක යුද්ධයෙන් අතුරුදහන් වූ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතින් නඩු අවසන් බව පිළිගැනීමට සූදානම් නැති අතර තමන් දිවි ගලවා ගනු ඇතැයි යන බලාපොරොත්තුව ඇතිව ආදරණීයයන් තවමත් කාලය ගතකරමින් සිටි. අතුරුදන් වුවන්ගේ පවුල් සදහා ජනාධිපති අවසන්ත්වය ප්‍රමාණවත් නොවන අතර ඔහුන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ ඥාතියා අතුරුදන් වුයේ කෙසේද යන්න දැන ගැනිමයි.

ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ එවකට අහිංසක දමිළ වැසියන් පමණක් නොව සිංහල,දමිල සහ මුස්ලිම් මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකරුවන් ඇතුලු විශාල පිරිසකගේ යුද්ධයේ අවසාන පරිච්ඡේදව වලදි අතුරුදහන් වූ අතර ඒ හෙතුවෙන් එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභයට දරුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් චොදනා එල්ල විය.දැන් ගෝඨාභය සුදානම් වෙමින් සිටින්නේ අතුරුදන් වුවන්ගේ ලිපිගොනුව වසා දැමීමට බව පැහැදිලිය.

මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයන් රජයට නායකත්වය දෙමින් සිටියදී මාධ්‍යවේදීන් සහ දේශපාලන විරුද්ධවාදීන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකාවේ වීදිවලින් අතුරුදහන් වු අතර ගෝඨාභය එහි ප්‍රධානම මෙහෙයුම් කරු බව නොරහසකි.

2015 දී පවුල මැතිවරණයෙන් පරාජයට පත් වූ අතර, 2017 දී රටේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අධිකරණයකට කියා සිටියේ රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරය දැරූ කාලය තුළ ඔහු විරුද්ධවාදීන් ඉලක්ක කරගත් මරණ කණ්ඩායමක් මෙහෙයවූ බවයි.

නමුත් එම චොදනා තහවුරු කිරිමට රනිල්-සිරිසේන පාලනය කල් මැරු අතර පසුව ඇතිකරගත් ඩිල් හේතුවෙන් ගෝඨාභය ජනපති වනතුරුම කල්මැරිම සිදුවිය.

කෙසේවෙතත් අතුරුදහන් වූවන්ට මරණ සහතිකයක් නිකුත් කිරීමට ගෝඨාභයගේ ආණ්ඩුව ගත් තිරණය සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඇම්නෙස්ටි ජාත්‍යන්තර(Amnesty International) පර්යේෂක ත්‍යගී රුවන්පතිරන සදහන් කර ඇත්තේ “අතුරුදන් වුවන්ගේ දුක්ගැනවිලි බැහැර කොට ඔවුන්ට මරණ සහතික නිකුත් කිරිමට රජයට නොහැකි බවත්ය. එය නීති විරෝධී පමණක් නොව, එකඟතාවයකින් තොරව කළ හැකි බවද ඔහු සදහන් කළා.

අතුරුදහන් වූවන්ගේ පැමිණිලි විභාග කිරීම සඳහා 2013 දී ජනාධිපති කොමිසමක් පත් කරන ලැබු අතර එම කොමිසම සිය වාර්තාවේ සදහන් කළේ අතුරුදන් විම සම්බන්ධයෙන් නඩු 24,000 ක් ලියාපදිංචි කර ඇති අතර, අවම වශයෙන් 5,000 ක් පමණ යුද්ධයේදී අතුරුදහන් වූ සටන්කරුවන් සම්බන්ධ බවයි.

“ශ්‍රී ලාංකික හමුදාවට යටත් වූ පුද්ගලයන් කිහිප දෙනෙකු අතුරුදහන් වූවන් අතර සිටින බව” පැහැදිලිවම තහවුරු වී තිබේන බවද එම කොමිසම අනාවරණය කර තිබේ.

අවාසනාවන්ත සත්‍යය නම් මේ අය සටන්වලදී ආරක්ෂක හමුදාවන්හි පවා 4,000 ක් පමණ පිරිසක් අතුරුදහන් වී ඇති බව ලැයිස්තුගත කර තිබිමයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයද අතුරුදන් විම…

ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් (Hanaa Singer) හමුවු අවස්ථාව

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයද අතුරුදන් විම…

ශ්‍රී ලංකාවේ දහස් සංඛ්‍යාත අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් යුක්තිය සලසා දීම ඇතුළු යෝජනා සහිතව මාස හයකට ඉහතදී ජනාධිපතිවරයාට බාර දී තිබෙන නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) ආණ්ඩුවෙන් ඉල්ලිමක් කර තිබුනා.

2019 වසරේ අවුරුද්දේ අගෝස්තු මාසයේ නිකුත් කරන ලද අතුරු වාර්තාවකින් OMP කාර්යාලය විසින් අතුරුදහන් වුවන්ගේ පවුල් සඳහා අතුරු සහන යෝජනාවලියක් මෙන්ම සත්‍යය සොයා යුක්තිය පසිඳලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද රජයට යෝජනා කර තිබුනි.

එම යෝජනා සකස් කර තිබුනේ උතුරේත් දකුණේත් විපතට පත් ඥාතීන් හමුවී හය මාසයක් තිස්සේ කරන ලද අදහස් විමසීම්වලින් අනතුරුවය.

“OMP කාර්යාලය විසින් කරන ලද මෙම නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසන මෙන් මෙම කාර්යාලය රජයෙන් ඉල්ලා සිටීයද සිරිසේන – රනිල් ආණ්ඩුවේ සිරිසේන කබ ඇදිල්ල හේතුවෙන් එම කටයුතු අඩාල වු අතර ගෝඨා ජනපති වි මසක් යන්නට පෙර අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයද අතුරුදන් .විය…

Loading…


Published on: Jan 23, 2020 – යාපනය පන්නෙයි කොටුව අසලදී අද (22) දහවල් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිංහල සිසුවියක වන H.D.රෝෂිණි කාංචනාගේ ගෙල කපා ඝාතනය කල මිනීමරු හමුද සෙබළා සම්බන්ධයෙන් ජනාධිපතිවරය ගන්නා තින්දුව කුමක්ද?

සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් මත සැකකරු හමුවීමට යාපනය කොටුවට පැමිණ ඇති බවටත් එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු අතෙහි තිබූ යුධ හමුදාව සතු තියුණු පිහියකින් වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කර තිබේ.

