Published on: May 10, 2020 – රාජපක්ෂ (වැ.බැ ) රජයේ උද්දච්ඡකම, නොහැකියාව හා මූල්‍ය විනයක් නැති නිසාම අප රටේ ආර්ථිකය යළි වතාවක් හදිස්සි ප්‍රතිකාර ඒකකයට නොව මෘත ශරීරාගාරය (Mortuary) වෙත තල්ලු කිරීමට මේ රටේ ජනතාව මේ රජයට ඉඩ නොතැබිය  යුතු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.රජයේ නොහැකියාවට රාජ්‍ය සේවකයන් වග කිව යුතු නැත යන්නයි එම නිවේදනය වැඩිදුරටත් පෙන්වා දි ඇත්තේ.

රටේ ආර්ථිකය නිසි ලෙස කලමනාකරණය කළ නොහැකි රජයේ නොහැකියාවට රාජ්‍ය සේවකයන් වග කිව යුතු නැත

නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ බැරෑරුම් අවස්ථා තිබූ සෑම අවස්ථාවකදීම බලයේ සිටි රජයන් එම අර්බූද නිසි ලෙස කළමනාකරණය කළා විනා එය රජයේ සේවකයන්ගේ කර මත පැටෙව්වේ නැත.

එහෙත්,  “අපට බලය දෙන්න අපි කරලා පෙන්වන්නම් – සල්ලි හොයන හැටිත් අපි දන්නවා” යැයි ජනාධිපතිවරණ සමයේ කී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය අසුනේ සිටින වත්මන් රජය කොරෝනා වසංගතයෙන් ආර්ථික අර්බුදයක් ඇති වූ වයි කියමින් එය විසඳීම සඳහා සමස්ත රාජ්‍ය අංශයේ 14 ලක්ෂයක් පමණ සේවක පිරිසගේ මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන මෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා ඇත. කොරෝනා වෛරසය නිසා ගෝලීය ආර්ථික අර්බූදයක් ඇතිවූ බව සත්‍යයකි. එහෙත් ශ්‍රී ලංකාවේ කොරෝනාව ව්‍යාප්තවීමට පෙර සිටම මහා ආර්ථික අර්බූදයක් හට ගත්තේ වසර කිහිපයක් තිස්සේ අනුගමනය කරන ලද රටේ මූල්‍ය විනය මෙම රජය සම්පූර්ණයෙන්ම බිඳ දැමූ නිසාය.

ඕනෑම රටකට නොසිතූ ආකාරයට හා නොසිතූ වේලාවක ස්වාභාවික මෙන්ම මිනිසුන් විසින් ඇතිකරන ලද ව්‍යසනයන් සිදුවීම සාමාන්‍යයි. බලයේ සිටින පාලකයන් දක්ෂ නම් රටේ ආර්ථිකය නිසි ලෙස  කළමනාකරණය කිරීමෙන් ඒවාට විසඳුම් සොයා හත හැකිය. එසේ අවස්ථානුකූලව ආර්ථිකය සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක කරනවා විනා ජනතාවගෙන් හෝ රාජ්‍ය සේවකයන්ගෙන් තමන් හරි හම්භ කළ මුදල රජයට පරිත්‍යාග කරන්නැයි මෙතෙක් කිසිදූ රජයක් ඉලා සිටි බවට වාර්ථා වී නොමැත.

කෝවිඩ්-19 වෛරසය ලෝක ආර්ථිකය මුළුමනින්ම හුදකලා කර සෑම රටකම ජන ජීවිතය අවිනිශ්චිතතාවයකට පත් කර ඇතැයි කියමින් අපගේ දේශීය ශක්තිය විදහා දක්වනුවස් මැයි මස වැටුප රජයට පරිත්‍යාග කරන්නැයි 14 ලක්ෂයක් පමණ වන සමස්ත රාජ්‍ය අංශයේ සේවකයන්ගෙන්   ජනාධිපති ලේකම් ලිපියක් මගින් ඉල්ලා සිටියි.

කොරෝනා වෛරස් ව්‍යාප්තියට පෙර සිටම එනම් මෙම රජය බලයට පත්වී මුල් මාස තුනක් ඇතුළතදීම රජය මහා ආර්ථික අර්බුදයකට තල්ලු වූ බව නොරහසකි. කෙසේ හෝ බලය ගැනීමේ පරමාර්ථයෙන් ඉටු කරන්න බැරි පොරොන්දු දීමෙන් 2020 මාර්තු වන විටම ආර්ථිකය කඩා වැටුණි.

2014 වසරේ (රු. බිලියන 1000)  ට්‍රිලියනයක් පමණ වූ වාර්ෂික රාජ්‍ය ආදායම යහ පාලන රජයේ අවසානය වන විට එය දෙගුණයක් දක්වා එනම්  ට්‍රිලියන් දෙකකට ආසන්න මුදලක් දක්වා (රු. බිලියන 2000) වැඩි කරන ලදී. එහෙත් මෙම රජය ඉටු කරන්න බැරි පොරොන්දු දීමෙන් ජනතාවට කිසිදූ ආර්ථික ප්‍රතිලාභයක් අත්නොවූ වා සේම  රාජ්‍ය ආදායම ද 2014 පැවති තත්ත්වයකට යළි අඩු වෙමින් පවතියි.

මා මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටියදී පැවති රුපියල් ට්‍රිලියනයක් පමණ වූ  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම් ඉලක්කය ඡන්දය ලබාගැනීමේ අරමුණින් ජනතාව නොමඟ යවන පොරොන්දු දීම නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම මේ වසරේ දී අඩකට වඩා ප්‍රමාණයකින් අඩු වනු ඇත.

රාජ්‍ය සේවක වැටුප් හා දීමනා සඳහා මසකට රුපියල් බිලියන 100 බැගින් වසරකට බිලියන 1200 ක් වැය වෙතැයි  ජනාධිපති ලේකම්ගේ ලිපියෙන්ම පිළිගෙන ඇති ආකාරය බලන විට මෙම රජය යටතේ රාජ්‍ය ආදායම වැටුප් ගෙවන්නට පවා ප්‍රමාණවත් වේ දැයි සැක සහිතයි.

යහපාලන රජය සමයේ වසර හැටකට පසු වූ දරුණුම නියඟයක් 2016 වසරේ දී වාර්ථාවූ අතර 2017 වසරේ දී ගංවතුරකින් කෘෂිකර්මාන්තයට විශාල හානි සිදු විය. ඒ වගේම 2018 ඔක්තෝබර් මස සිදු වූ දින 52 ක ව්‍යවස්ථා කුමන්ත්‍රණය මෙන්ම  2019 පාස්කු ඉරු දින ත්‍රස්ථ ප්‍රහාරය හේතුවෙන් ද දියුණු වෙමින් පැවති  සංචාරක ක්ෂේත්‍රයට විශාල පාඩු සිදු විය. එවන් අර්බුදකාරී අවස්ථාවේ වූවද යහපාලන රජය විසින් පොරොන්දු වූ පරිදී වාර්ෂික වැටුප් වැඩිකිරීම සිදුකළා විනා ඒවා අඩු කිරීම පිළිබඳව කිසිදු අවස්ථාවක තීරණයකට එළෙඹියේ නැත.

යහ පාලන රජයේ සමයේ ඉහත අභියෝග රැසක් මධ්‍යයේ වූවද ආර්ථික ක්‍රියාවලිය උත්තේජනය කිරීම සඳහා පියවර රැසක් ගනු ලැබීය.

රාජ්‍ය සේවක හා විශ්‍රාමික වැටුෆ් හා දීමනා මුල් දින 100 දීම වැඩිකරන ලදී

යහපාලන රජය විසින් 2018 වසරේ පත් කරන ලද රනුග්ගේ කොමිසම් වාර්ථාවේ නිර්දේශිත පරිදි රාජ්‍ය සේවක වැටුප් හා පන් ලක්ෂයක් පමණ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුපද 2020 ජනවාරියේ සිට වැඩි කිරීමට අතුරු සම්මත ගිණුම මගින් ප්‍රතිපාදන වෙන් කර තිබූ නමු දූ මෙම රජය බලයට පත් වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ එම වැටුප් වැඩිකිරීම කප්පාදු කරන ලදී. එම වැඩිවීමත් සමග 2015 මූලික වැටුපට සාපේක්ෂව 107 % න් වැඩිකර තිබූ රාජ්‍ය සේවක වැටුප 2020 ජනවාරියේ සිට 135 % දක්වා වැඩිවීමට නියමිතව තිබුණි.

2015 දී අප, රජය භාරගන්නා විට රාජපක්ෂ රජයේ සමයේ නොගෙවූ හා හිඟ බිල් පත් රු. බිලියන 140 ක පමණ දේශීය ණය 2016 වසර තුළ පියවන ලදී.

සමෘධි හා වැඩි හිටි දීමනා දෙගුණ කරන ලදී

2016 දී වසර 40 ට පසුව ඇතිවූ දරුණුතම නියගයෙන් සිදු වූ වගා හානි හා

2017 මහා ගංවතුරෙන් විනාශ වූ දේපල හානි නිසා  ආර්ථිකය කඩා වටෙන්නට නොදී එය යළි ගොඩනැගීම සඳහා හානි පූර්ණ වශයෙන් රු 20 ලක්ෂයක් දක්වා වන්දි දෙන ලදී.

රාජපක්ෂ රජයේ සමයේ අවසර ගෙන 240 % වැනි අධික පොලියට ක්‍රියාත්මක කළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් බැට කෑ නියඟයෙන් හානියට පත් දිස්ත්‍රික්ක 13 ක සිටි රුපියල් ලක්ෂයක් දක්වා ණය ලබාගෙන සිටි පුද්ගලයන් 45000 කගේ ණය සම්පූර්ණයෙන්ම කපා හරින ලදී.

රටේ ග්‍රාමීය ආර්ථිකය වේගවත් කිරීම සඳහා “ගම්පෙරලිය” වැඩසටහන යටතේ සෑම මැතිවරණ කොට්ඨාසයකටම වසරකට රු මිලියන 300 බැගින් ලබාදෙන ලද අතර එය 2020 දී රු මි. 400 දක්වා වැඩි කිරීමට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කර තිබිණි

එමෙන්ම “එන්ටප්‍රයිස් ශ්‍රී” ලංකා වැඩසටහන යටතේ ව්‍යවසායකත්වය දියුණු කරන පෞද්ගලික ආයෝජනයන් දිරිමත් කරන ව්‍යවසායකතව ශ්‍රී ලංකා වැඩ සටහන මගින් රු මිලියන 90,000 ක් පෞද්ගලික ආයෝජනවලට රජය අඩු පොලි ණය ලබාදුන්නේය. එම සාර්ථක වැඩ සටහන මෙම රජය මගින් නවතා දැමීමෙන් ආයෝජනයට අවශ්‍ය මුදල් නොමැතිව ව්‍යවසායකයන් තම ආයෝජන අත් හරින අවදානම් තත්ත්වයකට මුහුණ පා සිටි ති.

දින 52 ක දේශපාලන කුමන්ත්‍රණය නිසා රුපියලේ අගය අවප්‍රමාණය වූ අතරම සංචාරක ක්ෂේත්‍රය ඇතුළුව  ආර්ථිකයට සිදු වූ දැවන්ත පසුබෑම ද කළමනාකරනය කරන ලදී.

පාස්කු ප්‍රහාරයෙන් පසුව විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය නංවන්න මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විවිඩ සහන ලබාදීමට ක්ෂණිකව කටයුතු කළ අතර ග්‍රාමීය මට්ටමේ සංචාරක පොඩ්ඩන්ට ද පොලි සහන ණය පැකේජයන් හඳුන්වා දෙන ලදී.

පාස්කු ප්‍රහාරය නිසා වෙසක් සමය සමරන්නට බැරිවීමෙන් දුෂ්කරතාවයට පත් වූ වෙසක් තොරන් නිර්මාණකරුවන් හා වෙසක් සංගීත කණ්ඩායම් ආදීන්ට ද රජය මගින් සහන දෙන ලදී.

මේ සියලු සහන හා ආර්ථික උත්තේජන පැකේජයන් මැද රාජපක්ෂ රජය විසින් ලබාගෙන තිබූ 60% ට අධික ණය ඇතුළු සියලු ණය වෙලාවට ගෙවීම් කිරීම ද සිදු කළේය.

මේ සියල්ල ඉදිරියේ එනම් ශ්‍රීමත් ජොන් කොතලාවල මහතාගේ රජයේ කාලයෙන් පසුව ප්‍රථම වතාවට අයවැයේ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් ලබා ගෙන රාජ්‍ය ආදායමෙන් අපේ ණය ආපසු ගෙවීමට හැකි තත්ත්වයට රට පත් කළ හැකි විය.

