Published on: Dec 8, 2019 – පසුගිය 25 වැනිදා ගෝඨාභයගේ සුදුවෑන් කල්ලිය විසින් පැහැරගනු ලැබිමෙන් භීතියට පත්ව ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ තුල සිටිමින් ප්‍රතිකාර ලබමින් සිටින තානාපති කාර්‍යාලයේ වීසා අංශයේ සේවිකාව (ගානියා සිල්වෙස්ටර් ෆ්‍රැන්සිස් ) රහස් පොලීසිය හමුවේ අද සවස පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදුන්නා.එහිදි ඇයගේ පැහැර ගැනිමට සම්බන්ධ සාක්ෂිමය සටහන් රැසක්ද ලබාදිමට ඇය සමත්ව ඇති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.

ඇය තානාපති කාර්යාලයේ සිට නිවස බලා ගොස් ඇති අතර පසුපසින් පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයන් සහිත සුදු වැන් රථයක් ඇයගේ නිවස ආසන්නයේදි පැහැරගත් අතර පැය 3කට ආසන්න කාලයක් ඇය වෑන් රථය තුලදිම ප්‍රශ්ණ කිරිමට ලක්ව ඇති අතර එම කාලය තුල වෑන් රථය නොනවත්වාම ගමන් කර තිබේ.ඇයගේ ජංගම දුරකතනද ඔහු විසින් ලබාගෙන ඇති අතර එහි දත්ත පිටපත් කිරිමක් සිදුකර තිබේන බවද පසුව අනාවරණය වි තිබේ.

මාධ්‍යවේදි කීත් නොයාර් පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි මතභේදාත්මක විමර්ශන රැසක මූලිකත්වය ගෙන කටයුතු කළ අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තට යැමට වීසා ලබාදීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනිම සදහා මෙම පැහැර ගැනිම සිදුකල බවත් එය ආරක්ෂක ලේකම්වරයාගේ පුර්ව දැනුවත් භාවය සහිත්ව සිදුව ඇති බවද අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු මීට පෙර අනාවරණය කළා.

පසුව දිගින් දිගටම ගෝඨාභයගේ ඉදුල් කල අජිත් ප්‍රසන්න සහ ඇතැම් චීවරධාරින්ද පැහැර ගැනිම නාටකයක් බවට පෙන්විමට උත්සහ කල අතර 8පාස් නැති අමාත්‍යවරුන් රැසක්ද මාධ්‍ය හමුවලදි එම රාජ්‍යතාන්ත්‍රික පැහැර ගැනිම හ්‍යාසයට ලක්කිරිමට කටයුතු කරමින් සිටියා.

ස්ව්ස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගියායැයි කියනු ලබන නාඩගමේ අලගිය මුලගිය තැන් මෙන්ම එම කුමන්ත‍්‍රණයේ සුලමුල ආණ්ඩුව මේ වනවිට හෙළිකරගෙන තිබෙන බවත් ඊට අදාළ සී.සී.ටී.වී දර්ශන ද සහිතව අදාළ තොරතුරු ළඟදීම රටට හෙළි කරන බවට කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග හෙවත් කප්පම් ප්‍රසන්න මාධ්‍ය හමුවේ අද(08) ප්‍රකාශයක් කර තිබුනා. කෙසේවෙතත් ජනාධිපති අයියා හෙවත් මහින්ද පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුනේ ඒම පැහැර ගැනිමට අදාල CCTV දර්ශණ නොමැති බවයි.

http://lankanewsnetwork.org/archives/21736

Published on: Dec 7, 2019- ගෝඨාභය රාජපක්ෂගේ වියතුන් යැයි හදුන්වා ගන්නා වියත්මග සහ එළිය ව්‍යාපාර වල පහල පෙලේ වියතුන් ගෝඨාට එරෙහිව කැරැල්ලක් ආරම්භ කර තිබේන බව අප දේශපාලන වාර්තකරු අනාවරණය කළා. ඊට හේතුව වි ඇත්තෙ ජනාධිපතිවරණයට පෙර ඇතිකර ගත් එකඟතා කඩමින් වියතුන්ට තනතුරු ලබාදිමත් එම තනතුරු ලබාදිමෙදි ගෝඨාට සමීපම මිතුරියගේ උවමනාවන් පමණක් ඉටුකිරිමයි.

ජනාධිපතිවරණය සදහා දායකත්වය ලබා දුන් වියත්මගේ වියතුන් සදහා මේ වන විට ගෝඨාභය රාජපක්ෂ රාජ්‍යය ආයතනවල සභාපති කම් ලබා දෙමින් සිටින අතර ජනතාව බලාපොරොත්තු වූ වෙනස මෙන්ම වියතුන් බොහොමයක් ජනාධිපතිවරණයට පෙර ඇතිකරගත් එකගතා කිසිවක් මේ වන තෙක් සිදුව නැති බව පෙන්වා දෙන ගෝඨාගේ වියතුන් ඔහුට විරෝධය පලකිරිම ආරම්භ කර තිබේන අතර එහි පලමු පියවර ලෙස ලේක්හවුස් ආයතනය සදහා පත් කල චරිත හේරත් එම තනතුරු ප්‍රතික්ෂේප කර ඇත.

ගෝඨාභය ජනාධිපති ලෙස දිව්රුම් දී පැය 48ක් යන්නට මත්තෙන් එජාප නායකත්වය සමග ඩීල් දැමිමත් ඔහුගේ අවශ්‍යතාව අනුව පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබිමද වියතුන්ගේ අප්‍රසාදයට ලක්ව තිබේ.

