Published on: Jul 24, 2020 –ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන හමුවි සිදුකල සාකච්ඡාවක් හේතුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන් පරාජය කිරිමට මහින්ද-බැසිල් තින්දුවක් ගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවාරණය කළා.

පසුගිය සතියේ මෛත්‍රී හමුවු දයාසිරි පවසා ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පොහොට්ටුවෙන් තරග වදින අපේක්ෂකයන් අඩුම ගානේ 17ක් වත් පාර්ලිමේන්තුවට පත්වුවහොත් මහින්දට එරෙහිව් පාර්ලිමේන්තුව තුල විපක්ෂය සමග එක්ව ආණ්ඩුවක් බිහිකිරිමට හැකියාවක් ඇති බවයි.තමන් (දයාසිරි) ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ශවයන් කිහිපයක් සමග සාකච්ඡා සිදුකල බවද මෛත්‍රී හිටපු ජනාධිපතිවරයාට සදහන් කර තිබේ.

පසුව දයාසිරි එම ස්ථානයෙන් පිටව පැමිණි වහාම මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂය දුරකතනය ඔස්සේ දයාසිරිව පාවාදෙමින් සියල්ලම අනාවරණය කර ඇති අතර එම ඒ අනුව මහින්ද -බැසිල් සිදුකල සාකච්ඡාවකින් අනතුරුව මහා මැතිවරණයට පොහොට්ටුවෙන් පමණක් ඉදිරිපත් කර තිබේන අපේක්ෂකයන් හැර ශ්‍රිලනිප සහ සෙසු සුළු පක්ෂ නියෝජනයන් පරාජය කිරිම සදහා මෙහෙයුමක් දියත් කර තිබේ.

පසුගිය සතියේ දිස්ත්‍රික්ක කිහිපයකම මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්විම් රැසකදිම ශ්‍රිලනිපය නියෝජනය කරන අපේක්ෂකයන් ඉලක්ක කර හූ කීම්,පහරදිම් සහ කලබලකාරි තත්ත්වයන් ඇති කිරිමට විවිධ කණ්ඩායම් කටයුතු කල අතර ඒ සියල්ලම මෙම් මෙහෙයුමේ කොටසක් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරියෙකු අප දේශපාලන වාර්තාකරු සමග සදහන් කර තිබුනේ.”2/3 නැති උනත් කමක් නෑ උන් එපා… ” යනුවෙන් මහින්ද රාජපක්ෂ දැඩිව පවසා සිටි බවයි.

19 වැනිදා මොණරාගල-වැල්ලවාය ජනහමුවට එක්වු මහින්ද රාජපක්ෂ

“අපි අද නැවත එකම පෙරමුණකට ඇවිත් තියෙනවා. මනාප දෙන්නේ කාටද කියන එක හදවතේ තියාගන්න. අපේ අය අතර ගැටුම් හදාගන්න එපා. වසර 50ක දේශපාලන අත්දැකීම් තියෙන මම ඔබට අවවාද කරනවා මනාප පොරයට යන්න එපා කියලා. අපි මේ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරලා ඊට පසු පැරණි ක්‍රමයට හරි පළාත් සභා මැතිවරණය පවත්වනවා. “

Published on: Jul 24, 2020 – සමගි ජන බලවේගය නිත්‍යානුකුල නොවන බවට රනිල් පිලේ අපේක්ෂකයෙකු වන ඔෂල හේරත් නැමත්තා ඉදිරිපත් කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටි.

සමගි ජනබලවේගය පක්ෂයේ නිත්‍යානුකුල භාවය පිළිබඳ සමාජ මාධ්‍ය මගින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද ඈඳා ගනිමින් විලිලැජ්ජා සහගත, වැරදි තොරතුරු සමාජගත කිරීමකට උත්සහයක් පවතින අතර මේ පිළිබඳ මැතිවරණ කොමිසම නිකුත් කර ඇති 2020.07.22 දින නිවේදනයේ මෙසේ දැක්වේ.(එම සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.)

“සමගි ජන බලවේගය නම් පිළිගත් දේශාලන පක්ෂයේ නාමය වෙනස් කිරීම හා නව නිලධාරීන් පපත් කිරීම කොමිෂන් සභාව විසින් 2020 මාර්තු 02 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පිළිගෙන තිබූ බවත් එහි නෛතික වරදක් තිබේ යැයි ප්‍රකාශිත මතය කොමිෂන් සභාව පිළිනොගන්නා බවත් කොමිෂන් සභාවේ මෙම තීරණය අභියෝගයකට ලක්කරමින් ඉදිරිපත් කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.”

සමගි ජනබලවේයේ නීත්‍යානුකුල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරයේ තීන්දුව පසුගිය ජුනී 9 වැනිදා ප්‍රකාශයට පත් කල අතර මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදනය ද ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව, සමාජ මාධ්‍ය මගින් මවා පෙන්වීමට උත්සහ දරන ආකාරයේ කිසිදු ගැටළුවක් සමගි ජන බලවේගය සම්බන්ධයෙන් නොපවතින බව ඉත පැහැදිලිය.

මාර්තු 14 වැනිදා අපකල අනාවරණය…..

රනිල් කරමුලටම හිරවේ! SJB නාමයෝජනා වලට එරෙහිව නඩුවක්! රනිල්ගේ කුමන්ත්‍රණය හෙට දොරට වඩී…. ඔෂල හේරත්ට පුරවැසියකු ලෙස නඩුවක් දමා දිනා ගත හැකි දෙයක් නැත…

http://lankanewsnetwork.org/archives/23669

ජුනි 9 වැනිදා අපකල අනාවරණය…

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සජිත්ට ජය! රනිල්ගේ ඔෂල කොලුවාට ඇපත් නෑ….. SJBයට එරෙහිව ඉල්ලු රිට් ආඥාව විභාග කිරීමකින් තොරවම විසි වෙයි…

http://lankanewsnetwork.org/archives/24399

සම්පූර්ණ නිවේදනය…

Published on: Jul 20, 2020- ලංකා මැතිවරණ ඉතිහාසයේ නින්දිතම ප්‍රචාරක ව්‍යාපාරයට ‘ජාතික රූපවාහිනිය-SLRC‘ හා ‘ස්වාධීන රූපවාහිනිය-ITN‘ ප්‍රවිෂ්ඨවී තිබේ. පොදුජන පෙරමුණේ හොරණෑව බවට පත්වීම පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ නිල නාලිකා ලෙස කටයුතු කරන්නේ ජාතික, ස්වාධීන රූපවාහිනී නාලිකා දෙක යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

සෑම මැතිවරණයක දීම මාධ්‍ය හැසිරීම පිළිබඳ නිරීක්ෂණ වාර්තා සකස් කෙරෙනවා. මම 1999 ජනාධිපතිවරණයේ සිට අද දක්වා සෑම මැතිවරණයක දී ම රාජ්‍ය මාධ්‍ය යේ හැසිරීම පිළිබඳ නිරීක්ෂණ වාර්තා සකස් කොට හෝ පරිශිලනය හෝ කර තිබෙනවා. ඉතිහාසයේ කිසිම දවසක මෙවැනි නින්දිත ප්‍රචාරක ව්‍යාපාරයක් ජාතික රූපවාහිනිය හෝ ස්වාධීන රූපවාහිනිය නිරත වී නෑ. යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.

ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල යටතේ පොදුජන පෙරමුණට තත්පර 3340 ක් දෙන විට, මේ මැතිවරණයේ ප්‍රධානතම විපක්ෂයට හිමිවන්නේ තත්පර 275 ක් පමණයි. ජනතා විමුක්ති පෙරමුණට තත්පර 100 යි. හැබැයි එජාපය ට තත්පර 1250 ක් හිමිවෙනවා. ස්වාධීන රූපවාහිනියේ පොදුජන පෙරමුණට තත්පර 1850 ක් දෙන විට, එජාපයට තත්පර 550 කුත්, සමගි ජනබලවේගයට තත්පර 510 කුත් දෙනවා. අපේ පක්ෂය පසුගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් 80 ක්, ආණ්ඩුකාරවරු දෙදෙනෙක්, හිටපු මන්ත්‍රීවරු 14 ක්, පළාත් සභා මන්ත්‍රීවරු 69 ක් තරඟ කරනවා. හැබැයි පළාත් පාලන ආයතනවලට තරඟ කරලා පැරදුණ අපේක්ෂකයෝ ඉන්න එජාපයට සමගි ජන බලවේගයට වැඩි වෙළාවක් දෙනවා. මේක නින්දිත ප්‍රචාරක උපක්‍රමයක්. ජනතාවගේ සල්ලිවලින් පඩි ගෙවන ජාතික රූපවාහිනිය මේ විදිහට තුට්ටු දෙකට වැටීම ගැන

එජාපයේ හිටපු ඩීල් කාරායෝ ටිකගේ ඉලෙක්ෂන් කැම්පෙන් කරන්නේ ජාතික රූපවාහිනිය.

මැතිවරණ කොමිසම සාමාන්‍යයෙන්, හැමමැතිවරණයක දී ම මාධ්‍ය නිරීක්ෂණ කරනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය නිරීක්ෂණ වාර්තා ලබාගන්නවා. හැබැයි මේ මැතිවරණයේ ඒ මොනවාවත් නෑ. අඩුම ගානේ මේ වැඩේ වැරදියි කියලා ලියුමක් යවන්නේ නෑ. ෆෙස් බුක් එකේ දාන් පෝස්ට් එකක් ගැන පරීක්ෂණ තියෙන මැතිවරණ කොමිසමට මේවා පැමිණිලි කලා. මේවාට ප්‍රතිකර්ම යොදන්න ඡන්දේ ඉවරවෙනකල් ඉන්නවාද දන්නේ නෑ.

ජනාධිපතිවරණයේ දී, මැතිවරණ කොමිසම ජාතික රූපවාහිනියට කඩා වැදුණා. ස්වාධීන රූපවාහිනියට ලියුම් ලිව්වා. හැබැයි දැන් පොදු පෙරමුණට තත්පර 3340 ක් දීලා, සමගි ජන බලවේගයට තත්පර 275 ක් දෙන කොට මැතිවරණ ඇස් – කන් වහගෙන ඉන්නවා.

මාධ්‍යවේදියෙක් – හැබැයි මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිතුමා පසුගිය දවසක ජාතික රූපවාහිනියට පැමිණිලි නෑ කියලා චරිත සහතිකයක් දුන්නා නේද?

කීර්ති තෙන්නකෝන් – එහෙම සහතිකයක් දුන්නා නම්, මැතිවරණ කොමිසම ඇස් – කන් පේන්නේ නෑ. ඇහෙන්නේ නැති ලෙඩක් හැදිලා! යැයි ද පැවසීය.

#Keerthi #Thennakoon

පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂ වලිප්පුව හැදුන මහින්ද දේශප්‍රියගේ වැඩ වලින් ටිකක් 

http://lankanewsnetwork.org/archives/21220

http://lankanewsnetwork.org/archives/21231

http://lankanewsnetwork.org/archives/21001

http://lankanewsnetwork.org/archives/21275

Published on: Jul 15, 2020- පොහොට්ටු අපේක්ෂක විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සංවිධානය කරන ලද යැයි කියන දමිළ ව්‍යාපාරික ප්‍රජාවේ හමුව සම්පූර්ණයෙන් වියදම් කරමින් සංවිධානය කර ඇත්තේ ලංකාවට වැඩිම එතනොල් ගෙන්වන ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් බව මේ වනවිට අනාවරණය වි තිබේ.

කොළඹ කිංග්ස්බරි හෝටලයේ එම උත්සවය සංවිධනය කර තිබුනෙ ලංකාවට එතනොල් ගෙන්වන කුප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන ජයලත් පීරිස් සහ මුරලිදරන්ගේ සහෝදරයා වන ශෂිධරන්   මුරලිදරන් විසින් වන අතර දමිළ ව්‍යාපාරික ප්‍රජාව යනුවෙන් කැදවා ඇත්තේද විවිධ කුප්‍රකට ව්‍යාපාරිකයන් බව මේ වනවිට අනාවරණය වි තිබේ.(ඒ පිළිබඳව තොරතුරු බලාපොරොත්තු වන්න.)ඔහුන් දෙදෙනාද එම අවස්ථාවට එක්ව සිටිම විශේෂත්වයක්. කොළඹ දිස්ත්‍රික්කයේ අංක එකට මනාප ගැනිම සදහා දැවැන්ත මැතිවරණ මාධ්‍ය මෙහෙයුමක් දියත් කර සිටින විමල්ගේ වියදම් වලින් සියයට 60ක්ම දරණුයේ ශෂි,ජයලත් එතනොල් කරුවන් දෙදෙනා වේ.දේශප්‍රේමිත්වය කරපින්නාගේ රටේ ජනතාවට වෙදිකා මත විවිධ ආතල් සපයන විමල් වැනි ජාතිවාදින් කසිප්පු කාරයන් සමග එකට සිටිමින් නටන ජොගිය කුමක්දැයි ජනතාව අවබෝධ කරගත යුතුය.

මේ රටට වැඩිම විෂ සහිත එතනොල් ප්‍රමාණයක් ගෙන්වන ව්‍යාපාරිකයන් දෙදේනා අතරින් දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ගේ සොහොයුරා වන ශෂි මුරලිදරන් ඉදිරියෙන්ම සිටින අතර ඔහු සමගම් කරට කර සටන දියත් කරනුයේ ජයලත් ය.එ 2013 වර්ෂයේදී ලක් ඉතිහාසයේ එතනොල් ගෙන්විම සම්බන්ධයෙන්හසුව විශාලතම රේගු දඩය ගැසුවේද මුරලිදරන් ගේ සොහොයුරාට වන අතර එම පරික්ෂණ වෙනුවෙන් නිර්භිතව පෙනි සිටි රේගුවේ ඉහල නිළධාරියෙකු වන නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුමතිපාල උඩුගම්සූරිය හටද එකල රාජපක්ෂලාගේ බලපෑම් හමුවේ ගෙදර යන්නට සිදුවිය. විෂ එතනොල් ගෙන්වන ලද මුරලි සහ ඔහුගේ සොහොයුරා ආරක්ෂා කරන ලද්දේ එවකට මෙරට ආරක්ෂක ලේකම් වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.අදාළ රේගූ දඩය නොගේවා සිටිම සදහා සෂී සහ ජයලත් රීට් ආඥාවක් ඉල්ලා අධිකරණය හමුවට ගියද එයද ප්‍රතික්ෂප වුනා.

මුත්තයියා ප්‍රභාකරන් මහා මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පොහොට්ටුවෙන් තරග වදිමින් සිටි.අතිතයේ තමන් සහ තම සොහොයුරා බේරා ගත් ගෝඨාභය වෙනුවෙන් නුවර එළියේ පොහොට්ටුවේ වේදිකාව ට ගොඩ වීමට මුරලි කටයුතු කරමින් සිටි.

