Published on: Jan 11, 2020 – Millennium Challenge Corporation හෙවත් MCC ගිවිසුම ඉක්මනින්ම අත්සන් කිරිම පිලිබදව ජනාධිපති ගෝඨාභය සාකච්ඡා කිරිම සදහා ට්‍රම්ප් පාලනයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ නියෝජිතවරියක වන වන වන ඇලිස් ජි.වෙල්ස් (Alice G Wells) මහත්මිය මෙරට නිල සංචාරයක නිරතවිමට නියමිත බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

ඇය ශ්‍රී ලංකාවට අමතරව ඉන්දීයාවේ සහ පාකිස්ථානයේ ද සංචාරය කිරිමට සැලසුම් කර ඇති අතර ඒ අනුව සිය දකුණු ආසියානු නිල සංචාරය අතරතුර ලබන 13 සහ 14 යන දෙදින තුළ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.

MCC ගිවිසුමට අමතරව ශ්‍රී ලංකාව සමග අත්සන් කර ඇති ආරක්ෂක ගිවිසුම් සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කිරිමට නියමිතයි.

ජනාධිපති සමග පවත්වන සාකච්ඡාවට අමතරව ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් මෙන්ම
දේශපාලනඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පාර්ශව සමග ද සාකච්ඡා පැවැත්විමට අමෙරිකානු නියෝජිතවරිය සැලසුම් කර තිබේ.

MCC ගිවිසුම ජනවාරි 25 වැනිදාට පෙර අත්සන් කර අවසන් කලයුතු බව මේ වනවිටත් ඇමරිකාව දැනුම් දි ඇති අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සියල්ලම මෙම් සංචාරය අතරතුර සිදුකිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම්.සී.සී හෙවත් අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට නිශ්චිත දිනයක් හෝ කාලසීමාවක් නැති බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය මිට සති 3කට පමණ පෙර සදහන් කල නමුත් වත්මන් රජයේ ඉල්ලිම මත ගිවිසුම අත්සන් කිරිම ඉක්මන් කිරිමට කටයුතු කරමින් සිටින බවයි අමරිකානු වෙබ් අධවි අනාවරණය කර ඇත්තේ.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට මේ වනවිට රජයෙ ඉහල පෙලේ සාකච්ඡාවකදි තින්දුකර තිබේන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

Loading…


Published on: Jan 9, 2020 – විභජ්ජවාද මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පුජා වැඩමුළුව නමින් රාජපක්ෂ රස්තියාදු සිවුරු කල්ලියේ කුප්‍රකට හොරකමේ වැඩසටහන පසුගිය (04) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී මහින්ද සහ ගෝඨාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර එම කුප්‍රකට හොරකට එරෙහිව සටන් කල ආරණ්‍යවාසි හිමිනමක් එම අවස්ථාවට පැමිණි අවස්ථාවේ උන්වහන්සේට එලවා එලවා පහර දෙන විඩියෝව අද සමාජ ජාල වෙත මුදා හැර තිබේ.

නිර්මල බුද්ධ භාෂිතය මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීම සදහා යැයි කියමින් පන්දහසක් වූ මහා සංඝරත්නය උදෙසා ඩිජිටල් ත්‍රිපිටකය ටැබ් යන්ත්‍ර ලබාදිම සදහා කටයුතු කල අතර ඒ සදහා https://www.paramaththa.com/donate-now/ ඔස්සේ සහ අනුරාධපුර මහජන බැංකුවේ ත්‍රිපිටක පූජා 008-2-001-2-0085271 ගිණුම හරහා මුදල් ලබාගෙන තිබේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ හමුවු මෙම සංඝ කල්ලිය ජනාධිපතිවරණ සමයේ ඔහුවද ගොනාට අන්දවා ආරණ්‍යවාසී ස්වමින් වහන්සේලාගේ ඡන්ද ගෝඨාට ලබාදිමේ පොරොන්දුව මත එම ටැබ් යන්ත්‍ර චිනයෙන් රජයේ ජනතා මුදල් වියදම් කරමින් ගෙන්වා ගෙන තිබේ.

Wifi හෝ අන්තර්ජාල පහසුකම් අඩංගු නැති,සිම් පතක් ඇතුළත් කළ නොහැකි,දත්ත ඇතුළත් කිරීම හෝ ඉවත් කිරීම කළ නොහැකි එම ටැබ් යන්ත්‍ර සදහා වියදම සුලු මුදලක් වුවත් ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් අල්ල ගනිමින් ඔහුන්ගෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනිමට මෙම සංඝ කණ්ඩායම කටයුතු කර තිබේන අතර ඒ සදහා ප්‍රධානත්වය ගෙන කටයුතු කර ඇත්තේ ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයයි.

මුදල් එකතු කිරිම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි කණ්ඩායම් අතර අර්බුද හටගෙන් තිබේන අතර එහි ප්‍රතිපලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වි ඇති බවයි දැනට වාර්තා වි ඇත්තේ.

Loading…


Published on: Jan 5, 2020 –හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ නිවස ඊයේ (4 ) පැය ගණනක් සොදිසි කර පසුව බලපත්‍ර නැති පිස්තෝලයක් තබාගත් වරදට අත්තඩංගුවට ගත්තද එම සොදිසියෙ අරමුණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ පුත් මනොජ් රාජපක්ෂගේ මුල්‍ය වංචාවකට අදාල ලිපි ලේඛන මන්ත්‍රීවරයා සතුව ඇති බවට ලැබුනු තොරතුරකට අනුව සිදුකරන ලද්දක් බව මේ වනවිට අනාවරණය වි ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

බයියන්ට අනුව ගෝඨාභය විරයෙකු වුවද ඇත්තටම ගෝඨා යනු සරමටත් බයවන බියගුල්ලෙකු බව මේ වනවිට ඔප්පුකරමින් සිටින අතර මනොජ් රාජපක්ෂගේ මෙන්ම රාජපක්ෂ පරම්පරාවේ හොරකම්,මැරකම්,දුෂණ,ඩීල් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අඩංගු ෆ්යිල් මෙම සෝදිසියෙන් පසුව රැගෙන ගොස් ඇති අතර එම ලේඛන රටේ ආරක්ෂාවට තර්ජනයක් යැයි මතයක් සමාජය තුල මවාපාමින් ඒ තොරතුරු සියල්ල විනාශ කර දැමීම ඔවුන්ගේ අරමුණ වි ඇති බවයි වාර්තා වන්නේ.

රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප ඇතුළත් දෘඩ තැටියක් (Hard Disk) හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සෝදිසි කිරීම සදහා රැගෙන ගොස් තිබේ.

2012 ජුලි සිට 2014 අගෝස්තු ජනපති පුත් කල මුල්‍ය වංචාව ……

2015 දී යහපාලනාය රජය පිහිටුවා රනිල් -මෛත්‍රී සුසංයෝගය ආරම්භ කල රාජපක්ෂ දඩයම් මන්දිරය හේවත් FCIDය(පොලිසිය මූල්‍ය අපරාධ විමර්ශන අංශය) ටික කලක රාජපක්ෂ යුගයේ දූෂණ හා මූල්‍ය අපරාධ පිළිබඳ විමර්ශනය කිරීමේ ක්‍රියාවලිය මහජනයාට පෙන්වා පසුව එය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් භාවිතා කල බව නොරහසකි.

පොලිසිය මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) අපරාධ පසුපස යෑමට ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ 2012 ජුලි සිට 2014 අගෝස්තු දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂගේ දමින්ද මනෝජ් රාජපක්ෂ අවස්ථා කිහිපයකදීම, ශ්‍රී ලංකාවේ සිට එක්සත් ජනපදයට ගොස්, ඇමරිකානු ඩොලර් සියයක බිල්වලින් හරියටම ඇමරිකානු ඩොලර් 20,000 ක මුදලක් ඔහු සමඟ ගෙන ආ බව ඇමරිකනු රහස් ඔත්තු සේවා රජයේ මැදිහත් විම මත අනාවරණය කර තිබේ.