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ වියතුන් රැසක් ඉදිරි මහමැතිවරණය සදහා නාමයෝජනා ලබා දෙන බවට කලින් පොරොන්දු වුවද මේ වනවිට ගෝඨාගේ සමීප මිතුරියගේ වුවමනාවන් මත නාමයෝජනා ලබාදිම සිදුවිමද මෙම තත්ත්වයට මුලික හේතුව වි තිබේ.

මේ වන විට වියත්මගේ පිරිස් සභාපති කම් ප්‍රතික්ෂේප කරමින් මහමැතිවරණය සදහා නාමයෝජනා ලබා දෙන ලෙස ප්‍රකාශ කර ඇති බවත්, දැනට සිදු වන දේවල් ගැන බොහෝ දෙනකු කනස්සල්ලෙන් පසුවන බවත් අපවෙත වාර්තා වේ.

වියතුන් තොරා ගැනිමේ අර්බුදයට සමගාමිව පොහොට්ටුව මෙහෙයවන මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණ සදහා වියතුන් 5 දෙනෙකුට පමනක් නාමයෝජනා ලබා දීමට හැකි බව ගෝඨාභය රාජපක්ෂ හට දැන්විමද මෙම අර්බුදයට ප්‍රබලම හේතුව වි තිබේ.

නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ප්‍රථ්මව වියතුන්ට පොරොන්දු දි ඇත්තේ එක් ආසනයකට වියත්මගේ 05 දෙනකු බැගින් ඉදිරිපත් කිරිමටයි.

Published on: Dec 5, 2019- විල්පත්තු රක්ෂිතය සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ජාතිවාදියෙකු ලෙස තමන් හංවඩු ගැසිම නතරකර, වහාම විමර්ෂණය කිරීම සදහා ජනාධිපති කොමිසමක් පත්කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටි.

2019-12-05

අතිගරු ජනාධිපති,

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ජනාධිපති කාර්යාලය,

කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

විල්පත්තු ජාතික වනෝද්‍යානය හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සදහා ජනාධිපති කොමිසමක් පත්කිරීම සම්බන්ධයෙනි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිධූරයට පත්වීම පිළිබදව ඔබතුමාට ප්‍රථමයෙන් මාගේ හා මා නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාක්ෂිකයන්ගේ හෘදයාංගම සුභපැතුම් එක්කරමි.

රටේ පිළිගත් දේශපාලනික පක්ෂයක් නියෝජනය කරන නායකයෙකු වන මා ඉලක්ක කරගනිමින් මා විසින් නොකරන ලද ක්‍රියා සම්බන්දයෙන් විවිධ විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ඔස්සේ සේම මහජනතාව අතරද පදනම් විරහිත අසත්‍ය චෝදනා ප්‍රචාරය කරමින් පටු දේශපාලනික අරමුණු මුදුන්  පමුණුවා ගැනීමට හා ජාතිවාදය ඇවිලවීම සදහා ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව මා ඉමහත් කණගාටුවෙන් යුතුව දන්වා සිටිමි.

පසුගිය රජයේ අමාත්‍යධූරය හොබවමින් සිටියදීම මා ඉලක්ක කරගනිමින් චෝදනා එල්ල කිරීමට මෙම පිරිස් කටයුතු කළ අතර එම චෝදනා අතරින් විල්පත්තු රක්ෂිතය හෙලිකර මුස්ලිම් ජනයා පදිංචි කරවීම හා ත්‍රස්තවාදී සහරාන් සමග සම්බන්ධතා පැවැත්වීම යනාදිය මූලික වේ. එම චෝදනා වචනයට පමණක් සීමා වී කිසිදු සත්‍යතාවයකින් හෝ වලංගු භාවයකින් තොර හුදෙක් පටු වාසි ලබාගැනීමේ අරමුණින් කල චෝදනාවන් බව ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි.

තවද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මා සම්බන්ධ බවට එල්ල වූ චෝදනා සදහාද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් විමර්ෂණය කළ අතර පොලීසිය මගින් කල පරීක්ෂණ හමුවේද මා නිර්දෝශී බව පවසමින් එවකට සිටි වැඩබලන පොලිස්පතිවරයා විසින් ගරු කථානායකතුමා වෙත වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදි.

එහෙත් මේ පිරිස් විසින් මෙම මාතෘකාවන් නැවත නැවතත් වැරදි ආකාරයකට කරළියට ගෙනවිත් මේ සිදුකරමින් පවතින මඩ ව්‍යාපාරයෙන් අපහසුතාවයට පත්වන්නේ මාගේ අසරණ සමාජය බව දැන්වීමට කැමැත්තෙමි. එකාමෙන් සමගියෙන්  ජීවත්වන අපගේ මේ මාතෘ භූමියේ ආගම්, ජාති, කුල, බේද ඇති කර රට අස්ථාවර කිරීමේ උත්සාහයක මේ පිරිස යෙදෙන බවද ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි.

