පසුගිය කාලයේ මෙරට වේගයෙන් ව්‍යාප්ත වූ මැර භික්ෂු නිකායේ එක් පාර්ශ්වයක ප්‍රධානයෙක් වන අම්පිටියේ සුමන නම් හිමිනම විසින් වෙනත් ආගමක පුද්ගලයෙකුට පහර දෙමින් අඩන්තේට්ටම් කරන වීඩියෝවක් නිකුත් කර තිබේ. නීතිය අතට ගැනීමේ මැර භික්ෂු සම්ප්‍රදාය දැන් පටිගත කර සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීමට නිර්භීත වන තරමට ඉතිර පැතිර තිබේ. අප ජීවත් වන්නේ ලිඛිත ව්‍යවස්ථාවකින් සම්පාදනය කළ නීති ක්‍රියාත්මක කෙරෙන ශිෂ්ට සමාජයක දැ යි දෙවරක් සිතා බැලීමට සිදු වන තත්වයක් උද්ගත වී තිබේ. මේ පොළා පනිමින් තිබෙන්නේ පසුගිය කාලය පුරා කිසිදු නීතියකින්-රීතියකින් තොරව ඔජ වැඩූ සිංහල බෞද්ධ අන්තවාදයේ කූටප්‍රාප්තිය යි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත්වන්නේ නම් ප්‍රචණ්ඩ බෞද්ධත්වය කරළිගත වනු ඇතැ යි සමහර දෙනා කළ ප්‍රකාශයන් ඉතා ඉක්මනින් සත්‍යය බවට පත් වෙන ලකුණු දකින්නට තිබේ. එහි අලුත් ම ලකුණ ලෙස අසන්නට ලැබෙන්නේ ගේට්ටු ඇණයේ සිට අභ්‍යවකාශ විද්‍යාව දක්වා ඕනෑ ම දෙයක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් තබා සිය අදහස පළ කරන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නම් හිමිනමට සංස්කෘතික අධ්‍යක්ෂ ධුරයක් ලබා දීම යි. පසුගිය රාජපක්ෂ රජය සමයේ ද විමල් වීරවංශ අමාත්‍යවරයා යටතේ පැවැති නිවාස අමාත්‍යංශයේ වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් මෙකී හිමියන්ට චෝදනා එල්ල වූවා පමණක් නොව ඔහු නායකත්වය දුන් සංවිධානය ද ගිණිය හැක්කේ අන්තවාදී ආගමික සංවිධානයක් ලෙස ය.

දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් උක්ත ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ලියූ කෘතියක් මැදගොඩ අභයතිස්ස හිමිනමගේ දැඩි විවේචනයට බඳුන් වූ අතර ඒ මැදිහත් වීම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සමාජ ජාල පරිශීලකයන් අතින් විවේචනයට ද ලක් විය. පුරවැසියන්ගේ ලෞකික ජීවිතයේ සකලාංශයන්ට ආගමික සංස්ථාවේ නොමනා මැදිහත්වීම් සම්බන්ධයෙන් අප මෙයට කලින් ද බහුල වශයෙන් ලියා තිබේ. ඕනෑම ආගමික සංස්ථාවක් රටෙහි මූලික නීතියට ගරු කරමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරෙන් පැවතිය යුතු ය. කවරෙක් හෝ සිය ආගමික සංස්ථාවේ මූලික නියාමයන් පවා උල්ලංඝනය කරමින් හැසිරෙන්නේ නම් එය ආගමික වශයෙන් විසඳා ගැනීම ඔවුන්ට බාර දිය යුතු ය. එසේ ම කවර හෝ ආගමික සංස්ථාවකින් රටේ මූලික නීතිය උල්ලංඝනය වන්නේ නම්, ලංකාව ශිෂ්ට රටක් නම් සිදු විය යුත්තේ වෙනස් ආකාරයකින් සැලකීමකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමයි. එය මිනිසුන්ට තුච්ඡ ලෙස පහර දෙන මහණුන්ට සේ ම ආරක්ෂිත හිස්වැසුම් රහිතව යතුරු පැදි ධාවනය කරන පූජයකයන්ට ද එකසේ බලපැවැත්වෙන එකක් විය යුතු ය. කවර හෝ ආගමික සංස්ථාවකට තමන්ට අසාධාරණයක් වනනේ යැ යි හැඟෙන්නේ නම් බාහු බලය යෙදවිම නොව කළ යුත්තේ නීතියේ පිහිට පැතීම යි.

පළමු නිදහස් උළෙලේ ද ද්විභාෂාවෙන් ගායනය වූ ජාතික ගීය මෙවර සිංහලෙන් පමණක් ගැයෙන බවක් අසන්නට තිබේ. ඒ අවුඅස්සේ අසන්නට දකින්නට ලැබෙන්නේ ද පෙර සඳහන් කළ ආකාරයේ සිදුවීම් ය. සිදුවීම් දිගින් දිගට ම සිදුවෙන්නේ මෙලෙස නම් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ප්‍රතිපක්ෂයෙන් ඉදිරිපත් කළ පුරෝකථන ඉතා ඉක්මනින් යථාර්ථයක් වනු දකිත හැකි ය.

– සඳුන් ප්‍රියංකර විතානගේ-

Published on: Dec 28, 2019- රාජපක්ෂ පාලනය යටතේ කොළඹ නගර සභාවට අයත් සම්පත් කොල්ල කමින් අතයට ගණුදෙනු රැසකට සම්බන්ධ බවට සාක්ෂී සහිතව රාජ්‍ය සේවා කොමිසමේ පරීක්ෂණ වලින් පවා පිලිගත් රාජපක්ෂ චෞරවාදි භද්‍රානි ජයවර්ධන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ගෝඨාභයගේ හොරු නැති රාජ්‍ය සේවයට පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර කර ඇති අතර, රජයේ උසස් තනතුරු
ගණනාවක්ම හොබවා ඇති ඇය අවසන් වරට කොළඹ නාගරික කොමසාරිස් ධූරය හොබවමින් සිටියදී 2015 මහමැතිවරණයෙන් පසු එම තනතුරෙන් ඉවත් කර බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අනියුත්ක කර වසර පහක කාලයක් කිසිඳු රාජකාරියක යොදවා නොතිබු අයෙකි.

රාජපක්ෂ පාලනය යටතේ කොළඹ නගර සභාවේ සිදුවූ අක්‍රමිකතා මෙහිදී විශේෂයෙන් සඳහන් කළ හැක.
කොමසාරිස් ධූරය දැරූ කාලයේ එකවර නිල නිවාස තුනක් පරිහරණය කර ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ල විය. එසේම භද්‍රානි ජයවර්ධන කොමසාරිස් ධූරය දරන ලද කාලයේ මීතොටමුල්ල කුණුකන්ද, බ්ලු මැන්ඩල් කුණු කන්ද පවත්වාගෙන යාමේදී කසළ ඉවත් කිරීම පිළිබඳ කොළඹ මහ නගර සභාව විසින් විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය නොකරනු ලැබීම සහ විසඳුම් ලෙස ඉදිරිපත් කරන ලද යෝජනා නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධ ව්‍යාපෘති කොන්ත්‍රාත් ලබාදීමේදී සිදුවූ අක්‍රමිකතා ගැන වාර්තා විය.

2008 වසරේ සිට 2014දක්වා කොළඹ මහ නගර සභාවේ බලය සියතට ගෙන කටයුතු කල භද්‍රානි දූෂිත ජාවාරම් කරුවන් කීපදෙනෙකුගේ පාරාදීසයක් බවට පත් කල බව නොරහසකී.කොළඹ අක්‍රමවත් ලෙස රාජපක්ෂලාගේ කළු සල්ලි වලින් ඉදිකෙරුණු නිවාස සංකිර්ණ රැසක පසුපස භද්‍රානී කල වැඩ කොටස එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය හොදින්ම දනී.

කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය ලෙස කටයුතු කල සමයේ භද්‍රානි සහ බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර අලෙවි මව්ලානාගේ පුත් නකීඞ් මව්ලානා අතර පැවැති සම්බන්ධය කිසිවෙකුටත් නොරහසක් වන අතර නකීඞ්ගේ බුරියානි සහ තවත් දේවල් වලට භද්‍රානී වහ වැටි සිටියෙය.