මිස්ටර් ජයලත් පීරිස්, මිස්ටර් ශෂිදරන්…. එතනොල් ගෙන්වූ දෙදෙනෙක් රවී හෙළිකරයි

මුදල් විසර්ජන කෙටුම්පත පිළිබඳව විවාදයට එක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එතනෝල් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳ අනාවරණ කළේය.

” අද මාධ්‍ය තුළින් එතනෝල් කන්ටේනර් පිළිබඳ ප්‍රවෘත්ති අසන්නට ලැබෙන්නෙ නැහැ. අසන්නට ලැබෙනවා නම් ඒ වගේ කිහිප ඉන්නවා. අද මා නම් කරන්නම් ඒ කවුද කියලා. දේශපාලකයින්ගෙ නම් පාවිච්චි කරලා ඒ අයගෙ පිටිපස්සෙ ඉන්න කිහිප දෙනෙක් ඉන්නවා. සුරාබදු දෙපාර්තමේන්තුව තුළින් හොයලා බලලා තියෙනවා මේ ගැන. මිස්ටර් ජයලත් පීරිස්, මිස්ටර් ශෂිදරන්. ශෂිදරන් කියන්නේ මේ රටේ ක්‍රිකට් ගහපු එක්කෙනෙක්ගෙ මල්ලි කෙනෙක්. මේ නම් දෙක දැන ගත්ත කමන් දන්නවා කවුද කියලා. ගිය අන්තර් ආණ්ඩුව කාලෙත් නොයෙක් සුන්දර කතා කියලා අපි පස්සෙත් ආවා. ”



#Muttiah, #Muralitharan, #Wimal, #weerawansa

Published on: Jul 14, 2020 – කොරෝනා වසංගතය අස්සේ වංගු ගැසු මහජන බැංකුවේ(People’s Bank) සභාපති සුජීව රාජපක්ෂ ජනතාවගේ තැන්පත් මුදල් යොදවා ගනිමින් ඔහු ගැන අලුත් ප්‍රතිරූපයක් ගොඩනැගිම සදහා මෙහෙයුමක් ආරම්භ කර තිබේන බව මහජන බැංකුවේ වෘත්තීය සමිති අනාවරණයි කර සිටි.හදිසීයේම රැස්විමක් කැදවා ඇති සභාපතිවරයා වහාම තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නැගෙන ආකාරයේ වැඩසටහන් පෙලක් නිර්මාණය කරණ ලෙසට නිළධාරින්ට නියෝග කර තිබෙන බවයි වෘත්තීය සමිති අනාවරණ කළේ.

අදාළ රැස්විම සදහා මහජන බැංකුවේ සමාන්‍යධිකාරිවරයා ඇතුලු වගකිවයුතු නිළධාරින් කැදවා නොතිබුන බවත් ඒ හරහා සභාපතිවරයා උත්සහ දරනුයේ තමන්ගේ අල්ලේ නැටෙවෙන කණ්ඩායම් යොදවා ගනිමින් අත්තනෝමතිකව කටයුතු කිරිමට බවද වෘත්තීය සමිති පෙන්වා දේ.

මහජන බැංකුව හඳුන්වා දී ඇති අස්වැන්න ණය යෝජනා ක‍්‍රමය හරහා ආණ්ඩුවේ මගුල් ප්‍රතිපත්ති හෝ බැංකුව පිළිබඳව නොව තමන් මතුව පෙනෙන අකාරයට සංවිධානය කලයුතු බවයි සභාපතිවරයා එහිදි නියෝග කර ඇත්තේ.ඉඩම්, කෘෂි කටයුතු සඳහා බීජ හා වෙනත් අමුද්‍රව්‍ය මිලට ගැනීම, කෘෂි කටයුතු සඳහා යොදා ගන්නා ට‍්‍රැක්ටර් වැනි යන්ත්‍රෝපකරන මිලට ගැනීම සහ කෘෂි කටයුතු සදහා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙනුන් අස්වැන්න ණය යෝජනා ක‍්‍රමය ස්වයංපෝෂිත රටක් සඳහා වූ රජයේ වැඩපිළිවෙල යටතේ හදුන්වා දි තිබේ.

මේ වනවිට මහජන බැංකුව තුළ දැඩි වෘත්තිය සමිති මර්දනකාරී වැඩ පිළිවෙළක් දියත් ඇති බවත් ඒ පිළිබඳව මෙන්ම සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා,අගමැතිවරයා දැනුවත් කිරිමට කටයුතු කරන බවද වෘත්තීය සමිති නියෝජිතයෙකු අප දේශපාලන වාර්තාකරු හමුවේ සදහන් කර තිබේ.

කෝප් කමිටු දෝෂ දර්ශනයටද ලක්වු මහජන බැංකු යලිත් ආණ්ඩුවේ ඇතැම් පිරිස් සමග එක්ව සභාපතිවරයා නව ක්‍රමවේදයකට මංකොල්ල කමින් සිටින බවයි එම නියෝජිතයා පෙන්ව දි ඇත්තේ.ගජ මිතුරන්ට මිලියන ගණනින් ණය නිකුත් කිරිමට කටයුතු කරමින් සිටින අතර පසුව එම ණය හිතමතා නොගේවා හැර පසුව අධ්‍යක්ෂ මණ්ඩල හරහා එම ණය බොල් ණය ලෙස සලකා අවුරුද්දකින් දෙකකින් කපා හැරිමට රහසේම කටයුතු කරන බවටද සභාපතිවරයාට එරෙහිව චොදනා එල්ල වෙමින් තිබේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත් ලැයිස්තු ගත කළ සමාගම් හා නොකළ සමාගම් කිහිපයකම අධ්‍යක්ෂවරයෙක් ලෙසද සුජීව රාජපක්ෂ සභාපතිවරයා කටයුතු කර තිබේ.

2019 වසරේ දෙසැම්බර් අග මහජන බැංකුවේ සභාපති ලෙස පත්වු සුජීව කොළඹ අලුතින් ඉදිවන Havelock City නිවාස සංකීර්ණයෙ නිවාස කොටස් දෙකක් මිළදි ගැනිම සදහා මුදල් ගෙවා තිබු අතර අප ඒ සම්බන්ධ යෙන්අනාවරණය කිරිමෙන් පසුව කොළඹ 7 වොර්ඩ් පෙදෙස Prime Grand(Ward Place) නිවාස සංකීර්ණයෙන්ද කොටසක් මිළදි ගෙන ඇති අතර පසුගියදා පැවැති රැස්විමේදිද ඔහු විසින් එය අනාවරණය කර තිබේ.

http://lankanewsnetwork.org/archives/24522

මහජන බැංකුව කාපු හැටි…

http://lankanewsnetwork.org/archives/19734

http://lankanewsnetwork.org/archives/20205

http://lankanewsnetwork.org/archives/19402

http://lankanewsnetwork.org/archives/19134

http://lankanewsnetwork.org/archives/20629

#Sujeewa Rajapakse

#People’s Bank

Published on: Jul 8, 2020 – මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සිය නිල නාමය අනිසි ලෙස යොදා ගනිමින් නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන් වල යෙදෙන බවට චොදනා එල්ල වනවා.නීතිය සතයකට මායිම් නොකර නීතිය කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා අත්තනෝමතිකව හැසිරිම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව බරපතල ප්‍රශ්ණ රැසකට මුහුණ දි ඇති අතර විනිසුරුවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ඇතුලු වගකිවයුත්තන් දැනුවත් කලද මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන් නොමැති බවයි වාර්තා වන්නේ.

කොළඹ මහාධිකරණ විනිසුරුවරයකු නායකත්වය දෙමින් ඔහු වාසය කරන මාර්ගයේ අනෙකුත් නේවාසිකයන් සමග එක්වී වෙනත් අයෙකුට හිමිකම් කියන මාර්ගයක් අවහිර කර බලහත්කාරයෙන් අනවසර තාප්පයක් හා ගේට්ටුවක් ගොඩනගා ඇත. තවද ඉහත කී මාර්ගයේ පරවශ්‍යතා අයිතිය CO/DSO/2015/519 යන මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුර සහ 2131/17 ගැසට් පත්‍රිකාව මගින් 2019-07-09 දින එහි පරවශ්‍යතා අයිතිය රජයට පවරා ගෙන ඇත. රජය මෙය පවරාගෙන ඇත්තේ පොදු කටයුතු සඳහාය. එනම් මෙම අනවසර ඉදිකිරීම කර ඇත්තේ වේරැස්ගඟ වැසිජලය අපවහන හා පරිසරය වැඩිදියුනු කිරීමේ  ව්‍යාපෘතියට අයත් “නුගේගොඩ ඇල” නඩත්තු කටයුතු සඳහා ගොඩ නැගූ මාර්ගයන් (පැපිලියාන ප්‍රදේශයේ) වෙත පිවිසීමට ඇති එක් මාර්ගයක් හරහායි. 

මෙම මහාධිකරණ විනිසුරු ඔහුගේ නිල නාමය අනිසි ලෙස යොදා ගනිමින් නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන්ට පරිබාහිරව තවත් නීති විරෝධී කටයුත්තක් පසුගිය සමයේ සිදු කර ඇත. එනම් රජය වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනයක් වන ලංකා විදුලි පෞද්ගලික සමාගමේ රාජකාරි කටයුතු වලට ද බාධා කිරීමයි.  ප්‍රධාන මාර්ගයේ සිට අවට ඇති ඉඩමකට විදුලිය ලබාදීමට යාමේදී එම විදුලි නිලධාරීන්ට නිල බලය පිළිබඳව දන්වා ඔවුන් බිය ගන්වා අදාළ ස්ථානයෙන් පලවා හැර ඇත. මෙය මුල්කොට ගෙන මෙම ඉඩමට විදුලිය මේ වන තෙක් ලබා ගැනීමට නොහැකිව ඉඩම් හිමිකරු මහත් අසීරුතාවයට පත්ව සිටී.

මෙම මහාධිකරණ විනිසුරුවරයා නායකත්වය දරමින් තවත් නේවාසිකයින් සමග එක්ව ශ්‍රේෂ්ඨාධීකරනයේ  නඩුවක් ගොනු කළ අතර ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා එහි පළමුවෙනි විත්තිකරු වශයෙන් නම් කළ අතර, වේරැස් ගඟ ව්‍යාපෘතියේ ඉඩම් අත්පත් කර ගැනීමේ නිලධාරීතුමා, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, ගරු නීතිපතිතුමා සහ ඉඩම් හිමිකරුද විත්තිකරුවෙකු කරන ලදී. ශ්‍රේෂ්ඨාධීකරනයේ විනිසුරු තුමානන් විසින් සෑම පාර්ශවයකම කාරනා වලට සවන් දී මෙම නඩුව ඉදිරියට ගෙන යා නොහැකි නඩුවක් සේ සලකා නඩුව නිශ්ප්‍රභා කරන ලදී. ඉන්පසුව ඉඩම් අමාත්‍යාංශය විසින් ඉහත කී මාර්ගය පෙර සඳහන් කල ගැසට් පත්‍රිකා සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුර  මගින් 2019.07.09 දින මාර්ගයේ පරවශ්‍යතා අයිතිය රජය සන්තක කර ඇත.

රජයේ වගකිවයුතු තනතුරක් දරන මෙවැනි විනිසුරුවරයෙක් සාමාන්‍ය පුරවැසියන් ටත් වඩා නීතිය කෙරෙහි ගරු කිරීම ස්වභාවයෙන් ම විය යුතුය. නීතිය සතයකට මායිම් නොකර නීතිය කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා  අත්තනෝමතිකව ක්‍රියා කිරීම පුදුම සහගතය.

මෙතුමා මෙම අනවසර තාප්පය ගොඩනඟන අවස්ථාවේදී පොලිසියේ නිලධාරීන් 4 දෙනකු පාර දෙපස තබා මාර්ගය හිමි තැනැත්තාට සහ ඔහුගේ සේවකයින්ට එතනට යෑමට ඉඩකඩ ලබා නොදුනි. මේ පිළිබඳව බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති තුමාටත් මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයටත් ලිඛිතව දැනුම් දුන්නද මේ වනතුරුත් කිසිම පරීක්ෂණයක් නොතබන ලදී.

තව ද මේ පිළිබඳව මාර්ගය හිමිකරු විසින් බොරලැස්ගමුව නගර සභාවට දැනුම් දුන් අතර එහි නිලධාරීන් විසින් මෙම ස්ථානය ක්ෂේත්‍ර පරීක්ෂාවක් කර 2019.11.20 දින ලිපියක් නිකුත් කරමින් මෙය අනවසර ඉදිකිරීමක් බව සඳහන් කරමින් එය දින දහ හතරක් (14) ඇතුළත ඉවත් කරන මෙන් දැනුම් දී ඇත. තවද මාර්ගය හිමිකරු විසින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුමා වෙත මෙම මාර්ගය අවහිර කර අනවසර ඉදිකිරීම් කර ඇති බව දැනුම් දුන්පසු ඔවුන්ද ක්ෂේත්‍ර පරීක්ෂණයක් පවත්වා මෙම අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට බොරලැස්ගමුව නගර සභාවට දැනුම් දුන්න ද මේ පිළිබඳව මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම ඉතා පුදුම සහගත ය.

මෙවැනි නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන් කිරීමට මහාධිකරණ විනිසුරුවරයෙකු පෙළඹීම ඉතා කනගාටුදායකය. මොහු පිළිබඳව මාර්ග හිමිකරු විසින් ගරු අගවිනිසුරු තුමා ඇතුළු අධිකරණ සේවා කොමිෂන් සභාවේ අනෙකුත් නියෝජිතයන්ටද දැනුම් දී ඇති බව දැනගන්නට ලැබුණි.

රටේ නීතියේ ආධිපත්‍ය රකින  නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින  මෙවන් නිළධාරීන්ගේ නීතිවිරෝධී ක්‍රියාවන්ට එරෙහිව වගකිවයුතු නිලධාරීන් ගෙන් දඬුවම් නොලැබේ නම් හෝ කිසිදු පරීක්ෂණයක් වත් සිදු නොකරන්නේ නම් සාමාන්‍ය ජනයාට කාගේ පිහිටක්ද?

සිද්ධියට අදාළ  ඇමුණුම් සියල්ලම ඒ මත Click කිරිමෙන් ඔබට කියවිය හැක….

