Published on: Dec 18, 2019- බලහත්කාරයෙන් අත්තඩංගුවට ගත් ජාතික හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක හිරකර ගැනිම සදහා බොරූ චොදනා රැසක් මේ වනවිට ගොනුකර තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කලා.ඒ අනුව

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට දණ්ඩ නිති සංග්‍රහයේ යටතේ පහත සඳහන් වැරදි ගොනු තිබේ.

113A- කුමන්ත්‍රණය
329- බරපතල තුවාල කිරිම
400-වංචා කිරීම
190-බොරු සාක්ෂී ලබා දිම
198- සාක්ෂී අතුරුදහන් කිරිම
202-ව්‍යාජ අනන්‍යතාවක් ඉදිරිපත් කිරිම
102-අනුබල දිම

යන අසත්‍ය චොදනා යටතේ චොදනා ගොණුකර කිරිමට මේ වනවිට කටයුතු කරමින් සිටි.මේ වනවිට හිටපු අමාත්‍යවරයාගෙන් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව කට උත්තරයක් ලබාගෙන තිබේන අතර  තවත් ස්වල්ප වෙළාවකින් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Published on: Dec 18, 2019 – 2016 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රී පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසන්නයේ දි හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක රථයේ මහමාර්ගයේ ධාවනයට තහනම් එන්ජින් ධාරිතාවයකින් යුතු මෝටර් බයිසිකලයක් ගැටීම හේතුවෙන් තුවාල ලැබු සන්දීප් නම් තරුණයාගේ සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය චම්පික රණවක කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත් අඩංගුවට ගැනිම සදහා පිළිපැදිය යුතු අවම නීතිමය ක්‍රමවේදයන් පවා මේහිදි සැලකිල්ලට ගෙන තිබුනේ නෑ.

පසුගිය ජනාධිපතිවරන සමයේ චමිපික අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා බවට පොහොට්ටුවේ චම්පික විරෝධී හොරූන් විසින් කල අනාවරණයට අනුව මෙම අත් අඩංගුවට ගැනිම සිදුවඇති අතර ඒය පැහැදිලිව දේශපාලන පලීගැනිමකි.

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවත් නොසැලකිළිමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනු කර ඇති චෝදනා වන බවද වාර්තා වේ.

චම්පික රණවකගේ රියදුරු එම්. දිලුම් තුසිත කුමාර යන අයගේ බිරිඳ, වයස අවුරුදු එකහමාරක් වන කුඩා දියණිය හා දෙමාපියන් පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු කණ්ඩායමක් විසින් පසුගියදා නිවසට පැමිණ බලහත්කාරයෙන් අත්තඩංගුවට ගෙන රැගෙන ගිය අතර පසුව බත්තරමුල්ල ප්‍රදේශයේ රදවාගෙන සිටිය අතර ඒ සම්බන්ධයෙන් නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දැක්වු අතර අධිකරණ නියෝගයක් නොමැතිව අත් අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද නමැති නිලධාරියෙකු ප්‍රමුඛ කණ්ඩායමට විනිසුරුවරයා විසින් අවවාදද කර සිටියා.

මේ අතර නීතිවිරෝධිව අත්තඩංගුවට ගෙන බලහත්කාරයෙන් පැය 12 කට අධික ප්‍රමාණයක් රඳවා ගැනීම ට එරෙහිව හිටපු අමාත්‍ය පාඨලි චම්පික ගේ රියැදුගේ පවුලේ ඥාතීන් විසින් මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරිමටද කටයුතු කර තිබේ.

දිගින් දිගටම අප අනාවරණය කල පරිදිම රනිල්ලා,මහින්දලා සහ ගෝඨාභයලාගෙ ඩීල් වලින් ලංකාවේ මහා හොරකම ලෙස සාක්ෂී ද තිබේන බැදුම්කර හොරුන් නිදැල්ලේ සිටියදි ඒ සදහා පාර්ලිමේන්තුව පවා කල්දමා තිබියදි ජාතික නායකත්වයට අනතුරක් ලෙස පෙනෙන චම්පිකව කොටු කර ගැනිමට පොරකන්නේ පැහැදිලි ලෙසම දේශපාලන පලිගැනිමකි.

දප්පුලගේ කුලප්පුව…..

දිගින් දිගටම ගෝඨාභය ඇතුලු රාජපක්ෂලා ආරක්ෂා කර ගැනිමට මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත කටයුතු කල නීතිපති ලීවේරා සිරිසේන ජනාධිපතිවරයාගේ සුවච කීකරු ගෝලයෙකු බව අවස්ථා ගණනාවකදි තහවුරු කල අයෙකුද වනවා. මේ වනවිට රාජපක්ෂලාගේ හොදහිත දිනා ගැනිමේ මෙහෙයුමක නිරත ලීවේරා මේ උත්සහ කරන්නේ ගෝඨාවද ගොනාට ඇන්දවිම සදහාය ඒ සදහා නීතිය අවනීතිය බවට පත්කිරිමේ මෙහෙයුමක නීතිපතිවරයා මේ වනවිට යේදි සිටි.

http://lankanewsnetwork.org/archives/22016

Published on: Dec 18, 2019- අද ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව දුර්වල කෙරෙන ක්‍රියාවක් පැතිර යනවා. මෙයට බැසිල් සම්බන්ධයි. එහෙත් ඔහු රටේ නැති බවයි ආරංචිය. මේ ක්‍රියාව අනෙකක් නොව මැතිවරණයේ දී පොහොට්ටුවෙන් තරග කිරීමට කෙරෙන ඉල්ලීමයි. මෙය භයානක වැඩක් බව බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඒ ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතා මත ප්‍රසිද්ධ වේදිකාවල පොහොට්ටුවෙන් තරග කළ යුතු බව කියැවෙනවා. මේ ගැන මහින්ද මොකද කියන්නෙ.

අද ජාතික ව්‍යාපාරයේ ඉන්න අනෙක් අයගේ මත ප්‍රකාශ කරන භවතකුට අනුව ශ්‍රී ල නි පක්‍ෂය ඉවර කරන්න ඕන. ඔහු එක් එක් දින එක් එක් මත ප්‍රකාශ කරනවා. ශ්‍රී ල නි පක්‍ෂයට හිසක් තිබුණා. එය කවන්ධයක් නො වෙයි. එය මෙරට ජාතිකත්වයේ පක්‍ෂය ලෙස 1952න් පසුව පෙළ ගැසුණා. ජාතිකත්වයක් ඇති පක්‍ෂයක් කවන්ධයක් නො වෙයි. ඊනියා ගැමි උගත් තරුණයන්ගෙන් ජාතිකත්වයක් බලාපොරොත්තු වූ අයකුට නම් හිසක් තිබේ ද කියා ප්‍රශ්න කරන්න පුළුවන්.

අද ලෝකයේ ජාතිකවාදී පක්‍ෂ ජයග්‍රහණය කරනවා. මා ඊයේත් පෙරේදාත් එංගලන්තය සම්බන්ධයෙන් ඒ බව ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බිරිතානි අගමැති ජොන්සන්ට සුබ පැතුම් පණිවුඩයක් යවමින් කියා ඇත්තේත් දේශීයත්වය මත පදනම් වූ පාලනයකට ඇති නැඹුරුතාව ගැනයි. අප ඒ සුබ පැතුම අගය කරන්න ඕන. එහෙත් එංගලන්තයේ ඊනියා ජාත්‍යන්තරවාදීන් ජොන්සන්ට විරුද්ධ ව පෙළපාලි ගිහින්. ඔවුන් ජොන්සන් අගමැති ලෙස පිළිගන්නෙ නැතිලු. ඒක ඔවුන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙන්න ඇති. නරක ද කෝබින්ට කිවුව නම් සුළුතර ආණ්ඩුවක් පිහිටුවන්න ඉදිරිපත් වෙන්න කියල.

මා ඊයේත් කිවුවෙ සාමාන්‍යයෙන් ජාතිකවාදය දක්‍ෂිණාංශික දේශපාලන පක්‍ෂ මගින් ඇති වන්නක් කියල. මා එහි දී කිව යුතුව තිබුණා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැණෙන රටවල කියලා. චීනය රුසියාව වැනි රටවල ජාතිකත්ව පක්‍ෂ වන්නේ දක්‍ෂිණාංශික පක්‍ෂ නො වෙයි. ශ්‍රී ල නි පක්‍ෂයත් දක්‍ෂිණාංශික පක්‍ෂයක් නො වෙයි. එය ජාතිකත්ව පක්‍ෂයක් වූයේ වමට බර ලිබරල් පක්‍ෂයක් ලෙස සිටිමිනුයි.

ශ්‍රී ල නි පක්‍ෂය 2015 බරපතළ වරදක් කළා. ඒ එහි ලේකම් එ ජා පක්‍ෂයට තල්ලු කිරීමෙන්. එසේ තල්ලු කිරීම පිළිබඳ ප්‍රධාන වශයෙන් ම බැසිල් වග කියන්න ඕන. මා ඒ බව කිහිප වතාවක් කියා ඇති. මෙරට ජනයා ප්‍රතිචාර දක්වන්නේ ක්‍රියාවට නොව ප්‍රතික්‍රියාවට. ක්‍රියාව මෛත්‍රිපාල යැවීමට කටයුතු කිරීම. ප්‍රතික්‍රියාව එසේ යෑම. ජනතාව බලන්නේ යෑම මිස යැමට සැලැස්සීම නො වෙයි.

මෛත්‍රිපාල එසේ ගොස් ජනාධිපති වීම තදබල වරදක්. ඔහු ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමීමට කටයුතු කළා. ශ්‍රී ල නි පක්‍ෂයට දක්‍ෂිණාංශික එ ජා ප සමග කිසිම සම්බන්ධයක් තිබිය යුතු නැහැ. එහෙත් එසේ මරා දැමුණු පක්‍ෂය යළි උපදවන්න පිරිසක් කටයුතු කළා. එසේ නොකර රනිල් ඉවත් කරන්න බැරි බව අප තේරුම් ගත්තා. 2015 නුගේගොඩ රැස්වීමටත් කලින් ජාතික බලය කියන සංවිධානය මහින්ද නැති රට යන තේමාවෙන් සම්මන්ත්‍රණයක් සංවිධානය කළා.

රනිල් ඉවත් කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට අප මුහුණ දුන්නා. එය කළ හැකි ව තිබුණේ මෛත්‍රිපාලට පමණයි. ඒ සඳහා මහින්ද මෛත්‍රිපලට ශක්තිය ලබා දිය යුතු බව අප කියා සිටියා. අපහාස මැද ගෙන ගිය ඒ සටන කෙළවර වූයේ 2018 ඔක්තෝම්බර 26 මහින්ද අගමැති කිරීමෙන්. එයට බටහිර බලවේග විරුද්ධ වුණා. පාර්ලිමේන්තුවේ ගැලරියේ සිට බටහිර තානාපතිවරුන් නැටූ නාඩගම අප හොඳාකාරව දැක්කා. මහින්ද දැන් කියන විධියට ස්විට්සර්ලන්ත තානාපතිත් එදා මහින්ද අගමැති කිරීමට විරුද්ධ වූ අයෙක්. ඔවුන් ගෝඨාභය ජනාධිපති වීමට විරුද්ධ වීම පුදුමයක් නො වෙයි.