ආර්ථික අර්බූද හා දේශපාලන කුමන්ත්‍රණ මැද ආර්ථික ක්ෂේත්‍රයේ මෙවන් දියුණුවක් යහපාලන රජයට ලබා ගැනීමට හැකි වූයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් මා විසින් හඳුන්වා දෙනු ලැබූ රාජ්‍ය පාලනයට ඉතා වැදගත් මූල්‍ය විනය හේතුවෙන් බව අවිවාදයෙන් පිළිගත යුතුයි.

මෙවැනි අභියෝග මධ්‍යයේ වූවද වසර පනස් ගණනකට පසුව අප රටේ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් ලබා ගැනීමට හකිවීම තුළින් අපගේ ආර්ථික ගමන් මගේ නිවැරදි භාවය මනා ලෙස ඔප්පු වෙනවා ඇත. 2015 දී හදිස්සි ප්‍රතිකාර ඒකයේ අවසන් හුස්ම ගනිමින් සිටි ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නිරෝගී සුවය දක්වා ගෙන යන මග ආරම්භ කරන්නට හැකි වූයේ අප රජයේ මනා මූල්‍ය කළමනාකාරිතවයත් මූල්‍ය විනයත් නිසා බව දැන්වත් ජනතාව තේරුම් ගත යුතුව ඇත.

මේ රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා ඇති වී තිබෙන ආර්ථික අර්බූදය වසංකිරීම සඳහා කොරෝනා වෛරසය මුවාවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ද ක්‍රම ක්‍රමයෙන් අඩපණ කරමින් හමුදා පාලනයකට මග පාදමින් සිටියි. එමෙන්ම කොරෝනාව මුවාවෙන්ම මෙම රජය බලයට පත් කරන්නට කටයුතු කළ අන්ත සිංහල ජාතිවාදීන් පිනවීම සඳහා මෙරටේ දෙමල මුස්ලිම් ජනතාව දඩ මීමා කරගෙන ජාතිවාදය, ඉදිරියේ දී පැවත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා අවියක් බවට පත්කරගෙන ඇත. කොරෝනා රෝගයෙන් මිය යන මුස්ලිම් වරුන්ගේ මෘත දේහයන් ආදාහනය කිරීමේ තීරණය ද මෙම අන්තවාදීන් අතොලොස්සක් පිනවීමට ගත් තීන්දුවක් බව ද දැන් ඉතාමත් පැහැදිලිය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන භීතිකාවක් තිබෙන රාජපක්ෂවරුන් පාර්ලිමේන්තුව නොකැඳවීම තුළින් අළුත් අය වැයක් ඉදිරිපත් කිරීම පවා වළක්වා රට තුළ බරපතල ආර්ථික, මූල්‍යමය හා ව්‍යවස්තාදායක අර්බුදයක් නිර්මාණය කර තිබේ.

එපමණක් නොව, , රටේ ණය ගැනීමේ නීතිමය සීමාව ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉක්මවා ගොස් ඇති අතර පාර්ලිමේන්තුවී අවසරයකින් තොරව විදේශ ණය ලබා ගෙන තිබේ.

තම මැයි මස වටුප රජයට පරිත්‍යාග කරන මෙන්  රජයේ සේවකයන් වෙත කරන අද මෙම අභූත ඉල්ලීම ගැන මතුවෙමින් පවත්නා විරෝදතාවය ඉදිරියේ එය, ජනපති ලේකම්ගේ ඉල්ලීමක් ලෙස හුවා දක්වා ඇඟ බේරාගැනීමට රජය දැන් උත්සහ දරමින් සිටියි. එය සත්‍ය නම් එය ඊටත් වඩා බරපතල තත්ත්වයකි.

වර්තමාන රජයේ ජේ‍යිෂ්ඨ ඇමතිවරයෙකු විසින් පවා ආර්ථික ඝාතකයා ලෙස හඳුන්වන ලද මෙම ලේකම්වරයා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2001 දී  සෘණ ආර්තික වර්ධනයක් පත්කිරීමට මුදල් ලේකම් ලෙස නායකත්වය දුන් මොහු වැනි කෙනෙකුට මෙවැනි ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ කවරෙක් දැයි රට දැන ගත යුතුය. 2014 වසර වන විට පණ අදිමින් හදිසි ප්‍රතිකාර ඒකකයේ පිහිටි ආර්ථිකය අප භාරගත්තේ ද වත්මන් ජනපති ලේකම් විසින් වසර 10 කට ආසන්න කාලයක් මෙහෙයවන ලද එම ආර්ථිකයයි. එපමණක් නොව වර්තමාන රජයේ තවත් ඇමතිවරයෙකු විසින් පවරන ලද නඩුවක වැරදිකරු වී දඩයක් ද නියම කරන ලද අතර රජයේ සේවයේ කිසිදූ තනතුරක් දැරීමට ආචාර්ය ජයසුන්දර මහතා නුසුදුස්සෙක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම තීන්දු කරන ලදී.

මෙම රජයේ උද්දච්ඡකම, නොහැකියාව හා මූල්‍ය විනයක් නැති නිසාම අප රටේ ආර්ථිකය යළි වතාවක් හදිස්සි ප්‍රතිකාර ඒකකයට නොව මෘත ශරීරාගාරය (Mortuary) වෙත තල්ලු කිරීමට මේ රටේ ජනතාව මේ රජයට ඉඩ නොතැබිය  යුතුයි.

මංගල සමරවීර

හිටපු මුදල් අමාත්‍ය

පුවතේ කාටුනය…..

Published on: May 8, 2020 – රාජ්‍ය සේවක වැටුප් කොල්ලයටක පඩි භාගේ ජයසුන්දර විසින් පාර කපා ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.ආණ්ඩුවේ පැවැත්ම උදේසා රාජ්‍ය සේවක වැටුප කපා ගැනිමට උත්සහ දරණ වත්මන් රාජපක්ෂ ජුන්ටාව එය බලහත්කාරයෙන්ම සිදුකිරිමට කටයුතු කරමින් සිටින බව මේ වනවිට අනාවරනය වි තිබේ.ජනාධිපති ලේකම්වරයා විසින් රාජ්‍ය සේවකයින්ගෙන් කළ පෞද්ගලික ආයාචනයක් ලෙස එය පෙන්නුවද පැහැදිලිවම ඒ පසුපස කුමන්ත්‍රණයක් ඇති බව තහවුරු වේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නේති මහතා විසින් සිදුකරන මෙම අනාවරණය බලන්න….

Published on: May 4, 2020 – දින 52ක කුජිත ආණ්ඩුවේ බලහත්කාරයෙන් අගමැතිකමේ රැදි සිට පසුව අධිකරණය විසින් කනෙන් ඇද දොට්ට දැමු මහින්ද රාජපක්ෂ හට යලිත් එවන් අවස්ථාවක් උදාවෙමින් තිබේන බවට ඔහුගේ සමීපතම උපදේශකයන් පෙන්වා දි තිබෙන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටියා.පාර්ලිමේන්තුවේ යලි කැදවිමට කටයුතු කලහොත් අනිවාර්යයෙන්ම බහුතරය පෙන්විමට අවස්ථාවක් උදාවනු ඇති බවත් එවන් අවස්ථාවක් උදාවුවහොත් අනිවාර්යයෙන්ම මහින්දට අගමැති කම අහිමි වනු ඇති බවයි එම කණ්ඩායම පෙන්වා දි ඇත්තේ.ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව නැවත කැඳවීමට මහින්ද සිය බලවත් විරෝධය දක්වන බවයි අප දේශපාලන වාර්තාකරුවන් අනාවරණය කර සිටියේ.

මේ අතර  යම් හෙයකින් පාර්ලිමේන්තුව නැවත කැඳවනු ලැබුවහොත් මහින්ද රාජපක්ෂට අගමැතිධූරය අහිමි වන බවට බුද්ධි අංශ විසින් ද මේ වනවිට අනතුරු ඇඟවීම කර තිබේන අතර   දින 52  කුමන්ත්‍රණයට නායකත්වය ලබා දෙමින් මහින්ද රාජපක්ෂ අගමැතිධූරය ඩැහැගත් ආකාරයට ම මහින්ද රාජපක්ෂ වෙතින් අගමැතිකම ගිලිහි යන බවයි බුද්ධි අංශ පෙන්වා දි ඇත්තේ.

ගෝඨාභය රාජපක්ෂ සිය සහෝදරයා වූවද ඔහු ජනාධිපතිධූරයට පත්වූ අවස්ථාවේ සිට රට දිනෙන් දින ආර්ථික අතින් සහ අනෙකුත් සියළුම අංශ අතින් දිනෙන් දින ප්‍රපාතයට යන බවත් ඒ හරහා දිනෙන් දින ගෝඨාභය රාජපක්ෂ ගේ නොහැකියාව එලියට එන බවත් මහින්ද පසුගිය රාත්‍රියක සිය අතිශය සමීපතමයන් හා පවසා ඇති බවත් අප දේශපාලන වාර්තාකරුවන් වාර්තා කරනවා. එසේම කොරෝනා මර්දන ව්‍යාපෘතියේදි ගෝඨාභය  රාජපක්ෂ අසාර්ථක බවද ගෝඨාභයගේ අසාර්ථක බව වහන්න පාර්ලිමේන්තුව රැස් කොට සිය අගමැතිධූරය නැති කර ගැනීමට තමා කිසිසේත්ම සූදානම් නැති බවද මහින්ද රාජපක්ෂ මෙහිදි පවසා ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට දෙකඩ වී සිටියද පාර්ලිමේන්තුව නැවත කැඳවනු ලැබු අවස්ථාවක නැවත වරක් එක්සත් ජාතික පෙරමුණ ලෙසට පාර්ලිමේන්තුවේ පෙනි සිටීම පිළිබඳව මේ වන විටද සාකච්ඡා ආරම්භ වී ඇති බවද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. එසේම ජනතා විමුක්ති පෙරමුණේ සහය ද මහින්ද රාජපක්ෂ විරෝධි පාර්ශයවයට ලැබෙන බවද, දෙමළ ජාතික සන්ධානය සහ අනෙකුත් මුස්ලිම් පක්ෂ වල සහය ද අනිවාර්යයෙන් ම එක්සත් ජාතික පෙරමුණ වෙත හිමි වන බැවින් පාර්ලිමේන්තුවේ බහුතර බලය විපක්ෂය සතු වන අතර ආණ්ඩුවට සිය බලය රැක ගැනීමට කිසිසේත්ම නොහැකි වන බවයි වාර්තා වන්නේ.

රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජුනි මස 20 වෙනිදාවත් මහමැතිවරණය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් උද්ගතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියදි ධූර කාලය අවසන් වීමට ප්‍රථමව විසුරුවා හැරි පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ජනාධිපතිවරයාට දේශපාලන උපදේශකයන් උපදෙස් දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන්   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද යම් නම්‍යශීලී භාවයක් පෙන්වා ඇති අතර ඊට් හේතු වි ඇත්තේ තමන් ජනාධිපති විමත් සමග එල්ල ඉ තිබේන දෑඩි අප්‍රසාදය යම් තරමකට අඩුකර ගැනිමටය.

තත්ත්වය මෙසේ වෙද්දි මහින්ද රාජපක්ෂ යටින් රිෂාද් බදුයුඩින්ට සිය සහෝදරයා බේරා ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන අතර ඒ හරහා මුස්ලිම් ජනතාවගේ සහය තමා වෙත ලබා ගැනීමට සැළසුම් කොට තිබෙනවා. ඇඳිරි නිතිය හා වෙනත් සෞඛ්‍ය රෙගුලාසි බව පෙන්වා දෙමින් ආණ්ඩුව මේ වන විට දි දෙමළ හා මුස්ලිම් ජාතිකයන් පාලනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති අතර එයට විරෝධය දක්වමින් සුළු ජාතිකයන් දිනෙන් දින ආණ්ඩුව කෙරෙන් ඈත් වෙන බවද අප දේශපාලන වාර්තාකරුවන් වාර්තා කළා.දමිළ,මුස්ලිම් ජනතාව මත බලහත්කාරයෙන් මිලීටරීකරණ බලපෑම් එල්ල කිරිම හමුවේ උතුරේ මෙන්ම කදුකරයේද ආණ්ඩුවට සහය දැක්වු පක්ෂ රැසක් එම සහය දැක්විමෙන් ඉවත් විමට තින්දුවක් ගෙන තිබිමද රාජපක්ෂලාට බලපෑමක් වි තිබේ.පවතින තත්ත්වය හමුවේ දෙමළ, මුස්ලිම් සුළු ජාතිකයන්ට ආණ්ඩුව කෙරෙහි ඇති සුළු විශ්වාසය පවා දිනෙන් දින නැති වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

Published on: May 3, 2020- වැඩබලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අධිකරණ කටයුතුවලට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධපලකර තිබේ.නිත්‍යානුකූල නොවන අකාරයට ඇදිරිනීතියි පවත්වාගෙන යන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් සහ සේවාදායකයන්ගේ අයිතීන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය ඉටුකිරිමට ව්‍යවස්ථාවේන්  බැදී සිටින නීතිඥවරුන්හට ඇදිරි නීති බලපත් ලබා ගැනිමට කියන්නෙ නම් පොලිසියටද පාරේ ගමන් කිරිමට බලපත්‍ර ලබා ගැනිමට වනු ඇත.

වැඩබලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් නීතිඥවරුන් පෙන්ව දෙන්නේ තමන්ට සිදුවිය හැකි අප්‍රසන්න ප්‍රතිඵල කෙරෙහි නොසළකා සේවාදායකයන් කෙරෙහි සිය යුතුකම ඉටු කිරීම නීතිඥවරයාගේ බැදීම බව වැඩ බලන පොලිස්පතිවරයා දන්නවාද? යන්න ගැටලුවකි.(1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවල 15, 16 සහ 18 රීති..) කොරෝනා වෛරසය හමුවේ සිය ජීවිතය පවා අනතුරේ හෙළා ගනිමින් සිය වෘත්තීය වගකීම ඉටු කිරීමට නීතිඥවරු ඉදිරිපත්වීම වැරදි විය නොහැකිය.

කොරෝනා වෛරසය පාලනයටය කියමින් සිය නිවසේ කාලය ගත කිරීමට හැකියාව තිබියදී ජනතාවට අවශ්‍යම සේවයක් සපයන නීතිඥවරයාට සිය වෘත්තීය වගකීම නීතිගරුකව ස්වාධීනව ඉටුකිරීමට නොදෙන්නේ ඇයි? නීතියේ පිළිසරණ පතා එන අය නීතියේ පාලනයෙන් ඈත් කර අනීතික සමාජයක් ඇති කිරීමටද? යන්න වැඩ බලන පොලිස්පතිවරයාගෙන් විමසිය යුතුය.

සිය සේවාදායකයාට සහාය වීමට අධිකරණයට යන නීතිඥවරයාට ඇදිරි නීති බලපත් ගැනීමට නියම කිරීම සාධාරණ ද? එය සිරගතවී සිටින අයට, අගතියට පත් පාර්ශවයන්ට, වින්දිතයන්ට පොදුවේ ජනතාවට කරන අයුක්තියක් නොවේද? යන්න ප්‍රායෝගිකව විමසිය යුතුය.

වැඩබලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධය දක්වමින්, එකී කොන්දේසිය/විධානය ඉවත්කර ගන්නා ලෙස නීතිඥවරයෙක් දැනුම් දී ඇත.

වැඩබලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධය දැක්වීම සහ එකී කොන්දේසිය/විධානය ඉවත්කර ගන්නා ලෙස දැනුම් දීම.

විද්‍යුත් තැපෑලෙනි (2020.04.29)

සී. ඩී. වික්‍රමරත්න මහතා
වැඩබලන පොලිස්පති,
පොලිස් මූලස්ථාන,
කොළඹ 01,
විද්‍යුත් තැපෑල :- igp@police.lk

ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපියට අනුව, අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීම සම්බන්ධව විරෝධය දැක්වීම සහ එකී කොන්දේසිය/විධානය ඉවත්කර ගන්නා ලෙස දැනුම් දීම.

1.සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් සහ සේවාදායකයන්ගේ අයිතීන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ වෙනත් නීති මගින් නීතිඥවරුන්ට සහ සේවාදායකයන්ට ලබා දී ඇති අයිතිවාසිකම් ඇදිරි නීතිය පැනවීම මත ඔබට අහිමි කළ නොහැකිය.

2.ඔබගේ උක්ත ලිපිය මගින් අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගැනීමට නීතිඥවරුන්ට නියම කිරීම සම්බන්ධ එකග විය නොහැකි අතර එය නීතිඥ වෘත්තීය කටයුතුවලට බාධා කිරීමක් මෙන්ම සේවාදායකයන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීමක් වෙයි.

3.මේ ආකාරයට යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියේදී නීතිඥවරුන් සීමා කිරීම, කොන්දේසි පැනවීම, විධාන කිරීම සම්බන්ධව විරෝධය දක්වමි.

4.නීතිඥවරුන්ට ඇදිරි නීති බලපත් ලබා ගැනීමට දක්වා ඇති එකී කොන්දේසිය/ විධානය ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

මෙයට,

විශ්වාසී,

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

(දුර. 0712063394)

විද්‍යුත් තැපෑල :- arunaunawatuna@gmail.com

පිටපත් –

1.නීතිඥ හරිගුප්තා රෝහනධීර, අධ්‍යක්ෂ ජනරාල්(නීති), ජනාධිපති ලේකම් කාර්යාලය. කොළඹ 01.

විද්‍යුත් තැපෑල :- ps@presidentsoffice.lk

2.සභාපති, ශ්‍රී ලංකා නීතිඥ සංගමය. කොළඹ 12.

විද්‍යුත් තැපෑල :- basl.lawnet@gmail.com, basl@basl.lk

3.නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 12.

විද්‍යුත් තැපෑල :- administration@attorneygeneral.gov.lk

අවදානම් කළාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්කයක අධිකරණ කටයුතුවලට වෙනත් දිස්ත්‍රික්කයක සිට සහභාගීවීමට ඇදිරි නීති බලපත් ලබා ගන්නා ලෙස නීතිඥවරුන්ට දැනුම් දීමට අදාල වැඩ බලන පොලිස්පතිගේ ආර්ටීඑම් 999 සහ 2020.04.28 දිනැති ලිපිය….

නීත්‍යනුකූල නොමැති ගෝඨාගේ ඇඳිරි නීතිය! සම්බන්ධයෙන් අප පසුගියි 4 වැනිදා අනාවරණය කල අතර මේ එහි උපුටා ගැනිමකි.

මෙම ඇඳිරි නීතිය දණ්ඩ නීති සංග‍්‍රහයේ 262 සහ 264 දක්වා වගන්ති යටතේ පනවා ඇති නමුත් මෙවැනි මොහොතක එම වගන්ති යටතේ ඇඳිරි නීතිය පැනවීමට නීත්‍යනුකූල අයිතියක් නොමැත. එම කාරණාව සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරිමට අපද කටයුතු නොකලේ  සාමාන්‍ය පුරවැසියන් ඇඳිරි නීතිය නොසලකමින් පාරට බැසීමේ අවදානමක් තිබු නිසා නමුත් ආණ්ඩුව එම තත්ත්වය අවභාවිත කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි වන ආකාරයට නීතිය අවභාවිත කරමින් සිටියදි ඇදිරිනීතිය නිත්‍යානුකූල නොවන බව අප ජනතාවගෙන් සැගවිම සදාචාරාත්මක නැත.

ජනාධිපතිවරයාට මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනත යටතේ හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කළ හැකි අතර ඒ යටතේ ඇඳිරි නීතිය පැනවිමේ හැකියාව ඔහුට ලැබේ. නැතහොත් මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනතේ 16 වැනි වගන්තිය යටතේ ගැසට් පත‍්‍රයක් ප‍්‍රකාශයට පත් කොට ඇඳිරි නීතිය පැනවීමේ හැකියාව ඇත.එවන් තත්ත්වයක් යටතේ කුමන ප‍්‍රදේශවලට ඇඳිරි නීතිය පනවනවාද, කුමන පුද්ගලයන්ට පිටට යෑමට හැකියාව ලැබෙනවාද වැනි කාරණා නීත්‍යනුකූලව සඳහන් කල යුතුය.නමුත් මේ දෙකම කිරිමට ගෝඨාභය සමත්ව නෑ.

Published on: Apr 23, 2020 – මාර්තු මස 02වෙනි දින සිදුකළ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ප‍්‍රකාශනය දැන් බලරහිත බැවින් වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙසට තමන් කතානායකතුමාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ හිටපු සභානායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය. විසුරුවා හැරීමේ ප‍්‍රකාශනය බලරහිත බැවින් කතානායකතුමාට නැවත පාර්ලිමේන්තුව කැඳවීමේ බලතල හිමිවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප‍්‍රකාශනයේ මැතිවරණය පැවැත්විය යුතු දිනය ලෙසට අපේ‍්‍රල් මස 25දින සඳහන් කොට තිබූවත් රටේ පවතින තත්වය අනුව එම දිනය ජූනි මස 20 වන දිනය ලෙසට සංශෝධනය වීම හේතුවෙන් පැහැදිලිවම පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ප‍්‍රකාශනය බලරහිත වන බව හිටපු සභානායකවරයා අවධාරණය කර සිටී.

පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව විපක්ෂයක් ලෙස රට වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරිමට බලාපොරොත්තු වන බවත් කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට රජට ගෙනයන කාර්්‍යයන් සදඟා අවශ්‍ය වන මුදල් ප‍්‍රතිපාදන මෙන්ම නීතිරීති සම්පාදනය කිරිම සඳහාද විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බවද හිටපු සභානායකවරයා ප‍්‍රකාශ කරසිටි.

2018 ඔක්තෝම්බර් මස එවකට හිටපු ජනාධිපතිවරයා නීති විරෝධිව පාර්ලිමේන්තුව විසුරුවා හැරි නමුත් කතානායකවරයා ස්ථාවරව සිට නීතිවිරෝධි විසුරුවාහැරීම පිළිනොගැනීම හේතුවෙන් යහපාලන රජයම නැවත බලයේ පිහිටුවීමට එවකට ජනාධිපතිවරයාට සිදුවුණා යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Published on: Apr 18, 2020 පාස්කු ප්‍රහාරයට වැරදිකරුවන් වැරදිකරුවන් සොයා යාම ආණ්ඩුවේ තවත් ජනතාව මුලා කිරීමේ දහන් ගැටයක් බවට මේ වන විට පත්ව තිබෙනවා. ඒ මේ වන විට මහ ජාතියේ සිගිති ආතල් එක වෙනුවෙන් පාස්කු ප්‍රහාරය සඳහා වගකිව යුතුවන්නේ හිටපු අමාත්‍ය රිෂාද් බදුයුඩීන් සහ ඔහුගේ සැකකරු බව පෙන්වා දෙමින් කොරෝනා අස්සේ ජනතාවගේ සියළු සැක සංකා දෝමනස්සයන් අහෝසි කරමින් සිටි ආණ්ඩුව හදිසියේම යූ ටර්න් එකක් අද උදෑසන ගැනීම හේතුවෙනි.

ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මේ වන විට හිටපු අමාත්‍ය රිෂාද් බදුයුඩීන් අමතා ඇති අතර ලබන මැයි මස 30 වෙනිදා මැතිවරණය පැවැත්වීම ඉඩ ඇති බව දන්වා තිබේ. එහිදි ඔවුන් රිෂාද් හිටපු අමාත්‍යවරයට යෝජනා කොට ඇත්තේ දිනන ආණ්ඩුව හා එක්වී මේ සියලු ප්‍රශ්න විසඳා ගන්නා ලෙසයි. එසේම මැතිවරණයෙන් පසුව රිෂාද් බදුයුඩීන් සහ ඔහුගේ පවුලේ සියලු දෙනාට ඇති චෝදනා අවසන් කරන බවත් ඔවුන් සඳහන් කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ 2/3 ක බහුතරය ලබා ගැනීම රාජපක්ෂවරුන්ට ඉතා අත්‍යවශ්‍ය කාරණයක් වන අතර මේ වන විට එයට ඇති විශාල බාධාව වන්නේ සුළු ජාතිකයන්ගේ ඡන්ද රාජපක්ෂවරුන් සමඟ නොවීමයි. ඒ අතරිනුත් මුස්ලිම් ජනතාව කොහෙත්ම රාජපක්ෂවරුන් පිළිනොගන්නා අතරම මෙවන් පසුබිමක් රිෂාද් බදුයුඩීන් රාජපක්ෂවරුන් හා එක්වීම රාජපක්ෂ තුන් බෑයන්ට සිය අනාගත අවුරුදු 5 සුරක්ෂිතව ගත කිරීමට උපකාරි වනු ඇත.

