ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වී තරග වැදීම පිළිබඳ සාකච්ඡාවට සහභාගි නොවී සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඊයේ (1) ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් සමඟ පැවැති ඒකාබද්ධ විපක්ෂ කමිටු රැස්වීමේදී මෙම තින්දුව ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ලිපියක්ද යොමුකර තිබේ.

පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මෙම මස තුන්වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ට සහභාගි වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරාධනා කර තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (1) පැවැති ඒකාබද්ධ විපක්ෂ විශේෂ කමිටු රැස්වීමේදී, එජාපය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීගය පවතින තාක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකට එකතු නොවීමට තීරණය කර ඇති අතර යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාපයෙන් ඉවත්ව පැමිණියහොත් පමණක් සාකච්ඡා කිරීමට එකඟ බවද මෙහිදී ප්‍රකාශ වී තිබේ.

කෙසේවෙතත් ඒකාබද්ධ විපක්ෂය වෙනම පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේද යන්න අවසාන තින්දුවක් ගෙන නොමැති අතර ඒ සදහා වෙනත් සන්ධානයක් ගොඩනැගිම සදහා කටයුතු කරනවාද ? නැද්ද යන්න පසුවට තින්දු කලයුතු බවයි ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.යම් හෙයකින් වෙනත් සන්ධානයකින් තරග කිරිමට සිදුවුවහොත් එය ශ්‍රීලනිපය නියෝජනය කරන ඒකාබද්ධයේ සමාජිකයන්ට නරක ලෙස බලපැම් එල්ල කල හැකි බවද ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දී තිබේ.

ගරු දුමින්ද දිසානායක පා.ම

මහලේකම්,

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය,

අංක 301, ටී.බී.ජයා මාවත,

කොළඹ 10.

 

2017 ඔක්තෝබර් 19 දිනැති ලිපිය සම්බන්ධවයි

 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් එළබෙන පළාත් පාලන ඡන්දයේදී අපගේ සහයෝගය පතමින් ඔබ  අප වෙත 2017 ඔක්තෝබර් 19 වෙනිදා එවු ලිපිය සම්බන්ධවයි.

එසේ එම ඡන්දය ජයග්‍රහණය කිරීම අපගේද අභිලාශය වේ. එසේ කිරීමට නම් අපි අපේ බිම් මට්ටමින් පාක්‍ෂිකයන්ගේ මෙන්ම මහජනතාවගේද විශ්වාසය දිනාගත යුතු වේ. අපගේ පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය සමඟ සන්ධාන ගතවී, එජාපයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජනතාවට ඒත්තුගන්වන තුරු එවැනි විශ්වාසයක් අපට රට තුළ ඇති කිරීමට නොහැක.

අප එළඹෙන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එජාපය සමඟ මේ ඇතිකරගෙන තිබෙන සන්ධානයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්ති හා සාරධර්මයන් වෙත නැවත යෑම අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් ලෙස අපි දකිමු. ඒ සඳහා පහත දැක්වෙන ක්‍රියාමර්ග ක්‍ෂණිකව ගත යුතු බව අප සියළු දෙනාගේම දැඩි විශ්වාසයයි.

 

  1. එක්සත් ජාතික පක්‍ෂය සමඟ කරන මේ හවුල් ආණ්ඩුවෙන් ශ්‍රිලනිපය වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත්විය යුතුය.

 

  1. දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම පහත හෙළීමට පියවර ගත යුතුය.

 

  1. ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන් ශ්‍රීලනිපය මන්ත්‍රීවරු ඉවත් වී එයට එරෙහි විය යුතුය.

 

  1. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාරධර්මවලට අනුකූලව අති පූජනීය සංඝරත්නයේ මතයට අපි ගරු කළ යුතුය.

 

  1. රට ෆෙඩරල් කරණයට හා අවසානයේදී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලියන් ශ්‍රිලනිපය වහාම ඉවත්විය යුතුය.

 

  1. දැනට ඉදිරිපත් වී ඇති සාක්‍ෂි මත බැඳුම්කර මඟඩිය තුළින් මහබැංකුව කොල්ල කෑ අයට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග වහාම ආරම්භ කළ යුතුය.

 

  1. නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර දිනපතාම පාහේ අද පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල නැවැත්වීමට වහාම පියවර ගත යුතුය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ජය ගැනීමට නම් මේ පියවර සියල්ල වහාම ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අපි සියලුදෙනා දකිමු. මේ කාරණා සමඟ ඔබ එකඟ වෙනු ඇතැයි අපි දැඩිලෙස විශ්වාස කරමු. එසේ නොවන්නේ නම් ඉදිරියේදී කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතු දැයි අපට අපේ පාක්‍ෂිකයන්ගෙන් හා ඡන්ද දායකයන්ගෙන් විමසා බැලීමට සිදුවනු ඇත.

ඔබ එවූ ලිපිය ලැබූ මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙකු මේ අවස්ථාවේදී විදේශගත වී ඇති බැවින් ඔවුන් මෙම ලිපියට අත්සන් කර නැති වුවත් මේ ලිපියේ අන්තර්ගතයට ඔවුන්ගේ සම්පූර්ණ එකඟතාවය තිබෙන බව ඔවුන් අපට දන්වා ඇති බව මෙයින් දැනුම් දීමට කැමැත්තෙමු. මෙම ලිපියට අත්සන් තබා ඇති මන්ත්‍රීවරුන්ගේ නම් හා අත්සන් මෙම ලිපිය සමඟ අමුණා ඇත.

“ඒ යකා…අපේ යකාට වඩා හොදයි…අඩුම ගානේ කියන දේ අහගෙන ඉන්නවා “යැයි ගොඨාගේ එළිය නැමති සංවිධානයේ ප්‍රධාන මෙහෙයුම්කරු වන පැපිලියාන සුනේත්‍රාදෙවි පිරිවෙන විහාරවාසී ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පසුගියිදා මෛත්‍රී ජනාධිපතිවරයා හමුවිමෙන් පසුව සිය ප්‍රධාන දායිකාව හමුවේ වදාරා තිබේ.

දැඩි මහින්ද වාදියෙකු මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘එලිය’ නැමති වැඩසටහනේ ප්‍රධාන මෙහෙයුම්කරු වන පැපිලියාන සුනේත්‍රාදෙවි පිරිවෙන විහාරවාසී ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි සිය විහාරස්ථානයේ 120 මාර්ගයට මුහුණලා ඉදිකල අලුත්ම වහල්කඩ විවෘත කිරිම සදහා ජනාධිපතිවරයා සහ එජාප අමාත්‍යවරුන් මෙන්ම ආණ්ඩුවේ සමාජිකයන් පමණක් කැදවිම සම්බන්ධයෙන් පාරම්පරික මහින්දවාදි දායක සභාවේ ප්‍රධානින් අභයතිස්ස හිමි හමුවි ඒ සම්බන්ධයෙන් කල විමසිමේදි අභයතිස්ස හිමි පවසා ඇත්තේ…

“ඒ යකා…(මෛත්‍රී) අපේ යකාට(මහින්ද) වඩා හොදයි…අඩුම ගානේ කියන දේ අහගෙන ඉන්නවා යනුවෙනි…”

එම හමුවේදි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මැදගොඩ අභයතිස්ස හිමි විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊනියා ජාතික ප්‍රශ්නය විසඳන්න පුළුවන් එක ම එක තැනැත්තා මෛත්‍රිපාල සිරිසෙන බවත් රටේ ජනමනස ගොඩ නැගිම සදහා  සර්ව පාක්‍ෂික කමිටු පිහිටු විමට කටයුතු කලයුතු බවටත් යෝජනා කර තිබේ.

මේ අතර අභයතිස්ස හිමියන් රටම එපා කියන ආණ්ඩුක්‍රම සම්බන්ඩයෙන් එලියේ එකක් කියා ජනපති ඉදිරියේ තවත් එකක් කීම හේතුවෙන් බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි අතිපුජ්‍ය මහාචාර්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ද අභයතිස්ස හිමියන් සම්බන්ධයෙන් කලකිරිමට ලක්ව සිටින බව වාර්තා වේ. තමන් කල දේ සම්බන්ධයෙන් අවුලක් සිටින අභයතිස්ස හිමියන් බෙල්ලන්විල විහාරයට ගොස් විමලරතන හිමියන් මුණ ගැසි තමන් මෛත්‍රී ජනපතිට කී දේ සම්බන්ධයෙන් පැහැදිලි කිරිමට උත්සහ ගත්තද විමලරත්න හිමියෝ එම අවස්ථාව මන්දෝත්සාහී අකාරයට අතහැර දමා ඇති බවද වාර්තා වේ.

පසුගියදා වහල්කඩ විවෘත කිරිමේ අවස්ථාවට එක්වු බෙල්ලන්විල විමලරතන හිමියන් එම අවස්ථාව ආරම්භක මොහොතේ එක්ව සිටි අතර විනාධි 10ක පමණ කාලයක් එම ස්ථානයේ රැදි සිට උන්වහන්සේ වහාම පිටත්ව ගොස් තිබේ.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කළ අතර එදා එහි සඳහන් වූ යෝජනා අද එලෙසම මේ නව ව්‍යවස්ථා සම්පාදන යෝජනාවලියේද අන්තර්ගතව ඇති බවත් මෙම යෝජනාවලිය අධ්‍යයනය කිරීමේදී ඉතා පැහැදිලිව පෙනී යන්නේ ශ්‍රී ලාංකේය සමස්‌ත ජනතාවගේ අනාගතය හා ජන සමාජයේ සහජීවනය අවදානමේ හෙළීමට හා බෙදුම්වාදී අරමුණුවලට රුකුල් දීමට පාදක විය හැකි ව්‍යවස්‌ථා නිර්දේශ එහි අන්තර්ගතව ඇති බවත් පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් මිට පෙර පෙන්වාදුන් අතර එහිදි උන්වහන්සේ අවධාරණය කලේ නව ව්‍යවස්ථාවක් කිසිසේත්ම අවශ්‍ය නැති බවත් අනිවාර්යෙන්ම ව්‍යවස්ථාව ගෙන එම නතර කලයුතු බවත් ය.

ලෝව බිහිසුනු ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර වු කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකල යහපාලනයෙ දැවැන්තම කුමන්ත්‍රණය දියත් කර මාස 16 කට අධික කාලයක් ගතවි ඇති මොහොතක සමාන්‍යකරණය කිරිමේ න්‍යායා යොදවමින් ජනතාවට එය අමතක කරමින් සිටින අතරතුර ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා කණ්ඩායම මෙන්ම රට වෙනුවෙන් පස් කා මැරෙන්නට උනත් සුදානම් මහා දේශ්‍රප්‍රේමිහුද සලාව පුපුරුවා හැරිම ඉදිරියේ තවමත් නිරුත්තර වි සිටි.

මාස 16ක් තමන්ගේ අහිමිවු දේපල වෙනුවෙන් හඩ නගන අහිංසක ජනතාව  අවසානයේ නීතියේ සරණ පතන්නට වු අතර ඒ අනුව සාලාව ජනතාව ගොනුකල මූලික අයිතිවාසිකම් නඩුව සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
සාලාව යුධ හමුදා අවි ගබඩාව පුපුරා යාමෙන් පීඩාවට පත් හා මෙතෙක් ගැටළු නොවිසදුනු ජනතාව විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුව ඊයේ දින (30) කැඳවූ අතර එම නඩුව සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදි. එම සලකා බැලීමේ තීරණය දෙනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ප‍්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා, ව්ජිත මලල්ගොඩ යන ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

මෙම නඩුවේ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ශාන්ත ජයවර්ධන, සුනිල් වටගල, චාමර නානායක්කාරවසම් යන නීතීඥයින් පෙනී සිටි අතර වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥ රජිව් ගුණතිලක මහතා පෙනී සිටින ලදි.

අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සිදුවූයේ මාස 16 කට අුධික කාලයක් පුපුරායාම සිදු වී ගත වී ඇතත් 450 ක පමණ ජනතාවගේ ගැටළු නොවිසදීම නිසා මූලික අයිතිවාසිකම් කඩවීම හේතුවෙනි. මෙම සිදුවීම ස්වභාවික ආපදාවක් නොවන බවත් රජයේ පාර්ශවයෙන් සිදුවූ වැරුද්දක් බැවින් පීඩාවට පත් කිසිදු කෙනෙකුට අසාධාරණයක් නොවන අන්දමින් ගැටළු විසඳන ලෙස ජනාධිපතිවරයා 2016 ජූනි මසදී නියෝග කලත් පිරිසකගේ ගැටළු පිලිගත හැකි ආකාරයෙන් නොවිසඳී තිබීම ගැටළු සහගතය.

ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පිලිබඳ පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ පිපිරීමෙන් හානි වූ නිවාස පිලිගත් තාක්ෂණික ක‍්‍රමවේදයක් මගින් අධ්‍යනය කිරීමකින් තොරව මතුපිට පෙනෙන හානියට පමනක් වන්දි තීරණය කිරීම, විනශ වූ ගෘහස්ථ හා ව්‍යාපාරික භාන්ඩ සඳහා වන්දි කප්පාදු කිරීමෙන් හානිවූ භාන්ඩ සඳහා නිසි වන්දියක් නොලැබීම, හානි වූ රථ වාහන සඳහා මෙ දක්වා කිසිදු මුදලක් නොගෙවීම, මාස 16 ක් තිස්සේ ජීවන වෘත්තිය අහිමිව ඇති ව්‍යාපාරකයින් සඳහා වන්දි නොගෙවීම ඇතුළු කරුණු හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවය.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂම් සභාව රජයේ වග උත්තරකරුවන් වෙත 2017 අපේ‍්‍රල් මස නිකුත් කල අතුරු වර්ථාවේ නිර්දේශයන් ක‍්‍රියාත්මක කරන ලෙස වගඋත්තර කරුවන්ට නියෝග කරන ලෙස මෙම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, අපාදා කළමනාකරණ, මුදල් හා ආරකෂක යන අමාත්‍යංශ ලේකම්වරුන්, යුධහමුුදාපතිවරයා, ප‍්‍රධාන තක්සේරු නිළධාරි, කොළඔ දිස්ත‍්‍රීක් ලේකම් හා අතිරේක දිස්ත‍්‍රීක් ලේකම් වරයා ඇතුළු 13 දෙනෙකු නම් කර ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන අවස්ථාවේදී රජයේ නීතීඥවරයා ඊට දැඩි ලෙස විරෝධය දැක්වූ අතර සලකා නොබැලිය යුතු පෙත්සමක් ලෙස නිෂ්ප‍්‍රභා කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම ගැටළු පොදු ජනතාවගේ ගැටළු වන බැවින් එය සලකා බැලිය යුතු පෙත්සමක් බව විනිසුරු මඩුල්ල පෙන්වා දෙන ලදි . පෙත්සම සලකා බැලූ විනිසුරු මඩුල්ල ප‍්‍රකාශ කලේ ඒ සම්බන්දයෙන් විරෝධතා ඇත්නම් 2018 මැයි 11 දිනට පෙර ඉදිරිපත් කරන ලෙසය.මෙම නඩුව 2018 මැයි 11 වන දින යළි කැඳවීමට තීරණය කරන ලදි.

නමුත්ඒ හරහා ලැබෙනුයේ සාලාව පුපුරුවා දැමිමෙන් අවතැන් වු ජනතාවගේ බලාපොරොත්තු පමණී.නමුත් තිස් වසරක සාපරාධි යුද්ධයකින් රට ගලවාගත් රටේ රණවිරුවන් පැතු සාධාරණ ඉටු නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ……අපි මේ උත්සහ දරන්නේ මාස 16කට පසුව ඔබට අමතක වී ගිය සත්‍ය යලිත් මතක් කර දිමටය….

මේ දිගු ලිපිය අවසානයේ අපි ඔබට ඉතා වැදගත් යමක් අනාවරණය කරමු. එනම් “X”  අවි ගබඩාවට පිවිසීමට ප්‍රථම ඒ භාර ලුතිනන්වරයා විසින් ලබාදුන් අවි ගබඩාව සම්බන්ධ ඉන්වෙන්ට්‍රිය, තමන් වෙත ලබා දුන් ස්කෑනරයට  නිෂ්පාදකයා විසින් යොදන ලද අංකය (Serial Number) සඳහන් ස්ටිකරය සහ තමන් විසින් තම “Pen Drive” වෙත ස්කෑනරය වෙතින් පිටපත් කරගන්නා ලද සියලු දත්ත පිපිරීමට පෙර සුරක්ෂිතව ඉවත් කරගැනීමටද රටින් බැහැර කර ගැනීමටද “X”  සමත්වූ බවයි.

 සම්පූර්ණ කතාව පහලින් කියවන්න….

http://198.211.112.164/archives/11950

රටේ ජනතාවම යලිත් වරක් ගොනාට අන්දවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සටන් පාඨයට යොදවාගත් “සයිටම් තහනම ” ලිපියටකට එකතු කරමින් නෙවිල්ගේ උපාධි කඩය නෙවිල් ප්‍රනාන්දුගේ මිනිපිරීය වන හිමාලි ජයතිලකගේ “ස්ලිට්”, හෙවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට පවරා දිමට කටයුතු කර තිබේ.

මාලබේ ‘සයිටම්‘ පෞද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කරන් ලෙස මේ රටේ උගත් බුද්ධිමත් වෘත්තීකයින් මෙන්ම විශ්වවිද්‍යාලය සිසුන්,දෙමාපියන් ඇතුලු සමස්ත ජනතාව ඉල්ලා සිටියේ සයිටම් නාමය ඉවත් කර ගැනිමට නොව බාල ප්‍රමිතියේ වෛද්‍ය උපාධි කඩ හරහා රටේ සොඛ්‍ය ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනිම්ට බව අමතුවෙන් පාඩම් කියාදිය යුතු නැත.

දින ගණනක් කෙකර ගාමින් සිටි ග්‍රාම සේවක සිරිසේන අවසානයේ රටේ ජනතාව ගොනාට අන්දමින් සයිටම් අහෝසි කිරිමේ ජාතියේ පියා විමට ගත් උත්සහය ලප්තැනම ලොප් වන තැන වන්නේ සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීම උදෙසා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පත් කළ ජනාධිපති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන විසඳුම් ඇතුලත් නිවේදනය හරහාය.

ඒ අනුව එහි 5වන පරිච්ඡේදයට අනුව 

5.    සයිටම් ආයතනයේ උපාධිය අවසන් කර තිබෙන සිසුන් මුහුණ දී තිබෙන ගැටළු, ඒ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නීති කෘත්‍යයේ තීන්දුව පදනම් කර ගනිමින්, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ උපදේශනය මත විසඳීමට කටයුතු කළ යුතුය.  සයිටම් ආයතනයේ උපාධිය දැනටමත් අවසන් කර තිබෙන සිසුන්ට නිර්දේශ කරන රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා අවස්ථාව ලබාදෙනු ඇත.

නෙවිල්ගේ උපාධි කඩය වෙනුවට නෙවිල්ගේ මිණිබිරිය උපාධි කඩය හරහා වෛද්‍ය උපාධිය පමණක් නොව රටේ වගකියන වෘත්තීයක කොටස් කරුවෙකු විමේ අයිතියද නිසගයෙන් හිමිවනු ඇත.

එම යෝජනා අනුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා හිමිකාරීත්වය දරන ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි කෙරෙන අතර යෝජිත නව රාජ්‍ය නොවන ආයතනය එහි ආදායම ආයතනයේ සංවර්ධනයට, පර්යේෂණ කටයුතුවලට හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යෙදවීමට එම යෝජනාවලියේ සඳහන් කර තිබේ.

රාජිතලාගේ නන් පචං ලේලි පොඩ්ඩ මෙන්ම සහෙලී වැනි ලා චොරස් ගායිකාවන් මෙන්ම රෝහිත අබේගුණවර්ධන වැනි දේශපාලන හොරුන්ගෙ සිට කට වාචාල බස් ගැමුණුගේ දියණුයන්ගෙන් පටන් ගෙන කෝටි ගණන් වත්කම් ඇති බවට බණ දෙසන අඩිවෙගී මාර්ග හරහා  රටේ ජනතාවගේ මුදල් කොල්ල කන කිරිඇල්ලලා තමන්ගේ සටන දිනාගෙන අවසන් ය.

මහමග ලගිමින්,යහපාලන පොලිසියෙන් ඔලුව පලගනිමින්.කදුළු ගෑස් කමින් සිය ජිවිත පරිත්‍යාගයෙන්සටන් කල ජනතාව අදත් සුපුරුදු පරිදි පරාජය වි අවසන් ය.

1.    සයිටම් ආයතනය (මෙතැන් සිට සයිටම් යනුවෙන් හඳුන්වන්නේ එහි වෛද්‍ය පීඨය වේ)  අහෝසි කිරීම.  දැනට සිටින කොටස්කරුවන්, ණයදෙන ආයතන සහ ලාභ බලාපොරොත්තුවක් නොමැතිව, සයිටම් වෛද්‍ය පීඨයේ සියලුම මෙහෙයුම් කටයුතු සහ කළමනාකරණය ලබාගැනීමට කැමැත්තක් දක්වන, නව ආයතනය නීත්‍යානුකූලව පිළිගන්නා ආකාරයෙන්, සයිටම් ආයතනයේ පවතින හිමිකාරිත්වය සහ කළමනාකරණ ව්‍යූහය අහෝසි කිරීම සිදුවේ.  මෙහිදී, වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා සහ එම පවුල හිමිකාරිත්වය දරමින් කළමනාකරණය කරන ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි වෙනු ඇත.

2.    මෙම පාර්ශවකරුවන් අතර ඇතිකර ගන්නා ගිවිසුමක් මගින් සයිටම් ආයතනයේ වත්කම්, වගකීම්, කාර්ය මණ්ඩලය සහ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන්ට අනුකූලව (නිතිගත කළයුතුව ඇත) ස්ථාපිත කරන වෛද්‍ය උපාධි ප‍්‍රදානය කරන යෝජිත නව, රාජ්‍ය නොවන සහ ලාභ නොලබන (වියදම ඉක්මවන අතිරික්ත ආදායමක් ලැබෙන විට එය කොටස්කරුවන් අතර නොබෙදා ආයතනයේ සංවර්ධන කටයුතු හෝ පර්යේෂණ කටයුතු හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යොදවන) ආයතනයකට පැවරිය යුතුවේ.

3.    මෙම අරමුණ වෙනුවෙන් යෝජිත ලාභ නොලබන ආයතනය ස්ථාපිත කිරීම සඳහා දැනටමත් ස්ථාපනය කර ඇති රාජ්‍ය නොවන, ලාභ නොලබන පාර්ශව කිහිපයක් සමග රජය මූලික සාකච්ඡා සිදුකර ඇත.  මේ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන පාර්ශවකරුවන් සමඟ ඉතාමත් ඉක්මනින්ම දීර්ඝ වශයෙන් සාකච්ඡා ආරම්භ කරනු ඇත.

4.    අවශ්‍ය ඇතුළත්වීමේ සුදුසුකම් සපුරන, මේ වනවිට සයිටම් ආයතනය විසින් බඳවාගෙන සිටින සියලුම සිසුන් නව ආයතනය විසින් පිළිගත යුතුය.  ස්ථාපිත කරන යෝජිත නව ආයතනය තුළ මෙම සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

5.    සයිටම් ආයතනයේ උපාධිය අවසන් කර තිබෙන සිසුන් මුහුණ දී තිබෙන ගැටළු, ඒ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නීති කෘත්‍යයේ තීන්දුව පදනම් කර ගනිමින්, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ උපදේශනය මත විසඳීමට කටයුතු කළ යුතුය.  සයිටම් ආයතනයේ උපාධිය දැනටමත් අවසන් කර තිබෙන සිසුන්ට නිර්දේශ කරන රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා අවස්ථාව ලබාදෙනු ඇත.

6.    උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2017 සැප්තැම්බර් 15 වනදා නිකුත් කළ ලිපිය මගින් සයිටම් ආයතනයට අලුතින් වෛද්‍ය සිසුන් බඳවා ගැනීම අත්හිටුවා තිබේ.  මෙම අත්හිටුවීම දිගටම ක‍්‍රියාත්මක කරනු ඇත.  මේ අනුව, මින් පසුව සියලුම නව බඳවා ගැනීම් සිදු කළයුතු වන්නේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන්ට අනුකූලව (නිතිගත කළයුතුව ඇත) ස්ථාපිත කරන යෝජිත නව ආයතනය (ඉහත අංක 02 හි සඳහන්) සඳහා පමණි.  අඩු ආදායම්ලාභී පවුල්වල සුදුසුකම් සපුරන සිසුන්ට පන්ති ගාස්තු වෙනුවෙන් වැය වන පිරිවැය පියවා ගැනීමට මූල්‍ය ආයතනය සහ සහනදායී ශිෂ්‍ය ණය යෝජනා ක‍්‍රම මගින් සිදු කළ හැකි සියලුම සහයෝගය රජය විසින් ලබාදෙනු ඇත.

7.    නව ආයතනයේ හිමිකාරිත්වය හෝ කළමනාකරණය සඳහා සයිටම් ආයතනයේ වර්තමාන කොටස්කරුවන් සම්බන්ධ නොවිය යුතුය.  මේ සම්බන්ධයෙන් වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා සහ එම පවුල දක්වන සහයෝගය ඉතාමත් වැදගත් වෙයි.

8.    ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව, නීතිපතිවරයා සහ අනිකුත් අදාළ පාර්ශවකරුවන් අතර පැවති සාකච්ඡාවල නිගමනයන් මත ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් යොමු කළ කෙටුම්පතට අනුව වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් කරනු ඇති අතර, ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.  මෙමය අද සිට අනිවාර්යයෙන්ම මාසයක් තුළදී අවසන් කළයුතු වෙයි.

පහත අනුපිළිවෙලට ඉහත සඳහන් කටයුතු සිදුවිය යුතුවේ.

(i)    එකඟ වූ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප‍්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගැසට් කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.

(ii)    යෝජිත ලාභ නොලබන ආයතනයට වත්කම්, වගකීම්, කාර්ය මණ්ඩලය සහ සිසුන් පැවරීම සඳහා සයිටම්, තෝරාගත් පාර්ශවය සහ ණයදෙන ආයතන ගිවිසුමකට පැමිණීම.

(iii)    උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ නව ආයතනය පිහිටුවීම.

(iv)    සයිටම් ආයතනය අහෝසි කිරීම: සයිටම් ආයතනය සතු වත්කම්, වගකීම්, කාර්යමණ්ඩලය සහ සිසුන් නව ආයතනයට පැවරීම.

(v)    වෛද්‍ය උපාධි ප‍්‍රදානය කරන නව, ලාභ නොලබන ආයතනය ආරම්භ කිරීම.