  1. මුළු මාර්ගයෙහිම අයිතිය රජය විසින් 2019.07.19 වන දින 2131/17 දරණ ගැසට් නිවේදනය මගින් රජයට පවරා ගෙන නිවේදනය.
  2. 2131/17 දරණ ගැසට් පත්‍රයේ  සංශෝධනය – (2019/10/31 දින 2147/68 දරන අංකය යටතේ එම සංශෝධිත ගැසට් පත්‍රය) .
  3. මෙම පවරා ගැනීම කර ඇති මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුර –  අනුරේඛණ අංක CO/DSO/2015/519.
  4. SC FR No:372/2017 නැමති නඩුවේ පිටු 04කින් සමන්විත නඩු තීන්දුවෙහි පිටපත්.
  5. ගරු අගවිනිසුරු තුමා වෙත ඉදිරිපත් කරනු ලැබූ පැමිනිලි 03 හි පිටපත්. 

පැමිනිලි 02

පැමිනිලි 03

  1. බොරලැස්ගමුව පොලීසියට හා මිරිහාන පොලිසිය වෙත ඉදිරිපත් කල පැමිණිලි වල පිටපත්. 1&2 3
  2. නගර සභාව වෙත ඉදිරිපත් කල පැමිනිල්ලෙහි පිටපතක්.
  3. ඉඩම හරහා ඉදිකරනු ලැබූ තාප්පය අනවසර තාප්ප්යක් බව සනාත කරමින් බොරලැස්ගමුව නගරාධිපති තුමා විසින් එවන ලද ලිපිය.
  4. ශ්‍රේෂ්ඨාධිකරණයට බොරලැස්ගමුව නගර සභාවේ ලේකම් තුමිය විසින් ඉදිරිපත් කරන ලද ලිපිය.
  5. ඉඩමට පිවිසෙන මාර්ගය ශ්‍රීලංකා රජයේ අති විශේශ ගැසට් පත්‍රිකා දෙක මගින්  (2147/68 – 2019/10/31 මගින් හා 2131/17 – 2019.07.09 ) ශ්‍රී ලංකා ජනරජයට  පවරා ගෙන ඇති බව දන්වා වේරැස් ගඟ වැසි ජලය අපවහන හා පරිසරය වැඩි දියුනු කිරීමේ ව්‍යාපෘතිය භාර ඉඩම් අත් කර ගැනීමේ නිළධාරී මහතා විසින් 2020.01.09 වන දින එවන  ලද ලිපිය.
  6. ඉඩමට පිවිසෙන මාර්ගය ශ්‍රීලංකා රජයේ අති විශේශ ගැසට් පත්‍රිකා දෙක මගින්  (2147/68 – 2019/10/31 මගින් හා 2131/17 – 2019.07.09 ) ශ්‍රී ලංකා ජනරජයට  පවරා ගෙන ඇති බව දන්වා  සනාත කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් එවන ලද ලිපිය.
  7. 7379 පිඹුරේ A යනුවෙන් පෙන්වන මාර්ගයේ කොටස 2013.11.08 දින 1836 දරණ ගැසට් නිවේදනය යටතේ රජයට පවරාගෙන ඇත. මෙම ගැසට් නිවේදනය. 
  8. මාර්ගය පවරාගැනීමේදී පරීක්ෂණ සිදු කර 4 වන වගන්තිය යටතේ හා 2 වන වගන්තිය යටතේ නිකුත් කල නොතීසි වල පිටපත්.
  9. ඉඩම සවිස්තරව පෙන්නුම් කරන අංක 7379 දරන පිඹුර. 
  10. අවසතු කිරීමට අදාල 2060/2 ගැසට් පත්‍රය. 
  11. වේරැස් ගඟ වැසි ජලය අපවහන හා පරිසරය වැඩි දියුනු කිරීමේ ව්‍යාපෘතිය භාර ඉඩම් අත් කර ගැනීමේ නිළධාරී මහතා විසින් 2018.03.23 වන දින එවන  ලද අවසතු කිරීමට අදාල ලිපිය. 
  12. එයට අදාල මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුරු අංක CO/DSO/2017/220.
  13. අවසතු කිරීමට අදාල 2116/12  ගැසට් පත්‍රය .
  14. වේරැස් ගඟ වැසි ජලය අපවහන හා පරිසරය වැඩි දියුනු කිරීමේ ව්‍යාපෘතිය භාර ඉඩම් අත් කර ගැනීමේ නිළධාරී මහතා විසින් 2019.04.04 වන දින එවන  ලද අවසතු කිරීමට අදාල ලිපිය. 
  15. එයට අදාල මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුරු අංක කො 9463.
  16. අවසතු කිරීමට අදාල 2092/17 ගැසට් පත්‍රය අංක 
  17. වේරැස් ගඟ වැසි ජලය අපවහන හා පරිසරය වැඩි දියුනු කිරීමේ ව්‍යාපෘතිය භාර ඉඩම් අත් කර ගැනීමේ නිළධාරී මහතා විසින් 2018.10.16 වන දින එවන  ලද අවසතු කිරීමට අදාල ලිපිය. 
  18. එයට අදාල මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිඹුරු අංක කො 9467.
  19. රජයට ඉඩම පවරා ගැනීමට අදාල 1861/6 ගැසට් පත්‍රය.
  20. රජයට ඉඩම පවරා ගැනීමට අදාල 1796/18  ගැසට් පත්‍රය
  21. 2020 වර්ෂය සඳහා නගර සභාවට වරිපනම් ගෙවන ලද කුවිතාන්සිපත.
  22. ලංකා විදුලි (පෞද්ගලික) සමාගමට විදුලි සම්බන්ධතාවය ලබා ගැනීමට ගෙවන ලද මුදලෙහි ලදු පත.
  23. ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට ජල පහසුකම් ලබා ගැනීම සදහා ගෙවන ලද කුවිතාන්සිපත.
  24. අනුමත කරන ලද අනුබෙදුම් පිඹුරු අංක 11208.
  25. ඉඩම් අත්පත්කරගැනීමේ නිළධාරී මහතා විසින් පරවශතාව රජයට පැවරී ඇති ඉඩම් කොටසෙහි භුක්තිය රජයට භාර දෙන ලෙස දන්වා 2019.07.31 දාතම සහිතව එවන ලද ලිපිය.
  26. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ඉඩම් අත්පත්), භුක්තිය භාරගැනීම තාවකාලිකව අත්හිටවන ලෙස ඉල්ලමින් ඉඩම් අත්කරගැනීමේ නිලධාරී මහතා වෙත 2019.08.13 දාතම සහිතව එවන ලද ලිපිය.
  27. නැවතත් ඉඩම් අත්පත්කරගැනීමේ නිළධාරී මහතා  විසින් එම භුක්තිය භාර දීමේ කටයුතු තාවකාලිකව අත්හිටවූ බව දන්වමින් 2019.08.15 දාතම සහිතව  එවන ලද ලිපිය.
  28. ශේෂ්ඨාධීකරණයේ නඩුවට ඉදිරිපත් කිරීම සඳහා නීතිඥ මහතකු විසින් තනන ලද  හිමිකම් වාර්තාව (Title Report & Title Deeds)
  29. 7379 පිඹුරේ R9 නැමැති මාර්ගයේ පරවශ්‍යතා අයිතිය කැබලි අංක 1,2,3,4,5,8,23,22,21,20,19,10 පදිංචි හිමිකරුවන්ට පමණක් පවරා ඇති,  එම මාර්ගයේ පසේ අයිතිය මා සතු බව පෙන්වා ඇති පත්තිරු.
  30. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් තුමා වෙත 2020 -05-26 දින  යවන ලද ලිපිය.
  31. නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් තුමා විසින් බොරලැස්ගමුව නගර සභාව වෙත  2020 -06-26 දින  යවන ලද ලිපිය. 
  32. කුලතුංග මහතා විදුලි බලය ලබාදීමට පැමිණි නිළධාරීන්ට බැන වදින වීඩීයෝi. ii

රාජපක්ෂ ජුන්ටාවේ ජාතිවාදි කල්ලිය යලි සිය කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බව පසුගිය දින කිහිපයේ පලවන අසත්‍ය පුවත් තුලින් මනාව පෙනේ. මිලියන ගණනින් මුදල් පොම්ප කරමින් සමාජ් ජාලා ආක්‍රමණය කරමින් සිටින රාජපක්ෂ අන්තවාදි ජුන්ටාවේ මේවර උගුල වි ඇත්තේ අශිෂ්ට දේශ්‍රප්‍රේමින් ලවා මුස්ලිම් ජනතාවගේ ව්‍යාපාර සමග ඇති නොසන්සිදේන වෛරය වර්ධණය කිරිම බව දැන් නොරහසකි. දෙහිවල ජාතිවාදි සම්පත් බැංකුවක සිදුවු සිද්ධියක් මුල් කර ගනිමින් මේ දින්වල රාජපක්ෂ අන්තවාදි කදවුර මවන පුවතක් වන්නා සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව නියෝග කර ඇති බවයි. එය බරපතල කාරණවකි.අදාල සභාව පිලිතුරු දෙන තුරු රටේ ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරිම රාජපක්ෂ අන්තවාදින්ගේ අරමුණ බව නොරහසකි.

ගම්පහ පැවැති තම ඡන්ද එකතු කිරිමේ රැස්විමක එක්වෙමින් අන්තවාදි රාජපක්ෂ කදවුරෙන් දොට්ට වැටි අනාථ වි යලිත් එම කදවුර සමග එකතු විමට රහසේම sසාකච්ඡාසදහා යන සිවුරක් දරන අමන භික්ෂුවක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ප්‍රසිද්ධියේ සදහන් කර තිබුනේ සම්පත් බැංකුවේ ඇති ගිණුම් ඉවත් කරන ලෙස ජමිතුල් උලමා සංවිධානය විසින් මුස්ලිම් ජනතාවට දැනුම් දී ඇති බවයි.එයට අදාළ විඩියෝවද අප සතුව තිබේ.එසේ ඉවත් කරගන්නා මුදල් අමානා බැංකුවේ තැන්පත් කරන ලෙසද එම සංවිධානය විසින් ඉල්ලා ඇති බවත් මේ අන්තවාදි භික්ෂුව සදහන් කර තිබේ.

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව නිකුත් කර තිබෙන නිළ නිවේදනය 

2020.07.06

16.11.1441

සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව කීවේ නැත

පසුගිය සතියේ දෙහිවල පිහිටි සම්පත් බැංකු ශාඛාවකදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සිය කනස්සල්ල පළ කරයි. මෙවන් සිදුවීම් අදාළ පාර්ශවකරුවන් සමග සුහදව විසදා ගැනීම සුදුසුම ක්‍රියාමාර්ගය වේ.

මෙම සිද්ධියෙන් පසු සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි පැවසූ බව ප්‍රචාරයන් පැතිරෙමින් තිබෙයි. මෙය සහමුලින්ම අසත්‍යය ප්‍රචාරයක් බව රටේ ජනතාවට අප සභාව වගකීමෙන් යුතුව දන්වා සිටියි.

මෙරට මුස්ලිම්වරුන්ගේ පැරණිතම සංවිධානයක නම භාවිත කරමින් ව්‍යාජ ප්‍රචාරයන් කරන අයගෙන් ප්‍රවේශම් වන මෙන් ද, අප සභාව පිළිබඳ ප්‍රවෘත්ති පළ වූ විට ඒවා www.acju.lk යන නිල වෙබ් අඩවිය තුළින් සනාථ කර ගන්නා මෙන් ද, අප සභාව රටේ ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලා සිටියි.

 

අෂ් ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද්

සහකාර ලේකම්,

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Published on: Jun 25, 2020 – ජංගම දුරකතනයක ‘වට්ස්අප්’ WhatsApp මෘදුකාංගය මගින් දත්ත සොරාගනිමින් ඒවා ප්‍රචාරය නොකර සිටීමට කප්පම් වශයෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 10 ක් ඉල්ලීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් 24 හැවිරිදි හිටපු සැලසුම් කළමනාකාරිනියක ලෙස පෙනී සිටින මාලී,වැනි විවිධ නාමයන්ගෙන් පෙනී සිටින සමන්මලී අල්විස් නැමති කාන්තාව රටේ ව්‍යාපාරිකයන්, දේශපාලඥයන් ඇතුලු රැසක් රවටමින් මුදල් වංචාකර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

අදාළ කාන්තාව ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පසුගිය (22) අදා නියෝග කර තිබේ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණේ තේ කර්මාන්තයට සම්බන්ධව මෙන්ම තවත් ව්‍යාපාර රැසක් මෙහෙයවන KDU Group හි සභාපති තුෂාන් (thushan upasena) විසිනි. තමන්ගේ ජංගම දුරකතයේ තිබූ “වට්ස්අප්” තාක්ෂණයෙන් හුවමාරුකරගත් ව්‍යාපාරික රහස් ඇතුළත් ගොනු මෙන්ම හඬපට ද ඇතුලු දේ බලෙන් ලබාගෙන ඒවා ප්‍රචාරය නොකර සිටීමට මෙම කප්පම් මුදල සැකකාරිය විසින් ඉල්ලූ බවට පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා තිබිණි.

අදාළ කාන්තාව විවිධ් ස්වරූපයෙන් පෙනී සිටින අයෙකු වන අතර ඇය සතුර Facebook සමාජ ජාල ගිණුම් 16කට වැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන යන අතර මංගල දැන්විම් පලකිරිම හරහා විවිධ පොසතුන් අල්ලා ගන්නා ඇය පසුව ඔහුන්ව් බිය වද්දා කප්පම් ගැනිම කාලයක සිට සිදුකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

“එයා මට ගොඩක් කැමතියි වගේ….යන්න ඕනා ටිකක් ඇඟ පත පේන විදිහට ඇඳගෙන.” ව්‍යාපාරිකයන් භිය වද්දා කෝටි ගණන් කප්පම් ගත් මලී?

ව්‍යාපාරිකයන් භිය වද්දා කෝටි ගණන් කප්පම් ගන්නා කවුද මේ මලී? අප පසුගියදා කල අනාවරණයට සම්බන්ධ සමනලී සම්බන්ධයෙන් ජාතික පුවත් පතක් කල අනාවරණය පහත දැක්වෙන් බව කරුණාවෙන් සලකන්න. මෙහි සමන් යනුවෙන් අන්වර්ථ නාමයෙන් දක්වා ඇත්තේ KDU Group හි සභාපති තුෂාන් (thushan upasena) ය.

සමනලී මඩපාත පිළියන්දල ප්‍රදේශයේ පදිංචි තරුණියකි. අවිවාහක ඇයට වයස අවුරුදු විසිහතරකි. ඇය සැලසුම් කළමනාකාරිණියක් ලෙස රැකියාවේ නිරත වූවාය.

ඉන වටා වැටුණු බොකුටු වරලස පුළුලූකුල සහ සිහින් සිරුර සමනලීට ගෙනාවේ අමුතුම සුන්දරත්වයකි. රෝසපාට තොල් පෙති, දිගැටි ඇස් සහ වත මඬලේ නිරතුරුව රැඳී තිබුණ සිනහව ඇයගේ සුන්දරත්වය තවත් ඔප් නැංවූවාය. කොටින්ම කියතහොත් ඇය මිහිපිට වසනා සුරංගනාවියක් බඳුය.