මේ අතර පෙරේදා (16) වෙනිදා පාස්කු ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබු අතර එහිදි පැය හතරකට අධික කාලයක් CIDවිසින් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කොට ගෙන තිබේ.  මේ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම ප්‍රශ්න කිරීමේදි හිටපු අමාත්‍යවරයාගෙන් මන්නාරම ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

පසුව CIDයෙන් පිටතට පැමිණීමෙන් පසුව බදුයුඩීන් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ මේ සියළු චෝදනා පදනම් විරහිත බවත් දේශපාලන වාසි ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් හරහා මෙය සිදුවන බවත් ය. එසේම ඊට දින දෙකකට පෙර අත්තඩංගුවට පත් සිය සහෝදරයා වූ රියාජ් බදුයුඩීන් පිළිබඳව සඳහන් කරමින් ඔහු පවසා සිටියේ සිය සහෝදරයා බෝම්බකරුවන් සමඟ සම්බන්ධයක් නැති අහිංසකයෙකු බවයි.

රියාජ් අලුත් pඅවුරුද්දට අසු දින එනම් අප්‍රේල් 14 වෙනි දින පොලිසිය විසින් අත්තඩංගුවට ගනු ලැබූවේ පාස්කු ප්‍රහාරය සිදු කළ බෝම්බකරුවන් සමඟ සම්බන්ධතාවයක් ඇති බවට චෝදනා කරමිනි.

මේ අතර පාස්කු ප්‍රහාරයේ වගකිව යුතු පාර්ශවයන් අත්තඩංගුව ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සමබන්ධයෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද සිය ප්‍රශංසාව රජයට පල කළ සිටියා.

Published on: Apr 12, 2020- ජනතාවගේ මළකදන් විකුණමින් මහා මැතිවරණයේ 2/3ක බහුතරය ලබා ගැනිම සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුල මෙහෙයුම් දියත් කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.ඒ අනුව ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය මර්දණය කිරිමට රජයට හැකි වු බවත් ඒ වෙනුවෙන් ජනතාව තුල තිබේන භීය පහ කිරිම සදහා අවශ්‍ය මාධ්‍ය මෙහෙයුමක්ද මේ වනවිට දියත් කිරිමට රාජපක්ෂලා කටයුතු කරමින් සිටි.(හිරූ සහ දෙරණ ප්‍රධානින් සමග කල සාකච්ඡා සහ මාධ්‍ය ආයතන සේවකයන්ට ලැබුන නියෝග සම්බන්ධයෙන් වාර්තාවක් බලාපොරොත්තු වන්න)

ඒ අනුව මෙම වසරේ දෙවන පාසල් වාරයේ ආරම්භය මැයි 11 වන සඳුදා සිදු කිරීමට තීරණය කර තිබෙන බවටද රජය නිවේදන නිකුත් කරමින් සිටි.

විරෝධතා නොතකා මහමැතිවරණයක්!

වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීමට ක්‍රියාත්මක කෙරෙන එක් ප්‍රධාන පියවරක්වන සමාජ දුරස්ථභාවය ලිහිල්කිරිමට රජය ගන්නා උත්සහයන්ට සෞඛ්‍ය බලධාරීන් දැඩි ලෙස සිය අප්‍රසාදය රජයට මෙන්ම ජනාධිපතිවරයාටද දක්වා තිබේන අතර මහමැතිවරණයක් පැවැත්වීමට රජය ගන්නා උත්සහය පිළිබඳව ඔහුන් දැඩි ලෙස කනස්සල්ල සහ විරෝධය ද දක්වා තිබේ.

වසංගත තත්වය හමුවේ දැනට දැඩි සමාජ දුරස්ථ භායක් පවත්වාගෙන යමින් මෙරට වසංගතය ව්‍යාප්ත වීම යම්කිසි පාලනයක් පවත්වාගෙන යමින් පැවතියද අප්‍රේල් 25 වන විට සමාජ දුරස්ථභාවය ලිහිල් කිරීමට හැකි වෙතැයි ආණ්ඩුවේ ප්‍රකාශකයන් සහ හමුදාපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා.මෙම ප්‍රකාශයන්ගේ අරමුණ වී ඇත්තේ අප්‍රේල් අග යළිත් මැතිවරණ කටයුතු අරඹා මැයි මස අග මහ මැතිවරණය පැවැත්වීමයි. ඊට අදාළව මහින්ද සුළගද ලගදිම හමා යැමට නියමිත අතර එම සුලගින් කොරෝනා අවසන් වි මැතිවරණය සටන ආරම්භ කිරිමට නියමිතයි.

වසංගතය මතින් එන මැතිවරණ ජය ……..

වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර මැතිවරණයකට ගියහොත් ආණ්ඩුව දැඩි ලෙස පසුබෑමකට ලක්වන බව බැසිල් රාජපක්ෂ පෙන්වා දි ඇති අතර වසංගතය අවසන් වි සුළු කාලයක් තුල ආණ්ඩුව මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදයන් හමුවේ මැතිවරණයකට මුහුණ දිමට සිදුවුවහොත් 2/3ක තියා පාර්ලිමේන්තු බහුතරය පවා ලබාගැනිමට නොහැකි බවයි ඔහු පෙන්වා දි ඇත්තේ. මැතිවරණය දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් පැවැත්විමට හැකියාවක් ඇත්නම් එය ඉතා වාසිදායක ලෙස භාවිතා කිරිමට හැකියාව ඇති බවයි.

මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ වියතුන් යැයි පවසන කණ්ඩායම පෙන්වා දි ඇත්තේ මේ වනවිට දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන ආකාරය සැලකිල්ලට ගනිමින් ලංකාවේද මැතිවරණය පැවැත්විමට හැකියාව ඇති බවයි.ඒ සදහා ජනතාව තුල මතයක් සැදිය යුතු බවත් ඔහුන් පෙන්වා දි තිබේ.

දකුණු කොරියාවේන් හමනා මැතිවරණ සුලග….

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය මැද දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ (10) ආරම්භ වු අතර ඒ අනුව කොරෝනා වසංගතය මැද්දේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන පළමු හා ප්‍රධාන රට වන්නේ දකුණු කොරියාව වන් අතර දෙවන රට ලෙස ශ්‍රි ලංකාව පත්විමට නියමිතයි.

දකුණු කොරියාවේ ඡන්ද දායකයන් එකිනෙකා අතර අඩි තුනක පරතරයක් තබාගනිමින් ඡන්ද පෝළීමේ සිටිය යුතු යැයි ද බලධාරිහු නියෝග කර තිබේන අතර ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්ද දායකයන් සියලු දෙනාගේම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන අතර නිලධාරීහු ඡන්ද දායකයන් සනීපාරක්ෂක අත්වැසුම්, සනීපාරක්ෂක දියර යනාදිය බෙදා දේ.

දකුණු කොරියාවේ අලුතින් සනාථ කරන ලද රෝගීන් සංඛ්‍යාව මේ සතියේ දිනකට 50 ට වඩා අඩුවී තිබේ. රෝගීන් ඉහළම ප්‍රමාණයක් වාර්තා වූ දිනය වූ එය පෙබරවාරි 29 වන දින රෝගීන් 813 ක් වාර්තා වී තිබුණි. කෙසේවෙතත් මේවනවිට දකුණු කොරියාව තුළ කොරෝනා වයිරස අසාදිත රෝගීන් 10,400 ක් වාර්තා වී ඇතත් ඔවුන්ගෙන් සියයට 70ක් පමණ සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඡන්ද වීමසීම ආරම්භ වූ ඊයේ දිනයේ පමණක් මිලියන පහකට ආසන්න ජනතාවක් ඡන්දය ප්‍රකාශ කළ අතර තවත් බොහෝ දෙනෙක් සෙනසුරාදා ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කර තිබේ.

වසංගතය ජනාධිපති මූන් ජේ-ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අනපේක්ෂිත දේශපාලන ප්‍රසාදයක් ගෙන ඒමට හේතුවූ බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.දකුණු කොරියානු ආණ්ඩුව එරට තුළ කොරෝනා වසංගතය සාර්ථකව සහ ඉක්මණින් පාලනය කරන ලද බව ජනතාවගේ අදහස වි තිබිම ඊට හේතුව බවයි ඔහුන් පෙන්වා දෙන්නේ.

උතුරු කොරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් මෙන්ම , මූන් ජේ ජනාධිපතිවරයාගේ සමීපතම සගයන්ගේ වංචා දුෂණවලට එරෙහිව දකුණු කොරියානු ජනතාව ආණ්ඩුවට එරෙහිව කොරෝනා පැමිණිමට පෙර විරෝධතාවයක යෙදී සිටියා.

මහමැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇති වකවානුවක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය දින එනම් පසුගිය මාර්තු 02 වන දින සිට මාස තුනක් ඇතුලත පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බැවින් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය 2020-03-31 සහ 2020-04-01 දිනවල ජනාධිපතිවරයාට යවන ලද ලිපි වලට තග දමමින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ලිපි ලිවිම පසුපසද මැතිවරණයක් ලග එන බව පැහැදිලිවම දක්නට තිබේ.




Published on: Apr 7, 2020 – සෑම වසරකම බක්මහේ මහා මෞලි මංගල්‍යය  ලෙස දක්වමින් වැඩසටහන් නිෂ්පාදකවරයාගේ සිට නාලිකා හිමිකරු දක්වා සිය කාමුක ආශාවන් සන්තර්පනය කර ගැනීමට පාර කපා ගන්නා හිරු අවුරුදු කුමරා/ කුමරිය වැඩ සටහනේ අවසන් රූගත කිරීම මේ වන විට බත්තරමුල්ල පැලවත්ත නාගහමුල්ල පාර ඉදිරිපිට පිහිටා ඇති හිරු ස්ටුඩියෝවේ පටිගත කරමින් පවතිනවා.

රටේ කොරෝනා අවදානම මත කොළඹ නගරය දින නියමක් නොමැතිව වසා තිබියදි හිරු නාලිකාව මෙවැනි වගකීම් විරහිත සෞඛ්‍ය සදාචාර විරෝධි කාර්යයක් සිදුකරන්නේ කවර පදනමින්ද යන්න ගැටලු සහගතය. සිය සමාජ මාධ්‍ය ජාලා හරහා #stay home යටතේ විවිධ පෝස්ට් දමන මෙම මාධ්‍ය ජාලය මෙවැනි පටු ක්‍රියාමාර්ග හරහා   අවදානමේ දමන්නේ මේ රටේ ජනතාවගේ අහිංසක ජීවිත බවත් දැන් දැන් පැහැදිලිය.

අදාළ වැඩසටහනේ අවසන් පූර්ව වටයට තේරුණු තරුණ ගැහැනු ළමයින් සහ පිරිමි ළමයින් 30 කට අධික  පිරිසක් සිය දෙමාපියන් සමඟ රටේ විවිධ ප්‍රදේශ වලින් හිරු මාධ්‍ය සලකුණ සහිත වාහන වලින් ඊයේ කොළඹ බත්තරමුල්ල හිරු ස්ටුඩියෝව වෙත ගෙන්වා ඇති අතර එම පිරිස 100කට අධික බවයි වාර්තා වන්නේ. අවසන් පෙරහුරුව අවසන් වීමත් සමඟ ඊයේ රාත්‍රිය ගත කිරීමට ඔවුන්ගේ ඥාති නිවෙස් හෝ දැන හැදුනුම්කම් ඇති නිවෙස් වෙත යන ලෙස වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායම මෙම අවුරුදු කුමර කුමරියන් පිරිසට හා ඔවුන්ගේ දෙමව්පියන් වෙත දැනුම් දී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ බලපැවැත්වෙන ඇඳීරි නීතිය හේතුවෙන් එම නිවෙස් වෙත ප්‍රවාහන කටයුතු සිදු කිරීමද නැවතත් හිරු මාධ්‍ය සලකුණ සහිත රථ වාහන මගින් සිදු කර ඇත.

නැවතත් එම පිරිස අද උදෑසන බත්තරමුල්ල වෙත කැඳවා ගෙන පැමිණ ඇති අතර  අවුරුදු කුමරුන්ගේ අවසන් වටයට පෙර කුමරියන්ගේ අවසන් වැඩ සටහනේ රූගත කිරීම මේ වන විට බත්තරමුල්ලේ දි පැවැත්වේ. මෙම වැඩසටහන වෙත සිය ප්‍රේෂ්කයන් ඈඳා ගැනීම සඳහා ඊයේ (06) හිරු අවුරුදු කුමර කුමරියන්ගේ මූලික තරග වට වල පටිගත කල වැඩසටහන් ප්‍රචාරණය කරනු ලැබීය.

රටේ සෞඛ්‍ය තත්ත්වයක් උද්ගත වීම නිසා එදා වේල හම්බ කරගන්නා මේ රටේ දුගි දුප්පත් ජනතාවට සිය දරු පවුල සමඟ උලා කන තත්ත්වයට පත් කරමින් රටම වසා තිබෙන අවස්ථාවක රෙනෝ කුඩු සල්ලි වලට කොරෝනා වැලදෙන්නේ නැතිදැයි රටේ බලධාරීන් සියලු දෙනාගෙන් ඇසීමට කැමතිය.

