Published on: Mar 30, 2020- බදු කප්පාදු ආදායම් බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක ඇස්තමේන්තු රජය විසින් තවමත් රාජ්‍ය මූල්‍ය කාරක සභාවට ලබා දී නොමැති අතර  පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව- 2020 මගින් රජයේ  ආර්ථිකය පිළිබඳ වාර්තාව සාවද්‍ය ඇස්තමේන්තු වලින් පිරී තිබෙන අතර එය රට අර්බුදයකට යන මාවතකට යොමු කරමින් තිබේන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. රටේ ආර්ථික අර්බුදය සම්බන්ධ නිවේදනයක් නිකුත් කරමින් හිටපු අමාත්‍යවරයා මේ බව සදහන් කරනවා…

පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව- 2020 පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශවලින් අනතුරුව භාණ්ඩාගාර ලේකම් විසින් පසුගිය සඳුදා පූර්ව මැතිවරණ තත්ත්ව වාර්තාව- 2020  ප්‍රකාශයට පත් කරන ලදී.මැතිවරණයට පෙර මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීම 2003 මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ  නෛතික අවශ්‍යතාවයකි.

වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සාදරයෙන් පිළිගන්නා අතරම, අපගේ ආර්ථිකයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ සුඛවිහරණය ට අදාළව මෙම වාර්තාවේ සඳහන් කනස්සල්ලට පත් විය යුතු කරුණු  කෙරෙහි රජය සහ මහජනතාවගේ අවධානය යොමු කිරීම අපගේ යුතුකමයි.

ව්‍යවස්ථා විරෝධී අතුරු සම්මත ගිණුම

“රාජ්‍ය මූල්‍යය පිළිබඳ පූර්ණ පාලනය ඇත්තේ පාර්ලිමේන්තුවට” මෙය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල්‍ය පිළිබඳ පරිච්ඡේදයේ ආරම්භක වැකියයි.අපේ‍්‍රල් 30 වනදා දක්වා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම අනුව – රජයේ ආදායම, වියදම් සහ ණය ගැනීමේ සීමාව නියම කර ඇති අතර  – රාජ්‍ය මූල්‍ය කි‍්‍රයාත්මක විය යුතු වන්නේ එම නෛතික රාමුව තුළයි.

කෙසේ වෙතත්, පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව  වාර්තාව තුළ මාර්තු, අප්‍රේල් සහ මැයි කාලය සඳහා ජනාධිපතිවරයා විසින් බලය පවරන ලද ඊනියා ‘අතුරු සම්මත ගිණුමක්’ ගැන සඳහන් වේ.මෙය පාර්ලිමේන්තුවේ සම්මතයකින් තොරවූ අතුරු සම්මත  ගිණුමක  පරස්පරතාවයක් මතු කරයි.ජනාධිපතිවරයාට අතුරු සම්මත ගිණුම ක් සඳහා බලය පැවරිය නොහැක. අතුරු සම්මත ගිණුමක් අනුමත කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණි. ජනාධිපති ගේ මෙම ක්‍රියාමාර්ගය බැලූ බැල්මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අතර පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අතුරු සම්මත ගිනුම බලෙන් පැහැර ගැනීමක් වේ.

ඊටත් වඩා කනස්සල්ලට කරුණ නම් මෙය අධීක්ෂණ ක්‍රියාවළියක් ලෙස නොපෙනේ.මෙම අවිධිමත් පියවර සඳහා අධිකාරී බලය පැවරීමක්  ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තිය  සඳහන් කරයි. මෙය අපැහැදිලි ය. 150 (3) වගන්තිය පහත පරිදි කියවේ.(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වන වගන්තිය පහතින් දක්වා ඇත.)

මූල්‍ය වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත සම්මත වීමට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින විට, පාර්ලිමේන්තුව දැනටමත් ප්‍රතිපාදන සපයා නොමැති නම්,නව පාර්ලිමේන්තුව රැස්වීමට කැඳවූ දින සිට මාස තුනක කාලයක් ඉකුත්වන තෙක් රාජ්‍ය සේවයට අවශ්‍ය යැයි ඔහු සිතිය හැකි පරිදි ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමට සහ එම මුදල් වියදම් කිරීමට අවසර දෙන්න ඔහුට හැකිය. ”

 ඉහත පැහැදිලිව පෙනෙන පරිදි, මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒකාබද්ධ අරමුදලෙන් ලබා ගැනීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව පිළිබඳ වැදගත් සීමාවන් දෙකක් දක්වයි.

පළමුවෙන්ම, එහි සඳහන් වන්නේ, “පාර්ලිමේන්තුව විසින් දැනටමත් ප්‍රතිපාදන සලසා නොතිබුණේ නම්” ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් ලබා ගත හැකි බවයි.අප්රේල් 30 න් අවසන් වන අතුරු සම්මත ගිණුම හරහා  පාර්ලිමේන්තුව විසින් එවැනි විධිවිධාන සලසා ඇත.එබැවින් එතෙක් ඒකාබද්ධ අරමුදලෙන් කිසිදු අරමුදලක් අනුමත කිරීමට ජනාධිපතිවරයාට නොහැකිය.

දෙවනුව, අපේ‍්‍රල් 30 න් පසු ඒකාබද්ධ අරමුදලෙන් බලය පවරනු ලබන ඕනෑම අරමුදලක් විය හැක්කේ “රාජ්‍ය සේවයට අවශ්‍ය” වියදම සඳහාය.සාමාන්‍ය අර්ථයෙන් මෙයින් අදහස් කරන්නේ රජයේ වැටුප් සහ අත්‍යවශ්‍ය රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමයි. 150 (3)ඡේදය 150 (4) සමඟ කියවන විට මෙය පැහැදිලි වේ.  එමඟින් රජයේ වැටුප් ගෙවීම හැර මැතිවරණයක් පැවැත්වීමේ කටයුත්තක් සඳහා මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට නිශ්චිත අවසරයක් ලබා දේ.

මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී රජයේ ප්‍රග්ධන වියදම රු. බිලියන 36 ක් විය.කෙසේ වෙතත්, මාර්තු සිට මැයි දක්වා එය රු. බිලියන 150 ක් ප්‍රාග්ධන වියදම් කිරීමට රජය අපේක්ෂා කරයි. මෙය “රාජ්‍ය සේවයට අවශ්‍ය අරමුදල්” විය නොහැක.

මෙම පියවර විධායකය විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය කාර්යභාරය පැහැර ගැනීමකි. බලතල බෙදීම මෙතරම් බැරෑරුම් ලෙස උල්ලංඝනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ ආධිපත්‍යයට හා මහජන මුදල් වගවීම සඳහා අත්‍යවශ්‍ය වන (Check and Balance ) සංවරණ හා තුළනයන්ට බරපතල තර්ජනයකි.

මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර අයවැයක් සම්මත කිරීමෙන් හෝ වෙනත් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය පහසුවෙන් වළක්වා ගත හැකිය.

මුදල් අර්බුදය (Cash Crunch)

ඉහත සඳහන් කළ පරිදි, පාර්ලිමේන්තුව අප්‍රේල් 30 දක්වා අතුරු සම්මත ගිණුමක් අනුමත කර ඇත. අතුරු සම්මත ගිණුම මඟින් රජයට ණය ගැනීමේ සීමාවක් නියම කරයි.රජයේ බදු කප්පාදුව සහ ආර්ථික ක්‍රියාකාරකම් පහත වැටීම හේතුවෙන් ආදායම විශාල ලෙස පහත වැටෙනු ඇත. මෙම තත්වය තුළ, රජයේ ණය ගැනීමේ සීමාව වැඩි විය යුතුය, නැතහොත් මුදල් අර්බුදයක් සිදුවනු ඇත.ඇත්ත වශයෙන්ම, භාණ්ඩාගාර සුරැකුම්පත් මිලදී ගැනීමෙන් මුදල් මුද්‍රණය කිරීම සඳහා පවා ණය ගැනීමේ සීමාව ඉහළ නැංවිය යුතුය.දැනටමත් රජය විසින් රු.බිලියන 100 ක   භාණ්ඩාගාර සුරැකුම්පත් පසුගිය දෙසතිය තුළ මිලදී ගෙන තිබීම- රුපියල අවප්‍රමාණයට ප්‍රධාන හේතුවකි.පාර්ලිමේන්තුව කැඳවීමකින් තොරව ණය ගැනීමේ සීමාව ඉහළ නැංවිය නොහැක. විධායක ක්‍රියාමාර්ගයෙන් පමණක් බදු කප්පාදුවෙන් හා වසංගතයෙන් ආර්ථිකය පහත වැටීම කළමනාකරණය කළ නොහැකිය.