නකීඞ්ගේ බුරියානි භද්‍රානිට කොතරම් රස වැටී සිටියේද යන්න එවකට කොළඹ නගර සභාවේ විශේෂ
කොමසාරිස් ඕමාර් කාමිල්ගේ හෝ කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ නියෝග තුට්ටුවකටවත් මායිම් නොකර කටයුතු කිරිමට පවා ඇය පෙළඹී සිටියා.

ඇයගේ තනි කැමත්තට කිසිදු ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකර කම්කරුවන් සිය ගණනක් කොළඹ නගර සභාවට නීත්‍යානුකූල නොවන ආකාරයට බඳවා ගැනීම සඳහා භද්‍රානි ජයවර්ධන කටයූතු කල අතර පසුව එම සේවකයන්ට වැටුප් ගෙවිම පවා සිය කැමත්ත මත සිදුකල් ඇය දෛනික රාජකාරි සඳහා බදවාගත් එම සේවකයන් අභ්‍යාස පොතක පැමිණීමේ සහ පිටවීමේ වේලාවක් සලකුණු කර ඉදිරිපත් කර අතිකාල ලබා ගැනිම සදහා ක්‍රමයක්ද හදුන්වා දුන් මහජන මුදල් කබාසීනියා කල චෞර ගැහණියකි.

Published on: Dec 27, 2019- උතුරු මැද විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානය නම් වූ ඊනියා රාජ්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන නිල තල සියල්ල ම නිලධාරිවාදය තුළ අගතැන්පත් උතුරුමැද පලාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් අතරත් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් අතර බෙදී ගොස් ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පසුගිය කාලය පුරාවටම ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීමේ කූට නාටකයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ මෙම අනුරාධපුර විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සාමාජිකයන් වන ඊනියා රාජ්‍ය නිලධාරීන් , ගෝඨාගේ බලයෙන් වියරු වී යකා නටමින් සිටි.

එහිදී ප්‍රධාන තැනක් ගන්නේ උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම් වරයා වන HMP බණ්ඩාර(H.M.P.Bandara) වැඩ කරන වේලාවන්වලදී දාන මාන ආදිය සඳහා රාජ්‍ය නිලධාරීන් සහභාගි කරවා ගන්නා ඔහු, ඔහුගේ උපන් දිනය වෙනුවෙන් මුළු පළාත් සභාවම වැඩ නතර කොට රාජකාරි වෙලාවේ රුවන්වැලිසෑය අසල ධර්මදේශනාවක් පවා පැවැත්වීමට පසුගිය කාලය තුළ කටයුතු කල අයෙකි.

ගෝඨා බලයට පත්වීමෙන් පසු හවස 2 ත් -3 ත් අතර කාලය තුළ මද පමනට දාගන්න මොහු ඉතා අසෝබන ලෙස කාර්යාලය තුලත්, නිල නිවස තුළත් හැසිරෙන්නට පටන් ගෙන ඇති අතර එම නිසා ඔහු විසින් ලබා දෙනු ලබන තීරණ ද මහා විකෘති ස්වභාවයක් දක්නට ලැබේන බව උතුරු මැද පළාත් සභාවේ නිළධාරීන් පෙන්වා දෙනවා.

පොහොට්ටුවට බලය හිමි නගර සභාව විසින් කුණු දැමීමට යොදා ගන්නා ලද කිරික්කුලම කොළඹ ප්‍රදේශයේ කුණු දැමීම වළක්වා අධිකරණය විසින් පනවනලද තහනම් නියෝගයක් ( MC/22376/කිරික්කුලම කුණු නඩුව ) සමඟ අනුරාධපුර කුණු බැහැර කිරීම මේ වන විටත් අක්‍රමවත් වී තිබේන නමුත් උතුරු මැද පළාත් සභාව සභාවේ සේවකයන් හට ඔහු විසින් නියම ගණනාවක් කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් පනවා ඇත .

එනම් තමන් රැගෙන එන කෙසෙල් කොලේ, පත්තර කොලේ සිට ,ඉතිරිවන ආහාර ද නැවත නිවසට රැගෙන යා යුතුය. මේ නිසා රාජ්‍ය සේවකයින් බහුතරයක් මෙන් ම, ආපන ශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයින් ද මහත් අපහසුතාවයට පත් වී සිටි.

ඊට හේතුව වි ඇත්තේ උතුරු මැද පළාත් සභාවේ පිරිසුදු කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇති සමාගම හා ඇති කරගත් එකඟතාවක් මත ඇති වූ අත යට මුදල් ගනුදෙනුවක් හේතුවෙන් පිරිසිදු කිරිමේ කාර්යය සදහා ප්‍රමාණවත් සේවකයන් යේදවිමට අසමත් විමයි.

ප්‍රධාන ලේකම්වරයා පත් වීමෙන් පසු උතුරු මැද පළාත් සභාවේ මහජන සේවයේ ඉතා පහළට වැටී ඇති අතර ඒ සම්බන්ධයෙන් උතුරු මැද මහජනයා විශාල කලකිරීමකට ලක්ව සිටි.

කොළඹ අවට ඇති කාර්යාල වලට කඩා පනිමින්,කඩේ යමින් මාධ්‍ය සංදර්ශන වල නියැලෙන ජනාධිපතිතුමනි හැකිනම් නොදන්වා උතුරු මැද පළාත් සභාවට ගොස්, ඔබ වෙනුවෙන් අමිල සේවයක් කළ මෙම නිලධාරීන් රාජකාරි කරන ආකාරය සම්බන්ධයෙන් දැඩි තීන්දු ගෙන පෙන්වන මෙන් මෙම අභියෝග කර සිටිමු.

Published on: Dec 26, 2019 – රටේ ප්‍රශ්ණ වැලකි. හාල් ගන්න කඩේට යන ජනතාවට මේ දිනවල දෙවියන්ගේ හාල් පෙනෙන්නට පටන්ගෙන තිබේ. එලවලු ගැන කතා කරන්න දෙයක් නැත. ළූනු කනවා තියා ඒ දෙස බලන්නටවත් ජනතාවට බැරිය. “දැන් ළූනු කියද ” කියා අහන්නට මහින්ද ලොක්කා පන්සල් යන්නේද නැත. 69 ලක්ෂය අන්නකොරොස් වි සිටි. අන්නකොරොස් වි සිටින ජනතාවට හිරු සහ දෙරණ නිළියන් කියන බඩුකැලි වල ජංගි කොට පෙන්වන්නට පටන්ගෙන තිබේ. නමුත් ජනතා විරෝධය වසන්නට තරම් ඒ ජංගි කොට සමත්ව නැත.

ඒ නිසාම වන්නට “විපත්මඟ”, “බඩ එළිය” වැනි සංවිධාන නිර්මාණය කර දැන් ජනතාව හමුවේ කියා ගන්නට දෙයක් නැතිව නිරුත්තරව සිටින කණ්ඩායම් ජනතාවට විවිධ බයිලා කතා ජනතාවට කියමින් සිටි. “හතේ අපේ පොත” යන ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබාදෙන පොත තහනම් කල යුතු බවට අඬබෙර  ගසමින් සිටි. ඒ හරහා මෙම චෞර චීවරධාරින් උත්සහ ගනුයේ ගෝඨාභය රාජපක්ෂ වැඩබැරි විරුවා නිසා ජනතාවගෙන් එල්ල වන චෝදනා වසා ගැනිමටය.

කවුද මේ අභයතිස්ස චෝරවාදියා…

පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරස්‌ථානාධිපති ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නාහිමියන් පන්සලේ ලිදට තල්ලු කර කිසිදු අයිතියක් නොමැති පන්සලට අයිතිය කියු අභයතිස්ස චෝරවාදියා ගෝඨාභයගේ ආශිර්වාදයෙන් බොරලැස්ගමුවේ කඩ කාමර 30 කින් යුතු සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදිකර ගත් අතර පන්සලේ සහ ආදායම් ලබන පන්ති කාමර සියල්ලම හමුදාව යොදවා සාදාගත් අයෙකු වේ.