පසුව හමුදා සෙබළා සිසුවිය මුහුදු තල්ලුකර පලා යාමට උත්සහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් පසුපස ලුහුබැඳ ගොස් අල්ලා පොලීසියට බාර දිමට කටයුතු කර තිබේ.මිනිමරු යුද හමුදා සෙබළා පරන්තන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන බව පොලිසිය පවසයි.

ගෝඨාභයගේ ජනාධිපති ධුරයේ 3 වන මාසය ගෙවිම ආරම්භ විමත් සමග මේ අකාරයෙ ප්‍රශ්ණයක් මතුවිම ඔහු තවත් අමාරුවේ දැමිමට සමත් වන්නකි.

“කිසිදු සොල්දාදුවෙකුට හානියක් කිරීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා සිය මැතිවරණ පොරොන්දුව ඉටු කිරිම සදහා උත්සහ කරමින් සිටියදි පැහැදිලිවම නිරායුද,යුද මුක්ත රටක සිංහල දැරියක ඝාතනය කල හමුදා සෙබළා ට ජනපති සමාව ලැබේද?

මේ රට ගොඩනැගීම උදෙසා එදා කැපවුණු රණවිරුවන් අද අභූත නඩු චෝදනාවලට ලක්ව හිරගෙවල්වල සිටින බවත්, නොවැම්බර් 17 වැනිදා උදෑසන වනවිට ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරන බව ගෝඨාභය රාජපක්ෂ ජනපති සටන අරඹමින් කියා සිටියා.

ජනාධිපතිවරණ සමයේ මරණ දඩුවම ලබා සිටින මිනිමරු සුනිල් රත්නායක නිදහස් කිරිම සදහා කටයුතු කරන බව පවසමින් ජනතාවට රණවිරු ගාය සෑදිමට රාජපක්ෂලා කටයුතු කල නමුත් මේ දක්වා එය ක්‍රියාත්මක කිරිමට ඔහුන්ට නොහැකි වි තිබේ.ඒ වෙනුවට ගෝඨාභය සහ ඔහුගේ හොරු රැලගේ නඩු ඉවත් කර ගැනිමට පමණක් කටයුතු කර තිබේ.

                                                       ඝාතනයට යොදාගත් තියුණු ආයුධය 

සුනිල් රත්නායක කල අපරාධය….

හිටපු යුද හමුදා නිලධාරියෙකු වන සුනිල් රත්නායක විසින් 2000 දී යාපනයේ මිරුසුවිල් (Mirusuvil village) ගම්මානයේදී 2000 දෙසැම්බර් 19 වන දින සිවිල් වැසියන් අට දෙනෙකු මේ අකාරයටම ගෙල සිදමින් ඝාතනය කිරිම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වරදකරු වු අතර පසුව ඔහු ඊට එරෙහිව අභියාචනය පවා ඉදිරිපත් කල නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස් දෙනෙකුගෙන් කණ්ඩායම ඔහු වැරදිකරු කරමින් මරණ දඬුවම ලබාදුන්නා.

වසර 13 ක නඩු විභාගයකින් පසු, මහාධිකරණ විනිසුරුවන් වන ලලිත් ජයසූරිය සහ ප්‍රීති පද්මන් සුරසේන යන දෙදෙනා විසින් 2015 ජුනි 25 දින ලබා දුන් තීන්දුවෙන්, හමුදා දිගු දුර ඔත්තු බැලීමේ මුර සංචාරයේ ( LRRP) පළමු චූදිත සුනිල් රත්නායක පොදු අභිප්‍රාය ඇතිව නීතිවිරෝධී ලෙස රැස්වීම ඇතුළු චෝදනා 17 කට වැරදිකරු බව ඔප්පු වු අතර දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකු තුවාල කිරීම සහ ඝාතනය කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඔහුගේ වරද සනාථ කල අතර ඒ අනුව ඔහුට මරණ දණ්ඩනය හිමිවුනා.

පළමු විත්තිකරුට මාස හතක සිර දඩුවමක් මෙන්ම රුපියල් 51,000 ක දඩයක් නියම කළ අතර අනෙක් චූදිතයන් සිව්දෙනා වන ලුතිනන් ආර්.ඩබ්ලිව්.සේනක මුනසිංහ, ටී. එම්. ජයරත්න, එස්. ඒ. පුෂ්පා සමන් කුමාර සහ ගාමිනි මුනසිංහ යන දෙදෙනා වැරදිකරුවන් නොවූ අතර ඔහුන්ට එල්ල වු සියලු චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු නොවූ හෙයින් සියලු චෝදනා වලින් ඔවුන් නිදොස් කොට නිදහස් කර හැරියා.

ඥානපාලන් රවීන්ද්‍රන්, සෙල්ලමුට්ටු තෙවකුලසිංගම්, විල්වරාජා ප්‍රතීපන්, සින්නියා විල්වරාජා, නඩෙසු ජයචන්ද්‍රන්, කතිරාන් ඥාචන්ද්‍රන්, ඥානචන්ද්‍රන් සන්තාන් සහ විල්වරාරාන් යන නිරායුධ දමිළ වැසියන් ඝාතනය කර තිබු අතර ඔහු යුද්ධය හේතුවෙන් අභ්‍යන්තරව අවතැන් වූ සරණාගතයින් බව අධිකරණය හමුවේ ඔප්පු වුනා.විල්වරාජා ප්‍රතීපන් ඝාතනයට ලක්වන ඉට 15 වන වියේ පසුවු පාසල් සිසුවෙකි.

ඝාතනයට ලක්වුවන් ඔවුන්ගේ දේපළ පරීක්ෂා කිරීම සඳහා ආපසු පැමිණ ඇති අතර යාපනයේ නගරයට සැතපුම් 16 ක් නැගෙනහිරින් පිහිටි ගමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් ඝාතනය කර සමූහ මිනී වළක වළදැමිමට කටයුතු කර තිබේ.

Loading…


Published on: Jan 22, 2020- පාර්ලිමේන්තුවේ ඊයේ (21) සභාගත කෙරුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කකර තිබේ.