සංචාර හයකදි රාජපක්ෂ පුතු විසින් ඇමරිකානු ඩොලර් 120,000 ක් එනම් රු. මිලියන 15.6 ක් ශ්‍රී ලංකාවෙන් සහ ඔහුගේ මව් රට වන ඇමරිකාවට රැගෙන ගොස් තිබෙන බව ඩොලර් 10,000 කට වඩා වැඩි මුදලකින් යමෙකු ඇමරිකාවට මුදල් ගෙන එන විට ප්‍රකාශ කිරීම සඳහා මෙම මුදල්, ජාත්‍යන්තර මුදල් හෝ මූල්‍ය උපකරණ ප්‍රවාහනය පිළිබඳ වාර්තා (CMIR)හරහා තහවුරු කර තිබේ.

මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 27 වන වගන්තියෙන් ඩොලර් 10,000 ට වැඩි මුදල් හෝ ඒ හා සමාන උපකරණ සහිත ශ්‍රී ලංකාවට ඇතුළු වන හෝ පිටවන ඕනෑම පුද්ගලයෙකුට රේගු නිලධාරියෙකුට මුදල් ප්‍රකාශ කිරීම අවශ්‍ය වේ. සෑම අවස්ථාවකම ප්‍රකාශ කිරීමට හෝ අසත්‍ය ප්‍රකාශයක් කිරීමට අපොහොසත් වීමෙන් වසරක සිර දඩුවමක් නියම වේ. මුදල් විශුද්ධිකරණය කළේ නම්, එම සිර ද දඩුවමද වසර විස්සක් දක්වා ඉහළ යා හැකිය.

මනෝජ් රාජපක්ෂ ශ්‍රී ලංකාවේ රේගු ප්‍රකාශ නිකුත් කර තිබේද නැද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා ඇමරිකානුවන් යෝජනා කළ අතර ඉන් අනතුරුව එෆ්.සී.අයි.ඩී. හෝ මහ බැංකු මූල්‍ය බුද්ධි අංශය එම තොරතුරු ශ්‍රී ලංකාවේ අරමුදල් ප්‍රභවය විමර්ශනය කිරීමට යොදා ගනී. කෙසේවෙතත් අදාළ සාක්ෂි සහිත ලිපිගොනුව අද දක්වාම පරික්ෂණ සදහා භාජනය නොවු අතර රාජපක්ෂ පුත්‍රයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ මේ දක්වා පරික්ෂණ සිදුකර නෑ.තත්ත්වයමෙසේ තිබියදි අදාළ ලිපි ලේඛන සියල්ලම දුෂණයට එරෙහිව නිරන්තරයෙන් හඩනගන රංජන් රාමනයකගේ අතට පත්කර ඇති අතර ඔහු ඉදිරි දිනකිහිපය තුලදි ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අනාවරණයක් කිරිමට සුදානමින් සිටි බවයි වාර්තා වන්නේ.

ගෝඨාගේ පොලිසියට අභියෝගයක්!

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාලගේ නීති විරෝධී සූදුව වහාම අල්ලනු… මෙන්න තොරතුරු…

අංක: 267, ගාලුපාර, කොළඔ 03 යන ලිපිනයේ මුලස්ථානය පිහිටි Sporting Times ආයතනය සහ මෙරට අමාත්‍යවරයෙකුගේ පවුලකට අයත් Sporting star ආයතනය හා Leisure Sport ආයතන සතුව රටපුරා සුදු මධ්‍යස්ථාන 412 කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවත්වාගෙන යනු ලබයි. 1930 අංක 9, 1930 අංක 29 හා 1943 අංක 55 දරණ සූදු ආඥාපනත අනුව සජීවි අශ්වරේස් සදහා ඔට්ටු ලබා ගැනීමට මෙම මධ්‍යස්ථානවලට බලය ලැබී තිබුනද වර්තමානයේ මෙම සමාගම මෙම සූදු මධ්‍යස්ථානවලදී ක්‍රිකට් ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව සහ වෙනත් ක්‍රීඩා සදහා ඔට්ටු ලබා ගැනීම සිදු කරනු ලබන අතර පරිගණක මෘදුකාංගයක් මගින් සාදන ලද (Animation) සජීවී නොවන අශ්ව සහ සුනඛ රේස් සදහාද ඔට්ටු ලබා ගැනීම සිදුකරනු ලබයි(TRUCK SIDE) එසේ ඔට්ටු ලබා ගැනීම නීතිවිරෝධීවේ ඉහතතින් අප පෙන්වා දුන් මධ්‍යස්ථාන පොලීසිය විසින් වටලන තෙක් අප සංවිධානය
දෑස් දල්වා බලා සිටිමු.

ස්තුතියි,
මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

ෂර්මි කුමාරි සමග සැතපෙන්න ගියේ කවුද?

එජාප මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පරික්ෂා කිරීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අසභ්‍ය යයි කියවෙන DVD පට අතර අන්තර්ජාලය ඔස්සේ ආන්දෝලනාත්මක වීඩියෝමුදාහරිමින් සිටි ෂර්මි කුමාරි නම් කාන්තාව විසින් ලබාදී ඇතැයි සැක කෙරෙන DVD පට කිහිපයක් ද තිබුන බවට සැලවීමත් සමග විවිධ ක්ෂේත්‍රවල ප්‍රබලයින් රැසක් බලවත් සේ කලබලයට පත්ව සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වන බව theleader.lk වෙබ් අඩවිය වාර්තාකර තිබේ.

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයෙකු එවකට විපක්ෂයේ සිටියදි ෂර්මි කුමාරි සමග ලිංගික ක්‍රියාකාරම් කිරිමට මුදල් දි ලබාගෙන ඇති නමුත් ඔහුගේ අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් වලට විරෝධය දක්වමින් අවසන් මොහොතේ ඇය දේශපාලඥයව ප්‍රතික්ෂ්ප කර තිබේ. පසුව ආණ්ඩුව පත්වු වහාම දෙසැම්බර් 02 වැනිදා ඇය අත්තඩංගුවට ගැනිමට පොලිසියට බලකර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.(තොරතුරු බලාපොරොත්තු වන්න )

Loading…


Published on: Jan 4, 2020- ඇමෙරිකානු හමුදා සිකුරාදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඉරාන හමුදා නායක ජෙනරාල් කසීම් සුලෙයිමානී (Guards commander Qasem Soleimani) මරුමුවට පත්විමත් සමග ඇමරිකානු හිතවාදී රාජ්‍යයන් ඉලක්ක කර පහරදිමට ඉරානය තීන්දුවක් ගෙන තිබෙන බව අප ජාත්‍යන්තර දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා. මිසයිල ප්‍රහාරය ජෙනරාල් ඝාතනය කිරිම ඉලක්ක කර එල්ල කර ඇති බව මේ වනවිට ඉරාන ආරක්ෂ අංශ තහවුරු කර තිබේ.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කමේනි(Ali Khamenei ) ජෙනරාල්වරයාට “ප්‍රාණ පරිත්‍යාගිකයෙකු” ලෙස උපහාර දැක්වූ අතර ඝාතනයට එරෙහිව “දැඩි පළිගැනීමක්” සිදුකරන බවට ප්‍රතිඥාවක්ද ලබාදි තිබේ.

සොලෙයිමනීට ගෞරව දැක්වීම සඳහා ඔහු දින තුනක් ජාතික ශෝකය ප්‍රකාශ කිරිමටද මේ වනවිට කටයුතු කර තිබේ.