තවද විල්පත්තු රක්ෂිතය තුළ රජයේ ඉඩම් කිසිවක් මාගේ බලය අයථා ලෙස භාවිතා කරමින් විනාශ කර නොමැති බව ඔබතුමාගේ විශේෂ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමි. 1990 වසරේ උතුරු ප්‍රදේශයෙන් අවතැන්වූ මුස්ලිම් ජනතාව හට 2009 වසරෙන් පසුව තම ගම්බිම් වල නැවත පදිංචි වීමේ අවස්ථාව උදාවූ අතර මෙම අවස්ථාව උදාකර දීම සදහා ඔබතුමා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ලබාදුන් සහයෝගය මා ඉතාමත් කෘතඥපූර්වකව මතක් කිරීමට කැමැත්තෙමි. වසර 30 ක පමණ කාලයක් මුළුල්ලේ අත්හැර දමා තිබූ මෙම ගම්බිම් වල් බිහිවී සුවිසල් වනයක් බවට පත්විය. එබැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය වන රක්ෂිතයක් වශයෙන් නම් කරන ලදි. නමුත් මෙහි යථාර්ථය අවබෝධ කරගත් එවකට සිටි අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් පත්කර එමගින් මෙම ජනතාවගේ ඉඩම් හදුනාගෙන ක්‍රමානුකූලව ඔවුන්ව නැවත පදිංචි කරවීම සදහා කටයුතු කරන ලදි. මෙම විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් විවිධ වූ සාකච්ඡා හා රැස්වීම් සමාලෝචන ආදිය පවත්වා මෙහි සත්‍ය අවබෝධ කළ අතර පරිසරවේදීන් විසින්ද එය පිළිගන්නා ලදි.

කරණු මෙසේ තිබියදීත් දිගින් දිගටම මෙම සිද්ධිය පිළිබදව අසත්‍ය චෝදනා ඉදිරිපත් වෙමින් පවතින බැවින් එම චෝදනා වල සත්‍යතාවය රටට හෙලිකිරීම සදහාත් අප රටේ වටිනා ස්වභාවික සම්පතක් වු විල්පත්තු වනෝද්‍යානයට යම් හෙයකින් හෝ  හානියක් වී ඇත්නම් ඒ සදහා වගකිවයුත්තන් කවුරුන්දැයි සොයා බැලීම සදහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කර ඊට අදාල ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

තවද පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින මුලු මහත් ජනතාවම ශෝකයට පත්කරමින් සිදු වු ඒ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සිදුකල ත්‍රස්තවාදීන් සමග මා සම්බන්ද යැයි පවසමින් කරන අසත්‍ය චෝදනා සම්බන්දයෙන් දැනටමත් පරීක්ෂණ පවත්වා මා නිවරැදි බවට තහවුරු වී ඇතත් අවශ්‍යනම් නැවත ජනාධිපති කොමිසමක් පත්කර එම ප්‍රහාරය සම්බන්දව විශේෂ පරීක්ෂණයක් කරන මෙන්ද ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමි.

ස්තූතියි.

මෙයට විශ්වාසී,

 

රිෂාඩ් බදියුදීන්

පාර්ලිමේන්තු මන්ත්‍රී

නායක – අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය

Published on: Dec 5, 2019 – අප ඊයේ (04) අනාවරණය කල පරිදිම රනිල් වික්‍රමසිංහ අද මනමේ නාටකය රඟපා තිබේ.

ඒ අනුව අද (05) පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ බලපෑම මත විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කිරීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.එම තීරණය සම්බන්ධයෙන් එජාප මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් කතානායක වරයාට ද දැනුම් දි තිබේ.

අද පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා සිදුවු අතර ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට තවත් කාලය අවශ්‍ය බවයි රනිල් පාර්ශ්වය පෙන්වා දි ඇත්තේ.කෙසේවෙතත් එම කාලය සති දෙකකට සීමා කරන ලෙස සජිත් කණ්ඩායම ඉල්ලා තිබේ.

ඒ අනුව ඉතා ඉක්මනින්ම පක්ෂ නායකත්වය සජිත්ට ලබාදිමට කටයුතු කලයුතු බව පෙන්වා දි ඇති පාර්ලිමේන්තු බහුතර කණ්ඩායම එසේ නොමැතිනම් පක්ෂ නායකත්වයට කරූ ජයසුරිය පත්කර සජිත් නියෝජ්‍ය නායකත්වය ලබාදිමටද යෝජනා කර තිබේ.

කෙසේවෙතත් පක්ෂයේ මහා ලේකම් ඇතුලු ඉහල තනතුරු සජිත් ප්‍රේමදාසට අවශ්‍ය අකාරයට පත්කිරිමට බලය අවශ්‍ය බවද ඔහුන් පෙන්වා දි තිබේ.

Published on: Dec 5, 2019- හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සභාපතිත්වය දරන ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමිමට ආරක්ෂක ලේකම් කම්ල් ගුණරතන කටයුතු කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයක් මත වහාම කාර්යාලය වසාදමා එම කාර්‍යාලය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මෙිජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ යටතට පත්කර තිබේන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළා.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි පැරණී Standard Chartered බැංකු ගොඩනැගිල්ලේ 3 සහ 4 තට්ටු දර්ශණ යටතට පත්කර ඇති අතර එහි අන්තවාදයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහි එකකය යනුවෙන් නව එකකයක් පිහිටිවිමට නියමිතව තිබේ.එම එකකයේ දර්ෂණ යටතට ගෝඨාගේ ගූ බාල්දී වුනත් ඔලුවේ තියාගෙන යන බ්‍රීගේඩියර් ආබෘ නැමත්තාද පත්කර තිබේ.

එම එකකය හරහා රාජපක්ෂලා විසින් අන්තවාදින් ලෙස හදුනා ගෙන තිබේන කණ්ඩායම් මර්දන කිරිම සදහා යොදා ගැනිමේ සුදානමක් ඇති බවයි අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ. මෙිජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කරමින් විවිධ කණ්ඩායම් සහ පුද්ගලයන් හදුනා ගෙන ඇති අයෙකු වන අතර එම හදුනා ගත් පිරිස ඉලක්ක කර මෙහෙයුම් දියත් කිරිමට නියමිතයි.

ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලයේ නිත්‍ය රාජ්‍ය සේවකයන් 40 දෙනෙකු පමණ සේවය කල අතර ඔහු සියලු දෙනාට යන එන මං නැතිවි ඇති අතර ඔහුන් සම්බන්ධයෙන් ගන්නා පියවර රාජ්‍ය සේවා කොමිසම හරහා විමසා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ගතයුතු කිසිදු පියවරක් මෙ දක්වා දැනුම් දි නෑ.

