දින සියයේ ආණ්ඩුව පිහිටුවා දැන් වසර තුනකට ආසන්නයි. නීත්‍යානුකුල නොවන ඊනියා එ ජා පෙරමුණු – ශ්‍රී ල නි ප ජාතික ආණ්ඩුව පිහිටුවා වසර දෙකකට වැඩියි. පාර්ලිමේන්තුවේ නියෝජනය නොවන ශ්‍රී ල නි පක්‍ෂය සමග ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැහැ. එහෙත් කරු ජයසූරිය කතානායක ව ඉන්න තාක් රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාතය යටතේ පාර්ලිමේන්තුවේ නීති විරෝධී සම්ප්‍රදාය විරෝධී ක්‍රියා වෙන්න පුළුවන්. වෙනත් කිසිවකු ඊනියා ජාතික ආණ්ඩුව නීත්‍යානුකුල නොවීම ගැන කතා නොකරන්නේ මගේ තර්කය වැරදි නිසා ද? ශ්‍රී ල නි ප පිළිගන්නා කතානායක ම එ පෙ, ජා නි පෙ ආදී පක්‍ෂ පිළිගන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය ඊනියා ජාතික ආණ්ඩුව ප්‍රශ්න නොකරන්නේ යම් දිනයක කරු ජයසූරිය විපක්‍ෂයේ පක්‍ෂ පිළිගනීවි යන බලාපොරොත්තුවෙන් ද?

අද බටහිරයන් හා ඉන්දියාව තරමක අසහනයකින් ඉන්නේ. ඒ උතුරු කොරියාව නිසා නො වෙයි. ඒ ගැන බයක් වෙන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව උතුරු කොරියාවට සම්බාධක පමණුවලා ඒ රට මෙල්ල කරලා. බටහිර හා ඉන්දීය අසහනය ආණ්ඩුව තවමත් සිංහල විරෝධි ව්‍යවස්ථාව සම්මත කර නොගැනීමත් රණවිරුවන්ට අවශ්‍ය ආකාරයට දඬුවම් නොකිරීමත් පිළිබඳ ව. බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුව බලයට පත්කර ගත්තේ ඒ කරුණු දෙක ඉටු කර ගැනීමට.

ඊයේ පෙරේදා මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරුවකු රණවිරුවන්ට දඬුවම් නොකිරීම පිළිබඳ තම කණස්සල්ල ප්‍රකාශ කරලා. ඔහු කියන්නේ ඉක්මණින් ම රණවිරුවන් දඩයම පටන් ගත යුතු බවයි. අප රටේ නීතිය ක්‍රියාත්මක විය යුත්තේ ජනතා පරමාධිපත්‍යයට අවශ්‍ය අන්දමට මිස එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවශ්‍ය ආකාරයට නො වෙයි. ආණ්ඩුවට කොන්දක් තිබුණා නම් කිව යුත්තේ, ඊනියා භූ දේශපාලනික යථාර්ථයක් ගැන බටහිර මතවාද ඇදබාන පඬියන් කෙසේ කීවත්, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට ආපසු ගෙදර යෑමටයි. එහෙත් බටහිරයන් පත් කළ නිවට ආණ්ඩුවට කොන්දක් කොහෙන් ද?

බටහිරයන්ට හා පඬියන්ට කිව යුතු තවත් දෙයක් තිබෙනවා. යුද්ධයකින් මිය ගිය අහිංසකයන් ගැන අප සොයා බැලුවේ සුද්දන් අප රටේ වැසියන් 1817 දී 1848 දී සමූලඝාතනය කිරීමට අවුරුදු දහස් ගණනකට කලින් ගැමුණු රජු සමයේ. මෙරට යුද්ධාපරාධ සිදු වී ඇත් ද නැත් ද යන්න සොයා බැලිය යුත්තේ මෙරට ආයතනයි ඒ සඳහා හමුදා අධිකරණ මෙන් ම සාමාන්‍ය (ඊනියා සිවිල්) අධිකරණ ද තිබෙනවා. මනම්පේරි ඝාතනය විභාග කෙළේ ඊනියා ජාත්‍යන්තර අධිකරණ මගින් නො වෙයි. ඉන්දීය සාම සාධක හමුදාව කළ ඝාතන ගැන ජාත්‍යන්තරය තබා ඉන්දියාවවත් සොයා බැලුවා ද? අද ඉන්දියාව බටහිරයන් සමග එක් වී බයිලා කියනවා.

