Published-19/11/2017 සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් සෞඛ්‍ය ඇමතිවරයාට අනුයුක්ත කැබ් රථයකින් තරුණයෙකු යටකර ගොස් යහපාලන නීති නැමිල්ලෙන් එම අනතුර යටකර දැමිම සදහා මෙහෙයුමක් දියත් කරමින් සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් සෞඛ්‍ය ඇමතිවරයාට අනුයුක්ත කර ඇති WP PG – 1412 දරණ කැබ් රථයෙන් පසුගිය නොවැම්බර් 17 වන දින රත්මලාන ගොලුමඩම හන්දියේදී WP BFT – 4857 දරණ යතුරු පැදිය අනතුරකට ලක් කර එම තරුණයාට බරපතල ලෙස තුවාල කර ඇති අතර මේ වනවිටත් දින ගණනක් වැල්ලවත්ත ප්‍රදේශයේ ඇති ROYAL HOSPITAL  නැමති පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම අනතුරට සම්බන්ධ රාජිතගේ මැර රියදුරන් නීතියට කොකා පෙන්වමින් සිටින බවයි අනාවරණය වි ඇත්තේ.

රාජිතගේ මැර රියදුරන් අනතුරට ලක්කර ඇත්තේ  M. සුජීවන් නැමති අංක 165/21/A, කිරුල පාර, නාරාහේන්පිට පදිංචි තරුණයෙකු බවද මේ වනවිට අනාවරණය වි ඇති අතර සිදුවු අනතුර හේතුවෙන් එම තරුණයාගේ මතකයටද දැඩි ලෙස හානී සිදුව තිබේ.

අදාළ තරුණයා රත්මලාන ගොලුමඩම හන්දිය හරහා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදි රාජිතගේ ආරක්ෂක එම යතුරු පැදියේ වැරදි පසින් පැමිණ යටකර ඇති අතර ඒ සමගම් පලායැමට එම කැබ් රථය උත්සහ ගත් අවස්ථාවේ එම ආසන්නයේ සිටි පිරිස් විසින් කැබ් රථ්ය නතරකරගෙන ඇති අතර අනතුරට ලක්වු තරුණයා එම පිරිස් විසින් රෝහල් ගතකිරිමට කටයුතු කර තිබේ.

පසුව අනතුර සිදුවු ස්ථානයට ගල්කිස්ස පොලිසිය පැමිණ ඇති අතර පොලිසියට අදාළ රියදුරු වෙනුවට වෙනත් කෙනෙකු ඉදිරිපත් විමට උත්සහ කිරිමත් ඔහුන් දැඩි ලෙස මත් පැන් පානය කර සිටි බව දැනගත් එම පීරිස විරෝධය දැක්විමත් සමග අදාල රාජිතගේ මැර රියදුරු පොලිසියට සහ වටේ සිටි පිරිසට කෑ ගසමින් තර්ජනය කර තිබේ.

මෙම අනතුර සිදු කරන අවස්ථාවේ රිය පදවා ඇත්තේ පො.කො. 37491 I.M.A. සම්පත් නැමති සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ  ආරක්ෂක අංශයේ ඇමති බිරිඳට අනුයුක්ත කර ඇති නිළධාරියෙකු වන අතර එම අනතුර සිදුවන අවස්ථාවේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීයක් වන පො.කො. 14582 W. රන්ජන නැමැත්තෙක්ද සිට ඇති අතර මොවුන් දැඩි ලෙස බීමත්ව සිට ඇති අතර එම අනතුර සිදු වූ අවස්ථාවේ මොවුන් ඇමතිවරයාසේ නම දහන් කරමින් පරීක්ෂණය කිරීමට පැමිණි පොලිස් නිළධාරින්ට හ අනතුරට ලක් වූ පුද්ගලයාට මෙන්ම  අවට රැස්ව  සිටි පුද්ගලයන්ට පරුෂ වචනයෙන් බැන වැදී තිබේ.

“අඩෝ…..අපි ඇමති රාජිතගේ ආරක්ෂකයෝ …ඔබලට අපිට අතවත් තියන්න බෑ…පලයල්ලා …..”කෑ ගසමින් පොලිසියටද තර්ජනය කර තිබේ.

පසුව කැබ් රථය සහ අදාළ මැර ආරක්ෂකයන් දෙදෙනා පොලිස් ස්ථානයට රැගෙන ගොස් කණේ වැලි ගැවෙන තරමට නීතිය නමා තිබේ.

අනතුර සිදු කල පුද්ගලයන් එම අවස්ථාවේ  බීමත් සිටිම හේතුවෙන් වෛද්‍ය වාර්තාවක්  ලබා ගැනීමට අවශය වූවත් පරීක්ෂණය සිදු කල පොලිස් නිළධාරිට බලපෑම් සිදු කර වෛද්‍ය වාර්තාව ලබාදිම ප්‍රතික්ෂේප කර ඇති අතර

අනතුරට ලක් වූ වාහනයද ගල්කිස්ස පොලීසිය බාරයට ගෙන ඇති නමුත් අනතුරට ලක් වූ තරුණයා අද වනවිටත් රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදිත් අනතුර සිදු කල ඇමති ආරක්ෂක නිළධාරියා එදිනම (17) දින ඇප ලබා නිදහස්ව ගොස් තිබේ.