මෙම ගොඩනැගිලි යුධ හමුදාවේ සම්පත් භාවිතා කොට ඉදි කළ බව නොකියන්නේ ඔහු පමණි. මීට අමතරව පැපිලියානේ තවත් ගොඩනැගිලි රාශියක් ගෝඨාභයගේ උදව් උපකාර ඇතිව රජයේ මුදල් වැයකර ඉදිකර ඇත. මෙම උදව් උපකාරවලට ණය ගෙවීමට අභය තිස්ස චෝරවාදී කාස මුණ්ඩකයා පසුගිය ජනාධිපතිවරණයේදි බෞද්ධාගමට මුවා වී ගෝඨාභය ප්‍රවර්ධනය කිරීමේ කාරියේ නියැලී සිටි අයෙකි.

ළමා ලිංගික අධ්‍යාපණය ගැන කෑ මොර දෙන අභය තිස්ස නිතර නිතර ප්‍රංශය බලා යන්නේ ඇයිද යන්න සොයා බැලුවහොත් චිවරයද ගලවා දැමිමට සිදුවන බව නියතය.(ඒ පිළිබඳව විස්තර බලාපොරොත්තු වන්න)මැතිවරණ නීතිය බල්ලට දමා විහාරස්ථානවල දේශපාලන රැස්වීම් තියමින් මැතිවරණ කොමසාරිස්ටත් තර්ජනය කල මැදගොඩ අභය තිස්ස මේ වනවිට ගෝඨාභයට උපදෙස් දෙන උපදේශක සභාවේන්ද දොට්ට වැටි අවසන්.

“හතේ අපේ පොත”  තහනම් කළ යුතුද..?

මැදගොඩ අභය තිස්ස හාමුදුරුවනේ ඔබ වහාන්සේලා දේශපාලනය දඩමීමා කරගෙන මේ පොත තහනම් කරන්න කියලා ඉල්ලන්නෙ මොන පදනමින්ද..?අන්න ඒ පදනම රටට පැහැදිලි කිරිම වැදගත් වේ, ජාතිවාදී,අන්තවාදි කදවුරේ හිමිනමක් ලෙස ලිංගික කුහකයෙකු විමත් පුදුමයට වියයුතු නැත.

ලිංගික අධ්‍යාපනය නිසි වයසේදී දරුවන්ට ලබා නොදීමේ විපාක අප ඕනෑතරම් දැක තිබේ. අසා තිබේ. එය වයස් බේදයකින් තොරව නිවසේ සිට පන්සලේ බණ මඩුව් දක්වාම අප දැක තිබේ. ඒ නිසාම ලෝකයේ බොහෝ රටවල මෙන්ම කළ යුත්තේ මේ පොත තහනම් කිරීම නොව මේ පොත ඉගැන්වීම සඳහා ගුරුවරුන් පුහුණු කර පුහුණු ගුරුවරු පාසල් වලට යොමුකිරීමය.

නිසි ලෙස ලිංගික අධ්‍යාපනය ලබා නොදීමෙන් කුතුහලය නිසාවෙන්ම ලිංගික අසහනකාරී පුද්ගලයන් සමාජයට බිහිවෙන අතර එය ජාතිය,ආගම හෝ වෙනත් කරුණක් නිසා වෙනස් නොවන බව නොරහසකි.

විශේෂයෙන්ම මේ සමාජයේ පුද්ගලයන් ගැහැණු දරුවන්ව ලිංගික ක්‍රියා වලට නම්ව ගන්නෙ කෙසේද යන්න දනුම නිසි ලෙසම ලබාදිය යුතුය.තමන්ගේ අල්ලපු ගෙදර ජීවත් වන අයියා, මාමා, සීයා දිහා සැකයෙන් බලන්න නෙවෙයි නමුත් බුද්ධිමත්ව ඔවුන්ව නිරීක්ෂණය කර ඔවුන්ගේ අභිලාෂය දරුවාට හදුනාගත හැකි දැනුම මෙන්ම ඔවුන් යම් වරදකාරී දෙයකට තමන්ව පොළඹවා ගන්න උත්සහ කරනවා නම් එයින් මිදී පළා යාමට අවශ්‍ය දැනුම දරුවන්ට ලබාදිය යුතුය.

සදාචාරය, ආගම ගැන මළු ගණන් පොර ටෝක් දෙන ඔබවහන්සේට මේ දේත් පවසන්නම්. ඔය කියන තරමේ ශාසනමාමකකමක් තිබේ නම්  ඔබවහන්සේ මුලින්ම කළ යුත්තේ ගෝඨාභය වෙනුවන් ඔබත් එක්ක කරට කර සිටි, සමන්තා චක්ක වාලේසු කියා දෙවියන්ට ආරාධනා කොට ගෑනුන්ගේ ඇදුම් ගැන, ඇවිදීම ගැන, දොර මුළු අස්සේ නාඩගම් ගැන, ෆෙස් බුක් ගැන ගොන් ජෝක් කියමින් ගැලරියේ උපාසක අම්මලාට බණ යන නමින් වල් පල් හෑලි දොඩවන කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ බණ ය. ඒ බණ අසන්නට පැමිණෙන මිනිසුන්ට හෝ දෙවියන්ට ඒ බනේ සත පහක ගන්නට දෙයක් නැත. ගිහි ජීවිතය සම්බන්ධව භික්ෂූන් වහන්සේ නමක් හැසිරෙන ආකාරය නොදන්නේ නම් අමතක වී ඇත් නම් ලොකු බණ පොත් කියවීමට වෙලාව නැත්නම් ධම්ම පදයේ වග්ග ටික කියවා ගන්නයැයි ඔබවහන්සේට මතක් කරන්නටද කැමැත්තෙමි.

අභය තිස්ස චෝරවාදියා… පොතේ අඩංගු කරුණු ගැන කියන කතාව ඔබත් අහන්න…

පොතේ තියේන දේ මොනවාද? කියවන්න ….

Published on: Dec 24, 2019- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 ජනවාරි 3 වන දින රාජාසන කතාවෙන් පසුව පාර්ලිමේන්තුව යලි කල් තැබීමේ සූදානම මේ වනවිට හකුලාගෙන ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්විමත් සමග අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්කලද දින 52 දි කුජිත වු අයුරු මතක් වු රාජපක්ෂලා පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිකම නිසාම පාර්ලිමේන්තුව වාර අවසන් කල අතර රනිල්ගේ පක්ෂ නායක අර්බුදය විසදා ගැනිමට කාලය ලබාදිමත්,මහා බැංකු බැදුම්කර හොරු බේරා ගැනිමට මෙන්ම බහුතරය සාදා ගැනිමේද මෙහි අරමුණ වි තිබුනා.

ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පාර්ලිමේන්තුව වාර අවසන් කළ අවස්ථා 43 ක් පවතින අතර අවසන් වරට පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමක් සිදුකළේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ නීති විරෝධී ආකාරයට අගමැති ලෙස නම්කරමින් අපකීර්තිමත් ඔක්තෝබර් කුමන්ත්‍රණය සිදුකළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.

ඒ අනුව අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබන 03 වැනිදා පෙරවරුවේ විවෘත කිරීමෙන් පසු එදිනම දින ප.ව 01.00 සිට ප.ව 06.00 දක්වා පාර්ලිමේන්තුව යලි රැස්වීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගනු ලැබුවේ ගරු කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී වන අතර ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ පාර්ලිමේන්තුව යලි කල් තැබිමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය උත්සහ කලහොත් එක්සත් ජාතික පෙරමුණ් සතු බහුතර බලය භාවිතා කිරිමට සිදුවන බව දැනුම් දිමත් සමගයි.

දේශපාලන පලිගැනිම්,අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ඉහල යෑම වැනි ජනතාව මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව රැස්වීම අත්‍යවශ්‍ය බවත් එය ජනතාවගෙන් වසන් කිරිම සදහා පාර්ලිමේන්තුව යලි කල් තැබිමට කුමන්ත්‍රණය කලහොත් දින 52 ව්‍යවස්ථා කුමන්ත්‍රණය පැරදවූ ආකාරයටම මෙහිදී බහුතර බලය යොදාගන්නා බවයි.

ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය උදෑසන 10ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප.ව 12.30 ට පක්ෂ නායක රැස්වීමක් කැදවීමට නියමිත අතර, එහිදී, 2020 ජනවාරී 07 දින සිට සභාවේ කටයුතු සිදුවන ආකාරය පිළිබද අවධානය යොමු කිරීම‍ට තීරණය වී තිබේ.

එදින පාර්ලිමේන්තු රැස්වීමේදි විවාදයට ගනු ලබන විෂයන් ඉදිරියේදී දැනුම්දෙන බව ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මෙම රැස්වීමට සහභාගී වූ පක්ෂ නායකයන් සඳහන් කර තිබේ.

එහිදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීම සහ කථානායකතුමා විසින්
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ලෙස නිල වශයෙන් නිවේදනය කිරීම, මුලාසනයේ වෙනත් නිවේදන ඉදිරිපත් කිරීම අනුපිලිවෙලින් සිදු කිරිමට තීරණය විය.

රජයේ ප්‍රධාන සංවිධායක හා සභානායක තනතුරුවලට සාමාජිකයින් නම් කිරීමද මෙහිදී සිදුකිරීමට නියමිතය.

Sajith Premadasa,Gotabaya Rajapaksa,Mahinda Rajapaksa,Ranil Wickremesinghe

Published on: Dec 24, 2019 – ඉදිරි මහා මැතිවරණය සදහා මුහුණ දෙන අකාරය මෙන්ම මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ මුහුණ දි සිටින අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා වියත්මග සහ එළිය සංවිධානයේ ප්‍රබලයන්ගේ දෙවන හමුව පසුගියදා පැවැත්වු බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මහාචාර්ය නලින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සදහා චන්න ජයසුමන,සීතා
අරබේපොල,කමල් ගුණරත්න,ගෙවිදු කුමාරතුංග යන අය එම අවස්ථවට එක්ව තිබේ.කෙසේවෙතත් කිසිදු ස්වාමින් වහන්සේ කෙනෙකු කැදවා නොතිබිම විශේෂත්වයක්.

මහා මැතිවරණයේදි බොහෝවිට පොහොට්ටුව ලකුණින් බැසිල්ගේ නායකත්වය යටතේ තරග කිරිමට සිදුවන බවත් ඒ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ වටා ඇති බලය ගිලිහෙමින් තිබේන බව එහිදි සාකච්ඡාවට ලක්ව ඇති අතර මහ මැතිවරණය සදහා බැසිල්-මහින්ද යටතේ පොහොට්ටුවෙන් තරග කිරිමට තිරණය වුවහොත් වියත් මග සහ එළිය සංවිධාන නියෝජනය කරමින් නාමයෝජනා ලබාදිමට හැකියාව නැති වනු ඇති බවද සාකච්ඡා වි තිබේ.

කෙසේවෙතත් ගෝඨාභයගේ නායකත්වය යටතේ පොහොට්ටුවෙන් හෝ වෙනත් සන්ධානයකින් තරග කරන්නේ නම් එම කිසිදු පක්ෂයක සාමාජිකත්වය නොගෙන ඉදිරි මහමැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් විය යුතු බව ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලිම වි තිබේන බව ඔහුගෙ හිතවතිය වන සීතා එම සාකච්ඡාවෙදි අවධාරණය කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තිකයෝ හා හිටපු හමුදා නිලධාරීහු පිරිසක් මෙලෙස ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් කිරිමට මේ වනවිට කටයුතු සුදානම් කර තිබේන බවත් සෑම දිස්ත‍්‍රික්කයකින්ම අපේක්ෂකයන් දෙදෙනා බැගින් එලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර ආචාර්ය නාලක ගොඩහේවා, මිලින්ද රාජපක්ෂ, අජිත් නිවාඞ් කබ්රාල් , ආචාර්ය චරිත හේරත්, චන්න ජයසුමන,සීතා අරබේපොල,ගෙවිදු කුමාරතුංග ඇතුළු වියතුන් යැයි කියන පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සaජු මැදිහත්වීම මත ඉදිරිපත් කිරිමටද නියමිත බව ඇය එහිදි පෙන්වා දි තිබේ.ඒ අනුව ගෝඨාභය වෙනුවෙන් නවක මන්ත්‍රීවරුන් අවම වශයෙන් 60ක් පාර්ලිමේන්තුවට යැවිම ඉලක්කය බවද ඇය සදහන් කර තිබේ.

පොහොට්ටුවේ විරෝධය…

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිතවත් වියත් මග සංවිධානයේ සාමාජිකයන් කිසිදු පක්ෂයක සාමාජිකත්වය නොගෙන ඉදිරි මහමැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටීම පිළිබඳව එම සන්ධානයේ පක්ෂ නායකයන් අතර විරෝධයක් මතුවී තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂ සාමාජිකත්වයක් නැතිව අපේක්ෂකත්වය ලබාදුන් නමුත් මහමැතිවරණයේදී පක්ෂ සාමාජිකත්වයක් නැති පුද්ගලයන්ට අපේක්ෂකත්වය ලබාදීමට තම සන්ධානයේ දේශපාලන නායකයන් රැසකගේ කැමැත්තක් නැති මහින්ද පිළේ ප්‍රබලයෙකු සදහන් කර තිබේ.

සන්ධානයක නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී විධිමත් ක‍්‍රමවේදයක් තිබෙන බවත් විවිධ පක්ෂ සතු බලය අනුව නාමයෝජනා බෙදී යා යුතු බවයි ඔහු සදහන් කර ඇත්තේ.

වියතුන්ගේ පලමු හමුව….

http://lankanewsnetwork.org/archives/21751

Gotabaya Rajapaksa

Published on: Dec 23, 2019- යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක සිරකරුවන් විසින් නිර්මාණය කර තිබූ චිත්‍රයකට අදාළව ප්‍රතිමා තුනක් එම ස්ථානයේ ස්ථාපිත කිරීමට යාමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්ගේ බලපෑම් මත එම ස්ථානයෙන් ඉවත් කළ බව යාපනය පොලිසිය සදහන් කරනවා.(ඡායාරූප සියල්ලම පහතින් බලන්න )

පෙරේදා (21) මෙම සිද්ධිය සිදුවී ඇති අතර තාප්පයේ ඇඳ තිබූ චිත්‍රයට අදාළව සංඝමිත්තා තෙරණිය, මිහිඳු හිමියන් හා කාවන්තිස්ස රජුගේ ප්‍රතිමා තුනක් මෙහි නිර්මාණය කර තිබිණි.

සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා උතුරට අවශ්‍ය නොවන බවත්, වහාම මේ ප්‍රතිමා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසද කියමින් මන්ත්‍රීවරයා ඇතුලු පිරිස එම ස්ථානයේ නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා බන්ධනාගාර නිලධාරීන් එම ප්‍රතිමා ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම පිළිමය අඩි 5 ක උසකින් යුත් සිරකරුවෙකු විසින් ඉදිකරන ලද්දක් වන අතර ඊයේ බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන ලද පිළිමය අද බන්ධනාගාර ගොවිපලේ තැන්පත් කිරිමට කටයුතු කලද එල්ල වු විරෝධතා හමුවේ එය එතැනින්ද ඉවත්කර බන්ධනාගාරයේ පසුපස දෙබොක්කාවකට විසීකර තිබේ.

උතුරේ අප විශේෂ වාර්තාකරු සදහන් කළේ සිවාජිලිංගම්ගේ තර්ජන හමුවේ පොලිසිය සහ හමුදාව අසරණ වි බලා සිටි බවත් එම සිදුවිම සම්බන්ධයෙන් උතුරේ හමුදා ප්‍රධානින් සහ පොලිස් ප්‍රධානින් දැනුවත් කලද මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් එයට දක්වා නොමැති බවයි.