මේ අතර මහින්ද රාජපක්‍ෂ පසුගිය දා සමගාමී ලැයිස්තුව ඉවත් කළ යුතු බවට ලිපියක් දුන් ජී එල් පීරිස් සමග අද හෙට ඉන්දියාව බලා පිටත් වීමට නියමිතයි. මේ ගමනින් හොඳක් වෙයි ද? ඒ සඳහා ජී එල් පීරිස් එක් වී සිටින්නේ ඇයි? අද නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කළ යුතුය යන මතය රටේ තහවුරු වෙමින් පවතිනවා. විවිධ සංඝ සභා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම නවත්වන ලෙස කියා තිබෙනවා. මහජන මතය ක්‍රමයෙන් ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කළ යුතුය යන ස්ථාවරයට සේන්දු වෙමින් පවතිනවා. දළදා මාළිගාවේ ඇතුන් එදා නොව අද ප්‍රශ්නයක් වන්නේ ව්‍යවස්ථාව නිසයි. රනිල් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ. දළදා හාමුදුරුවන් දළදා ස්වාමීන් වහන්සේ වන්නේ කිනම් සම්ප්‍රදායක ද?

මේ ආණ්ඩුව බලයට පත්කළ පාර්ශ්වයක් හැටියට ඉන්දියාවට අද මෙරට මහජන මතය ප්‍රශ්නයක්. ඉන්දියාවේ මතය පැහැදිලියි. ඔවුන්ට ඕන 13+. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් පඬි උපදේශකයන් මහින්ද ලවා 13+ කියවපු බවත් ඉන්දියාව දන්නවා. ඉන්දියාවට අවශ්‍ය මහින්ද ඒ ස්ථාවරයේ ම තබා ගැනීමටයි. එහෙත් සිංහල මහජන මතය වෙනස්. මහින්ද ගරු කළ යුත්තේ මෙරට මහජන මතයට මිස ඉන්දීය ආණ්ඩුවේ මතයට නො වෙයි. නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කෙරුණා. ඒ කියන්නේ 1833 සිට විකාශය වූ දෙමළ ජාතිවාදය මුළුමනින් ම පරාජය කෙරුණු බවයි. අද නැවතත් 1833ට හෝ 1912ට හෝ 1931ට හෝ 1949ට හෝ 1976ට හෝ 1987ට හෝ ආපසු යන්නට බැහැ. නන්දිකඩාල් කලපුවේ දී ඉන්දු ලංකා ගිවිසුම මෙන් ම දහතුන ද ගිල්ලවනු ලැබුවා. 13+ ගැන කවර කතා ද?

අප කළ යුතුව ඇත්තේ දහතුන නෛතික ව ඉවත් කිරීම පමණයි. එය මේ ආණ්ඩුවෙන් කෙරෙන්නේ නැහැ. ඒ සඳහා අප ඉදිරියේ දී ඉන්දියාවට හෝ බටහිරට හෝ යට නොවෙන ආණ්ඩුවක් පත් කර ගත යුතුයි. දැනට කළ යුතුව ඇත්තේ නව ව්‍යවස්ථාව මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කිරීමයි. ඒ අතර වත්මන් ව්‍යවස්ථාව දැනට ක්‍රියාත්මක වන තත්වයෙන් පමණක් තවදුරටත් තිබිය යුතුයි. එයින් කියැවෙන්නේ කුමක් ද යන්න පැහැදිලි විය යුතුයි. වත්මන් තත්වය වෙනස් කරන කිසිවක් නොකළ යුතුයි. නව ව්‍යවස්ථා දරුවා තවම බිහි වී නැහැ. එහෙත් ඒ දරුවා ගැබ් ගෙන. එපමණක් නොවෙයි. දරුවා අවජාතකයි.