මෙම අනතුර සිදු කල ඇමති ආරක්ෂක නිළධාරින්ට පොලිසිය රථවාහන නීතිය අනුව නීතිය ක්‍රියාත්මක කලේ නම් …

01. බීමතින් රිය පැදවීම

02. අනතුරක් වලක්වා ගැනිමට කටයුතු නොකරිම

03. අපරික්ෂාකාරී රිය ධාවනය.

04. වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය

යටතේ නඩු පැවරිය යුතු වුවත් අපට ලැබුණු තොරතුරු  අනුව 02, 04 චෝදනා පමණක් ලකුණු කර  ගල්කිස අධිකරණසේ නඩුවක් ගොනුකර තිබේ.

දන්නා පරිදි ඇමති ආරක්ෂක අංශයට සුදුසු කම් ලැබීමට වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්‍යය. එයද පුදුමයට කරුණකි. තවත්  කරුණක් වනුයේ  මේම ඇමති  ආරක්ෂක නිළධාරින්ට ගල්කිස්ස  සපොලීසිසේම මීට පෙරද මේවැනි චෝදනාවකට වරදකරු වී තිබිමයි.

පවතින නීතිය අනුව අමාත්‍යංශයට අයත් වාහනයක් අමාත්‍යංශ රියදුරක්ට හැර පැදවිය හැකිද ?

අනතුර සිදු කරන ලද්දේ පො.කො. 37491 I.M.A. සම්පත් නැමති ඇමති ආරක්ෂක නිළධාරියා වුවත් (මොහුට කිසිම රියදුරු බලපත්‍රයක් සනොමැත්.) ඉදිරිපත් කර ඇත්තේ පො.කො. 14582 W. රන්ජන ඇමති ආරක්ෂක නිළධාරියාය. නමුත් ඔහුගේ රියදුරු බලපත්‍රයද කල් ඉකුත් වී ඇති බව අනාවරණය වි තිබේ.මේ වනවිත් ඇමති ආරක්ෂකයන් පොලීසියට බලපෑම් කර නඩුව වැසීමට කටයුතු කරමින් සිටින බවද නොරහසකි.

Published-18/11/2017- විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙතෙක් ඉටු නොකිරිම සහ යහපාලනය වෙනුවෙන් වූ පොරොන්දුව ගණනාවක් කඩ කිරිම යන කරුණු පදනම් කරගෙන ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වේ.

මේ පිළිබඳව රනිල් මහින්ද අතර නිල එකඟතාවයක් ඇති වී තිබෙන අතර දෝෂාභියෝගය ගෙන ඒමට අදාළ රහස් සාකච්ඡාවක් රනිල් මහින්ද කණ්ඩායම් විසින් පසුගිය දිනකදි කොළඹ දි පවත්වා තිබේ. ඒ සඳහා එජාප හිතවාදි දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් කිහිප දෙනෙකු ද ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පිරිසක් සහ තවත් සිවිල් ක්‍රියාකාරින් පිරිසක් ද සහභාගි වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

එහි පළමු පියවර ලෙස ශ්‍රි ලනිප ප්‍රබලයන් කිහිපදෙනෙකු ආණ්ඩුවෙන් ගලවා මෛත්‍රීට එරෙහිව ප්‍රකාශයක් කිරීමටත් සමාජ ජාලා වෙබ් අඩවි හරහා පුවත් නිර්මාණය කිරීමටත් මේ වන විට කටයුතු කරමින් ඇත. ජනාධිපතිවරයා පසුගියද ප්‍රඨ්හම වරට බැඳුම්කර මගඩිය පිළිබඳව පලමුවරට ප්‍රසිද්ධියේ කතා කිරීම හරහා රනිල් ප්‍රමුඛ එජාප ප්‍රබලයන් මෛත්‍රීට එරෙහිව ක්‍රියා කිරීමට පටන් ගෙන ඇති අතර ඒ අනුව එජාප හිතවාදි වෙබ් අඩවි හරහා ජනාධිපතිවරයාටත්,පවුලේ සාමාජිකයන්ටත්, එරෙහිව විවිධ පුවත් නිර්මාණය කිරීමටත් සැළසුම් කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමදම් එ වන විට මෛත්‍රීට එරෙහිව ප්‍රහාරයන් දැඩි කර ඇති අතර එය මේ සැළසුමේම තවත් කොටසකි.