මේ අතර බන්ධනාගාරයෙන් පිටත වීදියේ බෞද්ධ සංකේත ඉදිකිරීමට දැඩි විරෝධයක් එල්ල විය. යාපනයේ මහ නගර සභාවේ සාමාජිකයින් සහ සාමාන්‍ය ජනතාව අද පෙරවරුවේ රැස්ව සිටියහ.

කෙසේවෙතත් සිවාජිලිංගම් දමිල මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ තමා කිසි විටෙකත් බුද්ධාගමට හා තමා දේශනා කළ පූජනීය බුද්ධාගමට විරුද්ධ නොවන නමුත් දෙමළ ප්‍රදේශවල අනවශ්‍ය ලෙස සිදුකරන සිංහල බෞද්ධ ප්‍රචාරයන් දැඩි ලෙස හෙළා දකින බවත්, ඊට විරුද්ධ බවත් ය.

පසුගිය නොවැම්බර් 26 වන දින දෙමළ ඊලම් ජාතික නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ 65 වන උපන්දිනය සැමරීමට මහාවිරු (Tamil Eelam Heroes Day)වැඩසටහන් 91ක් එම්.කේ. සිවාජිලිංගම් විසින් උතුරේ සංවිධානය කර තිබු අතර එය ඉතිහාසයේ පැවැත්වු වැඩිම මහවිරු වැඩසටහන් ගණනද වේ.නමුත් ඒ කිසිවක් පාලනය කිරිමට ගෝඨාභයගේ ආරක්ෂක වැඩපිළිවෙළට හැකියාව ලැබුනේ නෑ.

දෙමළ මාධ්‍ය අදාළ සිද්ධිය වාර්තාකර තිබු අයුරු…

http://lankanewsnetwork.org/archives/21722

Published on: Dec 23, 2019 – කළු දශකයේ සුදුවෑන් සම්බන්ධයෙන් සිදුකල අනාවරණයන් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්නගේ මාධ්‍ය ලේකම්වරයෙකු කටයුතු කල සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු රටින් පැන ගොස් ඇති බව වාර්තා වේ.

හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න විසින් සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාලව තමාව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස අපේක්ෂිත ඇප අයදුම්පතක් අගෝස්තු 19 වනදින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලා සිටි අතර එයඅගෝස්තු 20 වනදින කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් යළි සලකා බලා ප්‍රතික්ෂේප කල අතර හිටපු ඇමති රාජිත නැවත යළිත් එදින ඇප අයදුම්පතක් ඉදිරිපත් කරද්දී ඔහුගේ මාධ්‍ය ලේකම් රටින් පලාගොස් ඇති බව මේ වන විට රහස් පොලිසිය මගින් අනාවරණය කර තිබේ.

සුදුවෑන් රියදුරන් රහස් පොලිස් ප්‍රශ්න කිරිම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ව වේශනිරූපනය කිරීමේ සිට ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීම දක්වා සියලු කටයුතු කරන ලද්දේ මාධ්‍ය ලේකම් එම්.අයි.ජේ. විජේනායක නොහොත් මලිත් නැමත්තා විසිනි.

ඒ අනුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වද්දී හෙළිව ඇත්තේ ඔහු මේ වනවිට රටින් පලාගොස් ඇතිබවයි.ඔහුගෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකි බව රහස් පොලීසිය සදහන් කරයි. එම නිසා ඔහු මේ වන විටපළාගොස් ඇති රට පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය සදහන් කරයි.

ඒ අනුව රහස් පොලිස් නිලධාරීන් විසින් මලිත් විජේනායකගේ නිවස කිහිපවිටක් පරික්ෂා කොට ඇති අතර විජේනායකගේ දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කර තිබේ.මොහු රාජිත සේනාරත්නට එරෙහි ප්‍රබල සාක්ෂි කරුවෙකු බැවින් ඔහුව කෙසේ හෝ අත්අඩංගුවට ගතයුතු බවට ඉහලින් උපදෙස් ලැබී තිබේ.

මීට පෙරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් UN General Assembly සදහා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට යන අතරතුර කටාර් ගුවන් තොටුපලේදී තම පවුලේ ඥාතින් ඇතුළු හිත මිතුරන් රැගෙන යන ඡායාරූප මාධ්‍යයට නිකුත් කල චෝදනා ඇතුළු මාධ්‍ය හරහා විවිධ දේශපාලඥයන් පිළිබද හෙළිදරව් කල නිසා ඔහුට විවිධ චෝදනා එල්ල වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වේ.

රාජපක්ෂ රජයට විරුද්ධ වන පුද්ගලයන් මෙන්ම මාධ්‍යවේදීන් මර්ධනයකිරීමේ කටයුතු රහස් පොලිසියට හා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පවරා තිබේ.

Published on: Dec 23, 2019 – සජිත් ප්‍රේමදාස එජාප නායකත්වයට පත් කිරීම වැළැක්වීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ,කථානායක කරු ජයසූරිය එක්ව අලුත් කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

එජාපයේ අර්බුදයක් ඇතිව තිබෙන බව සඳහන් කරමින් ඉදිරි මහ මැතිවරණ සටන මෙහෙයවීම සඳහා මේ වනවිට ඇතිව තිබෙන බෙදීම වළක්වා පක්ෂය ජයග්‍රහණය කරවීම උදෙසා කටයුතු කළ හැකි නායකයා ලෙස කරු ජයසූරිය ඉස්මතු කිරීමට රනිල් දරන උපායශීලී වෑයමට ද හරහා එම කුමන්ත්‍රණය දියත් කරමින් සිටි.

සජිත්ට විපක්ෂ නායකත්වය ලබාදීමට කැමැත්ත පළ කර ඒ බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ලිඛිතව කථානායක කරු ජයසූරිය වෙත දන්වා යැවුවද ජනවාරි 03 වැනිදා පාර්ලිමේන්තුව රැස්වනතුරු සජිත්ට විපක්ෂ නායකයා ලෙස පිළිගැනීමට බලා සිටිය යුතු බවට කථානායකවරයා නිකුත් කළ නිවේදනයත් දෙසැම්බර් 12 වැනිදා රැස් වූ ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායකයා ලෙස සහභාගිවීමේ අවස්ථාව සජිත්ට ඇහිරී යැමත් හරහා කරූද රනිල්ගේ කුමන්ත්‍රණයේ කොටසක් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණයේදී එජාපයේ අගමැති අපේක්ෂකයා වීමට නම් විපක්ෂ නායකත්වය පමණක් නොව එජාප නායකත්වයද අවශ්‍ය බව සජිත් පැහැදිලිවම ප්‍රකාශ කර තිබියදී ඒ සඳහා ඇති මඟ අහුරමින් රනිල් වික්‍රමසිංහ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සජිත්වාදින් සුද්ධ කිරිම සදහා මෙහෙයුමක් දියත් කර ඇති අතර් දෙසැම්බර්31 වැනිදායින් පසු එම අවස්ථාව රනිල්ට හිමිවිමට නියමිතයි.

ඒ අනුව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රනිල් වික්‍රමසිංහට පක්ෂ නායකයා ලෙස පැවරී ඇති බලතල අනුව පත් කළ සජිත්ට පක්ෂපාතීව කටයුතු කරන සභිකයන් 20 දෙනාගෙන් අතිබහුතරයක් ඉවත් කිරිමට කටයුතු සුදානම් කර තිබේ.

දෙසැම්බර් 31 වැනිදා වනවිට එජාප කෘත්‍යාධිකාරියේ නිල කාලය අවසන් වන් අතර වික්‍රමසිංහට යළිත් තමන්ට අවනත 20 දෙනකු ඊට පත් කර සජිත්ට එරෙහිව කටයුතු කිරීම අඛණ්ඩව සිදු කිරීමේ මඟ සකසමින් සිටින බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.ඒ අනුව පාර්ලිමේන්තුවේ කල්දැමිම සදහා ගෝඨාභය,මහින්ද එක්ව දියත් කල කුමන්ත්‍රණය සදහා රනිල්ගේ දායකත්වය ලැබිමට මෙයද ප්‍රධානතම හේතුවක් වි තිබේ.