වෝහාරික වාර්තාවලින් බරපතළම ප‍්‍රහාරය එල්ලවී ඇත්තේ යහපාලන ආණ්ඩුවට නොව කලු දශකයේ රාජපක්ෂ ආණ්ඩුවට බව මේ වනවිට අනාවරණය වි ඇති අතර වාර්තාවේ කොටස් අනාවරණය කිරිමට ගෝඨාභයගේ පාර්ශවයෙන් සිදුව ඇතිබවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මේ වනවිට වාර්තාවල පිටපත් මුදල් අමාත්‍යවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මහ බැංකුව සතුව් පමණක් තිබෙන නමුත් එහි අත්‍යවශ්‍යම පිටු කිහිපයක පිටපත් රැසක් ගෝඨාභයගේ පාර්ශවයෙන් විපක්ෂයට ලැබිමට සලස්වා ඇති අතර එම පිටපත්වලට අනුව කොටස් වෙළඳපාළේ EPF හෙවත් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය හොරකම කිරිම හරහා සිදුව ඇති බවට අනුමාන කරන පාඩුව බැඳුම්කර හොරකම හරහා වඩා විශාල වේ.

අදාළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුව වෙත මීට පෙර ලැබී තිබුණු නමුත්, මන්ත්‍රීවරුන් වෙත එය නිකුත් කිරීම අත්හිටුවා තිබුණා. පාර්ලිමේන්තුවේ සන්නිවේදනය දෙපාර්තමේන්තුව පවසන්නේ නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව කථානායකවරයා එම පියවර ගත් බවයි.

කෙසේවතත් අදාළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරිමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් දැනට කෙරෙන අධිකරණ කටයුතුවලට බාධාවක් ඇති නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ සදහන් කලා.

ලැබුනු පිටපත් වලට අනුව කොටස් වෙළඳපොළේ EPF මුදල් රුපියල් මිලියන 332,657ක් ආයෝජනය කර ඇති අතර ඉන් මිලියන 19,127ක් වටිනා සමාගම් 30 කින් කිසිම ලාභයක් උපයා නෑ.අදාළ සමාගම් 30ම පාඩු ලබන බව දැන දැනම පෞද්ගලික අවශ්‍යතාව මත ආයෝජන කර තිබේන බවද එම වාර්තා පෙන්වා දෙන අතර ඒ හරහා හෝටල් ක්ෂේත‍්‍රයේ පමණක් මිලියන 3000ක පාඩුවක් ලබා තිබේන බවද සදහන් .

පාඩු ලැබූ එක් ගුවන් සමාගමක 2010 ජුලි මාසයේදී මිලියන 500ක් ආයෝජනය කර ඇති අතර 2012 ජුනි 30 දක්වා එම සමාගමෙන් කිසිදු ලාභයක් ලැබීමට සමත්ව නැති අතර තනිකරම රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කිරිම සදහා එම ආයෝජන කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ විශාල අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලසම්පූර්ණයෙන්ම ශ‍්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව සතු අරමුදලක් වන අතර 2017 දෙසැම්බර් 31 වැනිදා වනවිට සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් ටි‍්‍රලියන 2.02ක් තිබුන අතර තිබුණා. 2017 වසරේදී ශ‍්‍රී ලංකාවේ රජය ලැබූ වාර්ෂික ආදායමටද වඩා එම මුදල වැඩි විම එහි බලය මොනවට කියාපායිද?

මෙහි ප‍්‍රමාණය ක්ෂණිකව තෙරුම් ගැනිමට සදහා ලංකා බැංකු සේවක සංගමයේ පර්යේෂණ අංශය EPF අරමුදලේ ඇති මුදල් ප‍්‍රමාණය හා ලංකාවේ මෑත කාලයේ ක‍්‍රියාත්මක වූ දැවැන්ත ඉදිකිරිම් ව්‍යාපෘති කිහිපයක් සංසන්දනය කර තිබුණා. ඒ අනුව අනුව මෙහි ඇති මුදලින් හම්බන්තොට වරාය වැනි වරාය 30ක් මත්තල ගුවන්තොටුපොළ වැනි ගුවන් තොටුපොළ 48ක්,සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය වැනි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණ 449ක් නිර්මාණය කළ
හැකියි.

ඒ සා විශාල වැඩකරන ජනතාවගේ වැටුපෙන් කපා ගන්නා මුදල් රාජපක්ෂලාගේ ඔනෑකම් මත සුභාෂ්කරන් අල්ලිරාජා,දිලිත් ජයවිර,රේනෝ සිල්වා,ඇතුලු කුප්‍රකට දේශපාලනඥයන්ගේ කළු සල්ලි සුදු කරන කොටස් වෙළඳපොළේ යෙදවුයේ මන්ද යන්න දැන් අනාවරණය වි අවසන්.

මිට අමතරව 2008 සිට 2015 දක්වා කාල සීමාව තුළ සaජු ක්‍රමවේදයන් හරහා සිදුකළ බැඳුම්කර ගනුදෙනුවලදී සිදුවුණ වංචා ගැන ඒ වාර්තාවෙහි අඩංගු වේ. 2015 සහ 2016 වර්ෂවලදී සිදුකළ මහබැංකු බැඳුම්කර වංචාවේදී සිදුවූ පාඩුව තවමත් නිසි පරිදි ගණනය කර නොමැති අතර එම පාඩුව ගැන තොරතුරු තිබෙන්නේද මෙම වෝහාරික විගණන වාර්තාවෙමය.

බැක්සයිඩ් එක එකාට දෙමින් ජිවත් වන අති බහුතරයක් සහිත පාර්ලිමේන්තුවෙන් රටේ ජනතාවට අඩුම තරමේ ඇත්ත දැන ගැනිමට හැකි වේදැයි අප නොදනිමු.නමුත් ඇත්ත් ජනතාව දැනගත යුතුමය.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…




   

Published on: Jan 22, 2020 – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවැරිමට ඇති නීතිමය තත්ත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විමසිමට ලක්කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට නඩු පැවරීමට නොහැකි අතර ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වූ පසුව ඔහුට එරෙහිව නඩු පැවරීමට හැකි බව ජනාධිපතිවරයාට දැනුම් දි ඇති අතර ඒ අනුව ඉදිරියේදී සිරිසේන ජනාධිපතිවරයාට ඇති ප්‍රබල චොදන කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරිමට සුදානමක් ඇති බවයි වාර්තා වන්නේ.ඒ සදහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු භාවිතා කිරිම්ට සුදානමක් තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

19 වැනි සංශෝධනය…..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටීමට නීතිපතිවරයා හැකියාව ඇති නමුත් ඔවුන් එම තනතුරුවලින් ඉවත් වූ පසුව එම බැඳීම අවසන් වන අතර කිසියම් නඩු කටයුත්තකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිපතිවරයාට හැකියාවක් නෑ.