ඉහත සඳහන් කළ ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරිම සඳහා ඉහළ මට්ටමේ නිලධාරීන්ගෙන් යුතු කමිටුවක් වහාම පත් කිරීමට බලාපොරොත්තු වේ.  මෙම සමස්ත ක‍්‍රියාවලිය 2017 දෙසැම්බර් 31 වනදා වනවිට අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතුය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්විමට මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පත් කිරිමට ඒකාබද්ධ විපක්ෂය තින්දු කර තිබේ. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන තෙදින විවාදයට ඒකාබද්ධ විපක්ෂයේ කථිකයන් නම් මේ වනවිටත් නම්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු යෝජනාවලට අදාළ විවාදය ලබන 30, 31, සහ 01 තෙදින පැවැත්වීමට නියමිතය. එම විවාදයේ තුන්වැනි දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා ඊට එක්වනු ඇති බවත් ඔහු එහිදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියමිතව් සිටි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ සංවිධාන නියෝජනයි කරමින් ඒකාබද්ධයේ ඇතැම් පාර්ශවයන් දක්වන අදහස් හේතුවෙන් ඒකාබද්ධය නියෝජනය කරන් ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් දැඩි අපහසු තාවයට පත්ව ඇති බවත් ශ්‍රීලනිප මහින්ද පිල සහ මෛත්‍රී පිළ අතර ගොඩ නැගෙන සංහිඳියාවටද එම ප්‍රකාශ දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබේ.

පසුගියදා නාලක ගොඩහේවාගේ “විපත්මග” සහ මැදගොඩ අභය තිස්සගේ “ඒළිය” අතර ඇති ජනප්‍රිය විමේ සටනේ ප්‍රතිපලයක් ලෙස විපත් මග නියෝජනය කරන ගෝඨාභය රාජපක්ෂ සහ කමල්  ගුණරත්න ඇතුලු කථිකයන් කල ප්‍රකාශයන් පසුගිය සතිය පුරාම කතාබහට ලක්වු අතර එම ප්‍රකාශයන් හේතුවෙන් ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුම සිය අප්‍රසාදය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙතද පලකර තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන කාලය සිහිබුද්ධියක් ඇති බොහෝ දෙනකු හැඳින්වූයේ ගෝත්‍රිකයන්ගේ වනචාරී දශකය ලෙස බවත් තවමත් මේ අකාරයේ ප්‍රකාශයන් කිරිම හරහා එම ගෝත්‍රික ගති ලක්ෂණ අත් හැර දැමිමට සුදානමක් නොමැති බව තහවුරු කරමින් සිටින බවයි ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

“වියත්මඟ”අමතමින් කමල් ගුණරත්න,කියා සිටියේ  ‘නව ව්‍යවස්ථාවට සහාය වන්නන් දේශද්‍රෝහීන් බවත්, දේශද්‍රෝහීන්ට හිමි විය යුතු දඬුවම මරණය’ බවත් ප්‍රකාශ කළේය. තවදුරටත් ඔහු කියා සිටියේ ’88-’89 සමයේ මෙන් ‘දේශද්‍රෝහීන්ට මරණය’ යන ලේබලය ගසා එසේ සිදු කළ යුතු බවත්, එසේ මරාදමන්නන්ගේ දේහය අඟල් 6කට පහළින් ගෙන යා යුතු බවත්ය.

මේ අතර විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් කල ‘මිනීමරු කතාව’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලවත් විවේචනයට ලක්ව තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.බැසිල් රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලාංකීය උගත් බුද්ධිමත් පරපුර ඉලක්ක කර ගනිමින් ගෙන ගිය අති සාර්ථක ප්‍රචාරක මෙහෙයුමට කමල් ගුණරත්න ගේ ප්‍රකාශයෙන් බරපතල හානියක් සිදුවූ බව එම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි තිබේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර,ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ වැනි මන්ත්‍රීවරුන් ද කමල් ගුණරත්නගේ ප්‍රකාශයට විරෝධය පළකර ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත් මග’ සංවිධානයට අනුග්‍රහය නොදක්වන ලෙස ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා ඇති බවත් වාර්තා වේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මේ දිනවල අර්බුදයකට ලක්ව සිටින විමල් විරවංශ පසුගියදා පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු බවට කල ප්‍රකාශය සම්බන්ධයෙන්ද ඒකාබද්ධයේ විරෝධය එල්ල වි ඇති අතර ඒ සම්බන්ධයෙන් විමල් සමග සාකච්ඡා කිරිමට ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් ගත් උත්සහයන්ද ව්‍යාර්ථ වි ගොස් ඇත්තේ “මම කියන දේවල් මගේ එකට කාගෙන්වත් අවසර ගන්න ඔනේ නෑ ” යනුවෙන් විමල් ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන් ඉදිරියේම ප්‍රකාශ කිරිමත් සමගය.

විමල්ගේ ප්‍රකාශය පදනම් කර ගනිමින් මඩ ගැසිමේ ව්‍යාපාරයක් දියත් කල ආණ්ඩුව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජයනායක විමල්ට එරෙහිව දිනා ගැනිමට සමත් වි තිබේ.කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ පියසිරිගේ විමල් විරෝධය පසුපස අලුත් පක්ෂ හදන නායකයන් සිටින බවත් ඔහුන්ගේ මෙහෙයවිම මත විමල්ට එරෙහිව පියසිරි සටනට කැදවා ඇති බවයි.

එම අනාවරණය බලාපොරොත්තු වන්න……

නව බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතකර ගැනිම සදහා පාර්ලිමේන්තුවේ බලය සිය අනසකට යට කර ගැනිමත් දෙකඩ වි සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පිළේ මන්ත්‍රීවරුන් යලී දිනාගැනිමටත් අවශ්‍ය මෙහෙයුමක් දියත් කිරිම සදහා හිටපු ජනාධිපතී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යලිත් ශ්‍රිලනිප ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගැනිමට සුදානම්ක් පවතින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පසුගිය මාසයක පමණ කාලයක් තුල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුල මෙන්ම ඉන් පිටතදිත් දැඩි ලෙස විවේචනයට ලක්වු අතර ඊට සාපේක්ෂව පිළිතුරු දිම සදහා ආණ්ඩුව අසමත් විමත් සමග ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කටයුතුවලට ඇගේ ක්‍රියාකාරී සහභාගිත්වය අවශ්‍ය බවට, සුළු ජාතික දේශපාලන පක්ෂ කරන ලදැයි කියන ඉල්ලීමකට අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

පසුගියිදා ලංකාවේ සංචාරයක නියතු වු එල්ටීටීඊ සන්නද්ධ බුද්ධි ව්‍යාපාරයේ ඉදිරි පෙළේ නායකයෙකු වන ගෝලීය ද්‍රවිඩ සංසදයේ(World Tamil Forum) සභාපති S.J එම්මානුවෙල් පියතුමා චන්ද්‍රිකා හමුවු අවස්ථාව…

ජාතික ලැයිස්තුවෙන් චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට අවස්ථාව ලබාදීම සඳහා දැනට ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරයකු එම ධුරයෙන් ඉවත්වීමට කැමැත්ත පළකොට ඇති අතර ඒ වෙනුවට ඔහු බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ධුරය සදහා තරග කිරිමට කැමැත්ත පලකර තිබේ බවද දැනගන්නට තිබේ.

චන්ද්‍රිකා පාර්ලිමේන්තුවට පැමිණිම හරහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පාලනයකින් යුතුව පවත්වගෙන යැමට මෙන්ම දැනට මහින්ද සමග එක්ව කටයුතු කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මර්දණය කිරිම මෙන්ම ඔහුන් යලිත් පක්ෂයට අවනත කර ගැනිමට හැකියාව ඇති බවයි ශ්‍රීලනිප මෛත්‍රී පිළේ ජ්‍යෙෂ්ඨයන්ගේ ද මතය වි ඇත්තේ.

මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සිවිල් සමාජය දැනුවත් කිරීමේ අරමුණින් “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව…මහජන සම්මන්ත්‍රණ මාලාවක්” දිවයින පුරා පැවැත්වීමට යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට දායකත්වය ලබාදුන් පූජ්‍ය පක්ෂය ඇතුළු විද්වතුන්, කලා ශිල්පීන් ප්‍රමුඛ සියලුම සිවිල් සංවිධාන ක්‍රියාධරයන් සූදානම් වේ.

හෙට 30-31 හා නොවැම්බර් 01 දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අතුරු කමිටු වාර්තා විවාදයෙන් පසුව මේ දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට එම සිවිල් සංවිධාන තීරණය කර ඇත.

මහ බැංකු බැදුම්කර විකිණීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කල බැදුම්කර කොමිසම හරහා එක්සත් ජාතික පක්ෂයට ග්‍රාමීය වශයෙන් කළු පැල්ලමක් එක් වි ඇති බවත් ජනාධිපතිවරයා දැන දැනම එජාපය අමාරුවේ දමා ඇති බව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දි තිබේ.

බැදුම්කර කොමිසම හරහා දෛනිකව විවිධ පුවත් මවමින් ඒ හරහා රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනින් වංචා කල බවට පුවත් පත් වල පිටු ගණන් මුද්‍රණය කර ගං මට්ටමේ ජනතාව අතට එම පත්තර ලබාදිමට පවා ඇතැම් කණ්ඩායම් කටයුතු කර ඇති බවත් ඒ හරහා ගමේ සැම තැනකම බැදුම්කර ගණුදෙනුවක් යනු කුමක්ද කියා හෝ නොදන්නා මිනිසුන් පවා ඒජාපය දැවැන්ත වංචාවක් කර ඇති බවට ප්‍රතිරූපයක් ගොඩ නගාගෙන තිබෙන බව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පෙන්වා දි තිබේ.

මිට අමතරව රනිල් විරෝධි කඳවුරු නියෝජනය කරමින් ආණ්ඩුවේ සිටින පුද්ගලයන් මෙන්ම “සිරස” නාලිකා දෛනිකව එම මතය සමාජ ගත කිරිම සදහා විවිධ උපක්‍රම යොදනා බවත් කිසියම් මැතිවරණයක් පැවැත්විමට තින්දු කලහොත් අනිවාර්යෙන්ම බැදුම්කර වංචාව් ඉදිරියට ගෙන පක්ෂයේ පාක්ෂිකයින් දුර්වල කිරිමට මෙහෙයුම් දියත් වනු ඇති බවයි එම කණ්ඩායමේ මතය වි ඇත්තේ.

බැදුම්කර කොමිසමේ වාර්තා කරලියට පැමිණිමත් සමග පක්ෂ නායකත්ව්ය(එජප) ඉලක්ක කර මඩ ප්‍රහාර දියත් වනු ඇති බවත් එදාට “රනිල් හොරා “යැයි කියමින් වෙනම මඩ ප්‍රහාරයක් දියත් වනු ඇති බවයි එම කණ්ඩායමේ මතය වි ඇත්තේ.

වාර්තාව හරහා මුල්‍ය වංචාවක් සිද්ද වි නොමැති බවට වාර්තා ලැබුනද අද වනවිට එය රටේ බහුතර මතය බවට පත්ව ඇති හෙයින් ඒ හරහ එල්ල වු මඩ ලේසියෙන් සෙදිමට නොහැකි වනු ඇති බවයි ඔහුන්ගේ මතය වි ඇත්තේ.

යම් හෙයකින් පළාත් පාලන මැතිවරණයක් පවත් වන්නේ නම් ඒ සදහා ග්‍රාමීය මට්ටමේ එජාපයේ ශක්තිය මැන ගැනිම සදහා එජාප බලමණ්ඩල සමාජිකයන් හරහා සිදුකල සමීක්ෂණ වලදි මේ තත්ත්වය අනාවරණය  වි ඇති බවත් වාර්තා වේ.අදාල වාර්තා සියල්ලම සලකා බලමින්  එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් එජාප ජ්‍යෙෂ්ඨයන්ට යොජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ඒනම් ඉදිරියේදි පැවැත්වෙන කිසිදු මැතිවරණයක් සදහා එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත නොවී සිටිම,හැකිතාක් ඉක්මනින් සභාග ආණ්ඩුව වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවිමට කටයුතු කිරිම ඇතුලු කරුණු ගණනාවක් යොජනා කර තිබේ.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කිරිම සදහා 95%ක්ම එක්සත් ජාතික පක්ෂය දායකත්වය දුන් නමුත් අද වනවිට එක්සත් ජාතික පක්ෂය අතහැර දමා එජාප නායකත්වය මෙන්ම දෙවැනි පෙල නායකත්වයද අපහසුතාවයට පත්කිරිමට කටයුතු කරන බව ඉතාම පැහැදිලි බවද එම කණ්ඩායම පෙන්වා දි තිබේන අතර එජාපයට සහ නායකත්වයට එරෙහිව දිය යටින් ගිණී ගෙනයන එජාපයේ රනිල් විරෝධි කදවුරේ පුද්ගලයන් ලබන වසරේ මැද භාගය වනවිට පක්ෂයට මෙන්ම නායකත්වයට එළවා පහරදෙන බවත් ඊට පෙර ඔහුන් මර්දණය කිරිම සදහා කටයුතු කලයුතු බවටද යෝජනා කර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

මේ අතර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මෙන්ම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණයට ඉදිරිපත්වු “හංසයා” ලකුණ දරණ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අත්හැර දැමිම  සදහා එහි පරම උරුමකරු වන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කටයුතු කරමින් සිටින අතර ඒ සදහා පක්ෂයේ සභාපති වන ශලීල මුණසිංහ විසින් කල මුල්‍ය වංචාව ක්‍රමිකව යොදවා ගැනිමට මෙහෙයුමක් දියත් කර තිබේ. හංසයා පක්ෂයේ ලේකම් ධුරය දරන්නේ ෂර්මිලා පෙරෙරා වන අතර ඇය රවිගේ පෞද්ගලික ලේකම් මෙන්ම දැනට ලෝතරැයි මණ්ඩලයේ සභාපති ධුරයද දරමින් සිටි.

“හංසයා” 2010දි කරලියට ගෙන ආ අතර 2010 ලැබු ප්‍රසිද්ධිය නිසාම එය 2015 දි ජනතාව අතරට රැගෙන යැම ඉතාමත් පහසු කරුණක් වුනා.බැදුම්කර කොමිසම හරහා රවි හෙවත් RK දැඩි ලෙස අසරණ තත්ත්වයට පත්වු අතර කොමිසමේ අවසන් කාලසිමාවේදි RK ට සිරිසේන ජනාධිපතිවරයා හමුවිටම පවා අවස්ථාව නොලැබිම හේතුවෙන් ඔහු දැඩි ලෙස කලකිරිමට ලක්ව සිටියා.