එක්සත් ජනපදය දශක ගණනාවක් තිස්සේ ජෙනරාල්වරය පසුපස ලුහුබැඳ ඇති බවත් 2003 සිට ඉරාකය තුළ ඔහු කළ මෙහෙයුම් හේතුවෙන් ඇමරිකානු සාමාජිකයින් 600 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේන බවද වාර්තා වල සදහන් වේ.

ඇමෙරිකාවේ බලාපොරොත්තු සුන්වීම..

ඇමෙරිකාව කළ අපරාධයට ඉරානය සහතික වශයෙන් ම පලිගන්නා බව ඉරාන ජනපති හසන් රූනි(Hassan Rouhani) ඊයේ මාධ්‍ය හමුවේද අනාවරණය කර තිබු අතර ඉරාන ආණ්ඩුවේ නිල වෙබ් අඩවිය සදහන් කර තිබුනේ

“අපරාධකරුවකු වන ඇමෙරිකාව සිය හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමෙන්, ඉරානයේ හදවත කම්පාවට පත් කළ බවද ජනපති සඳහන් කරයි.

එසේම එම ප්‍රහාරය, ඇමෙරිකාවේ දාමරිකත්වයට එරෙහිව නැගී සිටීමට සහ ඉස්ලාම් වටිනාකම් ආරක්ෂා
කරගැනීමට ඉරානය ගෙන තිබූ අධිෂ්ඨානය දෙගුණයකින් වර්ධනය කළා.

මේ නීච සහ බියසුලු නාටකය, ඇමෙරිකාවේ බලාපොරොත්තු සුන්වීම ගැනත් එම කලාපයේ දුර්වලතාව ගැනත් තවත් නිදසුනක් පමණී.” යනුවෙනි. Will Take “Revenge” Against US For Commander’s Killing: Iran President…

කලාපීය විශ්ලේෂකයින්ට අනුව උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට පසුව සොලෙයිමනී ඉරානයේ දෙවන බලවත්ම නායකයා ලෙස සැලකේ.

ඉරාක අගමැති කාර්යාලය විසින් නිකුත් කරන ලද මෙම ඡායාරූපය 2020 ජනවාරි 3 වන සිකුරාදා පාන්දර ඉරාකයේ බැග්ඩෑඩ් හි ගුවන් ප්‍රහාරයකින් පසු බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දැවෙන වාහනයක් පෙන්වයි. නමුත් පෙන්ටගනය බ්‍රහස්පතින්දා කියා සිටියේ එක්සත් ජනපද හමුදාව ජෙනරාල් කසෙම් සොලෙයිමනී ඝාතනය කළ බවයි.

ඊශ්‍රායලයට මර බිය….

මේ අතර ඇමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා නායකයකු මරුමුවට පත්වීමත් සමඟ ග්‍රීසියේ සංචාරයක යෙදෙමින් සිටි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු එම සංචාරය අතර මඟ නවතා දමා නැවත සිය රට වෙත පැමිණ තිබේ.

ඉරාන හමුදා නායකයා මිය යෑමේ සිදුවීමත් සමඟ යුදෙව් රාජ්‍යයක් වගේම ඇමෙරිකා එක්සත් ජනපදයේ සමීපතම මිතුරෙකු වන ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල වීමේ අවදානමක් මතු වී තිබේන බවත් ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ආරක්ෂක ප්‍රධානීන් සහ කැබිනට් මණ්ඩලය ඊයේ රාත්‍රීයේ විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

රුසියාවත් බය වෙයි….

මේ අතර ඝාතනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන රූසියාව සදහන් කර ඇත්තේ එක්සත් ජනපදය සොලෙයිමනී ඝාතනය කිරීම මැද පෙරදිග පුරා ආතතීන් වැඩි කරන බවයි.

“සොලෙයිමනී ඝාතනය කලාපය පුරා ආතතීන් වැඩි කරන වික්‍රමාන්විත පියවරක්” යැයි ප්‍රවෘත්ති ඒජන්සි RIA Novosti සහ TASS උපුටා දක්වමින් විදේශ අමාත්‍යාංශය පවසයි.

“ඉරානයේ ජාතික අවශ්‍යතා භක්තියෙන් ආරක්ෂා කිරීම සඳහා සොලෙයිමානි සේවය කළේය. ඉරාන ජනතාවට අපගේ අවංක ශෝකය ප්‍රකාශ කරමු.” යනුවෙන්ද එහි සදහන් වේ.

http://lankanewsnetwork.org/archives/22177

Published on: Jan 3, 2020- චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ පාලන සමයේදී යාපනයේ සිදු වූ පැහැරගැනීම් සදහා සaජුවම අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඊපීඩීපී පක්ෂය වගකිව යුතු බවත් මේ වනවිට යලිත් රාජපක්ෂලාගේ සුරතලෙකු වි සිටින දේවානන්ද ආයුධ සන්නද්ධ කණ්ඩායම් සමග ජනතාව භීතියට පත්කිරිමට කටයුතු කරමින් සිටින බවටද චොදනා එල්ල වෙනවා.දේවානන්දගේ පැරාමිලිටරි කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සිංහල හමුදාව විසින් බවටද චොදනා එල්ල වුනා.

බලහත්කාරයෙන් අතුරුදහන් වීම් වලට ලක්වූ පුද්ගලයින්ගේ පවුල් පසුගියදා කිලිනොච්චි සහ වවුනියා වලදි උද්ඝෝෂණ ව්‍යාපාරවල නියැලුන අතර තමන්ගේ අඛණ්ඩ විරෝධතා නතර කිරිමට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා අතුරුදහන් වු දරුවන්ගේ දෙමාපියන් බියවැද්දීමට කටයුතු කරන බවද ඔහුන් අනාවරණය කර තිබේ.

ශ්‍රී ලංකා හමුදාවේ රහසිගත රැඳවුම් කඳවුරුවල අතුරුදහන් වූවන් සිටින බව තමන් විශ්වාසය කරන බවත් එම පැහැර ගැනිම් සියල්ලම පසුපස වත්මන් ගෝඨාභය රාජපක්ෂ සිටින බවයි ඔහු පෙන්ව දෙන්නේ.

එල්ටීටීඊයේ හිටපු සාමාජිකයින් සිය ගණනක් පවුල් විසින් ශ්‍රී ලංකා හමුදාවට භාර දුන්නද ඔවුන් නැවත පැමිණියේ නැති බවයි ඔහුන් පෙන්වා දෙන්නේ. විරෝධතාව අතරතුර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඡායාරූපයකට කාන්තාවන් විසින් ඉදල් පහරවල් එල්ල කලේ මේ අයුරින්…

දෙමළ ජනතා විරෝධි ගෝඨාගේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය EPDP නායක ඩග්ලස් දේවානන්ද නීති විරෝධී වැලි කැණීම සියතට ගෙන ඇති අතර මේ දක්වා උතුරේ ප්‍රදේශ කිහිපයක වැලි කැණීමේ ව්‍යාපාරය කරගෙන ගිය ව්‍යාපාරිකයින් බියවද්දා ඔහුන්ගේ දේපළ වලටද අලාභහානි කර තිබේන බව අප උතුරේ දේශපාලන වාර්තාකරු පසුගියදා අනාවරණය කළා.

http://lankanewsnetwork.org/archives/22024

Published on: Jan 3, 2020- ජනතාවට දැරිය නොහැකි මට්ටමකින් ඉහළ යමින් පවතින එළවලු මිල පාලනය කිරීම සඳහා ආණ්ඩුවට කිසිදු හැකියාවක් ලැබී නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.මාධ්‍ය හමුවකට් එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ වත්මන් ආණ්ඩුවේ දුෂණ-වංචා ඉහල යමින් තිබේන බවත් ඒ හේතුවෙන් වෙසක් උත්සව සමය වනවිට පෙට්‍රල් රුපියල් 40කින්,ඩීසල් රුපියල් 50කින්, භූමිතෙල් රුපියල් 80කින් පමණ ඉහල යනු ඇති බවයි.