19ය අහෝසි කිරිම සදහා අනිවාර්යයෙන්ම 2/3ක බහුතරයක් ලබා ගැනිම සදහාත් ඒ සමගම තමන්ගේ ඇම්බැට්ටයන් 70ක් පාර්ලිමේන්තුවට ගෙන්විමට මෙහෙයුම් දියත් කරමින් සිටින ගෝඨාභයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ බලය අල්ලා ගැනිම අතිශයෙන් වැදගත් බව ඔහුගෙ වියත් පරපුර පෙන්වා දි තිබේ.ඒ අනුව ශ්‍රිලනිපය අල්ලා ගනිමේ මෙහෙයුම පසුගියදා දියත් කල අතර එහි තවත් පියවරක් ලෙස හිටපු ජනාධිපති වත්මන් ශ්‍රිලනිප සභාපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කිරිමට කටයුතු කරමින් සිටි.

ශ්‍රිලනිපයෙන් ගෝඨාභයට අනතුරක්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවීමට නියමිත සන්ධානයෙන් එළඹෙන මහ මැතිවරණය සදහා අපේක්‍ෂක ලැයිස්තු සකස් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට තුනෙන් එකක අපේක්‍ෂක ප‍්‍රතිශතයක් ලබාදිය යුතු බවට මේ වනවිට ඉල්ලිම් ඉදිරිපත් විමත් සමග ශ්‍රිලනිපය සිරිසේන අතේ තිබිම අනතුරක් බවට පත්ව ඇති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

Published on: Jan 21, 2020- ශ්‍රී ලාංකික දෙමළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, දේශපාලනඥයකු හා නීතිඥයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතා (Lakshman Kadirgamar) ඝාතනය කිරිමට අවශ්‍ය අතිශය වැදගත් තොරතුරු ලබාදුන් LTTE හා සම්බන්ධ ව සිටි ශ්‍රී ලාංකිකයෙකුට ජර්මානු අධිකරණය විසින් වරදකරු කරනු ලැබුවා.

ස්ටුට්ගාර්ට් (Stuttgart) හි ප්‍රාදේශීය අධිකරණය නිගමනය කළේ විත්තිකරු ලක්ෂ්මන් කදිරගාමර් සිටින ස්ථානය පිළිබඳව දෙමළ කොටි බෙදුම්වාදී කණ්ඩායමේ සාමාජිකයින්ට උපදෙස් දී ඇති බවයි.

වැරදිකරු 2012 දී වසරේදි ජර්මනියේ සරණාගතභාවය සඳහා ඉල්ලුම් කළ විත්තිකරු දෙමළ කොටින්ගේ බුද්ධි අංශයේ සාමාජිකයෙකු බව අධිකරණය හමුවේ අනාවරණය වුනා. ජර්මානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ අධිකරණය ඔහුට වසර 6 ක සහ මාස 10 ක සිර දඩුවමක් නියම කළ බවයි

ලක්ෂ්මන් කදිරගාමර් මහතා 1994 සිට 2001 දක්වා සහ 2004 අප්‍රේල් සිට 2005 අගෝස්තු මස ඔහු ඝාතනය දක්වා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කරන ලදී.

Published on: Jan 21, 2020 – ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සහතික කිරීම සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා  සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වී තිබේන බව ඉන්දියාවේ රාජ්‍ය  දුරදර්ශන පුවත් (Doordarshan News) වාර්තා කර තිබේ. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක  අජිත් ඩෝවාල් විසින් මෙම පියවර ගෙන තිබේන බවයි එම පුවත් සේවය පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිට පසුව ඉන්දියාවේ වඩාත්ම බලගතු පුද්ගලයා වන්නෙ අජිත් ඩෝවාල් (Ajit Doval).  වන අතර  “ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත් කිරීමේ සංකල්පය සමාලෝචනය කිරීමේ වැදගත්කම සහ අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් නිරීක්ෂකයින් ලෙස ඇතුළත් කිරීමේ වැදගත්කම ඩෝවාල් විසින් පෙන්වා තිබේන බවයි DD News වාර්තා පෙන්වා දෙන්නේ.

ට්‍රම්ප් ගේ විශේෂ නියෝජිත (White House Deputy Press Secretary and Deputy Assistant to the President from 2017 to 2019. ) Raj Sha ගේ නායකත්වයෙන් යුත් ඇමරිකානු කණ්ඩායම ශ්‍රි ලංකාවට පැමිණිමත් සමග පූර්ව නිවේදනයකින් තොරව අජිත් ඩෝවාල් එක්දින සංචාරය සිදු වූ අතර ඒ අනුව එම සංචාරය මොනතරම් හදිසියේ සිදුවක් බව ඉතා පැහැදිලිය.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිය පළමු විදෙස් සංචාරය සඳහා නවදිල්ලිය තෝරා ගත් අතර ශ්‍රී ලංකාවට ගිය පළමු විදේශිකයා විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් වු අතර පසුව නොවැම්බරයේ මැද භාගයේ රාජපක්ෂ ධුරයට පත්වීමෙන් පසු කොළඹට පැමිණි දෙවන ඉහළම ඉන්දියානු නිලධාරියා ලෙස අජිත් ඩෝවාල් පැමිණ තිබේ.

බලය බේදිම සදහා තමන්ගේ සුදානම උතුරේ දේශපාලන පක්ෂ අතර ජනප්‍රිය මාතෘකාවක් බවට පත්කර මහා මැතිවරණයේ විපක්ෂයේ නායකත්වයෙන් නිර්මාණය වන පුළුල් පෙරමුණ අවුල් කිරිම සහ සුළු දේශපාලන පක්ෂ යලි රාජපක්ෂකරණය කිරිම සම්බන්ධයෙන් නව මෙහෙයුමක් වෙනුවෙන් අජිත් ඩෝවාල් ගෝඨාභයට සහය දිමට සුදානම් බවට පොරොන්දු දි තිබේ.ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සමුද්‍ර කලාපයට අදාළ බුද්ධි තොරතුරු සමාලෝචනය කිරීමේ වැදගත්කම ඩෝවාල් විසින් පෙන්වා දි ඇති අතර ඊට අදාළ උපදෙස් ලබාදිමටද ඔහු කටයුතු කර තිබේ.

Ajit Dovalට ගෝඨාභය රාජපක්ෂ සමග හිත හොද කමක් පැවැතියද දින 52 ක කාලය තුල සුළු පක්ෂ වල සහය ලබාදිමට අසමත් විම හේතුවෙන් බැසිල් සහ මහින්ද සමග ඇයි හොදයියක් නොමැති බව ප්‍රසිද්ධ රහසකි.