එදා ඔක්තෝම්බර් ආණ්ඩුව පවත්වා ගෙන යන්න බැසිල් උපකාර කෙළේ නැහැ. ඉන් පසු අප මතවාදයක් සකස් කෙළේ ශ්‍රී ල නි පක්‍ෂය හා පොහොට්ටුව හා අනෙක් පක්‍ෂ සමග සංධානයක් ඇති කරන්න. අපට ජනමාධ්‍ය සහායක් නැති නිසා ඒ උත්සාහය ජනතාවට නොපෙනෙන්න ඇති. එහෙත් අවසානයේ දී අපේ උත්සාහය ජයගත්තා. පසුගිය දා ශ්‍රී ල නි ප පොහොට්ටුව ඇතුළු පක්‍ෂ හා සංවිධාන දහතතක් ගෝඨාභය රාජපක්‍ෂගේ සභාපතිත්වයෙන් ගිවිසුමක් මගින් ශ්‍රි ලංකා නිදහස් පොදුජන සංධානය තනා ගත්තා. ඒ ගිවිසුමෙහි අනෙක් අංගය වූයේ ගෝඨාභය රාජපක්‍ෂ පොහොට්ටුවෙන් ජනාධිපති ධුරයට තරග කිරීමයි. ඒ ගිවිසුම් දෙකක් නොව එක ම ගිවිසුමක පැති කඩ දෙකක්. එකක් පිළිගෙන ඒ මත ක්‍රියාත්මක වී අනෙක ක්‍රියාත්මක නොකර ඉන්න බැහැ. අද ඇතැම් පොහොට්ටු අමෙතිවරු මන්ත්‍රීවරු කතා කරන්නේ සංධානයක් නැති විධියට.

ඔවුන් හිතා ගෙන ඉන්නවා නම් පොහොට්ටුවෙන් ඉල්ලා දිනිය හැකිය කියා ඒ “මිථ්‍යාවක්”. පළාත් පාලන මැතිවරණයේ දී ඔවුන්ට ලැබුණේ 40%ක ඡන්ද ප්‍රමාණයක්. මහා මැතිවරණය ජය ගැනීමට ඒ ප්‍රමාණවත් නැහැ. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂ හා එ ජ නි ස ඡන්දත් එකතු කළොත් එය 56%ක් පමණ වේවි. ඒ සමගිය මත උත්සාහ කළොත් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගන්න පුළුවන් වේවි. එහෙත් ශ්‍රී ල නි ප නැතිව තරග කළහොත් 113 ගැනීමත් අසීරු කටයුත්තක්. එහෙම වුනොත් ආණ්ඩුවක් හදන්න ශ්‍රී ල නි ප සහාය ඉල්ලනවා ද? ඇතැම් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීමට ශ්‍රී ල නි ප සහාය ලබා ගත්බව ඇතැම් පොහොට්ටු උද්ධච්ඡයනට අමතක වෙනවා.

ගෝඨාභයට සිංහල ජනතාවගේ ඡන්දවලින් පමණක් දිනන්න පුළුවන් බව කියා ඒ පිළිබඳ උනන්දුවක් දැක්වීමට අප කටයුතු කළා. ඒ වෙනත් අය අසිංහල ඡන්ද ගැනීමට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කරද්දී.

පොහොට්ටුව හා ශ්‍රී ල නි ප එකතු වීමෙන් 70%ක් රටෙන් ලබා ගන්න බැහැ. හැම ව්‍යාපාරිකයකුට ම අංක ගණිතය පුළුවන් කියා හිතන්න බැහැ. අප ජනාධිපතිවරණයෙන් පසු පෙන්නා දුනේනේ සිංහල ජනතාව 70%ක් පමණ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති කිරීමට ඡන්දය දී ඇති බවයි. රටෙන් ම ගත් විට එය 52.25%ක් වුනා. පෞද්ගලික කෝන්තර මත ජනාධිපතිවරණයේ් දී ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හූ කියා වේදිකාවෙන් එළවා ඡන්ද අඩු කර ගත් ව්‍යාපාරිකයන්ට අප සවන් දිය යුතු නැහැ. එසේ නොවන්නට එය 56%ක් වීමට තිබුණා.

මේ අතර මට තවත් භයානක ආරංචියක් දැන ගැනීමට ලැබුණා. එක්තරා ප්‍රාදේශීය වාර්තාකරුවකු දේශපාලනඥයන් ළඟට ගොස් දැන් රැල්ල තියෙන්නේ පොහොට්ටවුට බව කියමින් තරග කළ යුත්තේ පොහොට්ටුවෙන් බවට ප්‍රකාශ ලබා ගැනීමට උත්සාහ කරනවා. මේ වාර්තාකරුවන්ට අවශ්‍ය තම ප්‍රවෘත්තිය පළ කර ගෙන කියක් හරි උපයා ගැනීම ද? නැත්නම් ගෝඨභය ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට ඉඩ නොතැබීම ද?

අද ගෝඨාභය රාජපක්‍ෂට සම්පුර්ණ සහාය දෙන්නේ ශ්‍රී ල නි පක්‍ෂය මිස පොහොට්ටුව නොවෙයි. පොහොට්ටුවේ ඇතැමුන් ගෝඨාභය ආණ්ඩුව තුනෙන් දෙකක් ලබා ගැනීම වළක්වනවා. ශ්‍රී ල නි පක්‍ෂය නැවතත් තම ජාතිකත්ව භූමිකාව අරඹලා. පොහොට්ටුව තවමත් පක්‍ෂයක් ලෙස ජාතිකත්වයට පැමිණ නැහැ. මේ අවස්ථාවේ දී කළ යුත්තේ ශ්‍රී ල නි ප ඉවර කිරීම නොව ශක්තිමත් කිරීමයි.

උපුටා ගැන්ම -මහාචාර්ය නලින්ද සිල්වාගේ කාළය බ්ලොග් අඩවිය

Published on: Dec 18, 2019- රාජගිරිය නාවල පල්ලිය පාරේ පිහිටි සදහම් ආශ්‍රමයේ වැඩවසන ලවුඩ්ස්පීකර හාමුදුරුවෝ ලෙස ප්‍රසිද්ධ චන්ද්‍රාලෝක හිමියන් සමග හිටපු හමුදාපති දයා රත්නායක අතර බහින්බස් විමක් දුරදිග ගොස් ස්වාමින්වහන්සේ  හිටපු හමුදාපතිවරයාට බැණවැදි තිබේ.

දයා රත්නායක මෙන්ම හමුදා ප්‍රධානින් රැසක් සහ දේශපාලනඥයන් නිරන්තරයෙන් සදහම් ආශ්‍රමයට යන එන අතර චන්ද්‍රාලෝක හිමියන්ට ඇති අමුතුම බලය (දිෂ්ටිය/අරූඩවිම) හේතුවෙන් එම අවස්ථාවේ උන්වහන්සේ පවසන දේ කිරිගහට ඇන්නා සේ හරි යැම මෙම ප්‍රසිද්ධියට හේතුව වි තිබේ. නමුත් සාමාන්‍ය ජනතාවට මෙම ස්ථානයට පැමිණිමට අවස්ථාවක් නොමැති අතර ලංකාවේ ප්‍රබල ගණයේ ව්‍යාපාරිකයන් මෙන්ම ඉහල පාන්තික පිරිස් මෙම ස්ථානයට පැමිණෙන්නේ විවිධ ආශීර්වාද පුජාවන් පැවැත්විමටයි.

සර්වෝදය සභාපති වෛද්‍ය වින්යා ආරියරත්නගේ ජාතික ජනතා පක්ෂය යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් විමට සුදානම් විම හේතුවෙන් ගෝඨාභයගේ හමුදා ලැයිස්තුවේන් කැපි පැත්තකට වැටි සිටි හිටපු හමුදාපති, ජනරාල් දයා රත්නායක ආපහු හිමිට ගෝඨාට ලංවිම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් පත්විමක් ලබා ගැනිමට සමත් වු අතර ඒ සදහා දින 7ක කාලයක් අලුයම විශේෂ පුජාවක් පැවැත්වු අතර වැඩේ හරියෑමේ ප්‍රීතිය නිමිත්තෙන් පෙරේදා අලුයම ආශිර්වාද පුජාව පවත්වා ඇති අතර ඒ අවස්ථාවට තවත් ප්‍රබල ව්‍යාපාරික පවුල් කිහිපයක සාමාජිකයන්ද එක්ව තිබේ.

පුජාව අතරතුර චන්ද්‍රාලෝක හිමියන් ආරූඪයට පත්ව ඇති අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ පවතින් ආණ්ඩුව වැඩි දුරක් යන්නෙ නැති බවත් මේ ලැබෙන තනතුරු ඉතාම කෙටි කාලයකින් අවසන් වනු ඇති බව කියමින් දිගින් දිගටම ආරූඪයෙන් ආණ්ඩුවේ පැවැත්ම අස්ථිර බව පෙන්වා දි තිබේ.ජාත්‍යන්තරව ශ්‍රි ලංකා ආණ්ඩුව මෙන්ම රණවිරුවන් අපකීර්තියට පත්වන බවත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ආයු කාලයද එතරම් දීර්ඝ නැති බවද පවසා තිබේ.

ඒ සමගම දැඩි ලෙස කොපයට පත්වු හිටපු හමුදාපතිවරයා පවුලේ සමාජිකයන් සමග එම ස්ථානයෙන් ඉවත්ව පැමිණ ඇති අතර පසුව දුරකථනයෙන් ස්වාමින්වහන්සේ අමතා බැණ වැදි ඇත්තේ “මොනවාද් හමුදුරුවනේ මෙ කියන කතා මගේ පටී රෝල් වුනා.. එතනට ආපු එවුන් ඔවා ගිහින් කියන්නේ මම කරපු දේවල් වගේ ” යනුවෙනි.ඒ සමගම ස්වාමින්වහන්සේද හිටපු හමුදාපතිවරයාට බැණ බැදි අතර “ඔයාගේ පටී රොල් උනාට මට කරන්න දෙයක් නෑ මහත්තයෝ … මම කියන්නේ ට පේන දේ ” යනුවෙන් පැවසු බවයි උන්වහන්සේගේ සමිපතම ගෝළ හිමියන් සදහන් කළේ.

