Published on: Jan 18, 2020- ශ්‍රි ලංකාවේ වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුල සමග සබඳතා නැවත ගොඩනඟා ගැනිම සදහා වසර දෙකක කාලයක් දිර්ඝ නිහඩ පසුබිම් වැඩක (silent background work) නිරත වු බව මේ වනවිට අනාවරණය වි තිබේ.

දකුණු ආසියාවේ විදේශ ප්‍රතිපත්ති හා ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙකු කොන්ස්ටන්ටිනෝ සේවියර්  (Constantino Xavier) වන රෙඩිෆ් (Rediff.com) සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කර ඇත්තේ එම වසර දෙකක කාලය තුල නිහඬව රාජපක්ෂලා සමග ගනුදෙනු කල බවත් එම ගණුදෙනු වල ප්‍රථිපලයක් ලෙස ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකාවට මෝදි බලපෑම් නොකර සිටිමට හේතු වු බවත් පෙන්වා දෙන ඔහු එහි අවසන් ප්‍රථ්පලය නම් ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රථ්ම නිල සංචාරය ඉන්දියාවේ සිදුකල බවද ඔහු පෙන්වා දෙනවා.එම කාලය තුල වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මල්ලි වන බැසිල් රාජපක්ෂ විශාල කාර්යභාරයක් සිදුකල බවයි ඔහුගේ අදහස වි ඇත්තේ.

(කොන්ස්ටන්ටිනෝ සේවියර් යනු ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පුත් ධර්වා ජයිශංකර් සහ ඉන්දියාවේ හිටපු ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිව්ශංකර් මෙනන්ගේ සගයෙකි.)

උතුරේ දෙමළ ජනතාව බලාපොරොත්තු වන නිදහස,(ඔහුන් අර්ථකථනය කරන ආකාරයට.),  ත්‍රිකුණාමලය වරාය වැඩිදියුණු කිරීම, තමිල්නාඩුව සමඟ දුම්රිය හා තොටුපළ සම්බන්ධතා යථා තත්ත්වයට පත් කිරීම ඉදිරි වසර තුළ වඩාත් ශක්තිමත් ජයග්‍රහණ කිරිම මෝදි බලාපොරොත්තු වෙන් සිටින බවත් සියල්ලටම වඩා චිනය සමග ගණුදෙනු වලදි හම්බන්තොට වරාය ඇතුලු ශ්‍රි ලංකාවේ මර්මස්ථාන මිලිටරීකරනය නොකිරිමට කටයුතු කිරිම මෝදි පාලනය ගෝඨාභයගෙන් බලාපොරොත්තු වෙන් සිටි.මෛත්‍රී පාල සිරිසේන පාලනය පිහිටුවිම සදහා 2015 දී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහය ලබාදුන් නමුත් සිරිසේන පාලනයේ පතෝල වැඩ හේතුවෙන් අවසන් වසර 2ක පමණ කාලය ඉන්දියාව වැඩි කැමත්තකින් මැදිහත් විම අතහැර දැමුවා.

ගෝඨාභයගේ පලමු නිළ සංචාරය…

http://lankanewsnetwork.org/archives/21813

Published on: Jan 17, 2020 – තමන් සම්බන්ධයෙන් සිදුකෙරේන විමර්ෂණ හරහා ශ්‍රි ලංකාව තුල සිදුකරන ව්‍යාපාරික කටයුතු නතර කිරිමට කටයූතු කලහොත් ශ්‍රි ලංකාවට ලැබේන විදේශ විනිමයෙන් සියයට 85ක් නතර කරන බව දකුණු ආසියාවේ මුදල් විශුද්ධිකරණයේ Godfather ලෙස හැදින්වෙන ‘ලයිකා මොබයිල්’ හිමිකරු කොටි ඩයස්පොරාවෙ ප්‍රධානියෙකු වන සුභාෂ්කරන් අල්ලිරාජා (Subaskaran Allirajah) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වී සිටින ඊ.ටී.අයි ෆිනෑන්ස් (ETI Finance Limited) මූල්‍ය සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිශන් සභාවක් පත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණයත් සමග කුප්‍රකට මුදල් විශුද්ධිකරණයේ Godfather ලෙස හැදින්වෙන ‘ලයිකා මොබයිල්’  හිමිකරු කොටි ඩයස්පොරාවෙ ප්‍රධානියෙකු වන සුභාෂ්කරන් අල්ලිරාජා (Subaskaran Allirajah) ඇතුලු ඔහුගේ කල්ලිය කලබලයට පත්වු අතර පසුගියදා  අලුයම කොළට පැමිණි බවද අප අනාවරණය කළා.

ඊයේ thehindu පුවත් පත සමග එක්වෙමින් සුභාෂ්කරන් අල්ලිරාජා තමන් ලංකාවේ සිටන බව තහවුරු කර තිබේ.

“It doesn’t always have to be a superstar or a big director. My interest is really in good cinema,” says the Sri Lanka-born British Tamil businessman, who was in Colombo recently.(https://www.thehindu.com/entertainment/movies/10-small-films-in-the-offing-says-darbar-producer-subaskaran-allirajah/article30574594.ece/amp/?__twitter_impression=true)

තමන්ගේ විශේෂ නියෝජිතයෙකු හරහා අල්ලිරාජා මෙම පණිවිඩය ගෝඨාභයට යවා ඇති අතර එම අනතුරු ඇඟවීම හරහා ඔහු පෙන්වා දි ඇත්තේ තමන්ට ලංකාවට විදේශ ව්නිමය ලැබෙන රටවල් රැසක් සමග සමීප සබඳතාවය ඇති බවත් ලංකාව තුල සංසරණය වන විදේශ විනිමය විශාල ප්‍රමාණයකට තමන් වගකියන බවයි.

එල්ටීටීඊ සංවිධානයට අයත්ව යුරෝපයේ තිබු දුරකතන සමාගමක් වන Lebara Mobile සමාගම  LTTE සංවිධානය පරාජය විමත් සමග කාලයක් පවත්වාගෙන ගිය අතර මැතකදි එම සමාගම ඩොලර් බිලියන 5ක මුදලකට ස්විස්ටර්ලන්ත සමාගමකට විකුණා දැමිමට කටයුතු කල සුභාෂ්කරන් අල්ලිරාජාගේ සමීපයයෙකු වන කන්දයියා බාස්කරන් හරහා උතුරේ බලය සියතට ගැනිම සදහා විවිධ මෙහෙයුම් දියත් කළා.  එහි පලමු පියවර වුයේ IBC Tamil නාලිකාව නිර්මාණය කිරිම් සහ මහා පරිමාණයේ ඉඩම් මිලදි ගැනිම වන අතර එහි තවත් පියවරක් ඉදිරියට තබමින්ම Allirajah’s Gnanam Foundation හරහා තොරාගත් දමිල ජනතාවට නිවාස යෝජනා ක්‍රමයක් එළිදැක්වීමට කටයුතු කර තිබේ.

උතුරේ ක්‍රියාත්මක කන්දයියා බාස්කරන්ගේ කර්මාන්ත රැසක සේවය කරනු ලබන්නේ LTTE මරාගෙන මැරෙන කණ්ඩායම් නියෝජනය කල පිරිස් සහ කාඩර් එක නියෝජනය කල පිරිස් බව බුද්ධු අංශ වාර්තා පව තහවුරු කර තිබේ.

“Even here [Sri Lanka], the southern media accuses me of being an ally of the LTTE, while some Tamil media say I am close to the Rajapaksas. I really wonder: Who am I?” he said.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ව්‍යාපාරික හිතවතෙකු වන සුභාෂ්කරන් අල්ලිරාජා සහ සිංගප්පූරුවේ සමාගමක් වන ස්ට්‍රේට්ස් ග්‍රිඩ් ලිමිටඩ් සහ අතරමැදියෙකු ලෙස කටයුතු කරන සුදීර් ජයරාම් නමැති මලයාසියානු ව්‍යාපාරිකයා දමිළ බෙදුම්වාදීන්ගේ ඩයස්පොරාවේ ඔනෑකම් වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටින අයෙකු වන අතර එම මෙහෙයුම උතුරේ දියත් කල සුභාෂ්කරන් උතුරේ ජනතාවගෙ බැංකු වලට සින්න විමට ගිය ඉඩම් සියල්ලම මේ වනවිට සියතට ගැනිමට සමත්ව අවසන්.

දකුණේ මාධ්‍ය තමන් එල්ටීටීඊයේ සගයෙකු යැයි චෝදනා කරන විට,උතුරේ මාධ්‍ය පවසන්නේ තමන්ට රාජපක්ෂ සමීප බව උතුරේ මාධ්‍ය පවසන බවද සුභාෂ්කරන් අල්ලිරාජා thehindu පුවත් පතේ සදහන් කර තිබේ.

Subaskaran Allirajah (left) with David Cameron at the Conservatives’ Black and White party in 2015

Subaskaran Allirajah (left) with David Cameron at the Conservatives’ Black and White party in 2015

උග්‍ර කොන්සර්වේටිව් පාක්ෂිකයෙකු වු භාෂ්කරන් අල්ලිරාජා එක්සත් රාජධානියේ මැතිවරණයෙන් ඓතිහාසික ජයක් ලැබු බෝරෝස් ජොන්සන්ට (Boris Johnson) ඉතාම සමීප අයෙකු වන අතර එංගලන්තයේ කොන්සවේටිව් පක්ෂයේ ප්‍රධානතම දායකයා වන දුරකතන කේෂ්ත්‍රයේ පතාක යෝධයෙක් වන ලයිකා මොබයිල් ආයතනය හිටපු අගමැති David Cameron සමගද ඉතාම සමීපව කටයුතු කල අයෙකු වේ.

His company is one of the largest donors to the Conservative Party and has in the past been accused of evading taxes for years. The company has denied the allegations. “I’m a business man and I back the Party because of its economic policy,” Mr. Allirajah said, insisting there was “nothing political” in his choice.

“මම ව්‍යාපාරිකයෙක් වන අතර පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා මම එයට පිටුබලය දෙමි” යැයි සුභාෂ්කරන් අල්ලිරාජා thehindu පුවත් පතේ සදහන් කර තිබේ.

භාෂ්කරන් අල්ලිරාජාට  බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බෝරෝස් ජොන්සන්  දුන් පොරොන්දුව..

භාෂ්කරන් අල්ලිරාජා එක්සත් රාජධානියේ මැතිවරණයෙන් බෝරෝස් ජොන්සන්ට ඓතිහාසික ජයක් ලැබිමට අවශ්‍ය මුදල් වලින් සියයට 70කට ආසන්න ප්‍රමාණයක් ප්‍රදානය කල අතර ඔහුගේ එකම ඉල්ලිම වි තිබුනේ මැතිවරණ ජයගැන්මට හැකි වුවහොත් උතුරු ,නැගෙනහිර පලාත් ඒකාබද්ධ කර වෙනම පාලනයක් ලබාදිම සදහා බ්‍රිතාන්‍යය රජය කැපවි කටයුතු කල බවයි. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ අනාවරණයක් බලාපොරොත්තු වන්න 

Subaskaran Allirajah & Boris Johnson

නොකියා බොහෝ දේ කියු භාෂ්කරන් අල්ලිරාජාගෙ thehindu සම්මුඛ සාකච්ඡාව

Loading…


The Sri Lanka-born British Tamil businessman also has Mani Ratnam’s ‘Ponniyin Selvan’ and ‘Indian 2’ starring Kamal Hassan coming up Following his production house’s latest film Darbar starring Rajinikanth, Lyca Productions chairman Subaskaran Allirajah says he will produce at least 10 small films this year.

“It doesn’t always have to be a superstar or a big director. My interest is really in good cinema,” says the Sri Lanka-born British Tamil businessman, who was in Colombo recently.

Darbar, said to be made on a budget of ₹200 crore, is “doing well”. Lyca’s earlier Rajinikanth starrer 2.0 was reportedly made with a budget of over ₹500 crore. The production house has also been associated with the distribution of films made with relatively smaller budgets, including the acclaimed Kaala and Vada Chennai. “There is no contradiction there. In fact, the logic of business demands that we back different kinds of films and that has worked well for us,” Mr. Allirajah told The Hindu atthe Taj Samudra here.

Mr. Allirajah’s wealth comes from his huge mobile network operating company in London. But his decision to put his money into films is driven by his own passion for Tamil cinema right from his student days when he says he watched “one or two films” a day.