අහිමි වී ඇති ශ්‍රිලනීප බලය නැවත යළි ලබා ගැනීම සඳහා රාජපක්ෂ කණ්ඩායම කටයුතු කරමින් ඇති බවත් එම බලය ලබා ගැනීමට නම් මෛත්‍රි ජනාධිපතිධූරයෙන් ඉවත් කළ යුතු බවත් එජාපයේ මෛත්‍රි විරෝධය පාවිච්ච් කර සුදුසු අවස්ථාවේදි දෝෂාභියෝගයක් ගෙන ඒමටත් සැළසුම් කොට තිබේ.

Published-2017/11/17- හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු රාජපක්ෂ පාලනයේ ඉහළ පෙළේ සාමාජිකයින්ට එරෙහිව දූෂණ චෝදනා විමර්ශන කඩිනම් කිරිමට වහාම උපදේස් දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලිමක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය සදුදා උදෑසන ජනාධිපතිවරයා මුණ ගැසුණු අගමැතිවරයා තහවුරු කර සිටියේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයින් පිළිබඳ පොලිස් පරීක්ෂණය අවහිර කිරීමට තමන් මෙන්ම නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා වන අගමැතිගේ සමිපතම මිතුරා වන සාගල රත්නායක කිසිදු විටක කටයුතු කර නැති බවයි.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා අතර දෙනියාය නිවසේ කිසිදු සාකච්ඡාවක් සිදු නොවු බව අවස්ථා ගණනාවකදි තහවුරු කල අගමැතිවරයා එම ප්‍රකාශය තවදුරටත් තහවුරු කරමින් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ….

“සාගල මට නොකියා කිසිම දෙයක් කරන්නේ නෑ,….” යනුවෙනි.

පසුගිය දින කිහිපය පුරාම ගාමිණී සේනරත් ආරක්ෂා කිරිම පසුපස සාගල රත්නායක අමාත්‍යවරයා සිටින බව රාජ්ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට දුන් වාර්තාව අසත්‍ය එකක් බවත් තමන් ඒ සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි අංශ සමඟ පෞද්ගලිකව පරීක්ෂා කර බැලු බවද අගමැති තහවුරු කර තිබේ.

මේ අතර එම හමුවේදි හිටපු අමාත්‍ය ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර නායක බැසිල් සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා විමසා ඇති අතර එයටද පිළිතුරු දුන් අගමැතිවරයා මින් ඉදිරියට තමන් කිසිවෙකුත් ආරක්ෂා කිරිම වෙනුවෙන් පෙනී නොසිටින බව දැඩි ලෙස අවධාරණය කර තිබේ.

මේ වනවිට බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඇති අධිකරණ ක්‍රියාමාර්ග වෙගත් කිරිමට නීතිපතිවරයා උපදෙස් ලබාදි ඇති අතර ඉදිරි දින කිහිපය තුල පසුගිය ජනාධිපතිවරණ සමයේ ලිත් මුද්‍රණය කිරිම හරහා බලය අනිසි ලෙස යොදා ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් දැඩි තින්දුවක් ලබාදිමට සුදානමක් පවතින බවද වාර්තා වේ.

පසුගියදා බැසිල්ගේ නඩුව ගිහාන් කුලතුංග විනිසුරුවරයා ඉදිරියියේ කොළඹ මහ අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ නඩුව විභාග කරමින් සිටින අතරතුර විනිසුරුවරයා ආසනයේ සිටියදිම සිය දුරකතනයට ලැබුනු ඇමතුමකට සම්බන්ධ වු අතර පසුව් අවසාන තප්පර කිහිපය තුලදි නඩුවට අදාල නව ලිපිගොනු රැසක් එකතු කිරිමටද කටයුතු කර තිබේ.

Published-2017/11/16 -ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයකු සහ නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනකු එම ධූරවලින් පහ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තිරණය කර තිබේන බව වාර්තා වේ.අදාළ ඉවත් කිරිම අය වැය තෙවන වර ඡන්ද විමසීමට පෙර සිදුකිරිමට නියමිත අතර ශ්‍රිලනිපයේ මෛත්‍රී පිළේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුගේ ගතු කිම හේතුවෙන් මෙම ඉවත් කිරිම සිදුකිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න,රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ,ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක, සහ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන අය බොහෝවිට ඉවත් කිරිමට නියමිත අතර ඉවත් කිරිමට පෙර අවසන් තින්දුව ගැනිමට ඉදිරි දින දෙක තුල ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කිරිමට නියමිත බවද දැනගන්නට ලැබේ.

අය වැයට විරුද්ධව ඡන්දය දී ඒකාබද්ධ විපක්ෂයට එක්වී ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවයට පත් කිරීමට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු හෙළි විම මෙම ඉවත් කිරිමට තින්දු කිරිමේ ආසන්නමතම හේතුව බවයි වාර්තා වන්නේ.

මේ අතර කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතාගේ පවුලේ ආරංචි මාර්ග පවසන්නේ පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාම යෝජනා ලබාදීම ආරම්භ කළ වහාම ඔහු ඒකාබද්ධ විපක්ෂය සමග එක් වනු ඇති බවය.