ගෝඨාභය ජනාධිපති වන බව,සජිත්ට අපේක්ෂකත්වය ලැබෙන නමුත් පරදින බවත්,එජාප නායකත්වය කාට ලැබුනද එය කෙටි කාලයකින් අහිමි වන බව මෙන්ම 2015 ජනවාරි 10 වැනිදා ප්‍රසිද්ධියේ කී අනාවැකිය වුයේ රනිල් අගමැති ධුරයේ නිසි කාලය කිසිවිටෙකත් සම්පූර්ණ නොකරන බවද උන්වහන්සේ කී ප්‍රබල අනාවැකි වේ.

රාජපක්ෂලාගේ සුවච කීකරු අගවිනිසුරුවරයා ලෙස කටයුතු කල සරත් එන් සිල්වා සමග පන්සලේ ස්පීකර් ශබ්දය සම්බන්ධයෙන් ආරවුලක් ඇතිකර ගත් එම හිමියන් අධිකරණය හමුවේ නඩුවක් පවා ගෝනු කිරිමට කටයුතු කිරිම හෙතුවෙන් ලවුඩ්ස්පීකර හාමුදුරුවෝ යනුවෙන් උන්වහන්සේ ප්‍රසිද්ධිය පත්විය.

Published on: Dec 17, 2019

2019 ක් වූ දෙසැම්බර් මස 16 දින දී ය
ටී. එම්.බී. එම්. පී. තෙන්නකෝන්
අංක 322, ස්වර්ණමාලි,
වැල්ලෑව, පොල්ගහවෙල’
කොමසාරිස්තුමා,
මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.
කොමසාරිස්තුමනි,

දේශපාලන මතය මත වෙනස් කොට සැලකීම හා ජීවිතයට ඇති තර්ජනය පිළිබද සාධාරණයක් ඉල්ලා සිටීම,

1. අංක 322 ස්වර්ණමාලි වැල්ලෑව පොල්ගහවෙල ලිපිනයේ පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ භාරත මාලින්ද ප්‍රභාෂණ තෙන්නකෝන් වන මා මාධ්‍ය වෘත්තිකයෙකු වන අතර නීතිවේදී උපාධිදාරියෙකි. එසේම දීර්ඝ කාලීන දේශපාලන ක්‍රියාදරයෙකි.

මේ වන විට මහජන බැංකුවේ මාධ්‍ය කළමණාකරු ලෙස ස්ථීර සේවයේ නියැලී සිටින මා ඉන් පූර්ණ කාලීනව නිදහස් වී 2018 මැයි මස 30 වැනිදා සිට 2019 නොවැම්බර් 22 වැනිදා දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාර්ය මණ්ඩලයේ ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළෙමි. ඊට පෙර මාධ්‍ය ආයතන හා වෙනත් ආයතන ගණනාවකම මාධ්‍ය සම්බන්ධ රැකියාවන්හි නියැලී සිටි මා, වසර දහ තුනක පමණ කාලයක් ලිපි රචකයකු, තීරු ලිපි රචකයකු, පූරකයෙකු හා වැඩසටහන් හා ප්‍රවෘත්ති නිෂ්පාදකයකු ලෙස අඛණ්ඩව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලමෙින් සිටිමි.

2. 2019 නොවැම්බර් 16 වැනිදා මෙරට පැවැත්වූ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාල ඡන්ද විමසීමේ මැතිවරණයේ දී, මෙරට පුරවැසියකු ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් මා වෙත හිමි වී ඇති මූලික අයිතිවාසිකමක් වන කැමති දේශපාලන මතයක් දැරීමේ අයිතිය අනුව, නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මගේ සහාය දැක්වීමි.

එහිදී මා ගරු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රචාරණ ව්‍යාපාරයට ඍජුව සම්බන්ධ වෙමින්, ඩිජිටල් මාධ්‍ය කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් ද තරුණ හා මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්වල කතිකයකු ලෙස කටයුතු කරමින් ද සමාජ මාධ්‍ය සදහා ලිපි සකස් කරමින් ද මාධ්‍ය සාකච්ඡා සංවිධාන කරමින් ද රූපවාහිනී වැඩසටහන් පූරකයකු ලෙස කටයුතු කරමින් ද මත හා අදහස් නිර්පාකයකු ලෙස ද මාගේ දායකත්වය ලබා දුන්නෙමි.

මැතිවරණය අවසානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්දයෙන් ජනාධිපතිධුරයට පත් වීය.

3. ජනාධිපතිවරණය අවසන් වීමෙන් සති තුනකට පසු, එනම් 2019 දෙසැම්බර් මස 11 වැනිදා සිංහලේ නම් ස්වයං ප්‍රකාශිත ජාතික සංවිධානයක් විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් පුද්ගලිකව මාගේ ජීවිතයට, ජීවත් වීමේ අයිතියට, පුරවැසියකු ලෙස කැමති තැනක වාසය කිරීමේ අයිතියට, කැමති රැකියාවක් කිරීමේ අයිතියට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට, සිතීමේ නිදහසට හා කැමති දේශපාලන මතයක් දැරීමේ අයිතියට දැඩි බලපෑමක් එල්ල කරමින් මා කෙරෙහි සමාජ වෛරය ඇති කිරීමේ, මා කෘෘර හා අවමන් සහගත සැලකීමකට පෙළඹවීමට සමත් හා මට විරුද්ධව අපරාධමය කටයුත්තක් සිදු කිරීමට යමෙක් පෙළඹවිය හැකි ආකාරයේ අදහස් දැක්වීමක් සිදු කරනු ලැබීය.
එකි අදහස් දැක්වීමට පදනම් වී තිබුණේ කිසිදු සත්‍යතාවක්, පදනමක් හෝ හරයාත්මක ගැලපීමක් නොමැති කරුණකි. ඔවුන්ගේ අදහස වූයේ ඔවුන් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයකින් පසු එම කරුණු අනාවරණ කරගත් බවයි.

කෙසේ නමුත්, එවැනි සංවිධානයකට නීතිමය වටිනාකමක් ගෙන දෙන හෝ ප්‍රත්‍යක්ෂ සත්‍යයක් යැයි කියා සිටිය හැකි නිගමනයක් ඉදිරිපත් කළ හැකි මට්ටමේ පරීක්ෂණ සිදු කිරීමට ඇති නීතිමය හෝ අධිකාරීමය බලය කුමක්දැයි ප්‍රශ්න සහගතය. බැලූ බැල්මටම පෙනී යන්නේ එම ප්‍රකාශය කිසි පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සිදු කරන්නක් නොව, හුදෙක්ම සිය දේශපාලන පසමිතුරකු වන්චනික ලෙස වරදක පටලා අත්තඩංගුවට පත් කර සිර කර පීඩනයට ලක් කිරීමේ කූඨ වුවමනාව මතම පමණක් සිදු කරන්නක් බවයි.

මාගේ ඒ විනිශ්චය තවදුරටත් සනාථ කරනුයේ, අදාල සංවිධානය එනම් සිංහලේ සංවිධානය වර්තමාන ජනාධිපතිවරයාට ඉතාම සමීපතාවක් දක්වන සංවිධානයක් වීම නිසාය.

4. එහිදී සිංහලේ නම් සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් භික්ෂුවක් වන මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි හා ප්‍රදීප් සංජීය නැමැත්තෙකු කියා සිටියේ, මා මෙරට සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන් අදාල සිදු වීමට පෙර කරුණු දැන සිට ඇති බවයි. එසේම, ඊට අදාලව මා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු බවත් කියා සිටියේය. තොරතුරු දැන අනාවරණ නොකිරීමේ චෝදනාව මත මා කෙරෙහි මිනිමැරීමේ චෝදනාව ආරෝපණය කළ යුතු බවද කියා සිටියි. මේ වන විටත් අත්අඩංගුවේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ද ආරෝපණය කර ඇත්තේ එකී වරදමය. මෙම කරුණුම පවසමින් වැඩ බලන පොලිස්පතිවරයා මගින් ත්‍රස්තවාදය විමර්ශන කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
එකී මාධ්‍ය සාකච්ඡාව ආසියානු මාධ්‍ය ජාලයට අයත් හිරු ටීවී නාලිකාව 2019-12-11 දින පැය 1855 හා පැය 2155 යන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ වලදී විකාශය කළේය. එම සත්‍ය නොවූ උපකල්පන මත පිහිටා කළ ප්‍රකාශය ප්‍රවෘත්තියක් ලෙස විකාශය වීමෙන් පසු එය පුද්ගලයින් තුළ මා කෙරෙහි කෝපයත් වෛරයත් ඇති කළ මගේ ජීවිතයට අවධානමක් ඇති කරන්නට තරම් ප්‍රබල විය.

5. එම අසත්‍ය හා පදනම් විරහිත චෝදනාවට පදනම් කරගෙන තිබුණේ 2019 අප්‍රේල් මාසයේ වෙනත් රටක සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් මා දැරූ පසු අදහසකි. එය නිරීක්ෂණික නිගමනයකි. සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලික නිගමනික මට්ටමේ අදහස් පලකිරීමේ මාධ්‍ය වෘත්තිකයින් විසින් නිරන්තරයෙන් සිදු කරන්නකි. එම සිදුවීමට අදාලව මා මෙන්ම ලෝකයේ බොහෝ මාධ්‍ය වෘත්තිකයින් ද ඒ සමාන අදහසක් දරා තිබිණි. ඒ ඒ විෂයන් සම්බන්ධයෙන් ඒ ඒ වෘත්තීන්වල නියැලෙන පුද්ගලයින්ගේ මත හා අදහස් ගෝලීයව ඉහළ අගයක් සහිතව පිළිගැනීමට ලක්වේ. ඒවා කිසි විටක අධිකරණ හමුවේ ප්‍රශ්නගත නොකරයි. නිදසුනක් ලෙස, නීතිවේදීන්ට නීතිය සම්බන්ධයෙන් ඇති ධනාත්මක විවේචන නීතිවේදීන්ගේ මත ලෙස සැලකෙනවා විනා අධිකරණයට අපහාස කිරීම මත කටයුතු නොකෙරේ. මාධ්‍යෙව්දීන්ද යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් දක්වන අදහස් සැලකෙනුයේ එලෙසමය.

කෙසේනමුත්, මාගේ අදාල විෂයගත ප්‍රකාශය (ෆේස්බුක් ස්ටේටස්) හා මෙරට සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හා සම්බන්ධයක් ඇති දැයි 2019 මැයි / ජූනි මාස වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූර්ණ විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා, එකී විෂයගත ප්‍රකාශය හා සිද්ධිය යනු දෙකක් මිස එකක් නොවන බව වටහා ගැනීමෙන් හා සොයා ගැනීමෙන් පසු අදාල ගොනුව අවසන් කර තිබේ. ඒ සදහා පැය පහක පමණ දීර්ඝ ප්‍රකාශයක් මා වෙතින් ලබා ගත් අතර මාගේ දුරකතන හා වෙනත් තාක්ෂණික උපකරණ සම්බන්ධයෙන් පූර්ණ විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කරනු ලැබීය. මා කෙරෙහි කිසි සැකයක් හෝ ආරෝපණය නොකර ගොනුව අවසන් කරන්නේ ඉන් පසුවය.