Today, his Chennai-based production house is behind some of Kollywood’s biggest and much-anticipated projects, including Mani Ratnam’s upcoming Ponniyin Selvan — which he is co-producing with Madras Talkies — and Indian 2 starring Kamal Hassan.

Mr. Allirajah hails from Mullaitivu, in the island’s Tamil-majority Northern Province. As a teenager he fled the country to escape the war that had just begun. After spending about 10 years in Paris as a refugee, he moved to London and went on to helm Lycamobile, a mobile network company that, according to its website, is present across 22 countries with 16 million users. Asked about his intriguing journey from a refugee in Paris to a business tycoon in London, Mr. Allirajah said: “I can only say it was a good accident.”

His company is one of the largest donors to the Conservative Party and has in the past been accused of evading taxes for years. The company has denied the allegations. “I’m a business man and I back the Party because of its economic policy,” Mr. Allirajah said, insisting there was “nothing political” in his choice.

The producer was also in the news here in 2017, when Rajinikanth — who was to unveil a housing scheme in Jaffna, as part of an initiative of Mr. Allirajah’s Gnanam Foundation — cancelled his visit following strong objections raised by some Tamil Nadu politicians.

“Even here [Sri Lanka], the southern media accuses me of being an ally of the LTTE, while some Tamil media say I am close to the Rajapaksas. I really wonder: Who am I?” he said.

thehindu වෙබ් අඩවියෙන් කියවන්න

https://www.thehindu.com/entertainment/movies/10-small-films-in-the-offing-says-darbar-producer-subaskaran-allirajah/article30574594.ece/amp/?__twitter_impression=true

Published on: Jan 17, 2020 – සියලූම සභාපතිවරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල ජනවාරි 06ට පෙර ඉවත් වන ලෙස ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කළද එම හිස්තැන් පිරවීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබුණේ නොතිබුන බැවින් පසුගිය මාස 02 තුළම ආණ්ඩුව අකාර්යක්ෂමයි වගේම අසාර්ථක වි ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පෙන්ව දෙනවා.අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි මන්ත්‍රීවරයා රාජපක්ෂ පාලනයෙ කුප්‍රකට දුෂණ රැසක් අනාවරණය කළා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව බලයට පත්වී අද (16) දිනට මාස දෙකක් ගත වී තිබෙනවා. එසේ වුවත් රාජ්‍ය ආයතන විශාල ප‍්‍රමාණයකට අදාළ පත්කිරීම් සිදුකර නැහැ. ප‍්‍රධාන ගණයේ ලා සැලකෙන සංස්ථා. මණ්ඩල, අධිකාරි ආදී රාජ්‍ය ආයතන 238කුත් තවත් රාජ්‍ය ආයතන දෙසිය ගණනකුත් වශයෙන් පන්සිය ගණනක් තිබෙනවා. මේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල පත්වීම්වලට අදාළ බරපතළ ගැටලූ සහගතභාවයක් දකින්නට තිබෙනවා. පළමුවැන්න ආණ්ඩුව පත්වී මාස 02ක් ගතවී තිබියෙදීත් පත්වීම් සිදුකිරීමට ආණ්ඩුව අසමත් වීමයි. දෙවැන්න දේශපාලන හිතවතුන් පත්කිරීමේ ක‍්‍රියාවලියයි. තෙවැන්න ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගේ ඥාතීන් පත් කිරීමක් සිදුව තිබීමයි. සිව්වැන්න දුෂණ චෝදනා ලැබූ පුද්ගලයින්, ඒ නිසා අධිකරණයෙන් ඇපපිට සිටින පුද්ගලයින් රජයේ ඉහළම තනතුරුවල සිට පත්වීම් ලැබීමයි. කිසිදු සුදුසුකමක් පලපුරුද්දක් නොමැති පුද්ගලයින් එම තනතුරුවලට පත් කිරීම පස්වැනි කරුණයි. මෙම කරුණු පහම වර්තමාන දෙවැනි රාජපක්ෂ පාලනය තුළ රාජ්‍ය ආයතන කළමනාකරණයේ ගැටලූ ලෙස දැකිය හැකියි.

මේ ආණ්ඩුව මැතිවරණ ප‍්‍රචාරක සමයේ විධිමත්, විද්වත්, සුදුසුකම් ඇති පුද්ගලයින් මෙම තනතුරුවලට පත්කරන බව ජනතාවට පැහැදිලිව ප‍්‍රකාශ කළා. එම සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම්වලදී විශේෂඥ කමිටුවක් මගින් තෝරාගැනීම් සිදුකරන බව ඔවුන් කිවුවා. පෞද්ගලික අංශයේ දෙදෙනෙකුත් පළමු රාජපක්ෂ පාලනයට සම්බන්ධව සිටි පුද්ගලයින් දෙදෙනෙකුත් වශයෙන් තෝරාගැනීමේ කමිටුව සමන්විතව තිබෙනවා. මෙම රාජ්‍ය අංශයට සම්බන්ධ දෙදෙනා බරපතළ දුෂණෂණ චෝදනා ලැබූවන්. එක් අයෙක් නඩු තිබෙන කෙනෙක්. අනෙක් කෙනා අධිකරණයෙන් වරදකරුකරනු ලැබූවෙක්. එක් අයෙක් ලලිත් වීරතුංග මහතා අනෙක් පුද්ගලයා නාලක ගොඩහේවා මහතායි. තෝරාගැනීමේ කමිටුවම හොරාගෙ අම්මගෙන් පේන අහන මට්ටමකයි තිබෙන්නේ. නමුත් ජනතාව තුළ යම් විශ්වාසයක් තිබුණා, පත්කිරීම් නිවැරදි ලෙස සිදුකරන්නට උත්සාහයක් දරාවිය කියලා.

නමුත් දැන් ජනතාවට පෙනෙන්නට තිබෙන්නේ සම්පූර්ණ වෙනස් තත්වයක්. ලංකාවේ රාජ්‍ය ආයතන බොහොමයක් පාඩු ලබන, අකාර්යක්ෂම ආයතන වී තිබෙනවා. මීට ප‍්‍රධාන හේතුව තිබෙන්නේ දේශපාලන හිතවත්කම් මත දුෂිත පුද්ගලයින් ඒවාට පත්කිරීමයි. පළමු රාජපක්ෂ පාලනය තුළත් රනිල් මෛත‍්‍රී පාලනය තුළත් ගුවන් සමාගම හා ගුවන් සේවා අධිකාරිය වැනි ආයතනවලට පොදු තත්වයක් වුණා.

ගෝඨාට ගුවන් ටිකට්පත් දුන් ධර්මදාස ගුවන් සේවා අධිකාරියේ සභාපති

වර්තමානයේ ගුවන් සේවා අධිකාරියේ සභාපති වශයෙන් පත්කරනු ලැබ තිබෙන්නේ ධර්මදාස නැමැති පුද්ලයෙක්. ජනාමාධ්‍ය මගින් හෙලිදරව් කර ඇති විදිහට ඔහු සුදුසුකම් ඇති අයෙක් හෝ තේරීම් කමිටුවෙන් තෝරා ගත් අයෙක් නෙමෙයි; ගෝඨාභය මහතාගේ සංචාරවලදී ඔහුට ගුවන් ටිකට්පත් ලබාදුන් පුද්ගලයායි. ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ මාමණ්ඩිය තිලක් වීරසිංහ මහතාත් යෝෂිත රාජපක්ෂ මහතාගේ නැන්දණියත් පක්කරනු ලැබ තිබෙනවා. රාපක්ෂ පවුල පෙරදීත් බූදලයක් ලෙස ගුවන් සමාගම පාවිච්චි කර තිබුණා. දැන් එයම නැවත සිදුවෙමින් තිබෙනවා.

රනිල්ගේ ඥාති සහෝදරී ඉෂිනි සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්

ජලසම්පාදන මණ්ඩලයේ සභාපති ලෙස නිශාන්ත රණතුංග මහතා පත් කරනු ලැබ තිබෙනවා. ඔහු සීඑස්එන් නාලිකාවට අදාළව, ක‍්‍රිකට් පාලක මණ්ඩලයට අදාළව චෝදනා ලැබූ පුද්ගලයෙක්. මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති ධුරයට උපාලි කොඩිකාර මහතා පත් කොට තිබෙනවා. ඔහුට ඇති සුදුසුකම් ගැටලූසහගතයි. දේශපාලන හිතවතුන් නිදසුනක් ලෙස හිටපු අගමැතිවරයාගේ වැඩිමල් සහෝදරයාගේ දුව, ඉෂිනි වික‍්‍රමසිංහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යනය ආසියාවේ පැරණිම එකක්. එය කලෙක සත්වෝද්‍යාන මොඩලයක් ලෙස පාවිච්චි වුණා. ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය ගෝඨාභය මහතාගේ ඡන්ද ව්‍යාපාරය කළා. ඇයට මාධ්‍ය සම්බන්ධ දැනුමක් ඇති. නමුත් ඇයට සත්වෝද්‍යානය සම්බන්ධ දැනුම ගැටලූකාරීයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධුරයට ශෂී වෙල්ගම පත් කර තිබෙනවා. මීට කලින් රාජපක්ෂ පාලනය තුළ ඒ ක්ෂේත‍්‍රය තුළම විවිධ දුෂණ හේතුවෙන් අධිකරණමය ක‍්‍රියාවලට ලක්වී තිබෙනවා.

රාජ්‍යතාන්ත‍්‍රික සේවය සම්බන්ධ කිසිදු සුදුසුකමක් නැති මල්රාජ් සිල්වා

දැනට පුවත්පත්වල දැන්වීම් පළකර තිබෙන්නේ, ජනාධිපතිවරයා විසින් ඩුබායි තානාපති ලෙස මල්රාජ් සිල්වා නැමැත්තා පත්කිරීමට නියමිත බවයි. ඔහුට රාජ්‍යතාන්ත‍්‍රික සේවය සම්බන්ධ කිසිදු සුදුසුකමක් නැහැ. මෙය මැදපෙරදිග ප‍්‍රධාන පෙළේ තානාපති කාර්යාලයක්, අන්තර්ජාතික වෙළඳ මධ්‍යස්ථානයක්. ඒ වෙනුවෙන් පත් කිරීමට යන පුද්ගලයා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ විදේශීය මිලදී ගැනීම් සම්බන්ධ චෝදනාවලට ලක්වී සිටිනවා. ඔහු ලංකාවේ පැවති කිසිදු පරීක්ෂණයකට පැමිණියේ නැහැ. ඔහුට අයත් නිවස ඩොලර් 8000ක මාසික කුලියකට, එනම් රුපියල් ලක්ෂ 14කට පමණ, ලොස්ඇන්ජලීස් ශ‍්‍රී ලංකා කොන්සුලර් කාර්යාලය වෙනුවෙන් ලබාගෙන තිබූ නමුත් එය භාවිත කර තිබුණේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතාට නැවතී සිටීම සඳහායි. ඒ පිළිබඳ පරීක්ෂණවලදී නිවසේ හිමිකරු ලෙස ඔහු සාක්ෂි දිය යුතුව තිබුණා. නමුත් ඔහු කිසිදා මෙහි පැමිණියේ නැහැ.

(ජනවාරි 13 වැනිදා අප මල්රාජ් සම්බන්ධයෙන් අනාවරණය කළා….   ජනතා මුදල් කබාසීනියා කල මල්රාජ්ට තානාපති කමක්! ගෙදර යන ගමන් විනිසුරු වු ඊවා…. ප්‍රංශයට … නාලකට එරෙහිවු නලින්ද සිල්වා මියන්මාරයට!)

රාජපක්ෂලාගේ 70 පැන්න මැන්ටලයක් ටෙලිකොම් සභාපති කමට!