ජෝන් සෙනවිරත්න මහතා මෙසේ ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වනු ඇත්තේ ඔහුගේ බිරිය අතුලු පවුලේ සමීපතමයින්ගේ බල කිරීම මත බව දන ගන්නට තිබේ

Published-2017/11/16-ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතනවල හැසිරීමත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියාදෙන පක්ෂ ලෙක්ම්වරුන්ගේ සැබෑ තත්ත්වය ගැනත් බුද්ධිමත්ව සහ මනා සිහිබුද්ධියෙන් විමසිලිමත් වීම සියලු පුරවැසියන්ගෙන් වගකීම බව අප මැනවින් පසක් කර දි තිබේ.

පසුගියිදා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් හමුවී ආණ්ඩුවේ කඩා වැටීම පිළිබද හා රනිල් වික්‍රමසිංහ හා ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හොරකම් පිළිබද විශේෂ කතාවක් සිදු කරමින් ආණ්ඩුවෙන් ඉවත් විමට ශ්‍රිලනිප මෛත්‍රී පිළ සුදානම් බව දවල් මිගෙල් රෑ දනියෙල් නොහොත් සුසිල් ප්‍රේමජයන්ත කියා තිබේ…

සුසිල් කියන්නේ සත්‍යමද? ඉතිහාස පාඩම අමතක කර වර්තමානයේ යලිත් රැවටෙමුද?

මේ  දිර්ඝ ලිපිය ඉතාමත් හොදින් කියවන්න …

කෝට්ටේ, මාදිවෙල, ඔබහේන පාර, අංක 35 ලිපිනයේ විශ්වා වර්ණපාල විසින් එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රධාන ලේකම්නුගේගොඩ, ගංගොඩවිල පාර, දුම්රිය පල පාර, 123/1 ලිපිනයේ සුසිල් ප්‍රේම්ජයන්ත ට සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ උපසභාපතිවරයෙක් වන කොළඹ 7, ග්‍රෙගරීස් පාර, C 78, ලිපිනයේ ආතාවුද සෙනෙවිරත්නට එරෙහිව 2015 අගෝස්තු 14 දින කොළඹ දිසා අධිකරනයේ නඩු අංක DSP/113/15 නඩුව පැවරීම. (කොළඹ දිසා අධිකරණයේ නඩු ගොනුවේ පළමු කාර්ය සටහන මෙසේ ය.)

2015 අගෝස්තු 14 දින කොළඹ දිසා අධිකරණයේ නඩු අංක DSP/113/15 යටතේ පවරන ලද පැමිණිල්ල…..(පැමිණිල්ල පිටු 14 කි. එකී පැමිණිල්ල පහත දැක්වේ.)

ඉහත 2015.08.14 දින ගොනු කර ඇති පැමිණිල්ල එදිනම දිසා අධිකරණයේ හර්ෂ සේතුංග විනිසුරුවරයා ඉදිරියේ කැදවා කරුණු තහවුරු කර පැමිණිල්ලේ ආයාචනයේ අයද ඇති “එෆ්”, “ජී” වලට අදාල අතුරු තහනම් නියෝග දැන්වීම්ද, “එච්” සහ “අයි” වාරණ නියෝගද ලබා ගෙන ඇත.(2015.08.14 දින දිසා අධිකරණයේ නීති කෘතයයන් මෙසේ ය.)

විශ්වා වර්ණපාල විසින් ඉහත නියෝග 2015.08.14 දින(සිකුරාදා) කොළඹ දිසා අධිකරණයෙන් ලබා ගත් අතර 2015.08.17 දින (සදුදා) 2015 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලදී.

2015 පාර්ලිමේන්තු මැතිවරණයට අදාල ජාතික ලැයිස්තුව නම් කිරීමේදී යම් අක්‍රමිකතාවයක් වීමට ඉඩ ඇති හෙයින් සහ එය නිදහස් මැතිවරණ ක්‍රමයට අනුකූල නොවන හෙයින් සහ ඡන්ද අයිතියට උල්ලංඝණය කරන හෙයින්, ජනතාව විසින් පරාජයට පත් කළ අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුල්වීමවළක්වා ගැනීම සදහා එක් නීතීඥවරයෙක් 2015.08.19 දින මහාචාර්ය විශ්ව වර්ණපාල මහතා විසින් යොමු කරනු ලබන එක්සත් ජනතා නිදහස් සංධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ලැයිස්තුව පිළිනොගන්නා ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමසාරිස් වෙත දැනුම් දීමක් කර තිබුණි.(එකී ලිපිය පහත දැක්වේ.)