අද දහතුන ක්‍රියාත්මක වන්නේ ඉඩම් හා පොලිස් බලතල ඊනියා විමධ්‍යගත කිරීමකට ලක් නො කරයි. අධිකරණ තීන්දුවකට අනුව උතුරු හා නැගෙනහිර පළාත් එක් කරන්න බැහැ. අවශ්‍ය ව්‍යවස්ථාවට සංශෝධන එක් නොකර මේ තත්වය වෙනස් නොකර පවත්වා ගෙන යෑමයි. රනිල් යටතේ සංශෝධන ගෙන ඒමක් ගැන විශ්වාසයක් තබන්න බැහැ. ඔහු සංශෝධන මුවාවෙන් වෙනත් ම පනත් ගේනවා.

පළාත් සභා ක්‍රියාත්මක වන තාක් විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කළ යුත්තේ දහතුන නෛතික ව ඉවත් කරන දිනයකයි. අප රට ගැන මිස පුද්ගලිකත්වය හා පවුල ගැන නොසැලකිය යුතුයි. ඉන්දියාව සමහර විට යෝජනා කරන්න ඉඩ තිබෙනවා දහතුන මුළුමනින් ම ක්‍රියාත්මක කර (එනම් ඉඩම් පොලිස් බලතල ද දී, පළාත්වලට එක්වීමට අවස්ථාව ලබා දී) ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට. ඒ සමග සිංහලයන්ගේ අභාවය සිදු වේවි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දහතුන මුළුමනින් ම ක්‍රියාත්මක කිරීම සඳහා දෙන සන්තෝසමක් පමණයි. මහින්ද ඉන්දියාවේ දී සිංහලයන්ගේ මරණ සහතිකය ලියා නොදෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

ක්‍රිකට් කණ්ඩායම අද මැරුණු තත්වයකට පත් වෙලා. ඒත් බැරිම නම් එක ම ක්‍රිකට් පුහුණු කරු ලෙස ලයනල් සඳුන් හරි පත් කරන්න පුළුවන්. ජාතිය මැරුණොත් යළි ඉපදෙන්නෙ නැහැ. දෙවැනි ඉනිමක් නැහැ.

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 24

දිවුලපිටිය හේන්පිට ගෙදර ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් පිරිසක් අතර ඇති වු වෙඩි හුවමාරුවකදී පතාල සාමාජිකයෙක් මිය ගිය අතර එම පිරිස අතර සිට අත් අඩංගුවට ගත් 6 දෙනෙකු අතර එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගුගේ නැමත්තා ද සිටින බව පොලිසිය අනාවරණය කරනවා.

අදාළ පාතාල කණ්ඩායම කිසියම් සංවිධානාත්මක මැර ක්‍රියාවක් සදහා යමින් සිටියදි විශේෂ කාර්‍ය බලකායට STF ලැබුනු තොරතුරක් මත අදාල මෙහෙයුම දියත් කර තිබේ.

මේ අතර දිවුලපිටියේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවු වෙඩි හුවමාරුවේදි අත්අඩංගුවට ගත්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගුගේ, වත්තල පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී ජීව උණ්ඩ 115ක්, වෙඩි නොවදින කබායක් හා පිස්තෝල රඳවනයක් සොයා ගෙන ඇති අතර මන්ත්‍රීවරයාගේ බිරිදත් පොලිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාතාල මේහෙයුම සම්බන්ධයෙන් තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න

පසුගියදා බැසිල් රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවු බවට විවිධ ප්‍රචාර දියත් කල හිටපු අමාත්‍ය විනයාර්ග මුර්ති මුරලිදරන් හෙවත් කරුනා අම්මාන්ගේ ඩබල් ගේම් එකක් මේ වනවිට අනාවරණය වි තිබේ.

කරුණා බැසිල් හමුවිමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීර හමුවි ඇති අතර එහිදි උතුරු නැගෙනහිර පළාත් වල ඇති සියලුම පළාත් පාලන ආයතනවලට සන්ධානය සමග එක්ව තරග කිරිම සදහා තමන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂය සුදානම් බවත් ඒ සදහා සන්ධානය සුදානම් නම් වරප්‍රසාදයන් රැසක් ලබාදිය යුතු බව කරුණා පවසා තිබේ.

මහින්ද පිළ සමග එක්ව තමන්ට තරග වැදිමට නොහැකි වි ඇත්තේ මහින්ද පිල නියෝජනය කරන ඒකාබද්ධයේ විමල් වීරංවශ සහ උදය ගම්මමන්පිල අන්ත ජාතිවාදී ලෙස කටයුතු කිරිම නිසා බවද කරුණා සන්ධාන ලේකම්වරයා හමුවේ පවසා තිබේ.