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස පෙර ආණ්ඩුවෙන් පත් කර තිබුණේ ජනාධිපතිවරයාගේ සහෝදරයායි. දැන් ඔහු ඉල්ලා අස්වීමෙන් පසුව රාජපක්ෂ පවුලට හිතවත් ඉතාම වියපත් පුද්ගලයෙක් ඒ සඳහා පත්කිරීමට යනවා. ඔහු සංස්ථා සභාපති ලෙස පත්කිරීමට නියමිත වයස් සීමාව තුළ නැහැ. ටෙලිකොම් වැනි දක්ෂ තරුණ කළමනාකරුවන් පත්විය යුතු ආයතනවලට මෙවැනි අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයින් පත්වූවිට එම ආයතන බිඳවැටීම වළක්වාලිය නොහැකියි. දැනටමත් මෙයට එරෙහිව ටෙලිකොම් ඉංජිනේරුවන් විරෝධය පළ කර තිබෙනවා. එහෙත් ආණ්ඩුව විශේෂ අධ්‍යක්ෂ මණ්ඩලයක් කැඳවා එම වැඩි වයස් සීමාව අනුමත කරගැනීමට යන බවට තොරතුරු ලැබී තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයාත් අධිකරණවලින් වරදකරු කරන ලද පුද්ගයෙක්. ඔහුට රජයේ තනතුරු දැරිය නොහැකි බවට නියෝග පවා ලබා දී තිබුණා. අග‍්‍රාමාත්‍ය ලේකම්වරයාත් දුෂණ චෝදනා මත ඇප මත සිටින පුද්ගයෙක්. ජනාධිපති කොමිෂන් සභාවල චෝදනාවලට ලක්වූ පුද්ගලයින් ගණනාවක් නැවත තනතුරු සඳහා පත් කරනු ලැබ තිබෙනවා. එසේම ගුවන් තොටුපළ අධිකාරියේ සභාපති ලෙස පත්කරන ලද හිටපු හමුදා නිලධාරියා පළමු රැුස්වීමේදීම තමන්ට ගුන් සේවා ගැන කිසිදු අදහසක් නැතැයි ප‍්‍රකාශ කර තිබුණා. මෙය එහි සේවකයින්ට ලබාදෙන හැඟීම කුමක්ද?

එ.ජා.ප. ආණ්ඩුව තුළ රාජ්‍ය ආයතනවල පාලනය බිඳවැටුනා …

පසුගිය එ.ජා.ප. ආණ්ඩුව තුළ ප‍්‍රධාන ගැටලූව වූයේ පාලනයක් නොතිබීමයි. රාජ්‍ය ආයතනවල පාලනය බිඳවැටී තිබුණා. අවසන් වසරක පමණ කාලයක් අරාජික බවක් දැඩිව තිබුණා; අලූතින් තීන්දු ගත්තේ නැහැ. මැතිවරණ කාලයේත් තීන්දු තීරණ කිසිවක් ගත්තේ නැහැ. පසුගිය මාස 02 තුළත් බොහෝ ආයතනවල තීරණ ගැනුණේ නැහැ. විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, වරාය අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, දැව සංස්ථාව, ගුවන්විදුලිය, රූපවාහිනිය අධ්‍යක්ෂ මණ්ඩල තවමත් පත්කර නැහැ. ඇතැම් තැන්වල සභාපතිවරු පත්කර තිබුණත් අධ්‍යක්ෂ මණ්ඩල නොමැතිව සභාපතිට තීන්දු තීරණ ගත නොහැකියි. මේ තත්වය තුළ තවමත් රාජ්‍ය ආයතන බොහොමයක් අකර්මණ්‍ය වී තිබෙනවා. ධීවර සංස්ථාව, ධීවර වරාය නීතිගත සංස්ථාව, නාරා ආයතනය, ඛනිජවැලි සමාගම වැනි ආයතවලට සභාපතිවරුන් පවා තවම පත් කර නැහැ. මාර්තු 01වැනිදායින් පසුව නැවතත් මැතිවරණයක් එනවා. මේ තත්වය තුළ වසරක පමණ කාලයක් මේ ආයතන අකර්මණ්‍ය වී තිබීමට නියමිතයි.

පොහොර ගන්නපගාව දෙන්න වෙලා….

මෙම තත්වය ආයතන තුළ සේවක ගැටලූවල වගේම රටේ ජනතාවට සපයන සේවාවලටත් දැඩිව බලපානවා. නිදසුනක් ලෙස විශාලතම වී වගා කන්නය වන මහ කන්නයට අදාළව විශාල පොහොර හිඟයක් ඇතිවී තිබෙනවා. දැන් ගොවීන්ට නොමිලේ නොව මුදලටවත් මිලදී ගැනීමට පොහොර නැහැ. ගොවීන්ට පොහොර ගැනීමට පගාව දීමට සිදුව තිබෙනවා.

සියලූම සභාපතිවරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල ජනවාරි 06ට පෙර ඉවත් වන ලෙස ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කළා. එම හිස්තැන් පිරවීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. පසුගිය මාස 02 තුළම ආණ්ඩුව අකාර්යක්ෂමයි වගේම අසාර්ථකයි. තිබෙන්නේ මාධ්‍යවලින් රට පාලනය කරන තත්වයක්. ප‍්‍රධාන වශයෙන්ම මේ පිළිබඳව අපි රටේ ජනතාවගේ අවධානය යොමු කරනවා.

ඒ වගේම ආණ්ඩුව ජනතාව මුහුණපාන ගැටලූ පිළිබඳව අවධානය යොමු කරන පාර්ලිමේන්තුවේ දින ගණන අවම කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිළිබඳ විවාදය පවා වරු දෙකකට සීමා කළා. ආණ්ඩුව උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව වසා තබා, තමන්ගේ සාක්කුවට දමා ගත් ජනමාධ්‍ය රොත්තේ වාසිය ගනිමින් රටේ ප‍්‍රශ්න හංඟමින් යාමටයි.

කබ්රාල්ගේ කබ්බ වැඩ ….

ඒ වගේම බැඳුම්කර වංචාවට අදාළව අධිකරණමය කටයුතු සඳහා අවශ්‍ය වෝහාරික විගණන වාර්තාව දැන් ලැබී තිබෙනවා. එය 2017 කෝප් කමිටුවේ වගේම ඒ පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශයක්. එය අන්තර්ජාතිකව පිළිගත් විගණන වාර්තාවක්. දැන් මෙය කෝප් කමිටුව වෙත ලැබී තිබෙනවා. පසුගිය රනිල්-මෛත‍්‍රී ආණ්ඩු සමයේදී බැඳුම්කර වංචාවට අදාළ කෝප් කමිටුවට උපරිම උත්සාහ කළා. වෝහාරික වාර්තාව පැමිණියේ ඒ බාධා මැඩගනිමින් ඉදිරිපත් කරන ලද කෝප් වාර්තාවේ නිර්දේශයක් අනුවයි. ඒ කාලයේ පාර්ලිමේන්තුව දෙවනත් වන්නට කෑ ගසමින් සිටි පුද්ගලයින් අද ආණ්ඩුවේ සිටිනවා. ඒත් ඔවුන් ඒ පරීක්ෂණ ගැන නිහඩයි. එවගේම රාජපක්ෂ පාලනයේ ඇතැමුන් මේ වාර්තාවට පවා විරෝධය පළ කරමින් සිටිනවා. අග‍්‍රාමාත්‍ය උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් මේ වාර්තාවට එරෙහිව අදහස් දක්මින් සිටිනවා. ඔහු එම වාර්තාව කියෙව්වේ කොහොමද? වර්තමාන නීතිපතිවරයා එවකට සොලිසිටර් ජනරාල්වරයා ලෙස බැඳුම්කර කොමිසමේ සාක්ෂි දුන්නා. ඒවා ජනමාධ්‍යවල ප‍්‍රසිද්ධ වුණා. එවකට ඔහු එම සාක්ෂි විමසීම හානියක් ලෙස දැක්කේ නැහැ. අද ඔහු එම වාර්තාව මන්ත‍්‍රීවරුන්ට ලබා නොදෙන ලෙසට කථානායකට ඉල්ලීම් කරනවා. අප සිතන්නේ මේ වාර්තාව යට ගසන්නට හදන්නේ, බැඳුම්කර හොරුත් ඊට කලින් හොරුත් මේ වාර්තාවෙන් අහුවී ඇති නිසා විය යුතුයි.

අපි කථානායකතුමාට කියනවා වහාම මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. එළඹෙන 21 දින අපි මන්ත‍්‍රීවරුන් 06දෙනාම කථානායක හමුවී මේ පිළිබඳ ලිඛිත ඉල්ලීමක් කිරීමට බලපොරොත්තු වෙනවා.

වතු කම්කරුවන්ට දුන් ඡන්ද ගුණ්ඩුව

ඒ වගේම වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට නියමිත බවට පුවත් පළවෙමින් තිබෙනවා. මෙය වතු කම්කරුවන්, වෘත්තීය සමිති විසින් ගෙන ගිය අරගලයක්. මෙය ජනාධිපතිවරයාට නියෝගයක් මගින් කළ නොහැකියි. ඒ නිසා මෙම රුපියල් 250ක් වැඩිපුර ලබාදෙන්නේ කෙසේදැයි ආණ්ඩුව පැහැදිලි අදහසක් ප‍්‍රකාශ කළ යුතුයි. නොඑසේනම් මෙය පැහැදිලි ඡන්ද ගුණ්ඩුවක්. මෙය කිරීම සඳහා වතු සමාගම් එකඟ විය යුතුයි. මසකට අමතරව මිලියන 37.5ක් වැය වෙනවා. ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙක් මේ පිළිබඳව අදහස් දෙකක් කියනවා අපි දුටුවා. රමේෂ් පතිරණ ඇමතිවරයා සමාගම්වලට බදු සහන ලබා දීමෙන් මෙම මුදල ලබාදෙන බව කිවුවා. අලූත්ගමගේ ඇමතිවරයා කියනවා, තේ මණ්ඩලය මගින් ගන්නා ණයක් මගින් මෙම මුදල කම්කරුවන්ට ලබා දෙනවා කියලා. මේ වැටුප් වැඩිවීම අපේ්‍්‍රල් මාසයේ ලැබීමට නියමිත බැවින් එය ඡුන්ද ගුණ්ඩුවක් වීමට ඇති ඉඩ වැඩියි. එක නිශ්චිත අදහසක් කියන ලෙසත් මේ පීඩාවට පත් කම්කරු ජනතාව රැුවටීමට ලක් නොකරන ලෙසත් අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

මාධ්‍යවේදීන් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…

ආණ්ඩුව කියනවා ඊළඟ මැතිවරණයේදී 2/3ක බලයක් ලබාදෙන්න ජනතාවට සහන දෙන්න කියලා.
කිතුල් ගහට නැගපු මිනිහාටත් කියන්න දෙයක් තිබුණලූ. ආණ්ඩුවත් ඒ වගේ තමයි. මීට කලින් තිබුණ බොහොමක් ආණ්ඩුවලට 2/3කේ බලයක් තිබුුණේ නැහැ. නමුත් මීට පෙර පැවැති රාජපක්ෂ පාලනය තුනෙන් දෙකේ බලයක් හදාගත්තා. නමුත් ඒකෙන් වුනේ ගොඩක් ආයතන කඩාවැටුණ එකයි. මොකද අධික බලය අධික දුෂණය ඇතිකරනවා. තමන් හදාගත්ත බලය උපයෝගි කරගෙන ගොඩක් ආයතන දුෂිත තත්වයට පත්කරන්න රාජපක්ෂ පාලනය කටයුතු කළා. ගොඩක් ආයතන පාලනය කරන්නේ පනත් මගින්. හොඳ පනත් සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකා ඉදිරිපත් කරලා සම්මත කරගන්න පුළුවන්. ඒ මගින් වැඩ කරන්න ආණ්ඩුවට පුළුවන්. 2/3කේ බලයක් අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝධන වගේ කාරණාවලට. ජනතාවට පොහොර සහනාධාර දෙන්න වගේ කාරණාවලට ආණ්ඩුවට තුනෙන් දෙකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව කරන්නේ ජනතාව මුලා කරන වැඩක්. මේ ආණ්ඩුව පත්වුණු දවසේ ඉඳලා ජනතාවට කෝචොක් කරන එක තමයි කරන්නේ. ඇත්තටම ආණ්ඩුව තමන්ගේ බැරිකම වහගන්න 2/3කේ බලය ගැන කතා කරන්නේ.

රන්ජන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජවිපෙ ඒ සම්බන්ධයෙන් අදහස මොකක්ද?

රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම හා අධිකරණ ක‍්‍රියාවලිය පිළිබද අදහසක් කියන්න බැහැ. නමුත් රන්ජන්ගේ හ`ඩපට සම්බන්ධයෙන් පැති දෙකක් තිබෙනවා. එකක් තමයි රන්ජන් රාමනායක මහතා වැරදි සදාචාර විරෝධී ක‍්‍රියාවලියක් අනුගමනය කරලා තිබෙනවා. එය වැඩිහිටි වගකිවයුතු පුරවැසියෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි දෙයක්. ඒ මගින් මානව සම්බන්ධතා ඇති කර ගැනීම හා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් බරපතල ගැටලූ ගණනාවක් මතුවෙනවා. අනෙක් පැත්තෙන් රන්ජන් රාමනායක මහතාගේ ක‍්‍රියාවලියෙන් අපේ රටේ ඇත්ත තත්වය හෙළිදරව් වෙලා තිබෙනවා. මේ මගින් දේශපාලනයේ මුදුන්වල, මාධ්‍ය ආයතනවල මුදුන්වල, ඉහළ නිලධාරී මුදුන්වල, අධිකරණ ක්‍ෂේත‍්‍රයේ මුදුන්වල, ආගමික ආයතනවල මුදුන්වල ¥ෂණයට ලක්වෙලා තිබෙන තැන් හෙළිදරව් වෙලා තිබෙනවා. මේ රට වසාගෙන තිබෙන බොරුව හෙලිදරව් වෙලා තිබෙනවා. ඉහළ මුදුන්වල තිබෙන කැත වසාගෙන තිබෙන සමාජයක් මේක. ඒ නිසා රන්ජන් රාමනායක මහතා අනුගමනය කළේ වැරදි සදාචාර විරෝධී ක‍්‍රමවේදයක් වුනත් සමාජයේ කැත හෙළිදරව් වීම හොඳ දෙයක්. සදාචාරසම්පන්න ක‍්‍රමවේදයක් සහ ජනතා ව්‍යාපාරයක් මගින් මේ දේ කළානම් හොඳයි. ලෝකයේ එවැනි වීරයෝ ඉන්නවා තමන්ගේ අරගලය සදාචාරසම්පන්න විදියට කරපු. විකිලීක්ස් වැනි හෙළිදරව්කිරීමක් කළ අසාන්ජේ, එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවිරෝධී උල්ලංඝනයන් හෙළිදරව් කළ එඞ්වඞ් ස්නෝඩන් වැනි පුද්ගලයින් ජීවිත තර්ජනයන් පවා නොසලකා එවැනි දේ ලෝකයට හෙළිදරව් කළා. කොහොම නමුත් රන්ජන් රාමනායක කළේ සදාචාර විරෝධී දෙයක් වුවත් ලාංකේය සමාජය වසාගෙන සිටි කැත පේන්න පටන් අරගෙන තිබෙනවා. අපි යෝජනා කරන්නෙත් මේ හ`ඩපට තෝර තෝරා විකාශය නොකර වගකිවයුතු ආයතනයක් හරහා සියල්ල ප‍්‍රචාරය කරන්න. එතකොට සුදු රෙදිවලින්, ජාතික ඇඳුම්වලින්, සාටකවලින් වසාගෙන ඉන්න කුණු හෙළිදරව් වෙයි.

ජවිපෙ නායකයින්ගේත් හ`ඩපට එළියට එයි කියලා ඔබතුමාලා බයයිද?

අපි දේශපාලනය කරනකොට දේශපාලඥයින් සමග කතා කරන්න සිදුවෙනවා. මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ, රනිල් වික‍්‍රමසිංහ කියන ඕනෑම පුද්ගලයෙක් සමඟ අපිට දේශපාලනයේදී කතා කරන්න සිදුවෙනවා. නමුත් අපි කියනවා ඕන තරම් හ`ඩපට එලියට ආවත් අපි බයවෙන්නේ නැහැ. මොකද අපිට විශ්වාසයක් තියෙනවා මොන හ`ඩපටවල වුනත් දේශපාලන ඞීල් ගැන අපි කතා කරලා නැහැ. ඒ නිසයි අපි කියන්නේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැනි වගකිව යුතු ආයතනයක් මගින් මේවා සියල්ල ප‍්‍රචාරය කරන්න. නැත්නම් මහජන පුස්තකාලයේ තබන්න. එතකොට ජනතාවට ඇත්ත දැනගන්න පුළුවන්. තෝර තෝරා විකාශය කිරීම නොකළ යුතුයි.

Published on: Jan 16, 2020- එක්සත් ජාතික පක්ෂ නායකත්වය සදහා සජිත් ප්‍රේමදාස මහතා තොරා ගැනිම සදහා බහුතරයකගේ කැමත්ත අද පලවුනා.සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද සවස පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අතර එහිදි පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බවට යෝජනාවක් ඉදිරිපත් වු අතර එහිදි ඡන්ද විමසිමක් අවශ්‍ය බව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තින්දු කල අතර ඒ සමගම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ඔහුගේ කණ්ඩායම එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව සජිත් නව නායකයා ලෙස ප්‍රකාශයට පත්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සිදුකල ඡන්ද විමසීමේදී සජිත් ප්‍රේමදාසට ඡන්ද 52 ක් හිමිවුනා.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම 65 දෙනෙකුගෙන් සමන්විතයි.

පක්ෂ නායක්තවය සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී අවසන් තීරණයක් ගැනීමට නොහැකිවීම නිසා අද යලි රැස්විමට තින්දු කල අතර පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා නොකර වෙනත් වැල් වටාරම් කියවිමට රනිල් ගත් උත්සහය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නොසන්සුන්තාවයට පත්කිරිමට සමත් වු අතර පසුව නායකත්වය සදහා ඡන්දයක් තැබිමට ඡන්දයක් පැවැත්වු අතර එයට බහුතරය හිමිවිම අනුව මෙම ඡන්ද විමසිම සිදුකරන ලදී.

ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහට හිතවත් වජිර අබේවර්ධන, සංදීප් සමරසිංහ, සාගල රත්නායක, විජේපාල හෙට්ටිආරච්චි, ආශු මාරසිංහ, ජෝන් අමරතුංග, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, රවි කරුණානායක, පාලිත රංගබණ්ඩාර, කේ. කේ. පියදාස, සිරිනාත ද මෙල් ඡන්දය නොදී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

කෙසේවෙතත් පාර්ලිමේන්තු කණ්ඩායමේ මෙම තින්දුව පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලය විසින් අනුමතකිරිම සහ සම්මේලනය කැදවිම ඇතුලු නීතිමය කරුණු රැසක් සම්පූර්ණ කරන තුරු නායකත්වය සජිත්ට හිමි නොවනු ඇත.

Loading…

Published on: Jan 16, 2020-ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේසේවිකාවක පැහැර ගැනිම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් ක්‍රියාමාර්ග සහ ඒ හරහා ඇමරිකානු තානාපති සබඳතාවයන්ට පවා හානී සිදුව ඇති බව ඇමරිකානු දූත පිරිස ශ්‍රි ලංකා ජනාධිපතිවරයා හමුවු අවස්ථාවේ පෙන්වා දි තිබේ.මීට අමතරව ලෝක මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියේ කේන්ද්‍රය බවට මේ වනවිට ශ්‍රි ලංකාව පත්ව ඇති බවත් ඒ හරහා ත්‍රස්තවාදීන්ට සහය ලැබෙන ආකාරය මෙන්ම පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන්ද නියෝජිත පිරිස දිර්ඝ වශයෙන් කරුණු හෙලිදරව් කර තිබේ.එ අනුව ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම ඉරානය ලෝක බලවතුන් සමග යුධමය තත්ත්වයක් ඇතිකර ගත්හොත් ශ්‍රි ලංකාව ඇක්සා(ACSA)ගිවිසුමට අනුව ඇමරිකාව සමග ක්‍රියාකල යුතු ආකාරයද මෙහිදි සාකච්ඡා කර තිබේ.

MCC ගිවිසුම අත්සන් කිරිම සම්බන්ධයෙන් අවසන් තින්දුවකට දෙපාර්ශ්වයම එකඟතාව පලකර ඇති අතර අප පසුගියදා අනාවරණය කරන ලද අකාරයටම එම කටයුතු සිදුවන අතර අත්සන තබන දිනය සම්බන්ධයෙන් පමණක් ගෝඨාභය ජනාධිපතිවරයා විශේෂත්වය සිදුකරන ලෙසට ඉල්ලිමක් කර තිබේ.

ඇමරිකාවේන් ආවේ කවුද?

ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ නියෝජිත කණ්ඩායමට ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස්(Alice wells) මහත්මිය සමග මුදල් විශුද්ධිකරණය පිළිබඳව ජාත්‍යන්තරව කටයුතු කරන නියෝජිතයෙකු ,වත්මන්ජ නාධිපති,ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ඇමෙරිකාව සමග අත්සන් කළ ඇක්සා ගිවිසුම ඉදිරියේදි සක්‍රීයව ක්‍රියාත්මක කිරිමට අදාලව සාකච්ඡා කිරිම සදහා නියෝජිතයෙකු සහ විශේෂ කාර්යභාරයක් සදහන් නොකල ඇමරිකානු බුද්ධි ප්‍රධානියෙකු ද මෙම සංචාරය සදහා එකතු වි තිබේ.

ඇමරිකානු දූත පිරිසේ හදිසී සංචාරය හේතුවෙන් රාජපක්ෂලාගේ කුප්‍රකට හොරකම් රැසක් වසාගෙන ඉන්නා මිත්‍ර රටවල් කලබලයට පත්වෙ යැයි බියෙන් චීන විදේශ අමාත්‍ය වැන්ග් යි (Wang Yi)ද කැදවා ඇති අතර අප පසුගියදා අනාවරණය කල පරිදිම රුසියානු ඇවන්ගාඩ් හයිපර්සොනික් මිසයිල මෙහෙයුම් පද්ධතියක් ලංකාවේ පිහිටුවිම සහ චීන,රුසියා ඉන්දීය සාගර කලාපය මිලිටරීකරණය කිරිමේ පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රෝව් (Sergey Lavrov)ද පැමිණි අතර ඒ පිළිබඳව අප කල අනාවරණයන් පහලින් කියවිමට හැක.

මුදල් විශුද්ධිකරණයේ ජාත්‍යන්තර කේන්ද්‍රය…..

ඇමරිකානු මුදල් විශුද්ධිකරණය පිළිබඳව ජාත්‍යන්තරව කටයුතු කරනු ලබන නියෝජිතයා විසින් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල කරන අතිශය වැදගත් වාර්ත රැසක් ශ්‍රි ලංකා ජනාධිපතිවරයාට ලබාදීමට කටයුතු කර ඇති අතර ඒ හරහා පෙන්වා දි ඇත්තේ ලෝව අධික පොලී ගන්නා සීට්ටු ක්‍රමයක් වැනි තහනම් ගනුදෙනු ක්‍රමයන් වන උණ්ඩියල් ,හබ්ලා (Undial,Hublaa) වැනි මුදල් විශුද්ධිකරණ ක්‍රම හරහා ජාත්‍යන්තරව කලු සල්ලි සූදුකිරිමේ ප්‍රධානම කේන්ද්‍රය ලෙස ලංකාව පත්ව ඇති බවයි. මේ අකාරයට කලු සල්ලි සුදු කිරිමේ කුප්‍රකට ව්‍යපාරය පසුපස 10 දෙනෙකුගේන් යුත් කණ්ඩායමක් සිටින බවත් ඒ අතර සිටින ප්‍රධානතම අයෙකු ලෙස අප අවස්ථා ගණනාවකදි අනාවරණය කල සුභාෂ්කරන් අල්ලිරාජා (Subaskaran Allirajah) සිටින බවද එම නියෝජිතයා තහවුරු කර තිබේ.

ඇමරිකානු -ශ්‍රි ලංකා හමුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර බුද්ධී අංශ අප සමග කල අනාවරණයට අනුව සුභාෂ්කරන් අල්ලිරාජා ජාත්‍යන්තරව ගෙනයන කළු සල්ලි ජාවාරම හේතුවෙන් රටවල් රැසක් බරපතල ආර්ථික අර්බුදයන්ට මුහුණ දි ඇති බවත්සු භාෂ්කරන් මාසිකව ඇමරිකානු ඩොලර් බිලියන 2ක මුදලක් ඔහු විසින් පාලනය කරන මුදල් විශුද්ධිකරණ ජාලය තුල සංසරණය කරවන බව එම එම නියෝජිත පිරිස පෙන්වා දි ඇති බවයි.

