Published on: Jun 18, 2020 – යහපාලන රජය බලයට පැමිණීමත් සමඟ රැකියා විරහිත හා බල රහිත වී අවලංගු කාසියක් බවට පත්වී ගිය පන්නිපිටිය රුක්මලේ පාරේ රණවක වත්තේ ප්‍රදේශවාසීන් භීතියට පත්කරමින් සිය බලය අනිසි ලෙස භාවිතා කල  පන්නිපිටිය, රණවක වත්තේ 853/11 පදිංචි සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පීරිස් යලිත් පිස්සු නටන්නට පටන්ගෙන තිබේන බව වාර්තා වේ.

යහපාලනයට එන්නට පෙර දාපු සෙල්ලම්…

2010 වසරේ සිට 2015 දක්වා සිවිල් ආරක්ෂක දෙපාර් තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආනන්ද පීරිස් තනතුරට පත්වූ මොහොතේ සිට අසල්වැසි සියලුදෙනාට නිදහසේ පාරක පවා යාමට බැරිවන තරමට ආරක්ෂක රථ, ඉනේ ගිනි අවි ගසා සන්නද්ධව සිටින නාවික හමුදා සෙබළුන්ගෙන් සහ පාර පුරා දිවා රෑ නොබලා රාජකාරියේ යෙදී සිටින සිවිල් ආරක්ෂක සෙබළුන් බර අඩි සපත්තු පැළැද ඇවිදිමින් සමස්ත රණවක වත්තම හමුදා කඳවුරක් බවට පෙරළමින් සිටියේය.

ඊට අමතරව අවම වශයෙන් සතියකට දෙවරක්  අළුයම 1-2 වනතුරු  කන්අඩි පැලෙන සංගීතයත්, අරුම පුදුම නැටුම් සමගින් මත්පැනින් යහමින් පදම් වූ නිලධාරින් රණවකවත්ත පාර පුරා සුලභ දසුනක් බවට පත්වූයේ බලයෙන් මත්වී සිටි ආනන්ද පීරිස්ගේ තරම මුළු ගමටම පෙන්වමිනි. මේ නිසා අසල්වැසියෙකුට හදිසියකට බෙහෙතක් ගැනීමට හෝ අවශ්‍ය කළමනාවක් මිලදී ගැනීමට යාමට සිදු වූයේද දැඩි රැකවල් අතරින් දහසක් ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමෙන් පසුවය. එසේම පාසල් දරුවන්ට විභාගයකට පාඩම් කරගැනීමට, එදිනෙදා දෙන පැවරුමක් කරගැනීමට බැරි තරමට අධික ශබ්දයත් සමඟ රැය පහන් වන තුරු සංගීතයෙන් උතුරා ගොස් පැවතුණි. නමුත් වාසනාවකට යහපාලන රජය බලයට පැමිණීමත් සමඟ තටු සිඳී විසිවී ගිය මේ අධි ආරක්ෂිත මහළු පංචස්කන්ධය යළිත් කිසිම විටක බලයට පත් නොවේවා කියා සතුටු නොවූ කිසිවකු නොවීය. ඒ තරමට ආනන්ද පීරිස් අසල්වැසි සියලුදෙනාට ඇලජික් විය.

2011 වසරේදී රණවකවත්තේ තිබූ කුඩා නිවස දෙගුණ තෙගුණ ලෙස විශාල කරමින් සිවිල් ආරක්ෂක සෙබළුන් යොදවා නවීකරණය කරගත් ආනන්ද සම්බන්ධයෙන්  කොපමණ වාර් තා පළවූවත් අද වනතුරුත් මොහු පෙර පරිදිම නිරුපද්‍රිතව සිටින්නේ ඔහු නිතර වහසි බස් දොඩමින් කියා සිටින “ගෝටා සර් මට මොකුත් කරන්නෑ අයිසේ” යන්න සක්සුදක් සේ තහවුරු කරමිනි.

අසල්වැසියන් මේ සම්බන්ධයෙන් නාවික හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය, අගමැති කාර් යාලය හා ජනාධිපති කාර් යාලය කොපමණ දැනුවත් කළද ඔහුගේ අපබ්‍රංශ ප්‍රකාශ සත්‍ය කරමින් තවමත් ඔහුට විරුද්ධව කිසිම පියවරක් ගෙන නැත්තේ පීරිස්ගේ වදන් ස්ථිර කරමිනි.

නමුත් ගෝඨාභය ජනාධිපති විමත් සමග යලිත්  හොරුන්ට, දාමරිකයන්ට හා සල්ලාලයින්ට යළිත් සුපුරුදු ඉහළ තනතුරු ලැබුණි. ඒ අනුව වයස අවුරුදු 67කුත් ඉක්මවා ඇති පසුබිමක සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යළිත් භාරදී තිබේ.

වතුර මිටරේට විද්ද  ආනන්දගේ නිරුවත

ආනන්ද 2011 ඔහුගේ මෙම රණවකවත්තේ පිහිටි නිවස නවීකරණය කරන අතරතුර මේ විනයගරුක නාවික හමුදා නිලධාරීයා තම නිවසට ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය ලබාගන්නා නළයේ වතුර මනුවට ඉහලින් ජල සම්පාදන මණ්ඩලයට හොරෙන් අනවසරයෙන් T සන්දියක් යොදා වෙනම නළයක් හරහා මනුවෙන් ගණනය නොවන පරිදි ජලය ලබාගැනීමට තරම් “වතුර හොරෙක්” වීමට තරම් පහත් ගණයට වැටී ඇත. එසේ අනවසරයෙන් සකස් කළ නළයෙන් සහ මණ්ඩලයට සැක නොසිතීමට නියමිත නළයෙන්ද යන දෙකෙන්ම 2011 සිට 2020 වසරේ පෙබරවාරි මස දක්වා මෙම අන්ත දූෂිත විශ්‍රාමලත් නාවික හමුදා නිලධාරියා වසර 9 ක් අඛණ්ඩවම හොර පාරෙන් නිවසට ජලය ලබ ගැනිමට කටයුතු කර තිබේ. (වරද පිළිගෙන දඩ ගෙවූ සියලු ලිපි මේ සමඟ අමුණා ඇත)

2020 ජනවාරි මස ජලය පවා හොරකම් කරන මේ මහා නම්බුකාර හොරා පිළිබඳව ජනාධිපතිට, අගමැතිතට, ආරක්ෂක ලේකම්ට,  ජල සම්පාදනයේ සභාපතිතුමාට සහ එහි අමාත්‍ය වාසුදේව නානායක්කාරට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන්නා මේ හොරකම හෙළිදරව් කොට මෙවැනි හොරුන් සමාජයට හෙළිදරව් කරන ලෙසට. ඒ අනුව 2020 පෙබරවාරි මස 28 වන දින අප පැමිණිලි කළ ලෙසටම ජල සම්පාදනමණ්ඩලයෙන් මේ අධි ආරක්ෂිත නිවසේ විශේෂ වැටලීමක් කරන ලදි. එම වැටලීමට අනුව අප සඳහන් කළ පරිදිම T සන්දියක් යොදා  වසර 9ක් හොරෙන් හා අනවසරයෙන් ජලය ලබාගත් බව සාක්ෂි සහිතව හසුකර ගැනීමටට ජල සම්පාදන මණ්ඩලයට හැකිවිය. නමුත්  ජල සම්පාදනයේ ඇති ඉපැරැණි නීති රෙගුලාසිවල ආනුභාවයෙන් වසර 2 කට පමණක් සාමාන්‍ය පාරිභෝජනය යටතේ ගණනය කර රුපියල් 23,133.60 ක මුදලක් පමණක් වසර 9කටම  ජල සම්පාදන මණ්ඩලයට වූ අලාභය ලෙස අයකර ගැනිම පමණී.

අප රටේ නීති විෂමතාව කොතෙක්ද යත් බඩගින්නට අඹ ගෙඩි 2ක් කැඩූ අම්මා කෙනෙකුට රුපියල් 2000ක දඩයක් සහ දින 2ක් පොලිස් අත්අඩංගුවේ සිටීමට සිදුවිය. නමුදු අඛණ්ඩව වසර 9ක් අනවසරයෙන් ජලය ලබාගතහොත් වසර 2කට පමණක් සාමාන්‍ය පරිභෝජනය යටතේ දඩ ගෙවා ශේප් විය හැකිය.

ආනන්ද යනු  සිවිල් ආරක්ෂක භටයින්ගේ බත්පතින්, වී වලින්, බඩඉරිඟු වලින්, කජු වලින් ගසාකන, කොරෝනා වසංගත සමයේ පවා අසරණ වූ මිනිසුන්ට හා භටයින්ට බෙදු සහන මල්ලෙන් හා කෙසෙල් ගෙඩියෙන් පවා ගසා කෑ පට්ටපල් හොරෙකි. මෙවැනි මහා අධම හොරුන් විශ්‍රාම ලබාගැනීමෙන් පසුවත් රජයේ ඉහළ තනතුරු වල තබාගෙන සිටින්නේ කුමන පදනමක් සහිතවද යන්න ජනපති ඇතුලු වගකිවයුතු නිළධාරීන් වහා ජනතාවට පිළිතුරු දිය යුතුය.

Ananda Peiris new Civil Defence Force Director General

Published on: Jun 16, 2020- ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් නායකයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කර තිබුනද,ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිත්‍ය නියෝජිතයන් ඔහුගේ මතයට ගරු නොකරන තත්ත්වයක් මතුව තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. පොහොට්ටුවේ බදුල්ලේ ප්‍රබලයන් රැසක් සදහන් කර ඇත්තේ සිරිපාල සිල්වාට ලබාදි ඇත්තෙ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ දිස්ත්‍රික් නායකත්වය බවත් මැතිවරණයට තරග කරනු ලබන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ බවයි.එම නිසා එය නාමිකව ලබාදුන් එකක මිස පොහොට්ටුවේ  වගකිම් ලබාදිමක් නොවන බවයි ඔහුන්ගේ අදහස වි ඇත්තේ.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග එක්ව මහින්ද රාජපක්ෂට එරෙහිව කුමන්ත්‍රණය කල කණ්ඩායම් මේ මැතිවරණයේදි පරාජය කලයුතු බවද ඔහුන් පෙන්වා දි තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෛත්‍රී සමග එක්ව සිටි නිමල් සිරිපාල මෙන්ම ඩිලාන් පෙරේරාද මේවර පොහොට්ටුවෙන් තරග වදින අතර මේ වනවිටත් ඩිලාන් සිය පරාජය භාරගෙන තිබේ.

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස නිමල් සිිරිපාල ද සිල්වා බදුල්ලේ ශ්‍රීලනිප පක්ෂ සාමාජිකයන් හමුවිට අවස්ථා ගණනාවක් රැස්විම් සංවිධානය කලද එම කිසිවක් සාර්ථක කර ගැනිමට සමත්ව නෑ.පසුගිය ජනාධිපතිවරණය කැදවිමට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡා පැවැති සමයේ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ගෙන් එක් පිරිසක් සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡා පැවැත්වු අතර එම සාකච්ඡාවලට එක්වු අය අතර නිමල් සිරිපාලද විම බදුල්ලේ ශ්‍රීලනිප පක්ෂ සාමාජිකයන් සහය නොදැක්විමට හේතුව වි තිබේ.