මහමැතිවරණය ඉලක්කර කරගනිමින් මේ ආණ්ඩුව ගෙන යන රැවටිලිකාරී ප්‍රතිපත්තිය හේතුවෙන් මැයි මාසය පමණ වනවිට ඉන්ධන මිල ද විශාල වශයෙන් ඉහළ යා හැකි බවටයි ඒ මහතා අනතුරු හඟවා සිටියේ.

“අද දවසේ නාරාහේන්පිට පොළේ බොංචි රුපියල් 480යි, කැරට් 480යි, ලීක්ස් 480යි, බීට් 480යි, අමුමිරිස් රුපියල් 500යි, වැටකොළු රුපියල් 300යි, බණ්ඩක්කා 300යි, පිපිඤ්ඤා රුපියල් 180යි, පතෝල රුපියල් 300යි. මං හිතන්නෙ පතෝල 300ට ගිය යුගයක් මේක ! දඹල රුපියල් 240යි. මොකද දැන් සමහර ඒවා ගණන් නම් පතෝල කන්න කියනවානෙ. දැන් පතෝල කන්න පුළුවන්.

එතකොට මහජනතාව විශාල අසීරුවකට මුහුණදිය යුතුව තියෙනවා ඉදිරි මාස කිහිපය තුළ. දැන් ඉතිරි වංචාව සම්පූර්ණ කිරීම සඳහා රජය සැරසෙනවා අපට පේනවා. ඒක තමයි පාර්ලිමේන්තු නිසි බලයක් නොමැති නිසා මේ ටික කරගත නොහැකි බැවින් නිසි බලයක් ලබාදෙන්න කියන ඉල්ලීම ඉල්ලමින් මාස දෙකක් ජනතාව රවට්ටලා ඉවර වෙලා නියත වශයෙන්ම වෙසක් කාලේ වෙනකොට පෙට්‍රල් රුපියල් 40කින් විතර වැඩි කරන්න තිබෙනවා. ඩීසල් රුපියල් 50කින් විතර වැඩි කරන්න තිබෙනවා. භූමිතෙල් රුපියල් 80කින් විතර වැඩි කරන්න තිබෙනවා. ඊටත් වැඩිවෙයි.මේක තමයි මහජනතාවට උරුම කරන්න යන භයානක ආර්ථික ව්‍යාපාරය”

Published on: Jan 3, 2020- සක්‍යතා අධ්‍යනයන් නොසලකා හරිමින්, නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකිකල මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළින් දින කිහිපයක සිට ජල කාන්දුවක් හටගෙන තිබේන අතර යම් හෙයෙකින් ප්‍රධාන වේල්ල පුපුරා ගියහොත් රට මැද සුනාමි තත්වයක් අතිවීමේ අවධානමක් ඇති වන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඊයේ (02) පවැති මාධ්‍යහමුවකදී නාමල් කරුණාරත්න අවධාරණය කළේ මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් පිළිබඳව අතීතයේ සිටම විවිධ ප්‍රශ්න සහ ගැටළු සහගත ස්ථාන පැවති බවය.මේ වනවිට විශාල ජල කඳක් ජලාශයේ පවතින බවත් මෙම ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් පස්ගුණයක් පිරී තිබේ.

ජල කාන්දුව සිරස් අතට පැවතීම ඉතාමත්ම අනතුරුදායක තත්ත්වයක් බවද ඇතැම් විට මෙම පැල්ම මහ පොළොවේ සිට පවතිනවා දැයි සැකයක් පවතින බව නාමල් කරුණාරත්න මහතා මෙහිදි පෙන්වා දුන්නා.

මෙම සිද්ධිය සුළුකොට නොතකා වහාම කෙටි හා දීර්ඝ කාලීන සැලසුම් යෙදවීම ආණ්ඩුවේ වගකීමක් යැයි ද නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා හදිස්සියෙන් මෙම ජලාශය වැඩ නිම කරවා ඔහු විශ්‍රාම යෑමට පෙර විවෘත කිරීමේ හදිස්සියක් පැවති අතර එහි ප්‍රතිඵල මෙයාකාරයෙන් භුක්ති විඳීමට සිදු වෙන නිසා ඔවුන් මේ වගකීම භාරගත යුතු බවද කියා සිටියේය.

මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළින් දින කිහිපයක සිට ජල කාන්දුවක් පවතීන අතර් උපරිම ජල ධාරිතාව ලැබීමත් සමඟ ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළ කෙළවරක ජල කාන්දුවක් හටගෙන තිබුණු බව සේවකයෝ හා ආරක්ෂක නිලධාරින් පාලක කාර්යාලයට දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මොරගහකන්ද ජලාශය ඉදිකිරීම් කටයුතු ආරම්භයේම භූ විද්‍යාඥයින් සහ විශේෂඥ දැනුම ඇති අය මෙම මහපොළොවේ හුණුගල්ස්තරයක් තිබෙන බවට ප්‍රකාශ කර තිබුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ධුර කාලය අවසන් විමට පෙර  මෙම ඉදිකිරීම් කඩිනම් කර ගැනීමට අවශ්‍ය වු නිසා එම ප්‍රකාශයක් ඉවත දැමිමට කටයුතු කර තිබුනා.

දින කිහිපයක සිට මේ දක්වාම ජල කාන්දුව නොනවත්වා සිදුවන අතර ප්‍රධාන වේල්ල බාරව සිටින චීන ජාතික ඉංජිනේරුවරයා මෙම ජල කාන්දුව පිටතට නොපෙනෙන ආකාරයට කොළ පැහැති දැල් ආවරණයක් යොදා වසා දැමීමට කටයුතු කර තිබේ.

2016 ජුලි 30 වන දින මොරගහකන්දේ නිදන් තැන්පත් කල නැකැතින් සිරිසේනට කෙලවේ -නිදන් හාරා යලී වලදමයි යනුවෙන් අප අනාවරණයක් සිදුකල අතර ඒ අනුවද මෙම ව්‍යාපෘතිය අසාර්ථක එකක් බව තහවුරු වේ…..

2016 ජුලි 25 වැනිදා උදැසන 10.59 ට අදාළ නැකැත යෙදි තිබුණු අතර අදාළ නැකැත් පත්‍රය සෑදිමේ කටයුත්ත සදහා සිරිසේන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ජ්‍යොතිෂය පිනවන්නිය වන බැංකු ණයෙන් ගැලවිම සදහා ජංගි ඇද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට වගකී සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් වෛද්‍යවරුන් පවා පිරිමියෙකු ලෙස තහවුරු කර තිබියදි ගවුම් සහ සාරි අදින නිලුකා ඒකනායක සම්බන්ධ කරගෙන නැති අතර මොරගහකන්ද- කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක කමිටුව අදාළ නැකැත් සාදා තිබේ.

පසුව නිලුකා ඒකනායක අදාළ නැකැත සම්බන්ධයෙන් පුලුල් විශ්ලේෂණයක් කර ඇති අතර ඈය සදහන් කර ඇත්තේ එම නැකැත ජනාධිපතිවරයාට අන්තිම අසුභ බවත් ඒ අනුව භූමියට අධිපති භූතයන් ජනාධිපතිවරයාට හානී කිරිමට කටයුතු කරනු ඇති බවත්‍ ය. ඒ අනුව අදාළ නිදන් ගලවා ආපසු පස්වලට යටකිරිමට කටයුතු කර අදාළ නැකැත් වෙලාව මගහැරිමට කටයුතු කල යුතු බවටද ඇය නියෝග කර තිබේ.