සුභාෂ්කරන් ප්‍රධාන මුදල් මාර්ගයන් වැටි ඇත්තේ ප්‍රධාන වශයෙන් යුරෝපය තුල වන අතර එයින් නැගෙනහිර සහ බටහිර යුරෝපය ප්‍රධාන තැනක් ගනී.උතුරු අප්‍රිකාව,මැදපෙරදිග මෙන්ම දකුණු හා නැගෙනහිර ආසියාව මෙන්ම මධ්‍යම ඇමරිකාව හරහාද සුභාෂ්කරන් ප්‍රධාන මුදල් මාර්ගයන් ගමන් කරමින් තිබේ.අල්ලිරාජාගේ එම මුදල් මාර්ගය කොටි සංවිධානය විසින්හ සුරුවන ලද මුදල් මාර්ගයම වන බවයි ඇමරිකානු නියෝජිතයන් පෙන්වා දි ඇත්තේ.

ඇමරිකානු බුද්ධි අංශ හරහා සිදුකල විමර්ෂණ වලට අනුව සුභාෂ්කරන්ගේ මෑතක සබඳතාවයන් පාකිස්තානය සමග බැදි තිබේන බව තහවුරු වි ඇති අතර පාකිස්තානයේ කලින් තිබු දුෂිත ආණ්ඩු සමග සමිප ලෙස ගණුදෙනු කර ඇති බව මේ වනවිට අනාවරණය වි ඇති අතර එම ගණුදෙනු සියල්ලම ජේ. සුධීර් ජෙයරාම් (Jay Sughir Jayaram) හරහා පවත්වාගෙන ගොස් ඇති බවද ඇමරිකානු බුද්ධි අංශ තහවුරු කර ගෙන තිබේ. පාකිස්තානු මුල්ලාවරු සමග සම්බන්ධ වෙමින් ජේ. සුධීර් හබ්ලා වැනි කලු සල්ලි සුදුකිරිමේ මෙහෙයුමේ නිරත වි ඇති බවද අනාවරණය කරගෙන තිබේ.

පසුගිය රාජපක්ෂ සමයේ රටපුරා ක්‍රියාත්මක වු පිරමිඩ මුල්‍ය වංචාව හරහා ද මැ‍ලේසියාවේ සිටින ගෝලීය සංවිධානවලට අයත් දෙමළ ජාතික ජාවාරම්කරුවන්ගේ මාෆියාව සඳහා මෙරටින් මුදල් අදිමින් මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලිය දියත් කල අතර ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ‍පෝෂණය කරන්නට එල්.ටී.ටී.ඊ.යේ ගෝලීය සංසදය ක්‍රියාත්මක වූ මූල්‍ය කටයුතු කළ ප්‍රධාන මූලස්ථානයක් වූයේද මැ‍ලේසියාවය. එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලයේ නායකයා මෙන්ම මහ මොළකරු වූ කේ.පී. හෙවත්කු මරන් පද්මනාදන් කොටුවන්නේද මැ‍ලේසියාවේ සිටය.

පාස්කු ප්‍රහාරය පසුපස අදිසි හස්තය …..

අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරයට අදාළ පරික්ෂණ මේ වනවිට මන්දගාමිව පැවැතුනද ඒ සම්බන්ධයෙන් එවකට රජයේ මැදිහත් විම මත ඇමරිකානු රහස් පොලීසිය ඇතුලු ත්‍රස්තවාදීන්ට එරෙහිව ජාත්‍යන්තරව කටයුතු කරන බුද්ධි අංශ විවිධ මාර්ග ඔස්සේ සිය විමර්ශන කටයුතු මෙහෙයු වු අතර ඒ අනුව මේ වනවිට පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකල මරාගෙන මැරෙන ප්‍රහාරයට අවශ්‍ය තාක්ෂණික දැනුම LTTE සංවිධාන ජාලය තුලින් ලැබි ඇති බව තහවුරු වි තිබේන බවද ඇමරිකානු නියෝජිත පිරිස සිය වාර්තා මගින් පෙන්වා දි තිබේ.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු නිර්මාණය කිරිම,ඔහුට අවශ්‍ය බෝම්බය කට්ට්ලය නිර්මානය කිරිම සහ මරාගෙන මැරෙන බෝම්බ කරුගේ ගමන් මග තින්දු කිරිම යන තාක්ෂණික කටයුත්ත පහසු එකක් නොවන අතර ඒ වැනී තාක්ෂණයකට උරුම කී LTTE සංවිධානය ශේෂ විමත් සමග එම තාක්ෂණයද වැඩක් ගැනිමට හැකියාවක් ලැබුනේ නෑ.

මරාගෙන මැරෙන ප්‍රහාර ….

1867 වර්ෂයේ දි ඩයිනමයිට් සොයාගනු ලැබිමෙන් පසුව බෝම්බ නිර්මාණය කිරීමේ තාක්ෂණය ආරම්භ වූ අතර ලොව පළමු මරාගෙන මැරෙන ප‍්‍රහාරය දියත්වන්නේ රුසියාවේදිය. ඒ 1881 වර්ෂයේ මාර්තු මස 12 වැනිදා වන අතර එවකට රුසියාව පාලනය කල දෙවැනි ඇලෙක්සෙන්ඩර් ඉලක්ක කර එම් ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ රුසියාවේ ජනතා කැමැත්ත නමින්ත‍්‍ රස්තවාදි සංවිධානය විසිනි.පසුව දෙවැනි ලෝක යුද්ධයේදි 1944 වර්ෂයේ දි ජපනුන් විසින් ඇමරිකාවේ පර්ල් වරයාට ගුවනින් බෝම්බ හෙලනු ලබන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදාගෙනය.

ඉන්පසු දශක දෙක තුනක් යනතෙක් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන් ගැන ලොව රටවලින් අසන්නට ලැබුණේ නැති අතර නැවත වතාවක් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන් ගැන අසන්නට ලැබෙන්නේ 83 වර්ෂයේදි මැදපෙරදිග රටක් වන ලෙබනන් රාජ්‍යයෙනි. එයද යුද හමුදා කඳවුරක් ඉලක්ක කරගෙන සිදු වුවකි.

LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප්‍රහාර වලට අමතරව පුපුරුවා ගනිමින් ඝාතනයන් සිදුකල අනෙකුත් කණ්ඩායම් සලකා බැලු විට ඒ සියල්ලම යුධ ප්‍රවාහයක් තුල සිදුවන අතර බහුතරයක් මුස්ලිම් රටවල් ඉලක්ක කර සිදුවේ.

නමුත් පලමු වතාවට LTTE නොමැතිව යුධ මුක්ත, නාගරික,සාමකාමී පරිසරයක් තුල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් 21 වැනිදා එල්ල වු අතර එය ලෝකයේද මේ අකාරයට සිදුවු සිද්ධී දාමයන් සලකා බැලු විට එය යුධ විද්‍යාවේ Modus operandiට අනුව LTTE සංවිධානයට සම්පූර්ණයෙන්ම සමාන වේ.

21 ප්‍රහාරයට LTTE තාක්ෂණය…..

උතුරේ ත්‍රස්තවාදීන්ගෙන් පුනුරුප්තාපනය වු මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් මෙන්ම පැනගොස් විවිධ කර්මාන්ත වල යේදි සිටින මෙන්ම විදේශගතව සිටින කණ්ඩායම් හරහා එම තාක්ෂණය ලැබි ඇති බව මේ දක්වා කරන ලද විමර්ෂන හරහ අනාවරණය වි තිබේ.ඒ සදහා කුප්‍රකට කලු සල්ලි මෙහෙයුම්කරු සුභාෂ්කරන් අල්ලිරාජා සම්බන්ධ වි ඇති බවද අනාවරණය වි තිබේ.

එල්ටීටීඊ සංවිධානයට අයත්ව යුරෝපයේ තිබු දුරකතන සමාගමක් වන Lebara Mobile විකුණාදමා දැනට උතුරේ IBC TAMIL නාලිකව මෙන්ම තවත් ව්‍යාපාර රැසක් මෙහෙයවනු ලබන කන්දයියා භාෂ්කරන්, Lyca අල්ලිරාජාගේ ව්‍යාපාර ජාලයේම අයෙකු වන අතර උතුරේ ත්‍රස්තවාදීන්ගෙන් පුනුරුප්තාපනය වු මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් ඇතුලු LTTE කාඩර් එකට අයත් විශාල පිරිසක් ඔහු යටතෙ සේවයේ යෙදි සිටි.ඒ හරහා මෙම තාක්ෂණය සහරන් ඇතුලු කල්ලිය අතට පත්වු බව මේ වනවිට අනාවරණය වි තිබේන බව විශ්වාසය කෙරේ.මිට අමතරව මාකදුරේ මධුෂ්,වෙළේ සුදා ඇතුලු රාජ්‍ය අනුග්‍රහය ලැබු බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ද මේ සදහා සහය ලබාදි තිබේ.

වර්චුසා(Virtusa)මෘදුකාංග ඉංජිනේරුවරයාට මොකද වුනේ…!

පාස්කු ප්‍රහාරයට අදාළව විශාල කාර්යභාරයක් ඉටුකල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් දෙමටගොඩ වර්චුසා (Virtusa) ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවකු වූ ආදිල් අමීස් (24) නමැති තරුණයා සුභාෂ්කරන් අල්ලිරාජාගේ Lyca Mobile සමාගම සමග සමිප සබඳතාවයක් පැවැති බව අනාවරණය වි තිබේ.කාලයක් Lyca Mobile හි අන්තර්ජාල මෙහෙයුම් කරුවෙකු ඔහු සේවය කර ඇති අතර ඒ සදහා විශාල වශයෙන් ඔහුට ගෙවිම් කර තිබේන බවද අනාවරණය වි තිබේ.

අයි.එස්. පුහුණුව ලද මුස්ලිම් අන්තවාදි සාමාජිකයා මාධ්‍යවේදියකු ලෙස පෙනී සිට ඇති මෙම සැකකරු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සහරාන්ගේ හා ඊබ්‍රාහිම්ගේ කණ්ඩායම් වලට තාක්ෂණික වශයෙන් සහාය ලබාදුන් අයකු බවද හෙළිවී වු අතර අයි.එස්. සංවිධානයේ ජාත්‍යන්තර කණ්ඩායම් සමග සබදතා පැවැත් වූ මොහු තමිල්නාඩු තව්හිත් ජමාද් සංවිධානය සමගද එක්ව කටයුතු කර ඇතැයි විමර්ශන වලදී හෙළි වී තිබේ.කෙසේවෙතත් ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්ෂණ සම්බන්ධයෙන් හෝ ඔහුට සිදුවුයේ කුමක්ද යන්න මේ දක්වා අනාවරණය වි නෑ.

ගෝඨාගේ ගමන් මග….

මේ වනවිට ඉන්දියාව මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියට එරෙහිව දැවැන්ත පියවර රැසක් ගෙන ඇති අතර එය වත්මන් මෝදි පාලනය ලබාගත් විශාලම ජයග්‍රහණය වන අතර පසුගියදා ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවේ කල සංචාරයේදි ශ්‍රි ලංකාවේ කලු සල්ලි කේන්ද්‍රය නතර කිරිම සදහා සාකච්ඡාද සිදුවු බව ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කර තිබුනා.

ඒ අනුව ඊ.ටී.අයි ෆිනෑන්ස් (ETI Finance Limited) මූල්‍ය සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිශන් සභාවක් පත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තිරණය කල අතර එම අර්බුදය විසදිම හරහා ETI හී මුදල් තැන්පත් කල තැන්පත්කරුවන් තිස්තුන්දහසකට අධික පිරිසකගේ හිත දිනා ගැනිම මෙන්ම එම වස්තු සම්භාරය සතු මාධ්‍ය නාලිකා තමන්ගේ හිතවතෙකු වෙත පවරා දිම ඔහුගෙ ඉලක්කය වි
තිබේ.