පසුගියදා බදුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බලමණ්ඩලයට එක්වු නිමල් සිරිපාල ද සිල්වා ප්‍රසිද්ධියේ සදහන් කර ඇත්තේ මනාප ලබා ගැනීම සඳහා එක් එක් පිරිස විවිධ ක්‍රම උපයෝගිකර ගත්තද තමන් එවැනි දැ සිදු නොකරන බවත් තමන් ජනතාවට යම් දෙයක් සිදු කර ඇත්නම් ජනාතව තමන්ට මනාපය ලබා දෙනු ඇති බවයි.

ඒ අනුව මෙවර බදුල්ලේන් පත්වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරුවන කල විමර්ශණයකදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජන කරන අපේක්ෂකයන් අතරින් සිව්දෙනෙකු  පත්විමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂයට එක් මන්ත්‍රීධුරයක් ලබා ගැනිමට නොහැකි විම මත වඑය වෙනස් විය හැක.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට බදුල්ලෙන් මන්ත්‍රීධුර 4ක් හිමිවුවහොත් තෙවැන්නා ලෙස පත්විමට නිමල් සිරිපාල සහ චාමර දසනායක අතර සටනක් පවතිනු ඇති අතර මන්ත්‍රීධුර සංඛ්‍යාව 5ක් දක්වා වැඩි වුවහොත් තත්ත්වය වෙනස් වනු ඇත.

සෙන්දිල් තොන්ඩමාන්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායකයා වන තේනුක විදානගමගේ, නිමල් සිරිපාල ද සිල්වා, චාමර දසනායක, කට අමතරව උදිත් ලොකුබණ්ඩාර,ඕෂධි හේවාමද්දුම බදුල්ලේ මැතිවරණ සටන මෙහෙයවමින් සිටින නමුත් ඕෂධිට මුලදි මහින්දලාගෙන් ලැබුන සහය මේ වනවිට නොලැබෙමින් තිබේන අතර මොඩයෙකු ලෙස සලකන උදිත් ලොකුබණ්ඩාරට මේ දක්වා විශේෂ සහයක් ලැබි නෑ.කෙසේවෙතත් අවසන් මොහොතෙ ඔහුට ලැබෙන සහය මත මනාප ලැයිස්තුවේ වෙනස්කම් දෙක සිදුවිය හැක.

හරින් නැති බදුල්ල

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප ගත් හරීන් ප්‍රනාන්දු මෙවර මැතිවරණයට තරග නොකරන අතර ඒ අනුව සමගි ජන බලවේගයට අසන්න වශයෙන් මන්ත්‍රීධුර 3ක් ලබා ගැනිමට අවස්ථාව උදාවනු ඇති නමුත් බහුතර දමිළ ප්‍රගතිශීලි ජනතාවගේ ඡන්ද අඩු සංඛ්‍යාවක් හිමිවනු ඇති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ. සමගි ජන බලවේගය ජාතික ගැටලුව සම්බන්ධයෙන් දක්වන් ප්‍රතිචාරය එයට සaජුවම බලපැම් එල්ල කර තිබේ.ඒ අනුව චමින්ද විජේසිරි,රවීන්ද්‍ර සමරවීර,අරවින්ද් කුමාර් පමණක් පත්විමට බොහෝදුරට ඉඩ ඇති බවයි ඔහු සදහන් කළේ.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය එක් මන්ත්‍රීධුරයක් ලබා ගැනිමට අවස්ථාවක් තිබේන නමුත් එයනිශ්චිත තත්ත්වයක නොමැති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.අවස්ථාවක් ලැබුනහොත් එය දමිළ මන්ත්‍රීවරයෙකුට හිමිවිමට ඉඩ තිබේ.එසේ නොවුන හොත් එම මන්ත්‍රීධුරය පොහොට්ටුවටම හිමිවන අතර ඒ සදහා පත්විමට ඔහුන් අතර තරගයක් තිබේ.

සමන්තටත් අවස්ථාවක්!

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායකගේ දුෂණ,වංචා හෙලිකල, මෙන්ම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ වු ජනතාව් වෙනුවෙන් දිර්ඝ කාලයක් තිස්සේ හඩනගන ජාතික ජන බලවේගය නියෝජන කරන සමන්ත විද්‍යාරත්නට මෙවර පාර්ලිමේන්තුවට පත්විමට අවස්ථාවක් උදාවනු ඇති බවයි බදුල්ලේ වාර්තා සදහන් කරන්නේ. උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ලෙසට කටයුතු කරනු ලබන්නේද සමන්ත විද්‍යාරත්නයි.

2015 මහා මැතිවරණයේදි බදුල්ල දිස්ත්‍රික්කය තුල එක්සත් ජාතික පක්ෂය ඡන්ද 258,844 ලබාගනිමින් 54.76% ප්‍රතිශතයක් ලබා ගනිමින් මන්ත්‍රීධුර 5ක් දිනාගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 179,459 ලබාගනිමින් 37.97% ප්‍රතිශතයක් ලබා ගනිමින් මන්ත්‍රීධුර 3ක් දිනා ගැනිමට සමත් විය.

මනාප සටන…

එක්සත් ජාතික පක්ෂය
හරීන් ප්‍රනාන්දු – 200, 806
රවීන්ද්‍ර සමරවීර – 58, 507
චමින්ද විජේසිරි – 58, 291
අරවින්ද කුමාර් – 53, 741
වඩිවේල් සුරේෂ් – 52, 370

එක්සත් ජනතා නිදහස් සන්ධානය

නිමල් සිරිපාල ද සිල්වා – 134, 406
චාමර සම්පත් – 64, 418
තේනුක විදානගම – 43, 517

ජනාධිපතිවරණ සටන 2015 බදුල්ල

මහින්ද රාජපක්ෂ -249,243 49.15%

මෛත්‍රීපාල සිරිසේන -249,524 49.21%

ජනාධිපතිවරණ සටන 2019 දි ද රාජපක්ෂලාට සිය ප්‍රතිශතය ඉක්මවා යැමට නොහැකි වු නමුත් සජිත්ට සියයට 4ක ප්‍රමාණයක් අහිමිවිය.

ගෝඨාභය රාජපක්ෂ – 276,211/49.29%

සජිත් ප්‍රේමදාස – 251,706/ 44.92%

වෙනත් අපේක්ෂකයන් – 32,428/ 5.79%

Published on: Jun 15, 2020- ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මැතිවරණ ලැයිස්තුවෙන් පත්විමට සිටින මන්ත්‍රීවරුන් 5 දෙනා අතරට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කල විමල්ගේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්නට පත්විමට අවස්ථාවක් නොමැති බව මාතර අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ඊට හේතුව වි ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුර 6ක් දිනා ගැනිමට පොහොට්ටුව කලින් හිතාගෙන සිටියද මංගලගෙ හදිසි අස්විමත් සමග එය දක්වා පහලට වැටිමයි.මෙවර මහින්ද රාජපක්ෂගේ පවුලේ සමීපතම ඥාති පුත්‍රයේකු වන නිපුණ රණවක මාතරින් පත්විමට අවස්ථාව උදා විමත් සමග නිරෝෂන්ට මන්ත්‍රීධුරය අහිමි විමට නියමිතයි.

මාතර පොහොට්ටුවේ අපේක්ෂකයින් ද්වන්ද සටනක යේදි සිටින අතර මහ මැතිවරණ සටන සඳහා මාතර දිස්ත‍්‍රික්කයෙන් හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රිවරු 06දෙනෙක් තරග බිමට පිවිස සිටින නමුත් රාජපක්ෂලාට සමීප නෑකම් කියන නිපුණ රණවක, වීරසුමන වීරසිංහ ද සිටිම නිරෝෂන් දොට්ට වැටිමට ප්‍රධානම හේතුව වි තිබේ.නිපුන රණවකට අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා දැඩි අරගලයක නිරත වීමට ද සිදු අතර ඔහුට ප්‍රධාන වශයෙන් එරෙහි වුවන් අතර විමල්ගේ ගෝලයා වන නිරෝෂන් සිටිම ඔහු විසින්ම වල කපා ගැනිමක් බවයි මාතර දේශපාලන වාර්තා සදහන් කළේ.

නිපුණ රණවක රාජපක්ෂ විසින් සමස්ඨ මාතර දිස්ත්‍රික්කයේම පොදුජන පෙරමුණු පක්ෂ සංවිධායක කටයුතු කළමනාකරණය සදහා “බලයලත්” පුද්ගලයා ලෙස ක්‍රියාකිරීම නිසා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බොහෝ දෙනෙකුට නිපුණ රණවක රාජපක්ෂගේ උපදෙස් මත ක්‍රියා කිරීමට සිදුවී තිබේ.

නිපුණගේ කැම්පෙන් මැනේජර් JVP ප්‍රබලයෙක්!

රාජපක්ෂ පරපුරේ ලේ ඥාතියකු වන හිටපු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න මෙහිදී නිපුන වෙනුවෙන් කැපවීමක් මෙන්ම පරිත්‍යාගයක් ද සිදුකල් අතර අරුණ ගුණරත්න සිය අපේක්ෂක ධුරයද නිපුනට පරිත්‍යාග කළේය.නිපුන රණවකගේ මැතිවරණ ප‍්‍රචාරක කළමණාකරු වන්නේ ජ.වි.පෙ හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රිවරයකු වූ වත්මන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහය.

ඒ අනුව යාපා මහින්ද අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම,කංචන විජේසේකර,වීරසුමන වීරසිංහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ,නිපුණ රණවක මෙවර මාතරින් පත්විමට නියමිතයි.

2015 පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළව මාතර දිස්ත්‍රික්කය එවකට නියෝජනය කල එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රීධුර 5ක් දිනාගත් අතර එජාපයට මන්ත්‍රීධුර 3ක් දිනාගැනිමට හැකිවිය. එහිදි ලක්ෂ්මන් යාපා පරාජයට පත්වු අතර පසුව මෛත්‍රීගේ පිහිටෙන් යලිත් ජාතික් ලැයිස්තුවේන් පත්විමට ඔහු සමත් විය.මේ වනවිට ඔහු නියෝජනය කරන ආසන කිහිපයකම බලය තහවුරු කර ගැනිමට සමත්ව ඇති අතර යලි මන්ත්‍රීධුරයට පත්විමට අවශ්‍ය ඡන්ද පදනම ඔහු විසින් සකස් කරගෙන ඇති බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

ඒ අනුව නිරෝෂන්ගේ අවස්ථාව මේ වනවිට නිපුණ රණවකට හිමි විමට නියමිත අතර නිපුණ වෙනුවෙන් මේ වනවිට මාතර දිස්ත්‍රික්කයෙ මාතර ආසනය ඉලක්ක කරගනිමින් දැවැන්ත මැතිවරණ ප්‍රචාරණයක් ආරම්භ කර තිබේ.

විමල් වීරවංශගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මාකඳුරේ මදුෂ්ගේ පියාගේ අවමගුල් උත්සවයට සහභාගී වීම මෙන්ම මන්ත්‍රී වු සැනින් තලවතුගොඩ – හෝකන්දර පාරේ ඉඩමක් මිලදී ගෙන TRENDY නමින් සුවිසල් සුපිරි වෙළඳ සැලක් ආරම්භ කිරිම සදහා රුපියල් කෝටි 8 කට ආසන්න වියදමක් දැරිම,යන කරුණු සම්බන්ධයෙන් මෙ වනවිටත් එකම පක්ෂයේ අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු මෙහෙයවමින් සිටි.