පසුගියිදා 22 වැනිද යාපනය අරියාලෙයි ප්‍රදේශයේ උදයපුරම් හි දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි 24 හැවිරිදි දොන් බොස්කෝ රිච්මන්ඩ් නැමති දමිළ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරිමට අදාළ වාහනයක් සොයා යාපනයේ මන්ඩතීවු නාවික හමුදා කඳවුරකට හදිසියේම රහස් පොලිසියේ නිළධාරින් ඇතුලු එක්සත් ජාතින්ගේ සංවිධානයේ යේ යැයි කියාගත් අයෙකු අධිකරණයෙන් ලබාගත් අවසරයක් මත හදිසි සෝදිසියක් සිදුකර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

තරුණයා ඝාතනය වු අවස්ථාවේදි ගමන් ගත් වාහනයක් මන්ඩතීවු නාවික හමුදා කඳවුර වෙත ගිය බවට ලද තොරතුරු මත කඳවුර පරික්ෂා කිරීමට රහස් පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා ඇති අතර එම ඉල්ලීමට අනුව යාපනය මහේස්ත්‍රාත් අවසරයෙන් කොළඹ සිට යාපනයට ගිය විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් 26 බ්‍රහස්පතින්දා රාත්‍රියේ නාවික හමුදා කඳවුර ලක් කර තිබේ.එම අවස්ථාවට යාපනයේ ස්වේච්ඡා සේවයේ යෙදි සිටින එක්සත් ජාතින්ගේ නියෝජිතයෙකුද සහභාගි වි තිබේ.

අදාළ වෙඩි තැබිම ධිවරයෙකු විසින් දැක ඇති බවත් ඒ අනුව වෙඩි තැබිමට පැමිණි වාහනය මන්ඩතීවු නාවික හමුදා කඳවුර වෙත ගිය බවද සදහන් කරමින් යුධ හමුදාවට පදනම් විරහිත චොදනාවක් පොලිස් මුලස්ථානයටද යොමුකර තිබේ.

සිංහල හමුදා බුද්ධි අංශ (Mullaiththeevu)මුලතිව් හි අන්තවාදි ලෙස ක්‍රියාත්මක වන බවත් පසුගිය මාස 2ක කාලය තුල සොරකම, ලිංගික හිරිහැර සහ දිස්ත්‍රික්කය තුල මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කිරිම සදහාද සියුම් මෙහෙයුමක් දියත් කර තිබේන බව පසුගියිදා යාපනයේ සංචාරය කළ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරු පැබ්ලෝ. ඩී ගරිෆ් (Pablo de Greiff)ට විශේෂ වාර්තාවක් උතුරේ ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විසින් ලබාදි ඇති අතර එහිදි ගරිෆ් සදහන් කර ඇත්තේ සාක්ෂී නොමැති වාර්තා සම්බන්ධයෙන් බලපෑම් කිරිමට තම සංවිධානයට නොහැකි බවයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ සිටින සිංහල හමුදා මගින් තමන්ට දැඩි බලපෑම් එල්ල වන බවත් දිස්ත්‍රික්කය තුල සිවිල් වැසියන් දෙදෙනෙකු සඳහා එක් සොල්දාදුවෙකු සිටින බවද අනාවරණය කර තිබේ.වෙඩි තබා ඝාතනය කරන ලද  24 හැවිරිදි දොන් බොස්කෝ නැමත්තාද ධීවරයෙකු වන අතර එවැනි අයෙකු මහමග වෙඩි තබා ඝාතනය කිරිමට හමුදාවට අවශ්‍යතාවක් නොමැති බව ඉතා පැහැදිලිය.

ඒ අනුව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ එක්සත් ජාතින්ගේ විශේෂ වාර්තාකරු පැබ්ලෝ. ඩී ගරිෆ් යාපනයේ සංචාරය කර සතියක් යන්නට මත්තෙන් මේ අකාරයේ අහිංසක නිරායුධ ද්‍රවිධ වැසියෙකු ඝාතනය කිරිම හරහා උතුරේ හමුදා ඉවත් කර ගැනිමට සහ යුධ හමුදාවට එරෙහිව යුධ අපරාධ සාක්ෂි රැස් කිරිමේ කොටි ඩයස්පොරාවේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබේන බවයි.

 

ලංකා ඉතිහාසයේ කෙටිම කාලයක් හමුදාපති ධුරයක් හෙබවු හමුදාපතිවරයෙකු ලෙස සටහනක් තබමින් නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතා(Travis Sinniah) අද සිට විශ්‍රාම ගන්වා තිබේ.සින්නයියා මහතා නාවික හමුදාපති ධුරයේ වැඩභාරගත්තේ අගොස්තු 22 දා වු අතර කාලය දිර්ඝ කිරිමට හැකියාව හොදටම තිබියදි කරුණු දෙකක් හේතුවෙන් ජනාධිපතිවරයා විසින් සින්නයියා ඉවත් කිරිමට කටයුතු කර තිබේ.

මේ අතර නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇති අතර මෙම නව පත්වීම හෙට (26) සිට කි‍්‍රයාත්මක වන අතර මේ සමග රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කර තිබේ.මේ ධුර කාලය දිගු නොකිරීම පිටුපස තිබිය හැකි යැයි සිතිය හැකි කාරණා මොනවාද ඔහුගේ වයස් සීමාව නිමා වීම නිසා ද එහෙම නැත්නම් වෙනත් හේතූන් නිසා ද ඔහුගේ ධුර කාලය දීර්ඝ නොකරන්නේ කියන එක ගැන සලකා බැලිය යුතුයි. මීට පෙරත් වයස පනස්පහ සම්පූර්ණ වූ හමුදාපතිවරු සේවයේ සිටි බව කවුරුත් දනී.

සින්නයියා දොට්ට දැමිමේ අසන්නතම් හේතුව වුයේ දේශපාලන කුමන්ත්‍රණයක් බවට පසුගිය දින කිහිපය තුලම  අනාවරණයන් හරහා හෙලිවු කරුණු අද සින්නයියා ඉවත් කිරිම හරහා තහවුරු වි තිබේ.

ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාට අවශ්‍ය නම් නාවික හමුදාපතිවරයාගේ ධුර කාලය අවුරුද්දක් වගේ කාලයක් දක්වා වුවත් දීර්ඝ කිරිමට හැකියාව තිබු නමුත් ජනාධිපතිවරයා එසේ නොකර සිටිමට ආසන්නම හේතුව වුයේ එක් පැත්තකින් නාවික හමුදාවේ සේවයට බැදි මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින මහින්දගේ පුත් යෝෂිත රාජපක්ෂ රැක ගැනිමත් අනිත් පැත්තේන් හිටපු හමුදාපතිවරයා මෙන්ම හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාට එල්ල වි තිබේන පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් කප්පම් ලබාගෙන ඝාතනය කිරීමේ චොදනාවෙන් ගලවා ගැනිමට මෙන්ම පසුගිය රජය සමයේ මෙන්ම වත්මන් රජය සමයේ නාවික හමුදාව තුල සිදුවු ඉහළ පෙළේ වංචා දුෂණ රැසක් අනාවරණය කර ගැනිමට පසුගිය මාස දෙකක කාලය තුල නාවික හමුදාව සක්‍රියව දායකත්වය ලබාදුන් අතර ඒ පසුපස හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා කළ කාර්‍යභාරය කිසිවෙකුටත් අමතක නොවනු ඇත.

ට්‍රැවිස් සින්නයියා නාවික හමුදාපති ලෙස පත්වු වහාම රාජපක්ෂලා කලබලයට පත්වු අතර දිගින් දිගටම සින්නයියා ඉලක්ක කර වෙබ් හරහා මෙන්ම ඒකාබද්ධයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවා ඔහු ඉලක්ක කර පහරදුන් අතර සින්නයියා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අවුලක් තිබු බව නොරහසකී.

එවකට කොමදෝරු ට්‍රැවිස් සින්නයියා ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම්වලට සක්‍රීයව දායක වු අභීත දමිළ හමුදා නිලධාරියකි. නාවික ප්‍රහාරක යාත්‍රා බලඝනයේ අණ දෙන නිලධාරියා ලෙසද ඔහු ක්‍රියා කර ඇත. 2010දි බීමතින් එවකට මාණ්ඩලික ප්‍රධානී පසුව නාවික හමුදාපති වූ සෝමතිලක දිසානායක (ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිගේ සොයුරා) ඔහු හට ජාතිවාදී ලෙස බැන වැදී පහර දුන්නේ අශික්ෂිත ආකාරයට ය. නාවික හමුදාපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ එම සිදුවීම වුවද ඒ පිලිබඳ කිසිදු පරීක්ෂණයක් සිදු නොවීය.

2011 ජනවාරි මස අද්මිරාල් සෝමතිලක දිසානායක නාවික හමුදාපති වීමත් සමගම ඔහුට විරුද්ධව පලි ගැනීම ඇරඹුනි. කොමදෝරු සින්නයියා ඒ වනවිට රියර් අද්මිරාල් නිලයට උසස් වීමට සුදුසුකම් ලබා තිබුනද එය ලබාදීම නාවික හමුදාපතිවරයා කල් දමන ලදී. 2011 අප්‍රේල් මාසයේ නාවික සෙබළුන් හතර දෙනකු අතුරුදන් වන විට උතුරේ උප-ආඥාපති වුයේ කොමොදෝරු සින්නයියාය. ඔහුව කොළඹට ගෙන්වා රියර් අද්මිරාල් වීරසේකරට එරෙහිව බොරු සාක්ෂි දීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපති ඇතුළු අනෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු බලපෑම් කළහ. නමුත් සිය සහෝදර ජ්‍යෙෂ්ඨ නිලධාරියාව නිකරුනේ පාවා දීම ප්‍රතික්ෂේප කළ ඔහු වසර තිහක පමණ සේවය කළ නාවුක හමුදාව හැර ගියේය.

හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා ඉවත් කිරිමට දියත් කර ඇති කුමන්ත්‍රණය සම්බන්ධයෙන් රාවය පුවත්පතට ආණ්ඩුවේම හුරතලුන් අදහස් දක්වමින් අනාවරණය කල කරුණු පහත දැක්වේ…..

“මගේ පුද්ගලික විශ්වාසය තමයි මේ වර්තමාන නාවික හමුදාපතිවරයා යටතේ යම් යම් විමර්ශන ක්‍රියාවලියන් පටන්ගැන්මේ විභවය තියනවා. විශේෂයෙන්ම පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් කප්පම් ලබාගෙන ඝාතනය කිරීමේ සිදුවීමට වගකිව යුතු යැයි සැක කරන හිටපු නාවික හමුදාපතිවරයා ඇතුළු තවත් නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම කාලයක් තිස්සේ අඩපණ වෙලා තිබුණා. එයට හේතු වූයේ නාවික හමුදාවෙන් එයට අවශ්‍ය කරන සහාය නොලැබීමයි. වර්තමාන නාවික හමුදාපතිවරයා යටතේ ඒ සහයෝගය ලැබේවි යන විශ්වාසයක් සාමාන්‍යයෙන් තියනවා. ඒ වගේම ඔහු විසින් යම් යම් විමර්ශන පටන් අරගෙනත් තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ යම් කිසි පිරිසකට හෝ පුද්ගලයන්ට අර කියන අපරාධ එළියට පැමිණීම වැළැක්වීමට අවශ්‍ය වෙන්නට පුළුවනි. ඒ වැළැක්වීම සදහා ඔවුන්ට පුළුවන් දෙයක් තමයි මේ වර්තමාන නාවික හමුදාපතිවරයා හැකි ඉක්මනින් ගෙදර යැවීම.”

“මගේ පුද්ගලික විශ්වාසය වෙන්නේ මේ යහපාලන ආණ්ඩුව පහුගිය කාලයේ දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම් සිදු කළේ එක්තරා තේරීම් අනුක්‍රමයක් යටතේයි. ඒ කියන්නේ සමහර දූෂිතයින් ආරක්ෂා කර තිබෙනවා. තවත් සමහර අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පටන්ගෙන තියනවා. පසුගිය ආණ්ඩුවේ සිටි බරපතළම දූෂිතයන් ලෙස සැලකෙන මිනිස්සුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම මේ ආණ්ඩුවෙන් පමා කරලා තියනවා. අපරාධ සම්බන්ධයෙන් ද ඒ වගේමයි. විශේෂයෙන් නාවික හමුදාව සම්බන්ධව සිදුවී තිබෙන අපරාධ සම්බන්ධයෙන් මේ යහපාලන ආණ්ඩුව අද දක්වා ගෙනයන්නේ කකුලෙන් අදින වැඩපිළිවෙළක්. මේ වත්මන් නාවික හමුදාපතිවරයාගේ කාලය දීර්ඝ නොකිරීම මම දකින්නේ අර කියන පුළුල් අභිප්‍රායන් මුල් කරගෙන ඇති වන දෙයක් මිස ඔහුගේ වයස කල් පැමිණීම නිසා සිදුවන දෙයක් ලෙස නොවෙයි. මෙය ඉතාම නරක දෙයක්. මොකද මේ යහපාලනය බලයට ආවේ ම ඒ දූෂිතයන්ව සහ අපරාධකරුවන්ව නීතිය ඉදිරියට ගෙනෙනවා කියලායි. පසුගිය කාලය තිස්සේ අපරාධ පිටුපස ඉඳලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ කොටස්. නාවික හමුදාවේ වෙන්න පුළුවන්, පාබල හමුදාවේ වෙන්න පුළුවන්, පොලීසිය හෝ බුද්ධි අංශ නිලධාරීන් වෙන්න පුළුවන්. ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන යාම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ තාජුදීන් ඝාතනය යන හැම සිදුවීමකම ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ අය ඉන්නවා. මේවා පිළිබඳ විභාග කිරීමේ වගකීමක් තියනවා. ඒ නිසා වත්මන් නාවික හමුදාපතිවරයාගේ සේවය දීර්ඝ නොකිරීම එක්තරා ආකාරයක දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මම දකිනවා. ඒ කුමන්ත්‍රණකරුවන් වෙන කවුරුවත් නොවෙයි, මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ මහා පරිමාණ අපරාධ වසන්කිරීමේ වුවමනාවෙන් පෙළෙන පිරිසක් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. එය අවශ්‍ය වී තිබෙන්නේ ඒ අයටයි.”