සමනලී රූමත් වුවත් චරිතය එතරම් පිරිසිදු නොවුණි. ඇය පාසල් සමයේදීම ගැහැණියක වූවාය. ඒ තම දෙවැනි පෙම්වතා අතින්ය.

රැකියාටව අමතරව ඇය නිරූපණ ක්‍ෂේත්‍රයේද නිරත වූවාය. එහිදී ඇයට කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු හඳුනා ගැනීමට හැකි විය.

මුදල්වලටද ඇය දැඩි කෑදරකමක් දැක්වූවාය. ‘‘මහන්සි වී මුදල් හොයනවාට වඩා ලෙහෙසියෙන් මුදල් හොයන්න ඕනා. දෙවියො ලස්සන සිරුරක් දීලා තියෙන්නේ ඒක නිසා වෙන්නැති. ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනා.’’ ඇය එලෙස සිතුවාය.

එ අනුව ඇය කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් සමග සමීප සම්බන්ධතා පැවැත්වූවාය. ඔවුන් සමග සුපිරි හෝටල්වල රාත්‍රිය ගත කිරීම, මත්පැන් පානය කරමින් විනෝද වීම වැනි දේවල්වලට ඇය හුරු වූවාය. ඒ සමගම ව්‍යාපාරිකයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගැනීමටද ඇය වග බලා ගත්තාය.

ඇය අත දැන් යහමින් මුදල් ඇත. ඒවායින් කොටසක් ඇය වියදම් කළේ රූපලාවන්‍ය කටයුතු සහ ඇඳුම් පැළඳුම් ආදිය මිලදී ගැනීම සඳහාය. ඇයට වුවමනා වූයේ අන් අයගේ ආකර්ෂණය වැඩි වැඩියෙන් තමා වෙත යොමු කර ගැනීමටයි. විශේෂයෙන්ම කෝටිපති ව්‍යාපාරිකයන්ගේය. සමහර අවස්ථාවන්හිදී ඇය තම කලවා සහ පියයුරු ඕනවටත් වඩා අන් අයට පෙනෙන්න ඇඳුම් අඳින්න ඇත්තේද එමනිසා වන්නට ඇති.

කාලය එලෙස ගෙවී ගියේය. දිනක් ඇයට තවත් කෝටිපති ව්‍යාපාරිකයකු දැන හඳුනා ගැනීමට හැකි විය. නමින් ඔහු සමන් සිල්වාය. ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. විවාහකයෙකි. තිදරු පියෙකි. වයස අවුරුදු පනස් තුනකි. ඔහු ව්‍යාපාරය ලෙස කරගෙන ගියේ තේ කොළ අපනයනය කිරීමයි.

සමන් තම පවුලට ලැදිකමක් දැක්වුවත් තරුණියන් කිහිපදෙනකු සමග ද සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය.

සමනලී සමන් පළමු හමුවෙන්ම දෙදෙනා අතර දැඩි මිත්‍රත්වයක් ඇති කරගත්හ. සමන් ඇයගේ සුන්දරත්වයට වශී වූ අතර සමනලී ඔහුගේ මුදල් වලට වශී වූවාය.

පසු දින උදා විය. සමන්ට පෙර ඇය ඔහුට දුරකථන ඇමතුමක් ලබා ගත්තාය. එලෙස ලබාගෙන ඇය මෙලෙස පැවසුවාය.

‘‘හෙලෝ ගුඞ් මෝනිං මිස්ටර් සිල්වා. මම සමනලී මතකද මන්දා.’’

‘‘ගුඞ් මෝනිං, ගුඞ් මෝනිං ඇයි මතක නැත්තේ මම කෝල් එකක් ගන්න හිටියේ අද.’’

‘‘මම හිතුවා ඊයේ ඩි‍්‍රන්ක්ස් අරන් හිටිය නිසා මාව අමතක වෙලා ඇති කියලා.’’

‘‘ඩි‍්‍රන්ක්ස් අරන් හිටියත් ඔය වගේ ලස්සන මුහුණක් කොහොම අමතක කරන්නද?’’

‘‘අනේ යන්න බොරු නොකිය. මම එච්චර ලස්සන නැහැ. එහෙනම් මිස්ටර් සිල්වා ලස්සන ගෑණු ළමයි දැකලා නැහැ.’’

‘‘ලස්සන ගැහැනු ළමයෙක් දැක්කා ඊයේ.’’

‘‘අනේ විහිළු කරන් නැතිව ඉන්න.’’

‘‘විහිළු නොවෙයි මම ඇත්ත කීවේ. ඇත්තටම දැන් ඔයා මොකද කරන්නේ.’’

‘‘මම සැලසුම් කළමනාකාරිණියක් ලෙස සේවය කරනවා. එයට අමතරව මොඩ්ලින් කරනවා.’’

‘‘නියමයිනේ. ඔයාට ගැළපෙන්නේ මොඩ්ලින් තමයි.’’

‘‘ඇයි එහෙම කියන්නේ.’’

‘‘නැහැ ඔයා ලස්සනයිනේ. ඒක නොවෙයි අපි මීට් වෙලා කතා කරමු මටත් වැඩ වගයක් තියෙනවා කර ගන්න.’’

‘‘ හරි මිස්ටර් සිල්වා ටයිම් එකක් කියන්න. මම එන්නම්.’’

‘‘කල් දාන්න ඕනා නැහැ. අද හයට හිල්ටන් එකේ ලොබි එකට එන්න පුළුවන්ද?’’

‘‘හරි මම එන්නම්.’’

කතාව එලෙස අවසන් විය. ‘‘අනෙක් අය වගේ නොවෙයි. මිනිහව ඉක්මනින් දැලේ දාගන්න පුළුවන්. එයා මට ගොඩක් කැමතියි වගේ. අද යන්න ඕනා ටිකක් ඇඟ පත පේන විදිහට ඇඳගෙන.’’ ඇය එලෙස සිතුවාය.

සවස හයට දෙදෙනා මුණ ගැසුණහ. සමනලීගේ අඟ පසඟ සහ ලස්සන දැකීමෙන් ඔහු ඇයට තවත් වශී වූහ. ‘‘ ඇය සමග ය……. ඇත්නම් කොච්චර අගනේද.’’ ඔහුට එක්වරම සිතුණි.

දෙදෙනා එහි ආපනශාලාවට ගොස් පැය ගණනක් කතා බස් කළහ. සමන්ට වුවමනා වූයේ කෙලෙස හෝ ඇය තමා වෙත නතු කර ගැනීමටයි. එ සඳහා ඔහු නොයෙකුත් උපක්‍රම භාවිත කළේය. එහෙත් එය අසාර්ථක විය. අවසානයේ ඔහු ඇයට මෙලෙස පැවසුවේය.

‘‘අපේ කම්පැණියේ ඇඞ් ටිකක් කරන්න ඕනා. ඒකට මම ඔයාව තෝරා ගන්නවා.’’

‘‘ඒකනම් හොඳයි. මමත් ආසයි ඒකටනම්’’

‘‘හරි හරි අපි ඉක්මනට ඒක කරමු. හැබැයි ඔයා මට උදව්වක් කරන්න ඕනා.’’

‘‘ඒ මොකක්ද?’’

‘‘මම කැමතියි ඔයා එක්ක ඩි‍්‍රන්ක් එකක් අර ගන්න.’’

‘‘ඉතින්.’’

‘‘ඉතින් කියන්නේ කවදද එන්නේ.’’

‘‘අනේ මන්දා මිස්ටර් සිල්වා කියන දේවල්.’’

‘‘එහෙම කියන්න එපා. මම වෙන දේවල් ඉල්ලන්නේ නැහැනේ.’’

‘‘හරි හරි මම එන්නම්.’’

‘‘කවදද එන්නේ.’’

‘‘ඔයා කියන්න.’’

‘‘එහෙනම් කල් දාන්න ඕනේ නැහැ. හෙටම යමු.’’

‘‘හරි හරි.’’

ඉන් පසු දෙදෙනා විසිර ගියහ.

පසු දින උදාවිය. කතා කරගත් වේලාවට දෙදෙනා මුණ ගැසුණහ. ඉන්පසු ඔවුහු තරු පහේ හෝටලයකට ගියහ. ඉස්තරම් වර්ගයේ විස්කි සහ කෑම බීම ඇණවුම් කළහ. දෙදෙනා ඒවා පානය කරමින් විවිධ දෑ කතා බස් කළහ. සමන්ට වුවමනා වූයේ ඇය සමග සමීප ඇසුරක් පැවැත්වීමටයි. එම නිසා ඔහු ඇයට මෙලෙස යෝජනා කළේය.

‘‘මම දන්න අය මෙතනට එන්න පුළුවන්. ඒක දෙන්නටම හොඳ නැහැ. ඒක නිසා අපි රූම් එකකට යමුද? මම තියෙන හොඳම රූම් එක බුක් කරන්නම්.’’

ඇය එයට අකමැති නොවීය. සමන් එම තරු පහේ හෝටලයේම කාමරයක් වෙන් කර ගත්තේය. ඉන් පසු දෙදෙනා එය තුළට ගියහ. එලෙස ගොස් ගතවූයේ සුළු වෙලාවකි. සමන් ඇයව තුරුළුකර ගත්තේය. සමනලීද එයට අකැමැත්තක් නොපෙන්නුවාය. දැන් කිසිම දෙයකට බාධාවක් නොමැති බව ඔහු දැන ගත්තේය. ඉන් පසු ඔහු තම සිතේ තිබුණ ආශාව ඇයගෙන් ඉටු කර ගත්තේය.

එතැන් පටන් දිනපතාම පාහේ ඔවුහු එලෙස මුණ ගැසුණහ. සති කිහිපයක් යද්දී ඔහු අත දිගහැර ඇයට වියදම් කිරීමට පටන් ගත්තේය. ඇය ජීවත්වූයේ මාසික කුලිය 35000 ක් පමණ ගෙවන නිවසක තනියමයි.

සමන් සහ සමනලී අතර අනියම් සම්බන්ධය ජයමට පවත්වාගෙන ගියහ. ඒ අතර සමන් ඇය ඉල්ලන ඉල්ලන දේ දීමට පුරුදු වී තිබුණි. ඒ අතර කාලය තුළ ඇය වෙනත් කෝටිපති ව්‍යාපාරිකයන් සමගද සම්බන්ධතා පවත්වාගෙන ගියාය.

මුල සිටම සමනලීගේ සිතේ යම් අදහසක් තිබුණි. ඒ සඳහා ඇය මුල සිටම ක්‍රියාත්මක වුණි. ඇය සමන් සමග සිටින නිරුවත් පිංතූර සහ ඔහුගේ වට්ස්ඇප් ගිණුමේ තියෙන සියලූ තොරතුරු ඇය එක් රැස් කරගෙන තිබුණි. ඒ සමන්ගේ ජංගම දුරකථනයේ දත්ත බද්ධ කරගනිමින්ය.

සමන්ගේ දියණියක් විවාහ වීමට සූදානම් වී සිටියේය. ඇය එහි දින වකවානු ආදී සියල්ලම කල් වෙලා ඇතිව දැනගෙන සිටියාය. දැන් තමන්ගේ මෙහෙයුම පටන් ගැනීමට හොඳම කාලය බව ඇයට වැටහුණි.

පසුදිනම ඇය සමන්ගෙන් රුපියල් කෝටි 10 ක මුදලක් ඉල්ලූවාය. ඔහු කුමකටද කියා අසා එච්චර මුදලක් කිසිසේත්ම දිය නොහැකි බව පැවසුවේය. ඇය ඉන් කෝපයට පත් වූවාය. ඉන්පසු ඇය සමන්ට තර්ජනය කර තමන් ළඟ නිරුවත් පිංතූර සහ ඔහුගේ ජංගම දුරකථනයේ තිබුණ රහස් ගොඩක් තමන් ළඟ තියෙන බව පවසා ඒවා ප්‍රසිද්ධ කරන බව පැවසුවාය.

ඇයගේ එම තර්ජනය හමුවේ සමන් ඉතා අසරණ විය. තමන් කිසියම් උගුලකට හසුවී ඇති බව තේරුම් ගත්තේය. දැන් එයින් ගොඩ ඒමේ මගක් ඔහු කල්පනා කළේය. ඒ අතර සමනලී දිගින් දිගටම ඔහුට තර්ජනය කර කෝටි 10යේ කප්පම් මුදල ඉල්ලා සිටියාය.

සමන් දස අතේ කල්පනා කළත් නිසි පිළිතුරක් නොලැබුණි. අවසානයේ ඇයගෙන් බේරීමට නොහැකි තැන නීතියේ පිහිට පැතීමට තීරණය කළේය. ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් මේ පිළිබඳව පැමිණිලි කළේය.

පැමිණිල්ලට අනුව පරීක්ෂණ ඇරඹූ එම නිලධාරීහු එම සැකකාර තරුණියව අත්අඩංගුවට ගත්හ. ඒ අනුව ඇය ළඟ තිබී ජංගම දුරකථන 4 ක් සහ ලැප්ටොප් 3 ක් සොයා ගත්හ. එවායේ තිබී තවත් මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේම නිරුවත් පිංතූර සහ තවත් වටිනා තොරතුරු රැසක් සොයා ගැනීමටද එම නිලධාරීන්ට හැකිවිය.

පරීක්ෂණවලදී අනාවරණය වූයේ සැකකාරිය 2007 අංක 27 දරන පරිගණක පනත මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයද උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවයි. එම වෝදනාවලට අදාළව එම නිලධාරීහු සැකකාර සැලසුම් කළමනාකාරිණියව අධිකරණයට ඉදිරිපත් කළහ. එහිදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකාර තරුණියව ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

කෝටිපති ව්‍යාපාරිකයන් සමග සමීප සම්බන්ධතා ඇතිකරගෙන ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ඉතා රහසිගත ලෙස සොරාගෙන ඉන්පසු කප්පම් ඉල්ලන සැලසුම් කළමනාකාරිණියට අවසානයේ සිදුවූයේ එලෙස බන්ධනාගාරගත වීමටයි.

Published on: Jun 23, 2020 – මගේ හිතවත් අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යතුමණී,

අපේ රටේ වර්තමාන ආර්ථික අර්බුද සම්බන්ධයෙන් මහ බැංකුවට දොස් පවරමින් ඔබේ සහෝදරයා වන ජනාධිපතිවරයා පසුගිය සතියේ ක්‍රියා කළ ආකාරය ගැන දැනගත් මොහොතේ මෙම විවෘත ලිපිය ලිවීමට මා අදහස් කළෙමි.