දකුණු පළාත් සභාවේ හිටපු ඇමතිවරයකු වන වීරසුමන වීරසිංහ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රබලයෙක් වන අතර චන්ද්‍රසිරි ගජධීර අහිමිවිමෙන් පසුව ඔහු තවත් ශක්තිමත් විය. වීරසුමනට යහපාලන කාලයේ දී පළාත් සභාවේ ඇමැති ධුරය අහිමිවූයේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නිසාය ඇමති තනතුරු අහිමි වුවද වීරසුමන තමන් දැරූ මතවාදයේ දිගින් දිගටම එළඹ සිටියේය. තනතුරු වෙනුවෙන් තම දේශපාලන ප‍්‍රතිපත්තිය හා දර්ශනය කිසිවිටෙක පාවා දුන්නේ නැත.ඒ නිසාම විරසුමන මහින්දගේ සමිපතමයෙකු ලෙස හිත දිනාගෙන සිටි.

සජිත්ගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය නිර්මාණය විමත් සමග එජාපයේ ඡන්ද පදනම බෙදිමකට ලක්වු අතර මේ වනවිට මංගල සමරවිර මහතාගේ ඉවත් විමත් සමග එජාපයේන් තරග කරන මංගලගේම සමීපතමයෙකු වන ගයාන් සංජිවට පත්විමට අවස්ථාවක් ලැබි ඇති අතර ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණටද එක් අවස්ථාවක් හිමිවිමට නියමිතයි.පසුගිය කාලය පුරාම හොරකම් සම්බන්ධයෙන් අනාවරණය කළ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හදුන්නේත්තිට එම අවස්ථාව හිමිවිමට නියමිතයි.මිට අමතරව සමගි ජන බලවේගය නියෝජන කරන බුද්ධික පතිරණට මන්ත්‍රීවරයෙකු ලෙස පත්විමට අවස්ථාව උදාවනු ඇත.

මාතර දිස්ත්‍රික්කය 

මාතර දිස්ත්‍රික්කය දෙනියාය ,හක්මන ,අකුරැස්ස ,කඹුරුපිටිය ,දෙවිනුවර ,මාතර, වැලිගම යන ආසනය වලින් සමන්විතයි.

2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට ඡන්ද 374,481 ක් වන ඉහළම ඡන්ද ප්‍රතිශතය ලබාදුන්නේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 67.25% ක්. සජිත් ප්‍රේමදාස ලබාගත්තේ ඡන්ද 149,026 එය ප්‍රතිශතයක් ලෙස 26.76%ක්.

එහි දී හක්මන සහ කඹුරුපිටිය ආසනවල දී ගෝඨාභය රාජපක්ෂ 71%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගෙන තිබුන අතර එසේම ගෝඨාභය රාජපක්ෂ මාතර දිස්ත්‍රික්කය තුළ වාර්තා කළ ඡන්ද ප්‍රතිශතය සහ වැඩි ඡන්ද ප්‍රමාණය, ජනාධිපතිවරණ ඉතිහාසය තුළ යම් අපේක්ෂකයෙකු එම දිස්ත්‍රික්කය තුළ වාර්තා කළ වැඩිම ඡන්ද ප්‍රතිශතය සහ ඉහළම වැඩි ඡන්ද ප්‍රමාණය බවට පත් වුණා.

කෙසේවෙතත් 2015 ජනාධිපතිවරණයෙදි මහින්ද රාජපක්ෂ ඡන්ද 297,823ක් ලබා ගනිමින් (57.81%) ප්‍රතිශතයක් ලබාගත් අතර මෛත්‍රීපාල සිරිසේන ඡන්ද 212,435 ලබාගනිමින් 41.24% ප්‍රතිශතයක් වාර්තා කළා.

2015 මහා මැතිවරණයේදි මනාප ප්‍රතිපලය

එක්සත් ජනතා නිදහස් සන්ධානය..

ඩලස් අලහප්පෙරුම- 150,406
නිරෝෂන් ප්‍රේමරත්න – 99,762
මහින්ද යාපා අබේවර්ධන – 97, 918
කංචන විජේසේකර -83, 278
චන්ද්‍රසිරි ගජධීර – 54, 252

එක්සත් ජාතික පක්ෂය

බුද්ධික පතිරණ 98, 815
මංගල සමරවීර – 96, 092
සාගල රත්නායක – 85, 772

Published on: Jun 13, 2020 – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක මෙන්ම ජනාධිපතිවරයාගේ පෞද්ගලික නීතී උපදේශකයාද ලෙස පෙනී සිටින මොහොමඩ් අලි සබ්රි  (Ali Sabry)මේ දිනවල තමන් අන්තවාදියෙකු නොවන බව ඔප්පුකර ගැනිම සදහා තමන් විසින් සිදුකල අන්තවාදී ප්‍රකාශ මෙන්ම ක්‍රියාකාරකම් වසා ගැනිමේ මෙහෙයුමක නිරතවන බව නොරහසකි.මෑතකදී අල් ජසිරා (aljazeera) නාලිකාවට ප්‍රකාශයක් ලබා දෙමින් මොහොමඩ් අලි සබ්රි සදහන් කර තිබුනේ

Sabry said it was unfortunate to find racism rearing its ugly head every time Sri Lanka is faced with a crisis. ‘Unfortunately, during the last few weeks, there has been quite a lot of hate speech directed at Muslims’ said Sabri who was nominated to Parliament from the governing Sri Lanka Podujana Peramuna Party. යනුවෙනි.

කවුද මේ මොහොමඩ් අලි සබ්‍රි (Ali Sabry)

ජනාධිපති නීතිඥයෙකු වන අලි සබ්‍රි පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරුවන් වු ඉස්මත් අහමඩ් ඊබ්‍රාහිම් සහ ඉල්හාමි අහමඩ් ඊබ්‍රාහිම් යන දෙදෙනාගෙම පෞද්ගලික නීතිඥවරයා වන්නේද ඔහුයි.ඔහුන් දෙදෙනා වෙනුවෙන් කොළඹ දිසා අධිකරණයේ පැවැති නඩු දෙකකට අලි සබ්රි පෙනී සිට තිබේ.එම නඩු දෙකම අලි සබ්‍රි වෙත රැගෙන විත් ඇත්තේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස රදවාගෙන ප්‍රශ්ණ කරනු ලබන හිජාස් හිස්බුල්ලා(Hejaz Hizbullah) විසිනී.

නීතිඥ නුවන් බෝපගේ

අදාළ නඩුවල නීතිඥ අලි සබ්‍රිගේ කණිෂ්ඨ නීතිඥවරයා ලෙස කටයුතු කරනුයේ නීතිඥ ශමිත් ප්‍රනාන්දු යන අය වන අතර මිට අමතරව හිජාස් හිස්බුල්ලාද අලි සබ්‍රිගේ කණිෂ්ඨ නීතිඥවරයෙකු ලෙස කටයුතු කරන අතර දෙදෙනා එක්ව නඩු ගණනාවකට පෙනී සිටිමද විශේෂත්වයක්.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් බලහත්කාරයෙන් තම ප්‍රකාශ ලබාගනිමින් එවා විඩියෝගත කල බව පවසමින් හිජාස් හිස්බුල්ලා සභාපතිත්වය දරණ Save the Pearl ආයතනය විසින් පවත්වාගෙන යන ලද මද්‍රසා පාසලක අවී පුහුණුව ලැබු දරුවන් 03 දෙනෙකු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් පවරා තිබේ. එකී පෙත්සම් නම් SCFR 112/2020, 113/2020, 114/2020 වන අතර පෙත්සම්වල සහ පෙත්සම්කරුවෝ සොයා ගොස් ඔහුන්ගෙ අත්සන් ලබාගෙන ඇත්තේ ද එවාට පෙනී සිටියේද,නීතිඥ නුවන් බෝපගේ ය. නීතිඥ නුවන් බෝපගේ පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අයෙකු වන අතර පසුගියදා පැවැති උද්ඝෝෂණයට එක්විම හේතුවෙන් අත් අඩංගුවටද ගැනුන අයෙකි.ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නීතිඥ සාලිය පිරිස් ය.

නීතිඥ නුවන් බෝපගේ, අලි සබ්‍රි එකට සෙට් වු අවස්ථා…

නීතිඥ නුවන් බෝපගේ යනු ජනාධිපති නීතිඥ අලි සබ්‍රිගේ කණිෂ්ඨ නීතිඥවරයෙකු වන අතර ඔහු මේ වනවිටත් සබ්‍රි සමග සේවයේ යේදි සිටි.

ජනාධිපති නීතිඥ අලිසබ්‍රි හැකි උපරිමයෙන් මුල් අවස්ථාවේ ඉහල නිළධාරීන් සමග ඇති සබඳතා උපයෝගී කරගෙන හිජාස් හිස්බුල්ලා නිදහස් කර ගැනීමට උත්සාහ කල අතර නමුත් හිජාස් හිස්බුල්ලාට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි ඇති බව අනාවරණය විමෙන් පසු ඔහු තීරය පිටුපස සිට ඔහුව නිදහස් කර ගැනිම් සදහා අලි සබ්රි කටයුතු කරමින් සිටි.

අලි සබ්රි ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවට (aljazeera) නාලිකාවට කල ප්‍රකාශය සම්බන්ධයෙන් චොදනා කල සිංහලේ සංවිධානයේ සභාපති පුජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන්ගෙන් රුපියල් බිලියන එක හමාරක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ DMR 1428/2020 නඩු පැවරිමට කටයුතු කල අතර ඒ හරහා ප්‍රශ්ණය වෙනතකට යොමු කිරිම සබ්රිගේ කුමන්ත්‍රණය වි තිබේ.

මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන්ට එරෙහි නඩුවේ නීතිඥවරයා ලෙස කටයුතු කරනුයේ නීතිඥ සනත් විජෙවර්ධන වන අතර ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරයා වන්නේ ශමිත් ප්‍රනාන්දුය.ශමිත් ප්‍රනාන්දු යනු අප අනාවරණය කල ඊබ්‍රාහිම් සහොදරයන්ගේ නඩුවේ නීතිඥ අලීසබ්‍රිගේ කණිෂ්ඨ නීතිඥවරයාය. නීතිඥ සනත් විජෙවර්ධන යනු හිස්බුල්ලා අත්අඩංගුවට ගැන දින කිහිපයක් ඇතුලත් ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ CA(HCA)1/2020 සහ 2/2020 දරණ නඩු පවරණු ලැබු නීතිඥවරයාමය.

ඒ අනුව ඉතාම සුක්ෂම ලෙස අලි සබ්රි හිජාස් හිස්බුල්ලා නිදහස් කර ගැනිම සදහා මෙහෙයුමක් දියත් කර තිබේන බව පැහැදිලිය.