…………………………….ගාමිණී වියන්ගොඩ…………………..

“නාවික හමුදාපති ධුරයට ට්‍රැවිස් සින්නයියා පත් කිරීම අපේ රට පිළිබඳව ජාත්‍යන්තරයේ තිබුණු කිසියම් අප්‍රසාදයක් තුනී කිරීමටත් ඉවහල් වුණා. ඔහු වැනි කීර්තිමත් දක්ෂ නිලධාරියෙකු පත් කිරීම නීතිගරුක පුරවැසියෝ සැලකුවේ නාවික හමුදාවේ අනාගත අභිවෘද්ධියට ආශීර්වාදයක් හැටියටයි. ඒක ආණ්ඩුවෙන් සිද්ධ කෙරුණු ඉතාම වැදගත් පත්වීමක්. අලුත් යුද හමුදාපතිවරයා පත් කළා වගේම වැදගත් වගකීමක් තමයි නාවික හමුදාපතිවරයා පත් කිරීම. එහෙත් අපට අදහාගන්නට බැරි විධියට ඔහුව පත් කළ වහාම විශ්‍රාම ගැන්වීමේ තීරණයකුත් ක්‍රියාත්මක වෙලා තියනවා. ඒක ඉතාමත්ම කනගාටුදායක කාරණාවක්. එය ශිෂ්ටසම්පන්න නීතිගරුක පුරවැසියෝ ඉතාමත්ම කනගාටුවෙන් හෙළා දකිනවා. ඒ විධියට නාවික හමුදාපතිවරයෙක් හෝ හමුදාපතිවරයෙක් ඉතිහාසයේ මීට පෙර විශ්‍රාම ගන්වලා නැහැ.
මේ පිළිබඳ කරුණු සොයා බලන විට අපට අනාවරණය වැදගත් දෙයක් තමයි මේ රටේ නීතිගරුක පුරවැසියෝ ජනවාරි අට වෙනිදා කිසියම් ආකාරයක සීලාචාර නීතිගරුක සමාජයක් අපේක්ෂා කළා නම් අන්න ඒ සමාජය ගොඩනැගීම වෙනුවෙන් මේ නාවික හමුදාපතිවරයා සාධනීය පියවර කීපයක් ගැනීම තමයි මේ විශ්‍රාම ගැන්වීමට මුල්වෙලා තියෙන්නේ. උදාහරණයක් හැටියට කියනවා නම් යෝෂිත රාජපක්ෂ කියන පුද්ගලයා බලය අවභාවිත කරමින් නාවික හමුදාවට බඳවා ගත්තා. ඔහු කිසියම් දූෂණ චෝදනාවකට ලක් වෙලා රිමාන්ඞ් බන්ධනාගාරගත වෙලා ඇප පිට නිදහස්ව ඉන්නා පුද්ගලයෙක්. එහෙම පුද්ගලයෙකුට නාවික හමුදාව විනය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ඔහු සේවය හැර ගියා ද අස් වුණාද කියන එක නෙමෙයි, එම පුද්ගලයා නාවික හමුදාව තුළ සේවය කළ කාලය පිළිබද විමර්ශනයක් සිදු කරන්නට අවශ්‍යයි. එහෙත් හිටපු නාවික හමුදාපතිවරයා එය මගහැරියා. මේ විශ්‍රාම යන නාවික හමුදාපතිවරයා ඒ නීතිගරුක විමර්ශනය සිදුකිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දී තිබෙන බව අපට දැනගන්නට ලැබෙනවා. ඒ වගේම තමයි නාවික හමුදාව තුළ කිසිම හේතුවක් නැතිව යුද්ධයෙන් පසු අහිංසක තරුණයෝ එකොළොස් දෙනෙක්ව සාපරාදී ලෙස ඝාතනයට ලක් කළා. ඒ ඝාතනය පිළිබඳ රහස් පොලීසිය යම් යම් විමර්ශන සිදු කළා. ඒ විමර්ශනවලින් හිටපු නාවික හමුදාපතිවරයෙක් යම් කිසි ආකාරයකට චෝදනා ලබන තත්ත්වයක් උද්ගත වෙලා තියනවා. ඒ නාවික හමුදාපතිවරයා මොන ආකාරයෙන් හෝ තමන්ගේ බලය පරිහරණය කර වර්තමාන නාවික හමුදාපතිවරයාව විශ්‍රාම ගැන්වීමේ ක්‍රියාවලිය සිදු කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙනවා. මේ විධියට නම් මේ රටේ කටයුතු සිද්ධ වන්නේ ජනවාරි අට වන දා මේ රටේ යහපත් වෙනසක් වෙනුවෙන් ලබා දුන් ප්‍රතිඥා අමු අමුවේ තිරශ්චීන ලෙස සාපරාධී ලෙස ඝාතනය කරන බව තමයි අපට පෙනී යන්නේ. මේ නාවික හමුදාපතිවරයා මේ ආකාරයට විශ්‍රාම ගැන්වීම කියන දේ අපි කිසිසේත් අපේක්ෂා කළ දෙයක් නොවෙයි. මේ පිළිබඳ කරුණු ගවේෂණය කරන විට අපට පෙනෙනවා එක්තරා පුද්ගලයෙක් තමන්ගේ ගජමිතුරන් හෝ ගජමිතුරෙකු ආරක්ෂාකර ගැනීමේ ක්‍රියාවලියක් උදෙසා එක්තරා හිටපු නාවික හමුදාපතිවරයෙක්ව ඉවහල්කර ගෙන තියනවා. මෙන්න මේ නාවික හමුදාපතිවරයාගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියටයි සින්නයියා කියන නාවික හමුදාපතිවරයාට තමන්ගේ දැනුමෙන් කුසලතාවන්ගෙන් පළපුරුද්දෙන් මේ රටට සේවයක් කිරීමට ලැබුණු අවස්ථාව මගහැරිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි නාවික හමුදාවට උසස් අභිමානවත් ගෞරවයක් ලබා ගැනීමට ඔහුගේ සේවය ඔස්සේ තිබුණු අවකාශය ඇහිරී යාමක් හැටියටත් අපි මේක දකිනවා. බලවත් කනගාටුවෙන් සහ ඉතාමත්ම පිළිකුලෙන් මේ විශ්‍රාම ගැන්වීම හෙළා දැකිය යුතුයි කියා මම පුරවැසියෙක් හැටියට දකිනවා.”

………………………….මහාචාර්ය සරත් විජේසූරිය………………………….

අවසානයේ  රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ නව නාවික හමුදාපති වි අවසානය.ඒ පසුපස තවත් කතාවක් තිබේ.එනම් රනසිංහ මහතා අනුරාධපුරයේ අයෙකු නිසා ඔහුට නාවික හමුදාපති තනතුර ලබා දිමට නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා උත්සහ ගත් අතර ඒ සදහා ජනාධිපතිවරයා අවස්ථා ගණනාවක හමුවු බවද නොරහසකී.

කෙසේ වෙතත් මිට පෙර සිටි නාවික හමුදාපතිටරැන්ගෙන් වැඩි පිරිසක් විශ්‍රාම ගොස් ඇත්තේ 55න් පසුවය 2005 දී දයා සදගිරි මහතා වයස අවුරුදු 58න්ද, වසන්තකරන්නාගොඩ මහතා 56 මාස 7න්ද, තිසර සමරසිංහ මහතා 56 මාස 5න්ද, සෝමරත්න දිසානායක මහතා 56 මාස 4 න්ද,ජයන්ත කොළඹගේ මහතා 56 මාස 8න්ද, ජයනාත් පෙරෙරා මහතා 57 මාස 11න්ද රවින්ද්‍ර විජේගුනවර්ධන මහතා 55 මාස 4 කින් පසුව නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගෙන තිබෙි. නමුත් ඒ වාසනාව සින්නයියාට හිමිවුයේ නෑ.

අවසාන වශයෙන් නව නාවික හමුදාපති රණසිංහට වයස අවුරුදු 55 සැපිරෙන්නේ ලබන නොවැමිබර් 19 වෙනි දිනට වන අතර එදාට අද වුන දේ ගැන නිශ්චිතවම තින්දුවක් ගැනිමට රටේ ජනතාවර හැකිවනු ඇත.

 

සිරිසේන ජනාධිපතිවරා SAITM තීරණයක් ගැනිමට නොහැකිව කෙකර ගාමින් සිටින අස්සේ SAITM ආයතනය වෛද්‍ය උපාඩි කඩකාරයා වන යහපාලන හුරතලා වන නෙවිල් ප්‍රනාන්දුගේ මිනිපිරීය වන හිමාලි ජයතිලකගේ “ස්ලිට්”, හෙවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට Sri Lanka Institute of Information Technology (sliit) පවරා දිම සදහා කටයුතු කරමින් සිටින බව අනාවරණය වි තිබේ.

“දීර්ඝ කාලයක් තිස්සෙ සයිටම් ආයතනයට විරෝධය දක්වන ශිෂ්‍ය ව්‍යාපාරය ආණ්ඩුව විසින් කිසිදු අවස්ථාවක සාකච්ඡාවට කැදවුවේ නෑ. මේ කාලය තුළ වෛද්‍යවරු සාකච්ඡාවලට කැදවා තිබුණා. නමුත් එක් අවස්ථාවක කිව්වා රජය කිසිම වෙලාවක වෛද්‍යවරු සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාවට කැදවන්නෙ නෑ කියලා. වෛද්‍ය පීඨ ශිෂ්‍යයො මාස ගණනක් පන්ති වර්ජනයක ඉන්නවා. ඒ නිසාම දැන් හැම පැත්තෙන්ම බලකිරිමක් තිබෙනවා ආණ්ඩුවට මේ සම්බන්ධ විසදුම වහාම ඉදිරිපත් කරන්න කියලා.

මේ නිසා ගිය සතියෙදි ආණ්ඩුව විසින් නිලවශයෙන් නිවේදනය කළා සයිටම් ආයතනයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔවුන්ගේ අවසන් විසදුම මේ සතිය තුළ ප්‍රකාශයට පත් කරන බවයි. ඉන්පස්සෙ උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා මේ සදුදා වෙද්දි ඒ කියන්නෙ ගෙවුණු සදුදා සයිටම් හොර උපාධි කඩය ගැන රජයේ අවසන් විසදුම ප්‍රකාශයට පත්කරන බව. ඊට පස්සෙ හැමෝම බලා හිටියා රජයේ අවසාන විසදුම ප්‍රකාහයට පත්කරයි කියලා, ඒත් සදුදා මොකුත්ම වුනේ නෑ. සදුදා හවස් වෙද්දි කිව්වා දවස් දෙකක් තුනක් ඇතුලත ජනාධිපතිවරයා විසදුම ප්‍රකාශයට පත්කරන බව කිව්වා. දැන් අද වෙද්දි දවස් තුනක්ම ගිහිල්ලා. අද බදාදා මේවනතුරුම මොකක්වත් ප්‍රකාශයට පත් කරලා නෑ. ඒ වුණත් අවසන් විසදුම ගැන විවිධ පාර්ශ්වයන්ට කෙටුම්පතක් ලබාදී තිබෙනවා. දැන් මේ ඉදිරිපත්කර තිබෙන විසදුමක් නෙවෙයි, මේක ප්‍රශ්නය උග්‍ර කිරීමක්. අපට පැහැදිලියි මේ මොකක්ද මේ ඉදිරිපත්කරන අවසන් විසදුම කියලා. දැනට වෛද්‍ය ශිෂ්‍යයෝ ජනවාරි මාසෙ ඉදලා දේශන වර්ජනයක නිරත වෙනවා. අනෙකුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙයාත් දිගින් දිගටම විරෝධතා ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වෙනවා.

මේ වනවිට ඔවුන් අඛන්ඩව විරෝධතාවක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වාගෙන යනවා. දැන් වාර්තාවන විදියට අනෙක් පීඨවල ශිෂ්‍යයොත් අඛණ්ඩ පන්ති වර්ජනයකට යන්න. ඒ අතර වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගෙ දමෙව්පියෝ තීරණයකර තිබෙනවා මාරාන්තික උපවාසයකට වාඩි වෙන්න. ආහාර සහ ජලය වර්ජනය කරන උපවාසයකට නොවැම්බර් මුල වාඩිවෙන බව දෙමව්පියන් ප්‍රකාශ කර තිබෙනවා. එවැනි තත්වයක් ඇති වුණොත් වැඩවර්ජනයක් කැදවන්නත් වෘත්තිය සමිතිවල සාකච්ඡා දිගින් දිගටම පැවතුණා. ගිය සතියෙ එම සාකච්ඡාවලදි කියැවුනේ සමස්ත මහා වැඩවර්ජනයක් කැදවන බවයි.