ආරක්ෂක, බුද්ධි අංශ හුවමාරු කර ගැනීම සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි සහයෝගීතාව ශක්තිමත් කිරීම ඇතුළු ද්විපාර්ශ්වික කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළ බවත් ඉන්දියාව ශ්‍රී ලංකා මිලිටරිය සඳහා උපකරණ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ආරක්ෂක ආධාර ලබා දීමට පොරොන්දු වී වු බව ගෝඨාභයගේ ආණ්ඩුව රටේ ජනතාවට සිය ජඩ මාධ්‍ය හරහා අනාවරණය කර සිටියා.

කවුද මේ අජිත් ඩොවාල්….

අජිත් ඩොවාල් යනු ලංකාවේ ජනතාවට හුරුපුරුදු නැති නමක් වන අතර 2014 ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි බලයට පත්වූදා සිට ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ, විශේෂයෙන්ම ඉන්දියාවේ අසල්වාසි රටවල් සම්බන්ධ ප්‍රතිපත්තියේ ප්‍රධානම තීරකයා ලෙස ජාතික ආරක්‌ෂක උපදේශකවරයා වන අජිත් ඩොවාල් කටයුතු කරමින් සිටි.ලෝක සහ ඉන්දියානු දේශපාලනය තුල ඩොවාල් යනු රාජතාන්ත්‍රිකයකු හෝ පරිපාලකයකු නොව චරපුරුෂයෙකි.

තමන් “ඡේම්ස්‌ බොන්ඩ්” කෙනකු හැටියට හදුන්වා දෙන අජිත් ඩොවාල් ඉන්දියාවේ අවශ්‍යතා වෙනුවෙන් රෝ සංවිධානයේ පකිස්‌තානයේ චරපුරුෂ සේවයේ යෙදි තිබේ.2015 ජනවාරි 8 වැනිදා ලංකාවේ රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහ කිරීම සදහා තමන් දියත් කල මෙහෙයුම සාර්ථක වු බව පවසන ඩොවාල් දින 52 දෙකේ කුමන්ත්‍රණය මෙන්ම පොදු අපේක්ෂක තරගයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමත්, මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිපයෙන් එළියට ගැනීමත්, ලංකාවේ සියලුම විපක්‌ෂ බලවේග එක වේදිකාවට ගැනිමත් සියලුම සුළු ජාතික පක්‍ෂ මහින්දට එරෙහි වන තත්ත්වයක්‌ නිර්මාණය කිරීමත් සියල්ල තමන්ගේ චරපුරුෂ මෙහෙයුමෙන් සිදුවූ බව පවසන අයෙකු වේ.

චීනය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉන්දියාවේ ආරක්‌ෂාවට තර්ජනයක්‌ වන නිසා එය නවතා දමන්නැයි ඩොවාල් 2014 දී කීප වතාවක්‌ම එවක සිටි ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂට දැනුම් දුන් අතර එයට කන් නොදීම ඉන්දියාව විසින් රාජපක්‌ෂ ආණ්‌ඩුව පලවා හැරීමට කටයුතු කිරීමට ප්‍රධානම හේතුවක්‌ වූ බවයි අජිත් ඩොවාල් සදහන් කර ඇත්තේ.

කෙසේවෙතත් පකිස්‌තානයේ එක්‌ පුවත් වෙබ් අඩවියක පළ වූ ලිපියක සඳහන් වූයේ අජිත් ඩොවාල්ගේ විදේශ ප්‍රතිපත්තිය දැන් ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වී ඇති බවට අදහසක්‌ භාරතීය ජනතා පක්‍ෂය තුළත් පැතිරෙමින් පවතින බවයි. ඉන්දියාවේ “ද වයර්” නමැති වෙබ් අඩවියේ ද ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය රෝ සංවිධානය විසින් “හයි ජැක්‌”කර ඇති බවට ලිපියක්‌ පළ විය. මේ වෙබ් අඩවියේම නැවතත් පවසා තිබුණේ ඩොවාල්ගේ සම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයෙන් බැහැර කර තිබෙන බවයි.

පහත දැක්වෙන්නේ ද ප්‍රින්ට් හි නිර්මාතෘ හා සංස්කාරක වන ඉන්දියානු මාධ්‍යවේදියෙකු වන ශෙඛර් ගුප්තා(Shekhar Gupta) විසින් පැහැදිලි කරන ලද “කට් ද ක්ලටර්”“Cut The Clutter” හි 2019 කථාංගයයි.වීඩියෝවේ ගුප්තා මහතා අජිත් ඩොවාල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.

Loading…


Published on: Jan 20, 2020- බේරේ වැවට යාබදව ලේක්හවුස් ආයතනය ඉදිරිපිට ඇති ඉඩමත්, එතැන් සිට නෙළුම් කුලූන දක්වා බේරේ වැව ආසන්නව ඇති තවත් ඉඩම් කැබලි කිහිපයකුත් විදේශීය සමාගම් සඳහා ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එම ඉඩම් කැබලිවල සම්පූර්ණ ප‍්‍රමාණය අක්කර 20කට වඩා වැඩි වන අතර එය 99 අවුරුදු බදු පදනම යටතේ විදේශීය සමාගම් සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවයි දැනට වාර්තා වි ඇත්තේ.

මෙම ඉඩම් කැබලි අතර ඇති ලේක්හවුස් ආයතනය ඉදිරිපිට ඇති ඉඩම කුප‍්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර්ට කැසිනෝ ක‍්‍රීඩාවද ඇතුළත් මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මීට පෙර ලබාදීමට උත්සාහ කළ ඉඩමද වන අතර එය පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය රවී විජේරත්නගෙන් අත්පත් කරගෙන ‘බැලූනා’ නම් ජපන් සමාගමකට රුපියල් බිලියන 3.2කට බදු දී තිබුණි.

ඊට අමතරව පසුගිය රජය කාලයේ නාගරික සංවර්ධන අධිකාරිය සතුව තිබුණු සතොස ඉඩම, බ්ලූමැන්ඩල් ඉඩමක් සඳහා වරාය අධිකාරිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත හිලව්වට ලබාදුන් ඉඩම් කැබලි කිහිපයක් විකිණීමට නියමිත ඉඩම් අතර වේ.