Godfrey cooray (Norway embassidor with President)

බලය ලබා ගැනිම වෙනුවෙන් පාස්කු ප්‍රහාරය මෙහෙය වුයේ කවුරුන්ද? යන්න දැන් නොරහසකි. සැබෑ දේශප්‍රේමීහු කවුරුන්ද? ත්‍රස්තවාදීන් කවරවුන්ද යන්න දැන් අනාවරණය වි අවසන් ! ඒ වෙනුවෙන් රාජපක්ෂලා සබ්රිලාට දෙන දොලපිදෙනිද කිසිම අඩුවක් නැත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වු වහාම සබ්රි ඔහුගේ සහොදර උවයිස් මොහොමඩ් CPSTL හි සභාපතිවරයා ලෙස පත්කරන ලද අතර ඔහුගේ කණිෂ්ඨ නීතිඥ රුවන්ත කුරේ TRC අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කිරිමට කටයුතු කල අතර අලි සබ්රි, රුවන්ත කුරේගේ  පියා නොර්වේ රාජ්‍යයේ තානාපති ලෙසද පත්කර තිබේ.

සහරාන් කදවුර ගලවා ගැනිමට ආ මුස්ලිම් අන්තවාදි නීති කණ්ඩායම

මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවගේ සහාය ඇතිව මුස්ලිම් අන්තවාදින්ගේ නීතිමය ගැටලු වෙනුවෙන් මැදිහත් විමට ආයතනයක් පිහිටුවාගෙන ඇති බවත් ඒ හරහ පොලිස්පතිවරයා, නීතිපතිවරයා මෙල්ල කිරිමට ගෙනයන මෙහෙයුම ඉතාම පැහැදිලි වන අතර ඒ සදහා ෆයිස් මුස්තාපා,රාසික් සරූක්,අලි සබ්රි,ෆයිසර් මුස්තාපා ඇතුලු කණ්ඩායම කටයුතු කරන බවද තහවුරු වේ.

ඉහත  දැක්වෙන Whatsapp පණිවිඩය….

The MLA with the help of the business community and with the leadership of its President Mr Faisz Musthapha PC, Vice President Mr Razik Zarook PC, its secretary Mr Razmara Abdeen and key stalwarts Mr Ali Sabry PC and Mr Nadvi Bahaudeen has set up a full time dedicated legal assistance secretariat. This is for the information of the members in this group. This secretariat has a full time legal team which is working on releasing detainees, representing them in court and in suitable cases filing FR applications. They provide the back office’ support for almost 99.9% of the cases of Muslims arrested and we have a full time dedicated legal representative co-ordinating with the Attorney -General’s department and another working with the ministry of defense. these efforts are also co-ordinated with Mr faiszer Musthapha PC who lead a weekly time legal tea, which is working on releasing

releasing detainees, representing them in court and in suitable cases filing FR applications. They provide the ‘back office’ support for almost 99.9% of the cases of Muslims arrested and we have a full time dedicated legal representative co – ordinating with the Attorney – General’s department and another working with the Ministry of Defence. These efforts are also co – ordinated with Mr Faiszer Musthapha PC who lead a weekly meeting with the IG police and Mr Nizam Kariapper PC who led the discussions with the Attorney – General’s department. Why I am sharing this information is that there is a strong and dedicated legal support mechanism in place. It is for members of our community to access the same. The Secretariat is located at 37 Belmont Street, Colombo 12.

Whatsapp පණිවිඩය මගින් කියන දේ සැකවින්….

ව්‍යාපාරික ප්‍රජාවගේ සහාය ඇතිව සහ එහි සභාපති ෆයිස් මුස්තාපා , උප සභාපති රාසික් සරූක් , එහි ලේකම් රස්මාරා අබ්දීන් සහ ප්‍රධාන ප්‍රවීණයන් වන අලි සබ්රි සහ නඩ්වි බහදීන් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් එම්එල්ඒ හෙවත් කැපවූ නීති ආධාර ලේකම් කාර්යාලය පූර්ණ කාලීනව පිහිටුවා ඇත. මෙය මෙම කණ්ඩායමේ සාමාජිකයින්ගේ තොරතුරු සඳහා ය. මෙම ලේකම් කාර්යාලයට පූර්ණ කාලීන නීති කණ්ඩායමක් සිටින අතර රැඳවියන් නිදහස් කිරීම, ඔවුන් උසාවියේ පෙනී සිටීම සහ සුදුසු අවස්ථා වලදී එෆ්.ආර්. අත්අඩංගුවට ගත් මුස්ලිම්වරුන්ගෙන් 99.9% කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ඔවුන් පසු කාර්යාලයේ සහාය ලබා දෙන අතර, අපට පූර්ණ කාලීන කැපවූ නීති නියෝජිතයෙකු නීති පති දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණ කටයුතු කරන අතර තවත් අයෙකු ආරක්ෂක අමාත්‍යංශය සමඟ කටයුතු කරයි. ෆයිසර් මුස්තාපා ඔවුන් සමග සතිපති තේ පානයකට එකතු වේ.

රැඳවියන් නිදහස් කිරීම, උසාවියේ පෙනී සිටීම සහ සුදුසු අවස්ථා වලදී එෆ්.ආර්. අත්අඩංගුවට ගත් මුස්ලිම්වරුන්ගෙන් 99.9% කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ඔවුන් ‘පසු කාර්යාලයට’ සහය ලබා දෙන අතර, නීතිපති දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කරන තවත් අයෙකු සමඟ පූර්ණ කාලීනව කැපවූ නීති නියෝජිතයෙකු සම්බන්ධීකරණය කරයි. මෙම උත්සාහයන් පොලිස්පතිවරයා සමඟ සතිපතා රැස්වීමකට නායකත්වය දෙන ෆයිසර් මුස්තාපා මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා මෙහෙයවූ නයිසාම් කාරියපර් මහතා සමඟ සම්බන්ධීකරණය කර ඇත. මා මෙම තොරතුරු බෙදාහදා ගැනීමට හේතුව ශක්තිමත් සහ කැපවූ නීති ආධාරක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමයි. අපගේ ප්‍රජාවේ සාමාජිකයින්ට ද එයට ප්‍රවේශ විය හැකිය. මහලේකම් කාර්යාලය කොළඹ 12 බෙල්මොන්ට් වීදියේ 37 හි පිහිටා ඇත.(තවත් සාක්ෂී රැසක් අප සතුය)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදීන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට ප්‍රබල සාක්ෂි සහිතව මෑතකදී අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා (Hejaz Hizbullah) “ෂරියා නීතියක් – සැමට එක නීතියක් – 2011 දී පැවැත්වූ සමුළුවට එක්වෙමින් කල ප්‍රකාශය.එය ඔහු ආරම්භ කරන අකාරය පහත විඩියෝව බලන්න. ඔහු එම සමුලුවුවේදි ශරියා නීතිය ලොවපුරා ස්ථාපනය කිරිම සදහා කටයුතු කලයුතු බවත් එය මුස්ලිම්වරුන්ට අවශ්‍ය බවත් පෙන්වා දෙන අයුරු.ඔහු අන්තවාදීයෙකු නොවේ නම් මේ අකාරයේ ප්‍රකාශයක් කිරිමට හැකිද? තින්දුව ඔබ සතුය.

අප්‍රියෙල් 30 වැනිදා අප හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් කල අනාවරණය….

පාස්කු ප‍්‍රහාරයේ සැකකාර නිතීඥ හිජාස්ට ඇප ගන්න හොර පාරක් කපයි… ලක්ෂ 50කට අභියාචනාධිකරණයේ දොර ඇරෙද්දී විනිසුරුවරුන්ටත් සල්ලි…. ඇප දිම පසුපස බලවත් බළල් අතක්

Published on: Jun 12, 2020 – මිහින් ලංකා ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් අනාවරණය කළ රජීව ජයවීරගේ වෙඩි වැදුණු මළසිරුර අද(12) උදෑසනදී කොළඹ 07, නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබි සොයා ගැනිමත් සමග ගෝඨාභය බේරා ගැනිම සදහා තුම්මුල්ලේ විමලේ ඇතුලු අවජාතක දේශප්‍රේමීහු සුනඛ රැල විවිධ කතා සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කිරිමට කටයුතු කරමින් සිටි.

විමල් විරවංශගේ අසුචී බුදින කිහිප දෙනෙකු සමාජ ජාල වල සටහන් තබමින් පවසා ඇත්තේ රජීව ජයවීර පෞද්ගලික සිත්තැවුලක් නිසා එමගින් සියදිවි නසාගත් බවත් ඊට අදාලව ලියන ලද ලිපිය සහ මරණ පරීක්ෂන වාර්තාවද සමාජ ජාලාවට එකතු කර තිබේ.

උපුටා ගැන්ම විමල් විරවංශගේ අසුචී බුදින සමාජ් ජාල පිටුවකිනි…

අද උදෑසන නිදහස් චතුරශය අසල පුද්ගලයෙකු මියගොස් සිටියේය..ඔහු පිස්තෝල වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්ව සිටි අතර මෙය දඩමීමා කරගෙන රජය සහ පොලිසිය අපහසුතාවයට පත් කිරීමට විරුද්ද පක්ෂ සමාජ ජාලා ක්‍රියාකාරීන් පිරිසක් කටයුතු කරමින් සිටී..ඔවුන් සදහන් කරන්නේ මෙය පාතාල ක්‍රියාවක ප්‍රතිපලයක් බවත් එය කොලඹ අධිආරක්ෂිතය දක්වා පැමින ඇති බවත්ය..ගරු ජනපතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පොලිසිය සහ සියලු ආරක්ෂ අංශ පාතාලය මෙරටින් මුලිනුපුටා දැමීමට දිවා රෑ නොබලා දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින මේ අවස්තාවේ එය හෑල්ලුවට ලක්කර එලඹෙන මැතිවරණයේදී එය තමන්ගේ වාසියට යොදාගැනීමට මේ අවස්තාවාදීන් කටයුතු කිරීම ඇත්තෙන්ම ලැජ්ජා සහගතය..

කෙසේවෙතත් මේ වනවිට සත්‍ය එලිදරව් වී ඇත.. මේ තැනැත්තා රාජගිරිය උද්‍යාන පාරේ පදිංචි රජීව ප්‍රභාත් ජයවීර නැමැති 64 වැනි වියැති විශ්‍රාමික ප්‍රාදේශීය කලමනාකාරීවරයෙකු වන අතර ඔහු රු.150,000ට පිස්තෝලයක් ගත් බවත් තම පෞද්ගලික සිත්තැවුලක් නිසා එමගින් සියදිවි නසාගන්නා බව සඳහන් කරමින් ලිපියක් ලියා ඇති අතර එය මේ වනවිට සාක්ෂි සහිතව සනාතවී ඇත..ඒ නිසා මෙවැනි අවස්තාවාදීන් ප්‍රචාරය කරන මෙවැනි අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන මෙන් බුද්ධිමත් ඔබගෙන් කරුනාවෙන් ඉල්ලා සිටින අතර පහතින් මියගිය පුද්ගලයා දිවිනසා ගැනීමට පෙර තම ආදරණීයන්ට ලියන ලද ලිපිය සහ මරණ පරීක්ෂන වාර්තාවද පහතින් පලකර ඇත..

උපුටා ගැනිම අවසන්…..