දැන් ප්‍රශ්නය තියෙන්නෙ ඔතන, එහෙම තියෙද්දි ජනාධිපතිතුමා කරන විහිලුව මොකක්ද? මුලින් විහිලු කලා, සදුදට විසදුම කියන්නම් කියලා. සදුදා විහිලු කළා දවස් තුනකින් කියන්නම් කියලා. දැන් අද තුන්වැනි දවසෙ තවම මොකුත් උත්තරයක් නෑ. හෙට හෝ අනිද්දා එන්න නියමිත විහිලුව වෙනම නිකුත් කරලා තියෙනවා. අපට වාර්තා වෙන විදියට ඒකෙ තියෙන්නෙ මෙහෙම. එකක් මෙහෙමෙ තියෙනවා, සයිටම් ආයතනය නවත්වනවා, සයිටම් ආයතනයට නැවත සිසුන් බදවාගැනීම නවත්වනවා කියලා. අලුතින් භාරගැනීම නවත්වලා ඉන්න සිසුන්ට දෙන විසදුම රජය බාරගන්නෙ නැතිව ඒක භාරදෙනවාලු අධිකරණයට. දැනටමත් අධිකරණයේ නඩුවක් තියෙනවා, ඒ නිසා මේ තීරණය අධිකරණයට භාර දෙනවා කියන්නෙ ලොකු ප්‍රශ්නයක්. රජය මේකෙ වගකීම භාරගන්නෙ නැද්ද? දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරු විසදුම් කීපයක් යෝජනා කළා, එකවතාවක ඔවුන් ඉදිරිපත් කළා උසස් පෙළ අවම සුදුසුකම් ඇති ශිෂ්‍යයන්ට මොකද කරන්නෙ, අවම සුදුසුකම් නැති ශිෂ්‍යයන්ට මොකද කරන්නෙ කියලා. ඒ විදියට ඉදිරිපත් කපු කිසිම විසදුමක් සළකා බලන්නෙ නැතුව හර්ෂ ද සිල්වා කමිටුව යෝජනා කළ මාස 6ක පුහුණුවක් දීලා හැමෝටම වෛද්‍ය උපාධිය දෙමු කියලා. හර්ෂ ද සිල්වා කියන්නෙ වෛද්‍ය වෘත්තිය පිළිබද විශේෂඥයෙක් නෙවෙයිනෙ. එයා වෛද්‍ය අධ්‍යාපනය පිළිබද විශේෂඥයෙකුත් නෙවෙයි. එයා කියන්නෙ කොහොමද දැන් ඒ ශිෂ්‍යයන් ඉන්න මට්ටම කොතැනද හෝ අවශ්‍ය මට්ටම ගැන? ඒ අවම දැනුම ලබා දෙන්න කොච්චර කාලයක් පුහුනුව දෙන්න ඕනද කියලා හර්ෂ ද සිල්වා කියන්නෙ කොහොමද? ඒක කරන්න ඕන වෛද්‍ය අධ්‍යාපනය පිළිබද විශේෂඥයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින්. ඒ මොකක්වත් නැතිව එකපාරටම හර්ෂ ද සිල්වා වාර්තාව නිකුත්කළා මාස 6ක පුහුණුවක් ගැන. බළලා මල්ලෙන් එළියට පැනලා තියෙන්නෙ. දැන් කියනවා අධිකරනයෙන් තීන්දුවක් දෙනවා කියලා.

දැන් මෙච්චර කල් අඩබෙර ගහලා රූපවාහිනී නාළිකා පත්තර පිටු ගණන් දැන්වීම් දාලා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්නවා කියලා නාඩගමක් නැටුවා. රාජිත සේනාරත්න ඇමතිවරයයි ජනාධිපතිවරයයි ලොකු නාඩගමක් නැටුවා.අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදියට එදිනම මාධය සාකච්ඡාවකින් හෙලිදරව් කළා මේ පවරාගැනීම සම්බන්ධව ගිවිසුමක් අත්සන් කරලා නෑ, රෝහල රජයට පවරාගෙන නෑ කියලා. ඊට පස්සෙ හෙළිදරව් වුණා, සෞඛ්‍ය ඇමතිවරයා කැබිනට් මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් කියලා තියෙන්නෙ බොරු කියලා.රෝහල රජයට පවරා ගෙන තියා රෝහල බදු අරගෙනත් නෑ. අවබෝධතා ගිවිසුමක් තමයි අත්සන් කරලා තියෙන්නෙ. අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ තත්වයක තමයි මේ පෞද්ගලික රෝහලට මාසිකව රුපියල් මිලියන දෙසීයක මුදලක් වැයකරන්න කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුනෙ. මේවා සම්බන්ධව ජනතාව තීරණය කරන්න ඕන ඒ විදියට මහජන මුදල් වියදම් කරන්න දෙනවද කියලා. දැන් මේ ජනාධිපතිවරයා දෙන අවසන් විසදුම තුළ රෝහලක කතාවක් ඇත්තෙම නෑ. මේක අනුව රෝහල තියෙන්නෙ නෙවිල් ප්‍රනාන්දු බාරයෙ. නෙවිල් ප්‍රනාන්දුගෙ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කරන්න රජයේ අරමුදල් වැය කරනවා. ඒක තමයි මේ යෝජනාවෙ තියෙන්නෙ. ඊට අමතරව කියනවා සයිටම් එක වෙනුවට අලුත් ආයතනයක් පිහිටුවනවා කියලා. මොකක්ද මේ අලුත් ආයතනය? ඒ ආයතනය පිහිටුවන්න මූලික නීතිමය කටයුතු සිදුවෙමින් තියෙනවා.අපි අද මේ සාකච්ඡාව කරන්නෙ ඒ ආයතනය මොකක්ද කියලා හෙලිදරව් කරන්න.

අපට තොරතුරු ලැබිලා තියෙන විදියට ඒ අලුත් ආයතනයට අදාළ මූලික ලියාපදිංචි කිරිම් නීතිමය කටයුතු සිදුකරමින් තිබෙනවා. ඒ හදන්න යන ආයතනයෙ කොටස්වලින් 52%ක් අයිති “ස්ලිට්”, එහෙම නැත්නම් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට. ඒක මුලින් රජයේ අරමුදල් යොදවලා ආරම්භ කරලා අර්ධ රාජය ආයතනයක් ලෙස තිබිලා දැන් මේ වෙනකොට සම්පූර්ණයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් බවට පත්කර තිබෙන ආයතනයක්. ඒකට කොටස් 52%ක් අයිති වෙනවා. ඊළගට හිමාලි ජයතිලක කියලා කෙනෙකුට කොටස්වලින් 48%ක් හිමිවෙනවා. දැන් මේ කියන්නෙ නෙවිල් ප්‍රනාන්දු අයින් කළා, හිමාලි ජයතිලකට කොටස් 48%ක් තියෙන 52%ක් ස්ලිට් එකට තියෙන අලුත් ආයතනයක් හැදෙනවා කියන එකයි. හිමාලි ජයතිලක කියන්නෙ කවුද? එයා නෙවිල් ප්‍රනාන්දුගෙ මිනිපිරී. දැන් මේකට ජනාධිපතිලා මැදිහත් වෙන්න ඕන නෑ. සීයා කෙනෙක් වයසට යද්දි එයාගෙ දේපළ මිනිපිරීට ලියලා දුන්නම ජනාධිපති කිවයනවා ඔන්න දැන් ප්‍රශ්නෙ ඉවරයි අපි විසදුවා කියලා. දැන් නෙවිල් ප්‍රනාන්දුට වයස අවුරුදු 80 ගානක්. ඒ නිසා එයා දේපල ලියලා දීලා මිනිපිරිට. ඒ ලියලා දුන්න එක උස්සං ඇවිත් ජනාධිපති කියනවා දැන් නෙවිල් ප්‍රනාන්දුට නෙවෙයි මේක අයිති අලුත් ආයතනයක් අලුත් කෙනෙකුට කියලා. ඊතින් ඕවා කියන්න ඕන කොණ්ඩෙ බැදපු චීන්නුන්ට. ඕවා මේ අපේ රටේ ජනතාවට කියලා හරියන්නෙ නෑ. සීයා මිනිපිරීට දේපල ලියලා දුන්නම දැන් නෙවිල් ප්‍රනාන්දුගෙ නෙවෙයි ආයතනය වෙන කාගෙ හරි කියලා සම්පූර්න බොරුවක් කරන්න ජනාධිපතිවරයා සැරසෙන්නෙ. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා ලැජ්ජා නැති වැඩ කරන්න එපා. දැනට ලංකාවෙ උපමාව තියෙන්නෙ ලැජ්ජා නැතික මහ මුදලිකමටත් ලොකුයි කියලා. ඒ වෙනස් කරන්න එපා ලැජ්ජා නැතිකම විධායක ජනාධිපතිකමටත් වඩා ලොකුයි කියලා. ඒක තමයි අපට කියන්න තියෙන්නෙ.

අපට තිබුණ ප්‍රශ්නය නෙවිල් ප්‍රනාන්දු එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. නෙවිල් ප්‍රනාන්දුට අයිති නිසා අපි විරුද්ධයි, එයාගෙ මිනිපිරිට අයිති නිසා සතුටු වෙනවා කියලා එකක් නෑ. මෙතන තියෙන්නෙ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පෞද්ගලිකකරණය කිරීම පිළිබද ප්‍රශ්ණයක්. මේක සීයයි මිනිපිරියි දේපළ බෙදාගැනීම පිළිබද ප්‍රශ්නයක් නෙවෙයි.

අනික් කාරණය “ස්ලිට්” එක ගැන. ස්ලිට් එක ආරම්භ කළේ උසස් පෙළ විභාගයෙන් ඉහල සුදුසුකම් ලැබූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට මහපොළ ආධාරය දෙන්න ආරම්භ කරපු මහපොළ භාරකාර අරමුදලෙ මුදල්වලින්. මහපොල අරමුදලින් ආරම්භ කරලා ඒක මුදලට උගන්වන තැනක් බවට පත් කළා. ඒක කලේ කිංස්ලි ටී වික්‍රමරත්න අභ්‍යන්තර වෙළදෙ කටයුතු ඇමති කාලෙ, චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග ජනාධිපති කාලෙ. ඒක කරන කොට ඒක කරන්න එපා කියලා දැවැන්ත ශිෂ්‍ය විරෝධයක් පැන නැගුණා. රජයේ පොදු අරමුදල්වලින් පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්න එපා කියන විරෝධය ආවා. හැබැයි පටන් අරගෙන කිව්වා මේක පෞද්ගලික විශ්වවිද්‍යාලයක් නෙවෙයි කියලා. මේකෙ අධ්‍යක්ෂ මන්ඩලයෙ මහපොල බාරකාර අරමුදලෙ නිලධාරින් ඉන්නවා, අභ්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍යංශය මැදිහත් වෙනවා කියලා කිව්වා. නමුත් පසුගිය ජූනි මාසෙ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙ අත්සනින් ගැසට් පත්‍රයක් නිකුත්කරලා ස්ලිට් එක සම්පූර්ණ පෞද්ගලික විශ්ව විදයාලයක් බව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒකට රජයේ කිසිදු අමාත්‍යංශයක වගකීමක් නැහැ කියලා 2017 ජූනි මාසෙ ගැසට් එකෙන් කිව්වා. එහෙම ප්‍රකාශයට පත් කරන්න සති කීපයකට කලින් මහපොළ භාරකාර අරමුදලෙ මිලියන සිය ගණනක් ස්ලිට් ආයතනයට වෙන් කරනු ලැබුවා. හරිම පැහැදිලිය, රාජ්‍ය අරමුදලකින් මහජන මුදල්වලින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හැදුවා, ඉන්පස්සෙ මහජන මුදල් මිලියන සියගණනක අති විශාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට යොදවලා ඉන්පස්සෙ සති දෙක තුනක් අතුළත පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත්කළා. එතකොට ස්ලිට් එකට වෛද්‍ය පීඨයක් හදන්න කියලා තමයි මේ මුදල යොදවලා තියෙන්නෙ.

නෙවිල් ප්‍රනාන්දු ලංකා බැංකුවෙන් ණය අරගෙන රාජ්‍ය අරමුදල්වලින් සයිටම් එක හැදුවා වගේ නෙවිල් ප්‍රනාන්දු අඩුගානෙ ලංකා බැංකුවෙන් ණයක් ගත්තෙ. දැන් මහපොළ භාරකාර අරමුදලෙ සල්ලිවලින් තමයි අලුත්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හදන්න යන්නෙ. දැන් ඒකට මුදල් වෙන්කරලා පහුවදාම රජයෙන් නිදහස් කළා. මේ පිළිබදව අපි නීතිමය පියවර ගන්නවා, මොකද මේක රටේ පවතින මුල්‍ය නීතියට පටහැනියි. එකක් සෞඛ්‍ය ඇමතිවරයා, මුදල් බලය සහිත පාර්ලිමේන්තුවට බොරු කියලා නොමග යවලා මාසිකව මිලියන දෙසිය ගානෙ වෙන්කරලා තියෙනවා පෞද්ගලික දේපලක් වන නෙවිල් ප්‍රනාන්දු රෝහල ප්‍රවර්ධනය කරන්න, ජනතා අරමුදල් භාවිතා කරනවා ජනතාවගේ හෝ ජනතා නියෝජිතයන්ගෙ අනුමැතියක් නැතිව. ජනතාවට හොර රහසේ පාර්ලිමේන්තුවට හොරෙන් මහපොල භාරකාර අරමුදල නමැති රාජ්‍ය අරමුදලෙන් රුපියල් මිලියන සිය ගනනක් පෞද්ගලික විශ්විද්‍යාලයකට දීලා තියෙනවා. මේක ලංකාවෙ නීතියට, මූල්‍ය නීතියට පටහැනියි, මේකට සම්බන්ධ සියලු දෙනාට සිරදඩුවම් දිය හැකි වරදක් කරලා තියෙන්නෙ. ඔබට මතක ඇති මහජන මුදල් අපහරණය සම්බන්ධ චෝදනාවට ලලිත් වීරතුං සහ අනූෂ පැල්පිට කියන හිටපු රාජ්‍ය නිලධාරින් දෙන්නට සිරදඩුවම් නියම වුණා. මේ ආකාරයට මහජන මුදල් අවභාවිතා කරන්න දායක වුණූ මහපොළ භාරකාර අරමුදලෙ, උසස් අධ්‍යාපන අමාත්‍යංහයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු නිලධාරින්ට එරෙහිව අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඉදිරියෙදි නීතිමය පියවර ගන්නවා.