කෙසේවෙතත් ඊ.ටී.අයි ෆිනෑන්ස් සහ එම සමාගමේ පවරාදිම හරහා සුභාෂ්කරන් අල්ලිරාජා, ජේ. සුධීර් සහ මනිවානන් හරහා මහින්ද ඇතුලු රාජපක්ෂ පවුල සිදුකල ගණුදෙනු හේතුවෙන් මෙම කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රාජපක්ෂලා මේ වනවිට කලබලයට පත්ව ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

Exclusive : Published on: Jan 15, 20200-  බුද්ධි අංශ නියාමනය කිරීම සහ බලගැන්වීම සඳහා ජාතික බුද්ධි පනත(National Intelligence Act) නමින් නව පනතක් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර එම පනත හරහා බුද්ධි අංශ ලෙස හදුන්වන සන්නද්ධ කණ්ඩායම් සදහා “මුක්තිය” හිමිකර දිම සදහා සුදානම් වන බව මේ වනවිට අනාවරණය වි තිබේන බව අපදේශපාලන වාර්තාකරු සදහන් කලා.

(2015 දි පැමිනි යහපාලනය රාජපක්ෂ දශකයේ ජාතික ආරක්ෂාව නාමයෙන් බුද්ධි අංශ ලෙස හදුන්වමින් ඝාතකයන් යොදාගනිමින් කල ඝාතන වල අවසන් කෙළවර බුද්ධි අංශ සාමාජිකයන් සිටිමත් ඔහුන්ට හිරබත් කැමට සිදුවිමත් හේතුවෙන් අලුත් ඝාතකයන්ට රැකවරණයක් අවශ්‍ය වි තිබිම මෙම පනත ගෙන එමට මුලිකවම බලපා තිබේ. )

ජාතික ආරක්ෂාවට බලපෑම් සිදුකරන ක්‍රියාකාරකම් පුරෝකතනය කර ඒවා වළක්වා ගැනීම පිණිස අවශ්‍ය බුද්ධි අංශ ගන්නා සියලුම නීතිමය මෙන්ම නීතියට පිටින් යන සියල්ලම මේ හරහා නියාමනය කරනු ලබන අතර සේනාධිනායකයාට ජාතික ආරක්ෂාව අවශ්‍ය පරිදි නිර්වචනය කිරිමටද හැකියාව ලැබෙනු ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බුද්ධි ආයතන සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරන අතර එය තවදුරටත්
ශක්තිමත් කිරීමට මෙන්ම බුද්ධි අංශ මෙහෙයුම් ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් නියාමනය කිරීම, බුද්ධි අංශ තවදුරටත් බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන වැඩිකිරීම නව පනතේ අරමුණ බවයි කැබිනට් මණ්ඩලයට පණත ඉදිරිපත් කරමින් ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපතිවරයා පෙන්වා දි තිබේ.

ලොකයේ ප්‍රධාන පෙළේ බුද්ධි අංශ කිසිවකට මුක්තිය හිමි නොවන අතර එවන් තත්ත්වයක් උදා වුවහොත් එය රටේ රාජ්‍ය පාලකයාගේ කැමත්ත අනුව ඔනෑම කෙනෙකුට එරෙහිව බුද්ධි අංශ යැයි හදුන්වන පුද්ගයන් විසින් සිදුකරන කිසිදු ක්‍රියාවකට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනිමට නොහැකි වනු ඇත.

දඬුවමින් නිදහස් වීම සඳහා පවතින ‘මුක්තිය හිමි වීමේ සම්ප්‍රදාය’ ඕනෑම රටක වගවීම සහ සංහිඳියාව සඳහා කෙරෙන උත්සාහයන් පීඩාවට ලක් කරවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ.

ජාතික ආරක්ෂාවට සිමාවක් නැත.එය අහවල් එකක යැයි ලොව කොතනක හෝ නිශ්චිතවම අර්ථකතනය කර නැත
ඒ අනුව ගෝඨාභයට අවශ්‍ය ඔනෑම අකාරයකට ජාතික ආරක්ෂාව අර්ථකනය කරගත හැකි අතර ඒ අනුව තමන්ට
හෝ තමන්ගේ රජය අපහසුතාවට පත්කරන ඔනෑම පුද්ගලයෙකු,කණ්ඩායමක් ජාතික ආරක්ෂාවට තර්ජනයක්
ලෙස පෙන්වා දි රජයේ බුද්ධි අංශ යොදා ගනිමින් මර්දණය කල හැකි අතර ඔහුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිමට
අදාල පනත මගින් වැට බදිනු ඇත.

අපේ රටේ දේශපාලකයන් ජාතික ආරක්ෂාව යනුවෙන් සලකන්නේ ඔවුන්ගේ ආරක්ෂාවයි. ඔවුන්ගේ දේශපාලන
පැවැත්මට තර්ජනයක් විය හැකි ඕනෑම පුද්ගලයෙකු හෝ සිද්ධියක් ‘‘ජාතික ආරක්ෂාවට’’ තර්ජනයකි. ‘‘ජාතික
ආරක්ෂාව’’ පවත්වා ගත හැක්කේ එවැනි පුද්ගලයන් ගේ ජීවිතය තුරන් කිරීමෙනී යන්න අන්තවාදී,ජාතිවාදි
ඔහුන්ගේ ඇදහිම බවට පත්ව තිබේ.

ඒ අනුව තමන්ගේ පැවැත්ම සදහා නීතියෙන් පරිබාහිරව සිදුකරන ලද ඝාතන ගැන සෙවීම ජාතික ආරක්ෂාවට
තර්ජනයක් වන්නේ එම අර්ථයෙනි. ඒ නිසාම ඔහුන් එම ඝාතන වල වගකිමෙන් තම සගයන් බේරා ගැනිම මේ
වනවිට සිදුකල යුත්තක් බවට පත්ව තිබේ.

ඒ අනුව ජාතික ආරක්‍ෂාව සැබෑවක්ද? කොහෙත්ම නැත. එය අමූලික බොරුවකි. එසේ නම් මේ කියනා ජාතික
ආරක්‍ෂාව වනාහි ලාංකේය ජාතියේ ආරක්‍ෂාව නොවේ. පාලකයින්ගේ ආරක්‍ෂාව පමණි.

මුක්තිය…(Impunity)

ආසියාතික රාජ්‍යත්වය ඉහලින් තබා අදහන වහල් භාවයෙන් පෙලෙන ශ්‍රි ලාංකිකයන්ට “මුක්තිය” සම්බන්ධයෙන්
ඇත්තේ බරපතල කෑදර කමකි.

ලංකාවේ ජනාධිපතිවරයෙකුට හිමිවන මුක්තිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය

“යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධුරය දරණ අවස්ථාවකදී ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහිලා හෝ නිල තත්ත්වයෙහිලා කරන ලද හෝ නොකරන ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වා ගෙන යෑම නොකළ යුත්තේය”(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්තිය පහතින් අමුනා ඇත.)

තානාපති මුක්තිය

බොහෝ රටවල රාජ්‍ය නායකයාට.ඔහුගේ ඇතෑම් නිළධාරින්ට “මුක්තිය” තමන්ට අවශ්‍ය පරිදි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසා ගැනිම හරහා හිම්කරගෙන තිබේ.වියානා සම්මුතියට අනුව තානාපතිවරුන් සදහා මුක්තිය හිමිවන අතර එය ජාත්‍යන්තර සම්මුතින් සමග බැදි තිබේ.

උදාහරණයක් ලෙස ….

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ව සිටි සමයේ මේජර්
ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමෙරිකාවේ ශවේන්ද්‍ර සිල්වා යුද අපාරාධ කළැයි ඇමෙරිකාවේ පදිංචි දෙමළ ජාතිකයෙක්පවරා තිබූ නඩුව දකුණු නිව්යෝක් නුවර මහාධිකරණ විනිසුරු ජේ. පෝල් ඔටේකන් විසින් විභාගයට නොගෙනම ඉවත දැමිණි. තානාපති වරප්‍රසාද යටතේ ශවේන්ද්‍ර සිල්වාට මුක්තිය ඇති බව පිළිගනිමින්ය.

ඒ අනුව ගෝඨාභය ඇතුලු රාජපක්ෂ මිලිටරි ජුන්ටාව වේ මේ සුදානම වන්නේ අමන දේශපාලකයන්ගේ ඝාතන , හොරකම්, දුෂණ හෙලිකරන පුද්ගලයන්  ‘‘ජාතියේ ආරක්ෂාව’’ නම් කඩතුරාවට මුවාවී මර්දණය කිරිමට බව අමතුවෙන් කියාදිය යුතු නැත.

Loading…



Published on: Jan 14, 2020-පක්ෂ,පාට,ජාති,ආගම්, භේදයකින් තොරව,හොරුන්, මිනීමරුවන්, අපරාධකරුවන්, නීතියට කොටු කරන්න,සදාචාරාත්මක නොවූ හුදකලා සටනක් සිදුකල රංජන් රාමනායක එක්සත් ජාතික පක්ෂයෙන් එළවා දැමිමට පක්ෂ නායකත්වය තිරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එජාපය තීරණය කර තිබේ.එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව එම අත්හිටුවිමේ ලිපිය යොමුකර ඇති අතර දින් 7ක් තුල එම චොදනා සදහා පිළිතුරු දෙන ලෙසද දැනුම් දි තිබේ.

දුරකථන සංවාද පටිගත කිරීම ඔස්සේ ඔහු පක්ෂය අපකීර්තියට පත්කර ඇති බවත් එකී කරුණ හේතුවෙන් ඉදිරි මැතිවරණයකදි එය පක්ෂයේ මැතිවර ව්‍යාපාරයට දැඩි බලපැමක් එල්ල කරනු ඇති බව එම ලිපිය මගින් දිගින් දිගටම අවධාරණය කර තිබේ.

රාජපක්ෂ කළු දශකය අවසන් කරමින් 2015 යහපාලන ආණ්ඩුවක් පිහිටුව මහමැතිවරණයක් එන්නට කලින් මහා
බැංකු බැදුම්කර වංචාව සිදුවු අතර ඉන්පසු පැවැති සෑම මැතිවරණයකදිම බැදුම්කර වංචාව එජාපයේ පරාජයට
මුලික හේතුවක් වු අතර 2019 පැවැති ජනාධිපතිවරණයේද එය මුලික හේතුවක් විය.නමුත් පක්ෂයේ පරාජයට
මෙන්ම අපකිර්තියට හේතුවු කිසිවෙකුගෙත් පක්ෂ සමාජිකත්වය හෝ අඩුමතරමින් පාක්ෂිකයින් පැත්තෙන් සලකා
ලිපියක් යොමුකිරිමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන්ට කිරිමට නොහැකි විම පාක්ෂිකයින්
තවදුරටත් සලකා බැලිය යුතුය.

රාජපක්ෂලාගේ හොරකම්,මැරකම්,වංච සියල්ලම වසා දමමින් රටේ ජනතාවගේ අපේක්ෂා භංග කල යහාපලන බැදුම්කර හොරුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?

ජනතාවනි, මේ ඔබේ අවධානය පිණිසයි…


Loading…


Published on: Jan 13, 2020 – නිදහස් දිනයේ භාරත ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා නිදහස් කරන ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙ අත්සනින් යුත් පෙත්සමකට අත්සන් ගැනිම මේ වනවිට ආරම්භ කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.එක් අත්සනක් වෙනුවෙන් මිලියන 2.5ක මුදලක් ලබාදෙන අතර පෞද්ගලිකවම් රේනෝ ඉදිරියේ අත්සන තැබෙන එම පෙත්සමට එම අවස්ථාවේදිම මුදල් ලබාදිම සිදුවෙන බවයි දැනට අනාවරණය වි ඇත්තේ. ‘

අදාළ පෙත්සම අත්සන් කිරිමේ මෙහෙයුම පසුපස පසුගිය කාලේ රුපියල් 100 බැගින් හිගා කමින් පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරයෙකු ප්‍රධානත්වය ගෙන කටයුතු කරන අතර අදාළ පෙත්සම ඉත ඉක්මනින්ම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබීමට සැලැස්වීම රේනෝගේ අදහස වි ඇත්තේ.

මහින්ද රාජපක්ෂ හමුවි රේනෝ දුමින්දගේ නිදහස් සම්බන්ධයෙන් විමසා ඇති අතර එහිදි මහින්ද පවසා ඇත්තේ තමන්ගේ ඉල්ලිම් සම්බන්ධයෙන් ගෝඨාභය එතරම් සැලකිල්ලක් නොදක්වන් බවත් තමන් ආයතන ප්‍රධානින් පත්කිරිම සදහා යැවු ලැයිස්තුව පවා ගෝඨාභය ප්‍රතිකේෂ්ප කල ආකාරයද මතක් කර තිබේ.ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත පෙත්සමක් යොමු කිරිම හරහා දුමින්ද නිදහස් කිරිමට ගෝඨාභයට අවස්ථාවක් ලැබෙනු ඇති බව මහින්ද පෙන්වා දි තිබේ.