ඉහත විශ්වා වර්ණපාල විසින් කොළඹ දිසා අධිකරණයේ පවරා ඇති නඩුව නීතියට පටහැනි බවත්, එය ආරම්භක අවස්ථාවේ සිටම අවලංගු නඩුවක් බවත්, වලංගු නඩු නිමිත්තක් පවා ඉදිරිපත් කර නැති බවත්, නිසි ලෙස නඩුවට පාර්ශවයන් නම් කර නැති බවත්, වැදගත් කරුණු යටපත් කිරීමෙන් වාරණ නියෝග ලබා ගෙන ඇති බවත්, කරුණු විකෘති කර ඇති බවත්, සත්‍ය කරුණු යටපත් කර ඇති බවත්, අපිරිසිදු දෑතින් අධිකරණයේ සහන පතා ඇති බවත්, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් නඩු පවරා ඇති බවත්, තමන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කළ යුතු බවත් දක්වමින් එකී වාරණ නියෝග අත්හිටුවා ගැනීමට සහ ඉවත්කර ගැනීමට පෙත්සමක් දිසා අධිකරණයට 2015 අගෝස්තු මස 21 දින ඉදිරිපත් කර ඇත. (එකී පෙත්සම පහත දැක්වේ….)

ඒ අතර 2015.08.21 දින කොළඹ දිසා අධිකරණයේදී තවත් එක් අපූරු සිදුවීමක් වූ අතර එනම්    සුසිල් ප්‍රේම්ජයන්තට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ධූරයේ  කටයුතු කිරීම වළක්වන වාරණ නියෝගය 2015.08.14 දින ලබා ගෙන තිබියදී ජාතික ලැයිස්තුව පත් කිරීමේ කාර්ය සදහා නැවත එකී  සුසිල් ප්‍රේම්ජයන්තටම අවසර ලබා ගැනීමට     කරුණු දැක්වීමක් කොළඹ දිසා අධිකරණයට සිදුකර ඇත. (එකී පැමිණිලිකාර විශ්වා    වර්ණපාල වෙනුවෙන් දිසා අධිකරණයට කළ කරුණු දැක්වීම මෙසේ ය…)

සුසිල් ප්‍රේම්ජයන්ත විසින් ජාතික ලැයිස්තුව (2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට       පත් වූ අයද ඇතුළත්) නම් කරමින්  මැතිවරණ කොමසාරිස් වෙත යවන ලද X-1 දරන ලේඛනය පහත දැක්වේ…

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් ජාතික ලැයිස්තුව මැතිවරණ කොමසාරිස් වෙත යොමු කිරීමටසුසිල් ප්‍රේම්ජයන්ත කටයුතු කිරීමෙන් පසු විශ්වා වර්ණපාල විසින් කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුවද  2015.08.28 දින ඉල්ලා අස්කර ගන්නා ලදී. එකී නඩුව ඉල්ලා අස්කරගැනීමට අදාල නීති කටයුත්ත මෙසේ ය.(අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාට ය.)

ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතනවල හැසිරීමත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියාදෙන පක්ෂ ලෙක්ම්වරුන්ගේ සැබෑ තත්ත්වය ගැනත්බුද්ධිමත්ව සහ මනා සිහිබුද්ධියෙන්විමසිලිමත් වීම සියලු පුරවැසියන්ගෙන් වගකීමකි.

අධිකරණය කටයුතුවල වාර අවසාන් කරන දිනම එනම් 2015 අගෝස්තු 14 වන දින(සිකුරාදා) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වෙනස් කිරීමට පවරන ලද නඩුව කියවිය යුත්තේ 2017 අගෝස්තු මස 17 වැනි දින(සදුදා) පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර තිබෙන පරිසරයකදී ය. ඡන්ද දායකයින්ගේ නිදහස් මැතිවරණයට මෙය කොයි ආකාරයෙන් බලපෑම් කළේද යන්න සම්බන්ධව සමාජයේ පැවති සාකච්ඡාව අඩු වූයේ “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව” නිසාද නොදනී.

කෙසේ වෙත්ත අධිකරණ කටයුතු වාර්තා කරන්නන් මේ සිදුවීම පැහැදිලිව නිරවුල්ව ජනතාව වෙත ගෙන ගියේද? යන්න ගැටළු සහගත වුවත් මෙම ලිපිය මගින් 2015 අගෝස්තු මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයට පෙර දින (වැඩ කරන දින) කොළඹ දිසා අධිකරණයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ඉවත් කිරීමට පවරන ලද නීති කටයුත්තේ වැදගත් සිද්ධීන් ඇති සැටියෙන් මෙහි දක්වා ඇත්තේ ජනතා අධිකරණය ඉදිරියේ සිය හෘදය සාක්ෂිය විවර කර බැලීමට සෑම පුරවැසියකුටම මෙයින් ආරාධනා කරමිනි.