පසුව පසුගිය 28 වැනිදා රාත්‍රීයේම අදාළ නිදන් හාරා ගලවා එම නිදන් ඊට නුදුරෙන් වෙනත් ස්ථානයක වලදමා තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයටද වාර්තා ලැබි ඇති අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු එම ස්ථානයට ගොස් ඇති අතර ලග්ගල පොලිසියේ පොලිස් නිළධාරි කිහිප දෙනෙකුද එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහුන්ට දැන ගැනිමට ලැබි ඇත්තේ නිදහන් වස්තු මංජුසාව සොරා ගැනීමට කිසියම් පිරිසක් උත්සහ දරා ඇති බවට එහී සේවකයෙකු දැනුම් දුන් බවයි.

පසුව මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අදාළ ස්ථානයට පැමිණ ඇති අතර පොලිසියේ සහය ඇතිව එම ස්ථානය පරික්ෂා කිරිමට යෑමට උත්සහ දැරිමේදි පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ එය වලක්වා ඇති අතර වේල්ල තැලීම සිදු කරද්දී චීන ජාතිකයෙකු අතින් බැකෝ යන්ත්‍රයේ කුල්ල නිධන් මංජුසාවේ වැදිලා අත්වැරදීමකින් හානි වි ඇති බවත් දැන් එම නිදන් නිසී පරිදි පස් දමා යලි වසා දමා ඇති බවද එම පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දි සියලු දෙනාව ඉවත් කිරිමට කටයුතු කර තිබේ.

සිරිසේන මොරගහකන්ද ව්‍යාපෘතියෙනුත් මාටියා ගහලා -සාක්ෂී අගමැති අතට යනුවෙන් අප වෙබ් අධවිය එදා කල අනාවරණයන් කියවන්න…

http://lankanewsnetwork.org/archives/12866

http://lankanewsnetwork.org/archives/12857

http://lankanewsnetwork.org/archives/12818

Published on: Jan 1, 2020- යකඩ හොරෙකු මෙන්ම ස්වාධීන රූපවාහිනි නාලිකාව බඩුපොලක් කර ගනිමින් මහින්දගේ වන්දි භට්ටකම් කිරිමට මෙහෙයවු “ITN සුරකිමු” සංවිධානයයේ නිළ නොලත් සංවිධායක ලෙස ආයතනය විනාශ කල කුප්‍රකට හොරෙකු වන ස්වාධීන රූපවාහිනියේ (ITN) පුවත් හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙස යළි වැඩබාර ගත් සුදර්මන් රදලියගොඩ වහාම ඉවත් කිරිමට ජනාධිපතිවරය කටයුතු කර තිබේ.

ගෝඨාභය ජනපති විමෙන් පසුව පිනට ලැබුන අගමැතිකම භාවිතා කරමින් මහින්ද රාජපක්ෂ සිය සුනඛ පොතකයා වන යකඩ සුදා ස්වාධීන රූපවාහිනියේ (ITN) පුවත් හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙස පත්කිරිමට කටයුතු කරනු ලැබුවා.කෙසේවෙතත් 10 වසර දක්ව පමණක් උගත්කමක් ඇති ඊටත් වඩා පසුගිය රාජපක්ෂ සමයේ “විමසුම” නැමති වැඩසටහන්ක් පවත්වාගෙන යමින් මහින්දගේ රෙදි හොදන්නට ගොස් රේදි ගැලවිම වැනි හේතු නිසා එම තනතුර ලබාදිමට ගත් තින්දුව දැඩි ලෙස අභියෝගයට ලක්වුනා.

එ අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ගෙන් ITN සභාපති සුදත් රෝහණට ලැබුන හදිසි නියෝගයකට අනුව සුදර්මන් රදලියගොඩ ඊයේ (31) දින පස්වරුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත්කර තිබේ.

“ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි ඔබ ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ) වශයෙන් පත්කර ඇති සුධර්මන් රදලියගොඩ වහාම එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කර, ඉවත් කල බව තමා වෙත සහ ජනාධිපති ලේකම් වෙත කඩිනමින් දැන්වීමට කටයුතු කරන ලෙස අමාත්‍යංශ ලේකම්, ඩබ්ලිව්.ඒ. චූලාන්නද පෙරේරා විසින් ඊයේ (31) පෙරවරුවේ දී ITN සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබිණ.”

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කලා ශිල්පී සුදත් රෝහණ ක්ෂණිකව සුධර්මන් රදලියගොඩ තනතුරින් ඉවත්කර ජනාධිපති කාර්යාලයට හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය වෙත එ බව ලිඛිතව දැනුම් දීමට කටයුතු කර තිබේ.

පසුගිය ජනපතිවරණ සමයේ ජනපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ සම්බන්ධයෙන් සිරිසේන-චමිලා පෙම් පලහිලවුවක් පතුරුවා මහින්දගේ ලැබෙන්න තිබුන ඡන්ද වලටත් කෙළීය යකඩ හොරෙකු ලෙස ප්‍රසිද්ධ,පසුගිය රාජපක්ෂ සමයේ ස්වාධින රූපවාහිනිය හිගමනයට ඇද දැමු සුදර්මන් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවා මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව පැසසිය යුතුමය මන්ද ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි වහාම ම තින්දුව ගන්නා ලෙසත් එම තින්දුව ගත් වහාම තමන්ව දැනුවත් කිරිමට කටයුතු කරන ලෙස දැනුම් දිම හරහාද ගෝඨාභය සිය මහත්මා ගතිය පෙන්වා තිබේ.

ජනාධිපතිතුමනි ස්වාධීන රූපවාහිනියේ (ITN) නාලිකාව මාධ්‍ය නාලිකාවක් ලෙස රටට,ජනතාවට බරක් නොවි පවත්වාගෙන යෑමට නම් අනිවාර්යයෙන් කලයුතු කරුණු කිහිපයක් තිබේ. එනම් ITN අපි සහ ස්වාධීන රූපවාහිනි සුරකිමු නමින් ව්‍යාජ ලෙස සංවිධාන පවත්වගෙන යමින් කැන්ටිමේ තේ බොමින්,කොස්ගහ යට ගංජා උරමින්, කාලය කා දමන එවුන් එක්කෝ එලව දැමිය යුතුය නැත්නම් ගැටගසා දැමිය යුතුය. අනිත් ගේම්කාරිය වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පාලන) සංජිවනී ඇපෑ….ය සිය බුරිය පෙන්වමින් ඔනෑම අයෙකු දැලේ දමා ගැනිමට සමත් වන ඇය ITN විනාශ කිරිමට මුලිකව කටයුතු කරන අයෙකි.

යකඩ සුදාගේ පැටිකිරිය පහතින් කියවන්න….

http://lankanewsnetwork.org/archives/20304

Published on: Jan 1, 2020 – ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනා අතර මතභේදයක් ඇති වුවහොත් ගෝඨාභය තම බලය පවත්වාගෙන යැමට හමුදාවෙන් සහය ලබා ගැනීමේ තත්ත්වයක් උදාවිය හැකි බවත් මේ වනවිට එම වටපිටාව සහතික කෙරෙන අනුමාන ක්‍රියාවන් සිදුවෙමින් තිබේන බව මහින්ද පිළෙ ප්‍රබලයන් අතර මේ වනවිට සාකච්ඡා වෙමින් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඔහුන්ගේ මතය වි ඇත්තේ එවන් තත්ත්වයක් ඇතිවුවහොත් බොහෝදුරට එය චීනයට බෙහෙවින් සමාන තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි.

මහින්ද රාජපක්ෂ පසුගියදා කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගෝඨා පිළේ ඇතැමුන් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මහින්ද පිළෙ ප්‍රබලයන් අතර සාකච්ඡාවක් පසුගියද පැවැත්වුනා.

ශ්‍රී ලංකාවේ සියලු දෙනා එකඟ වන්නේත් ප්‍රධාන බල කේන්ද්‍රය වන්නත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බවත් “මහින්ද ” යනු සම්පූර්‍ණ දේශපාලන icon එකක් බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන්ම මහින්දගේ පුර්ණ් පාලනයේ පැවැතිම හේතුවෙන් ජනාධිපතිවරයා පාලනය කර ගැනිමට හැකිවන බලය මහින්ද සතුව ඇති බවයි මහින්ද කණ්ඩායමේ මතය වි ඇත්තේ.