දැන් අපි කියන්නම් ජනාධිපතිවරයා සදුදා කියන්නම් කියලා ඉන්පස්සෙ දවස් තුනකින් කියන්නම් කියලා තවම නොකියා ඉන්න රහස මොකක්ද කියලා. නොකියා ඉන්න රහස තමයි මේ කරන්න යන වැඩේට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරු දෙන්නා තවම එකගතාවය දීලා නෑ කියන එකයි අපට ආරංචි. අපි ඒ නිලධාරින්ට කියනවා, ඔබ දෙදෙනා මේ පරිපාලන සේවයේ ජ්‍යෝෂට නිලධාරින් විදියට මේ කාර්යයට අත්සන් කළොත් ලලිත් වීරතුංගටයි අනුෂ පැල්පිටටයි සිදුවෙච්ච දේට ඔබ දෙදෙනාටත් මුහුණ දෙන්න වෙනවා, මොකද මේක රටේ තියෙන නීතියට පටහැනියි. නීතිය අස්සෙන් ගිහින් තමයි පෞද්ගලිකකරණය කරමින් හිටියෙ දැන් නීතියට පිටින් යමින් කරන්න යනවා.

අපි ඒ නිලධාරින්ට කියනවා මේ ආණ්ඩුවේ කොල්ලකාරි ආර්ථික වැඩපිළිවෙළට කඩේ යන්න ගිහින් නිම්ම හිරේ යන්න එපා කියලා. අපි අනිවාර්යයෙන් මේක සම්බන්ධව නීතිමය පියවර ගන්නවා. ඒ නිලධාරින් දෙන්නා මේකට විරුද්ධ නිසා ඔවුන්ගෙ අනුමැතිය එනතුරු තමයි මේ ජනාධිපති තෙපර බබා ඉන්නෙ. ඒ අකරකුර ඉතාම නරක දේවල් සිදුවෙමින් යනවා. ලංකාවෙ වෛද්‍ය අධ්‍යාපනයෙ අවම ප්‍රමිතීන් තීරණය කිරිම සම්බන්ධ බලය තියෙන්නෙ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවටයි. වෛද්‍ය සභාව අවම ප්‍රමිතීන් හදලා දැන් අවුරුදු පහකටත් වැඩියි. අවස්ථා තුනකදි අවම ප්‍රමිතින් හදලා පාර්ලිමේන්තුවට යැව්වා. ඒ අවස්ථා තුනේදිම කැබිනට් මණ්ඩලය ඒවා විවාදයට ගැනීම සහ ඡන්ද විමසීම නතර කළා. එහෙම නතර කළේ වර්තමාන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මැදිහත් වෙලා. අවසාන වතාවට ඒ ප්‍රමිතින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුනු වෙලාවෙ ඒකට විරුද්ධව හිටියෙ රාජිත සේනාරත්න විතරයි. දැන් ඒ නිසා අවම ප්‍රමිතින් ගැසට් කරලා නෑ. අවම ප්‍රමිතින් ගැසට් කරලා නැති තත්වයක් තුළ හර්ෂ ද සිල්වා බලපෑම් කරමින් ඉන්නවා, එයා හදපු අවම ප්‍රමිතින්වලට. වෛද්‍ය සභාවෙ අවම ප්‍රමිතින් නෙවෙයි දැන් හර්ෂ ද සිල්වා හැදුව අවම ප්‍රමිතින් සම්මත කරන්න යනවා. මේ සම්බන්ධව ශ්‍රි ලංකා වෛද්‍ය සභාව එකගත් නෑ. වෛද්‍ය සභාව එකග නැති නිසා තමයි මේකට විරුද්ධව හිටිය මහාචාර්ය කාලෝ ෆොන්සේගෙ ධුරකාලය අවසන් වෙන්නත් කලින් අයින් කරලා ගොට්ටෙක්ව සභාපතිකමට දැම්මෙ. අධයාපන පෞද්ගලිකකරණය නිදහසේ කරගෙන යන්න කොල්වින් ගුනරත්න සභාපතිකමට දැම්මට ඒක කරන්න බෑ. මොකද වෛද්‍ය සභාවෙ විශේෂඥවරු විද්වතුන් ඒකට විරුද්ධයි.

දැන් හර්ෂ ද සිල්වා විහ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මොහාන් සිලවා එක්ක ගහලා තියෙන කුමන්ත්‍රණය මොකක්ද? දැන් ඒ අය අවම ප්‍රමිතින් කියලා හදලා තියෙන්නෙ මොනවද? වෛද්‍ය සභාව හදපු අවම ප්‍රමිතින් කෑලි කපලා කපලා කපලා එකක් මූට්ටු කරලා හදලා තියෙනවා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මොහාන් සිල්වා. වෛද්‍ය සභාවෙන් අනුමත කළ අවම ප්‍රමිතින්වල කොටස් දෙකක් තියෙනවා. අවම ප්‍රමිතින් සහ අවම ප්‍රමිතින් ක්‍රියාත්මක කරන ආකාරය කියලා කොටස් දෙකක් තිබුණා. දෙවැනි කොටස සම්පූර්ණයෙන්ම කපලා. පළවෙනි කොටසෙ අධ්‍යයනය කළ යුතු පැය ගනන, විෂයමාලාවෙ තිබිය යුතු විෂයන් ගනන අඩු කරලා. වැදගත්ම දේ උසස් පෙළ අවම සුදුසුකම් කියන කොටසත් කපලා. අවම සුදුසුකම එස් 3ක් කියලා දාලා. එස් 3 කොහෙමද අවම සුදුසුකම වෙන්නෙ? සාමාන්‍යයෙන් ඕනෑම උපාධි පාඨමාලාවකට මුලු සදාකාලයට ලෝක විනාශය එනතුරු කියා අවම සුදුසුකම් හදන්නෙ නෑ. ලෝකයෙ හැම රටකම වගේ උසස් පෙළ අවම සුදුසුකම අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරනවා. සාමාන්‍යයනේ අපේ යාබද රටවල ඉන්දියාවෙ වගේ අවම සුදුසුකම් හදන්නෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ගිය කෙනාගෙ අවම මට්ටමයි. දැන් ලංකාවෙ මේ අවුරුද්දෙ නම් බී 3. දිස්ත්‍රික්ක පදනම නිසා අසාධාරණයක් වෙනවා වගේ චෝදනා තියෙනවා. නමුත් මේ අවුරුද්දෙ වෛද්‍ය පීටවලට අවම සුදුසුකම වෙන්නෙ බී3. ලබන අවුරුද්දෙ ඒක ඒ එකයි බී දෙක වෙයි කියලා අනුමාන කෙරෙනවා. වෛද්‍ය සභාව ඒ විදියට තමයි අවම සුදුසුකම් හදලා තිබුණෙ. වෛද්‍ය පීඨවල විෂය නිර්දේසත් වෙනස් කරලා විෂය උගන්වන පැය ගණනත් වෙනස් කරලා සියල්ල වෙනස් කරලා අන්තිමට අවම සුදුසුකමත් වෙනස් කරලා.

දැන් ඕක කරලා තමයි ජනාධිපති කියන්නෙ ශිෂ්‍යයන්ට දේශනවලට යන්න කියලා. ශිෂ්‍යෙයා දේශනවලට යයිද? ජනාධිපති හිතාගෙන ඉන්නවා නම් ඔය කොල කෑල්ල දාලා හෙට හරි අනිද්දා හරි ශිෂ්‍යයො දේශනවලට යවන්න ඒක නෙවෙයි වෙන්නෙ. ඔය ජාතියෙ පිස්සුවක් කළොත් අනෙකුත් පීඨවල ශිෂ්‍යයොත් පන්ති වර්ජනය කරයි. මුලු විශ්වවිද්‍යාල පද්ධතියෙම ශිෂ්‍යයො පන්ති වර්ජනය කරන්න ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි දන්න විදියට විශ්ව විද්‍යාල ආචාර්යවරු ජනාධිපතිවරයාට කියලා තියෙනවා මේ ජාතියෙ හොර මගඩියක් නම් වෙන්නෙ ශිෂ්‍යයො ආවත් ආචාර්යවරු දේශන පවත්වන්නෙ නෑ කියලා. ආචාර්යවරු වැඩවර්ජනයකට යනවා කියලා, විශේෂයෙන් වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගෙ සංගමය කියලා තියෙනවා සයිටම් ආයතනය අහෝසි කරනවා වෙනුවට මේ වගේ කුමන්ත්‍රණකාරි බොරුවක් කරන්න ගියොත්, ලංකාවෙ වෛද්‍ය අධ්‍යාපනයෙ සහ වෛද්‍ය වෘත්තියෙ ප්‍රමිතිය මේ මට්ටමට පහත හෙළන්න ගියොත් ඒ අය වැඩවර්ජනයකට යනවා කියලා. ඒක නිසා මේක වෛද්‍යවරුන්ගෙ වර්ජන ආචාර්යවරුන්ගෙ වර්ජන සහ සමස්ත මහා වැඩවර්ජන සිදුවන සංකීර්න ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඒ වගේම මේක පවතින නීතියට එරෙහිව කළ දෙයක්. ඒ නිසා අපි ජනාධිපතිවරයට බල කරනවා අර සදුදා දෙනවා කියලා පස්සෙ බදාදා දෙනවා කියලා තවම නොදී ඉන්න කොලේ හෙට හරි එළියට දාන්න. එත්කොට අපට බලාගන්න පුලුවන් මේ ප්‍රහ්නය ගැන රජයේ ස්ථාවරය මොකක්ද කියලා. ජනාධිපතිවරයත් අගමැතිවරයත් මේ හවුල් ආණ්ඩුවත් ඉන්නෙ අධ්‍යාපනය හා සෞඛ්‍ය පෞද්ගලිකකරණය කිරිමේ ප්‍රතිපත්තියේ නම් ඒක එලිපිට කියන්න. ඒක විවෘතව කිව්වට පස්සෙ මහපාරෙදි ප්‍රශ්නය බේරාගමු.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හරියට කිව්වට පස්සෙ ඒක විනාශකාරී එකක්, ජනතාද්‍රෝහි ප්‍රතිපත්තියක් නම් ඒකට එරෙහිව සියලුම ජනතා බලවේග ඒකරාශි කරනවා. ඒ නිසා ශිෂ්‍යයො, කම්කරුවො, ගොවියො, ආචාර්යවරු, දෙමව්පියෝ, අනෙකුත් වෘත්තිය සමිති යන මේ සියල්ල මේ කුමන්ත්‍රණයට එරෙහිව පෙළගස්වන්න අපි සූදානම්. ඒ නිසා ආණ්ඩුවට එක පාරක් තියෙනවා බේරෙන්න, තවත් බොරු නොකර මේ හොර උපාධි කඩය අහෝසි කරන්න. ජනතා අරමුදල් පෞද්ගලික ආයතන වෙනුවෙන් යොදවන එක නවත්වන්න. එහෙම නැත්නම් ඒ පිළිබද රජයේ ප්‍රතිපත්තිය හරියට කියන්න. ඒ ප්‍රතිපත්තිය පරාජය කරන්න රටේ ජනතාව එක්ක මුහුණට මුහුණ හැපෙන්න ඒක පරාජය කරන්න අපි සූදානම්.”

මාධ්‍ය ඒකකය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2017 ඔක්තෝබර් 25

සයිටම් අර්බුදයේ වත්මන් තත්වය පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස ඉදිරිපත් කිරීම සඳහා 2017 ඔක්තෝබර් 25 (අද) දින පැවැත්වූ මාධ්‍ය හමුවේදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා විසින් සිදුකළ අදහස් දැක්වීම ලිඛිත සටහනක්

සංවිධානාත්මක අපරාධයක් සිදුකිරිම සදහා යමින් සිටියදි විශේෂ කාර්‍යය බලකාය විසින් වෙඩිතබා අත් අඩංගුවට ගත් අමාත්‍ය ජෝන් ඇන්තනී එම්මානුවෙල් අමරතුංග හෙවත් ව්‍යාඝ ජොන්ගේ සමිපතම නෑදෑයා වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රුද්‍රිගු ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් හත් දෙනා “නිධන් හොරු “ලෙස හංවඩු ගසා “මිනීමරුවා” “පාතාලයා”යන බැනරය ඉවත් කර තවදුරටත් දේශපාලන පාලනය තුල රදවා ගැනිම සදහා මාධ්‍ය මෙහෙයුමක් දියත් කර තිබේන අතර දෙකට නවන පුජිතගේ නීතිය මෙන්ම කොහොමත් නැමිලාම ඉන්න තලතාගේ අධිකරණය පද්ධතියමෙන්ම තේ කොප්පයට,රොල්ස් එකට මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා කිහිප දෙනෙකුද නියමිත මාත්‍රාවට වැඩේ දෙමින් සිටින බව අමතුවෙන් කිවයුතු නැත.

විශේෂ බලකාය එම වැටලිම කල මොහොතේ සිටම රන්දීර ගලවා ගැනිම සදහා මෙහෙයුම් දියත් වු අතර ප්‍රාදශීය මාධ්‍ය පවා එය වසන් කිරිමට උත්සහ ගත් බව මතක් කලයුතුය. ව්‍යාඝ ජොන් නිරන්තරයෙන් රන්දිර් හදුන්වා දුනේ තමන්ගේ බෑණා ලෙසට (බෑණා යනු දුව බැන්ද බෑණා නොවන බව කරුණාවෙන් සලකන්න) ව්‍යාඝ ජොන් රන්දීර්ට බෑණා කිව්වේ නිකම්ම නොවේ නෑ කමට අමතරව ජොන්ගේ මැර වැඩ සහ කොල්ලකැම් සියල්ලම මෙහෙයවිම භාරව තිබුනේ රන්දිර්ටය.ඒ වෙනුවෙන් ව්‍යාඝ ජොන් රන්දිර්ට පළාත් මන්ත්‍රී පට්ටමක් මෙන්ම තමන්ගේ අමාත්‍යංශයේ සුපිරිම වාහන පවා ලබාදි තිබේ.