මෙහි ඊළග අදියර එනම් ජාතික ලැයිස්තුවට පරාජිතයින් පත් කිරීමේ නීතිමය සැළැස්මේ දෙවැනි ඉනිම නුදුරේදී පවත්වන පළාත් පාලන මැතිවරණයේ දී ජයගන්නා යහපාලන විරෝධී මන්ත්‍රීවරුන් (පොහොට්ටු) අතරින් 15%ක් යහපාලනයට නැවත නම්මවා ගැනීම ය. එය සිදු කරන ආකාරයත් – සංශෝධිත මැතිවරණ පනත 60% සහ 40% අනුපාතය, පරාජිතයන් විසින් විධායකයේ බලය සමග පළාත් පාලන ආයතන වල බලය ඇල්ලීම සම්බන්ධවත් සාකච්ඡා කරනු ඇත. වරදක් එළි දරව් කිරීමෙන් වරද වැඩි නොවන බවත්, දවල් මිගෙල් රෑ දනියෙල් ලා ගැනජනතාව මනා අවබෝධයෙන් සිටීන බවත් රට කරවන ඇත්තෝ නිතර සිහි තබා ගැනීම වටී.

රාජපක්ෂලා ගොනාට අදින විට ගම්මන්පිලලා තප්පුලෑම …..

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් හමුවී ආණ්ඩුවේ කඩා වැටීම පිළිබද හා රනිල් වික්‍රමසිංහ හා ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හොරකම් පිළිබද විශේෂ කතාවක් සිදු කරමින් ආණ්ඩුවෙන් ඉවත් වන බවට විශේෂ කතාවක් සිදු කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් හමුවී ආණ්ඩුවේ කඩා වැටීම පිළිබද හා රනිල් වික්‍රමසිංහ හා ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ හොරකම් පිළිබද විශේෂ කතාවක් සිදු කරමින් ආණ්ඩුවෙන් ඉවත් වන බවට විශේෂ කතාවක් සිදු කර තිබේ.

Published-2017/11/15- මහින්ද පිලේ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංක පොදුජන පෙරමුණ අතර එකඟතා ගිවිසුමකට අත්සන් ගැනිමට සුදානමක් පවතින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ඒකාබද්ධ – ශ්‍රීලනිප සමගි කරන්න තීරණාත්මක සාකච්ඡා පැවැත්විමත් දෙපිල අතර නිතරග ගිවිසුමක් සදහා ශ්‍රිලනීප මෛත්‍රී පිළ සහ මහින්දගේ ඒකාබද්ධය නියෝජනය කරන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් අතර සංහිදියාවක් ගොඩනැගිමට හරස් කැපිම මෙම නව ගිවිසුම හරහා බලාපොරොත්තු වේ.මේ දක්වා ඒකාබද්ධය සහ මල් පොහොට්ටුව අතර මේ දක්වා ගිවිසුමක් නොතිබුන අතර දෙපාර්ශ්වය අතර එකඟතාව මත පමණක් පිහිටා කටයුතු කර තිබේ.

ඒකාබද්ධ – ශ්‍රීලනිප නිතරග ගිවිසුමක් සදහා ඒකාබද්ධයේ රැඩිකල්වාදීන් හැර සම්ප්‍රදායික ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් කැමත්ත පලකර ඇති අතර මහින්ද රාජපක්ෂද ශ්‍රීලනිපය කැඩිමේ වරදට හසුවිමේ භීතියෙන් පෙලෙන බවයි අප වාර්තාකරු අනාවරණය කලේ.

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එකට එකතු කිරීමේ සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පවතින අතර කණ්ඩායම් දෙක එකතු කිරීම සඳහා දෙපාර්ශ්වයම නිල නොවන මට්ටමින් සාකච්ඡා කරගෙන යන බැවින් එය පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර නිර්මාණය කළ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට බරපතල ගැටලුවක් වි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින මහින්ද පිල තුල ඉදිරි පලාත් පාලන මැතිවරණයේ නාමයෝජනා සකස් කිරීමේදී බරපතල ගැටුමක් නිර්මාණයවී ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ ඒකාබද්ධය නියෝජනය කරන් සුළු දේශපාලන පක්ෂ සදහා ලැබි තිබේන අපේක්ෂකයන් ප්‍රමාණය වන අතර මෙම අර්බුදය සම්බන්ධයෙන් විමල් වීරවංශ,උදය ගම්මන්පිල සහ ශ්‍රිලනිප කණ්ඩායම අතර දැඩි ගැටුමක් නිර්මානය වි තිබේ.

මෛත්‍රී – රනිල් ගැටුම ජනතාව 2වැනි සැරේටත් රැවටීමටද? මේ එන්නේ ජාතික ලැයිස්තුව හයිජැක් කිරීමේ 2වැනි මෙහෙයුමද?…

(විමර්ශනාත්මක ලිපිය බලාපොරොත්තුවන්න)…

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, ප්‍රසන්න රණතුංග, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි සහ දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය මෙන්ම මන්ත්‍රීධුරයද අහෝසි කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කටයුතු සුදානම් කරමින් සිටින බව වාර්තා වේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර පවත්වන මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී විනය පරීක්ෂණ පැවැත්වීමේ තීන්දුව ගත යුතුයැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සාකච්ඡා කර තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත්, සන්ධානයේ මහලේකම්වරයා මාර්ගයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි කිරීමටත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබේ.

මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් පසු ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් නිතැතින්ම පක්ෂයේ තීන්දුවලට අනුකූල වන තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

Published on: Nov 13, 2017- මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදේශකවරයකු වශයෙන් කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක මහතා සහ මාතර දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද පිල අතහැර යෑමට තිරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර ඊයේ (12)අනුරපුර රැළියටද එකතු වි සිටියේ නෑ.

මිට අමතරව මහින්ද පිළේ ප්‍රබල භික්ෂූන් වහන්සේලා දෙනමක් ද ඉවත් වි ඇති අතර පසුගිය ජනාධිපතිවර පරාජයෙන් පසුව මෙම භික්ෂූන් වහන්සේලා දෙනම දැඩි කැපවිමෙන් මහින්ද පිල වෙනුවෙන් කටයුතු කල අතර නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ හටගෙන ඇති අර්බුදකාරි තත්ත්වය මෙම ඉවත් විමට හේතු වි තිබේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අතුරු වාර්තාව වෙබ් අඩවිවල පළ වීමෙන් සහ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමෙන් පසු අර්බුදයට ලක් වී ඇති අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස ෆෙඩරල්වාදි අරමුණු මත පිහිටා සිටින දයාන් සහ  පිරිසක් ඉවත් වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අතුරු වාර්තාව ප‍්‍රසිද්ධ වීමට පෙර විමල් වීරවංස සහ දයාන් ජයතිලක අතර බරපතළ මතගැටුමක් මේ සම්බන්ධයෙන් ඇති වු අතර මහින්ද රාජපක්‍ෂ  නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිකුත් කල නිවේදනයද දයාන්ගෙ රචනාවක් විමත් සමග එම අර්බුදය උග්‍ර වි තිබේ.

http://198.211.112.164/archives/16216

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පවරා ගන්නා ලෙසට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් විසින් ඉල්ලිමක් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.මිට අමතරව පොලිස්සියේ සහ FCID වැනි ආයතන ප්‍රධානින්ගේන්ද ජනපතිට මෙම යෝජනාවම යොමුවි ඇති අතර අයවැයෙන් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය කිරිමේදි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය වෙනස් කිරිමට ජනපතිද අවධානය යොමුකර තිබුනද එම ඇමති ධුරය වෙනත් අයෙකුට ලබා දෙන්නේද යන්න තවමත් තින්දුවක් ගෙන නෑ.

රාජපක්ෂ පාලනයේ දී  සිදු වූ බවට චෝදනා එල්ලව පැමිණිළි ලැබී ඇති පරීක්ෂණ  කඩිනමින් සිදු නොවීම සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සාගල රත්නායක මහතාට දිගින් දිගටම එල්ලවු චෝදනා එම අමාත්‍යාංශය පවරා ගැනිමට ආසන්නතම හේතු වලින් එකක් වන අතර එම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි  නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයට අමතරව  ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍යධුරය සහ ක්‍රිඩා අමාත්‍ය ධුරයේද  වෙනසක් ඇති වීමට බොහෝ විට ඉඩ ඇති අතර එම තනතුරු සදහ ශ්‍රීලනිපයේ මෛත්‍රී පිළේ සමිපතම කිහිප දෙනෙකු පත් කිරිම සදහා සුදානමක් ඇති බවද වාර්තා වේ.

මේ අතර අයවැයෙන් පසුව  කැබිනට් සංශෝධන සිදු කළහොත් එළඹෙන පළාත් පාලන ඡන්දයට එමඟින් බලපෑමක් සිදු විය හැකි නිසා එය සිදු නොකරන ලෙසද  ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේන බවද වාර්තා වේ.

 

Published 2017/11/12 – මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 20 -23 වැනිදා කාලසිමාව තුල බොහෝවිට කැදවිමට ඉඩ ඇති අතර ඒ සමගම යහපාලන සබඳතාවයන්ද අවසන් විමට ඉතාමත් ආසන්න තත්ත්වයක් උදාවිමට ඉඩ ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම මගින් එවන ලද ප්‍රශ්ණ රැසකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් ප්‍රකාශයක් හරහා පිළිතුරු එවා තිබියදිත් කොමිසමට අගමැතිවරයා කැදවිමට කටයුතු කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උගුලක් බවයි එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටිමට තමන් සුදානම් බව අගමැතිවරයා සදහන් කිරිමත් සමග ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් සමග කියා ඇති කතාවක් ඊට ආසන්නතම හේතුව වි ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අවරණය කළේ.

අගමැතිවරයා විමර්ෂණ කොමිසමට ඉදිරියේ පෙනී සිටීමට පෙර අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බව තමන් විශ්වාසය කරන බවත් එය තමන්(ජනපති) සහ අගමැති අතර වු පෞද්ගලික සාකච්ඡාවකදිද අවධාරණය කල බවද සදහන් කර තිබේ.