මුදල් අමාත්‍යාංශයේ ඔබේ පූර්වගාමියා වශයෙන් මම අද ඔබට ලියන්නේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පමණක් නොව ආර්ථිකයේ සියලු විෂය පථයන්ට වගකිවයුතු මුදල් අමාත්‍යවරයා වෙතටය.

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන්, මහ බැංකුව සහ භාණ්ඩාගාරය – පිළිවෙලින් මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති භාර රාජ්‍ය ආයතන දෙක ඔබේ භාරයේ පවතී. ව්‍යවස්ථානුකූලව, ඔබ අපේ රටේ වර්තමාන ආර්ථිකයේ නියමුවාය. කෙසේ වෙතත් ඔබට හිමි බලතල ව්‍යවස්ථාවට යටත් වන අතර ජනරජයේ ආර්ථික මග විධානය හා පාලනයට යටත්ව  පාලනය කිරීමේ බලය ඇත්තේ, ජනධිපති හෝ අග්‍රමාත්‍යවරයාට නොව අමාත්‍ය මණ්ඩලයටය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජනාධිපතිවරයාගෙන් ලැබුණු වාග් ප්‍රහාරය සහ පසුව එය ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍යයට මුදාහරිනු ලැබීම පෙර නොවූ විරූ දෙයකි.

අපේ ජනරජයේ දශක හතක දීර්ඝ ඉතිහාසයේ කිසි දිනෙක රජය හෝ විපක්ෂය මහ බැංකුවට මෙවැනි ආකාරයකින් කතා කර නැත. එහිදී ජනාධිපතිවරයාගේ කෝපය මහ බැංකුව සහ එහි නිලධාරීන් ඉතා නින්දිත ලෙස ප්‍රසිද්ධියේ අවමානයට ලක් කළේය. රාජ්‍ය නිලධාරීන්ට මෙතරම් ආවේගශීලීව ප්‍රසිද්ධියේ බැන වැදීම බරපතල හිරිහැර කිරීමේ ක්‍රියාවකට වඩා අඩු දෙයක් නොවේ. එහිදී ජනාධිපතිවරයා විසින් පෙන්වන ලද කුහකත්වය මේ රටේ දරුවන්ට ද අවාසනාවන්ත ආදර්ශයකි.

වසර ගණනාවක් විවිධ රජයන්හි සේවය කර ඇති ඇමතිවරුන් වශයෙන්, ඔබ හා මම ද  දන්නා පරිදි  වැරදි නිලධාරීන් සමහරෙකුට වරින් වර තදින් අවවාද කිරීම් අවශ්‍ය බව දනිමි. ඔබ සහ මම රජයේ නිලධාරීන්ගෙ වැරදි නිවැරදි කිරීමට කටයුතු කර ඇත්තෙමු. නමුත් සෑම විටම එසේ කරන ලද්දේ ඔහු හෝ ඇය පෞද්ගලිකව කැඳවීම් කිරීමෙන් පසුවය. කෙසේ වෙතත් කොයිතරම් අඩුපාඩු ඇතත් ප්‍රසිද්ධියේ අපි  රජයේ නිලධාරීන්ගේ හා ඔවුන් සේවය කරන රාජ්‍ය ආයතනවල ගරුත්වය සහ අභිමානය ආරක්ෂාවන ආකාරයට කටයුතු කර ඇත්තෙමු.  රජයේ නිලධාරීන් ප්‍රසිද්ධියේ අවමානයට ලක් කරමින් ‘ගැලරියේ අප්පුඩිය’ බලාගෙන වැඩ නොකිරීමට අප වග බලා ගන්නා ලදී.

පසුගිය වසරේ නොවැම්බරය වන තෙක් මුදල් විෂය භාරව සිටි ඔබේ පූර්වගාමියා වශයෙන්, විශේෂයෙන් ඔබේ නිහඬතාවය නිසා, අසාධාරණ ලෙස හා නොදැනුවත්වම ඔවුන් වෙත එල්ල කර ඇති චෝදනාවලට එරෙහිව මහ බැංකුව ආරක්ෂා කිරීම මගේ යුතුකම බව මම විශ්වාස කරමි. ඔබට මේ වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වුවත් මේ සම්බන්ධයෙන් රටේ මහජනතාව දැනුවත් කිරීම මගේ වගකීමක් යැයි මම සිතමි.

ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික විපත් මූලික වශයෙන් රාජ්‍ය මූල්‍ය හේතු මත විනා මුදල්මය හේතු මත නොවේ. එබැවින් මෙම අර්බුදය තුළ මුදල්මය  ප්‍රතිපත්තිය සඳහා ඇත්තේ සීමිත කාර්යභාරයක් පමණි. ඔවුන්ගෙන් සමහරක් රාජකාරියෙන් ඔබ්බට ගියා වූවද  මහ බැංකුව ප්‍රධාන උත්තේජක ක්‍රියාකාරකම් ගණනාවක් සිදු කර ඇත. – එය  කෙතරම්ද යත්, මුදල් මණ්ඩලයේ සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් උසාවියකට මුහුණ දීමට පවා විවෘතව සිටියි. මා තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන බැවින් මට මෙම ලේඛන සභාගත කළ නොහැකි වුවත්, ඒ වෙනුවට, මහ බැංකුව විසින් ගනු ලැබූ මෙම පරිපූර්ණ නොවන ක්‍රියාමාර්ග ලැයිස්තුව මහජනතාවගේ දැනගැනීම පිණිස මෙසේ ඉදිරිපත් කරමි.

ජනාධිපතිවරයාගේ චෝදනාවලට ඇත්ත වශයෙන්ම පදනමක් නැත. ඇත්ත වශයෙන්ම, ඔහුගේ රාජකාරියේ ඇති බලපෑම් සහ පීඩාවට මුහුණ දීමට නොහැකි බවය. ජනපතිවරයා සතුව ආර්ථික, දේශපාලන හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අත්දැකීම් ඉතා අල්ප බැවින් ඔහුට ජනාධිපති ධූරය අභියෝගයක් වීම පුදුමයක් නොවේ.

ඔහුට පූර්ව අත්දැකීම් තිබුණේ නම් මහ බැංකුව පිළිබඳ පූර්ණ පාලනය ඔබ රජය සතු බව දැන සිටිය යුතුය. කෙසේ වුවද පසුගිය මැයි 31 දක්වා මහ බැංකුව සතුව යම් ස්වාධීනත්වයක් තිබුණේ නම් එය ද අහිමි විය. මුදල් මණ්ඩලයේ සාමාජිකයන් පස් දෙනාගෙන් දෙදෙනෙකුගේ හය වසරක සේවා කාලය සම්පූර්ණ වීමට පෙර ඉල්ලා අස්වන ලෙස දන්වා සිටීමට ඔබේ රජය පෙර නොවූ විරූ හා අශෝභන පියවරක් ගත්තේය. අවාසනාවකට මෙන්, ඔවුන් එකඟ නොවූයේ  නම් ඔවුන් බලා සිටි ප්‍රචාරක ප්‍රහාර එල්ලවීමට ඉඩ තිබූ බැවින් දන්වා සිටි පරිදි ඔවුන් ඉල්ලා අස්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස දැනට සිටින මුදල් මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනා වනුයේ  ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ ඇති අය පමණි. ඇත්ත වශයෙන්ම, බහුතරය (මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම්) ඵලදායී ලෙස සේවය කරන්නේ ජනාධිපතිවරයාගේ සහ මුදල් ඇමතිවරයාගේ සතුට හා කැමැත්ත තිබෙන තාක් පමණි. කෙසේ වෙතත්, මහ බැංකුව දේශපාලනීකරණය ආරම්භ කරනු ලැබුවේ ඔබ විසින් නොව, පාලන තන්ත්‍රයේ සැබෑ ආර්ථික ඔස්තාර් අයකු ලෙස සලකන පුද්ගලයෙකු විසිනි. වරක් ඔබ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු විසින් ‘ආර්ථික ඝාතකයෙකු’ ලෙස හැඳින්වූයේ ද මේ පුද්ගලයාය.

මහ බැංකුව අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ඔවුන්ට අවශ්‍ය දේ කර ඇත. අර්බුදයේ දරුණුතම අවධියේදී ද්‍රවශීලතා විශාල ප්‍රමාණයක් සැපයීමට සහ ගෙවීම් හා පියවීම් පද්ධතිවල අඛණ්ඩතාව සහතික කිරීමට ඔවුහු ඉක්මන් වූහ. පොලී අනුපාත පහත හෙලීමට සහ ඉදිරි මාස හය සඳහා ව්‍යාපාරවලට හුස්ම ගැනීමේ ඉඩක් ලබා දෙන තාවකාලිකව ණය ආපසු අය කිරීම අත්හිටුවීම් සඳහා ප්‍රථිපත්ති රාමුව ඉතා ඉක්මණින් ප්‍රකාශ කිරීමට ඔවුන් සමත් වී තිබේ. මීට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා කාරක ප්‍රාග්ධන ණය 4% ක පොලියට ලබා දීමට ඔවුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රම සක්‍රීය කළේය. ද්‍රවශීලතාවය සහ ප්‍රාග්ධන සීමාවන් ලිහිල් කරමින් බැංකු පද්ධතියට යම් කම්පන ආවරණයක් ලබා දෙන අතරම මෙය සිදු කරන ලදී..

මහ බැංකුවේ කාර්යභාරය වන්නේ මිල ස්ථායිතාව ළඟා කර ගැනීම සඳහා මුදල් සැපයුම සහ පිරිවැය කළමනාකරණය කිරීමයි. මුදල් පිරිවැය චමත්කාර ලෙස පහත වැටී ඇති අතර, මුදල් සැපයුම සතුටුදායක මට්ටමකට වඩා වැඩි වී ඇති අතර උද්ධමනය පාලනය කර ඇත. වෙනත් වචන වලින් කිවහොත් – මහ බැංකුව සිය කාර්යභාරය ඉටු කර ඇත.

මෙම සන්දර්භය තුළ මහ බැංකුව වෙත බැන වැදීම හා කෑ ගැසීම හුදෙක් පිළිබිඹු කරන්නේ ආර්ථිකයේ මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් නොමැති බවයි. ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ ආර්ථික පුනර්ජීවනය සඳහා වූ උපායමාර්ගය ප්‍රකාශ කිරීමේ වගකීම භාණ්ඩාගාරයේ සහ රජයේ අනෙකුත් අංශවල කාර්ය භාරයයි

ජනාධිපතිවරයා තම කෝපයෙන් බැන වැද පසුදා උදෑසන වන විට‘යාන්ත්‍රණයක්’ – මුදල් සහන පැකේජයක්, ඉල්ලා සිටියේය. සියලු දෙනා දන්නා පරිදි, මූලිකවම තිබෙන්නේ රාජ්‍ය මූල්‍ය ගැටලුවයි. රජයට මුදල් වියදම් කිරීමට අවශ්‍යයි, නැතිනම් අන් අය ණයට දීමට හා වියදම් කිරීමට ඇති අවදානම සැලකිල්ලට ගත යුතුය. කෙසේ වෙතත්, උපක්‍රම යනු ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ක්‍රමය නොවේ. තත්වය අධ්‍යයනය කිරීම හා ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා අන්තර් ආයතන ක්‍රියාකාරී කණ්ඩායමක් පත් කළ යුතුව තිබුණි. ඊටත් වඩා මුදල් මණ්ඩලයට  හොඳ දෙදෙනෙකු පත් කර පසුව එකිනෙකාගේ විශ්ලේෂණයේ හිඩැස තෝරා ගැනීමට ඔවුන්ට ඉඩ දීමෙන් හොඳම තීරණය ගත හැකිය. එහි ආර්ථික ප්‍රතිසාධන සැලැස්ම පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි. මගේ ආයාචනය බිහිරි කන් මත වැටී ඇත.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය තවදුරටත් ලිහිල් කර ඇත – මෙය දැනටමත් වෙළඳපොලේ ප්‍රමාණවත් හා ඇත්ත වශයෙන්ම අතිරික්ත ද්‍රවශීලතාවයක් පවතින විට පද්ධතියට ඊටත් වඩා ද්‍රවශීලතාවයක් සපයයි. ගැටළුව ද්‍රවශීලතාවය නොවේ. ගැටලුව ණය අවදානමයි. COVID නිසා ඉහළ අවදානමක් ඇති ව්‍යාපාරවලට ණය දීමට බැංකුවලට අවශ්‍ය නොවන්නේ එවැනි ණය ආපසු ගෙවීම  පැහැර හැරීම කෙලින්ම තැන්පත්කරුවන්ගේ ඉතුරුම් අහිමිවීමට හේතු විය හැකි බැවිනි. එක් අතකින් සී.බී.එස්.එල්. මූල්‍ය සමාගම් අසාර්ථක වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අතර අනෙක් පැත්තෙන්  අසාර්ථක වීමට හේතු වන අවදානම් සහගත ව්‍යාපාරවලට ණය දීමට වානිජ බැංකු තල්ලු කිරීමෙන් ඒවා ද අසාර්ථක වීමට මං සලසයි.

මෙම ගැටළුව විසඳීම සඳහා භාණ්ඩාගාරය විසින් COVID සහන සඳහා බැංකු විසින් සපයනු ලබන ණය සඳහා අර්ධ ඇපකරයක් ලබා දිය යුතුය – තැන්පත්කරුවන්ගේ අරමුදල් සඳහා අමතර ආරක්ෂාවක් ඇති බව දැන දැන බැංකුවලට නිදහසේ ණය ලබා දිය හැකි බව සහතික කරයි. කෙසේ වෙතත් එවැනි ඇපකරයක් ලබා දීමට භාණ්ඩාගාරයට අරමුදල් නොමැත. දැඩි බදු කප්පාදුවක් ක්‍රියාත්මක කරමින් පසුගිය දෙසැම්බරයේ දී භාණ්ඩාගාර ආදායමෙන් තුනෙන් එකක් කපා හැරීමට රජය තීරණය කළ විට මෙය පුදුමයක් නොවේ. බදු කප්පාදුව මිල හා ජීවන වියදම අඩු කිරීම කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකළ අතර දැන් භාණ්ඩාගාරයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීමට අරමුදල් සැපයීම පමණක් නොව යන්තමින් වැටුප් ගෙවිය හැක. භාණ්ඩාගාරයට යම් ආදායමක් ඇත්නම් ඔවුන්ට පහත සඳහන් දෑ ක්‍රියාත්මක කළ හැකිව තිබුණි.