කෙසේ වෙතත්, 2020 දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී, මහින්දට අගමැති ධුරයට නැවත පැමිණීම සඳහා ගෝඨාභයගේ ජනප්‍රියත්වය අවශ්‍ය බැවින් ගෝඨාභය පිළ සමග අවබෝධක් සහිතව කටයුතු කලයුතු බවද එහිදි සාකච්ඡා වි තිබේ.

ගෝඨා පිල මහින්ද පිළෙන් ගේම ඉල්ලයි…

සිය සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද මෙහෙම හෝ වැඩක් කරන්නේ තමා අගමැතිධූරය දරන නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා අනුරාධපුර ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැදැක සිදුකළ සාකච්ඡාවේදී කල ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභයගෙ සමීපතම මිතුරා වන බොර්න් අගේන් කල්ලියේ පිල්ලිය වන නාලක ගොඩහේවා ස්ථාන කිහිපයකම සිදුකල ඇති බරපතල ප්‍රකාශයින් කිහිපයක් සම්බන්ධයෙන් මහින්ද පිළේ අවධානය යොමුව තිබේ.

19 වෙනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කර තිබේන බවත් මහ මැතිවරණය අවසන් වු වහාම 19 අහෝසි කර අගමැතිවරයා නිකන්ම නිකං නිකමෙකු බවට පත්කිරිමට සුදානම් බවත් එම සාකච්ඡාවේදි නාලක ගොඩහේවා දැඩි අවධානයෙන් පවසා තිබේ.

ගෝඨාගේ වියතුන් අවුලක….

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රථම ඉන්දිය නිළ සංචාරය තුලදි ඇතිකරගත් එකඟතා
සම්බන්ධයෙන් ගෝඨාගේ වියතුන් අතර දිර්ඝ වශයෙන් සාක වි ඇති අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා පාර්ලිමේන්තුවේ පුර්ණ සහය ලබා ගැනිමට ඉන්දිය රජයෙන් සහය ඉල්ලිමත් සමග ඉන්දියාවේ මැදිහත් විම් මේ වනවිට උග්‍ර අතට හැරිමෙන් තිබේන බවයි ඔහුන්ගේ මතය වි ඇත්තේ.

ද්‍රවිඩ ආධිපත්‍යය ඇති උතුරු පළාත නුදුරු අනාගතයේ දී “ඉන්දියානු ආධාරයෙන්” රටේ සෙසු ප්‍රදේශවලින්
වෙන්වීමට තරම් විශාල හිසරදයක් බවට පත්වනු ඇති බවට සැකයක් සමස්ත් ශ්‍රි ලංකාව තුලම පැතිරි ඇති බවත් එය මහ මැතිවරණයකදි ද්‍රවිඩ ඡන්ද සදහා පමණක් නොව සිංහල මධ්‍යස්ථ ඡන්ද සදහාද දැඩි බලපැමක් එල්ල කරනු ඇති බවයි ඔහුන්ගේ මතය වි ඇත්තේ.

දෙමළ ආධිපත්‍යයෙන් යුත් කලාපයෙන් ජනාධිපතිවරයාට ලැබුණේ ඡන්ද 12.27% ක් පමණක් වන අතර 82.2% ක ඡන්ද ප්‍රතිශතයක් සජිත් ප්‍රේමදාස වෙත හිමිවු අතර ඒ අනුව මෙම කලාපය එක්සත් ජාතීන් විසින් නියම කර ඇති පරිදි ස්වයං නිර්ණ අයිතිය ක්‍රියාත්මක කර වෙනත් රටක් සමඟ ඒකාබද්ධ වීම එනම් ඉන්දියාව උතුරු පළාත “මහා තමිල්නාඩුවේ” කොටසක් බවට පත් කර ගැනිම සදහා මෙහෙයුම් දියත් වන බවද එහිදි අනතුරු අගවා තිබේ.

මෙම සන්දර්භය තුළ, උතුරු පළාතේ අගනුවර වන යාපනයේ නව ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ඉදිකිරීම සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කිරිම සහ දැනටත් – චෙන්නායි සහ යාපනය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිම යම් භීතියක් ඇති කිරිමට සමත්ව ඇති බව වියතුන්ගේ අදහස වි ඇත්තේ.

කෙසේවෙතත් ඉන්දියාවේ එවැනි කිසිදු සැලසුමක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ අඛණ්ඩතාව වෙනුවෙන් කැපවී සිටින බවත් දිල්ලියේ ආරංචි මාර්ග සදහන් කර තිබේන බව අප ජාත්‍යන්තර දේශපාලන වාර්තාකරු සදහන් කළා.

Published on: Dec 31, 2019- සුපිරි සාප්පු හා නිවාස සංකීර්ණයක් සදහා අක්කර තුනක භූමි භාගය අත්‍යන්ත හිමිකම් යටතේ   සිංගප්පූරුවේ පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගමට (Perennial Real Estate Holdings) ටෙන්ඩර කැදවිමකින් තොරව ඩොලර් මිලියන 43 කට බදු පදනම මත විකුණා දැමිම පසුපස ඇරිකානු ඩොලර් මිලියන 100ක අතයට ගනුදෙනුවක් සිදුව තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.ඒ උව රටෙ ඉඩමේ වටිනාකමට වඩා දෙගුණයක් රාජපක්ෂලා කප්පම් ගෙන තිබේ.

ගිවිසුමට අනුව බදු පදනම මත විකුණා දැමිම් හරහා සාමාන්‍ය අයිතිකරුවෙකුට නොලැබෙන අත්‍යන්ත හිමිකම් හිමිවන අතර එම ප්‍රදේශය තුල සිදුවන කිසිදු ක්‍රියාකාරකමට බදු දෙන්නාට බලපෑම් කිරිමට නොහැක.

කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රි-ලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙලෙස මෙම සමාගමට ලබා දී ඇති අතර ඇ.ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් මහල් 30 ක වාණිජ කුලුනක් ඉදිකිරීමට යෝජිත අතර නව නිවාස ඒකක 700 ක්ද ස්ථාපනය කෙරේ.මීට අමතරව සිල්ලර සහ ආහාර වෙළෙඳසල් සඳහාද ගොඩනැගිල්ල තුළ ඉඩකඩ පවතින බව එම කොන්දේසියේ සදහන්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල්, ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස, අදාළ සමාගමට ආයෝජන කටයුතු සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පසුගියදා අනුමැතිය ලබගත් අතර කැබිනට් මණ්ඩලයේ කිසිවෙකුත් එම විකුණුම්කරණය දැක නොමැති බව මේ වනවිට අනාවරණය වි අවසන්.

අදාළ ඇරිකානු ඩොලර් මිලියන 100ක මුදල සිංගප්පූරුවේ Bank of China හි ගිණුමකට කොටස් වශයෙන් තැන්පත් කිරිමට එකඟතාව ඇතිකරගෙන තිබේන අතර අදාළ ගිණුම A K Mudiyanse යන නාමය ඇති පුද්ගලයෙකුගේ වන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.එම මුදල් තැන්පතු ආරම්භ කර ඇත්තේ මේ වසරේ නොවැම්බර් මස සිට බවයි දැනට ලැබෙන ආරංචි මාර්ග තහවුරු කර ඇත්තේ.

කවුද මේ A K Mudiyanse … ගැන සියලු තොරතුරු බලාපොරොත්තු වන්න …..