සාවද්‍ය ඇස්තමේන්තු සහ වගකීම් විරහිත භාරකාරත්වය

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.5 ට සමාන අයවැය හිඟයක් වාර්තාව ඇස්තමේන්තු කරයි.2017, 2018 සහ 2019 සඳහා පිළිවෙලින් සියයට 5.5%, සියයට 5.3%සහ සියයට 6.5%ක අයවැය හිඟයට සාපේක්ෂව මෙය ඉතා සැලකිය යුතු වැඩි වීමකි.වාර්තාවෙන් රජයේ ආදායම රජයේ වියදම් ඉක්මවා පොලී ගෙවීම් සඳහා ඉඩ සලසන – ප්‍රාථමික අතිරික්තයක් (Primary Balance surplus) ප්‍රක්ෂේපණය නොකෙරේ.ප්‍රාථමික ශේෂය 2017 සහ 2018 දී අතිරික්තයක් පෙන්නුම්කර ඇත. නොවැම්බර් ජනාධිපතිවරණය ප්‍රතිපත්ති වෙනස් කිරීමකට තුඩු දෙන තෙක් 2019 දී ප්‍රාථමික අතිරික්තයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ද ගමන් කරමින් සිටියේය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ඉතා අඩු දළ දේශීය නිෂ්පාදිතය හා බදු අනුපාතයයි.මෙය ඉතා බරපතල ගැටළුවක් වන අතර එමඟින් ආපදා සහන, රාජ්‍ය ආයෝජන, ණය සේවා කිරීමට ඇති හැකියාව, සාර්ව ආර්ථික ස්ථායිතාව සහ නැවත බෙදාහැරීම පහල දමනු ඇත.පසුගිය වසරවල මෙම ගැටලුව නිවැරදි කිරීම සඳහා පුළුල් දැනුමක් හා ඉතා බැරෑරුම් පියවරයන් ගෙන තිබුණද, පූර්ව මැතිවරණය තත්ත්ව වාර්තාව මඟින් එසේ ලබා ඇති ප්‍රගතිය ආපසු හැරවීමක් අපේක්ෂා කරයි.එහි සඳහන් වන්නේ, “රජයේ ආදායම 2019 දී පැවති සියයට 12.2 ට සාපේක්ෂව 2019 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10.6 ක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි”.

මෙම ඇස්තමේන්තු පවා සැලකිය යුතු තරමේ අධික විශ්වාසයක් පිළිබිඹු කරයි.ඒවා පැහැදිලිවම පදනම් වී ඇත්තේ 2020 සඳහා සියයට 4 ක වර්ධන වේගයක් උපකල්පනය කිරීම මත ය.කොරෝන වෛයිරස් වසංගතයට පෙර පෙබරවාරි 7 වන දින ජා.මූ.අ. වර්ධන වේගය සියයට 3.7 ක් ලෙස පුරෝකථනය කර තිබිණි.ජනවාරි මාසයේදී ලෝක බැංකුව සියයට 3.3 ක වර්ධන වේගයක් අපේක්ෂා කළ අතර ආසියානු සංවර්ධන බැංකුවේ ඇස්තමේන්තුව සියයට 3.5 කි.

අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 7.5 ක ඇස්තමේන්තුවක් තුළ ද අධික විශ්වාසයක් දක්නට ලැබේ.කොරොන වයිරස් වසංගතයේ බලපෑම පිළිබඳව වාර්තාව සාකච්ඡා කළද, සියයට 7.5 ක අයවැය හිඟ ඇස්තමේන්තුව එහි බලපෑමට හේතු වන බවක් නොපෙනේ.වසංගතය නිසැකවම ආදායම හා වියදම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇති බැවින් අයවැය හිඟය නිසැකවම ඇස්තමේන්තුවට වඩා විශාල වනු ඇත.ශ්‍රී ලංකාවේ වර්තමාන සන්දර්භය තුළ – ඉතා ඉහළ ණය මට්ටමක්, ගෝලීය අවපාතයක් සහ වෙළඳපල අවිනිශ්චිතතාවයක් පවතියි.එය ඉතා අවිනිශ්චිත අර්බුදකාරී අවස්ථාවක දී ශ්‍රී ලංකාව ඉතා අස්ථිර ස්ථානයක තබයි.

රාජ්‍ය ණය

 2019 දී ශ්‍රී ලංකාවේ ඉහළම ණය ගෙවීම සිදු විය. ව්‍යවස්ථාමය අර්බුදය සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර තිබියදීත්, මෙම ගෙවීම පියවා ගැනීමට සහ වෙළඳපල විශ්වාසය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.2019 ජුනි මාසයේදී බෝම්බ පිපිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳපොළවලින් සියයට 7.5% ප්‍රතිශතය අනුව ණය ලබා ගැනීමට හැකි විය. මෙම රජයේ වගකීම් විරහිත බදු කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස – ණය සමාව ඉල්ලා හිඟමන ඉල්ලීම්වලට තුඩු දී ඇති අතර, ණය ආපසු ගෙවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති නොකැළල් වාර්තාවට සදහටම හානි කරනු ඇත. මෙම වසරේ ආපසු ගෙවීම් 2019 ට වඩා සියයට 20 කින් අඩු වුවද.රජයේ ණය සඳහා පොලී අනුපාත දැන් මාර්තු මාසයේදී සියයට 18 ඉක්මවා ඇත.

විනිවිදභාවය නොමැතිකම

රජයේ ණය ගැනීම් තක්සේරු කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක තොරතුරු ඇතුළත් කිරීමට ද වාර්තාව අසමත් විය.උදාහරණයක් ලෙස, “චීන සංවර්ධන බැංකුව (සීඩීබී) සමඟ ඇති විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් 2018 ඇමරිකානු ඩොලර් මිලියන 1,000 දක්වා වඩාත් වාසිදායක ලෙස ඉහළ නංවා තිබේ.”කෙසේ වෙතත්, එය මෙම ණය සඳහා පොලී අනුපාතය හෙළි නොකරයි. තවත් උදාහරණයක් නම් 2020 ජනවාරි සහ පෙබරවාරි සඳහා ආදායම් ඇස්තමේන්තු බිඳවැටීම අනාවරණය කිරීමට අපොහොසත් වීමයි.

ඉදිරියට යන මාර්ගය

බදු කප්පාදු ආදායම් බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක ඇස්තමේන්තු රජය විසින් තවමත් රාජ්‍ය මූල්‍ය කාරක සභාවට ලබා දී නොමැත.පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව- 2020 මගින් රජයේ  ආර්ථිකය පිළිබඳ වාර්තාව සාවද්‍ය ඇස්තමේන්තු වලින් පිරී තිබෙන අතර එය රට අර්බුදයකට යන මාවතකට යොමු කරමින් තිබේ. මෙම වාර්තාව පරීක්ෂා කර විවාද කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාව තිබිය යුතුය. මෙම අස්ථිර අවස්ථාවේදී රටට අවශ්‍ය සහන ලබා දීම සඳහා නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවට හැකි විය යුතුය.

30.03.2020

Published on: Mar 26, 2020- යුද්ධය නිසා අසරණව ගම් – බිම් හැර ගිය දරුවන් 3 ක් ඇතුලු සිවිල් වැසියන් අට දෙනෙකු කපා – කොටා මරා ඝාතනය කිරිම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස් දෙනෙකු වැරදිකරු කරමින් මරණ දඬුවම පැනවු හිටපු යුද හමුදා නිලධාරියෙකු වන සුනිල් රත්නායක ගෝඨාභයගේ ජනපති බලය යොදා ගනිමින් නිදහස් කිරිමට කටයුතු කර තිබේ.

2000 දෙසැම්බර් 20 වෙනිදා උඩුප්පිලිහි අවතැන් කඳවුරේ සිට මිරුසුවිල් හි පිහිටි තම ඉඩම වෙත ගිය මෙම පිරිස රැගෙන ගිය හමුදා භටයන් පිරිසක් පිහියකින් බෙලි කපා ඝාතනය කර වැසිකිළි වළකට දමා තිබු අතර බෙලි කපා මරා දැමූ බවට වූ චෝදනා සැකයකින් තොරව ඔප්පු විය.2002 දී ආරම්භ වූ නඩු විභාගය වසර 13 ක් පුරා සිදුකළ නඩු විභාගයක ප‍්‍රතිඵලයක් ලෙස මෙම තීන්දුව දෙන ලදී.

ඝාතනය සියැසින් දුටු පොන්නදුරෙයි මහේෂ්වරන් නමැත්තා හමුදා අත් අඩංගුවෙන් මිදී පලා ගොස් සිද්ධිය හෙළිදරව් කිරීමෙන් පසු සුනිල් ඇතුළු හමුදා භටයන් 5 ක් අත් අඩංගුවට ගත්තේය. සුනිල් රත්නායක ප‍්‍රධාන ඝාතකයා ලෙස හඳුනාගත් අතර තමා විසින් ඝාතනය සිදුකළා යැයි ඔහු පාපෝච්චාරණය කර තිබේ. වැසිකළිි වළක සඟවා තිබූ මළ සිරුරු යුද හමුදා පොලිසියට පෙන්වූවේද ඔහු විසින්ම බවත් අධිකරණයේදී ආනාවරණය විය.

එල්ලෙන්නට වැලක්, විලිවසා ගැනීමට රෙද්දක් සොයමින්, සිටින ජාතිවාදී රාජපක්ෂ කඳවුර පසුගිය ජනාධිපතිවරණ සමයේ අසත්‍ය ප‍්‍රචාර සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දිගින් දිගටම ප‍්‍රචාරය කරමින් ජාතිවාදී හැගීම් ඇවිස්සීමේ ක‍්‍රියාවලියක නිරත වු අතර සත්‍ය නොදන්නා සහ සත්‍ය පිළිගැනීමට අකමැති ජාතිවාදීන්ටද එය පට්ටම ආතල් එකක් විය.ඒ තරමටම ඔහුන් රණවිරු ගායෙන් පෙලේ.