අර්බුදයකට ප්‍රතිචාර දැක්වීම සඳහා රජය සංචිත ගොඩනගා ගත යුතුය. අවාසනාවකට මෙන්, අර්බුදයට පෙර ආදායම් මාර්ග කපා හැරීමෙන් රජය සිය සංචිත සියල්ලම ඉවත දැමූ විට, අර්බුදය ඇති වූ විට එය දුර්වල හා අසරණ වේ. මෙය සිදු වූ විට මහ බැංකුව වෙත දිව ගොස් වැඩි මුදලක් මුද්‍රණය කරන ලෙස ඉල්ලා සිටීමෙන් පලක් නැත. මහ බැංකුව ස්වාධීන වෘත්තීය ආයතනයක් ලෙස මේ දක්වා වගකීමෙන් යුතුව කටයුතු කර ඇත – නමුත් දැන් එය අද්දරට තල්ලු වෙමින් තිබේ. අද සිම්බාබ්වේ, මැයි මාසයේ උද්ධමනය 785% ක් ලෙස වාර්තා කර ඇත – ඉතා ඉක්මනින් එය ශ්‍රී ලංකාව ට ද  විය හැකිය.

මීට පෙර, මා සහ අනෙක් අය මාස කිහිපයක් තිස්සේ කර ඇති යෝජනා සාරාංශ කිරීමට පෙර, තවත් අනතුරු ඇඟවීමක් වාර්තාවේ තැබිය යුතුය.  ගණනය කළ නොහැකි තරම් සමාගම් සහ පුරවැසියන් ඔවුන්ගේ ණය පැහැර හැරීමට යන්නේ ය. රජය එකී ණය ආපසු ගෙවීම පැහැර හරිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය බැංකු පෙර නොවූ විරූ අගතියකට ලක් කරනු ඇත. තවදුරටත් බැංකුවලට පීඩනය යෙදුවහොත් එය බැංකු අර්බුදයකට තුඩු දිය හැකිය. බැංකු අර්බුද අනෙකුත් අර්බුදයන්ට වඩා දිගු හා වඩා නරක ය – ස්වෛරී ණය පැහැර හැරීම පිළිබඳ භයානක අවස්ථාව ද ඇතුළුව. රජයට ඇප ලබා ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය අවකාශය නොමැති නිසා මෙය වඩාත් කනස්සල්ලට කරුණකි.

මේ සියල්ල වළක්වා ගත හැකිව තිබුණි. අපගේ වර්තමාන විපත් බොහොමයක් පැන නගින්නේ අපේ විදේශ සබඳතා පෙර නොවූ විරූ ලෙස වේගයෙන් පිරිහීමෙනි. වසර පහක් තිස්සේ අප විසින් නිවැරදි කර තිබූ සබඳතා ඔබේ රජය පවත්වා ගෙන ගියේ නම්, ශ්‍රී ලංකාව අද මෙම දුෂ්කරතාවන්ට මුහුණ නොදෙනු ඇත. ඔබ කාර්යාලයට පැමිණි විට, අප විසින් පිහිටුවා ගත් ආර්ථික සම්බන්ධතාවල සාරාංශයක් මෙහි දැක්වේ.

ඩොලර් මිලියන 500 ක් වටිනා ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ප්‍රදානය එක්සත් ජනපදයෙන්; ජීඑස්පී + සහ මත්ස්‍ය අපනයන යුරෝපා සංගමයට යථා තත්ත්වයට පත් කිරීම; ඉන්දියානු සහන මූල්‍ය සහ ගුවන්තොටුපල සහ දුම්රිය සඳහා ආයෝජන; හම්බන්තොට දී චීන නිදහස් වෙළඳ කලාපයක් හම්බන්තොට වරායට විදේශ සෘජු ආයෝජන; සිංගප්පූරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක්; ජපානයෙන් එල්.ආර්.ටී. සඳහා පොලී රහිත මුල්‍යකරණය. ලෝකය ලංකාවට උදව් කිරීමට සූදානම් වූ අතර ශ්‍රී ලංකාව සමඟ හවුල් වීමට අවශ්‍ය විය. මාස කිහිපයකින් එම හොඳහිත නැති විය. එල්.ආර්.ටී. දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම පිළිබඳ ජපන් තානාපති කාර්යාලයේ නවතම පුවත එක් උදාහරණයක් පමණි. ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක උත්තේජනයට වඩා අපේ උත්තේජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% ට වඩා අඩු වන්නේ මේ නිසා ය.

විපත්තියෙන් වැළකී සිටීමට තවමත් පටු කවුළුවක් තිබේ. ඔබගේ පළමු ධුර කාලය තුළ මම ඔබේ විදේශ ඇමතිව සිටියදී, ශ්‍රී ලංකාවට එම්.සී.සී. ප්‍රදානය ලැබීම සහතික කිරීම සඳහා මාව වොෂිංටන් ඩී.සී. වෙත යැවීමේ ප්‍රඥාව හා විචක්ෂණභාවය ඔබට තිබුණි. ඔබේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරමින් සිටියේය. අවාසනාවකට මෙන්, ඔබේ රජය ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් කුණු කූඩයට දැමූ නිසා, එම ප්‍රදානය අත්හිටුවන ලදි.

 අද එම වරද්දම නොකරන්න. ඔබ විශ්වසනීය ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම්, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ නීතියේ ආධිපත්‍යය සහතික කරන්නේ නම්, ඔබට මෙතෙක් ප්‍රවර්ධනය කර ඇති රුපියල් බිලියන 150 ක අරමුදලට වඩා බොහෝ ගුණයකින් වැඩි COVID ප්‍රතිසාධන අරමුදලක් නිර්මාණය කළ හැකිය.

ඒ සඳහා මගේ ඇස්තමේන්තුව මෙන්න

මෙම පහසුකම් සියල්ල වහා මුදාහැරීමට නොහැකි වනු ඇති වුවද, ජාත්‍යන්තර මූල්ය අරමුදලේ ශීඝ්‍ර මූල්‍යන වැඩසටහන පමණක් සමහර COVID සහන ණය අවදානම ගැනීමට රජයට සැලකිය යුතු ලෙස වැඩි  ඉඩ කඩ ලැබෙනු ඇත. “ශ්‍රී ලංකාව සඳහා නව ගනුදෙනුවක්” යන මාතෘකාවෙන් යුත් මගේ මෑත පුවත්පත් ප්‍රකාශයේ සඳහන් පියවරයන් තිබේ.

පශ්චාත් මැතිවරණ කාලය දෙස බැලීමෙන් අවසන් නිගමනයකට එළඹීමට  මට ඉඩ දෙන්න. මෙම වසර අග හෝ ඊට පසු ශ්‍රී ලංකාව එකී ණය පැහැර හරිනු ඇතැයි වෙළඳපල අපේක්ෂා කරන බව ඔබේ උපදේශකයින් ඔබට පවසා ඇතැයි  මට විශ්වාසයි. එය අප සැමට පෙර නොවූ විරූ තත්වයක් වනු ඇත. රුපියල අවප්‍රමාණය කිරීමට සිදුවනු ඇත. අපනයන ඇතුළු අපගේ ජාත්‍යන්තර වෙළඳාම විශාල වශයෙන් කඩාකප්පල් වනු ඇත. මීට පෙර ස්වෛරී පැහැර හැරීම් සම්බන්ධයෙන් කටයුතු කළ ජාත්‍යන්තර විශේෂඥයින් සමඟ ඔබ ශක්තිමත් සැලැස්මක් සකස් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

මෙම ලිපිය ලියා ඇති හරයෙන් යුක්තවම ඔබ මෙය කියවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

කාරුණිකව,

ඔබගේ විශ්වාසී,

මංගල සමරවීර

Published on: Jun 23, 2020- සංචාරක ව්‍යාපාරය ලොව අංක එකේ ව්‍යාපාරයක් වන අතර ලංකාවේ සංචාරක ව්‍යාපාරයද දැවැන්ත මුදල් ඉපැයීමේ ව්‍යාපාරයක් ලෙස මුල් බැස ගෙන තිබේ. ඒ නිසාම මෙම ව්‍යාපාරය කෙරෙහි රටේ ලොකු පොඩි සෑම දෙනාගේම අවධානය යොමු වී තිබේ. සංචාරක ව්‍යාපරයේ ගමන් මග තීරණය කරනු ලබන රාජ්‍ය සංස්ථාව වන ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත තම කාර්යභාරය වෙනුවෙන් පැවරී ඇති වගකීම අති විශාලය. ඒ වගකීම කෙසේ වෙතත් සංචාරක සංවර්ධන අධිකාරියේ මල් පුටුවට බොහෝ ඇස් යොමුවන්නේ එකී ව්‍යාපාරයෙන් රටට සිදු කරන සේවයට වඩා එම ආයතනය සල්ලි උපයා ගත හැකි ඉල්ලමක් බව සැවොම දන්නා නිසාය. රටවටේ ඉඩම්වලින් තුනෙන් දෙකක හිමිකාරිත්වය සංචාරක සංවර්ධන අධිකාරිය සතු වීම නිසා ඉඩම් කොල්ල කන්නන්ට මෙම ආයතනය නිධානයකි. ඒ නිසා දැනට දශක දෙකක පමණ කාලයක සිට සංචාරක සංවර්ධන අධිකාරියේ මුල් පුටුවට පත් වූවන් තමන්ට යම් යම් ප්‍රතිලාභයක් ආයතනික බලයෙන් ලබාගත්තා මිස රටට කළ සේවයක් නැත. සංචාරක අමාත්‍යංශයට ඇස ගසා සිටින ඇමතිවරුන්ද මීට නොදෙවෙනි අතර ඔවුන්ද මෙම අමාත්‍යාංශය ඉල්ලා බාර ගන්නේ මෙහි ඇති ධන ආකරය ගැන දන්නා නිසාය.

ජනාධිපතිතුමන්ගේ “වැඩ කරන රටක්” තේමාවට අනුව සංචාරක සංවර්ධන අධිකාරියට සභාපතිනිය ලෙස වියත්මග හරහා පත්කළ ක්‍රිමාලි ෆර්නෑන්ඩු ද මෙම ආතනය ඉල්ලා බාර ගන්නේ එවන් අරමුණකින් බවට දෙස් දෙන්නේ ඇගේ වත්මන් ක්‍රියාකලාපයයි. ඇය ඩිල්මා ආයතනයේ MJH Holding අධ්‍යක්ෂ මලික් ෆර්නෑන්ඩුගේ බිරිඳයි. මලික්ගේ මහාපරිමාණ තේ ව්‍යාපාරයට අමතරව ඔහු සුඛෝපභෝගී නිවාඩු නිකේතන,සංචාරක හෝටල්, සෆාරි වැනි විශාල ව්‍යාපාර ගණනාවක් තිබේ. මේ වන විට ඔවුන්ගේ හෝටල් තුනක කාමර 94 ක් ඇති අතර එමගින් උපයන අදායම මිලියන ගණනකි. සේවකයින් 450 පමණ ඒවායේ සේවය කරන බව ඔවුන්ගේ වෙබ් අඩවිවල දක්වා තිබීමෙන් හෝටල් ක්‍ෂේත්‍රයේද ඔවුන්ගේ ප්‍රසාරණය කොතෙක්දැයි හදුනාගත හැකිය. එනිසා

ඩිල්මා (Dilmah) ආයතනය සංචාරක සංවර්ධන අධිකාරියේ ඉඩම් ගැන ඇස ගසාගෙන සිටීම පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් ඇති අතර මේ වන විට ඩිල්මා ආයතනයට අයත් යාල පිහිටා ඇති Yala Wild Coast Tented Lodge සුපිරි හෝටලය පිහිටා ඇත්තේද සංචාරක සංවර්ධන අධිකාරිය සතු ඉඩමකය. මීට අමතරව ඔවුන් කුච්චවේලි සහ ත්‍රිකුණාමලය ඉඩම් ගැන ඔවුන් අවධානය යොමු කර ඇත්තේ දීර්ඝ කාලයක සිටමය. එහෙත් ඒවා ක්‍රියාත්මක වන්නේ පහුගිය ආණ්ඩු කාළයේදිය. එයින් ප්‍රධාන ලෙස ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ත්‍රිකුණාමලය වෙල්ලමනල් ග්‍රාමයේ පිහිටා ඇති මාලබල් බීච් නම් වූ අගනා මුහුදු තීරය සහිත ඉඩමයි. මෙම ආකර්ෂණිය වෙරළ තීරය සහිත අගනා ඉඩම තමන් සතු කර ගැනීමේ කාර්‍යය කොවී ඩ් -19 වංසගතය පැවති පසුගිය මාස කාළයේදි වුව නතර නොවී තිබීමෙන් සහ ඒ වෙනුවෙන් වංචා සහගත ලෙස කටයුතු කිරීමෙන් සභාපතිනිය මෙම ඉඩම තම පවුලේ ව්‍යපාරය වෙනුවෙන් ලබා ගැනීම කොයිතරම් වැදගත් යැයි සිතා ඇද්දයි අමුතුවෙන් පැහැදිලි කල යුතු නොවේ.

මාබල් බීච් වෙරළ තීරය සංචාරක සංවර්ධන අධිකාරිය සතු වන්නේ 1975 පෙබරවාරි 21 වන අංක 152 දරණ අති විශේෂ ගැසට් පත්‍රයකින් සංචාරක සංවර්ධන කටයුතු සඳහාය. මෙසේ ගැසට් පත්‍රයක් මගින සංචාරක සංවර්ධන අධිකාරියට ලැබෙනා රජයේ ඉඩම් සංවර්ධනය කර සංචාරක කටයුතු සඳහා යෙදවීම සංචාරක සංවර්ධන අධිකිරියේ වගකීම වන අතර එම ඉඩම් සංවර්ධනය කර 99 අවුරුදු බද්දකට යටත්ව සංචාරක ව්‍යාපාරිකයන්ට බඳුදිම අධිකාරියේ පිළිවෙත වෙයි . එමගින් රටට ලැබෙනා ආදායම ඉමහත්ය. එහෙත් මාබල් බීච් ඉඩම සම්බන්ධයෙන් භුක්තිය තහවුරු කර ගැනීමට සංවර්ධන අධිකාරයේ පාලනය අධිකාරිය එතරම් උනන්දුවක් දක්වා නොමැති අතර එය මේ වන විට ගුවන් හමුදාව භුක්ති විඳිමන් සිටි. ගුවන් හමුදාවේ ආකර්ශණීය සංචාරක නිකේතනයක්ද මේ වන විට මෙහි ඇති අතර ඔවුන් එය මැනවින් කළමණාකරය කරමින් සිටී. පසුගිය යුධ සමයේදි ජාතික ආරක්ෂාව හේතුවෙන් මෙම වෙරළ තීරය ගුවන් හමුදාව අත්පත් කර තිබුණද සංචාරක ආකර්ෂණිය ස්ථානයක් ලෙස ඔවුන් මේ වන විට එය පවත්වා ගෙන යමින් සිටී.