කෙසේවෙතත් එම ඉල්ලිම් සම්බන්ධයෙන් ශ්‍රීලනිප සභාපතිවරයා සමග සාකච්ඡා කලයුතු බව සන්ධාන මහලේකම්වරයා පවසා ඇති අතර ඇතැම් ඉල්ලිම් එම අවස්ථාවේදිම ඔහු විසින් ප්‍රතික්ෂේ කර තිබේ.

පසුව බත්තරමුල්ලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්‍යාලයට ගිය කරුනා අම්මාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්විමට සාකච්ඡා පවත්වා තිබුනද කරුණා වැනි හිටපු LTTE නායකයෙකු එක් කරගැනිම හේතුවෙන් 2015 ජනවාරි 8 වැනිදා කැ පරිප්පුවේ තරම දන්නා පොදුජන පෙරමුණේ නායකයන් එම එකතු කර ගැනිමට සaජුවම අකමැත්ත පල නොකර අවබෝධතා ලියවිල්ලකට පමණක් අත්සන් තැබිමට එකඟතාව පලකර තිබේ.

කෙසේවෙතත් කරුණා සිය අපේක්ෂා භංගත්වයට පත්වු අතර පසුව නිවේදනයක් නිකුත් කරමින් හිටපු අමාත්‍ය විනයාර්ග මුර්ති මුරලිදරන් හෙවත් කරුනා අම්මාන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් නිදහස් පෙරමුණ එලැඹෙන පලාත් පලාන මැතිවරණයට තනිව තරග කරන බව එම පක්ෂයේ මහා ලේකම් එම්.කමලදාස් සදහන් කර තිබුනා.

බැසිල් රාජපක්ෂගේ ආරාධනයකට බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලයට ගියද, තම පක්ෂ නායක විනයාගමුර්ති මුරලදරන් ඇතුලු තම කණ්ඩායමට එහිදි සන්ධාන ගත වි එළබෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරිම පිළිබදව කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බවද මහා ලේකම් වරයා සදහන් කර තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයාව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධුරයකින් පිදුම් ලැබූ අතර පසුව පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමටත් ඉන් පසුව කැබිනට් ඇමතිධුරයක් ලබාදීමටත් මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර සිටියා.

උතුරේ ඇතැම් බෙදුම්වාදී කණ්ඩායම් වල මතයන් සමග එකඟතාවයක් ඇති කරුණා  නව ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදයේදී කරුණා අම්මාන් ප්‍රකාශ කර තිබුණේ උතුරු නැගෙනහිර එක් කළ යුතු බවයි.

 

නව ව්‍යවස්ථාව හකුලා ගන්නා ලෙසට විවිධ පාර්ශවයන් විසින් කරන මාධ්‍ය සාකච්ඡා සහ සම්මන්ත්‍රණ සදහා වැඩි ඉඩක් මාධ්‍ය හරහා ලබාදිමට වහාම කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය ප්‍රධානින්ට පෞද්ගලික මට්ටමින් දැනුම්දි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා. ඒ අනුව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රාජ්‍ය නාලිකා තුලද විප්ලවිය වෙනසක් ඇති කිරිමට කටයුතු කලයුතු බවද් ජනාධිපතිවරයා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ට පවසා ඇති අතර ඒ අනුව රාජ්‍ය මාධ්‍ය සහ රජයේ වගකිවයුතු මාධ්‍ය ඉහළ තනතුරු සදහා ජනාධිපතිවරයාට ඉතාම විශ්වාසවන්ත පුද්ගලයන් පත්කිරිමටද මෙහෙයුමක් දියත් කර තිබේන බව අනාවරණය වි තිබේ.

ඒ අනුව සිරිසේන ජනාධිපතිවරයාගේ නියෝග මත සිරස නාලිකාව හදිසියේම නව ව්‍යස්ථාවට එරෙහිව සටන ආරම්භ කර ඇති අතර හිරූ නාලිකාව සහ දෙරණ නාලිකාවද නව ව්‍යවස්ථාවට එරෙහි මතය වැඩියෙන් ඉදිරියට ගෙන එම සදහා කටයුතු කරමින් සිටි.