“ජාතිවාදීන් ලඟ ලේ ගඳය”

තමන්ගේ ජාතිය එකම එක, ලොකුම එකවන ජාතිවාදී මානසික රෝගීන්ට වෙනත් ජාතියක නිරායුධ සිවිල් වැසියන් හිතාමතාම සමූහ ඝාතනය කිරීම වීරත්වයක් වන්නේ ජාතිවාදීන් ලඟ කුණු ලේ ගඳ පවතින නිසාය. ඒ තරමටම ඔවුන් එලෙසම, මෙවැනි ඝාතන ඔවුන්ට වීර කමකි. ඒ නිසාම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස් දෙනෙකු වැරදිකරු කල ඝාතක මිනීමරුවෙකු බේරාගැනිමට අත්සන් කල ගෝඨාභයගෙන් රටේ ජනතාවට නිදහසක් නම් කිසිදිනක බලාපොරොත්තු විය නොහැකි බව පැහැදිලිය. ගෝඨාභයගේ ඉතිහාසයද ඝාතන රැසකට හිමිකම් කියන බව නොරහසකි. හෙට,අනිද්දා දුමින්ද සිල්වා ද නිදහස් වුවහොත් ඒ ගැන කිසිවෙකුත් කලබල නොවිය යුතුය.මන්ද ඝාතකයන්,ජාතිවාදින් නොමැතිව රාජපක්ෂලාට කිසිදිනක රාජ්‍ය බලය පවත්වාගෙන යැමට නොහැකි විමයි. එ තරමටම “ජාතිවාදීන් ලඟ ලේ ගඳය”.

ප්‍රධාන සාක්ෂිකරු පොන්නදුරෙයි මහේෂ්වරන්…

මම වෙනත් ගම්වැසියන් සමඟ දර එකතු කරමින් සිටියදී ආයුධ සන්නද්ධව සිටි සමහර හමුදා නිලධාරීන් විසින් අපිව අල්ලා ගත්තා.හමුදා භටයින්ට දර කපමින් සිටි පිහි බිම දැමීමට නියෝග කර ඔවුන්ට පහර දීමට පටන් ගත්තා.පසුව ඔහු තමාගේම සරම ගලවා දෑස් බැඳගෙන වැසිකිළි වළක් අසල ගෙන ගොස් තවත් සොල්දාදුවෙක් ක්‍රිස් පිහියකින් (kris knife) බෙල්ල කපා දැමුවා.හමුදා භටයන් කතා කරමින් සිටියදී ප්‍රධාන සාක්ෂිකරු පොන්නදුරෙයි මහේෂ්වරන් එම ස්ථානයෙන් පලා ගොස් පලා ගොස් තිබේ.

2000 වසරේදි තෙන්මරාඩ්චි ප්‍රදේශයේ මිරුසුවිල්හි සමූහ මිනීවළක් සොයා ගත් අතර දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකුගේ දිරාපත් වූ මළ සිරුරු එහි තිබි සොයාගන්නා ලදී.පසුව දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් පිරිසකට අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කල අතර Trail-at-Bar පරීක්ෂණය සඳහා විනිසුරුවන් නම් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් සිදුකලා. ඒ 2002 වසරේ ජුලී මාසයේදිය.

මෙම සමූල ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසක් පසුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ අනුවයි.

2005 වසරේදි අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා වසර දෙකකට වැඩි කාලයක් අක්‍රියව පැවති විමර්ශනය නැවත ආරම්භ කිරීම සඳහා ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල විනිසුරු ම මඩුල්ලක් පත් කර තිබේ.ඒ මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයාව සිටි සමයේය.මීට පෙර විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා වූ මහාධිකරණ විනිසුරු සරත් අම්බෙපිටිය 2004 නොවැම්බර් 19 වන දින ඝාතනයට ලක්වු අතර බොහෝ විමර්ශන විනිසුරුවන් උසස් කිරීම හේතුවෙන් 2003 ජනවාරි 25 වන දින ආරම්භ වූ නඩු විභාගය නිරන්තරයෙන් කල් දමා තිබේ.

සුනිල් රත්නායක කල අපරාධය….

හිටපු යුද හමුදා නිලධාරියෙකු වන සුනිල් රත්නායක විසින් 2000 දී යාපනයේ මිරුසුවිල් (Mirusuvil village) ගම්මානයේදී 2000 දෙසැම්බර් 19 වන දින සිවිල් වැසියන් අට දෙනෙකු මේ අකාරයටම ගෙල සිදමින් ඝාතනය කිරිම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වරදකරු වු අතර පසුව ඔහු ඊට එරෙහිව අභියාචනය පවා ඉදිරිපත් කල නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස් දෙනෙකුගෙන් කණ්ඩායම ඔහු වැරදිකරු කරමින් මරණ දඬුවම ලබාදුන්නා.

ඝාතනයට යොදාගත් බවට සැකකරන Kris knife ආයුධයක්!

වසර 13 ක නඩු විභාගයකින් පසු, මහාධිකරණ විනිසුරුවන් වන ලලිත් ජයසූරිය සහ ප්‍රීති පද්මන් සුරසේන යන දෙදෙනා විසින් 2015 ජුනි 25 දින ලබා දුන් තීන්දුවෙන්, හමුදා දිගු දුර ඔත්තු බැලීමේ මුර සංචාරයේ ( LRRP) පළමු චූදිත සුනිල් රත්නායක පොදු අභිප්‍රාය ඇතිව නීතිවිරෝධී ලෙස රැස්වීම ඇතුළු චෝදනා 17 කට වැරදිකරු බව ඔප්පු වු අතර දෙමළ සිවිල් වැසියන් අට දෙනෙකු තුවාල කිරීම සහ ඝාතනය කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඔහුගේ වරද සනාථ කල අතර ඒ අනුව ඔහුට මරණ දණ්ඩනය හිමිවුනා.

පළමු විත්තිකරුට මාස හතක සිර දඩුවමක් මෙන්ම රුපියල් 51,000 ක දඩයක් නියම කළ අතර අනෙක් චූදිතයන් සිව්දෙනා වන ලුතිනන් ආර්.ඩබ්ලිව්.සේනක මුනසිංහ, ටී. එම්. ජයරත්න, එස්. ඒ. පුෂ්පා සමන් කුමාර සහ ගාමිනි මුනසිංහ යන දෙදෙනා වැරදිකරුවන් නොවූ අතර ඔහුන්ට එල්ල වු සියලු චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු නොවූ හෙයින් සියලු චෝදනා වලින් ඔවුන් නිදොස් කොට නිදහස් කර හැරියා.

ඥානපාලන් රවීන්ද්‍රන්, සෙල්ලමුට්ටු තෙවකුලසිංගම්, විල්වරාජා ප්‍රතීපන්, සින්නියා විල්වරාජා, නඩෙසු ජයචන්ද්‍රන්, කතිරාන් ඥාචන්ද්‍රන්, ඥානචන්ද්‍රන් සන්තාන් සහ විල්වරාරාන් යන නිරායුධ දමිළ වැසියන් ඝාතනය කර තිබු අතර ඔහු යුද්ධය හේතුවෙන් අභ්‍යන්තරව අවතැන් වූ සරණාගතයින් බව අධිකරණය හමුවේ ඔප්පු වුනා.විල්වරාජා ප්‍රතීපන් ඝාතනයට ලක්වන විට 15 වන වියේ පසුවු පාසල් සිසුවෙකි.

ඝාතනයට ලක්වුවන් ඔවුන්ගේ දේපළ පරීක්ෂා කිරීම සඳහා ආපසු පැමිණ ඇති අතර යාපනයේ නගරයට සැතපුම් 16 ක් නැගෙනහිරින් පිහිටි ගමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් ඝාතනය කර සමූහ මිනී වළක වළදැමිමට කටයුතු කර තිබේ.

ඝාතනයට ලක්වු අයගේ නාම ලේඛනය

Kathiran Gnanachandran (35)
Gnanachandran Santhan
Baskar Gnanabasakaran (19)
Sellamuttu Theivakulasingham (31)
Vilvarajah Pratheepan (15)
Sinniah Vilvarajah (41)
Nadesu Jeyachandran (21)
Vilvarajah Prasath (5)


Loading…


Published on: Mar 25, 2020- කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු නොවූ රෝගීන් ගණන 552ක් පමණ රට තුල වනු ඇතැයි විද්‍යාත්මකව අනුමාන කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

අප්‍රේල් 07දා වන විට මෙරට කොරෝනා අසාදිත රෝගීන් සංඛ්‍යාව විශාල වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවයි එම සංගමය අවධාරණය කරන්නේ.

මෙම රෝගීන් 550ක් ස්පර්ෂ වුවා යැයි සලකමින් ආයතනික හෝ නිවාස තුල නිරෝධායන නිරික්ෂණ මට්ටමින් පුරවැසියන් 19000ක් සිටි.ඒ නිරික්ෂන සදහා ආරක්ෂක අංශ හා පරිපාලන ව්‍යහයන්ගේ සහයද ලබාගෙන තිබේ.

අදාල සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා තිබේ.

කොරෝනා වෛරසය වසංගතයක් දක්වා ව්‍යාප්ත කිරිම සදහා වත්මන් වැඩබැරි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන්ම ඔහුගේ සුරතලී පවිත්‍රා වන්නිආරච්චී ඇතුලු සමස්ථ ආණ්ඩුව වගකිවයුතු බව දැන් කිසිදු තර්කයකින් තොරව තහවුරු වි තිබේ.

විපක්ෂය මෙන්ම වගකිවයුතු රාජ්‍ය යාන්ත්‍රනය වෛරසයේ අවදානම සම්බන්ධයෙන් දිගින් දිගටම අවධාරණය කලද 2/3 එකක මැතිවරණ ජයක් වෙනුවෙන් රටේම ජනතාවගේ ජිවිත් බිලිදෙමින් කටයුතු කිරිම හේතුවෙන් වෛරසය වසංගතයක් දක්ව පැතිර යැම් වලක්වා ගැනිමට නොහැකි වි ඇති බව මේ වනවිට අනාවරනය වි තිබේ.

ඊට හොදම උදාහරණය වනුයේ අප දිගින් දිගටම අනාවරණය කල පරිදිම ගුවන්තොටුපල හරහා පැමිණෙන ඇතැම් කණ්ඩායම් නාමල් රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුලේ බලපෑම මත නිදහස් කිරිමයි.