අහිමිවන විපක්ෂ නායකත්වය!

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මෙන්ම පාර්ලිමේන්තු කණ්ඩායමේ ඒකමතික අනුමැතියකින් තොරව එක්සත් ජාතික පක්ෂයේ කිසිදු වගකීමක් භාරගැනීමට තමන් කිසිවිටෙක සූදානම් නොමැති බව කථානායක කරු ජයසූරිය එජාප නායකයාට දන්වා තිබේන බවට පලවන වාර්තාද මෙම කුමන්ත්‍රණයේම කොටසකි.

විපක්ෂ නායකකම නමට දුන්න රනිල්ගේ ගැට මෙන්න … පාර්ලිමේන්තුව 3 වෙනිදාටත් ඇරියා වැහුවා… මහින්ද-ගෝඨා-රනිල්-සාගල කුමන්ත්‍රණ වලින් එජාපයට කුමක් වේද? යනුවෙන්( Published on: Dec 9, 2019) අප කල අනාවරණය මේ වනවිට තවදුරටත් තහවුරු වි තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ නව සැසිවාරය 2020 ජනවාරි මස 03 වැනිදා පෙ.ව. 10.00ට ආරම්භ කිරීමට නියමිත අතර

එදින ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් රාජාසන කතාව සිදුකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළි කල් දැමීමට ක්‍රියා කරනු ලබන අතර එදිනට සජිත්ගේ නම විපක්‍ෂ නායක ලෙස නිවේදනය කිරීමට ඇති අවස්ථාව කථානායකවරයාට අහිමි වි යනු ඇත.

http://lankanewsnetwork.org/archives/21910

Published on: Dec 22, 2019 – ඒ ගමන විද්වතුන් කියන කොටසකුත් කියල වාසනාවන්ත පොහොට්ටුව ලකුණෙන් ම මහා මැතිවරණය තරග කරන්න ඕනෙ කියලා. විද්වතුන් වාසනාව ගැන විශ්වාස කරනව කියල මා දැන හිටියෙ නැහැ. මා නම් විද්වතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මට තියෙන ලොකුම ශක්තිය එයයි. මා තර්කය ගැනවත් විශ්වාස කරන්නෙ නැහැ. මා තර්ක කරන බව ඇත්ත. ඒත් ඇත්ත කියල දෙයක් නැහැ. මා බෞද්ධයෙක්. බුදුහාමුදුරුවො කාළාම සූත්‍රයෙහි දේශනා කළේ යමක් තාර්කික වූ නිසාවත් පිළිගන්න එපා කියල. අද ඉන්න බුද්ධිමතුන් උගතුන් කියන අය යමක් තර්කානුකූල නම් පිළිගන්නවා.

ඒත් එතැනදි කරුණු දෙකක් බලපානවා. එකක් ඔය විද්වතුන් කියන්නෙ ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් වූ තර්කය වීම. එය නිවැරදිය කියල දන්නෙ කොහොම ද? ලෝකයේ තවත් න්‍යාය තියෙනවා. ඒ න්‍යාය සියල්ල ම, ඇරිස්ටෝටලීය න්‍යාය ද ඇතුළුව කිරල බලන්නෙ කොහොම ද? අපි ඇරිස්ටෝටලීය න්‍යාය තෝරා ගන්නෙ කිනම් න්‍යායක් මත ඉඳලා තර්ක කරලා ද? එ න්‍යාය ඇරිස්ටෝටලීය න්‍යාය ද? එහෙම නම් ඒක විද්වතුන් නොවන ගැමියන්ගෙ බසින් නම් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වැඩක් වෙනවා. විද්වතුන් නොවන සියල්ලන් ම ගැමියන් වන්නෙවත් ගැමියන් නොවන සියල්ලන් ම විද්වතුන් වන්නෙවත් නැහැ. ඕන ම නම් ඇරිස්ටෝටලීය න්‍යාය මත පදනම් වෙලා අර වෙන් රූප සටහනක් ඇඳල බලන්න. මා එහෙම කියන්නෙ කුලකවාදය පිළිගන්න නිසා නො වෙයි. පඬියන්ට වැඩක් දීම සඳහා.

තර්කය ගැන තවත් කතාවක් කියන්න තියෙනවා. ඕනෑම තර්කයක් පටන් ගන්න වෙන්නෙ යම් උපකල්පනයක් මත පදනම් වෙලා. ඒ උපකල්පනය මත පදනම් වෙලා ඇරිස්ටෝටල් යොදා ගෙන නිගමනවලට ඒම තමයි කෙරෙන්න. ඇරිස්ටෝටල්ගෙ න්‍යාය හරි කියල හිතමු. එතකොට අර මුල් උපකල්පනය ගැන මොකක් ද කියන්නෙ. ඒක නිවැරදිය කියල සහසුද්දෙන් ම දන්නව ද? ඒක දැන ගන්න සුද්දෙක්ගෙන් අහනවා ද?

අපට අද ඕන කරන්නෙ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ශක්තිමත් ආණ්ඩුවක් හදල දෙන්න. මා හිතන්නෙ ඔහුටත් ඒක ඕන කියලා. ඔහුට ඕන නැති වුනත් වැඩේ අල්ලල දාන්න මා කැමති නැහැ. ඒක මගේ කැමැත්ත. ඕන නම් හේතු දෙන්න පුළුවන්. ඒත් ඒ හේතුත් හේතු රහිත නැහැ. එහි කෙළවරක් නැහැ. යමකට කැමති නැහැ කියන්නෙත් කැමැත්තක් තමයි. අපි මේ ශක්තිමත් ආණ්ඩු කතාවෙන් පටන් ගනිමු.

ශක්තිමත් ආණ්ඩුවක් වෙන්න ඉස්සෙල්ල ම මන්ත්‍රීවරුන් 113 දෙනකුවත් ඉන්න ඕන. සුළුතර ආණ්ඩු හදන්නත් පුළුවන්. ඒත් ඒවා අස්ථිරයි. කතානායකත් විරුද්ධ පක්‍ෂෙන් පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ විපක්‍ෂය එ ජා ප නිසා. විපක්‍ෂය පොහොට්ටුව හරි ශ්‍රී ල නි ප හරි විපක්‍ෂය වුනොත් සුළුතර ආණ්ඩුවක් පවත්වා ගෙන යන්න පුළුවන්. එය තර්කයක් නො වෙයි. අත්දැකීමක්. මා අර නිරික්‍ෂණය වගේ වචන පාවිච්චි කරන්න කැමති නැහැ. ඒවා අර විද්‍යාත්මක ව හිතන පඬියන්ගෙ වචන. මට නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් පමණයි. 2015 ජනවාරියෙ රනිල් පිහිටෙව්වෙ සුළුතර ආණ්ඩුවක්. ඒත් ඊනියා ඒකාබද්ධ විපක්‍ෂෙ ඒ ආණ්ඩුව වට්ටන්න කිසි දෙයක් කෙළේ නැහැ. නිකමට විශ්වාසභංග යෝජනාවකවත් ගෙනාවෙ නැහැ.ජ වි පෙ ගෙනාවෙත් නැහැ.

ඔය පඬියන්ගෙ අවිශ්වාසයට බඳුන් වන මෛත්‍රිපාල 2018 ඔක්තෝම්බරයෙ මහින්ද අගමැති කෙරුව. ඒත් ඒ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් වුනා. ඒක බහුතර ආණ්ඩුවක් කරන්ම බැසිල් රාජපක්‍ෂ කටයුතු කෙළේ නැහැ. ඔහු රිෂාඩ් බද්‍යුද්දීන්ගෙ පක්‍ෂය දුර්වල කරන්න අකමැති වුන බවයි කියැවෙන්නෙ. කොහොම හරි ජ වි පෙ දුව ගෙන ගිහිල්ල විශ්වාසභංගයක් ගෙනාවා. කතානායක නියම ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස විශ්වාසභංගෙ පිළිගත්තා. ඒ දවස්වල ස්විට්සර්ලන්ත තානාපතිත් පාර්ලිමේන්තු ආව කියල මහින්ද කියා තිබුණා.