දිවුලපිටිය හේන්පිටගෙදරදී ‍පොලිස් විශේෂ කාර්ය බළකාය සමග වෙඩි හුවමාරුවෙන් පසුව අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රුද්‍රිගු ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් හත් දෙනා නොවැම්බර් මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කල අතර  රන්දීර් ආසිරි රොද්‍රිගෝ මහතාගේ හැඳල නිවසේ තිබි පුපුරණ ද්‍රව්‍ය සමග හසු වූ මන්ත්‍රී බිරිඳ ලබන 31 දා තෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීමට වත්තල මහෙස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කර සිටියා.

හැඳල නිමලමරිය මාවතේ වූ මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කිරීමේදී කාමරයක තිබි මිලිමීටර් 09, මයික්‍රෝ ටී 56, ත්‍රී එයිට් වර්ගයේ ගිනිඅවිවලට යොදන උණ්ඩ 11 ක්, පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 75 ක්, ප්‍රභූවරුන් භාවිත කරන වෙඩි නොවදින කබායක්, වාහනවලට සවි කළ හැකි ව්‍යාජ අංක තහඩු 12 ක්, පිස්තෝල රඳවනයක්, කඩු, කිණිසි සමග මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි ඉන්දියානු ජාතික කාන්තාවක් වන ඔහුගේ බිරිඳ පෙරේදා (23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබිණ.

රටපුරා නිධන් හාරන මුවාවෙන් ඝාතන මෙහෙයවන රන්දිර් බොරු නිදන් සාදා වංචනීක ආකරයට එවා විකිණිමටද කටයුතු කරන අයෙකු වේ.මිට අමතරව මුදල් මුද්‍රණය කිරිමේදි යම් දෝෂ සහිත මුදල් ලක්ෂ 3ක් ලක්ෂයට විකුණ මුවාවෙන් රටේ ජනතාවගේ ලක්ෂ ගණනක් සියුම්ව වංචා කිරිමටද රන්දිර් සමත් වු අතර ඒ සම්බන්ධයෙන් කොතරම් අනාවරණය කලද පසුගිය රජය සමයේ ව්‍යාඝ ජොන් රාජපක්ෂලා සමග පැවැත්වු සමිප සම්බන්ධය හේතුවෙන් එවකටද රන්දිර්ලා අත් අඩංගුවට ගැනිම පහසු නොවිය.

නිධන් හොරාකෑම

පසුගිය දිනවල ජෝන් අමරතුංග ඇමතිවරයාගේ බෑණා තම පුද්ගලික වාහන කිහිපයක ක්‍රිස්තියානු කටයුතු අමාත්‍යංශයේ නම ගහගෙන ගිහින් නිදන් හාරා ඇති අතර ඒ සදහා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයට අයත් වාහන යොදවාගෙන තිබියදි පොලිසියට හසුවුවද රන්දිර්ලා හසුවුයේ නෑ.

ඒ වාහනවල පුවරුවේ තියෙන්නේ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය කියලා. වාහනවල අයිතිය තියෙන්නේ විෂයභාර ඇමතිවරයාගේ බෑණාට. ජෝන් අමරතුංගඇමතිවරයාගේ බෑණාට. වාහන සහ වාහනවල හිටපු අය ඇල්ලූවා. ඒත් වාහන අයිතිකාරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවෙන්නෙ ඇයි? වාහන අයිතිකාරයා තමයි ගෝලයො මේ වැඬේට එවන්නේ. ඇයි ඒ ගැන හොයන්නේ නැත්තේ? අල්ලපු අයත් එළියට දැම්මා.

රන්දිර් පසුගිය මාස 5ක පමණ් කාලය තුල හොරකම් කල සහ පන්සල් කඩගත් නිධන් වස්තු 10කට වඩා විකුණා ඇති අතර එම නිධන් විකිණිමට ගොස් නීතියට හසුවු කණ්ඩායම්ද රැසක් සිටි.ඔහුන් රන්දිර්ව හදුනන්නේ නැත සල්ලි අලට කැදර කමට deal එකට සම්බන්ධ වන ඇතැම් නිඩන් හොරු පොලිසියට අල්ලා දිම පසුපසද රන්දිර් සිටින බව අප විශේෂ වාර්තාකරු අවස්ථා ගණනාවකදි නිධන් හොරු පොලිසියට ගැනිම සහ එම අල්ලාගත් නිධන් වස්තු බොරු එවා විම සම්බන්ධයෙන් කල විමර්ශනයේදි එම මෙහෙයුම අනාවරණය වි තිබේ.

ඒ සම්බන්ධයෙන් පුළුල් අනාවරණයක් ඉදිරියේදි බලාපොරොත්තු වන්න 

දෙහිඕවිට ප්‍රදේශයේ මැණික් ඉල්ලම කොල්ල කෑ හැටි...

එය තිබෙන්නේ දෙහිඕවිට හරහා ගලායන ගංග මැද්දේය.පසුගිය කාලයේ ජනතාවට අහම්බයෙන් ලැබුනු මැණික් කිහිපයක් නිසා ගඟ හාරමින් මැණික් සොයන්නට ජාවාරම් කාරයන් කටයුතු කල අතර පසුව එවකට රජය එම ප්‍රදේශය තහනම් කලාපයක් කර පොලිස් ආරක්ෂාවද යොදා තිබේ.

http://198.211.112.164/archives/76

රන්දිර්ලාගේ පාතාලයට එරෙහිව ගිය උන් පොලිසිය ලවා ඝාතනය කිරිම 

ජා ඇල, ඒකල නිශාන්ත වත්තේ පදිංචිව සිටි සමීර පතිරණ (31) නමැති අයෙක් ජා ඇල පොලිසිය විසින් අත් අඩංගුවට පසුව එදින රාත්‍රියේම ගෙල සිරකර මරාදමා

http://198.211.112.164/archives/781

වත්තල නගරයේ වෙළෙඳ සල් හිමිකරුවෙකු කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කිරිම පසුපස දේශපාලන හස්තයක් තිබේන බව LNW  ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.  අද උදෑසන ඝාතනය සිය පුත්‍රයා සමග පල්ලියට ගොස් එමින් සිටියදී මෙම 54 හැවිරිදි පුද්ගලයා ඝාතනයට ලක්ව තිබේ.මේ ඝාතනය පසුපස අමාත්‍ය ජෝන් අමරතුංගගේ ලේකම්වරයාව සිටින ප්‍රනාන්දු නැමත්තාට කප්පම් ලබා නොදිසිටිමට අදාළ ව්‍යාපාරිකයා ක්‍රියා කිරිම හේතුවෙන් සිදුකරන ලද්දක් බව අනාවරණය වි තිබේ.

http://198.211.112.164/archives/4684

වසර 15ක පමණ කාලයක් හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අක්කර 148කට අධික හන්තාන රක්ෂිතයේ අක්කර 14ක ප්‍රමාණයක් බලහත්කාරයෙන් සහ ව්‍යාජ අන්දමින් ආණ්ඩුවේ ප්‍රබලයෙකු හොටල් ව්‍යාපෘතියක් සදහා පවරා ගැනිමට කටයුතු කරමින් සිටින බවත් ම ව්‍යාපෘතිය පසුපස ව්‍යාඝ ජොන් සිටින බවත් එම ස්ථානය රැකගැනීමට වෙර දරන භික්ෂුන් වහන්සේලා එ=ඉලක්ක කර මැර තර්ජන එල්ල රන බවත් අප පසුගියදා අනාවරණය කල අතර ඒ පසුපසද සිටින්නේ රන්දිර්ගේ පාතාලය බව අමුතුවෙන් කිව යුතු නැත.

http://198.211.112.164/archives/16068

ව්‍යාඝ ජොන් මාධ්‍යට ගැරහු අකාරය මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා එවුන්ට අමතක වුවද රටේ ජනතාවට නම් තවමත් .මතක…

http://198.211.112.164/archives/15955

http://198.211.112.164/archives/9669

 

 

යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඔස්තාර්ලා හා කෙළිකාරයන් ලෙස පෙනී සිටින ව්‍යවස්ථා විශාරද ජයම්පති වික‍්‍රමරත්න විභාග හොරකමට දෙවැනි නොවන මන්ත්‍රී වරප්‍රසාද යටතේ ගෙන්වු තීරු බදු රහිත තම වාහනය රහසේම විකුණා දමා ඇති බව අනාවරණ වි තිබේ.

දූෂණ විරෝධියෙකු ලෙස පෙනී සිටින එක්සත් ජාතික පක්‍ෂය පත්කළ මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ලංකා සම සමාජ පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන අතර අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පාර්ලිමේන්තු ලේකම් වරයා ලෙසද කටයුතු කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ලැබෙන තීරු බදු සහනය යටතේ ඔහු 2017 පෙබරවාරි 13 දින ටොයෝටා ලෑන්ඩ් කෲෂර් රථයක් මෙරටට ගෙන්වා ඇත. ඒ බෙස්ට් එයාර් පුද්ගලික සමාගම (Best Air Service PVT LTD) හරහා රුපියල් 95,27, 562.50 ක වටිනාකමකටය.

ඒ වෙනුවෙන් රුපියල් 31, 774,450 ක බදු සහනයක් ඔහුට හිමිව තිබේන අතර පසුව 2017 ජූනි 14 වන දින ලියාපදිංචි කෙරුණු මෙම වාහනය 2017 අගෝස්තු මස 22 වන දින යාඩින් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගමට(Yaden International PVT LTD) පවරා දි තිබේ.

ජනාධිපතිවරයාගේ ඇස්වලට වැලිගසා බෙදුම්වාදීන් සමග කරට අතදමාගෙන සිටින ජයම්පති රට දකඩ කිරිම සදහා දතකන බෙදුම්වාදී දෙමළ ජාතික සංධානයේ කාමරයට වී හැදු බියකරු ව්‍යවස්ථා ලියවිල්ල මේ දිනවල අවතාර මෙන් රඟන අතරතුර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ලැබෙන තීරු බදු සහනයද විකුණා කමින් සිටින්නේ කිසිදු විලිලැජ්ජාවල්කින් තොරවය.

ජයම්පති වික්‍රමරත්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධි පාඨමාලාවේ අවසන් වසරේ (1972) විභාගයට පෙනී සිටීයදි විශ්ව විද්‍යාලයෙන් තහනම් කරනු පසුව නෙරපූ අයෙකු බව අප මිට පෙරද හෙළි කරන ලදී.

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාට වඩා වැඩ කරයකුයි සිතා සිටින, ව්‍යවස්ථා කටයුතු පිලිබඳ ජනාධිපති උපදේශක සහ සිරිසේනගේ දූෂණ විමර්ශනය කරන විශේෂ කොමිසමේ සාමාජිකයෙක්ද වන ජයම්පති වික්‍රමරත්න මෙලෙස විශ්ව විද්‍යාලයෙන් නෙරපනු ලැබුවේ කුමන හේතුවක් නිසාදැයි ශ්‍රී ලංකික ජනතාවට පැහැදිලි කිරීම පෙරට වැඩ ඉතාමත් වැදගත්ව ඇත්තේ මෙම පුද්ගලායා අප රටේ අනාගතය තීරණය කරන ක්‍රියාදාමයකට දායකත්වය ලබා දෙන බැවින්ය.

‘අපේ රට’ විසින් සොයාගෙන ඇති කරුණු අනුව ජයම්පති වික්‍රමරත්න නිත්‍යානුකුල නොවන ක්‍රම මගින් අවසාන විභාගය පවත්වන්නට ප්‍රථම ප්‍රශ්න පත්‍ර වංචනික අකාරයෙන් පිටකිරීම බලධරයන්ට අසු වීම නිසා විශ්ව විද්‍යාලයෙන් නෙරපූ බවය. යහපාලන රෙජිමයට අවශ්‍යනම් මේ ගැන වැඩිදුර විස්තර මොහුගේ සමකාලීනයෙක් වන ඇමති රජිත සේනාරත්නගෙන් දැනගත හැකිය.

මොහුගේ ජීව දත්ත (CV) වාර්තාවේ පේරාදෙණියේ අවුරුදු 4ක කාලයක් අධ්‍යාපනය සදහා යොදවපු කාලය සම්පුර්ණ කාලයම මකා දමා ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් එලියට ඇද දැමුණු පසු ඔහු නීති විද්‍යාලයට ඇතුළු වි ඇත . මොහු ගැන දන්නෝ දැන් අසන්නේ, නීති විද්‍යාලයේදීත් එම වංචනික ක්‍රියා දිගටම සිදු කළාද? විභාගයට පෙර මුදල් දී ප්‍රශ්න පත්‍ර මිලදී ගත්තාද යන්නයි.

වංචනික ක්‍රියා නිසා ජාතියේ ඉහලම අධ්‍යාපන ආයතනයෙන් තහනම් කරන ලද මෙවැනි පුද්ගලයෙකු රටක අනාගතය විසදන කොමිසමක සේවය කිරීමට දීම හෝ අඩු තරමින් රජයේ තනතුරක්වත් ලැබීමට සුදුස්සෙකුද? ඊටත් වඩා ඔහුට නීතිඥයෙකු ලෙස කටයුතු කිරීමට ඉඩ හැරිය හැකිද? මේ පිලිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර තිබේද? එසේ නැතහොත් සියල්ලම යට ගසා නීතිඥයෙකු ලෙස ලෙස කටයුතු කර නීති ක්ෂේත්‍රයේ ඉහලටම යන්නට ඉඩ හරිනු ලැබුවේ කෙසේද?

Top