එහෙත් සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිනියගේ පිළිවෙත සංචාරක සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් වෙනස් වන අතර ඇයට අනුව සංචාරක සංවර්ධන අධිකාරිය සතු වටිනා ඉඩම්වල අයිතිය අධිකාරිය විසින් අත්හැරිය යුතු අතර අනතුරුව එම ඉඩම් ඇගේ සැමියා වු මලික් ෆ්රුන්ඩු මහතාට ලබාදීමට කටයුතු කළ යුතුය. මාබල් බීච් නම් වටිනා ඉඩමද එවන් ක්‍රමවේදයකින් ඩිල්මා ආයතනයේ පෞද්ගලික දේපලක් ලෙස අත්කර ගැනීමේ ඇගේ වෑයම සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත් වීමෙන් දැනට තාවකාලිකව නැවතී ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් තහවුරු වේ.එය ප්‍රසන්න රණතුංග කළ විශිෂ්ට ක්‍රියාවකි. නමුත් මෙම ඉඩම ඔවුන්ට අත්කර දීමට උත්සහ කරනා අනෙක් තැනැත්තා වන්නේ හිටපු ඇමතිවරයකු වූ සුසන්ත පුංචි නිළමේය. ඔහු ත්‍රිකුණාමලයේ ඉඩම් බොකර් කෙනෙක් ලෙස කටයුතු කරමින් මෙවන් ගනුදෙනු වලට සම්බන්ධ වේ. ඒ සඳහා පුංචි නිළමේ මහතාගේ ඒජන්තවරයෙකුද සංචාරක සංවර්ධන අධිකාරියට පත්කර එවා ඇත.

ඩිල්මා ආයතනය මාබල් බීම් මෙහෙයුම ක්‍රියාත්මක කිරීම ආරම්භ වන්නේ යහපාලන ආණ්ඩු සමයේදි වන අතර එයට සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතාගේ නොමඳ සහයෝගය ලැබී තිබේ. මෙම ඉඩමේ අයිතිය සඳහා රොහාන් පොන්නයියා නම් ව්‍යාපාරිකයෙකුද ඉදිරිපත් වී ඇති අතර එම අයිතිය දක්වා ඇතිතේ Socity of Jesus in the diocese නම් ක්‍රිස්තියානි ආගමික ආයතනයකටය. 2017 වසරේදි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ලෙස ගුවන් හමුදාව විසින් නාමිකව අත්පත් කරගෙන සිටිනා කොටසින් අක්කර 05 රූඩ් 02 ක කොටසක් නිදහස් කිරීමට කටයුතු කර ඇත.

එසේම 2020 වසරේ පෙබරවාරී මාසයේදි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව සාකච්ඡාවක් අමාත්‍යාංශයේදි පවත්වා ඇති අතර එහිදි සුසන්ත පුංචිනිලමේ හිටපු ඇමතිවරයා සඳහන්කර ඇත්තේ මලික් ෆර්නෑන්ඩු සහ රොහාන් පොන්නයියා එක්ව හොටල් සංකීර්ණයක් මාබල් බීච්හි ඉදකිරිමට අදහස් කරගෙන සිටිනා හෙයින් සංචාරක සංවර්ධන අධිකාරිය මාබල් බීච් ඉඩමට ඇති අයිතිය අත්හරිනා ලෙසයි. අනතුරුව රටේ පැවති කොවීඩ්-19 උවදුරු කාලාය්දිද මෙම ඉඩම අත්කර ගැනීම් උත්සයහ අත්හැර නොමැති අතර සභාපතිනිය අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් මගින් මෙම ඉඩම අත්හැරීමට අනුමැතිය ඉල්ලා ඇත. එහිදි මෙම අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේ අමාත්‍යතුමාගේ නිර්දේශ මේ සඳහා ලැබී ඇති බව වුවද ඒ සඳහා ලිඛිත සාක්ෂි නොමැති වීම නිසා අධ්‍යක්ෂ මණ්ඩලය ඇමතිතුමගේ අනුමැතිය ලිඛිතව ලබා ගන්නා ලෙසය. එහෙත් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සටහන්වල දක්වා ඇත්තේ මාබල් බීච් ඉඩම අත්හැරීමට සංචාරක සංවර්ධන අධිකාරියට අධ්‍යක්ෂ මණ්ලඩ අනුමැතිය ලැබුණු බවයි. එය ඇය හිතාමතා සැලසුම් සහගතව, වංචනික ලෙස අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන කර තිබෙන වැඩක් බව පැහැදිලිය. ඇගේ මෙම වංචනික ක්‍රියාව අත්වැරදීමක් බව පවසමින් මේ වන විට මෙම ඉඩම සම්බන්ධව ක්‍රියා කිරීම ඇය තාවකාලිකව නවතා ඇති බවද සැලවේ.

නමුත් රජයේ ඉඩම් මෙලෙස වංචාකාරී ලෙස අත්පත් කර ගැනීමට උත්සහ කිරීම බරපතල කරුණක් සේම සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය ලෙස කටයුතු කරනා ගමන්ම තම ස්වාමියාගේ ව්‍යාපාර සදහා තම ආයතනික බලය යොදමින් රජය සතු ඉඩම් නිදහස්කිරීම සදාචාරාත්මක නැත. ඇය එවැනි විනයක් ඇති තැනැත්තියකු නොවන බව සංචාරක ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු පවසති. ව්‍යාපාරික මලික් ෆර්නෑන්ඩුගේ බිරිද මෙවැනි තනතුරු පසුපස හඹා එන්නේම වැටුපකට රැකියාවක් කිරීමේ අහේනියක් ඇති නිසා නොව ආයතනික බලය ප්‍රයෝජනයට ගෙන තව තවත් පවුලේ ව්‍යාපාර ප්‍රසාරණය කරගැනීමේ කෑදරකම නිසාය. ඒ වෙනුවෙන් තම ප්‍රතිවාදීන්ගේ ව්‍යාපාර පවා විනාශ කිරීමට පසුබට නොවන බවද සංචාරක ක්ෂෙත්‍රයේ බොහෝ දෙනා පවසති.

ඇය සංචාරක මණ්ලයේ ආයතන හතරේම සභාපතීත්වය දරන අතර ඇය මේ සඳහා නිර්දේශකොට ඇත්තේ වියත්මග නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට කිට්ටු වූ නාලක ගොඩහේවා විසිනි. ඒ මෙම ව්‍යාපාරික පවුල ගම්පහ බැවින් තම ඡන්ද ව්‍යාපාරය ගොඩදමා ගැනීමට ලැබෙන මුල්‍ය ප්‍රතිලාභ හා අනෙකුත් සහයෝගයන් සලකා ඊට දෙන තුටු පඬුරක් වශයෙනි.මේ දේශපාලන පත්කිරීම් පසුපස ඇත්තේ එවැනි එකිනෙකාට උදව් කරගැනීමේ ගනුදෙනු බව සාමාන්‍ය ජනතාව නොදනිති. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති ලෙස තොරා පත්කර ගනු ලැබුවේ මෙවන් පුද්ගලයින් තනතුරු වලට පත්කර රටේ දේපල ඔවුන්ගේ පවුල්වල බූදල් කරගැනීමට ඉඩදීමට නොවන බව සිහිපත් කිරීමට කැමැත්තෙමු.

~~ සිංහල සුද්දා ~~

Published on: Jun 22, 2020 – ශ්‍රි ලංකා ක්‍රිකට් පාවාදුන්නේ කවුද? පහුගිය දිනක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සදහන් කර තිබුනේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවෙකු ජාත්‍යන්තර තරගයකදි තරගය පාවාදීම සදහා මුදල් ලබාගත් බවත් අදාල මුදල් ඔහුගේ බිරිද විසින් කොළඹ ප්‍රදේශයේ පාලමක් උඩදි ලබාගත් බවයි. කවුද ඔහු! මේ මන්ත්‍රීවරයා නොකී කතාවයි.

මුදල් වෙනුවෙන් තරගය පාවාදිම සදහා සිය බිරිද යවා පාලම උඩදි මුදල් ගත්තේ වෙන කිසිවෙකුත් නොව වර්තමානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මහ මැතිවරණයට තරග කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ය.බිරිද ලබාගත් මුදල වෙනුවෙන් ඊට දින 2කට පසුව පැවැති තරගයකදි ඩිල්ෂාන් දුවද්දි දැවි යන අතර ඒ වනවිට ඔහු ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 2ක්.

කඩුළු අතර දිවීමේදි (Runing between wickets) ඇන්ජලෝ මැතිව්ස් එවැනි දැවි යාම් 65 කට මුහුණ දී ඇති අතර එය ලොව පිතිකරුවෙකු දුවද්දි දැවී යාමට මුහුණ දී ඇති වැඩිම සංඛ්‍යාව වේ. එයින් දෙවැනි තැන හිමිවන්නේ දුවද්දි දැවි යාම් 48 කට දායක වී ඇති A.B ඩිවිලියස් ය. තුන්වෙනි ස්ථානය M.S Doni වන අතර එය දුවද්දි දැවි යාම් 44ක් වේ. හතරවෙනි ස්ථානය රොස් ටේලර්ට සතු වේ. එම ප්‍රමාණය 43ක් වන අතර දුවද්දි දැවි යාම් 41 කට හිමිකම් කියමින් තිලකරත්න ඩිල්ෂාන් 5 වෙනි ස්ථානයේ වේ. මෙම දැවි යාම නිකන්ම සිදු නොවන බව මේ වනවිට සිදුකර තිබේන පරික්ෂණ රැසකදි අනාවරණය වි තිබේ.කොහොම්ද එහෙම වෙන්නේ පහලින් කියවන්න

2009 දී අයිසීසී ලෝක විස්සයි විස්ස තරඟාවලියේදී දිල්ෂාන් කලේ කුමක්ද?

“ඔහුට කැසිනෝ ශාලාවේ සෙල්ලම් කිරීමට අවශ්‍ය විය, ඔහුට බුරියානි ලබා ගැනීමට අවශ්‍ය විය, ඔහුට සාප්පු යෑමට පිටතට යාමට අවශ්‍ය විය, ඔහුට අවශ්‍ය වූයේ ෂැම්පේන් බෝතලයක් ඩිස්කෝටෙක් එකක විවෘත කිරීමට ය. ඔහු වෙනුවෙන් මම මුදල් වියදම් කළා එය පවුම් 800ක් -රංගන ශිල්පී නූපූර් මේතා

rediff.com සමඟ 2012 වසරේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී තමා විවාහක දිල්ෂාන් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති බවට පළ වන ප්‍රවෘත්ති සත්‍ය දැයි විමසූ විට මේතා එම කතාව සත්‍ය බව පිළිගත් අතර බුකිකරුවන් විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා යොදා ගත් බවට එල්ල වූ චෝදනාව එහිදි සනාථ වුනා. නූපූර්ගේ ලන්ඩනයේ ද සන්ඩේ ටයිම්ස් පුවත්පක් සමග එක්වෙමින් සිදුකල ප්‍රකාශයත් සමග එය තවත් තහවුරු වි තිබේ.

2009 දී අයිසීසී ලෝක විස්සයි විස්ස තරඟාවලියේදී ලන්ඩන් හෝටලයක ලොබියේදී තමාට දිල්ෂන්ව මුණගැසුණු බවත් දිල්ෂාන් එතරම් ආචාරශීලී, අනුකම්පා විරහිත, ස්තූතිවන්ත නොවන පුද්ගලයෙක් බවද මේතා සදහන් කර තිබේ.

“දිල්ෂාන් මා ළඟට ආවා. ඔහු මා සමඟ හෝටල් ලොබියේ කතා කරන්න පටන් ගත්තා. මම ඔහු ළඟට ගියේ නැහැ”

“කැසිනෝ ශාලාවේ ද දිල්ෂාන් එහි වාඩි වී සිටියා.ඔහුට සෙල්ලම් කිරීමට මුදල් අවශ්‍ය බව කිව්වා…” “පසුව ඔහුට ෂැම්පේන් බෝතලයක් විවෘත කිරීමට අවශ්‍ය වූයේ ඔහු තරඟාවලියේ වීරයා ලෙස නම් කර ඇති නිසා මට ඔහු වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සිදුවිය.”

“විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ආපසු ගිය පසු ඔහු මා සමඟ සම්බන්ධකම් පැවැත්වුවා”

“This will be surprising for you – he used to call me from his country and tell me to call him back because his balance was getting over.

“Dilshan was such a miser. I don’t know whether he didn’t want to spend money on the phone call or whether, genuinely, he didn’t have the money.”

තිලංගගේ රේස් බයි රේස් (Race by Race)

ක්‍රිකට් තරග වලට ඔට්ටු තැබීම තිලංග සුමතිපාලගේ රේස් බයි රේස් (Race by Race) සමාගමේ කොළඹ පිහිටි එක් මධ්‍යස්ථානයක ඉතා සීමිත පිරිසකට පමණක් සීමා කර තිබෙන අතර තිලංග ගේ සමීප ඥාතියෙක් හරහා තරග වලට ඔට්ටු තැබීම සිදුවන අතර ඔට්ටු තැබිම කාණ්ඩ කිහිපයක් ඔස්සේ සිදුවන අතර මෙය ජාත්‍යන්තර තරග පාවා දීමක් නොවුනත් තිලංග දේශිය වශයෙන් කරන තරග පවා දීමක් ලෙස එය හැදින්විය හැකිය. නමුත් මෙහි ඇති භයානක තත්ත්වය වෙන එකකි. එනම් මේ හරහා ඔට්ටු තබන්නන් ක්‍රිඩකයන් විවිධ මිලට මිලදි ගනිමින් ඔට්ටුව දිනවිම සදහා කටයුතු කිරිමයි.

උදාහරණයක් ලෙස හෙට පැවැත්වෙන තරගයකදි අදාළ ක්‍රිඩකයා දුවද්දි දැවි යන බවත් එම් දැවි යාම ලකුණු 5ක් ලබ ගැනිමට පෙර සිදුවන බවත් යනුවෙන් කෙනෙකුට ඔට්ටුවක් ඇල්ලිය හැක.ඔහු ඒ සදහා මිලියන 100ක් ඔට්ටු අල්ලන්නේ නම් අදාල ක්‍රිඩකයාට මිලියින 3ක් පමණ දි එම දැවි යාම සිදුකර ගැනිමට හැක.එදා ඩිල්ෂාන්ගේ බිරිදට පාලම උඩදි සල්ලි දි සිදුකරනු ලැබුවේද එවැනිම ඔට්ටුවකට අදාල මිළදි ගැනිමකි.