ආණ්ඩුවේ නීරෝධායන බොරුව…. නාමල්ගේ නියෝගයට නිරෝධායනය නැතුව ගෙදර! මෙන්න සාක්ෂී … මෙහෙම ගියොත් අපේ රටට කොරෝනා සරණම තමා…. මාර්තු 15 වැනිදා කල අනාවරණය ….(එම අනාවරණය පහතින් කියවන්න )

දේශපාලන බලපෑම් මත කොරෝනා රැගෙන ආ හැටි…

මේ අතර කොළඹ, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයකු වූ මෙම පුද්ගලයා සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල වෙත පැමිණ ඇති අතර එහිදී ඔහුගේ සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලයට ඇතිවූ සැකය හේතුවෙන් මෙම පුද්ගලයාගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කර ඇත්තේ ගුවන් තොටුපොළ වසා දැමීමට පෙර දිනයේදී තම පුතා ඇමරිකාවේ සිට පැමිණි බවකි. ඒ අනුව වහාම ඔහුගේ සෙම සාම්පල පරීක්ෂා කිරීමේදී කොරෝනා රෝගකාරක විෂබීජය ශරීරගතව තිබෙන බව තහවුරු වී තිබේ.

මේ කියන පුද්ගලයා ඇමරිකාවේ සිට පැමිණ පරික්ෂනයකට හෝ නිරෝධායනයකට ලක්නොවි ගෙදර ගියේ කෙසේද?ඔහු තවමත් සොයා ගැනිමට ආරක්ෂක අංශ වලට හැකියාව ලැබි නැත.

මිට අමතරව ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයා,රෝයල් තෝමියන් මැච් එකට ආ අසාධිතයා,වරකාපොල ආසාදිත මන්ත්‍රීවරයා,ස්විස්ටර්ලන්තයේ සිට උතුරට පැමිණි දේවගැතිවරයා(වත්මන් ආණ්ඩුවේ ඉහලම අමාත්‍යධුරයක් දරණ අයෙකු විසින් ඔහුට දිවයිනට පැමිණිමට පුර්ණ සහය ලබාදි තිබේ. )

මාර්තු 10දා උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණෙන ස්විස් දේවගැතිවරයා අනුරාධපුර හෝටලයක හා යාපනය, අරියාලේ පල්ලියේ මෙන්ම අවට නිවෙස්වලද සැරිසරා ඇත. මාර්තු 15දා දේව මෙහෙයක් පවත්වා එදිනම පෙර පාසල් ගොඩනැගිල්ලකටද මුල්ගල තබා තිබිණි.කොරෝනා වෛරසයක් දක්වා ගමන් කිරිමට හේතුව දැන් පැහැදිලිය.

එපමණක් නොව අවස්ථා දෙකකදි තින්දු ගැනිමට නොහැකි විම හේතුවෙන් ඇදිරිනීතිය පැනවිම සහ ඉවත්කිරිම වැනි අමන ක්‍රියාවලින් හරහා ජනතාව අනවශ්‍ය අකාරයට රැස්කිරිම හේතුවෙන් ජන ජිවිතය අනතුරේ හෙලිමටද ඔහුන් කටයුතු කල අයුරු ජනතාවට් අමතකිඅ නැත.

අසාර්ථක ජනාධිපතිවරයෙකු ගෙන් සහ වසර 10ක් ජනාධිපති වි සිට රට විනාශයට රැගෙන ගොස් යලිත් අගමැතිවි සිටින මහින්ද රාජපක්ෂ වැනි පාලකයන්ගෙන් රටක් මිට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන අනතුර ගැන දැනුවත් වන්න…

 


Loading…


http://lankanewsnetwork.org/archives/23625

http://lankanewsnetwork.org/archives/23684

Published on: Mar 23, 2020- පලමු අනාගැනිල්ලෙන් පසුව ගෝඨාභයගේ ජාතිය ඇමතිල්ල එතැනින්ම නතර වු අතර ඉන් පසුව ජාතිය අමතමින් වැල් බයිලා කියු මහින්ද අද නිවේදනයක් නිකුත් කර තිබේ. A4 පිටුවකට සීමා වි ඇති නිවේදනය පුරාම සජිත් ප්‍රේමදාසගේ නාමය ස්ථාන 3ක සදහන් වි තිබිම රාජපක්ෂලාට සජිත් භීතීකාව වැලදි ඇති බවට හොදම උදාහරණයකි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග මහින්ද,ගෝඨා ඇතුලු රාජපක්ෂ කල්ලියට තිබුනු සහ තිබේන ඩිල් සම්බන්ධයෙන් රටේ ජනතාවට හෝ පාක්ෂිකයින්ට අමුතුවෙන් කියාදිය යුතු නැත.වසර 4 හමාරක් ආණ්ඩුව මෙහෙයවුවද අද දක්වා රාජපක්ෂලා යහතින් වැජඹෙනවා සේම රවි,රනිල් ඇතුලු මහා බැදුම්කර හොරුන්ද යහමින් වැජඹෙන්නේ ඒ නිසාය. රන්ජන් රාමනායක එදා කී කතාවද අද ඇත්තක් වුයේ ඒ නිසාය.

“කවුරු ආවත් හොරු නං අල්ලන්නේ නෑ මල්ලි…. මේ ඔක්කොම යාලුවෝ… මොන පොහොට්ටු , යුඇන්පි ආවත් ඔයාලට අබ සරණයි .හොරු නම් අල්ලනේ නැහැ…. “

දැන් රනිල්ගේ ගේම් සියල්ල අවසන් වි තිබේ. එක්සත් ජාතික පක්ෂය සමග සිටි ජනතාව ගැන හිතන මන්ත්‍රීවරුන් 71 දෙනෙකු මේ වනවිට සජිත්ගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය වටා සන්ධාන ගත වි අවසන්. ඒ අනුව රාජපක්ෂලාට ඊළග පාර්ලිමේන්තුවේ හොරා කමින් සෙල්ලම් දැමිල්ල ලේසි නොවන බව ඉතා පැහැදිලිය.ඒ නිසාම රාජපක්ෂලාගේ මෙන්ම වික්‍රමසිංහහලාගේද එකම ඉලක්කය වි ඇත්තේ ප්‍රේමදාස ඇතුලු සමගි ජන බලවේගය බව දැන් ඉතා පැහැදිලිය.

රාජපක්ෂලා ගත් බාල වර්ගයේ තින්දු හේතුවෙන් කොරෝනා වසංගත පැතිරගිය බව සමාජ හමුවේ තහවුරු විම හරහා 2/3 කේ බලට යනතම් 105 දක්වා පහල බැස ඇති බවට පවුල තුලම සිදුවන සාකච්ඡා රාජපක්ෂලාගේ භීතිකාව තීව්‍ර කිරිමට සමත්ව තිබේ.

අනිත් අතට සුනාමියේ සිට ජනතාවගෙන් හොරා කෑම පුරුද්දක් කරගත් රජපක්ෂලා දැන් තමන් සතුව බලය ඇති නිස හොරකම් කිරිමට නෛතීක භාවයක් ඇති බවද එම නිවේදනය හරහා ඔප්පු කිරිමට උත්සහ දරා තිබේ.ඒ අනුව “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තියෙන් ජනාධිපතිවරයාට ලැබෙන මුදල් බලතල “ යන වාක්‍ය ස්ථාන තුනක විවිධ ස්වරූපයෙන් මතුකර පෙන්විමටද උත්සහ දරා තිබේ.

මහින්ද රාජපක්ෂ නිකුත් කල නිවේදනය

මාධ්‍ය නිවේදනය

නීති තර්ක වලින් ආණ්ඩුවේ මුදල් හිරකොට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය
අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහය හෙලා දකිමු.

කොරෝනා වෛරසය ලංකාවේ තවදුරටත් පැතිරීමවැලැක්වීමට මුලු රට පුරාම ඇඳිරිනීතිය පැනවූ දිනයේම, එනම් 2020 මාර්තු 20 වන සිකුරාදා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, තමන් නායකත්වය දුන් පසුගිය ආන්ඩුව 2020 වසර වෙනුවෙන් අයවැයක් සම්මත නොකොට 2020 අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බලපවත්වන අතුරු සම්මත ගිණුමක් සම්මත කොට තිබීම හේතුවෙන් අප්‍රේල් 30 වනදායින් පසු, මොනම දෙයකටවත් මුදල් වියදම් කිරීමට ආණ්ඩුවට නෛයිතික බලයක් නැතිවෙන බවයි. සජිත් ප්‍රේමදාස හිටපු විපක්‍ෂ නායකවරයාත්, මුහුණුපොත හරහා මේ තර්කයම ඉදිරිපත් කරමින් සිටි.

පාර්ලිමේන්තුව විසිරුවාහැර තිබෙන අවස්ථාවක රජයේ සේවාවන් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන මුදල් ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේජනාධිපතිවරයාට බලය පැවරේ. මේ නිසා කොරෝනා වෛරසය මර්දන ව්‍යාපෘතිය හා රජයේ සෙසු සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපාදන තිබේද නැත්ද යන්න ගැන මහජනතාව කිසිඳු බියක් ඇතිකරගතයුතු නැත.පසුගිය පෙබරවාරි 20 වෙනිදා, යහපාලන ආණ්ඩුවේම බෙහෙත් හා පොහොර වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවා සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අපි යෝජනාවක් ඉදිරිපත් කළද, පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව සිටි සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ඇතුලු පාර්ශවය අලුත් ආණ්ඩුව අපහසුතාවයට පත් කොට දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එයට විරුද්ධ විය.

රටේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට අපිට මුදල් සොයා ගැනීමට හැකිවූයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තියෙන් ජනාධිපතිවරයාට ලැබෙන මුදල් බලතල නිසාය. මේ රටේ එකම කොරෝනා ආසාධිතයෙක්වත් නැති අවස්ථාවක 2020 මාර්තු 02 වනදා, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඊට දින දහයකට පසු ලංකාවේ පළමු කොරෝනා රෝගියා සොයා ගැනීමත් සමඟම සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්‍ෂය කලේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමිය යුතු යැයි හඩ නැගීමය. අපේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) (අ) වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හරින ගැසට් පත්‍රයේම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනයත් අලුත් පාර්ලිමේන්තුව මුල් වරට රැස් වන දිනයත් නියම කළ යුතු වේ. එම ප්‍රකාශය නිකුත් කළ පසුව, මොනම තත්වයක් යටතේවත්ඡන්දය පවත්වන දවස කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නැත. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව යම්කිසි අනපේක්‍ෂිත හෝ හදිසි තත්වයක් නිසා ඡන්දය පවත්වන දිනය කල් දැමීමේ බලය ලැබෙන්නේ මැතිවරණ කොමිසමටය. ඒ අනුව මැතිවරණ කොමිසම ඡන්දය පවත්වන දිනයකල්දමා ඇත.

මේ ආකාරයට මැතිවරණය පවත්වන දිනය කල් දමා තිබීමෙන්, ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන කාලය තුළ ජනාධිපතිවරයාට හිමි මුදල් බලතල කිසිවක් වෙනස්වන්නේ නැත. කොරෝනා වෛරස් උවඳුරෙන් දේශපාලන වාසි ලබා ගැනීමට එ.ජා.පයේ පාර්ශව දෙක තරඟයක නියැලී සිටින බව අපට පෙනේ.පසුගියදා පිටරට සිට ශ්‍රී ලංකාවට පැමිණ, නිරෝධායනයට යෑමට නොහැකි යැයි කියා ගුවන්තොටුපලේදී කලබල කළ පිරිස් දිරිගන්වමින් සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවේ නිරෝධායන වැඩ පිළිවෙලට අකුල් හෙලූ ආකාරය මුලු රටම දුටුවේය.අලුත් ආණ්ඩුවේ මුදල් සැපයුම කපා හැරීමට යහපාලන පාර්ශවය පසුගිය මාසයේපාර්ලිමේන්තුව තුළ ගත් උත්සාහය වැරදුනු පසු, දැන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති මුදල් බලතල ගැන නීති තර්ක ඉදිරිපත් කොට, දරුණු වසන්ගතයක් මධ්‍යයේ රට අකර්මණ්‍ය කිරීමට ගන්නා මේ උත්සාහය අපි හෙළා දකිමු.

අවස්ථාවාදී පාර්ශව රටට එරෙහිවදියත් කරන මෙවන් කුමන්ත්‍රණ හමුවේ වුවත්, ජනතාව කොරෝනා වෛරස් උවදුරෙන් ගලවා ගැනීමට තම ජීවිතත් පරදුවට තබා දිවා රෑ නොබලා වෙහෙසෙන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්‍යමණ්ඩල වලටත්, ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ටත්, අත්‍යාවශ්‍ය සේවා සපයන සෙසු පිරිසටත් මම මේ අවස්ථාවේදී මාගේ ප්‍රණාමය පුද කර සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
අග්‍රාමාත්‍ය

Loading…


Published on: Mar 22, 2020- Digital පිංපියා සමග එක්ව රටේ ජනතාවගේ බදු මුදල් මිලියන ගණනක් විනාශ කර ජාත්‍යන්තරයට අසත්‍ය විඩියෝවක් සාදා ඒ හරහා කොරෝනා වෛරසය ආසාදිතයින් ලංකාවට ගෙන්වා රටම විනාශ කල කුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර රටේ ජනතාව හමුවේ බොරු මවාපැමක් සිදුකරමින් සිටින බව වාර්තා වේ.

ඒ කාමර 150කින් යුත් citrus වස්කඩුව හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ලබාදිමට එහි හිමිකරු ලෙස පෙනී සිටින දිලිත් ජයවීර ඇතුලු පාලනාධිකාරිය තීරණය කර තිබේන බවට පලවන පුවතයි.එය වසංගතය රටට ගෙන එමට දායකවිම හේතුවෙන් ව්‍යසනයට වගකිවයුත්තා ලෙස හෘද සාක්ෂියට එකගව සිදුවන එකක් නොව රටේ බදු මුදල් වංචා කරමින් හෝටල් ව්‍යාපාරය පවත්වාගෙන යැමේ උත්සහයක් බව දැන් අනාවරණය වි තිබේ.

Citrus වස්කඩුව හෝටලයේ හිමිකරු ලෙස කුප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර පෙනී සිටියද එම සමස්ථ හෝටල් ව්‍යාපාරයම හිමිකරු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බව අමුතුවෙන් කිවයුතු නොවේ.

The official opening of iconic 5-star Citrus Beach Resort Waskaduwa (06 April 2014 )

මේ වනවිට Citrus ව්‍යාපාර ජාලයම පසුගිය වසර 3ක පමණ කාලයක සිට දැඩි ලෙස කඩා වැටිමට ලක්වු අතර ඒ නිසාම ඉතා අඩු මුදලට දේශීයවද විවිධ ප්‍රචාරණයන් සිදුකල අතර Booking.com හී ඉතා අඩු මුදලට ලබාදිමටද කටයුතු කර තිබුන අතර ඒ හේතුවෙන් සංචාරකයන් අතරද තිබු විශ්වාසය බිඳවැටී තිබේ. පසුගිය වසරේ එල්ල වු පාස්කු ප්‍රහාරයෙන් පසුව එම ව්‍යාපාරය බිමටම සමතලා  වී ගොස් තිබේ.

Citrus ව්‍යාපාර ජාලයේ අලෙවි විධායකවරයෙකු අප විශේෂ වාර්තාකරු සමග සදහන් කර සිටියේ පසුගිය වසර 3ක කාලය තුල Citrus ව්‍යාපාර ජාලය බංකලොත් භාවයට පත්වු බවයි.

පාස්කු ප්‍රහාරයට පෙර වසරකට සමාන්‍ය වශයෙන් 150ක් පමණ සංචාරකයන් පැමිණ ඇති අතර වැඩිම සංචාරකයන් ගණනක් පැමිණ ඇත්තේ 2017 වසරේ වන අතර ඒ 540ක්.එම කාලසිමාව තුල වාර්ෂික ආදායම මිලියන 25ක් පමණ වන අතර මේ වනවිට මුළු ව්‍යාපාරයම සමස්තයක් ලෙස කෝටි 200කට අධික ප්‍රමාණයකින් බංකොලොත් වි තිබේ.

ඒ අනුව මේ වනවිට කොරෝනා වසංගතයත් සමග මුලු ව්‍යාපාරයම කඩා වැටි ඇති අතර ඒ අනුව රජයට ගෙවියයුතු බදු මුදල්වලින් නිදහස් විමටත්/සේවකයන් සියල්ලම ආණ්ඩුවේ මුදලින් නඩත්තු කිරිමටත් සියල්ලටම වඩා ජනතා මුදල් විනාශ කර දමමින් අප පසුගියදා අනාවරණය කල පරිදිම රටම විනාශ කල කොරෝනාවට දොර විවෘත කල විඩියෝව නිර්මාණය කිරිම හේතුවෙන් ජනතාව තුල දිලිත් අත්පත් කරගත් අපකීර්තිය වහාම යටපත් කර ගැනිම සදහා මෙම කුප්‍රකට ගේම් එක ගසා තිබේ.

ජනතා මුදල් විනාශ කරමින් රටට කොරෝනා ගෙනා අමන තකතීරූ දිලිත්,ඉරාජ් වහා අත් අඩංගුවට ගනු! නීතියට බයෙන් විඩියෝවත් ඉවත් කරගෙන… රටම විනාශ කල කොරෝනාවට දොර විවෘත වු හැටි යනුවෙන් අප කල අනාවරණය සමාජ ජාලා පුරා පැතිර යැමත් සමග අන්ද මන්ද වි ගිය දිලිත් වහාම මෙම පියවර ගත්තේ ඒ නිසාය.

ඒ අනුව සංචාරක හෝටලය නිරෝධායක මධ්‍යස්ථානයක් සඳහා ලබා දීමත් සමග ආයතනයේ කළමණාකාරීත්වය,සේවකයන්,හෝටලයේ ලයිට් බිල්,වතුර බිල් සිට සියලුම නඩත්තු කටයුතු සෑම දෙයක්ම රජයේ මුදල් එනම් ජනතා බදු මුදලින් පාලනය වන අතර ගෙවිමට තිබු බදු සියල්ලද රජය විසින් ඉවත් කර දමනු ලැබේ.ඒ අනුව පවතින ජාතික අවශ්‍යතාවයට මුවා වෙමින් දිලිත් මෙන්ම ගෝඨාභය ජනාධිපතිවරයාද තමන්ගේ ව්‍යාපාර පාඩු ලැබිමෙන් බේරා ගැනිම සදහා කටයුතු කරමින් සිටින බව ඉත පැහැදිලිය.

පහුගිය දින කිහිපයේ මේ අකාරයටම කුප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම තමන්ගේ හෝටල් නිරෝධායක මධ්‍යස්ථානය සදහා ලබාදිමට රජය සමග සාකච්ඡා කර තිබුන අතර ඇතැම් එවා භාර ගැනිම රජය ප්‍රතිකේෂ්ප කර තිබුනා.