රජීව ජයවීර ඝාතනයට ලක්ව තවමත් 24 පැයක් ගතවි නැත.ඔහු විසින් ලිව්වා යැයි කියන පරිඝණක ගත ලිපියක් පොලිසිය මාධ්‍යයට පෙන්වා තිබේ.එපමණක් නොව ඔහුගේ මරණ පරීක්ෂන වාර්තාවද සමාජයට මුදාහැර ඇත.බැලු බැල්මට පුදුම හදිසියකි.මරණ පරීක්ෂන වාර්තාවකින් කියන්නේ කුමක්ද යන්නවත් මේ අසුචි බුදින්නන් නොදන්නා බව අමුතුවෙන් කිවයුතු නොවේ. පොලිසිය මේ වනවිට විවිධ කොණ ඔස්සේ පරික්ෂණ මෙහෙයවිය යුතුය.පෙනෙන්නට තිබේන අකාරයටනම් ඒ වැනි දෙයක් සිදුවන්නෙ නැත.

මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දියුණු තාක්ෂණ යභාවිතා කරමින් එය ඝාතනයක්ද නැතහොත්,බලපෑම් කිරිම හරහා සියදිවි හානිකර ගැනිමට ඉඩ සැලසුවේද?නැතහොත් ඔහු විසින්ම සියදිවි නසාගත්තේද යන්න සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතුය.ඒ සියල්ලටම කලින් විරුවා සුද්ධ කිරිමට අසුචිකන පාදඩ බල්ලන් පොරකන්නේ මන්ද?

රහසිගත තොරතුරක්… මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකල කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු අප විශේෂ වාර්තාකරු සමග සදහන් කර ඇත්තේ බැලු බැල්මට එය තමන් විසින් වෙඩි තබා ගනිමින් සියදිවි හානිකර ගැනිමක් නොවන බව තමන්ගේ මතය බවයි.

රජීව ජයවීර විසින් පරිගණකගත කල බව කියන ලිපිය.

ඔබ දන්නවාද ලොකයේ සියදිවි හානිකර ගැනිමට ලක්වුවන්ගෙන් සියයට සියයක්ම තමන්ගේ අවසන් පාපෝච්චාරණය අතින් ලියනවා හැරෙන්න පරිගණකගත කර නොමැති බව.

රජීව ජයවීරගේ මරණයේ ස්භාවය සම්බන්ධයෙන් නිකුත් කර තිබේන Cause Of death Form හෙවත් මරණයට හේතුව සහිත සහතිකය.Immediate Cause of death හෙවත් මරණයට ක්ෂණික හේතුව ලෙස සදහන් කර ඇත්තේ Head Injury යනුවෙනි.

Published on: Jun 12, 2020 – මිහින් ලංකා ආයතනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් අනාවරණය කළ රජීව ජයවීරගේ වෙඩි වැදුණු මළසිරුර අද(12) උදෑසනදී කොළඹ 07, නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබි සොයාගෙන තිබේ.

උදෑසන 6.45 පමණ මෙම සිරුර සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් විමර්ශන සිදුකරන අතර   64 හැවිරිදි රජීව, රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර මෙම මලසිරුර නිදහස් චතුරශ්‍රයට පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නෑ.  මිහින් ලංකා ආයතනයේ කුප්‍රකට ‘එයාබස් ගනුදෙනුව’ පිලිබඳ කරුණු හෙළි කරමින් වෙබ් අඩවිවලට ලිපි ලියු රජීව ජයවීර කිසියම් අරමුණකින් වෙඩිතබා ඝාතනය කර ඇති බවට මේ වන විට සැකමතු වි තිබේ. ඔහු ඊයේ රාත්‍රියේ පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුර ගෙනවිත් දමා ගොස් තිබෙන බවටයි දැනට සැක මතුව ඇත්තේ.

රාජපක්ෂලාගේ මිහින් ලංකා දුෂිත ගණුදෙනු සම්බන්ධයෙන් අනාවරනය කිරිම හේතුවෙන්  රජිව් විවිධ බලපෑම්වලට ලක් වී සිටි අතර රජීව ජයවීර මිහින් ලංකා ආයතනයේ සේවය කර තිබෙන නිසා ඒම ආයතනයේ ගනුදෙනු හා ක්‍රියාමාර්ග සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු රැසක් දන්නා, අයකු ලෙසද සැලකේ.

මේ අතර චිත්‍රපටයක් මෙන් ජයවිරගේ මරණය වෙනතක යැවිම සදහා පොලිසිය මේ වනවිට කටයුතු කරමින් සිටි.ඒ අනුව කොළඹ නිදහස් චතුරඝ්‍රය අසළ වෙඩි වැදීමෙන් මිය ගොස් සිටි පුද්ගලයා සිය දිවි නසා ගන්නා බවට සදහන් ඔහු විසින් පරිගණක ගත් ගත කළ ලිපියක් හමුවූ බව කුරුදුවත්ත පොලීසිය මේ වනවිට මාධ්‍යයට අනාවරනය කර තිබේ.

ඉංග්‍රීසියෙන් පරිගණක ගත කළ තිබූ පිටු දෙකකින් සමන්විත එම ලිපියේ ඔහුට තිබෙන රෝගී තත්වයන් එහි සඳහන් කර ඒවා ශල්‍යකර්ම මගින් සිදුකර සනීප කර ගත හැකි වුව ද අන් අයට කරදරයක් නො වන පරිදි සිය දිවි නසා ගන්නා බවත් ඊට අමතර ව ඔහුගේ දේපළ සිය දරුවන් ට ලබා දෙන ආකාරය ද එහි සඳහන්ව තිබූ බවයි පොලිස් පච මාධ්‍ය එකකය මාධ්‍යයට දැනුම් දි ඇත්තේ.ඊයේ රාත්‍රී 8.30 ට පමණ දෙහිවල පදිංචි ඔහුගේ සහෝදරයාට ජංගම දුරකථනය හරහා කෙටි පණිවිඩයක් යවා තිබෙන බත් මරාදමා තිබු ජයවිර පෞද්ගලික ගමන් බෑගය විවෘත කරන රහස් සංකේත ද එහි සඳහන් කර ගමන් බෑගය තුළ ලිපියක් ඇති බවත් එය කියවා බලන ලෙස ද කෙටි පණිවුඩයේ සඳහන් කර තිබූ බව පොලිසිය කියයි.

මේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙස ඇතැම් ප්‍රචාර ගෙනයන නමුත් රාජගිරියේ පදිංචි ඔහුගේ සිරුර නිදහස් චතුරශ්‍රය අසලට ගෙ ආ බවට වාහන සලකුණක් නොමැති බැවින් ඝාතනය කර ගෙනත් දමා ඇති බවට මේ වනවිට සැක පලවි තිබේ.

තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න 

Rajeewa Jayaweera

Published on: Jun 11, 2020 – ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනය සංවිධානාත්මක ඝාතන කුමන්ත්‍රණයක් බව මේ වනවිට හෙලිවන කරුණු අනුව අනාවරණය වන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.මිරිහාන ප්‍රදේශයේ දී සිදු වූ පහර දීමකින් සුනිල් ජයවර්ධන ඝාතනයට ලක්වු අතර මිය යන විට ඔහු 53 වැනි වියේ පසුවුණා.ත්‍රීරෝද රථ රියැදුරු ගැටලු සම්බන්ධයෙන් මෙන්ම සිවිල් ක්‍රියාකාරියෙකු ලෙසද ප්‍රසිද්ධ සුනිල් ත්‍රී රෝද රථ් රියදුරන් කොරෝනා සමයේ මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් සaජුවම පෙනී සිටි අයෙකුද වනවා.

කොරෝනා වෛරස පැතිරයාම සදහා කටයුතු කල බවට චොදනා නගමින් චීන රජයට එරෙහිව ජාත්‍යන්තරයේ නඩුවක් පැවරිම සදහා සුනිල් ජයවර්ධන ප්‍රමුඛ කණ්ඩායමක් කටයුතු කරමින් සිටි අතර එ සම්බන්ධයෙන් මිට දින දෙකකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හමුවි අදහස් ප්‍රකාශ කර තිබේ.

ඒ අතරතුර පෙරේදා (09) ත්‍රීරෝද රථ රියැදුරෙකුට අයත් ත්‍රීරෝද රථයක් වාරික නොගෙවා ඇතැයි කියන සිද්ධියකට ලීසිං සමාගමක් විසින් රැගෙන ගොස් තිබෙන අතර අදාල chamil investment (PVT)LTD හදුන්වන මුල්‍ය ආයතනය ලියාපදිංචි එකක් ද නොවන අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා සුනිල් ජයවර්ධන සහ තවත් අයෙකු අදාළ ලීසිං සමාගමේ කාර්යාලය වෙත ඊයේ(10) පස්වරුවේ ගොස් තිබේ. එහි දී කිසියම් බහින් බස්විමක් සිදුව ඇති අතර එම බහින්බස් විම අතරතුර පුද්ගලයෙකු සුනිල් ජයවර්ධන ඉලක්ක කර හිසට පොලු පහරක් එල්ල කර තිබේ. අදාළ පොලුපහර එල්ල කල තැනැත්තා ආයතනයේ සේවකයෙකුද යන්න මේ දක්වා හදුනාගෙන නොමැති අතර ඔහු ආරක්ෂක අංශයකට අයත් අයෙකු බව බැලු බැල්මටම පෙනී යන බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා. බහින්බස් විම අතරතුර කල පහරදිමෙන් සුනිල් මහතා බිම ඇද වැටුන පසු අදාල ඝාතකයා පොල්ලෙන් හිසට දරුණු ලෙස පහරදි ඇති අතර එම ස්ථානයේ සිටි කිසිවෙකුත් එය නතර කිරිමටද උත්සහ දරා නෑ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ හොරට පවත්වාගෙන යන Chamil investment (PVT)LTD හිමිකරු එම ස්ථානයේ සිටියද ඔහු මේ දක්වා අත් අඩංගුවට ගෙන නෑ.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා කලුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර සඳහා ඇතුලු කර සිටියදී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් 08 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ලීසිං මාෆියාව විසින් මරා දැමූ සුනිල් ජයවර්ධන තමන් මරා දැමීමට පෙර ජනාධිපතිට දුන් පණිවිඩය.

Published on: Jun 10, 2020- අර්බුදය හමුවේ මර්ධනය සිය එකම ආයුධය කරගත් වර්ගවාදී ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී සහජීවනය අගයන සියලු පුරවැසියන් මේ රටේ අනාගතය වෙනුවෙන් එක්විය යුතු මොහොත ආණ්ඩුව විසින් නිර්මාණය කර දෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් එක්සත්ව පෙළගැසිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන්ට එල්ල කල අමානුෂික ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මංගල සමරවීර මහතා පෙන්වා දෙනවා.

ඒ මහතා නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ….

වර්ගවාදීන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහර
පිළිකුලෙන් හෙළා දකිමු!

ඊයේ (09) පෙරවරුවේ කොළඹ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මිනිස් වර්ගවාදයට එරෙහිව සිදුකරන ලද උද්ඝෝෂණයට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් සිය නිල ආරක්ෂක අංශ යොදා සිදු කරන ලද අමානුෂික පහරදීමත් උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමත් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.