ආරක්ෂිත බැංකු ඇති රටවල් 10 අතර සිටින සිංගප්පූරු බැංකු අඩු බදු සිට විශාල පොලී අනුපාත දක්වා වත්කම් ආරක්ෂාව දක්වා විශාල වාසි රැසක් ලබාදෙන අතර සිංගප්පූරුවේ බොහෝ විදේශීය බැංකු කටයුතු කිසි විටෙකත් රටට ඇතුල් නොවි මෙහෙය විය හැකි විම විශේෂත්වයක්.

බහු වාර්ෂික දේපල වෙළඳාම් හෝල්ඩින්ග්ස් (Perennial Real Estate Holdings ) සිංගප්පූරුවේ මූලස්ථානය හා ලැයිස්තුගත කර ඇති ඒකාබද්ධ දේපල වෙළඳාම් සහ සෞඛ්‍ය සේවා සමාගමක් වන් අතර දේපල වෙළඳාම් හිමිකරුවෙකුට අයත් වන අතර 2018 වසරේ ජනවාරියේ අධ්‍යක්ෂක මණ්ඩල තින්දුවකට අනුව පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම ඇතිකර ශ්‍රී ලංකාවේ හවුල් ව්‍යාපාරයකට අවතීර්ණ වී තිබේ.

ප්‍රොපර්ටීස් ලිමිටඩ්, ශ්‍රී ලංකාවේ සංස්ථාගත සමාගමක් වන අතර ඉතිරි කොටස් දේශීය හවුල්කරුවෙකු ඇතුළු වෙනත් පාර්ශවයන් විසින් දරනු ලැබේ ඒ අනුව Perennial Real Estate Holdings Properties විසින් ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් සඳහා ආයෝජනය කරමින් සිටි.PREH Properties හි බහු වාර්ෂික 40% ක කොටස රු. මිලියන 200 ක් (දළ වශයෙන් ඩොලර් මිලියන 1.49 ක්) වේ.

සංවර්ධකයෙකු සහ කළමනාකරුවෙකු ලෙස, බහු වාර්ෂික මහා පරිමාණ මිශ්‍ර-භාවිත සංවර්ධනයන් කෙරෙහි උපායමාර්ගිකව අවධානය යොමු කරන අතර චීනය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව සහ ඝනාව යන රටවල විශාල වශයෙන් ඉඩම් මිලදි ගැනිමට පෙළඹී සිටින මෙම සමාගම

සිංගප්පූරුවේ, කැපිටල් සිංගප්පූරුව, CHIJMES,AXA Tower, TripleOne Somerset, Chinatown වැනි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය සහ ඕකිඩ් පාර භූමියේ පිහිටි ප්‍රමුඛතම දේපල සඳහා බහු වාර්ෂික ආයෝජනය කර කළමනාකරණය කර කරන අතර සෞඛ්‍ය සේවා සේවා හිමිකරුවෙකු, ක්‍රියාකරුවෙකු සහ සැපයුම්කරුවෙකු වශයෙන් චීනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන චිනයි සමග දැඩි සම්බන්ධයක් පවත්වාගෙන යන සමාගමකි.

රටේ ජනතාවගේ භූමියේ අයිතිය විදේශ සමාගම් වලට සින්නක්කරව ලබාදෙමින් රටේ සම්පත් විකුණන ආණ්ඩුව ජධ මාධ්‍ය (හිරු,දෙරණ, ITN,SLRC,SLBC,බාස්කරන් කම්බස් කල ස්වර්ණවාහිනීය ) මාධ්‍ය මගින් දේශප්‍රේමය ගැන ව්‍යාජ ප්‍රතිරූපයක් මවා පෙන්වන්නේ රට විකුණාගෙන කෑවත් රාජපක්ෂලා නම් අනුමත කරන ලෙස ජනතාව පොළඹවමිනි.

පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම විසින් මෙම යෝජනාව 2018 දී වසරේදි එවකට තිබුන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ඉදිරිපත් කල අතර මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යැමට එවකට රජය ගත් උත්සහය ව්‍යාර්ථවුයේ එවකට විපක්ෂය(වත්මන් රජය) එල්ල ල දැඩි විරෝධය හේතුවෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර 2018 අගෝස්තු මාසයේදී එවකට පැවති සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරාවික‍්‍රම එම ව්‍යාපෘතියම මෙහෙයවීම පිළිබඳව විවේචනය කළ අතර මෙම ඉඩම සඳහා රජයේ තක්සේරුව පර්චසයකට රුපියල් මිලියන 12.5 ක් බවත් රජය බදු දීමට බදු දීමට ටෙන්ඩර් කැඳවූයේ නම් මෙම ඉඩම, ඔවුන්ට වඩා හොඳ මිලක් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි.

Published on: Dec 31, 2019- රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ව (Russian Foreign Minister Sergey Lavrov) 2020 ජනවාරි 14 වන දින කොළඹ සිදුකිරිමට නියමිත හදිසි සංචාරයේ අරමුණ රුසියානු ඇවන්ගාඩ් හයිපර්සොනික් මිසයිලය මෙහෙයුම් (Avangard hypersonic missile) පද්ධතිය ක්‍රියාත්මක කිරිම සදහා ලංකාවේ පිහිටි ජාත්‍යන්තර යුධමය වශයෙන් වැදගත් උතුරු පළාතේ සහ දකුණේ ප්‍රදේශයක් පිළිබඳව සාකච්ඡා කිරිමට බව මේ වනවිට අනාවරණය වි ඇති බව අප ජාත්‍යන්තර විශේෂ වාර්තාකරු අනාවරණය කරනවා.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ව 14 දිවයිනට පැමිණිමට නියමිත අතර එහිදි ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම්වරයා සමග සaජු සාකච්ඡා පැවැත්විමට නියමිතයි.පසුව ඔහු 15 වැනිදා ඉන්දියාව බලා යන අතර චීනය, රුසියාව සහ ඉරානය දින හතරක නාවික අභ්‍යාසයක් පැවැත්විමට අදාළව සහය ලබා ගැනිමට බවද මේ වනවිට අනාවාරණය වි තිබේ.

~~උල්කාපාතයක්” සහ “ගිනි බෝලයක්” Avangard hypersonic missile~~

රුසියානු ඇවන්ගාඩ් හයිපර්සොනික් මිසයිලය(Avangard hypersonic missile) ශබ්දයේ වේගයෙන් 27 ගුණයකින් වේගයෙන් ගමන් කල හැකි අතර එය 2018 සිට රුසියාව විසින් නිර්මාණය කරමින් සිටි නව පරම්පරාවේ න්‍යෂ්ටික මිසයිල සමූහයට අයත් ප්‍රබලම අවිය වේ.

අත්හදා බැලු  Avangard hypersonic missile ය …..

“උල්කාපාතයක්” සහ “ගිනි බෝලයක්” හා සමාන කර තිබේන ශබ්දයේ වේගයෙන් 27 ගුණයකින් වේගයෙන් ගමන් කල හැකි Avangard hypersonic missile යට කිලෝමීටර 6,000 ක් (සැතපුම් 3,700) කින් යුත් දුරක පිහිටි ඉලක්කයකට පහර දිය හැක.

අවධානයට – 2018 අප්‍රේල් 20 දින නිකුත් කරන ලද එක්සත් ජනපද කොන්ග්‍රස් පර්යේෂණ සේවා (CRS) වාර්තාව,දකුණු චයිනා මෝනිං පෝස්ට් (2017), එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (2015), එස්රි (2016) සහ ඩිලෝර්ම් (2016) වෙතින් දත්ත භාවිතා කර සකස් කරන ලද වාර්තාවට අනුව ප්‍රධාන ඉන්දු-පැසිෆික් බලශක්ති හා වෙළඳ මාර්ගය හම්බන්තොට හරහා වැටි ඇති අයුරු.