Published on: Dec 5, 2019 – ප්‍රවීන මාධ්‍යවේදියකු මෙන්ම ව්වාද සම්පන්න සගරාවක් වන ඊතලය මාසික සගරාවේ කර්තෘවරයා ද වන ශ්‍රීලාල් ප්‍රියන්තගේ නිවසට නාදුණන කණ්ඩායමක් පැමිණ තර්ජනය කර තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.පසුගිය ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂගේ සුදුවෑන් මාරයාට එරෙහිව ප්‍රබලව හඩක් නැගු ශ්‍රීලාල් සුදුවෑන් රථයකින් ගෝඨාභය කල්ලිය පැහැර ගෙන ගොස් වධහිංසනයට ලක්වු අයෙකුද වනවා.

ශ්‍රී ලාල් ප්‍රියන්ත තම සගරාව මගින් පොලීසියෙත්,රජයෙත් දූෂණ,වංචා රැසක් හෙළිදරව් කර තිබුණි.විශේෂ යෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන්ම ඒ පසුපස ගෝඨාභය ඇතුලු කල්ලිය ක්‍රියාත්මක වු අකාරය මෙන්ම ඒ හරහා බලය ලබා ගැනිමට කටයුතු කරන අකාරයද රටට අනාවරණය කළා.මීට අමතරව ඇමරිකාවේ කැලිෆෝනියාවේ අධිකරණය හමුවේ ලසන්ත වික්‍රමතුංග දියණිය විසින් ගොනු කල පෙත්සමට ගෝඨාභයගේ නීතිඥවරුන් උත්තර බැදිම හරහා රණවිරුවන් පාවදිම සම්බන්ධයෙන් කල “මහා පාවාදීම” නැමති අනාවරණයද සිය පුවත් පත හරහා රටට අනාවරණය කිරිමට ශ්‍රීලාල් කටයුතු කලා.

ජනාධිපතිවරණ මෙහෙයුමේදී සජිත් ප්‍රේමදාසගේ මැතිවරණය ව්‍යාපාරයේ විවිධ කටයුතු වලට සම්බන්ධව කටයුතු කල ශ්‍රිලාල් මේ වනවිට අත් අඩංගුවට ගැනිමේ මෙහෙයුමක් දියත් කර තිබේන බවයි දැන ගන්නට ඇත්තේ.

ජ්‍යොතිෂවේදින් පසුපසත් මැර කල්ලි …..

මේ අතර සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ සටන අතරතුර ජ්‍යොතිෂයවෙදින් එකතුකර ගනිමින් සජිත්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විවිධ් මත පලකිරිමට කටයුතු කල ජ්‍යොතිෂවේදි/ගුප්ත විද්‍යාවේදි රොශාන් චානක තිසේරාගේ නිවසට ත්‍රී රෝද රථයකින් පැමිණී පිරිසක් ඔහු බිය වැද්දිමට උත්සහ කිරිමේ සිද්ධියද වාර්තා වේ.ඔහුගේ මිනුවන්ගොඩ පිහිටි නිවසට පැමිණි පිරිසක් මේ අකාරයට භිය වැද්දිමට කටයුතු කර තිබේ.පස් කැපිමේ ජාවාරමට සම්බන්ධ කණ්ඩායම් මේ පසුපස සිටින බවට මේ වනවිට සැක පහල වි තිබේ.මේ වනවිට රොශාන් චානක සිය නිවස අතහැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.මෙ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.

ජනපති,රජය විවේචනය කරන අය අල්ලන්න විශේෂ එකකයක්….

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ රජයේ අඩුපාඩු,දුෂණ,වංචා මෙන්ම නාස්තිය වැනි කරුණු රටට හෙලිකරන කණ්ඩායම් සොය ඔහුන් නිර්වින්දනය කිරිමේ විශේෂ එකකයක් මේ වනවිට ස්ථාපනය කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

සුදුවෑන් පියා ලෙස හදුන්වන මේජර් ජෙනරාල් ජගත් අල්විස් ජාතික බුද්ධී ප්‍රධානියා (CNI) ලෙස පත්කර ඇති අතර ඔහු යටතේ මෙම එකකය පිහිටුවා තිබේ.ඒ අනුව යුධ හමුදා,නවික හමුදාව,ගුවන් හමුදාව,පොලිසිය,සිවිල් ආරක්ෂක අංශ,බුද්ධී අංශ සියල්ලම ඔහුගේ එකකයට සම්බන්ධ කර තිබේන අතර ඒ හරහා ලැබෙන තොරතුරු අනුව ක්‍රියාත්මක විමේ බලයද ඔහුට ලබාදි තිබේ.

ජනාධිපතිවරණ සමයේ ශ්‍රී ලාල් ප්‍රියන්ත කල ආන්දෝලනාත්මක ප්‍රකාශය….

Published on: Dec 4, 2019- මහ මැතිවරණයෙදිත් එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් අත්කර දි තමන් කැමති අයෙකුට පක්ෂය භාරදිම සදහා ගෙනයන රනිල්ගේ කුජිත මෙහෙයුමේ තවත් පියවරක් හෙට දියත් විමට නියමිත බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පක්ෂ නායකත්වය බහුතර කැමත්තට ලබාදිම වෙනුවට තවමත් මහින්දලා සමග විවිධ ඩිල් දමමින් සිටින් වික්‍රමසිංහ හෙට දිනයෙ කෘත්‍යාධිකාරි මණ්ඩල කැදවා පක්ෂ නායකයා ලෙස තමන් (රනිල්) පත්කර ගැනිමටත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙසත් කරූ ජයසුරිය මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස මෙන්ම භාරකාර මණ්ඩලයේ නායකත්වයටද පත්කිරිමට සුදානමක් පවතින බව වාර්තා වේ.