ඒ අතර මත්ද්‍රව්‍ය සහ කොළඹ පුරා සමාජ ශාලා මුවාවෙන් ගණිකා ව්‍යාපාර පවත්වාගෙන යන නාමල්ගෙද ඉතා සමිප මිතුරෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් කැරොකේ වසන්ත ලෙස ප්‍රසිද්ධ සන්හිල් ආයතනයේ අධිපති කටුනායක පිහිටි සිය කාමර 25කින් සමන්විත අංගසම්පූර්ණ හෝටලය මාස තුනක කාලයක් සඳහා නොමිලේ ලබාදීමට කැමැත්ත පලකර තිබුනා.අදාළ හෝටලය වසර ගණනාවක සිට පැය ගණනට කපල් සදහා Room ලබාදෙන තැනක් ලෙස පත්වාගෙන් ගිය ස්ථානයක්.

http://lankanewsnetwork.org/archives/23757

Published on: Mar 20, 2020- මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (20) සිට කිලිනොච්චියට මාරුකර යවා තිබේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී එවැනි මාරු කිරීමක් කිරීමට හැකියාව නැතත් ජනාධිපතිවරයාගේ නියෝගයක් මත මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මෙම මාරුකිරිම සිදුකර තිබේ.

සම්පත් කුමාරගේ මාරු කිරීමෙන් පුරප්පාඩු වන ස්ථානයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් අයකු පත්කර ගැනීමට නියමිතව ඇති අතර එමගින් හ මැතිවරණයේදී ප්‍රතිවාදීන්ට විරුද්ධව බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

ගන්නා ලද වැරදි තින්දූ හේතුවෙන් කොරෝනා වෛරස සීඝ්‍රයෙන් පැතිරි යෑමත් සමග සමාජ ජාලා හරහා ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනයට ලක්විම මර්දණය කිරිම සදහා පසුගිය කාලසිමාවේ සිංගප්පූරුවෙන් ලංකාවට ගෙන්වන ලද සුවිශේෂී වූ උපකරණ කිහිපයක් ඉදිරි දිනවලදි සමාජ ජාලා මර්දණයට භාවිතා කිරිමට සුදානමක් ඇති අතර එම අංශය අලුතින් පත්කර ගන්නා රාජපක්ෂවාදි හෙංචයියා හරහා සිදුකිරිමට නියමිතයි.

2019.07.12 දින පැවති නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීම සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේ ලබාගත් මුළු ලකුණු වල අනුපිළිවෙල අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 09 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට 2019.07.18 දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව කල අතර එහි 8 වන ස්ථානයට පත්වුයේද එන්.එල්.සී. සම්පත් කුමාර මහතායි.

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 20, 2020- අද වනවිට කොරෝන වසංගතය රටම වෙලාගෙන අවසන්.මේ ගෙවමින් ඇත්තේ පැතිර ගිය වෛරසය මිනිස් ශරිරයෙන් මතුවන තුරු කල් මරන සතියයි.වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගත් වැරදි තින්දු හේතුවෙන් ස්වාභාවික දේශසීමාවක් සහිත ශ්‍රි ලංකාව වැනි රටක් ආරක්ෂා කර ගැනිමට අසමත්වු බව ඔප්පු කර අවසන්.

‘කෙරෝනා’ වෛරසය ආසාධිත පළමු රෝගියා හමුවු අවස්ථාවේ ඇටය හොදව් උ බව පවසමින් වෙනත් අයෙකු O/L අසමත් සෞඛ්‍ය අමාත්‍ය සිම්බාදේවිය විසින් සිපගනිමින් නැටු ජෝගිය රටේ ජනතාව අනතුරට දමන එකක් බව උගතුන් කොතරම් කිවද එයි කණකට නොගත් අමන රාජපක්ෂ පාලකයන් ඒ හරහා තමන්ට සැදී තිබු චීන විරෝධය යාමනය කර ගැනිමට උත්සහ කල බව නොරහසකි.

ශ්‍රී ලංකාවෙන් ‘කෙරෝනා’ වෛරසය ආසාධිත පළමු රෝගියා ජනවාරි 27 හමුවු බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කල අතර ඇය චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ සිට සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක වන අතර පසුව අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුලත් වී ඇති අතර ඇයට චීනයේ සීඝ්‍රයෙන් පැතිර යන ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිතවී ඇතැයි තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා තහවුරු කර සිටියා.

ඒ සමගම රටේ ජනතාව නිරන්තර අනතුරට ඇද දමමින් තම මඩිය තර කර ගන්නා අමන ඉරාජ් වීරරත්න ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ (Tourism Promotion Bureau (SLTPB)) අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් ගෝඨාභය විසින් පත්කර ගත් අතර ඔහු කුප්‍රකට මාධ්‍ය ගණීකා ව්‍යාපාරයක හිමිකරුවෙකු වන දිලිත් ජයවීරගේ Triad සමග එක්ව රටේ ජනතාවගේ බදු මුදල් මිලියන ගණනක් අවභාවිතා කරමින් නිර්මාණය කල විඩියෝවක්  රටේ කොරෝනා වෛරසය පැතිරයාමට බලපෑම් එල්ල කර තිබේන බව මේ වනවිට පැහැදිලිය.

අදාළ විඩියෝව දිලිත්ගේ දෙරණ පඩංගුවේ නොපෙන්වු අතර එය ජාත්‍යන්තරව සංචාරකයින් ප්‍රවර්ධනය කරන ප්‍රචාරක ක්‍රමවේදයන් යොදා ගනිමින් (ගුවන් යානා,ජාත්‍යන්තර රූපවාහිනි නාලිකා, අංක එකේ හෝටල්…Etc) ප්‍රචාරය කිරිමට කටයුතු කර තිබේ.එම විඩියෝව හරහා රටින් රටට සංචාරය කිරිම නතරකර තිබුනු මේන්ම තමන්ට වෛරස වැලදේ යන බියෙන් සිටි විදේශිකයන් ලංකාවට පැමිණ ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.

අදාළ විඩියෝව හරහා උපුට ගත් දර්ශණ කිහිපයක්! (සම්පූර්ණ විඩියෝව පහතින් දක්වා තිබේ.)

එක් රෝගීයෙකු හමුවු පසු වෙනත් රොගියෙකු ටිකට් කපා චීනය සැනසූ අමන රාජපක්ෂලාගේ ෆැන්ටසීය ආතල් එකක් කරගත් දිලිත්/ඉරාජ්  වැනී අමනයන් රටේ ජනතාවගේ ජිවිත බිල්ලට දි ඇති බව දැන් පහැදිලිය.එම විඩියෝවට අනුව විදේශිකයන් ලංකාවට එමට පටන් ගත් අතර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සිය බලය භාවිතා කරමින් කිසිදු පරික්ෂණයකින් තොරව ඔහුන් රට ඇතුලට ගැනිමටද කටයුතුකර තිබේ.

ඊට හොදම උදාහරණය වන්නේ කොරෝනා වෛසරය (COVID-19) ආසාදන වු දෙවන පුද්ගලයා 52 හැවිරිදි සංචාරක මගපෙන්වන්නෙකු විමයි.ඔහු රටේ ස්ථාන ගණනාවටක ගමන් කල අතර ඔහු සමග සිටි විදේශිකයන් මේ දක්වා සොයා ගැනිමට ශ්‍රි ලංකා රජයට හැකි වි නෑ.

ඒ අනුව ඇත්තටම සිදුව ඇත්තේ එක් පැත්තකින් රටේ ජනතාව බිල්ලට දී මිලියන 500කට අධික මුදලක් දිලිත්ගේ Triad එක හරහා ඉරාජ් සහ දිලිත් සාක්කුවේ දමා ගැනිමය.එයින් කොටසක් සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංගගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන්ද ලබාදි ඇති බව මේ වනවිට තහවුරු වි තිබේ.

රටේ ජනතාව කොරෝනා බිල්ලට දුන් දිලිත්,ඉරාජ් විඩියෝව….

කොරෝනා පැතිරවිමට දායක වුවන්ට එරෙහිව නීතිය වහාම ක්‍රියාත්මක කරනු!

මේ අතර රජයේ වියදමින් කොරෝනා පැතිරවු ප්‍රචාරක ව්‍යාපෘතියකට දායකවුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස සමගී ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හරින් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලිමක්ද කර තිබේ.

රජයේ වියදමින් කොරෝනා පැතිරවු ප්‍රචාරක ව්‍යාපෘතියකට දායකවුවන් වහාම අත්අඩංගුවට ගනු!

කොරෝනා වෛරස රටපුරා ව්‍යාප්ත කරලීමට රජයේ මුදල් අවභාවිතා කරමින් සිදු කළ ප්‍රචාරක ව්‍යාපෘතිය පිළිබදව පොලිස්පතිවරයා විසින්, පරීක්ෂණයක් පවත්වා රට අනතුරේ හෙලූ පුද්ගලයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා සිටිමු.

පසුගියදා සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රචාරය වූ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ප්‍රචාරක වීඩියෝ පටයකින්, ශ්‍රි ලංකාව කොරෝනා වලින් නිදහස් වූ රටක් ලෙසත්, පළමු වරට කොරෝනා රෝගියෙකු සුවපත් කළ බවත් ප්‍රචාරය කරන ලදී. ඒ තුළින් ශ්‍රි ලංකාවට බියෙන් සැකෙන් තොරව, සංචාරයට පැමිනෙන ලෙස ආරාධනා කරන ලදී. එය සිදු කලේ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂකවරයෙකු නිසාත්, එය නිළ ප්‍රකාශයක් ලෙස පිළිගත් සංචාරක මග පෙන්වීම් කරන්නන්, හෝටල් ක්ෂේත්‍රයේ කටයුතු කරන්නන්, සිය කටයුතු නැවත ඇරඹීය.

ශ්‍රි ලංකාවේ ප්‍රථම ආසාදිතයා වූයේත්, සංචාරක මග පෙන්වන්නෙකි. මෙම ප්‍රකාශය නිසාම, ගුවන් තොටුපළ නිරීක්ෂණය කටයුතුද, ලිහිල් වූ බව ප්‍රකාශ විය.