6. සිංහලේ නම් සංවිධානය විසින් අවසන් කරනු ලැබූ කටයුත්තක් සම්බන්ධයෙන් ජනාධිපතිවරණය අවසන් වූ පසු හදිසියේම පදනම් විරහිත ලෙස චෝදනා එල්ල කරනුයේ එවැනි පසුබිමකය. අදාල සංවිධානය අවසන් වූ ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම වෙනුවෙන් විශාල කාර්ය භාරයක් ඉටු කළ, දීර්ඝ කාලයක් තිස්සේ රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහාය හා ආශිර්වාදය මැද හැදී වැඩුණු සංවිධානයකි. ඉතිහාසය පුරාම රාජපක්ෂවරුන් ප්‍රශ්න කරන කණ්ඩායම් හෝ පුද්ගලයින් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ සංවිධානයකි.

තවද, වර්තමාන අමාත්‍යවරයකු වන විමල් වීරවංශ මහතාගේ සමීපතමයින් වන අදාල සංවිධාන සාමාජිකයින් සදහා විමල් වීරවංශ මහතා විසින් විශාල ප්‍රසිද්ධියක් ලබා දෙනු දක්නට ලැබේ. සංශිප්තව කියන්නේ නම් සිංහලේ සංවිධානය යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරයට අනුබද්ධිත සංවිධානයකි.

7. මා ඉලක්ක කර මෙවැනි කුමන්ත්‍රණකාරී වැඩපිළිවලක් දියත් කරන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වූ පසුව ද ඔහුගේ ප්‍රතිපත්ති, වැඩපිළිවල හා ඔහුගේ දේශපාලන ක්‍රියාකලාපයන් පිළිබද විවේචන එල්ල කළ යුතු තැන්වලදී අඛණ්ඩව විවේචනය කරමින් සිටීම නිසා බැව් වැටහේ. මට පමණක් නොව, එලෙස අඛණ්ඩ විචාරයේ නියැලෙන සියලු දෙනා පාහේ විවිධ ස්වරූපයන්ගෙන් හීලෑ කිරීමට ඔවුහු කුමන්ත්‍රණය කරමින් සිටිති.

මෙම සංවිධානය මා ඉලක්ක කරමින් මෙලෙස අභූත චෝදනා නගමින් මා වෛරීසහගත ලෙස අත්තඩංගුවට ගෙන මා කෙරෙහි මිනී මැරීමේ වරද ආරෝපණය කළ යුතු යැයි පවසන්නේ දේශපාලන විරුද්ධවාදීන් බිය ගැන්වීමේ රාජපක්ෂවරුන්ගේ උවමනාව සාක්ෂාත් කිරීම පිණිස බව පෙණේ. එමගින්, වත්මන් ජනාධිපතිවරයා හා ආණ්ඩුව සම්බන්ධයෙන් මා හෝ වෙනත් පුද්ගලයෙක් ඉදිරිපත් කරන විරෝධය හෝ විවේචන සම්පූර්ණයෙන්ම පාහේ නවතා ගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ සදහා සමාජයීය වශයෙන් බලපෑමක් කළ හැකි ශක්‍යතාවක් ඇති පුද්ගලයින් අසත්‍ය හා පදනම් විරහිත නඩුහබ වල හෝ වෙනත් අර්බුදවල පටලවා වෙහෙස ගැන්වීම වඩාත් සුදුසු බව ඔවුන්ගේ තක්සේරුව වී තිබේ.

8. එකී පුද්ගලයින්ගේ මෙකී තර්ජනාත්මක හැසිරීම හේතුවෙන් ගැබිණියක් වන මාගේ බිරිද මහත් කම්පාවට හා පීඩාවට පත්ව තිබේ. එසේම, ඇගේ ජීවිතයට ද නූපන් දරුවාගේ ජීවිතයට ද විශාල තර්ජනයක් එල්ල වී තිබේ. බිරිදට රැකියාව කිරීමට නොහැකි තත්ත්වයට පත්ව තිබේ. ඇය වෘත්තීමය සීමාව තුළින් පීඩාකාරීභාවයට ලක් කරමින් සිටියි. එම පීඩාව දරා ගැනීමට නොහැකි මගේ බිරිද මේ වන විට රැකියාවට යාමට ද නොහැකි තත්ත්වයක් ඇති වී තිබේ. මෙම භීතිය හා කම්පනික බව යළි යළිත් මාගේ නූපන් දරුවාගේ ජීවිතයට එල්ල කරන බලපෑම කොතෙක්දැයි මට කියා සිටිය නොහැක.

නිල ඇදුමෙන් සැරසී සිටින පොලීස් නිලධාරීන් හා පොලීසිය යැයි කියා ගන්නා පුද්ගලයින් වරින් වර මාගේ නිවසට ගොස් අප සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ. එමගින් මගේ දෙමව්පියන් හා පවුල්වල සාමාජිකයින් දැඩි භීතියට පත්ව සිටියි. වත්මන් ආණ්ඩුව තමන්ට හිතවත් සංවිධාන හා තමන්ට හිතවත් මාධ්‍ය භාවිත කරමින් පීඩාවට හා තර්ජනයට පත් කරමින් සිටින්නේ ස්වකීය ඍජු දේශපාලන එදිරිවාදීන් පමණක් නොව, ඔවුනොවුන්ගේ සියලු ඥාතී හිතමිත්‍රාදීන් ද ඔවුන්ගේ පළිගැනීමට ලක්වන බවට මෙය කදිම නිදසුනකි.

9. මහජනයා වෙත යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ස්වාධීන කොමිෂන් සභාවක් වන මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මාගේ පූර්ණ විශ්වාසය තබමින් මම මාගේ දුක්ගැනවිල්ල, පැමිණිල්ලක් හා යුක්තිය පැතීමක් ලෙස මෙලෙස ඉදිරිපත් කරමි.

මෙතැනින් නොනැවතී තවදුරටත් මා කෙරෙහි මර්ධනය මුදා හැරීම සදහා විවිධ උපක්‍රම භාවිත කළ හැකි බවත් විශ්වසනීය ආරංචි අනුව මට හැගේ. එය මට මෙන්ම සියලු විවේචකයින්ට පොදු ඉරණමක් වීම වැලැක්විය හැක්කේ ඔබ කොමිෂන් සභාවට පමණක්ම බැව් විශ්වාසයයි

10. ඒ අනුව මාගේ මේ පැමිණිල්ල සලකා බලා විධිමත් පරීක්ෂණයක් පවත්වා,

අ. වර්තමාන පාලනයට ඉතා සමීප හා නිරන්තරයෙන් එම පාලකයින්ගේ ආශිර්වාදයට හා අනුග්‍රහායට පාත්‍රවන සංවිධානයක් වන සිංහලේ නම් සංවිධානයක් විසින් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ උවමනාව මත මා කෙරෙහි ජීවිත තර්ජනය ඇතුළු තවත් අගතිගාමී හානීන් ගණනාවක් ඇති කිරීමට සමත් ආණ්ඩුවේ මෙම හැසිරීම සම්බන්ධයෙන් වහාම මා කෙරෙහි සාධාරණයක් ඉටු කරන ලෙස ද

ආ. ආණ්ඩුවේ අනුග්‍රහාය ඇති සංවිධානාත්මක පිරිස් විසින් සිදු කරන මෙවැනි කූඨ කටයුතු හේතුවෙන් අගතියක් සිදු විය හැකි මා හා මගේ පවුලේ සාමාජිකයින් කෙරෙහි ආරක්ෂාව සලසන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ද

ඇ. අසත්‍ය තොරතුරු ලබා දෙමින් පුද්ගලයින් කෝපයටත් කලහයටත් යොමු කරන මාධ්‍ය නාලිකා සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙස ඊට අදාල අධිකාරීන්ට නියෝග කර ලෙස ද

ඈ. මා ගරු කරන හෝ විශ්වාස කරන දේශාපලන මතයක් දැරීම හේතුවෙන් අසත්‍ය හා පදනම් විරහිත කරුණු මූලික කරගත් පොලිස් පැමිණිලි ඉදිරිපත් කර මා අයුක්තිසහගත ලෙස අත්අඩංගුවට ගෙන මා කෙරෙහි සාවද්‍ය ලෙස, මිනී මැරීම වැනි වරදක් ආරෝපණය කර මරණීය දණ්ඩනය හෝ ඒ හා සමාන වෙනත් යම් දඩුවමක් ලබා දෙමින් දේශපාලනිකව මා කෙරෙන් පළිගැනීමට දරණ ප්‍රයත්නය වහාම වලක්වාලන්නට අවශ්‍ය කටයුතු සලස්වන ලෙස ද

ඉ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ගොලීය සංවිධාන විසින් පිළිගෙන ඇති නමුත්, යට කී දුක්ගැනවිල්ල සලකා බැලීමේ දී මා කෙරෙන් අහිමි වී ඇතැයි හෝ එසේ වීමට ආසන්න වී ඇතැයි කොමිෂන් සභාව විසින් නිශ්චය කරන දේ සම්බන්ධයෙන් මා කෙරෙහි යුක්තිය ඉටු කරන ලෙස ද

ඊ. මට හා මගේ පවුලේ සාමාජිකයින්ට සිදු වූ මානසික කම්පනයන් සදහා සුදුසු වන්දියක් ගෙවන ලෙස නිසි ආයතනයන්ට නියෝග කරන ලෙස ද

උ. මෙකී තර්ජනය හේතුවෙන් මා හා මගේ බිරිද ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත සිදු වූ රැකියා අහිමි වීම ඇතුළු ආර්ථිකමය හා සමාජයීය හානි යළි පූර්ණය කරන ලෙස ඒ ඒ අධිකාරීන්ට විවෘත නියෝගයක් කරන ලෙස ද

මම, මෙම කොමිෂන් සභාවෙන් ගෞරව බහුමානයෙන් යුක්තව ඉල්ලා සිටිමි.මේ සම්බන්ධයෙන් ඔබෙන් ලැබෙන සහාය ඉතා අගය කොට සලකමි.