භාරකාර මණ්ඩලයට කරූ,රනිල්,සජිත් යන තිදෙනාම පත්කිරිමටද රනිල් යෝජනා කර තිබේන අතර ඔහුන් තිදෙනාටම නීශේධන බලයද සහිත විම හාස්‍යයට කරුණකි.

පලමු වටයේ නායකත්ව මණ්ඩලයක් පත්කිරිමටත් එහි නායකත්වයට කරූ ජයසුරිය පත්කිරිමටත් ගත් උත්සහයට සජිත් පාර්ශවය එකහෙළාම විරුද්ධ විම හේතුවෙන් එම මෙහෙයුමද වික්‍රමසිංහ විසින් හකුලාගෙන තිබේ.

ඒ අනුව පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාසට කෙලින්ම ලබා නොදි විවිධ කල්ලි කණ්ඩායම් අතර බෙදා යලිත් සංවිධාන යාන්ත්‍රනය අඩපණ කිරිම රනිල් සහ කල්ලියේ උපක්‍රමය වි තිබේ.ඒ හරහා මහ මැතිවරණයේදි අන්ත පරාජයක් එක්සත් ජාතික පක්ෂයට ලබාදිම මගින් දිර්ඝ කාලිනව පක්ෂයේ ප්‍රතිසංවිධානය කටයුතු වෙනුවෙන් කැපකිරිම් කල සියලු දෙනා මර්දණය කිරිම වික්‍රමසිංහගෙ උපක්‍රමය වි තිබේ.ඒ අනුව නවීන් දිසානායක,අකිල විරාජ් වැනි පුද්ගලයන් පක්ෂයේ ඉහල තනතුරු සදහා ගෙන එම රනිල්ගේ උපක්‍රමය වි තිබේ.

සජිත්ගේ ආගමනය….

මේ අතර සජිත් ප්‍රේමදාස සහ ඔහුට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල පෙරේදා දිනයේදී හමු වී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර එම සාකච්ඡා අද දිනයේදීද පැවැත්වුනා.

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය හා විපක්‍ෂනායක ධුරය සම්බන්ධව එ.ජා.ප.යේ නායකයන් ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගනු ඇතැයි සජිත් කණ්ඩායම විශ්වාස කරන අතර රනිල් වික්‍රමසිංහ පක්‍ෂයේ අනුශාසකවරයා ලෙස සිටියදී සජිත් ප්‍රේමදාසට පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂනායක ධුරය ලබාදිය යුතු බවයි ඔහුන්ගේ මතය වි ඇත්තේ.

විපක්ෂයේ ගෝනී බිල්ලා….

මෙ අතර ජනවාරි 3 වැනිදා පාර්ලිමේන්තුව රැස්වු වහාම 2/3 ක බලයෙන් පාර්ලිමේන්තුව විසුරුවාලීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනිම සදහා රනිල්ගේ සුවච කීකරු ගෝලයා වන සාගල රත්නායක මේ වනවිට කුමන්ත්‍රණයක් දියත් කර තිබේන බව වාර්තා වේ.

මේ වනවිට එජාප මන්ත්‍රීවරුන් රැසක් හමුවි සාකච්ඡා කර තිබේන සාගල විපක්ෂයේ ගෝනී බිල්ලාගේ චරිතය ඔහුන් ඉදිරියේ රඟමින් පවසා ඇත්තේ පහුගිය වසර 4 1/2 කා කාලය කල දුෂණ,වංචා සහ වෙනත් වැරදි සදහා කිසිදු ප්‍රශ්ණයකින් තොරව ගත කිරිමට නම් මේ සදහා දායකත්වය ලබාදෙන ලෙසයි.මේ වනවිට මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ සහය සාගල විසින් ලබාගෙන තිබේන බවද අනාවරණය වි තිබේ.මීට අමතරව 2019 ජනාධිපතිවරණ සටනේදි සජිත් ප්‍රේමදාස වෙනුවෙන් වැඩකල,ගෝඨාභය පරාජය කිරිම සදහා මෙහෙයුම් දියත් කල සියලු දෙන පාවාදීමද මේ වනවිට සාගල විසින් ආරම්භ කර තිබේ.

2/3 ක ලබා ගැනිම සදහා ද්‍රවිධ ජාතික සන්ධානයද දෙකඩ කිරිමේ මෙහෙයුමක් මේ වනවිට දියත් වෙමින් තිබේන අතර,පාර්ලිමේන්තුව කල් දැමිම සහ හදිසි විසුරුවාලිමකට බැසිල් රාජපක්ෂ දැඩි ලෙස විරෝධය දක්වා තිබේන බවද වාර්තා වේ.