ඕනෑම හදිසි අවස්ථාවක රටේ ඕනෑම තැනකට බාධාවකින් තොරව ගමන් කිරීමට මාධ්‍යයට ඇති අයිතිය අවභාවිතා කරමින් රටේ විවිධ තැන් වලින් මිනිසුන් රැස් කිරීම හා ඔවුන් නැවතත් අධි අවදානම් කලාපයක් ලෙස නම් කොට ඇති කොළඹ දිස්ත්‍රික්කයේ තැන තැන නතර කිරීම කොරෝනා නීති සහ ඇඳීරි නීති උල්ලංඝනය කිරීමක් නොවේද?

මේ පිරිස කොළඹ නගරයේ නතර වූ ප්‍රදේශ පිළිබඳව අවබෝධයක් තිබේද? කොරෝනා  පැතිරීම සීමා කිරීම සදහා කොළඹ නගරයේ හුදකලා කර ඇති ප්‍රදේශ වල මෙම පිරිස නතර නොවු බවට ඇති සහතිකය කුමක් ද? සමාජ දුරස්ථභාවය මෙහිදි ආරක්ෂා කොට ඇත්ද? රටේ නීතිය අනුව මෙවැනි ජඩ මාධ්‍ය ක්‍රියාවක් සිදු කිරීමට හැකිද? බලධාරීන් සියලු දෙනා මෙයට පිළිතුරු දිය යුතුය.

බෙහෙත් ගන්න, කන්න යමක් හොයන්න, බඩුවක් මුට්ටුවක් ගන්න ඇදීරි නීතිය උල්ලංඝනය කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙද්දි පැයෙන් පැයට එම පිරිස ගණනය කොට සිය ප්‍රධාන පුවත් ප්‍රකාශ වලදි පෙන්වා දෙමින්, කොරෝනා වලට ජාතිවාදී මුහුණුවරක් ආරෝපණය කරමින් සිය තූච්ඡ මාධ්‍ය භාවිතය රටට පෙන්වන හිරු නාලිකා ලොක්කන්ගේ මනදොළ පිනවීමට කජු කිරි කෙල්ලන් සෙවීමට රටම අනතුරේ දැමීමට එරෙහි විය යුතු නොවේද?

Published on: Apr 4, 2020- කොරෝනා වසංගතයට මුහුණ දිම සදහා පාර්ලිමේන්තුව වහාම කැදවිය යුතු බවට මතුවන සමාජ පණිවිඩය රාජපක්ෂලාගේ ජාතිවාදින් මේ වනවිට යටපත් කිරිමට උත්සහ දරමින් සිටි.ඒ සදහා අට අසමටත් විමල් වැනි ජාතිවාදීන් මෙන්ම නීතිය හැර අනිකුත් කුපාඩි වැඩ දන්නා ගොම්මන්පිල ඇතුලු රාජපක්ෂ හිතවාදි මඩ බලකායන් වැනි කණ්ඩායම් හරහා සමාජ ගත කිරිමටද කටයුතු කරමින් සිටි.

පාර්ලිමේන්තුව යලි කැදවිමට එරෙහිව වහල්ලුන් එක පෙලට රැස් කිරිමට රාජපක්ෂ ගෝත්‍රීක නායකයින් කටයුතු කරනුයේ වසංගතය අස්සේ ජනතා මුදල් කොල්ල කැමේ සිට අධිකරණමය බලය තමන්ට අවශ්‍ය අකාරයට භාවිතා කිරිම දක්වා වු  සියල්ල කර ගැනිමට බව ඉතා පැහැදිලිය.

නමුත් පාර්ලිමේන්තුවේ යලි කැදවිය යුත්තේ ඇයිද යන්න මේ වහලුන්ට තෙරෙන්නේ නැත.තෙරුම් ගැනිමට ඔනෑකම්ක්ද නැත.

මාස තුනක් ඉකුත් විමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විමට නොහැකි බැවින් පවතින ගැටලුකාරි තත්ත්වය විසදා ගැනිම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්විමක් ලබා ගැනිමට ජනාධිපතිවරයා කඩිනමින් යෝග්‍ය බව මැතිවරණ කොමිසම් සභාව ජනාධිපති ලේකම්වරයාට මාර්තු 2 වැනිදා දැනුම් දුන් නමුත් ජනාධිපතිවරයා මේ දක්වා එම ලිපියට සaජු ප්‍රතිචාර දක්වා නෑ.

අප්‍රියෙල් 30 වනදා දක්වා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම අනුව – රජයේ ආදායම, වියදම් සහ ණය ගැනීමේ සීමාව නියම කර ඇති අතර රාජ්‍ය මූල්‍ය ක්‍රියාත්මක විය යුතු වන්නේ එම නෛතික රාමුව තුළයි.(රාජ්‍ය මූල්‍ය කටයුතු පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල…. පහතින් බලන්න )

රජයේ මුදල් පාලන බලය පාර්ලිමේන්තුවට හිමි බව පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන්ට කියා දිමට සිදුවේ නම් එය අභාග්‍යසම්පන්න තත්ත්වයයකි.ඇත්ත ඔහුන් එය නොදැන සිටිම නොව 30 වැනිදායින් පසුව රටේ මුදල් නොමැති විමත් සමග රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණ මතින් දේශපාලන කිරිම ඔහුගේ උපාය වි ඇති නිසාය.

අනතුර දැක දැකම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විම සදහා නාමයෝජනා කැදවනු ලැබුවේ තනියම ගේමක් ගසා 2/3ක ගැනිමට තමන්ට පුලුවන් යැයි ගෝඨා වැනී ගෝත්‍රිකවාදින් කල්පනා කලනිසා වන අතර පලමු කතාවේන්ම හොට බිම ඇනගැනිම්නෙ පසුව උතුරේ සේබළුන් යුද්ධ කරද්දී දකුණට වි පොරටොක් දෙන තරම් ජනාධිපතිකම කිරිම පහසු නැති බව තෙරුම් ගත් බව නොරහසකි. ඒ නිසාම අද ගෝඨාගේ මයික්‍රපෝනය ශවේන්ද්‍රට බාර දි බකන්නිලාගෙන සිටි.

රාජපක්ෂලා සමග එක්ව බිලියන ගණනින් හොරා කෑ ඇතැම් අමන ඇමතිවරුන්  පාර්ලිමේන්තුව වසා දැමිම සදහා ජනතාව අතර මතයක් සෑදිමට උත්සහ කරනුයේ ඉතා බාල වර්ගයේ තර්ක මත පිහිටාය.මන්ත්‍රීවරුන්ගේ වැටුප,වරප්‍රසාද,විශ්‍රාමය වැනි එවන් ලාබ ප්‍රතිචාර වලට විපක්ෂයද වහාම පිලිතුරු දිය යුතුය.

වැටුප,වරප්‍රසාද,විශ්‍රාමය වැනි දෑ නොමැතිව සුළු කාලයකට ජනතාවට සේවය කිරිමට විපක්ෂයේ සිටින කිසිවෙකුත් අකමැති නොවනු ඇත.

නීත්‍යනුකූල නොමැති ගෝඨාගේ ඇඳිරි නීතිය

මෙම ඇඳිරි නීතිය දණ්ඩ නීති සංග‍්‍රහයේ 262 සහ 264 දක්වා වගන්ති යටතේ පනවා ඇති නමුත් මෙවැනි මොහොතක එම වගන්ති යටතේ ඇඳිරි නීතිය පැනවීමට නීත්‍යනුකූල අයිතියක් නොමැත. එම කාරණාව සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරිමට අපද කටයුතු නොකලේ  සාමාන්‍ය පුරවැසියන් ඇඳිරි නීතිය නොසලකමින් පාරට බැසීමේ අවදානමක් තිබු නිසා නමුත් ආණ්ඩුව එම තත්ත්වය අවභාවිත කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි වන ආකාරයට නීතිය අවභාවිත කරමින් සිටියදි ඇදිරිනීතිය නිත්‍යානුකූල නොවන බව අප ජනතාවගෙන් සැගවිම සදාචාරාත්මක නැත.

ජනාධිපතිවරයාට මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනත යටතේ හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කළ හැකි අතර ඒ යටතේ ඇඳිරි නීතිය පැනවිමේ හැකියාව ඔහුට ලැබේ. නැතහොත් මහජන ආරක්ෂාව පිළිබඳ ආඥා පනතේ 16 වැනි වගන්තිය යටතේ ගැසට් පත‍්‍රයක් ප‍්‍රකාශයට පත් කොට ඇඳිරි නීතිය පැනවීමේ හැකියාව ඇත.එවන් තත්ත්වයක් යටතේ කුමන ප‍්‍රදේශවලට ඇඳිරි නීතිය පනවනවාද, කුමන පුද්ගලයන්ට පිටට යෑමට හැකියාව ලැබෙනවාද වැනි කාරණා නීත්‍යනුකූලව සඳහන් කල යුතුය.නමුත් මේ දෙකම කිරිමට ගෝඨාභය සමත්ව නෑ.

GMOA යන්නේ මොන පාරෙද?

මේ කොරෝනා වසංගතයට මුවාවෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජපක්ෂවාදි කදවුරේ මිලිටරීකරණ යාන්ත්‍රනය මෙහෙයවිම සදහා මෙහෙයුම් දියත් කරමින් සිටින බව මේ වනවිට අනාවරණය වෙමින් තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.පසුගිය දින කිහිපය තුල GMOA සහ ජනාධිපතිවරයා,හමුදාපතිවරයා අතර පැවැති සාකච්ඡා කිහිපයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරුන් කිහිප දෙනෙකු සිය විරෝධය දැක්විම සමග මෙම අර්බුදය කරලීයට පැමින ඇති අතර ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ අනාවරණය බලාපොරොත්තු වන්න.

රාජ්‍ය මූල්‍ය කටයුතු පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල….

හැඳින්වීම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසර්ජන පනත් කෙටුම්පත ලෙස හඳුන්වන ලේඛනයට යෙදෙන වඩා ජනප්‍රිය යෙදුම ‘අයවැය’ යන්නයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික දින දර්ශනයේ, වාර්ෂික අයවැය ඉදිරිපත් කිරීම සහ ඉන් අනතුරුව එළඹෙන විවාදය, ඕනෑම වර්ෂයකදී පාර්ලිමේන්තුවේ විවාද කරනු ලබන නීති සම්පාදනයන් හා යෝජනා සියල්ලටම වඩා නොවේනම් එවැනි කාර්යයන් බහුතරයට වඩා ප්‍රමුඛත්වය ගනී. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන වෙනත් ඕනෑම පනත් කෙටුම්පතක් සේම, අයවැය ද පළමුවන, දෙවන සහ තුන්වන වර කියවනු ලැබීමෙන් අනතුරුව එම කියවීම් වාර තුනේදීම සභා සම්මත වූ පසු නීතිය බවට පත්වේ.

වෙනත් ඕනෑම කෙටුම්පතක් වෙනුවෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගයම අනුගමනය කරනු ලැබුවත් අයවැය යනු සාමාන්‍ය මුදල් කෙටුම්පතක් නොවේ. රජයේ ආර්ථික ප්‍රතිපත්තියත්, පසුගිය වසර වලදී එහි ක්‍රියාකාරිත්වයත්, රජය අනුගමනය කිරීමට යෝජනා කරන නව ක්‍රියාමාර්ගත්, රටටත්, සත්‍යව‍ශයෙන්ම ලෝකයටත්, ප්‍රකාශ කර සිටීමට මුදල් අමාත්‍යවරයා මෙම අවස්ථාව යොදා ගැනීම සම්ප්‍රදායක් වී ඇත. එම නිසා, බදු ගෙවන සියල්ලන්ටද, වානිජ ව්‍යාපාරවලටද, ආ‍යෝජකයන්ට සහ රජයේ සුබසාධන මත යැපෙන පුද්ගලයින්ටද එය වැදගත් වේ.

රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තුව සතු බලතලවල පදනම වන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‍ජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii වැනි පරිච්ඡේදයයි.

148 වැනි ව්‍යවස්ථාව

කිසියම් පොදු අධිකාරයක් හෝ පළාත් පාලන ආයතනයක් විසින් කිසියම් බද්දක් වරිපනමක් හෝ වෙනත් කිසියම් බදු විශේෂයක් පැනවීමට අදහස් කරන්නේ නම්, එය කළහැකි වන්නේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීතියක අධිකාරය යටතේ පමණක් බවද, රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු බවද මේ ව්‍යවස්ථාව සඳහන් කරයි.