මේ මොහොතේ ඇමෙරිකා එක්සත් ජනපද පොලිසිය විසින්  ඉතා අමානුෂික වද දීම හරහා පසුගියදා ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමීම හේතුකොට ගෙන ලොව පුරා වර්ගවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිසුන්ගේ සාමාකාමී උද්ඝෝෂණ සිදුවෙමින් පවති. එසේම වර්ගවාදය පෝෂණය කරන හෝ මිනිස් වර්ගයාගේ සහජීවනය අගය නොකරන මිනිස් ප්‍රතිරූප එවැනි ප්‍රජාතාන්ත්‍රීක මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මර්දනය කිරීමට කටයුතු කරමින් ද සිටියි.

ඊයේ දිනයේ මේ ආණ්ඩුව විසින් සිදුකරනු ලැබුවේ ද පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයන්ට පහරදීමක් පමණක් නොව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු පහර දීමකි. එසේම සෑමවිටම වර්ගවාදය ආරක්ෂා කරන්න තමන් කැපවී සිටින බව තහවුරු කිරීමකි. එය මේ ආණ්ඩුවේ උපන්ගෙයි ගතිලක්ෂණයක් බව පැහැදිලිය.

පසුගිය කාලය පුරා මේ රටේ නීතිය නැමීමක් පිළිබඳ මතවාදයක් සිය ප්‍රචාරණ ව්‍යපෘතියක් ලෙස භාවිත කළ රාජපක්ෂවරු බලයට පැමිණි පසු මේ රටේ නීතිය විහිළුවක් බවට පත්කර ඇත. රාජපක්ෂවරුන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පමණක් නීතිය යොදාගනිමින් සිටී. එය කොවිඩ් 19 වෛරසයට මුවා වෙමින් නීතිය භාවිත කළ ආකාරය විමසා බැලීමෙන් පමණක් වුව පැහැදිලි කරගත හැක.

එක් වරෙක පවුලේ කිසිවකුට සිය ඥාතියාගේ ‘මරණය‘ බලන්නවත් අවසර නොදුන් ආණ්ඩුව තවත් විටෙක උත්වශ්‍රීයෙන් රට පුරා ප්‍රදර්ශනය කරමින් ‘මරණය‘ නිර්ලජ්ජිත ලෙස මනාපකරණය කළ අයුරුද කියා පාන්නේ අද නීතිය ඇත්තේ, රාජපක්ෂවරුන්ගේ සාක්කුවේ බවය. එය මේ රටේ සියලු පුරවැසියන් ඉතා හොඳන් දනී.

කෙසේ වෙතත් කුමන තත්ත්වයක් යටතේ වුවද රටේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් කප්පාදු කිරීමට මේ ආණ්ඩුවට ඉඩදිය යුතු නැත. වර්ගවාදයට එරෙහි වීම වගේම සාධාරණ හා සාමකාමී විරෝධතාවන් පැවැත්වීම ද  පුරවැසි අයිතියක් බව මේ ආණ්ඩුවට නැවත නැවත පැහැදිලි කරදිය යුතු නැත.

අර්බුදය හමුවේ මර්ධනය සිය එකම ආයුධය කරගත් වර්ගවාදී ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී සහජීවනය අගයන සියලු පුරවැසියන් මේ රටේ අනාගතය වෙනුවෙන් එක්විය යුතු මොහොත ආණ්ඩුව විසින් නිර්මාණය කර දෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් එක්සත්ව පෙළගැසිය යුතු බවත් අවධාරණය කරමු.

මංගල සමරවීර
2020-06-10

Mangala Samaraweera

Published on: Jun 9, 2020-  ඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම‍ සලකා බැලීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකත්වය ලබා ගැනිම සදහා සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස පෙනී සිටින කලක් මෛත්‍රීපාල සිරිසේනගේ විද්යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණ.

පෙත්සම් කාර සහ වගඋත්තරකාර පාර්ශවවල නීතිඥවරුන්ගෙන් එකඟතාවය මත පෙත්සම් සලකා බැලීම අද (09) සිදු කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කර තිබුණ අතර මෙම පෙත්සම ඉකුත් 22 දා සලකා බැලීම සඳහා නියම කර තිබුණද වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ ඉල්ලිම මත එදින ද එය අද දින දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.ඒ අනුව අද දින මෙම පෙත්සම විභාග කිරීමකින් තොරවම විසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබිණ.

අප පසුගිය 14 වැනිදා කල අනාවරනය

Published on: Mar 14, 2020 – එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවිම යටතේ සමඟි ජන බලවේගය දේශපාලනයෙන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බව අප අනාවරණය කළා.

ඒ සදහා රාජපක්ෂලාගේද සහය රනිල්ට ලැබි තිබේන අතර ඒ අනුව ලබන සඳුදා දිනයේ සමඟි ජන බලවේගයට එරෙහිව අධිකරණය හමුවේ තහනම් නියෝගයක් ඉල්ලා පැමිණිල්ලක් සිදුකිරීමට නියමිත බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.Read More

සජිත් කරමුලටම හිරවේ !! හෙට නාමයෝජනා ගැන නඩුවක්!!! යනුවෙන් සම්බන්ධයෙන් අද සවස කලින් මධ්‍යස්ථ මතධාරීන් ලෙස පෙනී සිටි SL VLOG විසින් විඩියෝවක් නිකුත් කර තිබේන අතර එම විඩියෝවට අනුව සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස පෙනී සිටින කලක් මෛත්‍රීපාල සිරිසේනගේ විද්යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල ඔෂල හේරත් නැමැත්තා අධිකරණ හමුවේ “සමඟි ජන බලවේග” පක්ෂයේ නෛතීක භාවය සම්බන්ධයෙන් අභියෝගයට ලක්කර කෙසේ හෝ නාමයෝජනා ලබාදිමට ඇති අවස්ථාව නතර කිරිමටයි.ඒ සදහා රාජපක්ෂලාගේද සහය රනිල්ට ලැබි තිබේන නමුත් නීතිය නොදැන ඔහුන් කටයුතු කරන බව අද නිකුත් කල විඩියෝවට අනුව ඉතාම පැහැදිලිය.

පළමුව ඔබ මෙම විඩියෝව නරඹන්න…..

සමඟි ජන බලවේගය දේශපාලනයෙන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක්! රනිල් නැවතත් ගේමක් ගැසීමෙ සුදානමක… සල්ලි වලට ගත් කල්ලි සඳුදා අධිකරණයට යයි…. Read More

ඔෂල හේරත් වැඩ්ඩේක් නොවන බව අප එදිනම අනාවරනය කල අයුරු ….

ඒ අනුව ඔහුන්ගේ පළමු තර්කය වුයේ  පක්ෂ ව්‍යවස්ථාවේ 22. 11 වන ව්‍යවස්තාව මගහැරීමයි…

පක්ෂයකට එය කල හැකියි. එසේ කර ඇත්තේ අපේ ජාතික පෙරමුණේ විධායක සභාව මගිනි. එය වැරදි නම් අභියෝග කල හැක්කේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ කෙනෙකුට මිස ඔෂලට හෝ වෙනත් අයෙකුට නොවේ.පක්ෂ ව්‍යවස්තාවක් යනු සාමාජිකයන් හා පක්ෂය අතර පවතින ගිවිසුමක්. එම නිසා පුරවැසියකුට එමගින් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු නොවේ.

දෙවන තර්කය-පක්ෂයක් ද? සංධානයක්ද?

සජිත් ඇතුලු එජාප සමාජිකයන් සමගී ජන බලවේගය (SJB)හරහා තරඟ කරනවනම් එජාපයට කල හැක්කේ එ අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරිමයි.නමුත් අලුත් පක්ෂයකින් තරඟකිරිම වලක්වන්න නීතියට බැහැ.කිසියම් පක්ෂයක් මේ පක්ෂයෙන් (සමගී ජන බලවේගය) තරඟ කරනවනම් එ අයටත් කිමට ඇත්තේ එ අය තම පක්ෂයෙ නැහැ කිම හෝ එ සඳහා අවසර දුන්නා කිම පමණී.

තෙවන  තර්කය- මැතිවරන කොමිසම නීතිය ඉක්මවා ක්‍රියා කරලා?

කිසිසේත්ම නැත. කොමිසමේ වගකීම වන්නේ පක්ෂ ලේකම් වරු ලබා දෙන තොරතුරු මත කටයුතු කිරීමයි.ඒ අනුව අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ලේකම්ගේ දැන්වීම මගින් තම සාමාජිකත්වය විසින් සජිත් හා රංජිත් පත් කල බව දන්වා තිබේ. ඉන් පසු නව ලේකම් රංජිත් පක්ෂයේ නම හා ව්‍යවස්තාව වෙනස් කොට දන්වා තිබේ. එ බව කොමිසම පිලිගෙන තිබේ.

SL VLOG කතාව අනුව පෙනෙන්නේ ඔවුන් දිස්ත්‍රික්ක අධිකරනය ඉදිරියේ ද අභියාචනා අධිකරනය ඉදිරියේ Quo warranto නැමති නඩුවක් මැතිවරණයෙන් පසුව දැමිමට බලාපොරොත්තු වන බවයි.

නමුත් Quo warranto නඩුව පුස්සකි. එය දැමිය හැක්කේ තේරීපත්වන මන්ත්‍රීවරයා චන්දය ඉල්ලන අවස්තාවේදී ආක්‍රව්‍ය 91 වගන්තිය යටතේ සඳහන් නොහැකියාවකින් පෙලුන බව ඔප්පු කිරිම තුලිනි. එවැනි කිසිදු නොහැකියාවකින් SJB අපේක්ෂකයකු නොපෙලෙති.

එසේම Certiorari writ ආඥාවක් ලබා ගන්නවා නම් ඒ සදහා අභියාචනාධිකරනයට ගොස් කොමිසමට එරෙහිව නඩු පැවරිය යුතුය. එ සඳහා කොමිසම බලය ඉක්මවා ක්‍රියා කර ඇතැයි ඔප්පු කල යුතුය. කොමිසම කිසිවිටකත් එසේ බලය ඉක්මවා ක්‍රියා කර නැත.

දිසා අධිකරනයෙන් තහනම් නියෝගයක් ගැනීමට නම් බැලු බැල්මට තමන්ට දිනිය හැකි නඩුවක් පවතින්නේ යයි අපේ ජාතික පෙරමුණේ පක්ෂයේ සාමාජිකයකු නඩුවක් පැවරිය යුතු අතර තමන් හා පක්ෂය අතර ගිවිසුම කඩ කර ඇති බව ඔප්පු කල යුතුය.

ඒ අනුව බැදුම්කර සල්ලි වලට යටවි කාගේ හෝ උවමනාවන් වෙනුවෙන් කඩේ යන ඔෂල හේරත්ට පුරවැසියකු ලෙස නඩුවක් දමා දිනා ගත හැකි දෙයක් නැත.

Published on: Jun 8, 2020 – ඇමරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ඒරෙහිව සහ වර්ග වාදයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් හෙට (9) ඇමැරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ වලක්වමින් කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් අද (8) නියෝගයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා විසින් කල දැනුම් දිමකට අනුව කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා එම තහනම් නියෝගය ලබාගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

පෙරටුගාමී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන මහත්වරුන්ට , තවත් පිරිසකට හා පොදුවේ මහජනතාවට මෙම නියෝගය නිකුත් කර තිබේ.