සමාන්‍යයෙන් තිලංග සුමතිපාලගේ රේස් බයි රේස් (Race by Race)ඔට්ටු තැබීමේදී අවම ලංසුව රුපියල් 15,000 සිට ආරම්භ වන අතර උපරිමයක් එයට නැත.ඇතැම් අවස්ථාවල සුඛෝපභෝගි නිවාස,මෝටර් රථ පමණක් නොව සිය බිරිඳ පවා ඔට්ටුවට තබන අය සිටින බව අමතක නොකරන්න. ක්‍රිඩාවන් සදහා ඔට්ටු ඇල්ලිම බොහෝ සරලම ක්‍රමයේ සිට අවසානයේ තරග පාවාදීම දක්වා ගෙන එමට ක්‍රිඩකයන් රැසක්ම කටයුතු කර තිබේ.(කතාව අවසන් නැත.)

TM Dilshan


Published on: Jun 21, 2020- 2011 ක්‍රිකට් ලෝක කුසලානය පාවාදීම සම්බන්ධයෙන් මේ දිනවල තැන තැන විවිධ කතා තිබේ.2011 වසරේ පෙබරවාරි 19 දා සිට අප්‍රියෙල් 2 වැනිදා අවසන් තරගය පැවැත්වෙන දිනය දක්වා ශ්‍රි ලාංකික ක්‍රිකට් පිස්සන්ට මේ තරගය පාවා දෙනු ඇත බව සිහිනෙකින්වත් නොසිතෙන්නට ඇත.නමුත් එදින එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රිකට් සුදු අන්තුවෙකු වන මුකේෂ් අම්බානි (Mukesh Ambani) සමග එකට සිට කතාකරනා ඡායාරූපයක් කරලියට පැමිණිමත්,තරගය අනපේක්ෂිතව පරාජය විමත් සමග එවකට ලංකාවේ තිබු විකල්ප වෙබ් අඩවියක් විසින් තරගය මුදලට පාවාදිමට ක්‍රිකට් නායකත්වයට බලපැම් කල බවට අනාවරණයක්ද සිදු කෙරෙනී.

එවකට ICC සභාපති Sharad Pawar අතේ එල්ලි තරගය නැරඹීමට යන මහින්ද

එවකට ICC සභාපති Sharad Pawar අතේ එල්ලි තරගය නැරඹීමට යන මහින්ද

මහින්දානන්ද හදිසියේම මෙම ප්‍රකාශය කිරිම පසුපස කරුණු කිහිපයක්ම තිබිය හැක.ඒ මහින්දානන්දගේ පැත්තේනි.අවස්ථා ගණනාවකදිම මහින්දානන්ද මේ සම්බන්ධයෙන ්විවිධ ප්‍රකාශ කර තිබේ.එවා නොසලකා හැරිමට නොහැකි වන්නේ ඔහු එවකට සිටි ක්‍රිඩා අමාත්‍යවරයා විම නිසාය.ක්‍රිකට් ක්‍රිඩාව මුදලට විකිණීමේ ඉතිහාසයක් ඇති බව අරුමයක් නොවේ.1996 ලෝක කුසලානයේන් පසුව එම තත්ත්වය දරුණු ලෙස වර්ධණය විමට පටන් ගත් අතර ශ්‍රි ලංකාවේ සුදු කෙලීන්නෙකු වන තිලංග සුමතිපාල ක්‍රිකට් පාලනය අතට ගත් පසු මේ තත්ත්වය වර්ධණය වු බවද නොරහසකි.

2011 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවට සල්ලිවලට විකුණා පාවා දුන් බව මහින්දානන්ද අලුත්ගමගේ යලි යලිත් කල ප්‍රකාශ සහ එවකට ගවේෂණාත්මක මාධ්‍යවේදීන්කල අනාවරණයන් සම්බන්ධයෙන් යලිත් ජනතාවගේ අවධානය යොමු විය යුතුය.

සැකයට හේතු වුණු කරුණු කිහියක් මෙසේය

01. කාසියේ වාසිය දෙසැරයක් උරගා බැලීම.

02. අවසානයේ තරගයේ කාසිය වාසියේ දිනුයේ කුමාර සංගක්කාර පළමුව පන්දුවට පහර දීමට තීරණය කිරිම.( දෙවැනුව පන්දුවට පහර දිමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබියදි )

03.නිසි අවසරයක් නොගේන හදිසීයේම මීට පෙර අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ චාමර සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් සහ අජන්ත මෙන්ඩිස් මතභේදාත්මක ලෙසින් අවසන් තරගයට එක් කර නොගැනීම.

04.පලපුරුදු චමින්ද වාස් තරගෙයන් ඉවත් කර සිය පලමු තරගය වෙනුවෙන් රන්දිව් තරගයට එක් කර ගැනිම.

05 තරගයේ හොදින්ම පන්දු යැවු ලසිත් මාලිංග තරගයේ 7 වැනි පන්දුවාරයෙන් පසුව පන්දු යැවිම නතර කිරිම ඔහුව යලි යොදා ගනු ලබන්නේ 27 වැනි සහ 34 වැනි පන්දුවාර සදහාය.ඒ අතරතුර ඉන්දිය කණ්ඩායම හොද සබඳතාවයක් ගොඩනගාගෙන තිබුනි. පන්දුවාර 3ක් තුල මාලිංග කඩුලු දෙකක් දවාගෙන සිටියදි ඉන්දිය කණ්ඩායම අඩපණ නොකලේ මන්ද?මාලිංගද මේ සම්බන්ධයෙන් අප්‍රසාදය ප්‍රසිද්ධියේ පලකර තිබේ.

තවමත් හෙළි නොවුනු කරුණු…

තරගයක් අවසානයේ තරග කලමනාකාරවරයා විසින් තබන වාර්තාව අදටත් සම්පූර්ණයෙන්ම අනාවරණය වි නෑ. නමුත්

තරගයේ පැවැත්වෙන දින ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙක් සිගරට් 55ක් විවේක කාමරයේ සිට බිව් බව.

අවසන් තරගය පැවැත්වෙන අවස්ථාවේදී යම් යම් වෙනස්කම් කිරීමට උපදෙස් යැව්වත් ඒවා ක්‍රියාත්මක නොවීම.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් ක්‍රිඩාංගනයට පැමිණෙන විට ඔවුන්ගේ මානසික භාෂාව පෙන්නුම් කළේ ඔවුන් මානසික අවපීඩනයට පත්ව ඇති බවත්, එයට හේතුව යමෙකු ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් කාමරයේ සිටි අයෙකු තවදුරටත් කණ්ඩායමේ සිටිනවාද? නැද්ද? යන්න තින්දු කිරිමට බලපැම් කිරිම. (එම නියෝග නිකුත් කල පුද්ගලයා කවුරුද?)

ඇතුලු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මේ දක්වා නිසි ලෙස පරික්ෂණයක් දියත් නොවිම.

තරගයට පසු අනපේක්ෂිත සිදුවිම්

අවසන් තරගයෙන් පසුව කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර ඉල්ලා අස්වීම. ඒ වගේම උපනායක මහේල ජයවර්ධන සහ තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ද හදිසියේ ඉල්ලා අස්වීම.

අවසන් තරගයෙන් පසුව කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර ඉල්ලා අස්වීම. ඒ වගේම උපනායක මහේල ජයවර්ධන සහ තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ද හදිසියේ ඉල්ලා අස්වීම.

පරාජය ගැන සැකයක් ඇති වී ක්‍රිකට් පාලක මණ්ඩලයත් ක්‍රීඩා අමාත්‍යාංශයත් පරීක්ෂණයක් ආරම්භ කිරීම සහ අතරමඟ එම පරීක්ෂණය නතර වීම.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ස්ථීරව මුදලට විකුණා පාවාදුන් බව මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශයේ පැහැදිලි වන කරුණක් තිබේ.එනම් මේ පාවා දීමට ක්‍රීඩකයින් සම්බන්ධ නොවු බවත් ඒ සදහා වෙනත් පාර්ශවයක් සම්බන්ධ බවයි.

2011 වසරේ ආණ්ඩුව හොබවූයේ රාජපක්ෂවරුන්. රටේ ජනාධිපති වුණේ මහින්ද රාජපක්ෂය.එදා ක්‍රීඩා ඇමැති අද මේ අනාවරණය කරන මහින්දානන්ද අලුත්ගමගේය.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙසට හිටියේ ඩී. එස්. ද සිල්වාය ඔහු ශිරන්ති රාජපක්ෂට සමිප ඥාතියෙකි.තරගාවලියේ මෙරට අධ්‍යක්ෂ ලෙසට කටයුතු කලේ සුරාජ් දන්දෙනිය.ඔහු ඩී. එස්. ද සිල්වා මහතාගේ සමීප හිතවතෙක්. ඔහුත් ඒ හරහා රාජපක්ෂවරුන් සමඟ කිට්ටු සබඳතාවක් ඇති කර ගෙන සිටියා. ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස හිටියේ නිශාන්ත රණතුංගය. තේරුම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වාය. පැහැදිලි ලෙසම තරගය පාවාදිමට කටයුතු කර තිබේන අතර එය අරවින්ද හරහා මෙහෙයවා ඇති අතර පිටියේ සිට එය මෙහෙයවනු ලැබුවේ මුත්තයියා මුරලිදරන්ය.එදා මුත්තයියා නව වාර්තාවක්ද සටහන් කර තිබේ. එනම් අවසන් තරගයකදි එකදු කඩුල්ලක් හෝ ඔහු දවා නොගැනිමට සමත් විමයි.ඒ ඉන්දියාවට ඇති ආදරය නිසාද?

සැඟවුණු වාර්තා….

ලෝක කුසලාන අවසන් තරගය සම්බන්ධයෙන් අයිසීසී සැකයක්… ඉංග්‍රීසි හා ඕස්ට්‍රේලියානු විචාරකයෙකු විසින් කවුන්සිලයට භාර දුන් රහස්‍ය වාර්තා දෙකක් පිළිබඳව පරික්ෂණයක් කරන ලෙස ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිම.නමුත් එම වාර්තා අතුරුදන් විම සහ පරික්ෂණයක් අනවශ්‍ය බව ICC යට දැනුම් දිම.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන් එවකට කල අනාවරණයන්…

ඉන්දීය කෝටිපතියෙකු වන මුකේෂ් අම්බානි විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට රුපියල් මිලියනය ගණනින් මුදල් ගෙවා ඇති බව.

මුරලිස්ගේ බිරිඳ ඉන්දියානුවෙකු විමත් ඇයගේ රෝහලේ සියයට 70ක කොටස් මුකේෂ් අම්බානි විසින් මිලදි ගෙන තිබිම.

ක්‍රිකට් සහ මුදල් අතර සම්බන්ධය වටහාගත් අම්බානී සහ ඔහුගේ පවුල ඉන්දිය ක්‍රිකට් සියතට ගැනිමට සමත්විය.2008 දී මුකේෂ් අම්බානී සහ ඔහුගේ බිරිඳ නීටා මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් ඡන්ද බලය ඩොලර් මිලියන 110 කට මිලදී ගැනිම.

එවකට මාධ්‍ය වාර්තා කල අනාවරණ

පාර්ලිමේන්තුවේ මෝසමකට පෙර පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරාවිරා කියා සිටියේ “ජාතික තේරීම්කරුවන් ජාතික කණ්ඩායම තෝරා ගැනීම නොව රටේ පාලකයන්ගේ පවුලේ සාමාජිකයන්”-Island, 9 April 2011

ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙසට හිටියේ ඩී. එස්. ද සිල්වා සංගක්කාරට උපදෙස් දෙන අවස්ථාවක්(තරගය අතරතුර )

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය ඇතුලු තනතුරු රැසක් තොරා ගැනිමේ බලය නාමල් රාජපක්ෂ මත කේන්ද්‍ර වි ඇති බව.

සියල්ල සිදුව අවසානය.මහින්දානන්ද දිගින් දිගටම මේ ප්‍රකාශය කරමින් සිටි.මැතිවරණයක් පෙනී පෙනී ඔහු මෙම ප්‍රකාශ් කරනු ලබන්නේ එක්කෝ නාමල්ට පහර දිමටය.එය ඇතැම් විට ගෝඨාභය ජනාධිපතිවරයාගේ ඉල්ලිමක් වන්නට පුලුවන්.

අනිත් පැත්තේන් ලංකාවට එතනොල් ගෙන්වන කුප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සිටින අතර ජයලත් පීරිස් සහ මුරලිදරන්ගේ සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් එම ව්‍යාපාරයේ ප්‍රබලයන් වේ.

ඇතැම් විට මහින්දානන්දගේ මෙවර ඉලක්කය ඔහුන්ද විය හැක.මුත්තයියා ප්‍රභාකරන් මහා මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පොහොට්ටුවෙන් තරග වදිමින් සිටි. කවුරුන් හෝ ඉලක්ක කර මහින්දානන්ද ඊතලය පදුරට විද ඇත. පදුර ඇතුලේ සිටිනුයේ කවුරුන්ද යන්න සොයා ගැනිම වහාම් සිදුකල යුතුව ඇත.

කතාව අවසන් නැත….. 2011 ලෝක කුසලානයේ කවුරුත් නොදත් කතා…..

එක් වරක් උපුල් තරංග 2011 ලෝක කුසලාන නවසීලන්තයට එරෙහිව තරගයකට පෙර දිනයේ උපුල් තරංගව කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු විසින් ඔහුව තම ජිප් රථයේ නංවාගෙන ගාලු පාර දිගේ රැගෙන ගිය බවත් මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණය අසලදි රථයේ කැබින් හෝල් එල විවෘත කරන ලෙස තමාට පැවසු බවත් තමන් එසේ කළ පසු එතුලින් ඩොලර් මිටි තුන හතරක් වැටි ඇති බවත් ය. එහිදි ඔහු පවසා ඇත්තේ ‘ උඹට මේක ඕන නම් හෙට නොගහා ඉදපන්” යනුවෙනි. නමුත් තරංග පවසා ඇත්තේ එම අවස්ථාව වන විට අදාළ වාහනය මාර්ග සංඥා සඳහා නැවති තිබු බැවින් තමන් එසැනින් වාහනයෙන් බැස ත්‍රිවිල් රථයක නැගි එහින් පිටවූ බවත් ය. එසේම පසුදා තරගය තිබියදි එම අවස්ථාවේ සංගක්කාර විසින් වෙළඳ දැන්විමක් කොළඹ ක්‍රිඩාංගනයකදි රූගත කරමින් සිට ඇති අතර උපුල් එවෙලෙහිම ගොස් සංගක්කාර වෙත මේ බව දන්වා ඇත. එවිට සංගක්කර පවසා ඇත්තේ මේ වේලාවේ නිශ්ශබ්දව සිටීම වඩාත් සුදුසු බවත්, එම ගණුදෙණුව පිළිබඳව පවසා කණ්ඩායම අවුල් කිරීමට කටයුතු නොකරන ලෙසත් ය.

අවසන් නෑ … නොදන්නා ඇත්ත කතා රැසක් බලාපොරොත්තු වන්න….

Top