149 වැනි ව්‍යවස්ථාව

නියමිත කාර්යයක් සඳහා‍ නීතියෙන් වෙන් කරනු නොලැබූවාවූද, ජනරජය සතු වූද සියලුම අරමුදල් ඒකාබද්ධ අරමුදලට බැරවේ. අයබදු, තීරුබදු, වරිපනම් හා රජයට ගෙවනු ලබන අනෙකුත් සියලුම ආදායම් හා ලැබීම් නියමිත කාර්යයක් සඳහා දැනටමත් වෙන් කරනු ලැබ නැත්නම්, ඒ සියල්ල ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුතුවේ. ඒකාබද්ධ අරමුදලෙන් අරමුදල් ලබාගන්නේ කවර කාර්යයන් සඳහාද යන්න පාර්ලිමේන්තුව තීරණය කරයි. එයට සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ රාජ්‍ය ණය සඳහා පොළී ගෙවීම්, ණය අරමුදලේ ගෙවීම් සහ ඒකාබද්ධ අරමුදලට අදාල වියදම්ය.

150 වැනි ව්‍යවස්ථාව

කිසියම් විශේෂිත රාජ්‍ය සේවයකට කිසියම් මූල්‍ය වර්ෂයක් තුළ වියදම් කිරීම සඳහා විශේෂිත මුදල් ප්‍රමාණයක් ලබා දෙමින් පාර්ලිමේන්තුව යෝජනාවක් හෝ නීතියක් සම්මත කළ විට, රජයට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගත හැකිය.

පාර්ලිමේන්තුව බලය ලබාදුන් පසු අවශ්‍ය විශේෂිත මුදල් ප්‍රමාණය ආපසු ලබා ගැනීමට හැකි වන්නේ මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අත්සන යටතේ වූ බලපත්‍රයක් නිකුත් කරනු ලැබීමෙන් පසුව පමණි.

මෙම සාමාන්‍ය ක්‍රමයට ව්‍යතිරේක දෙකක් 150 ව්‍යවස්ථාවේ (3) සහ (4) ඡේදවල දැක්වේ.

අයවැය මගින් අරමුදල් විසර්ජනය කර නොමැතිව තිබියදී, පාර්ලිමේන්තුව විසුරැවා හරින ලද තත්ත්වයකදී මෙය අදාළ වේ. එවිට, නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දින සිට මාස 03 ක කාලයක් සඳහා මහජන සේවා පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදම් සඳහා බලය ලබාදීමට ජනාධිපතිවරයාට බලය ලැබේ.

පාර්ලිමේන්තුව විසින් එම කාර්යය සඳහා මුදල් අනුමතකර නොමැතිව තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන්නේ නම්, එවිට මැතිවරණ කොමසාරිස්වරයා විමසා, රජයේ ඒකාබද්ධ අරමුදලින් මුදල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් බලය පවරනු ලැබිය හැකිය.

151 වැනි ව්‍යවස්ථාව

හදිසි සහ පුරෝකථනය කළ නොහැකි වියදම් වෙනුවෙන් අවිනිශ්චිත ගිණුමක් පවත්වා ගැනීමට පාර්ලිමේන්තුවට නීතියෙන් ඉඩකඩ ලැබේ. හදිසි අවස්ථාවට මුහුණදීම සඳහා ප්‍රමාණවත් මුදලක් දැනටමත් විසර්ජනය කර නොමැති බව මුදල් ඇමතිවරයාට හැඟීගියහොත්, එවිට ප්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන මෙම අරමුදලෙන් යම් අත්තිකාරම් මුදලක් ගෙවීමට බලය පැවරිය හැකිය. ඒ සමගම හැකි ඉක්මනින් එලෙස අත්තිකාරම් ගෙවූ මුදල ප්‍රතිපූර්ණය කිරීමෙහිලා පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත්කර ඊට අනුමැතිය ලබාගත යුතුවේ.

සංචිත

පොදු වෙන්කිරීමකින් හෝ විශේෂ වෙන්කිරීමේ අරමුදලකින් විභජනය නොකළ මුදලක් පාර්ලිමේන්තුවේ රඳවා තබාගැනීමට 1944 අංක 16 දරන මූල්‍ය සංචිත පනතින් විධිවිධාන සලස්වා තිබේ. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් එවැනි අරමුදල්, රජයේ ඒකාබද්ධ අරමුදලට මාරු කළ හැකිය.

154 “ජ” ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනය මගින් පළාත් සභා පිහිටුවනු ලැබීමෙන් පසු මූල්‍ය කොමිසමේ නිර්දේශ අනුව යමින් එකිනෙක පළාත්වලට පාර්ලිමේන්තුව සිය වාර්ෂික අය-වැයෙන් මුදල් වෙන්කරන ලදී. මහ බැංකුවේ අධිපති, ප්‍රධාන ජන කොට්ඨාස තුනේ නියෝජිතයින් මෙන්ම මූල්‍ය, පරිපාලන, ව්‍යාපාර හෝ අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ වෘත්තීය නිපුණතා ඇති තිදෙනෙකුගෙන් මෙම කොමිසම සමන්විත වියයුතු බව 154 “ජ” වගන්තියේ පැහැදිලිව දක්වා ඇත.

පළාත් පරිපාලනයේ සහ මහා භාණ්ඩාගාරයේ ප්‍රමුඛ නිලධාරින් සමග එක්ව මූල්‍ය කොමිසම පළාත්වල අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා කරයි. එහි නිර්දේශ වලට පදනම සකසන මාර්ගෝපදේශ මූලධර්ම එමගින් සකසනු ලබන අතර, ජනගහනය, ඒක පුද්ගල ආදායම, විෂමතා පිටුදැකීම සහ ඒක පුද්ගල ආදායමේ අඩුවීම යනාදී කරුණුද එහිදී විශේෂයෙන් අවධානයට යොමුකළ යුතු යැයි 154 “ජ” (5) ව්‍යවස්ථාවේ සඳහන් වේ.

කොමිසමේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදරිපත් කරනු ලබන අතර ජනාධිපතිවරයා ඒවා පාර්ලිමේන්තුවට දැනුම් දේ. මෙකී නිර්දේශ සැලකිල්ලට ගන්නා රජය “කොමිසම සමඟ සාකච්ඡා කර බලා, පළාත් වල අවශ්‍යතා ඉටුකිරීමට ප්‍රමාණවත් වන පරිදි වාර්ෂික අය-වැයෙන් එම මුදල් විසර්ජනය කරයි”.

විසර්ජන පනත් කෙටුම්පත

අය-වැය සැකසීමේ මූලික පියවර පහත දැක්වෙන පරිදි සාරාංශ ගතකළ හැකිය:

පවත්නා වර්ෂයේ මුල් කාර්තුවේදී මුදල් අමාත්‍යාංශය අයවැය චක්‍රලේඛය නිකුත් කරයි. තමා යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තු හා ආයතනවල සහාය ඇතිව අමාත්‍යාංශ ආදායම් හා වියදම් ඇස්තමේන්තු සකස් කරයි.

මුදල් කොමිෂන් සභාව සිය ව්‍යවස්ථානුකූල බලය ප්‍රකාර පළාත් සභාවන්ට ප්‍රතිපාදන නිර්දේශ කොට ඒවා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරයි. මේවා භාණ්ඩාගාරය විසින් සැලකිල්ලට භාජනය කරනු ලැබේ.

රජයේ ප්‍රතිපත්ති හා ප්‍රමුඛතාවන්ට අනුකූල වන පරිදි ඇස්තමේන්තු සකස් කිරීම පිණිස මුදල් අමාත්‍යාංශය, අනෙකුත් අමාත්‍යාංශ සමග සාකච්ඡා පවත්වයි. ඉන්පසු ඒවා අමාත්‍ය මණ්ඩලයේ අධ්‍යයනය හා අනුමැතිය සඳහා යොමු කරනු ලැබේ. අවසන් ඇස්තමේන්තුව රජයේ අයවැයේ අතිරික්තය හෝ හිඟය පෙන්නුම් කරයි. පසුගිය දශක කිහිපය මුළුල්ලේම සෑම රජයක්ම ඉදිරිපත් කර ඇත්තේ හිඟ අය‍වැය ය. මෙම ඇස්තමේන්තු විසර්ජන පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුවට ඉදරිපත්කරනු ලබන අතර, මෙය ඇත්ත වශයෙන්ම මුදල් අමාත්‍යවරයා සිදුකරන අය වැය පළමු වර කියැවීම වේ.

සාමාන්‍ය ක්‍රමය වනුයේ මුදල් අමාත්‍යවරයා පවත්නා වර්ෂයේ ‍ඔක්තෝබර් මුලදී විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු‍වට ඉදිරිපත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් ඉක්බිතිව ඊළඟ වර්ෂයේ ජනවාර් 01 වනදා සිට එය ක්‍රියාත්මක වීමයි. මෙම ක්‍රමයෙන් බැහැරවන අවස්ථා ලෙස දැක්විය හැක්කේ මහා මැතිවරණයක් කැඳවා නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කොට නොගත් අවස්ථාවක් හෝ නව රජයක් දිවුරුම් දුන් වහාම, එයට නියමාකාරයේ අයවැයක් ඉදිරිපත් කිරීමට කාලය නොමැති අවස්ථාවක්ය.

පාර්ලිමේන්තුව එවැනි අවස්ථාවකට මුහුණදීමේදී අතුරු සම්මත ගිණුමක් සම්මත කරවා ගැනීමට යොමුවෙයි. මෙම ක්‍රියා පටිපාටිය පාර්ලිමේන්තු සම්ප්‍රදායක් වන අතර ඒ පිළිබඳ ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර ‍නියෝගයන්හි සඳහන් නොවේ. පාර්ලිමේන්තුව දැනටමත් කෙරෙමින් පවතින ව්‍යාපෘති හැර, නව ව්‍යාපෘති සඳහා‍ අරමුදල් සම්මත නොකරයි. දෙපාර්තමේන්තු හෝ පොදු ආයතන සඳහා අරමුදල් වෙන් කෙරෙනුයේ ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රමාණයට පමණි.

ඕනෑම වර්ෂයක් සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතක ආරම්භක ඡේදයේදී, පනතේ ප්‍රධාන අරමුණ පහත දැක්වෙන අයුරින් ප්‍රකාශ කරනු ලැබේ:

“මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහාද, ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද, එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද, ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ පනතකි.”

එළඹෙන මුදල් වර්ෂයට අදාළව සිය වැඩ සටහන් සඳහා ආදායම් උපයාගැනීමේ රජයේ යෝජනා විස්තරාත්මකව ඉදිරිපත් කරන අයවැය කථාවෙන් විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම ආරම්භ වේ.

විසර්ජන පනත් කෙටුම්පතට විශේෂිත තත්ත්වයක් තිබුණ ද පාර්ලිමේන්තුවේ වෙනත් ඕනෑම සාමාන්‍ය පනත් කෙටුම්පතක් සඳහා අනුගමනය කරන ක්‍රියා පිළිවෙලම ඒ සඳහා ද අනුගමනය කරනු ලැබේ. එබැවින්, පළමුවර කියවීමෙන් පසුව පුරවැසියෙකුට 121 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එම ප්‍රතිපාදනවල ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළ හැකිය.

ස්ථාවර නියෝග මගින් සම්පූර්ණ අයවැය ක්‍රියාවලිය සඳහා දින 26 කට නොවැඩි කාලයක් නියම කර ඇති අතර එයින් දින 7 කට නො‍වැඩි කාලයක් දෙවන වර කියවීම සඳහා ද දින 22 කට නොවැඩි කාලයක් තුන්වන වර කියවීම හෝ කාරක සභා අවස්ථාව සඳහා ද වෙන් කර තිබේ.

අයවැය දිනය වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන, එසේ නැත්නම් විසර්ජන පනත්‍ කෙටුම්පත දෙවන වර කියවන දිනයේදී සමාජයේ සියලුම අංශ අයවැය යෝජනා ප්‍රකාශයට පත් කරන තෙක් බලා සිටිති. මුදල් අමාත්‍යවරයා, රිබන් පටියකින් ගැටගැසූ තම බ්‍රීෆ් කේසය සභා ගර්භයට රැගෙන එයි. අයවැය යෝජනාවල රහස්‍ය බව එමගින් සංකේතවත් වේ. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙම යෝජනාවන්හි ඇති කරුණු අන් අයට දැනගැනීමට ලැබුණහොත් අමාත්‍යවරයා ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය වේ.