මේ වනවිට රංජන්ගේ හඩපට හරහා ලැබුන අවස්ථාවද එයට භාවිතා කලහැකි බව පෙන්වා දුන් මහින්ද වැඩකට නැති හාමුදුරුවන්ගේ Voice Cut නාලිකාවේ විකාශය විම නතර කරන ලෙසද රේනෝගේන් ඉල්ලා තිබේ.තමන්(මහින්ද ) එය දිලිත්ටද(දෙරණ හිමිකරු) දැනුවු බවද මහින්ද එහිදි කියා තිබේ.කෙසේවෙතත් මේ දක්වා විපක්ෂයේ කිසිවෙක් මේ සදහා අත්සන් තබා නැති බවයි දැනට වාර්තා වන්නේ.

මේ අතර තමන් දුමින්දව නිදහස් කිරිමට කිසිවිටෙකත් පැකිලෙන්නේ නැති බව ගෝඨාභය එහිදි සදහන් කර ඇති අතර මාර්තු මාසයේ පැවැත්වෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසි වාරයෙන් පසු තමන් දුමින්ද නිදහස් කරන බවද රේනෝ සිල්වාට පොරොන්දු වු බවද ගෝඨාභය ප්‍රකාශ කල බව අප පසුගියදා අනාවරණය කළා.

Loading…


http://lankanewsnetwork.org/archives/22281

Published on: Jan 13, 2020- ගෝඨාභය ජනාධිපති වි තවමත් මාස දෙක ඉක්මවා නැත.නමුත් දුන් පොරොන්දු වලට කෙලවු හැටි අමුතුවෙන් කියා දිය යුතු නැත.අයියා යන පාරෙම යන මල්ලි මේ වනවිට රජයේ හා ඉහළ තනතුරු සඳහා සමීප හා ආදරණීයයන් රාශියක් පත් කිරීමේ පුරුද්ද ආරම්භ කර තිබේ.

රජය විසින් විදෙස් රටවල් 04 ක් සඳහා නව තානාපතිවරුන් පත්කර තිබෙන අතර ඒ අනුව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන ඊවා වනසුන්දර ප්‍රංශයේ සහ යුනෙස්කෝවේ ශ්‍රී ලංකාවේ තානාපති ලෙස, මහාචාර්ය නලින් ද සිල්වා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ ඒ.එල්.ඒ. අසීස් නෝර්වේහි ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත්, මල්රාජ් ද සිල්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව තානාපතිවරයා ලෙසත් පත්කර තිබේ.

කවුද මේ මල්රාජ් ද සිල්වා…

ගෝඨාභය රාජපක්ෂගේ පාසල් මිතුරෙකු ලෙසත් ලොස් ඇන්ජලීස් නිවසේ අසල්වැසියෙකුද වන මල්රාජ් මහින්ද රාජපක්ෂ සමයේ ගෝඨාභයගේ ආරක්ෂක ලේකම් තනතුර බලයට අනුව ලොස් ඇන්ජලීස් හී ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කල අතර මසකට ඇමරිකානු ඩොලර් 8000 ක මුදලක් ගෙවමින් තමන්ගේ පුතාගේ අධ්‍යාපණ කටයුතු වෙනුවෙන් ගෝඨාභය ලබාගත් සුඛෝපභෝගී නිවසේ පදිංචි වි සිටියේද මෙම මල්රාජ් වේ.

රාජපක්ෂ කලු දශකයේදි රටේ මහජන මුදලින් කෝටි ගණනක් ගෙවා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සුපිරි නිවසක්කු ලියට ගෙන ලොස්ඇන්ජලිස් කොන්සුලර් කාර්යාලය සඳහා යයි පවසමින් විදේශ අමාත්‍යංශය මාසිකව ඇමරිකානු ඩොලර් 8000ක් ගෙවා ඇතත් එහි කිසිදිනෙක කාර්යාලයක් පවත්වා ගෙන ගොස් නැති බව අනාවරණය වු අතර ඒ සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) සාක්ෂි සහිතව පැමිණිල්ලක් ඉදිරිපත් වු අතර සිදුකල් පරික්ෂණ වලදි එය මුල්‍ය අපරාධයක් බවද අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිම සදහා මල්රාජ් ද සිල්වා කැදවිමට කටයුතු කලද ඔහු එම සියලු අවස්ථා මගහැර ගෝඨාභය බේරා ගැනිමිට කටයුතු කල කුප්‍රකට හොරෙකි.

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සුපිරි නිවසක් කුලියට ගෙන ගෝඨාභයගේ පුත් මනෝජ්ට නවාතැන් දී මහජන මුදල් අවභාවිතා කර ඇතැයි චෝදනා කරමින් පොලිසිය විසින් අධිකරණය හමුවේ බී වාර්තාවක් ද ගොනු කල අතර සිදුකල පරික්ෂණ වලට අනුව 2015 මාර්තු මස දක්වා මනෝජ් උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙම නිවසේ පදිංචිව සිටි බව තානාපති කාර්යාල ලිපිගොනු වලින් අනාවරණය වු අතර පුත්‍රයාගේ ආරක්ෂාව සඳහා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සිටි යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු රියදුරන් ලෙස යොදවා සිටි බවද අමරිකානු තානාපති කාර්යාලය ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට ලිඛිතව දන්වා තිබුනා.

එම සෙබළුන් දෙදෙනා යුධ හමුදාවෙන් පමණක් නොව විදේශ අමාත්‍යංශයෙන් ද වැටුප් ලබාගෙන ඇති බව විදේශ ඇමතිවරයා ලියකියවිලි මගින් තහවුරු කර තිබේ.

මෙම නිවාස සඳහා මාසික කුලියට අමතරව ජල විදුලිය හා රුපවාහිනි ගාස්තු ගෙවා ඇත්තේ ද විදේශ අමාත්‍යංශයෙන් වන අතර 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්විමෙන් පසුව මෙම නිවාස යලි බාරදීමේදී අලභහානි වශයෙන් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ගෙවීමට අමාත්‍යංශයට සිදුවුනා.

ගෝඨාභය රාජපක්ෂ 2019 මාර්තු මාසයේදී කුප්‍රකට දිලිත් ජයවීර සමග එක්සත් ජනපදයට ගිය විට කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි නැගෙනහිර දෙසින් පිහිටි මල්රාජ් ද සිල්වාගේ කුලී නිවසේ නතර වි සිට තිබේ.ගෝඨාභයට ඇමරිකාවේ සතු දේපල වලින් කොටසක් දිලිත් විසින් පාලනය කරනු ලබන අතර ඉතිරි සියල්ලම මෙහෙයවනු ලබන්නේ මල්රාජ් ද සිල්වා විසිනි.

දිලිත් සැගවි සිටියදි මල්රාජ්, ගෝඨාභය සිංදු කියු හැටි..

ගෙදර යන ගමන් විනිසුරු වු ඊවා…….

මහින්ද රාජපක්ෂ නීති විද්‍යාලයේ සිටියදි එම කණ්ඩායමේ සමීප මිතුරියක වු ඊවා වනසුන්දර නීතිය නවන්න දෙවියෙකි. තමන් දිනක් වැඩ අවසන්ව ගෙදර යමින් සිටියදී එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ තමාට එන්නැයි කියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියක් දුන් බව ඇය විසින්ම ප්‍රකාශ කල අතර ඒ වෙනුවෙන් රාජපක්ෂලාගේ පස්ස පවා සේදිමට වනසුන්දර කටයුතු කල අයෙකි.

2015 දී මිග් ගනුදෙනු විමර්ශනය සම්බන්ධයෙන් FCID විසින් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරමින් වනසුන්දර වත්මන් ජනාධිපතිගේද වන්දිබට්ටයෙකු බව පෙන්වු අතර අතුරු නියෝගය අඛණ්ඩව ක්‍රියාත්මක වු නමුත් විනිසුරු වනසුන්දෙරා පසුව පෞද්ගලික හේතු මත නඩුව විභාග කිරීමෙන් වැළකී සිටියේය.

කුප්‍රකට දින 52 කදි මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ආණ්ඩු කිරීම අත්හිටුවමින් ලබා දුන් තීන්දුවට එරෙහි අභියාචනය වෙනුවෙන් පත්කල විනිසුරු මඬුල්ලට ඊවා වනසුන්දර ද ඇතුලත් කර තිබු නමුත් වනසුන්දර නොමැති පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය මෝසමක් ඉදිරිපත් කිරිම හෙතුවෙන් ඇය එම මඩුල්ලෙන් දොට්ට වැටුන් අයෙකි.

එවකට ජනාධිපති වූ මහිනද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ සහ හමුදාපති වූ සරත් පොන්සේකා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට රාජපක්ෂ ආණ්ඩුවේ එවකට නීතිපති වූ ඊවා වනසුන්දර 2009 වසරෙහි මැයි 13වනදා අත් අඩංඟුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දෙමළ ජාතිකයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන රටේ නැති ප්‍රශ්ණ ඇති කල අතර පසුව සිදුකල විමර්ශන වලදි එම චොදනා සියල්ලම අසත්‍ය බව තහවුරු විය. ඇය විසින් ගොනු කරන ලද එකී චෝදනා සැකයෙන් තොරව ඔප්පු කිරීමට නීතිපති දෙපාර්ථමේන්තුව අසමත්ව විය.

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව දෝෂ සහ නීති විරෝධී දෝෂාභියෝගය සැලසුම් කළ රාජපක්ෂ පවුල, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට රාජ්‍ය තාන්ත්‍රික තනතුරු ලබා දීමේ පැරණි පුරුද්ද නැවත ආරම්භ කර තිබේ.

දේවධර්මාචාර්ය මහාචාර්ය නලින් ද සිල්වා….

මේ අතර ගෝඨාභයගේ වියත් මග බලහත්කාරයෙන් මෙහෙයවනු ලබන,බෝර්න් අගේන් විරුද්ධ දේවධර්මාචාර්ය මහාචාර්ය නලින් ද සිල්වා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර තිබේ. එම පත්විම ලබාදිමට ආසන්නතම හේතුව වි ඇත්තේ ජනාධිපති ගෝඨාභයගෙ සමීපතම මිතුරා වන නාලක ගොඩහේවා උග්‍ර බෝර්න් අගේන් මූලදර්මවාදී ක්‍රිස්තියානි නිකායවාදියෙකු විමත් ඔහු ඉලක්ක කර නලින්ද සිල්වා විවිධ කණ්ඩායම් මෙහෙය වන බව දැන ගැනිමත් නිසාය.

Loading…


Published on: Jan 12, 2020 – භාරතගේ ඝාතකයා වි සිටින දුමින්ද සිල්වා ඉක්මනින්ම නිදහස් කර ගැනිම  සදහා හිරූ හිමිකරු රේනෝ සිල්වා සහ රන්ජන් රාමනායක එක්ව කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර තිබේ.ජනාධිපතිවරයාගෙ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක ලේකම්වරයා,බුද්ධි අංශ ප්‍රධානියා ඇතුලු ආරක්ෂක ප්‍රධානින් හමුවි ඇති අතර එහිදි ගෝඨාභය ජනාධිපතිවරයා මෙම අනාවරණය කර තිබේ.

පසුගියදා රංජන් රාමනායක සහ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් ඇතුලු විවිධ පාර්ශවයන් සමග සිදුකල සංවාද රැසක් මේ වනවිට මාධ්‍යයට මුදාහැර ඇති අතර එම හඩපට මාධ්‍යයට ලැබිම සම්බන්ධයෙන් රංජන් විසින් සිදුකරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒය කුමන්ත්‍රණයක් බවත් ජනාධිපතිවරයා එහිදි පෙන්වා දුන් බව ආරක්ෂක ප්‍රධානියෙකු අප ආරක්ෂක වාර්තාකරු සමග පවසා තිබේ.

පොලීසිය හදිසියේම රංජන්ගේ නිවස වැටලීම සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත හේතුවක් දක්වා නොමැති බවත් ඔනෑකමින්ම පොලිසිය නිවසට ගෙන්වා ගනිමින් හඩපට සමාජ ගත කිරිම සදහ කුමන්ත්‍රණයක් සිදුකර ඇති බව දැනට බුද්ධි අංශ විසින් සිදුකල පරික්ෂණ වලදි අනාවරණය කරගෙන තිබේ.