සුපිරි සාප්පු හා නිවාස සංකීර්ණයක් සදහා අක්කර තුනක භූමි භාගය අත්‍යන්ත හිමිකම් යටතේ සිංගප්පූරුවේ පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගමට (Perennial Real Estate Holdings) ටෙන්ඩර කැදවිමකින් තොරව ඩොලර් මිලියන 43 කට බදු පදනම මත විකුණා දමා තවමත් මාසයක්වත් ගතවි නෑ. මෙම ඉඩම් පැවරීම හරහා අතයට gගනුදෙනුරැසක් සිදුවන අතර ඒ සම්බන්ධයෙන් අප පසුගිය පුවතින්ද අනාවරණය කළා.

Loading…


http://lankanewsnetwork.org/archives/22189

Published on: Jan 20, 2020- අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ධවල මන්දීර නියෝජිතයන් පිරිසක් පසුගිය දා ගෝඨාභය රාජපක්ෂ හමුවුණා. එම රැස්වීම කාන්තා නියෝජිතයන් තිදෙනෙකු හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ඇති වූ බවයි වාර්තා වන්නේ. එනම් අමෙරිකානු ජාතික ආරක්ෂක මණ්ඩලයේ දකුණු ආසියාව සඳහා වන ජනපති ට්‍රම්ප්ගේ නිල නියෝජිත Lisa Curtis, දකුණු මධ්‍යම ආසියානු සම්බන්ධතා පිළිබඳ අතිරේක ලේකම් Alice Wells සහ ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපති Alaina Teplitz ය.

දකුණු මධ්‍යම ආසියානු සම්බන්ධතා පිළිබඳ අතිරේක ලේකම් Alice Wells සහ ශ්‍රි ලංකාවට පැමිණි කණ්ඩායමේ ප්‍රධානීයා ලෙස පෙන්විමට ශ්‍රි ලංකා රජය උත්සහ කලද සැබෑවටම ලංකාවට ආව දුත කන්ඩායමේ නායකයා බවට පත්වුයේ ට්‍රම්ප් ගේ විශේෂ නියෝජිත (White House Deputy Press Secretary and Deputy Assistant to the President from 2017 to 2019. ) Raj Sha නමැත්තායි.

අප පසුගිය 16 වැනිදා (සුභාෂ්කරන් අල්ලිරාජාගෙ කළු සල්ලි මසකට ඩොලර් බිලියන 2ක් වටේ යයි… ඇමරිකානු නියෝජිතයන් ගෝඨාභයට වාර්තාවක් දෙයි… ලෝක මුදල් විශුද්ධිකරණ කේන්ද්‍රය ලංකාවේ… පාස්කු ප්‍රහාරය ගැනත්අ නාවරණයක්!) යනුවෙන් අපකල අනාවරණයේදි සදහන් කළා.

Raj Sha යනු කවුද ඉදිරි අනාවරණයේදි බලාපොරොත්තු වන්න

         සැගවුනු නායකයා Raj Sha

මේ අතරින් ශ්‍රි ලංකාවේ බෙදුම්වාදී එල්ටීටීඊ සංවිධානයට මතවාදිමය වශයෙන් සහය පළ කළ ආසියානු සහ ෆැසිපික් කලාප මිලිටරීකරණය පිළිබඳව ධවල මන්දිර ප්‍රධාන පෙලේ උපදේශිකාවක වන ජනපති ට්‍රම්ප්ගේ නිල නියෝජිත Lisa Curtis ගේ සහභාගිත්වය වැදගත් වේ.

ලංකාවේ ඉහළ රාජය නායකයන් දෙපළ සමඟ Lisa Curtisගේ සාකච්ඡා දියත් වන්නේ මිලිටරීකරණය සම්බන්ධයෙන් චීන ව්‍යාප්තියට එරෙහිව අමෙරිකාව සිය මිලිටරීකරණය ආසියා හා පැසිෆික් කලාපය තුළ වඩා වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කරමින් සිටින අවධියක වීම විශේෂත්වයකි. ගෝඨාභය රාජපක්ෂ හා පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රතිසංවිධානය, මානවහිමිකම් මෙන්ම අමෙරිකානු සහශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය (MCC)ගිවිසුම පිළිබඳව සාකච්ඡා කර තිබෙන බවත් වාර්තා වෙනවා.

මේ ආකාරයෙන් Lisa Curtis සිටින සාකච්ඡාවලදි රටේ ජනවාර්ගික ප්‍රතිසංවිධානය, විවෘත නිදහස් ඉන්දු-පැසිෆික් කලාපය හා මානව හිමිකම් පිළිබඳව මතුවන විට ඇයගේ රාජකාරි භූමිකාව පිළිබඳව විශ්ලේෂණය කිරීම වැදගත් වේ. 2013 Lisa Curtis අමෙරිකානු කොංග්‍රස් සභික පිරිසක් හා ලංකාව මානවහිමිකම් උල්ලංඝනය කරමින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ බවට චෝදනා කළ බැෂර්වරුන් පිරිසක් සමඟ ඒකාබද්ධ වෙමින් කටයුතු කොට ඇත. ඇය ට්‍රම්ප් ධවල මන්දිරයේ පරිපාලනයේ මිලිටරි ගොඩනැගීම හා ඉන්දු-පැසිෆික් කලාපයේ ව්‍යාප්තිය සමඟ සම්බන්ධ වී සිටින ප්‍රමුඛ නිලධාරිනියක් වන අතර වොෂිංටන් විසින් නිකුත් කරන ලද සෑම ලේඛනයකම එහි උත්සාහය කලාපය ‘විවෘත හා නිදහස්’ ලෙස පවත්වාගෙන යාම බව කියා සිටී. ලාභාංශ යනු ආර්ථික අවස්ථා වැඩි දියුණු කිරීම, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමයි.

2017 ජනවාරි මාසයේ ට්‍රම්ප් පරිපාලනය ආරම්භ වීමත් සමඟ රාජ්‍ය දෙපාර්තමේන්තුව එහි බලපෑම සහ බලය පිරිහී යන මට්ටමකට ගෙන ගොස් ඇත. කර්ටිස් යනු ධවල මන්දිරයේ නිලධාරිනියකි. ඇයට ශ්‍රී ලංකාවට අයත් දකුණු ආසියානු කලාපය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ වැඩි බලයක් ඇත.

Lisa Curtis

‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ (MCC) ගිවිසුම අත්සන් කිරිම සදහා තමන්ගේ හෝ තම ආණ්ඩුවේ විරෝධයක් නොමැති වුවත් තමන් විසින් පත් කර තිබෙන කමිටුවේ කටයුතු අවසන් වූ වහාම එය ක්‍රියාවට නගන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නියෝජ්‍ය සහායිකා සහ ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලීසා කර්ටිස් (Lisa Curtis) යොමුකල සaජු ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් සදහන් කර තිබේ.