මේ අතර රාජ්‍ය මාධ්‍යවල ඉහළ තනතුරු සදහා පත්ව සිටින රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානින් මෙන්ම ඇතැම් බෙදුම්වාදී අනතවාදි කණ්ඩායම් ඉවත් කිරිමට කටයුතු කලයුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදිද ඉදිරිපත් වි ඇති අතර එහිදි ජනාධිපතිවරයා සදහන් කර ඇත්තෙ තමන්ට ඒ සම්බන්ධයෙන් තනිවම තින්දුවක් ගැනිමට නොහැකි බැවින් අගමැතිවරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තින්දුවක් ගන්නා බවයි.

පසුගියදා මල්වතු-අස්ගිරි කාරක සංඝ සභාව නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිය මතය පලකිරිමත් සමග බෙදුම්වාදී,රාජ්‍ය නොවන ඩොලර් කාක්කන් මහා සංඝරතනය ඉලක්ක කර මඩ ගැසිමත් ඒවාට රාජ්‍ය මාධ්‍ය හරහා වැඩි ඉඩක් ලබාදිමත් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද සිය කනස්සල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදි පලකල බව ශ්‍රීලනීප ජ්‍යෙෂ්ඨයෙකු අප දේශපාලන වාර්තාකරු හමුවේ අනාවරණය කර තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන වලට අවශ්‍ය පරිදි නව ව්‍යවස්ථාව වෙනස් කිරීමට ඉඩ ලබා නොදන බවත් වැඩිය සෙල්ලම් දාන්න ආවොත් වැඩ වරදින්නට හැකි බවත් ජනපති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හමුවේ අවධාරණය කර තිබේ.

“NGOකාරයෝ අද අපේ මහා සංඝරත්නය විවේචනය කරනවා. අපේ හාමුදුරු ගොල්ලෝ නූගත් අය නෙමෙයි. ලෝකේ කිසිම ආගමික නායකයෙකුට අභියෝග කරන්න බැරි විදියට අධ්‍යාපන සුදුසුකම් අපේ මහනායක හාමුදුරුවන්ට තියනවා. ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බොහෝම පැහැදිලියි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට කොහොමත් මේ ඒකියභාවය කියන කාරණයේදි අලුත් ව්‍යවස්ථාවේ තියන් කාරණය එක්ක එකග වෙන්න බෑ. ඒවගේම බුද්ධ සාසනය සම්බන්ධ කාරණයේදීද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට එකග වෙන්න පුළුවන් කමක් නෑ.” යනුවෙන් ඔහු පවසා තිබේ.

 

බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාවට අනුව හිටපු ඇමැති රවී කරුණානායක හෙවත් RK  මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් බරපතළ නිර්දේශ එම වාර්තාවේ අන්තර්ගත වනු ඇති බවට මේ වනවිට නීති විශාරදයන් පෙන්වා දී තිබේ.

ඒ අනුව බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව හරහා හිටපු මුදල් අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක වරදකරුවෙකු විමේ වැඩි සම්භාවිතාවක් තිබේනම් වහාම රවී එජාපයෙන් ඉවත් කිරිමට කටයුතු කලයුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු මෙන්ම පසුපෙල මන්ත්‍රීවරුන් රැසක් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

බැඳුම්කර කොමිසමේ කාලය අවසන් වීමෙන් පසු, ලබන මාසය තුළ එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත ය. එම කොමිසමේ අවසන් නිර්දේශ සඳහන් කළ යුතු අතර, අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ නීති විශාරදයන් පෙන්වා දී ඇත්තේ හිටපු ඇමැති රවී කරුණානායක, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් බරපතළ නිර්දේශ එම වාර්තාවේ අන්තර්ගත වනු ඇති බවයි.

ඒ අනුව හිටපු ඇමැති රවී කරුණානායක තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළේ නායකයකු ලෙස කටයුතු කිරීම පක්ෂයේ අනාගතයට තීරණාත්මක ලෙස බලපෑම් එල්ල කරන බව බහුතරයකගේ අදහස වී තිබේ.