රනිල් විසින් නිර්භීතව පූර්වාදර්ශයක් දිය යුතු බවත් ඒ සදහා, පරීක්ෂන කොමිසම ඉදිරියේ “සාමාන්ය පුරවැසියෙකු” ලෙස පෙනී සිටින ලෙස තමන් අගමැතිවරයාට දැනුම් දුන් බවද ජනපති සිය ශ්‍රීලනීප කණ්ඩායම හමුවේ පවසා තිබේ.

කෙටි කාලයක් සදහා අගමැති ධුරයෙන් ඉවත් වි කථානායක කරු ජයසුරිය මහතා හෝ මුදල් ඇමති මංගල සමරවීර මහතා කෙටි කාලීනව භාරකාර අගමැතිවරයෙකු ලෙස පත් කිරිමට කටයුතු කලහැකි බවද ජනපති පෙන්වා දි තිබේ.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්කර ඇති අතර අගමැතිවරයාද පවසා ඇත්තේ ඒ අකාරයේ අවදානමක් ගැනිමට කිසුදු අවශ්‍යතායක් නැති බවත් තමන් කිසිවිටෙකත් අගමැති කම අත් හැරිමට සුදානම් නැති බවද තරයේ අවධාරණය කර තිබේ.

මේ අතර පසුගිය සතියේ රැස්වු එක්සත් ජාතික පක්ෂ රනිල් පිළේ ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දි ඇත්තේ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති විමර්ශන කොමිසම හරහා එජාපය සහ වත්මන් නායකත්වය දැඩි ලෙස රට හමුවේ අප්‍රසාදයට ලක්කර ඇති බවත් ඒ හරහා දේශපාලන කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේන බවද පෙන්වා දි තිබේ.

අවසන් මොහොතේ බැඳුම්කර කොමිසම හමුවේ අගමැතිවරයා පාවාදිමේ කුමන්ත්‍රණයක් දියත් විය හැකි බවත් එ පසුපස රනිල් විරෝධී පෙරමුනේ න්‍යාචාරවරුන් රැසක් සිටින බවත් පෙන්ව දි ඇති එජාප ජ්‍යෙෂ්ඨයන් වහාම එම කණ්ඩායම් මර්දනයට කටයුතු කලයුතු බවත් අගමැතිට පෙන්වා දි තිබේ.

Published 2017/11/11- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ප්‍රබල මත ගැටුම් ඇතිවීම නිසා එහි ඉදිරි කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් වෙනුවෙන් මේ මත ගැටුම් ඇතිව තිබේන අතර විධායක ජනාධිපති ධුරය රටේ ජාතික ආරක්ෂාව, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වි තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත බවත් ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමිවන බවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් අනාවරණය කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයා ප්‍රකාශ කර ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන බවයි.

කෙසේවෙතත් ඇතිවි තිබේන මත ගැටුම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විවෘත සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු යොජනා කර තිබුනද විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරිම සහ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිශ්චිත තින්දුවක් නොමැතිව සාකච්ඡා පැවැත්විමට එජාප ජ්‍යෙෂ්ඨයන් අකමැත්ත පලකර තිබිම හේතුවෙන් එම සාකච්ඡා අඩාලවි තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

Loading…

ඒකාබද්ධයේ මහින්ද පිළ නියෝජනය කරමින් මෛත්‍රී ජනපති සමග ඩිල් දමමින් රහසේම හමුවෙන කිහිප දෙනෙකු හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩු විරෝධී කණ්ඩායම දැඩි ලෙස කලකිරිමට ලක්ව සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනික ව විනාශ කිරීමේ අරමුණින් නැවත වරක් සිරිසේනට පාවා දීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබෙන බවත් ඒ පිටුපස  එක්සත් ජාතික පක්ෂය විසින් චන්ද්‍රිකාගේ අනුදැනුම ඇති ව ඒකාබද්ධ විපක්ෂයේ තිදෙනෙකුගේ සහායෙන් සැලසුම් සහගත කුමන්ත්‍රණයක්  ක්‍රියාත්මක වෙමින් පවතින බවයි අනාවරණය වි ඇත්තේ.

මෙම කුමන්ත්‍රණයේ ප්‍රධානම අරමුණ වි ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය අතර ගැටුම්කාරි තත්ත්වයක් එති කර ඒ හරහා මහින්ද සහ ඒකාබද්ධ විපක්ෂය වට ඒකරාශී වි ඇති බලවෙග කැබලි වලට වෙන්කිරිම වන අතර එම මෙහෙයුම හේතුවෙන් රාජපක්ෂ පවුලේ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරින් අතරද ගැටුම්කාරි තත්ත්වයක් හටගෙන තිබේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයක් බලහත්කාරයෙන් කැදව ගැනිම සදහා මෙම කණ්ඩායමේ කිහිප දෙනෙකු සක්‍රියාව මැදිහත් විම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උදහසටද ලක්වි ඇති බවටද තොරතුරු වාර්තා වේ.

තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න….

Top