“දෙමළ ජනතාව අතර තවමත් ප්‍රධාන මානව හිමිකම් ගැටලු පවතින විට රජයට ඕනෑවට වඩා ණය ලබා දෙන්නේද යන්න මානව හිමිකම් ක්‍රියාකාරීන් ප්‍රශ්න කර තිබේ” යනුවෙන් ඇය ගෝඨාභය හමුවේ අවධාරණය කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ලිපියක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටලබාදුන් අතර ඒ හරහා අප පසුගියදා අනාවරණය කල පරිදි ඇමරිකානු සතුරු රටවල් වල ක්‍රියාකාරිත්වය හමුවේ එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය අත්සන් කල (SOFA) වැනි ගිවිසුම් තවත් පුළුල් කිරිමට අවශ්‍ය කටයුතු කරන ලේසත් ඒ සදහා තමන්ගේ මධ්‍යම ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලීසා කර්ටිස් සමග සුහදව කටයුතු කලයුතු බවත් දන්වා තිබේ.

හම්බන්තොට වරාය ගිවිසුම අසාර්ථක සහ ශ්‍රී ලංකා ජනතාවට අසාධාරණයක් කරන ලද ගිවිසුමක් බවත් තවදුරටත් ඒ අකාරයේ ගිවිසුම් සදහා එලබිමට ඉදිරියේදි අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් තරවටු ස්වරූපයෙන් කර්ටිස් සදහන් කර ඇතිබව ඇමරිකානු වෙබ් අඩවි උපුටා දක්වා තිබේ.

(2014 අගභාගයේදී චීන සබ්මැරීනයකට දෙවරක් කොළඹ වරායට පැමිණීමට ශ්‍රී ලංකාව දක්වන කැමැත්ත ඉන්දීය නිලධාරීන් බිය ගැන්වීමට සමත් වු අතර 2015 ජනවාරි 8 වන දින රාජපක්ෂ පාලනය පරාජයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව චීනය සමඟ ඇති සබඳතාව බිඳ දමා ඇති අතර එවකට පත්වු ජනාධිපති සිරිසේන තිබුනේ කොළඹ ඉන්දියාව සහ චීනය අතර ප්‍රවේශය සමතුලිත කරන බවයි.)

ශ්‍රී ලංකාවේ භූ-මූලෝපායික පිහිටීම අවධාරණය කරමින් ඉන්දු-පැසිෆික් කලාපය මිලිටරීකරණය කිරීමේ වැදගත්කම ද, සමුද්‍රීය සහයෝගය සඳහා ශ්‍රී ලංකාව සහය දිමට බැදි සිටින බව පෙන්වා දුන් කර්ටිස් ඉන්දු-පැසිෆික් කලාපය තුළ මිලිටරි ප්‍රයත්නයේ දී “කැමැත්තෙන් හවුල්කරුවෙකු” සිය හමුදා ශක්තිය බරපතල ලෙස පුළුල් කිරිම සදහා ශ්‍රී ලංකාව විසින් 2007 අත්සන් කරන ලද පිටු 83 කින් යුත් අත්පත් කර ගැනීමේ හා හරස් සේවා ගිවිසුම Acquisition and Cross-Servicing Agreement(ACSA) පුළුල් කිරිම සදහා අවශ්‍ය ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බවද සදහන් කර තිබේ.

මධ්‍යම ආසියානු කලාපයේ ආරක්ෂාව, වෙළෙඳාම හා ආයෝජන ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් මෙන්ම උතුරේ දමිළ ජනතාවගේ ප්‍රශ්ණයට නිශ්චිත විසදුමක් ලබාදිම සම්බන්ධයෙන් වන රජයේ ප්‍රතිපත්තිය වහාම අනාවරණය කලයුතු බවද ඇය සදහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට අයත් දකුණු ආසියානු කලාපය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ වැඩි බලයක් ඇති කවුද මේ Lisa Curtis..

දකුණු ආසියාව සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්තිය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයා වෙන කවුරුත් නොව ට්‍රම්ප් ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ බලගතු තනතුරක් දරන ලීසා කර්ටිස් ය.

ආසියා පැසිෆික් කලාපය මිලිටරීකරනය කිරීම සඳහා වොෂිංටනය තල්ලු කිරීමේ Lisa Curtis භූමිකාව හෙරිටේජ් පදනමේ ආසියා විශේෂඥයෙකු ලෙස සිටි කාලය දක්වා දිව යන අතර කොන්ග්‍රස් සභිකයින් පිරිසක් සමඟ සම්බන්ධ වි දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් කොන්ග්‍රස් කොකේස් (Congressional Caucu) ආරම්භ කර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම හෙළිදරව් කිරිමට මැදිහත් වු අයෙකි. බෙදුම්වාදී ලිබරේෂන් ටයිගර්ස් ඔෆ් දෙමළ කොටින්ගේ (එල්ටීටීඊ / දෙමළ කොටින්ගේ) දෘෂ්ටිවාදය සමඟ සමීප සම්බන්ධතාවයක් දැක්වු බවද නොරහසකි.

 Danny Davis

2013 දෙසැම්බර් මස මුලදී,ශ්‍රී ලංකාවේ ජනවාර්ගික හා ආගමික නිදහස ආමන්ත්‍රණය කිරීම සඳහා කොන්ග්‍රස් කොකේස් එකක් නිර්මාණය කරන ලද අතර, කොකේස් හි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ තත්වය සහ ඔවුන්ගේ දුක්ඛිත තත්වය පිළිබඳව ඇමරිකානු නීති සම්පාදකයින්ගේ සහ මහජනතාවගේ අවධානයට යොමු කිරීමයි. කොකේස් ආරම්භ කළේ රිපබ්ලිකන් කොන්ග්‍රස් සභික බිල් ජොන්සන් සහ ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභික ඩැනී ඩේවිස් (Danny Davis) විසිනි.

එවකට දකුණු ආසියාවේ විශේෂඥයෙකු ලෙස හෙරිටේජ් පදනම සමඟ සිටි ලීසා කර්ටිස්, 2013 දෙසැම්බරයේ වොෂිංටන් ඩී.සී. හි කැපිටල් හිල් හි පැවති රැස්වීමේදී කමිටුවට නායකත්වය දුන් අයගෙන් කෙනෙකි.