මිට අමතරව පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ආසන මට්ටමේ මෙහෙයුම් කටයුතු හිටපු ඇමැතිවරයාට පැවරීම සම්බන්ධයෙන් ද එජාප අභ්‍යන්තරයේ කැලඹිමක් හටගෙන තිබේන අතර මැතිවරණය සමයකදි එජාපයට එරෙහිව තරගවදින කණ්ඩායම් බැඳුම්කර වංචාව දඩමිමා කරගනිමින් එජාපයට තඩි බානු ඇති බවයි.

මේ අතර තමන්ගේ ඉරණම සම්බන්ධයෙන් දැනගැනිම සදහා RK අවස්ථා ගණනවකදිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවිමට උත්සහ ගත්තද එම උත්සහයන්ද අසාර්ථක වි තිබේ.මිට අමතර ජනාධිපතිවරයාගේ සමිපතමයන් හරහාද RK තමන්ගේ ඉරණම දැන ගැනිමට ගත් උත්සහයන් අසාර්ථක වි ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ RKගේ ප්‍රබලම විරුද්ධවාදියා වන එජාප අනාගත නායක සිහිනයෙන් පෙලෙන සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ මව වන ප්‍රේමදාස ආර්‍යාව නිරනතරයෙන් ජනාධිපතිවරයාට RK සම්බන්ධයෙන් විවිධ කතා පතුරුවා හැරිම නිසා බවයි RK විසින් සිය සමිපතමයෙකු සමග පවසා ඇත්තේ.

RK සහ සජිත් අතර බරපතල විරසකයක් පවතින අතර පසුගිය රාජපක්ෂ රජය සමයේ රනිල්ට එරෙහිව සජිත්ගෙන ගිය මෙහෙයුමට එරෙහිව සජිත්ට ඩ ගැසිමට වෙබ් සහ පුවත්පත් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා මෙහෙයවිම මෙම විරසකයට ප්‍රධාන ලෙස බලපැම් කල අතර එජාප නායකත්වය සම්බන්ධයෙන් සජිත් මෙන්ම RK ද බරපතල ලෙස බලාපොරොත්තු තබාගෙන සිටින බව කවුරුත් දනී.

ලබන 27 වැනිදායින් කොමිසමේ සාක්ෂි කැඳවීම අවසන් වීමට නියමිත අතර, තවදුරටත් කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව කොමිසමේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු කේ.ටී.චිත‍්‍රසිරි පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව කොමිසමේ නිර්දේශ අඩංගු අවසන් වාර්තාව ලබන මාසයේ ජනාධිපතිවරයාට භාරදීමට නියමිත අතර, ඉන්පසු නීතිපතිවරයා විසින් අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු අධිකරණය හමුවේ මේ බැඳුම්කර ගනුදෙනුවලට අදාළ ව නඩු පැවරීමට නියමිත ය.

මේ අතර සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ ඔහුගේ මාමා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතා නීතිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

කොමිසමේ ලේකම්වරයා නීතිපති වෙත යැවූ ලිපියෙන් දැනුම් දී ඇත්තේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා ආඥා පනතේ 24 වැනි ඡේදයෙන් සැලැසී ඇති ප්‍රතිපාදන අනුව, කොමිසමෙන් මෙතෙක් අනාවරණය වූ කරුණු අතරින් මනාව තහවුරු වී ඇති අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් වගකිවයුතු මේ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක්‍රියා කරන ලෙසයි.

කොමිසමේ විමර්ශන කටයුතුවලට බාධා පමුණුවමින් සාක්‍ෂි විනාශ කිරීමට ක්‍රියා කිරීමෙන්ද, කොමිසම හමුවේ කරුණු අනාවරණය කිරීමට ඉදිරිපත් වන්නන්ට තර්ජනය කිරීම හා බලපෑම් කිරීම් මඟින් සාක්‍ෂිකරුවන් සාක්‍ෂි ලබාදීම වැළැක්වීමට ක්‍රියා කිරීම මඟින් අර්ජුන් ජෝශප් ඇලෝසියස් සාපරාධී ක්‍රියාවල නිරතව ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙසද කොමිසමෙ ලේකම්වරයා නීතිපති වෙත යැවූ ලිපියෙන් දැනුම් දී තිබේ.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා ලෙසට කොමිසමේ ලේකම්වරයා නීතිපතිට යැවූ ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් ක්‍රියා කරමින් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී විවිධ උපක්‍රම කරමින් හා ඇතැම් විට විවෘතව මැදිහත් වෙමින් තම බෑනා වන අර්ජුන් ඇලෝසියස් නමැත්තාට අයුතු ලාභ ගැනීමට ක්‍රියා කිරීම හා ඊට සහාය වීම මඟින් ශ්‍රී ලංකා මහ බැංකුවටත්, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන ආයතනවල ශ්‍රී ලංකා මහ බැංකුව තුළ තැන්පත්ව තිබූ මුදල් සංචිතවලින් රුපියල් කෝටි ගණනින් පාඩු හා අලාභ සිදු කිරීම සම්බන්ධයෙනි.