ජනාධිපතිවරණයට පෙර සිටම ඉතාම සියුම් ලෙස රාජපක්ෂලා සමග ඩිල් කල විපක්ෂයේ ගෝනී බිල්ලාගේ චරිතය රඟන සාගල වෙනුවෙන් මේ වනවිට රජය විවිධ වරප්‍රසාද ලබාදි ඇති අතර ඒ පිළිබඳව ඉදිරියේදී අනාවරණය කිරිමටද අප සුදානම්.

http://lankanewsnetwork.org/archives/21591

Published on: Dec 4, 2019 – ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහමැතිවරණයට ඉදිරිපත් වන කණ්ඩයම තොරා ගැනිම සම්බන්ධයෙන් මේ වනවිට හටගෙන ඇති අර්බුදය මේ වනවිට උග්‍ර අතට හැරිමෙන් තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඊයේ රාත්‍රියේ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයේකුගේ නිවසේ පොහොට්ටුවේ මහින්ද පිලේ සහ ශ්‍රිලනිපයේ  කිහිප දෙනෙකු හමුවි ඇති අතර දුෂිතයන්ට යලිත් නාමයෝජනා ලබා නොදිමට ගෝඨාභය රාජපක්ෂ දැඩි තින්දුවක් අරගෙන ඇති බවත් ඒ පසුපස වියත්මග සහ එළිය කණ්ඩායම් සිටින බවත් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා වි තිබේ. විශේෂයෙන්ම බස්නාහිරට ආණ්ඩුකාරවරයා ලෙස පත්වු ගෝඨාභයගේ සමීප මිතුරිය මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වෙන වෙනම ෆයිල් සෑදිමේ කටයුත්තක යේදි සිටින බවද එහිදි අනාවරණය වි තිබේ.( ඈය මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කිරිමට සුදානමින් සිටි.)

“දුෂණය ගැන කතා කරනවා.. දුෂිත මන්ත්‍රීවරුන්ට නාමයයෝජනා දෙන්නේ නෑ කියනවා… ඒ උනාටම ලොකුම දූෂණය,වංචා කරපු කෙනා එයා… එයා දැන් ජනාධිපති උනාම අපිව කපන්න හදනවා…” මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව ගෝඨාභයට එරෙහි දිසාවට දිගටම ගමන් කර තිබේ.(මන්ත්‍රීවරුන්ගේ නම් අනාවරණය කල නොහැක.)

“පට්ට හොරෙක් වේච්ච පී.බී. ජනාධිපති ලේකම් වුනා… සිල් රෙද්දත් හොරකම් කරලා හිරේ ගිය ලලිත් රස්සා දෙන කමිටුවේ ප්‍රධානිය වුනා.ඔය වගේ හොරු කී දෙනෙක් නිකන්ම උඩට ආවද?” ඡන්ද 50කින් 2015 පාර්ලිමේන්තු යන්න බැරිවුන සංවිධායක වරයෙක් සාකච්ඡාවට එක්ව ඇත්තේ මේ අකාරයට.

ආපහු ශ්‍රිලනිපයට තැනක් එන්නේ නෑ … ශ්‍රිලනිප ඡන්ද නැතුව දිනන්න බෑ කිව්වා… මගුල ගමේ ශ්‍රි ලංකා කාරයෝ තිය කොළඹ එවුන් ඡන්දය දාන්නවත් ගියේ නෑ එත් දින්නේ නැද්ද?17 වැනිදායින් පස්සේ ශ්‍රිලනිප කියන අකුරු 4වත් මතක නෑ අපහු ඒ පක්ෂය ගොඩ එන්නේ නෑ… කුරුණෑගල ශ්‍රිලනිප මන්ත්‍රීවරයෙකු දිගටම කියාගෙන ගොස් තිබේ.

ඒ අනුව යම් හෙයකින් මහා මැතිවරණය සදහා  නාමයෝජනා ලබාදිමට ගෝඨාභය රාජපක්ෂ අකමැත්ත පලකලහොත් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට මේ ජනවාරි මුල් සතියේ යලි හමුවි සාකච්ඡා කිරිමටද මෙම කණ්ඩායම එකඟ වි තිබේ.

මහින්ද -ගෝඨා අර්බුදය!!!

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහින්ද -ගෝඨා අතර වු අර්බුදය මේ වනවිට උග්‍ර අතට හැරි තිබේනවා.19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසී කිරිම සදහා ගෝඨාභය රාජපක්ෂ මේ වනවිටත් කැමත්ත පලකර තිබේන අතර ඒ සදහා වියත්මග සහ එළිය සංවිධාන මේ වනවිටත් මෙහෙයුම් දියත් කරමින් සිටි.කෙසේවෙතත් 19ය සංශෝධනය කිරිම සදහා අගමැති මහින්ද දැඩි ලෙස සිය අකමැත්ත පලකර තිබේන අතර  19ය පාර්ලිමේන්තුව තුල ආරක්ෂා කර ගැනිම සදහා රනිල් වික්‍රමසිංහගේ සහය මේ වනවිට ඉල්ලා ඇති අතර එක්සත් ජාතික පක්ෂය සහ සෙසු සුළු පක්ෂ 19යට කැමත්ත පලකිරිමද මහින්දගේ ප්‍රසාදයට ලක්ව තිබේ.

මහමැතිවරණය සදහා ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් වෙනම පක්ෂයකින් ඉදිරිපත් වි  19 ට එරෙහිව එම මැතිවරණය ජනමත විචාරණයක් බවට පත්කරගත යුතු බවයි වියත්මග සහ එළිය කණ්ඩායම් මේ වනවිට ජනපතිට යෝජනා කර ඇත්තේ.ඒ සදහා මහාචාර්ය නලින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්ද මේ වනවිට පත්කර තිබේ.

මේ අතර මහ මැතිවරණය සදහා ඉදිරිපත් වන අකාරය සම්බන්ධයෙන් මේ වනවිට අර්බුදයක් හටගෙන තිබේ.බැසිල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් විමට උදය ගම්මන්පිල සහ විමල් විරවංශ මේ වනවිට අකමැත්ත පලකර තිබිම මෙම අර්බුදට ප්‍රධානම හේතුවයි.