ස්තූතියි,

අත්සන් කළේ
ටී.එම්.බී.එම්.පී. තෙන්නකෝන්

පිටපත් –
1. පොලිස්පති – අවශ්‍ය කටයුතු සදහා
2. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම – දැ.ගැ.පි. (පරිවර්තනය)
3. සියලු තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් – දැ.ගැ.පි. (පරිවර්තනය)

Published on: Dec 16, 2019- පසුගිය 25 වැනිදා ගෝඨාභයගේ සුදුවෑන් කල්ලිය විසින් පැහැරගනු ලැබු ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ වීසා අංශයේ සේවිකාව වන ගානියා සිල්වෙස්ටර් ෆ්‍රැන්සිස් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ස්විට්සර්ලන්ත රජයේ ඉහලම රාජ්‍යතාන්ත්‍රිකයෙකු අතර සාකච්ඡාවක් අද පැවැත්වුනා.ඒ අනුව අදාළ පැහැර ගැනිමට ලක්වු කාන්තාව සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනිමට ජනාධිපතිවරයා එකඟතාව දක්වා ඇති අතර ඇයට රටින් පිටව යැමට අවශ්‍ය නීතිමය බාධාව ඉවත් කිරිමටද එකඟතාව පලකර තිබේ.ඒ සදහා සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සහ රජය මැදිහත් විම අත්හැරිය යුතු බවට ගෝඨාභය ජනාධිපතිවරයා ඉල්ලිමක් කර තිබේ.

මාධ්‍යවේදි කීත් නොයාර් පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි මතභේදාත්මක විමර්ශන රැසක මූලිකත්වය ගෙන කටයුතු කළ අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තට යැමට වීසා ලබාදීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනිම සදහා ශ්‍රි ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ වීසා අංශයේ සේවිකාවක් ගෝඨාභය රාජපක්ෂගේ සුදු වෑන් කල්ලිය විසින් පැහැරගෙන ගොස් පැය 3කට ආසන්න කාලයක් ඇය වෑන් රථය තුලදිම ප්‍රශ්ණ කිරිමට ලක්ව ඇති අතර එම කාලය තුල වෑන් රථය නොනවත්වාම ගමන් කර තිබේ.ඇයගේ ජංගම දුරකතනද ඔහු විසින් ලබාගෙන ඇති අතර එහි දත්ත පිටපත් කිරිමක් ද සිදුකර තිබුනා.

පසුව ඇය අසත්‍ය පතුරුවන බවට රාජපක්ෂ ජඩ මාධ්‍ය කල්ලිය දිගින් දිගටම අසත්‍ය ප්‍රචාර රැගෙන ගිය අතර පසුව පැහැරගනු ලැබු ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ වීසා අංශයේ සේවිකාව වන ගානියා සිල්වෙස්ටර් ෆ්‍රැන්සිස් ලබාදුන් සාක්ෂි හේතුවෙන් ආණ්ඩුව බරපතල අවුලකට මුහුණ දි සිටියා. පසුව ජනාධිපතිවරයා ව්සින් ස්විස්ටර්ලන්ත රජයට කල ඉල්ලිමකට අනුව අද රජයේ ඉහලම පෙළේ නියෝජිතයෙකු මෙම හමුවට සහභාගි වි ඇත්තේ. ඒ අනුව අදාළ කාන්තාව පැහැර ගැනිම ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් කම්ල් ගුණරතන විසින් සිදුකල බව දැන් මනාව තහවුරු වි අවසන්.

දප්පුලගේ කුලප්පුව…..

මේ අතර බරපතල තර්ජනයකට සහ ලිංගික හිංසනයකට ලක් වූ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය සහ තානාපති කාර්යාලය ශ්‍රි ලංකාවේ කිර්තීනාමයට අපහසයක් කල බවට පවසමින් පැහැර ගැනිමට ලක්වු කාන්තාවට එරෙහිව නඩු පැවරිමට නීතිපති දප්පුල ද ලිවේරා නීයෝග කර තිබේන බව වාර්තා වේ.පැහැර ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් පලමු පියවරේ පරික්ෂණයන්ද මේ දක්වා අවසන් වි නොමැති අතර රාජපක්ෂවාදී විවිධ මඩ වෙබ් අඩවි මෙන්ම හිරු දෙරණ නෙත් ඇතුළු විද්‍යුත් නාලිකා කිහිපයක් ද එක්ව රහස් පොලිසියට කළ ප්‍රකාශ යැයි අමූලික අසත්‍ය කතා ප්‍රචාරය පාදක කර ගනිමින් මෙම නඩු පැවරිම සිදුකිරිමට කටයුතු කරමින් සිටි.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට චොදනා කරමින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගලවා ගැනිම සදහා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර වරදකරු කිරිම සදහා බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන සමඟ හවුල් වී බොරු නඩුවක් ගොනු කිරිමට කටයුතු කල අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේන්ද මෙම චොදනාව සනාථ කර තිබේ.

දිගින් දිගටම ගෝඨාභය ඇතුලු රාජපක්ෂලා ආරක්ෂා කර ගැනිමට මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත කටයුතු කල නීතිපති ලීවේරා සිරිසේන ජනාධිපතිවරයාගේ සුවච කීකරු ගෝලයෙකු බව අවස්ථා ගණනාවකදි තහවුරු කල අයෙකුද වනවා. මේ වනවිට රාජපක්ෂලාගේ හොදහිත දිනා ගැනිමේ මෙහෙයුමක නිරත ලීවේරා මේ උත්සහ කරන්නේ ගෝඨාවද ගොනාට අන්දවන්‍ ය.

ඒ අනුව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම, රජය අපහසුතාවට පත්කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් ස්විස් තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(16) නියෝග කර තිබේ.

http://lankanewsnetwork.org/archives/21692

http://lankanewsnetwork.org/archives/21736

http://lankanewsnetwork.org/archives/21755

http://lankanewsnetwork.org/archives/21940

Published on: Dec 16, 2019- දෙමළ ජනතා විරෝධි ගෝඨාගේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය EPDP නායක ඩග්ලස් දේවානන්ද නීති විරෝධී වැලි කැණීම සියතට ගෙන ඇති අතර මේ දක්වා උතුරේ ප්‍රදේශ කිහිපයක වැලි කැණීමේ ව්‍යාපාරය කරගෙන ගිය ව්‍යාපාරිකයින් බියවද්දා ඔහුන්ගේ දේපළ වලටද අලාභහානි කර තිබේන බව අප උතුරේ දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

සිය වැලි මාෆියාව මෙහෙයවිම සදහා ආයුධ සන්නද්ධ 20 දෙනෙකුගෙන් යුත් ත්‍රස්ත කණ්ඩායමක්ද අමාත්‍යවරය විසින් මෙහෙයවනු ලබන අතර ඔහුන් විසින් උතුරේ වැලි කැණිමේ ව්‍යාපාරය සිදුකල සිංහල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු එම ප්‍රදේශ වලින් එළවා දැමිමටද කටයුතු කර තිබේ.

නැඟෙනහිර වඩමරාඩ්චි හි තෙන්මරාඩ්චි සහ යාපනයේ දූපතක් වන වේලානායි හි යන ප්‍රදේශ වල ව්‍යාපාරිකයන්ගේ දේපළ සියල්ලම ගිණී තබා විනාශ කර ඇති අතර තසායාඩි සිට වඩ්මරාඩ්චි නැගෙනහිර නාකර්-කොයිල් දක්වාත්, චාවේකාච්-චෙරි, තානන්කිලාප්පු, කෙරුඩාවිල්, කච්චේ සහ කේට්පාලි යන තේමාරද්ලාහිත් දක්වාත් ජාවාරම දැන් දියත් වෙමින් තිබේ.

අසරණ වු ජනතාව සහ සේවකයින් මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ විට, පොයින්ට්-පේද්‍රෝ හි ශ්‍රී ලංකා පොලිසිය මේ සඳහා පියවර ගෙන නැති අතර පොලිසිය පැමිණිල්ල සටහන් කර ගැනිම පවා සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර වඩමරාඩ්චි හි පුද්ගලයින් දෙදෙනෙකු සහ වාහන අල්ලා පොලිසියට භාර දී දුන්නද පසුව රහසේම ඔහුන් නිදහස් කර යව තිබේ.

Published on: Dec 16, 2019 – 2016 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රී පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසන්නයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු එම්. දිලුම් තුසිත කුමාර යන අයගේ බිරිඳ, වයස අවුරුදු එකහමාරක් වන කුඩා දියණිය හා දෙමාපියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින්  විසින් රඳවා ගෙන තිබේන බව කොළඹ අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ගෝඨාගේ පොලිස් සුනඛ අජිත් මෙත්තානන්ද

ගෝඨාගේ පොලිස් සුනඛ අජිත් මෙත්තානන්ද

පාඨලී චම්පික රණවකගේ රියදුරු පදිංචිව සිටින ගාල්ල ඉමදුව නිවසේදී ඊයේ රාත්‍රී 12.30ට පමණ පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද නමැති නිලධාරියෙකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර පසුව ඔහුන් චම්පික රණවක මන්ත්‍රීවරයා පදිංචිව සිටින බත්තරමුල්ල ජයන්තිපුර නිවස අසලට රැගෙනවිත් පොලිස් ජීප් රථයක රඳවා ගෙන සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.(අවුරුදු එකහමාරක් කුඩා දියණියක බලහත්කාරයෙන් රදවා ගන්නා ගෝඨාගේ ජඩ පොලිසියට ස්විස් තානාපති කාර්‍යාල සේව්කාවක් පැහර ගැනිම කජ්ජක්ද?)

එම ස්ථානයට ගිය නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක පොලිස් පරික්ෂකවරයාග්න් කරුණු විමසා ඇති අතර එහිදි ඔහු සදහන් කර ඇත්තේ “අපි මොනවා කරන්නද සර්.. අපිට කියන දේ අපි කරනවා ” යනුවෙනි.

අදාළ රීය අනතුර සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්ෂණ සදහා අවශ්‍ය නීතිඥ සහය ලබාදෙන්නේද නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක ඇතුලු නීතිඥවරුන් කණ්ඩායමකි.ඊයේ රාත්‍රියේ සිදුවු මෙම බලපෑම මෙන්ම තවමත් රදවාගෙන සිටිම පිළිබඳව මේ වනවිටත් අධිකරණමය සහ මානව හිමිකම් අහිමි කිරිම සම්බන්ධයෙන් කටයුතු කිරිම ආරම්භ කර තිබේන බවද නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක සදහන් කර තිබේ.

අදාල රිය අනතුර සිදුවු දිනයේම පොලිසියට සහ අධිකරණයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට අමාත්‍යවරයා ඇතුලු කණ්ඩායම කටයුතු කල අතර මේ වනවිට සිදුවන දේශපාලන පලිගැනීම් සදහා මෙම අනතුර යොදවා ගනිමින් සිටින අතර ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ චම්පික රණවක අමාත්‍යවරය සමග බරපතල අවුලක් සිටින මානසික ව්‍යාධියකින් පෙලෙන උදය ගම්මන්පිල නැමති ගෝඨාභයගේ වන්දී භට්ටයා බවද නොරහසකි.