දුමින්ද සිල්වාට ලබාදුන් අධිකරණ තින්දුව සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුල වැරදි මතයක් නිර්මාණය කර ඇති බවත් ඒ හරහා දුමින්දට ජනාධිපති සමාව ලබාදිමට තමාව පොළඹවාලීම ඔහුන්ගේ කුමන්ත්‍රණය බවයි ගෝඨාභය ජනාධිපතිවරයා එහිදි පෙන්වා දි ඇත්තේ.

තමන් දුමින්දව නිදහස් කිරිමට කිසිවිටෙකත් පැකිලෙන්නේ නැති බව ගෝඨාභය එහිදි සදහන් කර ඇති අතර මාර්තු මාසයේ පැවැත්වෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසි වාරයෙන් පසු තමන් දුමින්ද නිදහස් කරන බවද රේනෝ සිල්වාට පොරොන්දු වු බවද ගෝඨාභය එහිදි සදහන් කර තිබේ.

රැට …රැට දුමින්ද ගේදර යයි….

මේ අතර මරණ දඬුවම් නියමව සිටින දුමින්ද සිල්වා බන්ධනාගාරයේ ගිලන් රථයකින් සිය නිවසට රාත්‍රීයේ රහසේම යන බව මේ වනවිට අනාවාරණය වි තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති විමෙන් පසුව අවස්ථා ගණනාවකදි දුමින්ද සිය සහෝදරයාගේ නිවසට ගොස් ඇති අතර රාත්‍රීය එහි ගත කර අලුයම යලිත් බන්ධනාගාරයට පැමිණෙන බව තහවුරු වි තිබේ.

ගෝඨාභය සහ දුමින්ද සබඳතාවය…..

එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂගේ සමිපතමයෙකු ලෙස කටයුතු කල දුමින්ද ආරක්ෂක අධික්ෂණ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කල අයෙකි.කොලොන්නාවේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් ද එවකට දුමින්දට එරෙහිව දැඩිව චෝදනා එල්ල වු තිබු අතර ගෝඨාභයගේ බලය භාවිතා කරමින් සිය මත්ද්‍රව්‍ය ජාවාරම රිසිසේ සිදුකිරිමට දුමින්ද කටයුතු කල බවද නොරහසකී. වෙඩි වැදිමත් සමග ගෝඨාභය දුමින්ද බැලිම සදහා රෝහලට පැමිණියේ සෙරෙප්පු දෙකක් වත් නොමැතිව බව නොරහසකි.රජයේ සියලු වරප්‍රසාද සහිතව දුමින්දව විශේෂ යානයකින් සිංගප්පූරුව බලා රැගෙන යාමට කටයුතු කිරිමටද ගෝඨාභය එවකට කටයුතු කලහ.

භාරත ඝාතක දුමින්දට දුන් තීන්දුව…

2011 වසරේ ඔක්තෝබර් 08 වැනිදා පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කර පැය දෙකක් ගතවිමට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මහින්ද රාජපක්ෂගේ උපදේශකයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට දුමින්ද සිල්වා ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසකට චෝදනා එල්ල වු අතර අදාළ චෝදනාවලට වැරදිකරුවන් වූ ඔහු ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම කෙරුණේ, 2016 වසරේ සැප්තැම්බර් මස 8 වෙනිදාය.

තීන්දුව ලබා දුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් අතර සිටි පද්මිණි රණවක මහත්මිය සමග දුරකතනයෙන් රංජන් සවාදයක යේදි තිබුනු අතර ඒය භාවිතා කරමින් දුමින්ද වෙනුවෙන් ලබාදුන් තින්දුව නිවැරැදි බව දුමින්දගේ සහෝදරයාගේ හිරූ මාධ්‍ය ජාලය හරහා දිගින් දිගටම පහරදුන් අතර ඒ සදහා ප්‍රසිද්ධ හිමිවරුන් මෙන්ම දේශපාලකයින්ද යොදා ගැනිමින් සිටි.

නව සිංහල රාවය සහ නව සිංහලේ ජාතික රාවය යන සංවිධාන පසුගියදා අධිකරණ කොමිෂන් සේවා සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුණේ දුමින්ද සිල්වා වරදකරු කරමින් ඉහත කී විනිසුරුවරිය ඇතුළු විනිසුරු මඩුල්ලක් විසින් ලබා දෙන ලද නඩු තීන්දුව ශුන්‍ය කරන ලෙසයි.

පසුව දුමින්දගේ පාර්ශවය තින්දුවට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කල අතර2018 ඔක්තෝම්බර් 11භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි තහවුරු කළේය.

Loading…


Published on: Jan 11, 2020 –ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා එළඹෙන මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනිම සම්බන්ධයෙන් මේ වනවිට මහින්ද පිළ සහ ගෝඨා පිළ අතර අර්බුද රැසක් මතුව තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.මහා මැතිවරණයේදි 2/3 ක කෙසේවෙතත් මන්ත්‍රීධුර 120ක් දිනා ගැනිම තමන්ගේ එකම ඉලක්කය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පෙරේදා මහින්ද පිළ සමග පැවැති සාකච්ඡාවකදි අනාවරණය කර තිබේ.

1988 දී සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රමය හඳුන්වා දුන් දින සිට මහ මැතිවරණ හතක් පැවති නමුත් ජයග්‍රාහී පක්ෂය අති බහුතරයක් රැස්කර ගත්තේ දෙවරක් පමණක් බව මතක් කල මහින්ද ඉන් එකක් 1989 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යටතේ පැවති අතර අනෙක් අවස්ථාව වූයේ තමන් යුද්ධය අවසන් වූ විගස 2010 දී පැවැත්වු මැතිවරණය බවද පෙන්වා දි තිබේ.

නමුත් එම මැතිවරණ දෙකහිදිම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලය අසීමාන්තික භාවිතා කල බව පෙන්වා දුන් මහින්ද 2015දි සිරිසේන ජනාධිපති වි පසුව එජාපයද අමාරුවේ දමමින් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්විමට කටයුතු කිරිම නිසා එජාපයට අත්වුයේ සෙලවෙන බහුතරයක් බවද පෙන්වා දි තිබේ.2015 සහ 2020 තත්ත්වය අතර විශාල වෙනසක් නොමැති බව පෙන්වා දුන් මහින්ද විශේෂයෙන්ම සුළු පක්ෂ සම්පූර්ණයෙන්ම ප්‍රතිකේෂ්ප කිරිම මහා මැතිවරණයකදි දැඩි ලෙස බලපෑම් එල්ල කල හැකි බවද සදහන් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ කල්ලියේ මිළින්ද රාජපක්ෂ විසින් ගෙනයන අලුතින් 100ක් පාර්ලිමේන්තුවට යන වැඩසටහන සහ තවත් සිවිල් ක්‍රියාකාරින් පිරිසක් ගෙනයන අලුතින් 100ක් පාර්ලිමේන්තුවට යන් වැඩසටහන් සම්බන්ධයෙන්ද එහිදි අදහස් පලවි ඇති අතර 2020 මහා මැතිවරණයකදි අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත් විමෙන් අලුතින් 100 දෙනෙකු කෙසේවෙතත් 70ක්වත් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති බවත් ඒ අනුව ඉතිරි මන්ත්‍රීධුර කිහිපය පමණක් ඉතුරු සියලු දෙනා අතර බෙදියනු ඇති බව එහිදි මහින්ද පිලේ ප්‍රබලයන් පෙන්වා දි තිබේ.

“කොළඹ අපට ගන්න පුලුවන් 11 වගේ සර්ගේ(ගෝඨාභය) 5 දෙනෙක් කොළඹට ඉල්ලනවලු…එහෙම උනොත් ගොඩක් අය ගෙදර තමා…” “විජේදාස බලන්නේ ලැයිස්තුවේ උඩටම එන්න එකයි එයා සර්(ගෝඨාභය) වෙනුවෙන් කියලා ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ…. විමල් දැන් වැඩිය සර්ගේ (මහින්දගේ ) වැඩවලට එන්නේ නෑ.. එයා බලන්නෙත් සර්ගේ(ගෝඨාභය) පහනෙන් එලිය බලලා ගොඩ යන්න.” මහින්ද පිලේ අමාත්‍යවරයෙකු දිගටම කියාගෙන ගොස් තිබේ.(නම අනාවරණය නොකරන ලෙස ඉල්ලිමක් කර තිබේ.)

තමන් 2020 මහා මැතිවරණයේදි කොළඹ දිස්ත්‍රිකයෙන් තරග කිරිමට සාකච්ඡා කල නමුත් ගෝඨාභය
ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් වැඩි කැමත්තක් නොදැක්වු බවත් ඒ හේතුවෙන් තමන් මෙවර ගම්පහ
දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට තිරණය කල බවත් මහින්ද එහිදි සදහන් කර තිබේ.

දීර්ඝ කාලයක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ මහින්ද 2015 මහමැතිවරණය සඳහා ඉදිරිපත් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

Loading…


Published on: Jan 11, 2020 – ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මුලස්ථානයේ සේවය කරමින් සිටියදි සිදුකල මුල්‍ය අක්‍රමිකතා හේතුවෙන් වැඩ තහනමට ලක්කර සිටි ඒකාබද්ධ විපක්ෂයේ වෘත්තීය සමිති නායකයෙකු ලෙස පෙනී සිටිමින් ‘ඛනිජතෙල් අර්බුදය’ ඇතිකිරිමට කටයුතු කල උග්‍ර මහින්ද වාදියෙකු වන බන්දුල සමන් කුමාර නැමත්තා කිසිදු පරික්ෂණයකින් තොරවම යලි සේවයේ පිහිටුවිමට කටයුතු කර තිබේ.

බන්දුල සමන් රාජපක්ෂගේ දින 52ක නීත්‍යානුකූල නොවු අගමැති ලෙස බලහත්කාරයෙන් පත්වි දෙවන දිනයේ කුලතිස්ස ගීගනගේ නැමති නාගරික මන්ත්‍රීවරයද සමග එක්ව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මුලස්ථානයට කඩාවැදි ඛනිජ තෙල් සංවර්ධන හිටපු ඇමැති අර්ජුන රණතුංග ඝාතනය කිරිමට උත්සහ කල පුද්ගයාද වන අතර එය CCTV දර්ශන හරහා මෙන්ම අධිකරණය හමුවේ හෙලි වු ඇතැම් කරුණු මතද තහවුරු වුවකි.

2019 ඔක්තෝබර් 28 වැනිදා වැඩ තහනමට ලක්ව සිටියදි අර්ජුන ඝාතනය කිරීම සදහා ආණ්ඩුවේ කුලී මැර හමුදාව සමග පැමිණි බන්දුල සමන් එහිදි සිදුකල ගැටුම අතරතුර සිදුවු වෙඩි තැබිමෙන් සේවකයෙකු ජිවිතක්ෂයට පත්ව ආරක්ෂකයෙකුද තුවාල ලැබුවා.

එම මැර කුළී හමුදාවට සහ බන්දුලට ඇතුලට එමට උදවු කල ආරක්ෂක හා විමර්ශන කළමනාකරු ලෙස් එවකට කටයුතු කල MRST සමරසිංහද යලි සේවයේ පිහිටුවා ඇත්තේ කිසිදු විමර්ශනයකින් තොරවය.අර්ජුන රණතුංග මහතා ඝාතනය කිරිමට මැර කුළී හමුදාවට ඇතුලට එමට අවස්ථාව ලබාදිම හේතුවෙන් ඔහුගේද සේවය තහනමට ලක්කර තිබුනා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ජනාධිපතිවරයාගෙන් ලැබුන නියෝගයකට අනුව ඔහුන් දෙදෙනා යලි සේවයේ පිහිටුවා ඇති බව අමාත්‍යංශ ලේකම්වරියගෙන් අප විශේෂ වාර්තාකරු කල විමසිමකදි සදහන් කර තිබේ.

බන්දුල සමන් කුමාර ඇතුලු ආණ්ඩුවේ කුලී මැර හමුදාව අර්ජුන ඝාතනය කිරිමට ගත් උත්සහය

රාජපක්ෂගේ කුලී මැර හමුදාව ගැන අර්ජුන කල අනාවරණය ….

Top