අයවැය කථාවේ පළමු කොටසේදී ඔහු රටේ මූල්‍ය තත්ත්වය හා ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරයි. දෙවන කොටසෙහි අඩංගු වන්නේ ආදායම් සහ වියදම් යෝජනා, බදු අයකරන ආකාරය පිළිබඳ විස්තර හා වියදමෙහි ප්‍රමාණය, පොළී අනුපාත, ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින සහනාධාර හා සහන ආදිය වේ. රජයේ පිස්කල් හා මූල්‍ය ප්‍රතිපත්තිය, විදේශ ආධාර හා විදේශ ආයෝජන, රැකියා නියුක්තිය හා සමාජ ශුභ සාධනය පිළිබඳ තත්ත්වය එමගින් පොදුවේ සඳහන් කරනු ලැබේ.

අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරනු ලබන්නේ වසර කිහිපයක් තිස්සේ අනුගමනය කරනු ලබන ආකෘතියක් අනුවයි. පළවැනි හා දෙවැනි වශයෙන් එහි කොටස් දෙකකි. පළමුවන කොටසේ අඩංගු වන්නේ විවිධ අමාත්‍යාංශ හා ඒ යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තුවල පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් ප්‍රකාශයන්ය. ඒවා වැය ශීර්ෂ යට‍තේ සංවිධානය කර ඇති අතර වැඩසටහන් හා ව්‍යාපෘති වශයෙන් තව දුරටත් වෙන් කොට ඇත.

දෙවන කොටසෙහි සඳහන් වන්නේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවල අත්තිකාරම් ගිණුම් ක්‍රියාකාරකම් වන අතර ලැබීමේ අවම සීමාව හා වියදම් කිරීමේ උපරිම සීමාව එහිදී විශේෂිතව සඳහන් වේ. මෙම සීමාවන් සඳහා වූ ඕනෑම වෙනස්කමක් කළ යුතු වන්නේ මුදල් අමාත්‍යවරයා මෙම සීමාවන් සඳහා සංශෝධිත ඇස්තමේන්තු ඉදිරිපත් කළ පසු පාර්ලිමේන්තුව විසිනි.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු විවාදය සඳහා උපරිම වශයෙන් දින 7 ක් වෙන් වේ. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ විට ආණ්ඩුවට හා විපක්ෂයට කථා කිරීම සඳහා වේලාව වෙන් කර දෙනු ලැබේ. අදාළ ප්‍රධාන සංවිධායකවරු කොටස්කාර පාර්ශ්වයන්ට හා මෙම විවාදයට සම්බන්ධ වීමට කැමති ඔවුන්ගේ සාමාජිකයන්ට කාලය වෙන් කර දෙති. වෙන්කරන ලද දින 7 ක කාලය අවසානයේදී විසර්ජන පනත් කෙටුම්පත ඡන්දය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. ‍ පාර්ලිමේන්තුව පනත් කෙටුම්පත සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එය පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට යොමු කරනු ලැබේ. මෙය විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාව හෝ තෙවන වර කියවීම ලෙස හඳුන්වනු ලැබේ.

තම අමාත්‍යාංශ යටතේ ඇති ඒ ඒ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාකාරකම් හි ප්‍රගති වාර්තා සියලුම මන්ත්‍රීවරුන් අතර බෙදාහැරීම සියලුම අමාත්‍යාංශවල සාමාන්‍ය සිරිත වේ.

අයවැය / විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ විවාදය උපරිම වශයෙන් දින 22 ක් වන කාලයක් පුරා පැවැත්වේ. ස්ථාවර නියෝග 75(5) මෙසේ පනවයි: “මෙම නියෝගයෙහි (1) වන ඡේදයෙහි සලසා ඇති අන්දමට හැර විසි දෙකකට වැඩි නොවන දින ගණනක් විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවධිය පැවැත්වීමට වෙන් කරනු ලැබිය යුතු වන අතර එම දිනවලින් අන්තිම දිනයෙහි අ.භා 06.00 ට, පනත් කෙටුම්පත ඊට පෙර වාර්තා නොකරන ලද්දේ නම්, එවිට සාකච්ඡා වෙමින් පැවති කවර සං‍ශෝධනයක් හෝ පිළිබඳ ප්‍රශ්නයද, ඊට පසු එම ශීර්ෂය යටතේ ඇති ආණ්ඩුවේ සංශෝධන පිළිවෙලින් ගෙන ඒ පිළිබඳ ප්‍රශ්නද ඉන් පසු එම ශීර්ෂය පිළිබඳ වැඩ කටයුතු අවසන් කිරීමට අවශ්‍ය ප්‍රශ්නයද සභාපතිතුමා විසින් විමසනු ලැබිය යුතු අතර ඉන් අනතුරුව එක් එක් අමාත්‍යාංශයේ ශීර්ෂය සම්බන්ධයෙන් වන ප්‍රශ්නයද විමසිය යුතුය.”

එක් එක් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සඳහා සභාව විසින් වෙන් කරනු ලැබිය යුතු කාලය කොපමණද යන්න විපක්ෂය තීරණය කරයි. ඉන් පසුව විපක්ෂයට කථා කිරීම සඳහා වැඩි කාලයක් ද සහිතව රජය සහ විපක්ෂය අතර කාලය වෙන් කර දෙනු ලැබේ.

එක් එක් ශීර්ෂය පිළිබඳ සාකච්ඡාව අවසානයේදී, සභාවේ අනුමැතිය සඳහා ප්‍රශ්නය ඉදිරිපත් කරනු ලැබේ. විපක්ෂය එක් එක් ශීර්ෂය පිළිබඳව බෙදීමක් ඉල්ලා ‍නොසිටින හා සියලු ශීර්ෂ පිළිබඳ විවාදය අවසානයේදී පමණක් ඡන්දය විමසනු ලබන සම්ප්‍රදායක් ඇති වී තිබේ.

බොහෝ විට, මන්ත්‍රීවරුන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන කාල සීමාව තුළදී කථා කිරීම සඳහා මන්ත්‍රීවරුන් වැඩි සංඛ්‍යාවක් සූදානම්ව සිටින අවස්ථා එළඹේ. එම නිසා එක් එක් පක්ෂයට යම් නියමිත කාල වේලාවක් බැගින් වෙන් කර දෙනු ලැබේ. විවාදය මෙම අවධියේදී ‍මන්ත්‍රීවරයකුට එක් වතාවකට වැඩියෙන් කථා කිරීම සඳහා ස්ථාවර නියෝගවලින් අවසර ලැබේ.

පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකදී සියලුම අමාත්‍යාංශ වැය ශීර්ෂ සම්මත කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුව යළි රැස්වේ. මෙම අවස්ථාවෙහිදී, සංශෝධන සහිතව හෝ රහිතව අදාළ වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව විසින් සම්මත කරනු ලැබී යයි කථානායකවරයා නිවේදනය කරයි.

ජනවාරි 01 වන දිනෙන් ආරම්භ වන ඊලඟ ලිත් වර්ෂය තුළ පොදු සේවාවන් සඳහා ප්‍රතිපාදනය කරන ලද මුදල් වැය කිරීමට මෙමගින් රජයට බලය ලැබේ.

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්‍‍ෂේප කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) ව්‍යවස්ථාව ප්‍රකාර අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.

Published on: Apr 3, 2020 –කොරෝනා වසංගතය අස්සේ සිය ජාතිවාදී කුමන්ත්‍රණය දියත් කරමින් සිටින රාජපක්ෂ කදවුර එය මේ වනවිට මාධ්‍ය ආයතන තුලටද රැගෙන ගොස් තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව ස්වාධීන රූපවාහිනි ආයතනයේ (ITN) හී ප්‍රවෘත්ති අංශයේ සේවය කරන මුස්ලිම් ජාතික මාධ්‍යවේදීන්ට ආයතනයට පැමිණීම තහනම් කිරිමට ප්‍රවෘත්ති නියෝජ්‍ය සමාන්‍යධිකාරි රාජපක්ෂලාගේ අම්බ ජාතිවාදියෙකු වන සුදර්මන් රදළියගොඩ කටයුතු කර තිබේ.

ඊයේ (02) සිය කාර්යාලයට මුස්ලිම් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු කැදවා ඇති සුදර්මන් මුලිම් ජාතිකයන් හරහා කොරෝනා ව්‍යාප්ත විම සිඝ්‍ර ලෙස සිදුවන බැවින් වහාම මුස්ලිම් ජාතිකයන් සදහා නිවාධු ලබාදිමට කටයුතු කර තිබේන බව දැනුම් දි තිබේ.වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව ගිය පසුව යලි සේවයට කැදවිමට කටයුතු කරන බවයි ඔහු එහිදි දැනුම් දි ඇත්තේ.

වසන්තම් නාලිකා පවත්වාගෙන යැමට නොහැකිනම් එවා වසාදැමිමට කටයුතු කරන බවයි එහිදි සුදර්මන් පවසා ඇත්තේ.

ස්වාධීන රූපවාහිනියේ වසන්තම් TV සහ වසන්තම් FM හී සේවය කරන මාධ්‍යවේදීන්ගෙන් වැඩිම පිරිසක් මුස්ලිම් දමිළ අය වේ.

මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ ITN සුරැකිමේ නැමති වෘත්තීය සමතිය නියෝජනය කරමින් නායකත්වය දුන් කිහිප දෙනෙකුගෙන් අප දේශපාලන වාර්තාකරු කල විමසිමේදි පිළිතුරු දිම ප්‍රතිකේෂ්ප කර ඇති අතර පහුගිය කාලේ කල අරගලවලට මුස්ලිම් කණ්ඩායම් සහය නොදැක්විම හේතුවෙන් ඔහුන් වෙනුවෙන් පෙනී සිටිමට නොහැකි බවද සදහන් කර තිබේ.

මාධ්‍ය නාලිකා වල සේවකයින් ලෙස හෝ සම්පත්දායකයින් ලෙස පමණක් නොව කිසිම තැනැත්තේකුට ජාතිය,ආගම,භාෂාව,කුලය,ලිංගිකත්වය හෝ දේශපාලන වැනි මතයන් මත පදනම්ව හෝ උපන් ස්ථානය මත පදනම්ව වෙනස් කමකට භාජනය කිරිමට හැකියාවක් නොමැති අතර වෙනස් කොට තැකිම පමණක් නොව ඒ සදහා පෙළඹවීම පවා ඇප ලබාගත නොහැකි වරදක් වුවද රාජපක්ෂලාගේ ජාතිවාදී කදවුරු වලට නීතිය අදාළ නොවන බැවින් යුක්තිය බලාපොරොත්තු විය හැකිද?

Published on: Apr 1, 2020- COVID-19 හෙවත් කොරෝනා වයිරසය ස්වාභාවිකවම විකෘතියක් තුළින් මතුවී නැති බවත් එය එක්සත් ජනපදයේ ජෛව රසායනාගාරයක නිපදවා ඇති බව කාබනික රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වන පාකිස්තාන විද්‍යාඥයෙකු වන මහාචාර්ය ආචාර්ය අට්ටා-උර්-රහ්මාන්. (Professor Dr. Atta-ur-Rahman, who has a Ph.D and Sc.D ) අනාවරණය කරනවා.පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විද්‍යා හා තාක්ෂණ පිළිබඳ ජාතික කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වනනේද රහ්මාන් මහතායි.

කේම්බ්‍රිජ් හි කිංග්ස් කොලේජ් හි කාබනික රසායන විද්‍යාව පිළිබඳ ඉරිදා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යා මේ බව කියා සිටියේ ජිවිත 35,000 ක් පමණ මිය ගොස් ලොව පුරා 737,000 කට වඩා ආසාදනය වී ඇති අවස්ථාවකයි.

එක්සත් ජනපදය රසායනාගාරයක ජෛව ආයුධයක් මත වැඩ කළ බවට සාක්ෂි තිබේන බවත් කාන්දුවීමක් හේතුවෙන් රසායනාගාරය වසා දැමු බවත් එය මිලිටරි රසායනාගාරයක් බවද ඔහු අනාවරණය කළා.පවතින වෛරසයක් කෘතිමව වෙනස් කර ජෛව අවියක් බවට වර්ධනය කර ගත හැකි බව තෙරුම් ගත් ඇමරිකාව එය අවියක් ලෙස භාවිතා කර ඇති බවයි මහාචාර්යා පෙන්වා දුන්නේ.

“COVID-19 වෛරසය චීනයේ වුහාන් සිට ආරම්භ නොවූ බවට සාක්ෂි ඇති නමුත් එය එක්සත් රාජධානියේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාගාරයක් ඇතුළුව බටහිර රටවල ඇතැම් රසායනාගාරවල සංවර්ධනය කරන ලද විද්‍යාගාර ජෛව ආයුධ වැඩසටහනට සම්බන්ධ එකක් බවද තහවුරු වි තිබේනවා.”