2020 මැතිවරණෙන් පස්සෙ පොහොට්ටුව ශ්‍රී ල නි ප නැතිව තරග කරලා සුළුතර ආණ්ඩුවක් හැදුවොත් ඒකට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම වළක්වන්න බැරි වේවි. ඒත් දැන් “තර්කයක්” ගෙනේවි ශ්‍රී ල නි පක්‍ෂය නැතිව තරග කළත් පොහොට්ටුවට 113ක් නොවෙයි 150ක්, ඒ කියන්නෙ තුනෙන් දෙකක් ගන්න පුළුවන් කියල. පොහොට්ටුවට පළාත් පාලන ආයතන මැතිවරණයෙදි ලැබුණෙ 40%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. එදා ලැබුණු ඡන්ද මත පදනම් වෙලා දිස්ත්‍රික් විසි දෙකෙ මැතිවරණ ප්‍රතිඵල ගණනය කරල මන්ත්‍රීවරුන් කී දෙනකු පොහොට්ටුවට ලැබේවි ද කියල බලන්න. ශ්‍රී ල නි පක්‍ෂයට හා එ ජ නි සංධානයට මන්ත්‍රීවරුන් කී දෙනකු ලැබේවි ද කියල ගණනය කරල බලන්න. ඒක තර්කයක් නොවෙයි. මා කියනවට ගණනය කරල බලන්න.

අනෙක් අතට ජනාධිපතිවරණයෙදි පොහොට්ටුවට ලැබුණු ඡන්ද මත පදනම් වෙලා මහා මැතිවරණයක දි ලැබෙන මන්ත්‍රි ධුර ගණනය කරල බලන්න. එය තුනෙන් දෙකට වැඩි වෙනවා ද? අඩු වෙනවා ද? ඒ කුමක් වුවත් පොහොට්ටුවෙ හා ශ්‍රී ල නි පක්‍ෂෙ සියල්ලන් ම එක ම වේදිකාවෙ දකින කොට ඒ ලැබෙන ඡන්ද ගණන අඩුවෙයි ද වැඩිවෙයි ද? ඒක තර්කයකින්වත් ගණනය කිරීමකින්වත් කියන්න පුළුවන් දෙයක් නො වෙයි. සම්භාවිතාවකට යටත් ව තමයි යමක් කියන්න පුළුවන්. .

දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. ශක්තිමත් ආණ්ඩුවක් කියන්නෙ අඩු තරමෙ 113කවත් ආණ්ඩුවක් නම්, වඩාත් ශක්තිමත් ආණ්ඩුවක් කියන්නෙ 150 ක ආණ්ඩුවක් නම්, ඒ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ ශ්‍රී ල නි ප හා සමහර විට අර ගිවිසුම් අත්සන් කරපු පක්‍ෂ හා සංවිධාන දහහතේ තවත් පක්‍ෂත් නැතිව පොහොට්ටුව තරග කළොත් ද නැත්නම් සියල්ල එකතු වෙලා පුටුවෙන් තරග කළොත් ද? ඒක කරල ම බලන්න ඕන කියල කවුරු හරි කියන්න පුළුවන්. කරල බලන්න ගිහින් 113ත් නැති වුණොත් මොන දෙයියන්ට කියන්න ද?

මට අරය විශ්වාස නැහැ මෙයා විශ්වාස නැහැ කිය කිය ඉඳලා හරියන්නෙ නැහැ. ඇතැම් ඇමතිවරුන්ට රාජ්‍ය ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන්ට තර්කත් බැහැ. ඇතැමුන් කියනව ජනාධිපතිවරණෙ දි 70%ක් ඡන්ද ලැබුණෙ නැත්තෙ ශ්‍රී ල නි ප පාවාදීම් නිසා කියල. ජනාධිපතිවරණයෙදි රටෙන් ම 70%ක් පොහොට්ටුවට ලෑබුණෙ නැත්තේ මුළු රටේ ම ඉන්නෙ සිංහලයන් පමණක් නොවන නිසා. මා කාලයට ලියූ ලිපිවල මේ සියල්ල කියලා ඇති. ජනාධිපතිවරණයෙ දි සිංහලයන්ගෙ ඡන්දවලින් නම් 70%ක් පමණ ලැබිල තියෙනවා. සිංහලයන්ගෙ ඡන්ද කියන්නෙ එකක් රටේ ම ඡන්ද කියන්නෙ තවත් එකක්. සිංහලයන්ගෙ ඡන්දවලින් පමණක් දිනන්න බැහැ කියපු අයට මා කියන කතා විශ්වාස නැහැ. මා කී කතාවකට අනුව කොහොම හරි මෛත්‍රිපාල විසින් මහින්ද අගමැති කෙරුණා. ඒ නිසා මෛත්‍රිපාල විශ්වාස කරන්න ඕන නැහැ. මට නම් දේශපාලනඥයන් කිසිවකු විශ්වාස කරන්න බැහැ. ඒ කියල මොනව කරන්න ද? සියමෙන් කා හරි ගේනවා ද? එහෙමත් නැත්නම් වංගයෙන් ගේනවා ද? ගෝඨාභය රාජපක්‍ෂ දේශපාලනඥයකු නොවේවා යනු මගේ පැතුමයි.

පොහොට්ටුවේ උද්ධච්ඡයන් ගෝඨාභය රාජපක්‍ෂ ද සාක්‍ෂියට ගෙන අත්සන් කළ ගිවිසුම් පිළිගන්න කැමති නැහැ. ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔවුන් කියන්නේ පක්‍ෂ නායකයන් සමග අත්සන් කළ ගිවිසුම් ගැන ඔවුන් වග නොකියන බවත් ඔවුන් සැලකිලිමත් වන්නේ ජනතාව සමග අත්සන් කළ ගිවිසුමක් ගැනත්. මොකක් ද මේ ජනතාව සමග අත්සන් කළ ගිවිසුම. මේවා කාව්‍යොක්ති පමණයි. පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව පොහොට්ටුවට දුන්නේ 40%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්‍ෂට ලැබුණු ඡන්ද සියල්ල පොහොට්ටුවට ලැබුණු ඡන්ද නොවන බව පමණක් පොහොට්ටු උද්ධච්ඡයන් දන්නවා නම් ඒකවත් රටට හොඳක් වේව්.

කාලෙකට පස්සෙ තුනෙන් දෙකේ බහුතරයක් ගැනීමේ අවස්ථාවක් උදාවෙලා තියෙනවා. මට පේන විධියට පොහොට්ටුවෙ උද්ධච්ඡයන් අරය ගැන මෙයා ගැන විශ්වාසයක් නැති බව කියමින් ගෝඨාභය රාජපක්‍ෂත් අත්සන් කළ ගිවිසුම් පැත්තකට දමමින් ඒ අවස්ථාව නැති කරන්න උත්සාහ කරනවා. ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවකට තුනෙන් දෙකේ බහුතරයක් අරන් දෙන්න කැමති නැති පාටයි. ඔවුන්ගෙන් ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂා කර ගන්න ඕන. ඔවුන්ට තියෙන්නෙ ගෝඨාභය රාජපක්‍ෂ පාවා දිල හරි තම අපේක්‍ෂකත්ව, මන්ත්‍රීකම් ආරක්‍ෂා කර ගැනීමේ වුවමනාව පමණයි.

මහාචාර්ය නලින්ද සිල්වා
-කාලය වෙබ් අධවිය-

Published on: Dec 21, 2019- දැඩි මතභේදයට තුඩුදී තිබෙන ‘මහබැංකු බැඳුම්කර සිද්ධියේ’ ප්‍රධාන සැකකරුවන් දෙදේනාගෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් විසින් පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් බිලියන් 1.5ක මුදලක් ලබාදිමට කටයුතු කර තිබේන බව මේ වනවිට අනාවරණය වි ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

අර්ජුන් ඇලෝසියස් යනු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අතර ඔහු සිංගප්පූරුවේ සිට මේ වනවිට යුරෝපා රටකට මාරුවි සිටි.පසුගිය ජනාධිපතිවරණයේදි කුප්‍රකට ව්‍යාපාරිකයන් රැසක් ගෝඨාභය වෙනුවෙන් මුදල් පොම්ප කල අතර ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති,දිලිත් ජයවීර,රේනෝ සිල්වා මෙන්ම අර්ජුන් ඇලෝසියස්ද එහි ඉදිරියෙන්ම සිටි අතර හිටපු ජනාධිපති සිරිසේන සමග ගණුදෙනු සදහා ඩඩ්ලි සිරිසේන මැදිහත්විම හරහාය.