ආසියා පැසිෆික් කලාපය මිලිටරීකරනය කිරීම සඳහා වොෂිංටනය තල්ලු කිරීමේ කර්ටිස් මහත්මියගේ භූමිකාව ආසියා විශේෂ .යෙකු ලෙස හෙරිටේජ් පදනමේ සිටි කාලය දක්වා දිව යන අතර 2016 ජුනි 9 වන දින ආසියාවේ සහ පැසිෆික් කලාපයේ  එක්සත් ජනපද විදේශ කටයුතු පිළිබඳ අනුකමිටුවට ඉදිරිපත් කළ සාක්ෂියේ ලීසා කර්ටිස් එක්සත් ජනපද රජයට ප්‍රතිපත්ති නිර්දේශයක් යෝජනා කළ අතර “සමුද්‍රීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරිම එහි මුලික අරමුණ වි තිබේ.

ඉන්දියානු සාගර කලාපයේ ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර වොෂින්ටනය වැඩි උපදේශන, පුහුණුවීම් සහ අභ්‍යාස මගින් කොළඹ සමඟ නාවික සහයෝගීතාව තීව්‍ර කළ යුතු බවත් කලාපය තුළ චීන නාවික අභිලාෂයන් පරීක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදය පිළිගත යුතු අතර හැකි නම් කොළඹ සහ නවදිල්ලිය අතර සමීප නාවික සබඳතා වර්ධනය කළ යුතු බවද ඇයගේ නිර්දේශ වේ.

කොන්ග්‍රස් සභික ඩැනී ඩේවිස් (Danny Davis)යනු යුද්ධයේ උච්චතම අවස්ථාව වන විට කොටි නායක ප්‍රභාකරන්ගේ ඉහළ නායකයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා උතුරු ප්‍රදේශයට ගිය අයෙකු වේ.

 Nimmi Gawrinathan

2005 මාර්තු 30 සිට අප්‍රියෙල් 5 දක්වා ඩේවිස් ශ්‍රී ලංකාවට ගිය අතර, වැඩි කාලයක් ගත කළේ දෙමළ ඊලාම් විමුක්ති කොටින් විසින් පාලනය කරනු ලබන වන්නි සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල වන අතර ඩේවිස් ,ලීසා සමග එක්ව අරමුදල් එකතු කිරිමේ මෙහෙයුම දියත් කර තිබේ.එම සංචාරයේ සම්පූර්ණ වියදම් LTTE විසින් දැරු අතර ඩේවිස්ගේ සහයට පැමිණි ඩැනියෙල් කැන්ට්‍රෙල් නැමැත්තා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 7,000 බැගින් ගෙවිම් පවා කර තිබු බව පසුව අනාවරණය වි තිබේ.

මුදල් විශුද්ධිකරණය, අවි ආයුධ මිලදී ගැනීම සහ අල්ලස් ලබා ගැනීම හරහා ත්‍රස්ත කල්ලියට සහාය දැක්වීමේ පුළුල් කුමන්ත්‍රණයකට සහභාගී වූ බවට ඩේවිස්ට චෝදනා එල්ල වු අතර නිව්යෝක් නුවරදී දෙමළ කොටින්ගේ ආධාරකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට පත්විමෙන් පසුව එම තොරතුරු තහවුරු වු බව චිකාගෝ ට්‍රිබියුන් වාර්තා අනාවරණය කර තිබේ.

ඩේවිස් සහ ලීසා කණ්ඩායමේ තවත් අයෙකු වන නිම්මි ගව්රිනාදන් (Nimmi Gawrinathan)ශ්‍රී ලංකාවේ බලධාරීන් අතර එතරම් ප්‍රසිද්ධියට පත් නොවු අතර ඇය මෙම කොකේස් පිටුපස ඇති ‘මොළය’ සහ ශ්‍රී ලංකාවේ තත්වය සහ මෙම දකුණු ආසියානු ජාතියේ ඊසාන දෙසින් පිහිටි ‘දෙමළ ජනතාවගේ දුක්ඛිත තත්වය’ පිළිබඳ ලේඛන හා දත්ත සැපයුම්කරු බවටද ප්‍රසිද්ධියක් උසුලයි.

කතාව අවසන් නැත…. ශ්‍රි ලංකාවට ආ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ සැගවුනු නායකයා Raj Sha කවුද?

 

බෙදුම්වාදී ගමන් මගේ විජයග්‍රාහි ගමන යන ගෝඨාභය….

Published on: Jan 18, 2020- නාගරික බේරුම්කරණ සංවර්ධන අධිකාරියේ සභාපති (Urban Settlement Development Authority) ලෙස ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකාවනු වහලෙකු පත්කර තිබේ.ගෝඨාභය ජනාධිපති විමෙන් පසුව ඇමරිකානු පුරවැසි භාවය සහිත ඔහුගේ වහල් සේවය ඉටුකල තිදෙනෙකුට සභාපතිකම් ලබදිමට කටයුතු කර තිබේන අතර ඒ අනුව තාමත් අතහැර නොමැති ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසි භාවය මෙන්ම ඇමරිකානු ගැති භාවය මේ හරහා නිරූපණය කර තිබේ.

නාගරික බේරුම්කරණ සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස රාජා එදිරිසූරිය ( Raja Edirisuriya )නැමත්තා ජනාධිපතිවරය විසින් පත්කර ඇති අතර ඊට පෙර කිසිදු සුදුසුකම්ක් නොමැති රාජපක්ෂ කලු දශකයේදි රටේ මුදල් කොල්ල කෑ කැලිෆෝනියාවේ ගෝඨාභයගේ පුත්‍රයා බලාගත් මල්රාජ් ද සිල්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ තානාපති ලෙස මෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස උපුල් ධර්මදාස නම් කිරිමට කටයුතු කළා.

2010දි බලයට පත්වු රාජා එදිරිසූරිය බ්‍රසීලයේ තානාපති ධුරය දැරු අතර එම කාලය තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බ්‍රසීලයට නවාතැන් ගැනීම සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සම්බන්ධව මුල්‍ය වංචාවකට හසුවු ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ලෙස සේවය කරමින් සිටියදී රුපියල් මිලියන 1.4 ක වංචාවකට සම්බන්ධය විම හේතුවෙන් ශ්‍රී ලංකාවට පවා පැමිණිමට නොහැකි ව සිට රාජා ගෝඨාභයගේ සරණෙන් ඇමරිකාවට පලාගිය අයෙකුද වනවා.

Loading…


http://lankanewsnetwork.org/archives/22305

Top