පාකිස්තානයේ එක්සත් ජාතීන්ගේ හිටපු තානාපති අබ්දුල්ලා හුසේන් හරූන් (Abdullah Hussain Haroon) උපුටා දක්වමින් විද්‍යාඥයා කියා සිටියේ චීනය පරාජය කිරීම සඳහා මේ සියල්ල සිදු කළ බවත් මෙය සම්පූර්ණ කුමන්ත්‍රණයක් බවත්.

මෙය වැඩි කලක් වසන් කළ නොහැකි බවත්, එහි පිටුපස සිටින පුද්ගලයින් නිරාවරණය වනු ඇති බවයි ඔහු අවධාරණය කළේ.

මාර්තු මුල් සතියේ CIA හිටපු ඇමරිකානු ත්‍රස්ත මර්දන විශේෂඥයෙකු මෙන්ම හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන XXXX සදහන් කලේ පවසා ඇත්තේ COVID-19 රසායනාගාරයක නිපදවා ඇති අතර එය ජීව විද්‍යාත්මක යුධ නියෝජිතයෙකු ලෙස භාවිතා කල බවයි.

කොරෝනා වසංගතය පැතිර ගිය දා සිට, එහි මූලාරම්භය අන්තර්ජාලය තුළ පුළුල් ලෙස සාකච්ඡා වී ඇති අතර, එක්සත් ජනපද මාධ්‍ය අවධාරනය කළේ මධ්‍යම චීනයේ වුහාන් නගරයේ මුහුදු ආහාර වෙළඳපොලකින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වෛරසය ආරම්භ වූ බවයි.

නමුත් මේ වනවිට ඇමරිකානු සෞඛ්‍ය විශේෂඥයින් පවා මේ වනවිට තහවුරු කර ඇත්තේ කොරොන වයිරසය මුහුදු ආහාර වෙළඳපොලෙන් බිහි නොවූ බවයි.

“එක්සත් ජනපද ජෝන් හොප්කින්ස් (John Hopkins) පර්යේෂණයට අනුව මෙම  කොරොන වයිරස් මළ වෛරසයකි. එය ජීවමාන දෙයක් නොවේ. එය වෙනත් වෛරස් මෙන් ස්වාභාවික වෛරසයක් නොවීය. එබැවින් එය ජෛව විද්‍යාගාරයේ සකස් කර ඇති බව පෙනේ.”

වුහාන් විනාශ කල ඇමරිකානු Soya Sauce Soldiers මෙහෙයුම

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපද හමුදාව 300 ක් සහභාගී වූ ජාත්‍යන්තර යුද ක්‍රීඩා සඳහා සහභාගී වූ විට එක්සත් ජනපද හමුදාව විසින් කොරොන වයිරසය චීන නගරයක් වන වුහාන් වෙත ගෙන ඒමට ඉඩ කටයුතු කර තිබේන බව මේ වනවිට චීන මෙන්ම ජාත්‍යන්තර ඔත්තු සේවා රැසක් තහවුරු කිරිමට සමත්ව තිබේ.

2019 ඔක්තෝබර් 18 සිට ඔක්තෝබර් 27 දක්වා ලෝක මිලිටරි ක්‍රීඩා උළෙල වුහාන් හි පැවති අතර එක්සත් ජනපදය එයට සහභාගී වීමට සෝයා සෝස් සොල්දාදුවන් ( Soya Sauce Soldiers) 369 ක් යවා තිබේ.

තරගාවලිය පුරාම චිනය රන් පදක්කම් 133 සමග සමස්ත පදක්කම් 239කට වගකියන විට ඇමරිකාව එකදු රන් පදක්කමක් හෝ නොලබන අතර සමස්ථ පදක්කම් ගණන 8කට පමණක් සිමාවිය.එය අනුව තරගවලියේ ඇමරිකාව 35 වන් ස්ථානයේ රැදෙන අතර ශ්‍රි ලංකාව 42 දෙවන ස්ථානය හිමිකරගෙන තිබේ. ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නොසැලකිලිමත් ආකල්පය හා අසමාන ලෙස පෙන්නුම් කරන්නේ ඔවුන් වෙනත් අරමුණු සඳහා ගොස් ඇති බවත් ය.

මෙම කණ්ඩායමේ අනතුරුදායක තත්ත්වය තෙරුම් ගන්නා විට සියල්ල සිදුව අවසන් බව වැටහෙන අතර ඔහුන් දුර්වල ලෙස ක්‍රිඩා කලද දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායම් වශයෙන් එකතු වී වුහාන්හි වීදිවල සෙල්ලම් කරමින් චීන ජාතිකයන් සමග සමීපව කටයුතු කරන අයුරු බොහෝ දෙන දැක තිබේ.

ලෝකයේ විශාලතම මිලිටරිය දස ගුණයකින් පැවතුනද එක්සත් ජනපදය ඉරානය, ෆින්ලන්තය සහ ස්ලොවේනියාව වැනි රටවලට වඩා 35 වන ස්ථානයට පත්විය. එක්සත් ජනපද කණ්ඩායමේ කිසිදු වීඩියෝවක් හෝ ඡායාරූපයක් නොමැත, කිසිදු වාර්තාවක් හෝ ඉතුරු නොවිම පුදුමය දනවන ලද්දකි.එක්සත් ජනපද කණ්ඩායම කොතරම් නරක ලෙස ක්‍රිඩා කලේද යනන් තහවුරු වන්නෙ එම කණ්ඩායම “සෝයා සෝස් සොල්දාදුවන්” ලෙස චීන ජාතිකයන් විසින්ම හැදින්විමට පටන් ගැනිමත් සමගය.

ක්‍රිඩා කිරිම වෙනුවට වුහාන් මුහුදු ආහාර තොග වෙළඳපොළ අසල නැවතී සිටිමට ඔහු දැඩි කැමත්තක් දක්වා ඇති අතර එක්සත් ජනපද කණ්ඩායම 2019 ඔක්තෝබර් 28 වන දින සිය නිවෙස් බලා ගිය අතර සති 2 ක් ඇතුළත COVID 19 හි පළමු මානව සම්බන්ධතා අවස්ථා වුහාන් හි දක්නට ලැබුණි.

ලෝක මිලිටරි ක්‍රීඩා උළෙල ආරම්භ වු අවස්ථාව 

Be transparent! Make public your data! US owe us an explanation!

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ දැන් කෝවිඩ් -19 වසංගතය චීනයේ වුහාන් හි 2019 දෙසැම්බර් 31 වන දින කිරීටක වෛරස් රෝගයක් ලෙස ප්‍රථම වරට වාර්තා වූ බවයි. නමුත් ඇත්ත එය නොවේ….

එක්සත් ජනපද හමුදාව විසින් කොරොන වයිරස් රෝගය (COVID-19) චීනයේ වුහාන් වෙත ගෙන එනු ඇති අතර එය වෛරසය රට තුළ ප්‍රථම වරට අනාවරණය වූ බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් (Zhao Lijian) අනාවරණය කල අතර

“එක්සත් ජනපදයේ රෝගියාගේ බිංදුව ආරම්භ වූයේ කවදාද? කීදෙනෙක් ආසාදනය වී ඇත්ද? රෝහල්වල නම් මොනවාද? වසංගතය වුහාන් වෙත ගෙන ආවේ එක්සත් ජනපද හමුදාව විය හැකිය. විනිවිද පෙනෙන වන්න! ඔබේ දත්ත ප්‍රසිද්ධ කරන්න! එක්සත් ජනපදය අපට පැහැදිලි කිරීමක් ලබා දිය යුතුයි! ” ෂාඕ ට්වීට් කළේය.

2/2 CDC was caught on the spot. When did patient zero begin in US? How many people are infected? What are the names of the hospitals? It might be US army who brought the epidemic to Wuhan. Be transparent! Make public your data! US owe us an explanation! pic.twitter.com/vYNZRFPWo3

— Lijian Zhao 赵立坚 (@zlj517) March 12, 2020

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලිජියන් ෂාවෝ, එක්සත් ජනපද බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් -19 හි මූලාරම්භය පිළිබඳව ඔවුන් සැඟවී සිටින්නේ කුමක් ද යන්න හෙළි කරන ලෙසට ය.

2/2 CDC was caught on the spot. When did patient zero begin in US? How many people are infected? What are the names of the hospitals? It might be US army who brought the epidemic to Wuhan. Be transparent! Make public your data! US owe us an explanation!

2/2 සීඩීසී එම ස්ථානයේදීම අල්ලා ගන්නා ලදී. එක්සත් ජනපදයේ රෝගියාගේ බිංදුව ආරම්භ වූයේ කවදාද? කීදෙනෙක් ආසාදනය වී ඇත්ද? රෝහල්වල නම් මොනවාද? වසංගතය වුහාන් වෙත ගෙන ආවේ එක්සත් ජනපද හමුදාව විය හැකිය. විනිවිද පෙනෙන වන්න! ඔබේ දත්ත ප්‍රසිද්ධ කරන්න! එක්සත් ජනපදය අපට පැහැදිලි කිරීමක් ලබා දිය යුතුය!

“වසංගතය වුහාන් වෙත ගෙන ආවේ එක්සත් ජනපද හමුදාව විය හැකිය,” ෂාවෝ යෝජනා කළේ සීඩීසී සහ පොදුවේ එක්සත් ජනපදය “විනිවිදභාවයෙන්” කටයුතු කරන ලෙසත් “රෝගියාගේ ශුන්‍යය” මුලින්ම හඳුනාගත් ස්ථානය සහ කවදාද යන්න පිළිබඳව තමන් දන්නා දේ බෙදා ගන්නා ලෙසත් ය.

ඒ අනුව වොෂිංටන් ප්‍රාන්තයේ මිලිටරි ජෛව යුධ මධ්‍යස්ථානයක වර්ධනය කල COVID 19 වෛරසය එක්සත් ජනපද කණ්ඩායම විසින් චීනයට ගෙන ගොස් තිබේන බව මේ වනවිට ලැබි තිබේන තොරතුරු මත සැකයකින් ඔබ්බට ඔප්පු කල හැකි බවයි ඔත්තු සේවාවල අදහස වි ඇත්තේ.

එක්සත් ජනපදයේ කොරෝනා රෝගින් ගැන ඇමරිකානු ජනපති ට්‍රම්ප් කියන කතා ඇත්තද? කතාව ඉවර නැත.පහත විඩියෝව බලන්න

BUSTED! CBS Caught Using Italy Footage to Make New York Conditions Look Worse

Loading…


Published on: Apr 1, 2020 – පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව යලි රැස්කිරිම හැර ගත හැකි වෙනත් මගක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ වියතුන් විසින් උපදෙස් ලබාදි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

පවතින වසංගත තත්ත්වය පාලනය කර ගත්තද වසරකට එහා කාලසිමාවක් යනතුරු මැතිවරණයක් නොපැවත්විම යහපත් බවත් ඒ සදහා පවතින ව්‍යවස්ථාවේ අවස්ථාවක් නොමැති නිසා අලුත් තින්දුවක් ගැනිමට ගෝඨාභය රාජපක්ෂට අවස්ථාවක් ලැබි ඇති බවද ඔහුන් පෙන්වා දි තිබේ.ඒ අනුව ඊට අදාළ පවතින ව්‍යවස්ථාවට නව සංශෝධනයයක් ගෙන එමට සිදුවන බවද එහිදි සාකච්ඡා වි තිබේ.

තත්ත්වය පාලනය කලද ජනතාව හමුවට ගොස් ඡන්දය ඉදිරිපත් කලහොත් ජනතාව ඡන්දය ප්‍රකාශ කිරිමෙන් ඉවත් විමේ අවදානමක් ඇති බවත් එය විපක්ෂයට බරපතල ලෙස වාසිදායක වනු ඇති බවද ඔහුන් පෙන්වා දි තිබේ.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු කණ්ඩායම මේ සම්බන්ධයෙන් දරණ ස්ථාවරය සම්බන්ධයෙන් සාකච්ඡාකලයුතු බවටද එහිදි අදහස් පලවි තිබේ.

මේ අතර කොරෝනා වසංගතය හමුවේ රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා රනිල්ගේ ඉල්ලිම මත මන්ත්‍රීවරුන් පිරිසක් අද (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

මෙම සාකච්ඡාව අද (01) දහවල් 12.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරිමට නියමිතව තිබේන අතර අර්ජුන රණතුංග, රවී කරුණානායක, රුවන් විජයවර්ධන, දයා ගමගේ, නවීන් දිසානායක සහ පාලිත රංගේබණ්ඩාර එම අවස්ථාවට එක්විමට නියමිත බවද වාර්තා වේ.

Loading…


Top