මෙම වීඩියෝව තුළින් සිදුවූ බලපෑම මෙන්ම, රජයේ මුදල් භාවිතා කොට, සිදු කළ අනර්ථකාරී ප්‍රචාරය ගැන, වහාම විධිමත් පරීක්ෂණයක් කළ යුතු බව අවධාරණය කරමු. මෙම වීඩියෝව නිර්මාණය කළ පුද්ගලයා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම පිළිබඳව වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙන ලෙස නීතිපතිවරයාගෙන් හෝ ඉල්ලා සිටිමු.

පළමු සංස්කරණය… අදාළ පුවත පලවි පැය කිහිපයක් තුල සිය twitter ගිණුමේ සටහනක් තබමින් ඔහු ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු නොවන බවත් එම විඩියෝව නිර්මාණය කිරිමට තමන් දායකත්වය නොදුන් බවත් සටහන් කර තිබේ.ඒ හරහා ඔහු ගන්නා උත්සහය කුමක්ද යන්න අප හොදින්ම දනී.

නමුත් සිය තනතුර භාරගනිමින් YouTube හරහා තබා තිබු විඩියෝ සටහන ද අප මෙසේ පලකරමු!

කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඉරාජ්ට යැවු පත්විම් ලිපිය…


ජනවාරි 14 වැනිදා DailyMirror පුවත් පත Iraj appointed to Tourism Director Board ලෙස පලකර තිබු ලිපිය…. 

http://www.dailymirror.lk/breaking_news/Iraj-appointed-to-Tourism-Director-Board/108-181229

රටක් වැනසූ පිංපි ඉරාජ්ට අවසානයේ කිමට ඇත්තේ මේ පළමු සංස්කාරණය පමණක් බවයි. තවදුරටත් රටේ ජනතාව රැවටිමට ඔබට නොහැකි බව අප තරයේ අවධාරණය කර තබමු!

 

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 19, 2020- ජනතාවගේ හදවත් දිනාගත් බිම් මට්ටමේ පාක්ෂිකයින්ගේ දුක,කඳුළු හදුනන සියලු නායකයින් පක්ෂයෙන් එළවා දමා අතලොස්සක් සිටින පක්ෂයකට නායකත්වය දිමට ඔබතුමා දරණ උත්සහය පිළිකුලින් යුක්තව ප්‍රතිකේෂ්ප කරන අතර මේ ලිපිය ලියන අද දින දක්වා පක්ෂය එකමුතු කරයි යැයි සිතුවත් එය ඔබතුමාගෙන් ඉටු නොවන නිසා “එක්සත් ජාතික පක්ෂය බොරැල්ල කනත්තට ගෙන යාමට ඔබ සුදානම් කරන බස් රථයෙන් මම බැස යන බව” දන්වා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් කළමනාකරු සුරේෂ් ද සිල්වා එක්සත් ජාතික පක්ෂයෙ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් කියා සිටි…

එක්සත් ජාතික පක්ෂය බොරැල්ල කනත්තට ගෙන යාමට ඔබ සුදානම් කරන බස් රථයෙන් මම බැස යමි…. සම්පූර්ණ ලිපිය පහතින් කියවන්න

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 18, 2020 – “රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4% ක පොළියකට ලබා දීමට කටයුතු කරනවා.” උපුටා ගැන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා කරන ලද විශේෂ ප්‍රකාශය

ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට පිරිප්පු කිලෝවක් රුපියල් 65 කටද සැමන් ටින් එකක් රුපියල් 100 කටද විකිණීමට ද නියෝග කරමින් ලැජ්ජාවක් නොමැතිව කබලෙන් ලිපට වැටි සිටි ජනතාවගෙන් ඡන්දය හිගා කෑ ගෝඨාභය රාජපක්ෂ(වැ.බැ) ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේ බැංකු හා මූල්‍ය ආයතන සම්බන්ධයෙන් කල ප්‍රකාශය ජනතාව මුලාවේ දැමිම සදහා සිදුකල එකක් බව මහ බැංකුව මෙන්ම මුල්‍ය ආයතන් ප්‍රධානින් රැසක් අප විශේෂ වාර්තාකරු සමග සදහන් කර තිබේ.

මන්ද රටේ මුල්‍ය හැසිරවිම සම්බන්ධයෙන් ජනාධිපතිවරය ප්‍රකාශයක් සිදු කිරිමට පෙර ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ මෙන්ම මහා බැංකුවේ විශේෂඥ සහය ලබාගත යුතු නමුත් එම ප්‍රකාශයෙන මේ දක්වාද  මහා බැංකුව එවැනි කිසිම දෙයක් සම්බන්ධයෙන් දැනුවත් නොමැති බව අද (19) ජනාධිපතිවරයාට දැනුම් දි තිබේ.මීට අමතරව රටේ පෞද්ගලික මුල්‍ය ආයතන ප්‍රධානින්ගෙන් අප විශේෂ වාර්තාකරු කල විමසීමේදී ඒ අකාරයේ කිසිදු දැනුවත් කිරිමක් හෝ ඉල්ලිමක් රජය හෝ මහ බැංකුව සිදුකර නොමැති බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ යහපාලන ආණ්ඩුව ඉතා අඩුමිලට ලබාදුන් පොහොර මිට්ය නොමිළේ ලබාදීමට කටයුතු කරන බව වේදිකා මත කී ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පාලනය මේ වනවිට රටේ ගොවී ජනතාවට සල්ලී දි හෝ පොහොර ගැනිමට හැකියාවක් නැතිකල අයුරු මතක තිබේ නම් මේ කතාව දෙසද ඒ විදියට බැලිම යහපතකි. මන්ද අවසානයේ මාස 6ක් තමන්ගේ වාහනයේ ලිසීං වාරික නොගෙවා සිටිම සහ බැංකු ණය ලබා ගැනිම සදහා ජිවත් වන ඉඩම උකසට තබා ඇති අහිංසක ජනතාවට අවසානයේ සිදුවන්නේ බෙල්ලේ වැල දා ගැනිමට මිස වෙන කිසිම කිසිවක් නොව.
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 17, 2020- එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන කිසිඳු(දෙස්/විදෙස්) ගුවන් මගියෙකුට ඊයේ මධ්‍යම රාත්‍රීයේ ගුවන් පහසුකම් ලබා නොදෙන ලෙස ශ්‍රී ලංකා සේවා අධිකාරිය සියළු ගුවන් සේවා ආයතන වෙත පැහැදිලිව උපදෙස් ලබාදී තිබියදි සීමිත ආසන ඉඩ පහසුකම් වලට SriLankan Airlines (UL 504) යානය දේශපාලන ප්‍රබලයන් කිහිපදෙනකුගේ ළමුන් හා හිතවතුන් පමණක් රැගෙන අද පස්වරු 12:40 Colombo (CMB) බණ්ඩාරනායක ගුවන් තොටුපලට පැමිණ තිබේ.

ඒ ඊයේ බ්‍රිතානයේ වේලාවෙන් රාත්‍රී 20:40 London (LHR) SriLankan Airlines (UL 504) යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබු සියලු මගීන්ගේ Flight Booking Itinerary අවලංගුකොට එම මගීන්ට Email පණිවිඩ යැවීමට ශ්‍රී ලංකන් ගුවන් සමගම කටයුතු කොට තිබියදිය.එංගලන්තයේ සිට පැමිණි විශේෂ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් රජයට සම්බන්ධ දේශපාළඥයන්ගේ දරුවන් සහ ව්‍යාපාරිකයන්ගේ දරුවන් සහ ඔවුන්ගේ මිතුරු කණ්ඩායම් කිහිපයක්ද එක්ව තිබේ.ඒ සාමාන්‍ය පවුල් වල ශිෂ්‍යන් ගනාවක් ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ හිර ව සිටියදියි.

ඒ අතර ලක්ෂමන් වසන්ත පෙරේරගේ පුතා, මහින්ද යාපගේ පුතා, මහින්දානන්දගේ පුතා, ධම්මික පෙරේරාගේ දියණිය ඇතුලු ප්‍රභූන් යැයි හඳුන්වන සීමිත පිරිසක් එම ගුවන් ගමනට එක්ව ඇති අතර එම පිරිසට ඇමෙරිකාවේ සිට එංගලන්තයට පැමිණි මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පුත් පසන් අමරවීර ද එක්ව තිබේ.

අදාල කණ්ඩායම පසුව දියතලාව පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට ගොස් ඇති අතර ඒ සදහා දියතලාවේ පිහිටි යුධහමුදාව සතු නිළධාරී බංගලා කිහිපයක් යොදවාගෙන තිබේ.එය යුද හමුදාපතිවරයාද මෙ වනවිට තහවුරු කර අවසන්.

මේ අතර එංගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් ප්‍රශ්නකොට සිටින්නේ තමාගේ ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීම් මෙසේ අවලංගු කොට දේශපාලන බලය ඇති පුද්ගලයන්ගේ නෑදෑ හිතවතුන් හා සමීපතයන් රටට ගේනවා ගැනීම කොතරම් සාධාරණද යන්නයි . එසේම නීතිය සැමට එක ලෙස බලනොපාන්නේ මන්දැයි ඔවුන් රජයෙන් ප්‍රශ්න කර සිටිනවා.