එක් එක් පුද්ගලයා සල්ලි පොම්ප කර ඇත්තේ ඔවුනොවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කර බලයට පැමිණි වහා එම ප්‍රශ්න නිරාකරණය කර දෙන ලෙසට ගෝඨාභය රාජපක්ෂගෙන් ලබා ගත් පොරොන්දු මත වන අතර ඒ අනුව අර්ජුන් ඇලෝසියස් දුන් මුදලට අනුව ඔහුගේ ඉල්ලිම් ඉටුකිරිම සදහා පාර්ලිමේන්තු සැසිවාරය කල්තැබිම සිදුකිරිමට කටයුතු කල අතර ඒ හරහා සියල්ලටම වඩා COPE කමිටුව 2007සිට 2018 දක්වා කාලසිමාව තුල මහ බැංකු බැදුම්කර සම්බන්ධයෙන් විමර්ශන කිරිම සදහා තිබු අවස්ථාවද අහිමි වි ගිය අතර එම පරීක්ෂණ සිදුකල COPE කමිටුව පවා විසිරි ගියා.ඒ සදහා පක්ෂ නායකත්වය බේරා ගැනිමේ මෙහෙයුමක නිරතවි සිටින,අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති කර මහා බැංකුවට සුද්දය දිමට උදවු කල රනිල් වික්‍රමසිංහද සිටි බව නොරහසකි.

මේ පිළිබඳව තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න …

මේ වනවිට නිශ්ශංක සේනාධිපතිගේ දොළදුක සංසිදවා ගැනීම පිණිස පාඨලි චම්පික අත්අඩංගුවට ගෙන තිබෙන්නේ සාමාන්‍ය නීති ක්‍රියා පටිපාටියට පිටින් බව පාඨලි චම්පික වෙනුවෙන් පෙනි සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මාධ්‍ය වෙත කරුණු දක්වා තිබේ.

Loading…




http://lankanewsnetwork.org/archives/21831

http://lankanewsnetwork.org/archives/18010

Published on: Dec 19, 2019- කොළඹ අපරාධ කොට්ඨාසය විසින් බලහත්කාරයෙන් ඊයේ (18) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා අද (19) නියෝග කළා.

ඒ අනුව නීතිය නවන නීතිපතිවරයාගේ සහ රටට නායකත්වයක් දිමට තරම් කොන්දක් පණ නැති ගෝඨාභය රාජපක්ෂ ඇතුලු ඇතැමුන්ගෙ කුමන්ත්‍රණය මේ වනවිට දියත් ව ඇති අතර රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක කාලයක් සිරගත කර තැබිම ඔහුන්ගේ උපක්‍රමය වි තිබේ.

දැනටමත් නිගමනය කර ඇති නඩුව වෙනුවට දැන් ඔවුන් නව චෝදනා මාලාවක් ඉදිරිපත් කර තිබේන අතර  කලින් කළාක් මෙන් මෝටර් රථ ගමනාගමන පනත යටතේ ඔහුට චෝදනා කිරීම වෙනුවට දැන් පොලිසිය දණ්ඩ නීති සංග්‍රහය ක්‍රියාත්මක කර තිබේ. වර්තමාන චෝදනා සනාථ වුවහොත්, එවැනි වැරදි සිදුකිරීමේ ද දඩුවම  (punishment)වශයෙන් වසරක සිට අවුරුදු හතක් දක්වා ක්‍රියාත්මක කල හැක.

එය සාර්ථක වුවහොත්, කුමන්ත්‍රණකරුවන්ට පහසුවෙන්ම රණවකට ඔහුගේ සිවිල් අයිතිවාසිකම් ඉවත් කර දේශපාලනයෙන් සදහටම ඉවත් කළ හැකිය. ඔවුන් දැන් භාවිතා කරන දණ්ඩ නීති සංග්‍රහයේ

113A- කුමන්ත්‍රණය
329- බරපතල තුවාල කිරිම
400-වංචා කිරීම
190-බොරු සාක්ෂී ලබා දිම
198- සාක්ෂී අතුරුදහන් කිරිම
202-ව්‍යාජ අනන්‍යතාවක් ඉදිරිපත් කිරිම
102-අනුබල දිම

යන අසත්‍ය චොදනා යටතේ චොදනා ගොණුකර තිබේ.

2016 දී රාජගිරියේදි සිදුවු ඇත්ත 

2016 දී රාජගිරියේ සිදු විය. එවකට අමාත්‍යවරයාගේ අමාත්‍යංශයට අයත් වාහනයක් ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් ගමන් කළ මෝටර් පාපැදිකරුවෙකු විසින් හැප්පුනු අතර මෙම අනතුරේදී අමාත්‍යාංශයේ වාහනයේ පසුපස පැත්තට හානි සිදුවිය.

මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආර්. පොදු මාර්ගවල ගමන් කිරීම නීති විරෝධී වූ සීසී 1000 යතුරුපැදිය පැදවූ තරුණයාට 1500 / – ක දඩයක් නියම කරන ලදී.

එසේ වුවද, නික්ම යන ඇතැම් උනන්දුවක් දක්වන අංශවල මහජන විරෝධයට ප්‍රතිචාර වශයෙන්.

ඇමතිවරයා විසින්ම වාහනය පැදවූ අතර, ඔහු තම අමාත්‍යංශ බලතල තම වගකීමෙන් පැහැර හැරීම සඳහා යොදා ගත් බවටත් එල්ල වු චොදනා හේතුවෙන් එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට උපදෙස් දුන්නේය. එවැනි නියෝගයක් හේතුවෙන් රජයේ විශ්ලේෂකයින්ගේ වාර්තා කැඳවනු ලැබූ අතර ඒ අවට ඇති CCTV වාර්තා පොලිසිය විසින් එකතු කර අනතුරට ලක්වූ රියදුරු හඳුනා ගැනීම සඳහා මොරටුවා විශ්ව විද්‍යාලයට ලබාදි තිබේ. පසුව රජයේ විශ්ලේෂක වාර්තාව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබේ. අනතුර සිදුවන විට බයිසිකල් පැදවූ පුද්ගලයා කිලෝමීටර 70 ක වේගයෙන් ගමන් කළ බවත් වාහනය ගමන් කළේ කිලෝමීටර 17 ක වේගයෙන් බවත් වාර්තාවේ සඳහන් වේ.

මෝටර් රථ ගමනාගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෝටර් සයිකල් පැදවූ තැනැත්තා වැරදිකරු බව මහේස්ත්‍රාත්වරයා නිගමනය කල නමුත් හිටපු අමාත්‍යවරයාගේ රියැදුරාට දායකත්ව නොසැලකිලිමත්කමකින් තොරව ඔහු නිදහස් කළේය.

නමුත් දැන් පොලීසිය මහේස්ත්‍රාත්වරයාට දන්වා ඇත්තේ රු. 950,000 ක් අනතුරට ලක්වීම හේතුවෙන් රජයේ වාහනයට (පොදු දේපල) සිදුවී ඇති බවත්  එබැවින් ඔහුගේ අනන්‍යතාවය ව්‍යාජ ලෙස සකස් කළ හිටපු ඇමතිවරයාගෙන් පාඩුව අය කර ගත යුතු බවත් ය.

ආණ්ඩු වෙනස් වීමෙන් පසු, වර්තමාන රජය ඔවුන්ගේ බරපතල විරුද්ධවාදීන් ලෙස සලකන චම්පිකා රණවකට ගොදුරු වීමෙන් දේශපාලන වාසියක් අත්කර ගැනීම සඳහා අවසන් වරට උසාවි නඩුව උඩු යටිකුරු කර ඇති බව ඉතා පැහැදිලිය.

Top