ඒ අනුව කිසිදු වගවිභාගයකින් තොරව මුහුදක් ගොඩකර,ගල්කඩමින් හම්බන්තොට වරායක් ඉදිරිකිරිමට රාජපක්ෂලා කටයුතු කලේ මන්ද? 2015 ජනපතිවරණ සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හම්බන්තොට වරාය ගිණුමෙන් ඩොලර් මිලියන 7.6ක් ලබාදිම,එය තවදුරටත් පවත්වාගෙන යෑම සදහා සංවර්ධනයට මුවාවෙමින් රනිල් වික්‍රමසිංහලා කටයුතු කලේ මන්ද? එය තවදුරටත් රහස්ක් නොවනු ඇත.

2021දි එකම ද්විපාර්ශ්වික න්‍යෂ්ටික අවි සීමා කිරීමේ ගිවිසුමත් අවසන්!

ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර 1987 INF ගිවිසුම මගින් සීතල යුද්ධයේ අවසානය ගෙන ඒමට ද්විපාර්ශ්වික පාර්ශ්වයන්ට මිසයිල හා දියත් කිරීම් 2500 කට වඩා ඉවත් කිරීමට හැකි වුවද 2014 සිට ඇමරිකාව රුසියාවට අනුකූල නොවන බවට චෝදනා කළේය.

යුරෝපයේ මිසයිල ආරක්ෂක පද්ධති සකස් කිරීම සම්බන්ධයෙන් රුසියාව ඇමරිකාවට දොස් පවා පැවරු අතර පසුව මාස හයක අත්හිටුවීමකින් පසු 2019 අගෝස්තු 02 දින සිට බලපැවැත්වෙන පරිදි එක්සත් ජනපදය අතරමැදි පරාස න්‍යෂ්ටික බලකායේ ( INF) ගිවිසුමෙන් විධිමත් ලෙස ඉවත් වී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර ඉතිරිව ඇති එකම ද්විපාර්ශ්වික න්‍යෂ්ටික අවි සීමා කිරීමේ ගිවිසුම වන 2001 දී බලාත්මක වූ නව ස්ටාර්ට් ගිවිසුම(New START Treaty) ද 2021 දී අවසන් වේ.

ඇස්තමේන්තුගත ගෝලීය න්‍යෂ්ටික යුධ උපකරණ ඉන්වෙන්ටරියට අනුව (estimated Global Nuclear warhead inventories) ඇමරිකා එක්සත් ජනපදනය 6185ක් නිර්මාණය කරද්දි රුසියාව 6490කට උරුමකම් කියයි.චිනයට තවමත් ඇත්තේ 290ක ප්‍රමාණයකි.

Estimated Global Nuclear warhead inventories

මාර්තු 2019 නව START ප්‍රකාශය: අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 524 ක්, සබ්මැරීනය දියත් කළ බැලස්ටික් මිසයිල සහ උපායමාර්ගික බෝම්බ හෙලන යානා 524 ක් මත උපායමාර්ගික යුධ හිස් 1,461 ක් යොදවා ඇත.

මේ අතර, සීතල යුද්ධ බලවතුන් අතර ද්විපාර්ශ්වික ගිවිසුම්වලට යටත් නොවූ චීනය සිය මිසයිල ධාරිතාව වේගයෙන් පුළුල් කළ අතර අද වනවිට දකුණු ආසියානු කලාපයේ චීනයේ උපායමාර්ගික සහකරු ලෙස පාකිස්තානය බිහි වී තිබේ. 2015 දී ප්‍රකාශයට පත් කරන ලද චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝරය (The China-Pakistan Economic Corridor (CPEC)) ඉන්දියාවේ බටහිරට වන්නට චීනයේ China’s Belt and Road Initiative (BRI) ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් වැඩ ප්‍රමාණයක් සිදුකරමින් සිටි.

මේ අතර චීනය සිය බලවත්ම සන්නිවේදන චන්ද්‍රිකාව නව බලවත් රොකට්ටුවකින් දියත් කිරීම සිකුරාදා ලොව පුරා හමුදා විශ්ලේෂකයින්ගේ අවධානයට ලක් විය. මේ අතරතුර, චීනය සහ රුසියාව ඉරානය සමඟ ඉන්දියානු සාගරයේ සහ ඕමාන් බොක්කෙහි පාකිස්තානයට නැගෙනහිරින් පිහිටි ප්‍රදේශ වල නාවික අභ්‍යාසවල නිරත විම ජාත්‍යන්තර යුධ විශ්ලේෂකයින්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. චීනය සහ රුසියාව විසින් සිදුකරන ලද තාක්‍ෂණික ‘දියුණුව’ සහ තීරණාත්මක නිරායුධකරණ ගිවිසුම් වලින් ඉවත්වීම ඉන්දීය සාගර කලාපයේ (IOR) මිලිටරීකරණය තීව්‍ර කරනු ඇත.

CBC News Avangard hypersonic missile ගැන කල වාර්තාව…

Published on: Dec 28, 2019 වැනිදා අනාවරණය කල රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්වගේ සංචාරය..

Exclusive: රුසියාව,ගෝඨා සමග අතයට ගනුදෙනුවක! හැංගිමුත්තන් උදයංග යලිත් කරලියේ… රුසියානු විදේශ අමාත්‍ය 14 දිවයිනට! උතුරේ ප්‍රදේශ රැසක් ගැන සාකච්ඡාවක්!

Published on: Dec 30, 2019- මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සුදුවෑන් සංස්කෘතියක් තිබූ බවට සාක්ෂි තමන් සතුව ද තිබෙන බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමභාහු පවසනවා.සමසමාජ නායකයා පෙන්වා දෙන්නේ සුදුවෑන් සංස්කෘතියක් නොව එය විකෘතියක් බවයි.

එවකට කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර මහතාට හදිසි ස්ථාන මාරුවක් ලැබී කුරුණෑගලට යාමට සිදු ව‍ූයේ ද මහින්ද රාජපක්ෂලාගේ සුදුවෑන් භීෂණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වූ නිසා බව ද වික්‍රමභාහු කරුණාරත්න මහතා පෙන්වා දෙයි.

දෙමළ ජාතිකයෙකු පැහැරගෙන ගිය අවස්ථාවේදී ඔහු‍ගේ සහෝදරියක එම පැහැර ගැනීම සම්බන්ධයෙන් තමා දැනුවත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව එවකට කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කළ බව කරුණාරත්න මහතා පෙන්වා දෙයි. එම දැනුවත් කිරීම මත පූජිත් ජයසුන්දර මහතා වහා මැදිහත් වී අදාල පැහැර ගැනීම සිදුකළ පුද්ගලයන් සොයා ගත් බවත්, එහිදී ආරක්ෂක හමුදා සාමාජිකයන් ඇතුළු පිිරිසක් අදාල පැහැර ගැනීම සිදුකර තිබූ බව අනාවරණය වූ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් ඉහළින් පැමිණි නියෝගයක් මත අදාල හමුදා සාමාජිකයන් පිරිස නිදහස් කිරීමට පූජිත් ජයසුන්දර මහතාට සිදු වූ බව පෙන්වා දෙන කරුණාරත්න මහතා වැඩිදුරටත් පවසන්නේ ඊට පසුදිනම නියෝජ්‍ය පොලිස්පතිවරයා කුරුණෑගල ප්‍රදේශය වෙත මාරුකර යැවූ බවයි.

එජාප පාලන සමයේදී දකුණේ සිංහල තරුණයන් අතුරුදන් කිරීමට විරෝධය පළ කරමින් කතරගම දක්වා පාද යාත්‍රා ගිය මහින්ද රාජපක්ෂ මහතාට සිංහල නොවන දෙමළ හා මුස්ලිම් තරුණයන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ තැකීමක් නැති බවත්, නැවතත් සුදුවෑන් විකෘතිය ක්‍රියාත්මක වීමේ අවදානමක් මතුව ඇති බවත් සමසමාජ නායකයා පෙන්වා දෙයි.

Top