මේ අතර අදාළ ගුවන් යානය පැමිණ පැය දෙකක් ඇතුලත අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.ඒ අනුව අද සිට සති දෙකක් යන තුරු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

Published on: Mar 17, 2020- එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවිම යටතේ “සමඟි ජන බලවේගය” දේශපාලනයෙන් ඉවත් කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බවට අප කල වාර්තා ඇත්තක් බවට පත්කරමින් බැදුම්කර හොරුන්ගෙන් විවිධ වරප්‍රසාද ලබන් කිහිප දෙනෙකු “සමඟි ජන බලවේගය”ට එරෙහිව හෙට (18) අධිකරණය හමුවට යෑමට නියමිත බව වාර්තා වේ.

අප පසුගිය 14 වැනිදා කල අනාවරනය පහතින් කියවන්න 

සජිත් කරමුලටම හිරවේ !! හෙට නාමයෝජනා ගැන නඩුවක්!!! යනුවෙන් සම්බන්ධයෙන් අද සවස කලින් මධ්‍යස්ථ මතධාරීන් ලෙස පෙනී සිටි SL VLOG විසින් විඩියෝවක් නිකුත් කර තිබේන අතර එම විඩියෝවට අනුව සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස පෙනී සිටින කලක් මෛත්‍රීපාල සිරිසේනගේ විද්යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල ඔෂල හේරත් නැමැත්තා අධිකරණ හමුවේ “සමඟි ජන බලවේග” පක්ෂයේ නෛතීක භාවය සම්බන්ධයෙන් අභියෝගයට ලක්කර කෙසේ හෝ නාමයෝජනා ලබාදිමට ඇති අවස්ථාව නතර කිරිමටයි.ඒ සදහා රාජපක්ෂලාගේද සහය රනිල්ට ලැබි තිබේන නමුත් නීතිය නොදැන ඔහුන් කටයුතු කරන බව අද නිකුත් කල විඩියෝවට අනුව ඉතාම පැහැදිලිය.

පළමුව ඔබ මෙම විඩියෝව නරඹන්න…..

SL VLOG මොනවාද මේ කියන්නේ….

ඒ අනුව ඔහුන්ගේ පළමු තර්කය වන්නේ පක්ෂ ව්‍යවස්ථාවේ 22. 11 වන ව්‍යවස්තාව මගහැරීමයි…

පක්ෂයකට එය කල හැකියි. එසේ කර ඇත්තේ අපේ ජාතික පෙරමුණේ විධායක සභාව මගිනි. එය වැරදි නම් අභියෝග කල හැක්කේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ කෙනෙකුට මිස ඔෂලට හෝ වෙනත් අයෙකුට නොවේ.පක්ෂ ව්‍යවස්තාවක් යනු සාමාජිකයන් හා පක්ෂය අතර පවතින ගිවිසුමක්. එම නිසා පුරවැසියකුට එමගින් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදු නොවේ.

දෙවන තර්කය-පක්ෂයක් ද? සංධානයක්ද?

සජිත් ඇතුලු එජාප සමාජිකයන් සමගී ජන බලවේගය (SJB)හරහා තරඟ කරනවනම් එජාපයට කල හැක්කේ එ අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරිමයි.නමුත් අලුත් පක්ෂයකින් තරඟකිරිම වලක්වන්න නීතියට බැහැ.කිසියම් පක්ෂයක් මේ පක්ෂයෙන් (සමගී ජන බලවේගය) තරඟ කරනවනම් එ අයටත් කිමට ඇත්තේ එ අය තම පක්ෂයෙ නැහැ කිම හෝ එ සඳහා අවසර දුන්නා කිම පමණී.

තෙවන  තර්කය- මැතිවරන කොමිසම නීතිය ඉක්මවා ක්‍රියා කරලා?

කිසිසේත්ම නැත. කොමිසමේ වගකීම වන්නේ පක්ෂ ලේකම් වරු ලබා දෙන තොරතුරු මත කටයුතු කිරීමයි.ඒ අනුව අපේ ජාතික පෙරමුණ පක්ෂයේ ලේකම්ගේ දැන්වීම මගින් තම සාමාජිකත්වය විසින් සජිත් හා රංජිත් පත් කල බව දන්වා තිබේ. ඉන් පසු නව ලේකම් රංජිත් පක්ෂයේ නම හා ව්‍යවස්තාව වෙනස් කොට දන්වා තිබේ. එ බව කොමිසම පිලිගෙන තිබේ.

SL VLOG කතාව අනුව පෙනෙන්නේ ඔවුන් දිස්ත්‍රික්ක අධිකරනය ඉදිරියේ ද අභියාචනා අධිකරනය ඉදිරියේ Quo warranto නැමති නඩුවක් මැතිවරණයෙන් පසුව දැමිමට බලාපොරොත්තු වන බවයි.

නමුත් Quo warranto නඩුව පුස්සකි. එය දැමිය හැක්කේ තේරීපත්වන මන්ත්‍රීවරයා චන්දය ඉල්ලන අවස්තාවේදී ආක්‍රව්‍ය 91 වගන්තිය යටතේ සඳහන් නොහැකියාවකින් පෙලුන බව ඔප්පු කිරිම තුලිනි. එවැනි කිසිදු නොහැකියාවකින් SJB අපේක්ෂකයකු නොපෙලෙති.

එසේම Certiorari writ ආඥාවක් ලබා ගන්නවා නම් ඒ සදහා අභියාචනාධිකරනයට ගොස් කොමිසමට එරෙහිව නඩු පැවරිය යුතුය. එ සඳහා කොමිසම බලය ඉක්මවා ක්‍රියා කර ඇතැයි ඔප්පු කල යුතුය. කොමිසම කිසිවිටකත් එසේ බලය ඉක්මවා ක්‍රියා කර නැත.

දිසා අධිකරනයෙන් තහනම් නියෝගයක් ගැනීමට නම් බැලු බැල්මට තමන්ට දිනිය හැකි නඩුවක් පවතින්නේ යයි අපේ ජාතික පෙරමුණේ පක්ෂයේ සාමාජිකයකු නඩුවක් පැවරිය යුතු අතර තමන් හා පක්ෂය අතර ගිවිසුම කඩ කර ඇති බව ඔප්පු කල යුතුය.

ඒ අනුව බැදුම්කර සල්ලි වලට යටවි කාගේ හෝ උවමනාවන් වෙනුවෙන් කඩේ යන ඔෂල හේරත්ට පුරවැසියකු ලෙස නඩුවක් දමා දිනා ගත හැකි දෙයක් නැත.

http://lankanewsnetwork.org/archives/23616

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Published on: Mar 15, 2020- ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවිම සදහා මෙන්ම රාජපක්ෂලා වෙනුවෙන් සෑම අයුරකින්ම පෙනීසිටි ජාතිකවාදී සංඝ බලවේගය “අපේ ජනබල පක්ෂය” මහා මැතිවරණයට තරග කිරිම සදාහා මේ වනවිට අවසන් තින්දුවක් ගෙන ඇති අතර එම පක්ෂයේ නිල නිවේදනය හෙට දහවල් නිවේදනයි කිරිමට සුදානම් බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. ඒ අනුව “අපේ ජනබල පක්ෂය” කොඩිය ලකුණින් තරග කිරිමට නියමිතයි.

අතුරුලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි,පාහියන්ගල ආනන්දසාගර හිමි,ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි,සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ඇතුලු ජ්‍යෙෂ්ඨ හිමිවරුන් ඇතුලු අනුනායක හිමිවරුන් රැසක් මෙන්ම ව්‍යාපාරිකයන්,විවිධ ජාතික සංවිධාන නායකයන් මෙන්ම 4වන ඊළාම් යුද්ධය ජයග්‍රහණය කිරිමට නායකත්වය දුන් හමුදා ප්‍රධානින් රැසක්ද “අපේ ජනබල පක්ෂය” නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් විමට නියමිතයි.

මිට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයන් මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇතුලු විවිධ සුළු පක්ෂ නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් විමට සිට නමුත් නාමයෝජනා නොලැබුන පිරිසක්ද මේ වනවිට “අපේ ජනබල පක්ෂය”යෙන් නාමයෝජනා ඉල්ල ඇති බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

මේ අතර නව පක්ෂයෙන් තරග වැදිමට නියමිත ස්වාමින්වහන්සේලා කිහිප දෙනෙකුට යෝජනා ලබාදි අවසන් මොහොතේ නාමයෝජනා ලබාදිම නතරකර ගැනිම සදහා රාජපක්ෂලා මේ වනවිට මෙහෙයුමක් දියත් කර තිබේන බවද අනාවරණය වි තිබේ.

වත්මන් ආණ්ඩුවේ ආසාර්ථක රාජ්‍ය පාලනය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පමණ ඉතා වාසිදායක තත්ත්වයක් පවතින බවත් ඒ අනුව සිංහල,බෞද්ධ ජනතාව නියෝජනය කරමින් මන්ත්‍රීධුර යම් ප්‍රමාණයක් ලබා ගැනිමට හැකි බව මේ වනවිට එම කණ්ඩායම විසින් සිදුකර තිබේන පරික්ෂන වාර්තාවක් හරහා අනාවරණය වි තිබේන බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කලා.

විල්පත්තු විනාශය නතර කිරිම,රණවිරුවන්ට සැලකීම,පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ අය අත් අඩංගුවට ගැනීම, පුරාවස්තු සහ රක්ෂිත ආරක්ෂාව වැනි කරුණු රැසක් මෙම මැතිවරණ ව්‍යාපාරය තුල ජනතාව හමුවේ තැබිමටට්ත් එය පාර්ලිමේන්තුවේ බලය හොබ්වන කවුරුන් ලවා හෝ සිදුකර ගැනිම් සදහා සංඝ බලවේගය නියෝජනය කරමින් සංඝයා වහන්සේලා පාර්ලිමේන්තුව නියෝජනය කල යුතු බවයි පසුගියදා සිදුකල සාකච්ඡාවේදි සංඝ බලවේගයේ හිමිවරුන් පෙන්වා දි ඇත්තේ.
Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top