Published on: Dec 4, 2019- යුද සමයේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා වලට එරෙහිව ඉදිරිපත් කර ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරිම සදහා ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරිම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟතාව පලකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. ඒ අනුව පසුගිය රජය විසින් වසර පහක් 5 ක් පුරාවටම අතහැර දමා තිබු රණවිරුවන් දංගෙඩියට ගෙන යන අධිකරණ මේ යාන්ත්‍රණය ඇති කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන පුහුණුව ලබාදීම සඳහා නව රජය විසින් ජපානයේ සහාය ලබා ගනිමින් සිටී.

“Strengthening criminal justice system in Sri Lanka” 2020 26th January – 08th February in Tokyo Japan.හෙවත් ලංකාවේ අපරාධ යුක්ති පසිදිලිමේ ක්‍රමය භාවිතයට ගැනිම වර්ධනය කර ගැනිමේ ක්‍රමවෙද” වැඩසටහන වෙනුවෙන් ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ සියළුම ආයතන නියෝජනය කරමින් පහළොස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් තෝරා ගැනීමට කටයුතු කර තිබේ. ඔවුන් සඳහා පෙර වැඩමුළුව ජනවාරි 16 හා 17 කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ජිනීවා යෝජනා යටතේ වන සංහිඳියා ක්‍රියාවලියේ එක් වැඩසටහනක් වන මේ හරහා ලංකාවේ අපරාධ යුක්ති පද්ධතිය ශක්තිමත් කිරිම මෙන්ම අපරාධ යුක්තිය පසදලිම ක්‍රියාවලිය වේගවත් කිරිම ඇතුලු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සහය ලබාදෙනවා.

පසුගිය යුද සමයේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා වලට එරෙහිව ඉදිරිපත් කර ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා අධිකරණ මේ අධිකරණමය යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම සඳහා ඇති බාධාවන් ඉවත් කරමින් මෙම ක්‍රියාවලිය සක්‍රීය ලෙස ඉදිරි වසර තුළ දී ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව එම වැඩමුළුවේදි අවධානය යොමු කිරිමට නියමිතයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදි එවකට ජනාධිපති අපේක්ෂකව සිටි ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහාද යුද හමුදාව පුනුරුප්තාපනය කිරිම පිලිගෙන තිබු අතර ඒ සදහා ක්‍රමවේදයක් සකස් කරන බවටද පොරොන්දු දි තිබුනා. යුධ හමුදාව භාවිතා කරමින් සිදුකර තිබේන අපරාධ වලින් සියයට 99ක් පමණම රාජපක්ෂලාගෙ නියෝග මත කර තිබේන බව නොරහසකි.

ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු අංක 9

“Strengthening criminal justice system in Sri Lanka” 2020 26th January – 08th February in Tokyo Japan. වැඩමුළුවේ කාල සටහන…

Published on: Dec 2, 2019 – එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර පැවැති හදිසි සාකච්ඡාවකින් පසුව හෙට කැදවිමට නියමිතව තිබු පාර්ලිමේන්තුව ජනවාරි 3 දක්වා කල්දැමිමට කටයුතු කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.ඊට අදාල අතී විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට රාජ්‍ය මුද්‍රණාලයට යවා තිබේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරණු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (01) වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.ජනාධිපතිවරයා කලින් කළ ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම,පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය යනුවෙන් ඒ වගන්තියේ සඳහන් වෙයි.පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මකවන කමිටු විස්සක් පමණ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ අහෝසි වී යනු ඇත.

පාර්ලිමේන්තු සැසිවාරය කල්තැබිම හරහා තමන්ගෙ විපක්ෂ නායක කම වෙන්ම පක්ෂ නායකත්වය ආරක්ෂාකර ගැනිමට හැකිවන බව පෙන්වා දි ඇති රනිල් ගෝඨාභය රාජපක්ෂගේ කල නොහැකි ජනාධිපතිවරණ පොරොන්දුවක් වන VAT ඇතුලු TAX අධුකිරිමද මෙම කල්දැමිම හරහ නතර කල හැකි බව පෙන්වා දි තිබේ.උත්සව සමයේ බදු අධුකිරිම හරහා රාජ්‍ය ආදායම සිඝ්‍ර ලෙස පහත යනු ඇති බව පෙන්වා දි ඇති රනිල් දෙපැත්තම බේරා ගැනිම සදහා හොදම දේ පාර්ලිමේන්තුව කල්දැමිම බව පෙන්වා දි තිබේ.

සියල්ලටම වඩා COPE කමිටුවද මෙම කල්තැබිම හරහා විසිරි යන අතර ඒ නුව 2007සිට 2018 දක්වා කාලසිමාව තුල මහ බැංකු බැදුම්කර සම්බන්ධයෙන් විමර්ශන කිරිම සදහා තිබු අවස්ථාවද අහිමි වි යනවා.එම විමර්ශන හෙට දවල් 2කට ආරම්භ කිරිමට නියමිතව තිබුනා.පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කළ පසුව ඒ කමිටුවලට අලුතින් සාමාජිකයන් පත්කළ යුතුය.

පසුගිය දින කිහිපයේම අගමැතිගේ සාගල කොලුවා වරින් වර අගමැති මහින්ද හමුවි ඇති අතර එම හමුවිමේ සාකච්ඡා වල ප්‍රතිපලයක් ලෙස මෙම මෙහෙයුම දියත්ව තිබේ.(මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් බලාපොරොත්තු වන්න )

Published on: Dec 1, 2019 – ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ කල්ලියේ ජාතිවාදී කල්ලිය මේ වනවිට රටේ සේසු ජාතින් ඉලක්ක කර පහරදිමේ මෙහෙයුම් තවදුරටත් දියත් කරමින් සිටි.යාපනය බලා ගමන් කරමින් සිටි දමිල මවකගේ තුරුලේ සිටි කුඩා දරුවෙකුගේ මුහුණට එම ගල් පහරක් එල්ල වි ඇති අතර එයින් දරුවාගේ මුහුණට තුවාල සිදුව තිබේ.