කොවිඞ් 19 වයිරසයක් රටතුළ පවතින අවස්ථාවක ඇමැරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පුද්ගලයන් ඒක රාශි කරගෙන පෙරටුගාමී පක්ෂය උද්ඝෝෂණයක් පැවැත්වීමට සුදානමක් ඇති බවත් කෝවිඞ් 19 ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා එම උද්ඝෝෂණය පැවැත්වීම තහනම් කරන ලෙසට කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට හමුවේ කළ ඉල්ලීමක් අනුව මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ ඇමරිකානු තානාපති කාර්යාලය ජනාධිපතිවරයාගේන් කරන ලද පෞද්ගලික ඉල්ලිමක් මත මෙම තහනම් නියෝගය ගැනිමට කටයුතු කර ඇති බවයි.

George Floyd

Published on: Jun 8, 2020- සොෆ්ට්ලොජික් ව්‍යාපාර සමූහයට අයත් ‘ආසිරි’ පෞද්ගලික රෝහල් ජාලය, සම්බන්ධ කරගෙන පෞද්ගලික උපාධි විකුණන ආයතනයක් ස්ථාපිත කිරිම සදහා රජය අවසර ලබාදිමට කැමත්ත පලකර තිබේ.

වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ඔහුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවා ඇති නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු ලෙසද අශෝක් පතිරගේ නම් කර තිබුන අතර රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කිරිමේ කුප්‍රකට ජාවාරමේ ඉදිරියෙන් සිටින අශෝක් ගෝඨාභය ජනාධිපති වි ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා ලෙස පත්කිරිමට කටයුතු කරනු ලැබුවා.පසුගිය කාලයේ රටතුල සිදුවු මහා පරිමාණයේ මුල්‍ය වංචා රැසක් පසුපස ඔහුගේ දායකත්වය තිබේන බව අනාවරණය වි තිබේ.

අශෝක් පතිරගේ තම සමාගම් වාර්ෂික සමාලෝචනයේදී ප්‍රකාශකර ඇත්තේ එංගලන්තයේ ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය සමඟ අනුබද්ධව ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධි පාඨමාලාවක් දියත් කිරීමට සූදානම්වන බවයි. එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව විසින් අනුමත කරන ලද මෙම අධ්‍යාපන වැඩසටහන 2020 දී දියත් කිරීමට නියමිත බවද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ආශිර්වාදය ඇතිව ඒම නව ආයෝජන ව්‍යාපෘතිය සැලසුම්කර ඇති බවත් ඒ හරහා සිය සමාගම් සමූහයේ ලාභය වර්ධනය කිරීමේ නව දොරටුවක් ඒමගින් විවෘතවන බවද ඔහු අනාවරණය කර තිබේ.

ආසිරි රෝහල් ව්‍යාපාරය මේ වනවිට අශෝක් පතිරගේට අයත් සොෆ්ට්ලොජික් සමූහය යටතේ පවතී. ආසිරි රෝහල් සමූහය විසින් දැවැන්ත පෞද්ගලික රෝහල් 4ක් සහ රසායනාගාර සේවා පවත්වාගෙන යමින් 1978 සිට විවිධ ආණ්ඩු යටතේ ප්‍රතිපාදන කපමින් බිඳවට්ටනු ලැබූ නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවට අධික මිල ගණන් සඳහා සෞඛ්‍ය සේවා අලෙවි කරමින් සිටී.ඒම ව්‍යාපාර සමූහයටම වෛද්‍ය උපාධිය අලෙවි කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට ගෝඨාභය-මහින්ද ආණ්ඩුව අවසර ලබා දිමට  කැමත්ත පලකර තිබේ.

මින් පෙර 2009 වසරේ මහින්ද රාජපක්ෂ පාලනය විසින් මෙවැනිම ආකාරයෙන් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි කිරීමට පිහිටුවන ලද SAITM ආයතනය, දීර්ඝ ජනතා අරගලයක ප්‍රතිඵලයක් ලෙස වසා දමන්නට පසුගිය ආණ්ඩුවට සිදු විය.

මේ අතර  පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් සරසවි උපාධි අලෙවි කිරීම ආරම්භ කරමින් වෛද්‍ය උපාධිය කොටි 4කට අලෙවි කිරීමට ආණ්ඩුව අවසර ලබාදී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරයි.

උසස් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමට ඒරෙහිව අරගල කරමින් දීර්ඝකාලීන අරගලයක නිරත වූ ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ලබාගත් ජයග්‍රහණ ආපස්සට හැරවීමට ඉඩ නොදෙන බව සඳහන් කරමින් අ.වි.ශි.බ.ම. පළ කළ ඒම නිවේදනය මෙසේය.

ගෝඨාභය ආණ්ඩුව අධ්‍යාපනය විකිණීම අරඹයි. වෛද්‍ය උපාධිය ⁣රු. කෝටි 04යි.

ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව ආසිරි රෝහල් ව්‍යාපාරය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට සැරසෙයි. ඇබර්ඩීන් වෙබ් පිටුවේ සඳහන් පරිදි එය සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය. sri lankan pathway ලෙස නම් කරමින් ඇබර්ඩීන් මගින් ලබාදෙන MBchB උපාධිය මෙමගින් ලබාගත හැකි අතර පළමු වසර තුන ස්කොට්ලන්තයේදීත් අවසන් වසර දෙකෙහි සායනික පුහුණු මෙරට ආසිරි රෝහල් තුළදීත් සිදුකිරීමට සැලසුම් කර ඇත. අවශ්‍ය කෙනෙකුට ස්කොට්ලන්තයේදීම උපාධිය සම්පූර්ණ කිරීමට හැකියාව තිබේ. sri lankan pathway ක්‍රමය අනුව මේ උපාධිය සඳහා සිසුන්ගෙන් අයකරන මුදල රුපියල් කෝටි 3.6 කි. ස්කොට්ලන්තයේදීම උපාධිය සම්පූර්ණ කරන්නේ නම් මිල රුපියල් කෝටි 6.5කි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 2008දී ආරම්භ කළ, යහපාලන ආණ්ඩුව විසින් පවත්වාගෙන ගිය Saitm හොර උපාධි කඩය තුළින් උත්සාහ කළේ ද අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙළඳභාණ්ඩ ලෙස භෞතීස්ම කිරීමයි. රු. ලක්ෂ 120කට වෛද්‍ය උපාධියට එහි මිල කර තිබිණි. අවසානයේදී ගමක් නගරයක් පාසා ඇවිළ ගිය දැවැන්ත ජනතා විරෝධය විසින් Saitm ව්‍යාපෘතිය අහෝසි කරන ලදී. පාලකයන් Saitm ව්‍යාපෘතියෙන් පරාජය වී වසර දෙකක් ඉක්ම යන තැන දැන් නැවතත් එවැනිම විකෘතියක් සමාජගත කරමින් සිටියි.

ජනාධිපතිවරණ වේදිකාවල නම් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරන බව විනා විකුණන බවට පොරොන්දු දුන්නේ නැත. නමුත් ජනාධිපතිවරයා විසින් පසුගිය දිනෙක ප්‍රකාශ කළ ඉදිරි ආර්ථික ඉලක්කයන්ගේ අධ්‍යාපනය විකිණීමට ප්‍රමුඛත්වය ලබාදී තිබේ. අධ්‍යාපන විකිණීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව දෙන බව ඔහු විසින් පැහැදිලිව ප්‍රකාශ කරන ලදී. ඇබර්ඩීන් සමඟ එක්ව උපාධි කඩයක් හැදීමට අවසර ලබා දී ඇත්තේ ඒ අනුවය. නිදහස් අධ්‍යාපන ආයෝජන කලාපය නමින් හොරණ මිල්ලණියේ ආරම්භ කිරීමට සැරසෙන කඩපිළට අනුමැතිය ඉල්ලමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයේ තිබුණේ එමගින් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි වන බවයි. මේ ඇස් පනාපිට පෙනෙන්නට පටන් ගෙන තිබෙන්නේ එහි යථාර්ථයයි. දෛනික වැටුපට වැඩකරමින් එදිනෙදා ජීවිතය ගැට ගසාගන්නා ජනතාව ජනගහනයෙන් 40% ක් වන රටක කෝටි හතරකට උපාධිය විකුණන්නට සැරසෙන්නේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට යැයි පැවසීමම විහිළුවකි.

කොරෝනා වසංගතයට මුහුණ දීමට මහා ආර්ථික බලවතුන්ටවත් නොහැකි වී ඇති මොහොතක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව වැනි සමාජ ආරක්ෂණයන් නොවිකිණිය යුතු බවට ලෝක මට්ටමින් සාකච්ඡාවක් ගොඩනැගී තිබේ. වෙනකක් තබා පසුගිය දිනෙක ජාත්‍යන්තර සමුළුවක් අමතමින් ජනාධිපතිවරයාම ප්‍රකාශ කළේ කොරෝනා වසංගතයට මේ මට්ටමින් හෝ මුහුණ දීමට හැකි වූයේ නිදහස් සෞඛ්‍ය සේවාව නිසා වන බවයි. නමුත් යථාර්ථයේදී එම නිදහස් සෞඛ්‍යම, එම නිදහස් අධ්‍යාපනයම වලපල්ලට යැවීම සඳහා පිඹුරුපත් අදිමින් සිටියි. ගෝඨාභය ආණ්ඩුවේ වැඩපිළිවෙළ ද ලෝකෙට පරකාසේ – ගෙදරට මරගාතේ පන්නයේ වන බවට මෙයම කදිම නිදසුනකි.

අධ්‍යාපනය, සෞඛ්‍ය වෙළඳභාණ්ඩ නොවේ. එහෙයින් ගැටලුව උපාධියේ මිල අඩුද වැඩිද යන්න නොවේ. ගැටලුව අධ්‍යාපනයට මිලක් නියම කිරීමයි. නියම කරන මුදල ගෙවිය හැකි පිරිසකට පමණක් අධ්‍යාපනය වරප්‍රසාදයක් කිරීමයි. සමාජයේ සාතිශය බහුතරයක් ජනතාවට අධ්‍යාපන අවස්ථා අහිමි කිරීමයි. Saitm අරගලයේදී අප මතු කළ මූලික ගැටලුව ද එයයි. එහෙයින් උපාධි කඩයක් ඇරඹීම ආසිරි මුදලාලිට ආශිර්වාදයක් වූවාට ජනතාවට ආශිර්වාදයක් නොවේ. එය සමාජයට ඛේදවාචකයක් කැඳවන්නකි. රජයක් කටයුතු කළ යුත්තේ මුදලාලිලාගේ මනදොළ පිනවීමට නොව ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමටය. මෙහි අරමුණ සේ දක්වා ඇත්තේ මෙරට වෛද්‍ය හිඟයට පිළිතුරු සෙවීමයි. එයට ආසිරි මුදලාලි මැදිහත් වී උපාධි කඩ ඇරීමට වෙහෙසිය යුතු නොවේ. දැනටමත් විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ තුළ සිටින වෛද්‍ය සිසුන් සංඛ්‍යාව එම හිඟය පිරවීමට ප්‍රමාණවත්ය. සමාජයේ නිරෝගීභාවය පිළිබඳව එපමණ කැක්කුමක් සහිත නම් කොරෝනා වසංගතය හමුවේ ආසිරි ඇතුළු රෝහල් කඩවලට වගකීමෙන් කටයුතු කළ නොහැකි වූයේ ඇයි? ලාභ රේට්ටුවට කෑදරකමින් ආසිරි ඇතුළු පෞද්ගලික රෝහල් සිදුකළේ කොරෝනා වසංගතය නොදුටුවා සේ කර ඇරීමයි.