මහින්ද අවුල් ….

ගෝඨාභය රාජපක්ෂගේ සහ ඔහුගේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් දැඩි ලෙස ඌරණ වි සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනගත් මොහොතේම ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දරට දුරකතනය ඔස්සේ ජාතිය අමතයා ඇති බව මහින්දගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අනාවරණය කර තිබේ.අද අලුයම මහින්ද ජයසුන්දර අමතා බැනවැදි අතර ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සම්බන්ධ කර ගැනිම්ට ගත් උත්සහ කලද එය එම අවස්ථාවේ සාර්ථකත නොවු බවද නාමල් සදහන් කර තිබේ.

මිට අමතරව ආණ්ඩුවේ පාර්ශවයන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් දැනුවත් කිරිමට වහාම කටයුතු කරන ලෙසද මහින්ද ජයසුන්දරට නියෝග කර තිබේ.

 

Published on: Dec 14, 2019- රට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් ජනාධිපතිවරයාට ඉන් ගොඩයාම සඳහා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් ලංකාවට වැඩි වැඩියෙන් ඩොලර් එව්වොත් හොඳ බව පවසමින් මැතිවරණ සමයේ ඡන්ද සිගාකමින් ගිය කහසිවුරු දාගත් කසඩ චීවරධාරින් දැන් ජනතාව මුලාකිරිමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

”අලුත් ආණ්ඩුව පත්වෙලා තව මාසයක්වත් වුණේ නැහැ නේ, දැන් රටට අමාරුයි. ඒ නිසා මගේ ඉල්ලීම පිටරට ඉන්න සියලුම අයගෙන් මෙහෙට ඒගොල්ලා ඩොලර්ස් ඒවුවොත් ඒක රටට හොඳයි, ඒගොල්ලන්ටත් හොඳයි.” යැයි නර්ස්ලාගේ සතුටු වෙන මහින්දලාගෙන් කනබොන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රාජපක්ෂලාගේ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලය වන නාරහේන්පිට අභයාරාම විහාරස්ථානයේ කැඳවා සදහන් කර තිබේ.

විශේෂයෙන්ම පසුගිය රජය සමයේ ලෙඩ්ඩුන්ට හෙන ගැසූවද තම පඩිය ගැන සිතා වර්ජනය කළ යුතු බවට ලංකාවේ හෙද හෙදියෝ මෙහෙය වු උන්වහන්සේ රජයේ සේවකයන්ගේ අතිකාල දීමනා අත්හිටුවමින් රජය ක්‍රියා කරන්නේ  ආර්ථික අර්බුදයට මුහුණ දීමට බව කිසිදු හිරිකිතයකින් තොරව මෙහිදී වදාළා ඇත.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මෙලෝහසරක් නොදැන පත්තරය බලමින් රට පාලනය කරද්දී රනිල් වික්‍රමසිංහගේ රජය කුමන අපහසුතා උඩ උවත් ජනතාව පිට බර පැටවූයේ නැත,අතිකාල කැපුවේ නැත. අත්‍යවශ්‍ය භාණ්ඩ්ව වල මිල මිල 2015 ට පෙර තිබු මිල ගනන් වලටත් වඩා අඩුවෙන් පවත්වාගෙන ගිය අතර කිසිවිටක අත්‍යවශ්‍ය බඩු මිල ගනන් 2015 ට පෙර තිබු මිල ඉක්මවා යෑමට ඉඩ දුන්නේ ද නැත .

එලෙස පවත්වාගෙන ආ ආණ්ඩුවක් ගෝඨාභය ඇතුලු රාජපක්ෂලා,ජාතිවාදි,අන්තවාදී චීවරධාරින් මෙන්ම කාදිනල්ගේ “සහරන්” භාවිතා කර 2019 නොවැම්බර්16 වැනිදා වෙනස් කර ගනු ලැබීය. බලය ලබා ගත් පොහොට්ටුකාරයෝ දැන් රටට ජනතාවට පවසන්නේ රට ගෙන යාම සදහා මුදල් නොමැති බැවින් පටි තද කර ගන්නා ලෙසයි.

පසුගිය වසර හතර පුරාම අගලක් හෝ රට ඉදිරියට යද්දි අංචි ඇද්ද, කකුල් මාට්ටු දැමූ රාජපක්ෂලා උල්ලංඝනය ,පාස්කු ප්‍රහාරය,උද්ඝෝෂණ ,අන්තවාදී ක්‍රියා ක්‍රියාත්මක කරද්දි රනිල් වික්‍රමසිංහ රජය අපහසුකම් කියමින් ජනතාව ඉදිරියේ හෝ ලෝකයා ඉදිරියේ හඬා වැලපුණු බව අපට නම් මතක නැත.

ගෝඨාභය රාජපක්ෂ දිව්රුම් දුන් සැනින් ජනතාව ගොනාට ඇන්ද වීමට සහ ව්‍යාපාරිකයන් පිනවීම සදහා VAT බද්ද 8% දක්වා අඩු කල අතර එම අඩු කිරිම හරහා රට මුහුණ දෙන විපත අප එදිනම අවධාරණය කළෙමු. (නත්තලට කලින් ආ අප්පොච්චා බිලියන 530ක ආදයමට කෙලී … ජනතාව මුලාවේ දමා බද්දට කෙලවා රටට කෙලවන හැටි මෙන්න… අඩුකරනවා කිව්වේ කටින් විතරයි… ගැසට්ටුව තවම නෑ) යනුවෙන් Published on: Nov 29, 2019 දින කල අනාවරණය පහතින් කියවන්න.

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන හැමදාම ගැලරිය පිනවන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වැට් බද්ද 8% දක්වා අඩු කිරීමෙන් වැඩි සතුටක් ලැබුවේ ධනවත් ව්‍යාපාර හිමි කරුවන්‍ ය. VAT 8% අඩු වූවත් සාමාන්‍ය ජනතාවට තවමත් එමගින් ලැබුණු එකදු ප්‍රතිලාභයක් හෝ නොමැත. හාල්,පාන්පිටි,කිරිපිටි, බී ලූණු, එලවලු ඇතුළු බොහෝ පාරිභෝගික භාණ්ඩ මිල අහස උසටය. පාර්ලිමේන්තුව වසා දමා තිබීම නිසා තවම අහිමි එහෙත් අනාගතයේ හෝ ජනතාවට ලැබෙන VAT බදු සහනය ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාවක් රජයට නොමැත.

ලග ආතල් ගන්න ජන සමාජයක් සිටින ශ්‍රී ලංකාවේ 69 ලක්ෂයක් ජනතාව උඩ පැන්නට ගත්ත ආතල් එක ක්ෂණික මෝචනය ලෙස පහව යැමට ගතව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි.

හිටපු මුදල් ඇමතිගේ අනාගත වාක්‍ය..

ශ්‍රී ලංකාවද වසර 2021 වන විට ආර්ජන්ටීනාව මුහුණදුන් ආකාරයේ ආර්ථික බිඳවැටීමකට ලක් නොවීමට නම් තමා විසින් හඳුන්වා දුන් හා ක්‍රියාත්මක කරගෙන යනු ලැබූ මූල්‍ය විනය (fiscal discipline) දිගටම පවත්වාගෙන යන්නැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අලුත් ආණ්ඩුවේ බලධාරීන්ට පවසයි.

ඔහු විසින් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් එම ඉල්ලීම කර තිබේ. එහි මෙසේ සඳහන් වේ.

”භික්ෂූන් වහන්සේලා විසින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ආධාර ඉල්ලා සිටීම අප රට මුහුණ දී තිබෙන බංකොලොත්භාවයෙන් ගලවා ගැනීමට සමත් වන්නේ නැත. ශ්‍රී ලංකාවද වසර 2021 වන විට ආර්ජන්ටීනාව මුහුණදුන් ආර්ථික බිඳවැටීමකට ලක් නොවීමට නම් මා විසින් හඳුන්වා දී ඇති හා ක්‍රියාත්මක කරගෙන යනු ලැබූ මූල්‍ය විනය (fiscal discipline) දිගටම පවත්වාගෙන යායුතුය.”

පසුගිය රජය වැට් බද්ද 15% ඉහල නැංවූ නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිවන්නට ඉඩ දුන්නේ නැත. එහි බලපෑම ඇති වූයේ ව්‍යාපාර වෙත ය. විවිධ බදු මගින් රජයට අයවිය යුතු ව්‍යාපාරිකයන් විසින් ගෙවිම් පැහැර හැර තිබු බදු අය කර ගැනීමට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කලේය.ණය මුදල් ගෙවන ගමන්ම රජයේ සේවකයන්ට 107%ක් පඩි වැඩි කිරිමට කටයුතු කලේ ය. පසුගිය රජය වසර 4ක කාලය තුල ඩොලර් හිගා කන්නට ගියේ නැත.ආනයනය අඩු කර, අපනයනය වැඩි කිරිමට පියවර ගත්තේ ය. සියලු අර්බුද ජය ගනිමින් නව ව්‍යාපාර ආරම්භ කිරිමට විශාල ණය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා හරහා ජනතාවට ලබා දීමට පසුගිය යහපාලන රජය කටයුතු කලේය.

විමලේගේ වෙබ් අධවිය කියන තිත්ත ඇත්ත….

https://lankacnews.com/%e0%b7%84%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a-100-%e0%b6%b4%e0%b6%b1%e0%b7%93-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b6%ab%e0%b7%94-500-%e0%b6%b4%e0%b6%b1%e0%b7%93-%e0%b6%91%e0%b6%bd%e0%b7%80/

රාජපක්ෂලා වසර 10 ක පාලන සමය තුල ගෙන ගිය මුදල් ප්‍රතිපත්ති සාර්ථක නැත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැවත පත් කර ගත්තේද පරන තක්කඩි රැලමය.එම නිසා රට ගොඩ ගැනිම කෙසේ වෙතත් ආජන්ටිනාවට සිදු වූ දේ ඉදිරියෙදි ශ්‍රී ලංකාවට සිදු වනු ඇත.

එවිට රට රකින්න ආපු පිරිස් විසින්ම ඉදිරියෙදී රට විකිනිමෙන් විදේශිකයන්ගේ යටත්කරුවන් ලෙස සිටිමට “මහා ජාතිය” යැයි කියන උන්ට සිදු වනු ඇත.