අද දහවල් 11.50ට කොළඹ සිට යාපනය බලා ගිය උත්තරා දේවි දුම්රියට මහව ප්‍රදේශයේදි සංවිධානාත්මක පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරයත් සමගම දුම්රිය නතර කිරිමට කටයුතු කර තිබේන අතර දුමිරියේ ගමන්ගත් මගින් පිරිසක් ඇතුලු ගාඩ් වරුන් පහරදුන් අය සිටි ප්‍රදේශයට ගමන් කර තිබේ.කෙසේවෙතත් පහරදිම සදහා 10ක පමණ පිරිසක් පැමිණ ඇති අතර ඔහුන් පොලිස් ජිප් රථ වලට සමාන රථවලින් පැමිණ තිබුන බවයි සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ.

පෞද්ගලික නාලිකා භාවිතා කරමින් අන්ත ලෙස ජාතිවාදය මෙන්ම අන්තවාදිය පතුරුවා හරිමින් ජනාධිපතිවරණය දිනාගත් ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට තමන්ට ඡන්දය ලබාදුන් මජර අන්තවාදින් සතුටු කිරිම සදහා කටයුතු කරමින් සිටින බව ඉතා පැහැදිලිය.

සමාජ මාධ්‍ය මෙන්ම කලු සල්ලි ගිලින පුවත් පත් හරහා මඩ පතුරා කරලියට ගෙන ආ මර්දණය රාජපක්ෂලා අවසානයේ පහරදිම් දක්වා ගෙන විත් තිබේ.එහි ප්‍රතිපලයක් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ගමන් කළ රථ පෙළකට මදුරන්කුලිය,කදයාමට්ටේ ප්‍රදේශයේදි කඩු රැගෙන පැමිණි පිරිසක් මෝටර් රථ වලට පහරදිම,තවමත් තැන තැන දෙමළ භාෂා නාම පුවරු ඉවත් කිරිම දකින්නට පුලුවන.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණ සමයේ අරක්කු බෝතලයට යටකරගනිමින් ගෝඨාගේ කලු සල්ලි වලින් යැපෙන දිලිත් සහ ටිරාන් අලස් වෙන්ම අල්ලස් ගන්නා දිවයින වැනි පුවත් පත් භාවිතා කරමින් දෛනිකව සෙසු ජාතින් ඉලක්ක කර අසත්‍ය ප්‍රකාශ ජනතාවට බෙදාහැරීමට කටයුතු කල අයුරු බත් කන ජනතාවට තවමත් මතකය. රාජපක්ෂලා මේ පියවර තබමින් යන්නේ රටේ සංහිදියාව විනාශ කොට අන්තවාදින්,ජාතිවාදින් රජකරවන යුගයක් නිර්මාණජ කිරිම සදහා නොවේද?

Published on: Nov 30, 2019- විද්‍යා දැරිය ඝාතනය,රතුපස්වල ඝාතනය සහ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීම, රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම ඇතුළු සිද්ධි ගණනාවක විමර්ශන මෙහෙයවූ සහකාර පොලිස් අධිකාරී බී.එස් තිසේරා මහතා වහාම ක්‍රියාත්මත වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරු කර තිබේ.

ඊට අදාල පොලිස් නිවේදනය වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද උදේ නිකුත් කළේය. පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මෙම මාරුව සිදු කරන බව එම විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් වේ.

රතුපස්වල ඝාතනය………

රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ⁣මොහයවූ දක්ෂ නිළධාරියෙකු වන තීසේරා රතුපස්වල ඝාතන සම්බන්ධයෙන් යුද හමුදාවේ හතර දෙනෙකුට එරෙහිව මේ වන විට මහාධිකරණයේ නඩු පැවරිමටද කටයුතු කර තිබේ.

2013 අගෝස්තු 01 වනදා පානීය ජලය ඉල්ලා රතුපස්වල ගම්වාසීන් විසින් සිදුකරන ලද උද්ඝෝෂණයකට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් චූදිත යුධ හමුදා නිලධාරීන් සිව් දෙනෙකුට ගම්පහ, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදී අධිචෝදනා භාරදුන් අතර මෙම අධිචෝදනා ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්ෂිකරුවන් 196 දෙනෙක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම අධිචෝදනා මිනීමැරුමට අදාළ දණ්ඩනීති සංග්‍රහයේ 296 වන වගන්තිය ඇතුළුව 314, 300, 32 යනාදී වශයෙන් වගන්ති ගණනාවක් යටතේ ගොනු කර තිබේ.

අකිල දිනේෂ් සහ ශමිල පෙරේරා යන පාසල් සිසුන් දෙදෙනා සහ නිශාන්ත පුෂ්පකුමාර නමැති ඇඟළුම් කම්හල් සේවක තරුණයා වෙඩි තබා ඝාතනය කිරීම, වෙඩි තැබීමෙන් තවත් 16 දෙනෙකුට තුවාල සිදුකිරීම, 8 දෙනෙකුට වෙනත් බරපතළ තුවාල සිදුකිරීම, තවත් 21 දෙනෙකුට බරපතළ නොවන තුවාල සිදුකිරීම ඇතුළු අධිචෝදනා 94ක් චූදිතයින් වන බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන, මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණාගේ සිරිසේන, සැරයන් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ කෝප්‍රල් ලලිත් ග්‍රේ යන හමුදා නිලධාරීන්ට එරෙහිව ගොනු කර තිබේ.

 

 

Top