Saitm ව්‍යාපෘතිය පිටුපසින් මෙරටට රිංගීමට ⁣උපාධි කඩ පෝලිමක් සිටි බවත් ඒ පෝලිමේ ඉදිරියෙන්ම ඇබර්ඩීන් ද සිටි බවත් සයිටම් පරාජය කරමින් ජනතාව ජයග්‍රහණය කරනවිට ඇබර්ඩීන්ටද පලා යාමට සිදු වූ බවත් අපට අමතක නැත. දැන් කොරෝනා වසංගතයට මුවා වී නැවතත් පරාජිත උපාධි කඩ කරුවන් සමාජය ඉදිරියට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. Saitm කඩය සේම මෙයද එන්නේ බොරු ප්‍රචාර රැසක් සමගිනි. ප්‍රචාරණ දැන්වීම්වල, අත්පත්‍රිකාවල සඳහන් කරන්නේ ලංකාවේ MBBS උපාධිය ලබා දෙන බවයි. වෛද්‍ය සභාවේ අනුමැතිය සමඟ මෙරට වෛද්‍යවරුන් ලෙස කටයුතු කළ හැකි බවයි. Saitm සඳහා ද වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදීමට සිදු කළ නිර්ලජ්ජිත දේශපාලන මැදිහත්වීම් අපි මනාව අත්විඳ ඇත්තෙමු. Saitm මුදලාලි වෙනුවෙන් වෛද්‍ය සභාවේ සභාපතිවරයා පවා වරෙක මාරු කිරීමට කටයුතු කළේය. අධිකරණ තීන්දු කැරකුණේද සයිටම් මුදලාලිට අවශ්‍ය පරිදිය. මෙහිද සිදුවිය හැකි දෙය එයයි.

පාලකයන්ගේ අවශ්‍යතාවය පැහැදිලිය. සමාජයම කොරෝනා ගිනි පෙනෙල්ලෙන් බැට කමින් සිටින මොහොතක ආණ්ඩුව දිය පොදත් මිල කිරීමට සැරසෙයි. කොරෝනා වසංගතය හමුවේ නිදහස් සෞඛ්‍යයේ ප්‍රතිලාභ භුක්ති විඳිමින්ම සෞඛ්‍ය විකිණීමට පිඹුරුපත් අදියි. එසේ ගඟෙන් පැන් බී මුහුදට ආවඩන ගෝඨාභය ආණ්ඩුවට අප Saitm ඉතිහාසය නැවත සිහිපත් කර සිටිමු. අධ්‍යාපනයට, සෞඛ්‍යයට අත තබන පළමු මොහොතේම කුමන බාධක මැද වූවත් පාරට බැසීමට අපට කිසිඳු පැකිලීමක් නැති බව අවධාරණය කරමු.

අශෝක් පතිරගේලාගේ හරස් ගණුදෙනු,….

http://lankanewsnetwork.org/archives/23040

Published on: Jun 6, 2020- The people’s voice against the brutal slaughter of George Floyd clearly shows that the Blacks in United States are a great deal ahead in Equality before the law…!

නිදහස් ප්‍රකාශය (Declaration of independence – 1776) නිකුත් කරමින් එක්සත් ජනපදය අමරිකානු විප්ලවීය යුද්ධයෙන් (1775-1783) බ්‍රිතාන්‍ය කිරීටයේ අධිකාරය අවසන් කරන ලදී. 1783 පැරිස් ප්‍රඥප්තිය මගින් එය නිදහස් රාජ්‍යයක් ලෙස පිළින්නා ලදි.

දකුණු අප්‍රිකාව, ඉංදියාව, ශ්‍රී ලංකාව මෙන්ම එක්සත් ජනපදයද ඇතුළු තවත් රටවල් බ්‍රිතාන්‍යය යටත් විජිතව පැවති අතර ඒ නිසාම බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වාදුන් බලවතුන් සහ දුබලයන් සදහා වෙන් වූ වර්ගවාදී නීති වලින් ඒ රටවල් පාලනය කෙරිණි.

බ්‍රිතාන්‍යය යටත් විජිත වූ අන් රටවල් මෙන් නොව එක්සත් ජනපදය, ආයුධ සන්නද්ධ විප්ලවයකින් බ්‍රිතාන්‍යයන් පළවා හැරි ලොව එකම රාජ්‍යය වුවත් බ්‍රිතාන්‍යයන් හදුන්වාදුන් වර්ග බේදය තහවුරු කළ නීති සහ පීඩිතයන් පීඩාවට පත් කරන නීති එහි ශක්තිමත්ව ස්ථාපිත වී තිබීම එරට සමාජයේ බරපතල ඛෙදවාචකයක් ඇති කරනු ලැබීය.

එහි ප්‍රතිඵල ලෙස ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් (1865), නෝබල් සම්මාන ලාභී මාර්ටින් ලූතර් කිං (කණිෂ්ඨ) (1968) වැනි දැවැන්තයන් වෙඩි උණඩයට සිය ජීවිත කැප කරණු ලැබූ අතර එවැනි ඝාතන නොනැවතී පැවතීම ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතියේ පාලනයේ ඇති අදුරු පැති කඩ ලෝකයට නිරාවරණය කරන්නට විය.

එවැනි තවත් කෘර ඝාතනයක් පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් හි පොලිස් නිලධාරීන් විසින් ද සිදු කළ අතර පොලිස් නිලධාරීන්ගේ වධහිංසනයෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් (46) නම් කළු ජාතික තරුණයා 2020 මැයි 25 දින ඝාතනයට ලක්වීම සියලු රටවල ජනතාව අතර ප්‍රභල කතිකාවක් ඇති කිරීමට සමත් ව තිබේ.

ලෝකයේ බිහිසුණු ඝාතන කොතෙක් සිදු වී තිබුණද, දෙවන ලෝක යුද්ධයේදී නාසීන් විසින් යුදෙව්වන් ගෑස් කාමරවල දමා හුස්ම ගැනීමට අවස්ථාව නොදී ඝාතනය කළ ආකාරය සිහිපත් කරමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමති කලු ජාතික තරුණයා හුස්ම ගැනීමට ආයාචනා කරද්දීත් එයට කිසිම අවස්ථාවක් නොදී විනාඩි 9කට ආසන්න වේලාවක් හුස්ම ගැනීම වළක්වා ඝාතනය කිරීම මානුශ්‍යත්වයට එරෙහි ක්‍රියාවක් බව පැහැදිලිය.

හුස්ම ගැනීම වළක්වා සිදු කළ මෙම කෲර ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී සුදු – කලු බේදයක් නැතිව සමානත්මතාවයේ අයිතිය ඉල්ලා ඇමෙරිකා එක්සත් ජනපදයේත්, ලෝකයේ තවත් රටවලත් උද්ඝෝෂණ පැවැත්වෙන අතර ඒ සියලු උද්ඝෝෂණ අතරින් නීතිය ඉදිරියේ සමානත්මතාවය අයදීමේ දී එක්සත් ජනපදයේ කලු ජාතිකයන්, බ්‍රිතාන්‍යයේ අන් යටත්විජිත ලෙස පැවති රටවල ජනතාවට වඩා බොහෝ ඉදිරියෙන් සිට ක්‍රියා කරන බව ජෝර්ජ් ෆ්ලොයිඩ් කෲර ඝාතනයට එරෙහිව ගෙන යන උද්ඝෝෂණවල ස්වභාවය අනුව මේ වන විට සනාථ වෙමින් ඇත.

බ්‍රිතාන්‍යය යටත් විජිත ලෙස පැවති ඉංදියාව, ශ්‍රී ලංකාව වැනි රටවල ජනතාව මෙන් නොව ඇමෙරිකා එක්සත් ජනපදයේ කලු ජාතිකයන් මැනවින් ඉංග්‍රීසි භාෂාව හසුරුවන හෙයින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින නීති සහ එහි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කියවීමේ නෛතික සාක්ෂරතාවය ඔවුන්ට ලැබී ඇත. ඒ ඇසුරෙන් ලබන දැනුම භාවිතයට ගෙන තමන්ට එරෙහිව සිදුවන නීතියේ වෙනස්කම්වලට එරෙහිව ජයගන්නා ක්‍රියාදාමයන් වෙන අයෙකුගේ මෙහෙයවීමකින් තොරව ස්වාධීනව සිදු කිරීමට එක්සත් ජනපදයේ කලු ජාතිකයන්ට නෛතික සාක්ෂරතාවය ලැබී ඇත. ඒ ශක්තිමත් නෛතික බලය හේතුවෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට යුක්තිය ඉටු කර ගැනීමට එක්සත් ජනපදයේ කලු ජාතිකයන්ට අවස්ථාව හිමි වනු ඇත.

ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව වන සිංහල ජනතාව, එක්සත් ජනපදයේ කලු ජාතිකයන්ට මෙන් නොව නෛතික සාක්ෂරතාවය ලැබීමට නිදහස හෝ අවස්ථාව අහිමි ජනකොටසකි. ශ්‍රී ලංකාවේ අවශ්‍ය සහ වැදගත් නීතිමය කටයුතු සියල්ල කරනු ලබන්නේත්, තීරණ ගනු ලබන්නේත් බහුතර ජනතාවගේ භාෂාව වන සිංහල භාෂාවෙන් නොව සුළුතරයක් භාවිතා කරන ඉංග්‍රීසි භාෂාවෙනි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බහුතර සිංහල ජනතාවගේ නෛතික සාක්ෂරතාවය ඉතා පහළ මට්ටමක පවතින අතර ජනතාවට එරෙහිව සිදුවන බලවතුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව නෛතිකව ක්‍රියාකිරීමට ඔවුන්ට අවබෝධයක් නැත.

එක්සත් ජනපදයේ කලු ජාතිකයන් නෛතික ක්‍රියාකාරකම්වලින් නිදහස අත් කර ගන්නවා මෙන් ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට නෛතික ක්‍රියාකාරකම්වලින් නිදහස අත් කර ගැනීමේ ක්‍රමවේදය නොදනී. නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවුණත් (Ignorantia juris non excusat) නීතිය දැන ගැනීමට සිංහල ජනතාවට අවස්ථාවක් නැත.

නීතිය ඉදිරියේ සමානාත්මතාවය අයදීමේ දී එක්සත් ජනපදයේ කලු ජාතිකයන් බොහෝ ඉදිරියෙන් බව ජෝර්ජ් ෆ්ලොයිඩ් කෲර ඝාතනයට එරෙහි ‘ජනතා හඩ’ සාක්ෂි දැරුවද, ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව වන සිංහල ජනතාව නීතිය ඉදිරියේ සමානාත්මතාවය ලබා ගැනීමට තව කොතරම් කාලයක් ගත වෙයිද කිව නොහැකිය.

(ඉංග්‍රීසි පරිවර්තනය බලාපොරොත්තු වන්න)

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන – 2020.05.04

Top