ජාතික ආරක්ෂාව ඇති කරන්නත්, මහ ජාතිය නොව මොන ජාතිය රැක ගන්නත් රටේ ආර්ථිකය ස්ථාවර විය යුතුය. පුක කසා ගැනීමට නියපොත්තක් නැති ජාතියට දැන් පටි තද කර ගැනීමට සිදුව තිබේ. 69 ලක්ෂයක් ජනතාවගෙන් අහන්න තියෙන්නේ “දැන් සැපද” කියා පමනී.

http://lankanewsnetwork.org/archives/21799

 

Published on: Dec 14, 2019 – මහමැතිවරණයට ඉදිරිපත් විම සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙකම මේ වනවිට අර්බුදයකට මුහුණ දි සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.එක්සත් ජාතික පක්ෂයේ සජිත් කණ්ඩායම මේ වනවිට මහා මැතිවරණයට ඉදිරිපත් විම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේන අතර ජනාධිපතිවරණයට මුහුණ දුන් ආකාරයටම සියලුම පක්ෂ එක්ව තරගකලහොත් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනිමට හැකියාව ඇති බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වි ඇති අතර දෙමළ සන්ධානය සහ මුස්ලිම් පක්ෂ ඇතුලු සෙසු පක්ෂ එජාප නායකත්ව අර්බුදය හමුවේ  තින්දුවක් ගැනිමට තවමත් සුදානමක් නොමැති බවයි වාර්තා වන්නේ.ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෘත්‍යාධිකාරි මණ්ඩලය කැදවන ලෙස මේ වනවිට ඉල්ලා ඇත්ත එයට පක්ෂ නායකත්වයෙන් තවමත් පිළිතුරු ලැබි නෑ.

පොහෝට්ටු අර්බුදය 

ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් විය යුතු ආකාරය පිළිබඳව ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් සන්ධානය ප්‍රමුඛ පොදුජන  සන්ධානයේ සාමාජික පක්ෂ සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අතර බරපතළ මත ගැටුමක් ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නාමයෙන් හා පොහොට්ටු ලකුණෙන් එම සන්ධානය මහමැතිවරණයට ඉදිරිපත් විය යුතු බව පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගේ මතය වි ඇති නමුත් එයට අනෙකුත් පක්ෂවල සාමාජිකයන් එකඟ නොවීමත් මෙම මත ගැටුමට හේතුව වී තිබේ.

පොදුජන පෙරමුණේ ප‍්‍රබල සාමාජිකයන්  ඒ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු තම සන්ධානයේ එක් පක්ෂයක් පමණක් බවත්, එම පක්ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවත් එම සන්ධානයේ සාමාජික පක්ෂ නායකයන් ප‍්‍රකාශ කර තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට පොහොට්ටුවෙන් මහමැතිවරණයට ඉදිරිපත් වීමට වුවමනා වී තිබෙන්නේ නාමයෝජනා පිළිබඳ ඒකාධිකාරය ඔවුන් සතුව තබාගැනීමට වන අතර විමල් සහ ගම්මන්පිල මෙන්ම වියත්මග,එළිය සංවිධානයන්ද පාලයන කිරිම බැසිල්ගේ මෙහෙයුම වි තිබේ.

මේ අතර නව සන්ධානය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරියේ දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ යුතුයැයි දෙසැම්බර් 02 වැනිදා පොදුජන පෙරමුණේ නායකයන් අතර පැවති රැුස්වීමේදී පක්ෂ නායකයන් පිරිසක් බලපෑම් කර තිබේන අතර  එම බලපෑම මත, සන්ධානය ලියාපදිංචි කිරීමේ කටයුතු පිළිබඳ වගකීම මීට පෙර එක්සත් සමාජවාදී පෙරමුණේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති රාජා කොල්ලූරේට බාරදී තිබේ.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සදහන් කළේ එළැඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ පුටුව ලකුණින් තරග කරන බවත් පක්ෂ 17ක් එක්ව පසුගිය ජනපතිවරණ සමයේදී අත්සන් කළ ගිවිසුමේ ඒ බව සඳහන්ව ඇති බවත්ය.

Published on: Dec 13, 2019- යාපනය ශික්ෂණ රෝහලේ හෙද සේවා ස්ථානභාර නිලධාරියා ස්වකිය රාජකාරි කාලය තුළ නීති විරෝධී ඉපැයීම් මෙන්ම කාන්තා හිංසනයන් සිදුකරන බවට චෝදනා එල්ල වී තිබේ.

හෙද සේවයේ සේවිකාවන් බොහෝ දෙනෙකු මොහුගේ ලිංගික හිරිහැර කිරීම් ඇතුළු හිංසන ක්‍රියාවන් නිසා පීඩා විඳින බවත්, ඔහු යටතේ සේවය කිරීමට බලවත් අපහසුතාවන්ගෙන් පෙළෙන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

හෙද සේවිකාවන් ඔහුගේ රාජකාරිමය නොවන ඉල්ලීම් හා බලපෑම් නොතකා හැරීමේදී හෝ ඔහුට එරෙහිව ක්‍රියා කිරීමේදී රාජකාරිමය වශයෙන් විවිධ පැවරුම් ලබාදෙමින් අනිසි වගකීම් සහිත බරපැටවීම් හා කළ නොහැකි තරමේ රාජකාරි පවරා පීඩාවට පත් කරන බව සඳහන්ය.

යාපනයේ ශික්ෂණ රෝහලේ කාන්තා සෞඛ්‍ය සේවිකාවන්ට සිදුවන ලිංගික හිරිහැර පිළිබඳ මෙන්ම කාන්තාවන්ගේ අත්දැකීම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා, වෛද්‍යවරුන් ඇතුළු කාන්තා සෞඛ්‍ය සේවකයින් 105 දෙනෙකු සහභාගි කරවා ගනිමින්  ඉතා රහසිගත ලෙස ඉහළ පෙළ රහස් පරීක්ෂකයින් විසින් ගවේෂණාත්මක අධ්‍යයනයක් සිදු කර තිබේ.

යාපනය ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු හෙදියන්, සෞඛ්‍ය සේවා සහායකයින්, පරිපාලන ක්ෂේත්‍රයේ සහ වෙනත් වෛද්‍ය නොවන කාර්ය මණ්ඩලයද මෙයට සහභාගි කරවාගෙන ඇත.

ඒ අනුව එහිදී ලිංගික හිංසනය පිළිබඳ සිද්ධීන් 128 ක් අත්විඳින ලද කාන්තාවන් 77 දෙනෙකු විසින් ස්වකීය අත්දැකීම් ප්‍රධාන කොටස් හතරක් යටතේ වාර්තා කරන ලදී.

එහිදී හෙද ස්ථානභාර නිලධාරියා විසින් වාචිකව ලිංගික බලපෑම් කිරීම පළමු වර්ගයයි. දෙවනුව හෙද ස්ථානභාර නිලධාරියා ඇතුළු කිහිප දෙනෙකු විසින් මානසිකව හිරිහැර කිරීමයි. තෙවනුව පරිපාලනමය හා වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල නිලධාරීන් විසින් ලිංගික අභිනයන් පෑම හා අනවශ්‍ය නිරාවරණය කිරීම්ය. සිව් වෙනුව හෙද ස්ථානභාර නිලධාරියා සහ වෙනත් වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල නිලධාරීන් විසින් අයුතු ස්පර්ශ කිරීම්ය.

කෙසේ වෙතත් මෙවන් අකටයුතුකම්වලට ලක්වූ කාන්තාවන් පැමිණිලි කිරීමට මැලිකමක් දැක්වූ අතර, ඔවුන්ගේ රැකියා ගැන බියෙන් හෝ එසේ කළහොත් යාපනයේ ශික්ෂණ රෝහලේ කීර්ති නාමයට හානිවීමක් සිදුවිය හැකි යයි අපේක්ෂා කර තිබේ. අනෙක් අතට තවත් බොහෝ දෙනෙකු විසඳුම් සඳහා කළ යුත්තේ කුමක්දැයි නොදැන සිටිය බවද, මෙහිලා අනාවරණය විය.

මෙහිදී ප්‍රධාන වශයෙන් අනාවරණය වී ඇත්තේ හෙද ස්ථානභාර නිලධාරියාගේ අනීතික ක්‍රියා කලාපය වන අතර බොහෝ විට කාන්තා විවාහක හෙදියන්ගෙන්, කාන්තා සෞඛ්‍ය සේවිකාවන්ගෙන් වාචික හැසිරීමෙන් නින්දා සහගත ස්වභාවයේ විහිළු, තර්ජනාත්මක හෝ අසභ්‍ය වචන භාවිතය, ලිංගික සබඳතාවකට යෝජනා හෝ ලිංගික අනුග්‍රහයන් අපේක්ෂා කර තිබේ.

Published on: Dec 13, 2019 – සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ සටන මෙහෙයවු සහ ඔහු පක්ෂයේ නායකත්වයට ගෙන එම සදහා කටයුතු කරන පුද්ගලයන් ඉලක්ක කර දියත් කරමින් තිබු මර්දනය මේ වනවිට වර්ධනය කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරණය අවසන්වි මාසයක් වත් ඉක්මවන්නට පෙර ස්විස්ටර්ලන්ත තානාපති කාර්‍යාල සේවිකාව පැහැර ගැනිමේ සිට මාධ්‍යවේදීන් ඉලක්ක කර එල්ල වු සහ එල්ල වන මර්දණය ව්‍ය හොදින්ම නිරූපණය කරයි.

මහා මැතිවරණයක් හෝ තීරණාත්මක අවස්ථාවක් රටතුල හටගතහොත් එහිදි ගෝඨාභය ඇතුලු රාජපක්ෂ කදවුර ආරක්ෂා කර ගැනිමට නම් රනිල් වටා සිටින හෙංචයියන් ඉතුරු කර සජිත් ඇතුලු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වටා ගොඩනැගුන බලවේග මර්දණය කිරිම සදහා මෙම මෙහෙයුම් දියත් වන බව ඉතා පැහැදිලිය.

විශේෂයෙන්ම මැතිවරණ ව්‍යපාරය තුල සක්‍රීයවම මාධ්‍ය මෙහෙයවමින් රාජපක්ෂලාට පහර පිට පහර දුන් කණ්ඩායම් ජනාධිපතිවරණය අවසන් වු වහාම ඉලක්ක කර පහරදිම ආරම්භ කල අතර ඒ සදහා සිංහල අන්තවාදී කණ්ඩායම් යොදා ගැනිමට කටයුතු කරමින් සිටින අතර ඒ පසුපස දෙරණ දිලිත් ජයවීර සහ හිරූ නාලිකාවේ රේනෝද සිල්වා සිටින බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ඉලක්කගත කණ්ඩායම් …

සිංහලේ සංවිදානයේ මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් ඉලක්කගත කණ්ඩායම් වෙනුවෙන් පහරදෙන අයුරු ඉතා පැහැදිලිය දැඩි මහින්ද වාදියෙකු වන ඔහු මේ වනවිට මහින්ද පිළට මහ මැතිවරණයකදි බලපෑම් එල්ල කල හැකි කණ්ඩායම් ඉලක්ක කර පහරදෙන අයුරු ජනාධිපතිවරණ සමයේ මෙන්ම ඉන් පසුවද හොදින්ම දකින්නට ලැබුනා.

ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය එකකය මෙහෙයවු කණ්ඩායම් ඉලක්ක කර පහරදිමට කටයුතු කල උන්වහන්සේ  ජනාධිපතිවරණ සමයේද හිරූ සහ දෙරණ නාලිකා වලට එරෙහිව දියත් වු සමාජ විරෝධය වෙනුවෙන් විවිධ පුද්ගලයන්ට පවා චොදනා කිරිම්න් නතර නොවි පොලිසියේ පැමිණිලි කිරිමටද කටයුතු කර තිබුනා.

භාරත තෙන්නකොන් ඉලක්ක විම….

මහා මැතිවරණයක් හෝ තීරණාත්මක අවස්ථාවක් රටතුල හටගතහොත් එහිදි ගෝඨාභය ඇතුලු රාජපක්ෂ කදවුර ආරක්ෂා කර ගැනිමට නම් රනිල් වටා සිටින හෙංචයියන් ඉතුරු කර සජිත් ඇතුලු සමාජ බලවේග වටා ගොඩනැගුන බලවේග මර්දණය කිරිම සදහා මේ වනවිට විවිධ මෙහෙයුම් දියත් වන අතර සිංහලේ සංවිදානයේ මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන්ද එහි විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටි. ඒ අනුව සජිත්ගේ මාධ්‍ය එකකයේ ක්‍රියාකාරි මාධ්‍යවේදීයෙකු ලෙස කටයුතු කල  භාරත තෙන්නකෝන් ඉලක්ක කර පහරදිම පසුගියදා සිදුවු අතර ඒ සදහා ඔහු විසින් පාස්කු ප්‍රහාරයට පෙර Facebook හී තැබු සටහනක් උපුටා දැක්විමට කටයුතු කර තිබේ.

සිංහලේ සංවිධානය විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක්ද සිදුකර තිබේන අතර එහි දක්වා ඇත්තේ

උපුටා ගැන්ම වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලෙන්

“පාස්කු ප්‍රහාරයට අදාලව රාජිත සේනාරත්න මහතා විසින් 2019 මැයි මස පවත්වන ලද මාද්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ තම රජය විසින් බුද්දි අංශ හරි හැටි පාවිච්චි නොකළ බවකි , එම මාද්‍ය හමුවේම පැහැදිලි වශයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ හිටපු ජනාදිපති සිරිසේන මහතාගේ ලේකම් වරයකු මෙම ප්‍රහාරය කලින් දැනගෙන සිටි බවකි . ඒ සදහා ඔහු භාරත තෙන්නකෝන් නමැත්තාගේ Facebook පිටුව ගෙනහැර දක්වයි .”

“ඔහුගේ Facebook පිටුවේ අප්‍රේල් 16 වන දින මෙසේ සදහන් කර ඇති බව දක්වයි ” එක බොහෝ විට හද කකියන මයිල් කෙලින් වෙන ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්න පුළුවන්” භාරත තෙන්නකෝන් නැමැත්තා දැනට සිරගතව සිටින හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ගෝලයකු බවත් හේමසිරි සමග මොහුගේ සම්බන්දයක් ඇති බවත් ජනාදිපතිවරයාට රාජිත විසින් මේ සම්බන්දයෙන් කි බවත් මාද්‍ය හමුවේදී රාජිත විසින් කරුණු පැහැදිලි කරන ලදී.”

“කෙසේ වෙතත් භාරත තෙන්නකෝන් නැමැත්තා එවකට හේමසිරි ප්‍රනාන්දු සභාපතිත්වය දරන ලද මහජන බැංකුවේ මාද්‍ය නිලදාරියා ලෙසද කටයුතු කර ඇති අතර මාද්‍ය නාලිකා ගණනාවක එනම් දෙරණ , ශ්‍රද්දා TV , මවුබිම පුවත්පත, ජාතික රුපවාහිනිය, නෙත් ගුවන් විදුලිය හා ගුවන් විදුලි සංස්ථාව එම ආයතනෑයන්ගේ සේවය කල අයෙකි .”

උපුටා ගැන්ම අවසන් 

හිරූ මාධ්‍ය ජාලයට එරෙහිව මඩ පොස්ටර් ඇලවිමේ සිද්ධිය සම්බන්ධයෙන්ද සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ද පැමිණිල්ලක් කර තිබුන අතර එවකට හිරූ නාලිකාවට එරෙහිව කතා කල සජිත් පිළ නියෝජනය කල බොහෝ පිරිසක් ඉලක්ක කර පහරදිමට එම පැමිණිල්ලෙන් කටයුතු කර තිබුනා.

මේ අතර www.dailymailsrilanka.com නැමති ආරක්ෂක අමාත්‍යාංශයට සම්බන්ධ කිසියම් පුද්ගලයෙකු විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් හරහාද සජිත් පිළේ ප්‍රබලයන් සම්බන්ධයෙන් අනාවරණයන් රැසක් කර තිබු අතර සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ද මාධ්‍ය හමුවේ කල අනාවරණයක්ද එහි අඩංගු වි තිබුනා.

උපුටා ගැන්ම –   www.dailymailsrilanka.com   වෙබ් අඩවියෙනි…

www.dailymailsrilanka.com  වෙබ් අඩවියේ පලවි තිබු පුවත –  ගෝඨාභයට මඩ ගහපු සජිත්ගේ Digital War ප්‍රධානින්ට වහාම නීතිය ක්‍රියාත්මක කරනු!- සිංහලේ සංවිධානය(Video)

https://dailymailsrilanka.com/%e0%b6%9c%e0%b7%9d%e0%b6%a8%e0%b7%8f%e0%b6%b7%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b8%e0%b6%a9-%e0%b6%9c%e0%b7%84%e0%b6%b4%e0%b7%94-%e0%b7%83%e0%b6%a2%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-digital-war/

ගෝඨා කදවුරට එල්ල වන ප්‍රහාර….

ජනාධිපති ගෝඨාභයගෙ සමීපතම මිතුරා වන නාලක ගොඩහේවා ඉලක්ක කර මේ වනවිට සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පහරදිම ආරම්භ කර තිබේ.පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් හිමියන් කියා සිටියේ “නාලක ගොඩහේවා බෞද්ධ වෙස්ගත් ක්‍රිස්තියානි මූලධර්මවාදියෙක්.. ගෝඨා හොරු ආරක්ෂා කරනවා” යනුවෙනි.

අචාර්‍ය නාලක ගොඩහේවා යණු එවැනි බොර්න් අගේන් කල්ලියේ පිල්ලියක් බවත් බෝර්න් අගේන් යනු ලෝකය පුරා ක්‍රියාත්මක මූලදර්මවාදී ක්‍රිස්තියානි නිකායකි. එයට ක්‍රිස්තියානි සභාවේ පවා කිසිඳු සහයක් නොලැබෙන සංවිධානයක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි පවසයි.

නාලක ගොඩහේවා යනු වියත්මගේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ ප්‍රබලම සාමාජිකයෙක් න අතර  ඔහු පසුගිය කාලයේ බෞද්ධ සැදැහැවතෙකු ලෙස පෙනී සිටියේ ඔහුගේ මූලධර්මවාදී ක්‍රිස්තියානි අනන්‍යතාවය සඟවමිනි.

නාලක ගොඩහේවා මෙන්ම මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිද ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපති කරවීමට ප්‍රබල කාර්යභාරයක් සිදුකළ හිමි නමකි. එහෙත් ඒ වෙනුවෙන් බලාපොරොත්තු වූ දේ නොලැබීම නිසා කෝපයට පත් උන්වහන්සේ මේ වනවිට තනිව ජයග්‍රහණය භුක්ති විඳින නාලක ගොඩහේවාගේ සැබෑ නිරුවත හෙළි කිරීම ආරම්භ කර තිබේ.

සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සිය විරෝධය දක්වමින් Facebook පොස්ටුවක් එක් කර තිබුනද  පොහොට්ටු පක්ෂයෙන් කල බලපෑම් හමුවේ සිය ෆේස්බුක් ගිනුමෙන් ඉවත්කරගෙන තිබේ.

දුමින්දගේ නිදහස වෙනුවෙන් හිරූ මාරාන්තීක සටන….

කූඩු දුමින්ද බේරා ගැනිමේ  හිරූ නාලිකාවේ සටන මේ වනවිට මාරාන්තික සටනක් බවට පත්වි හමාරය.මන්ද ගෝඨාභය ජනාධිපති විමෙන් අනතුරුව දිගින් දිගටම හිරූ නාලිකාවේ හිමිකරු දුමින්දගේ සහෝදරය වන රේනෝද් සිල්වා මගහැරිමයි.ඒ හේතුවෙන් ගෝඨාභයයට නීසි පිළිතුරු නැති පාස්කු ප්‍රහාරය ඇතුලු විවිධ මැරකම්,ජඩකම් සමාජයේන් අතුරුදහන් නොවිමට වග බලාගැනිම හිරූ මාධ්‍ය ජාලයේ මෙහෙයුම වි තිබේ.ඒ හරහා ගෝඨාභය හිර කර තබා ගැනිම ඔහුන්ගේ එකම අරමුණ වේ.ඒ සදහා කවදත් සිවුරට මුවාවි සිය ජඩකම් හසුරුවන රේනෝ ස්වාමින්වහන්සේලා ඒ සදහා යොදවා ගැනිම ආරම්භ කර තිබේන අතර ඥානසාර හිමියන් හරහාද “දුමින්ද සිල්වා”ට නිදහස ඉල්ලා සිටියේ මෙලෙසින්ය.

“. සමහර වෙලාවට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහත්තයගෙ පැත්තෙන් වෙඩි උණ්ඩ එල්ල වුණා. වාසනාවකට මේ මිනිහා මැරුණෙ නෑ. දැන් ජීවත් වෙන එකා අල්ලලා හිරේ දානවා. මේ කොතනද මේ වරද වුණේ ? ඒ හරි වැරැද්ද හොයන්නෙ නැතුව දේශපාලන වුවමනාවන්ට … ඒක හරි ප්‍රශ්නයක්. ඒක ගැන විශේෂ විමර්ශනයක් කරලා ඒ සමහර නඩු තීන්දු, ඒවගේ සුනිල් රත්නායක වෙන්න පුළුවන්, දේශපාලන සිරකරුවන් හැටියට ඉන්න උදවිය වෙන්න පුළුවන්. අපි දැක්කනෙ ඒ මිනීමැරුම කියන කාරණේ පැත්තකට ගෙනිහින් ඒක දේශපාලන බල පොරයක් කරගත්ත හැටි. ඒවා හරි වැරදියි. ඒ කියන්නෙ දවසක් හරි මිනිහෙක් හිරේ තියනවා කියන එක හරි අමාරු වැඩක්”

තීන්දුව ජනතාව සතුයි….

Top