දෙපාර්තමේන්තුවක් ලෙස ආරම්භ වී පසුව සංස්ථාවක් බවට පත් කරන ලද හා ඊට පසුව පොදු ජන එක්සත් පෙරමුණ රජය සමයේ පෞද්ගලිකකරණය කිරීමට සැලසුම් කරන ලද හම්බන්තොට ලුණු ලේවාය පසු කාලයක දී සේවක භාරකාර අරමුදල් මණ්ඩලයේ අයිතියට පත් කර ‘ලංකා සෝල්ට් ලිමිටඩ්’ ලෙස නාමකරණය කරනු ලැබීය. සේවක භාරකාර මණ්ඩලය යනු ශ්‍රී ලංකාවේ වැඩ කරන 25,00,000කට අධික ජනතාවගේ අරමුදලකින් සමන්විත රජයට පූර්ණ අයිතිය ඇති අරමුදලකි. මෙම අරමුදලෙන් රුපියල් මිලියන 500කට අසන්න මුදලක් යොදවා ‘ලංකා සෝල්ට් ලිමිටඩ්’ හි අයිතියෙන් 90%ක කොටසක් අත්පත් කරගෙන ඇත. ඒ අනුව ලංකා සෝල්ඩ් ලිමිටඩ් යනු සේවක භාරකාර අරමුදල් මණ්ඩලය සතු වත්කමකි. ඒ අනුව සමාගමේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීම, ලුණු විකිණීම, සේවකයන් බඳවා ගැනීම, සේවක උසස් වීම් ලබා දීම, සේවක විනය ඇතුළු සමාගමේ සියලු ක්‍රියාකාරකම් පිළිගත්, විනිවිද භාවය ඇති ක්‍රමවේදයක් අනුව සිදුවිය යුතුය.

2015 වසර ආරම්භයේ දී සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග අගමැති රනිල් වික්‍රමසිංහගේ අමාත්‍යාංශයක් වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයට අයිති විය. එහෙත්, එය නාමිකව සිදු වූවක් පමණක් වන අතර, එහි සියලු කටයුතුවලට මැදිහත් වන්නේ නිවාස හා ඉදි කිරීම් ඇමති සජිත් ප්‍රේමදාසය. සමාගමට වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඇත්තේ ද ඔහු විසින්ය. එසේ ඇමති සජිත් ප්‍රේමදාසගේ අණසකට යටත් වන හම්බන්තොට ලුණු ලේවාය ඇමතිවරයා විසින් ඉහගෙන කන්නට පටන් ගන්නේ කාටත් හොර රහසේය.

සජිත් ප්‍රේමදාස විසින් හම්බන්තොට ලේවායට අතපෙවීම සඳහා අපූරු තර්කයක් ගෙන එමින් තිබේ. ලේවාය අධික පාඩු ලබන තත්ත්වයකින් පවත්වා ගෙන ගිය බවත් හා අධික ණය බරක් සහිතව තව දුරටත් කරගෙන යා නොහැකි තත්ත්වයට එය පත්ව තිබුණ බවත් ඒ තර්කයේ පදනමයි.

එහෙත්, සමාගමේ මූල්‍ය වාර්තා සහ අනෙකුත් තොරතුරු පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වන්නේ හම්බන්තොට ලේවාය එවැනි පාඩු ලබන තත්ත්වයකට පත් වී නොතිබුණු බවයි. ඇමතිවරයා ප්‍රමුඛ කණ්ඩායම සිය තර්කය සාධාරණ බව පෙන්වීමට යොදා ගනු ලබන්නේ 2013 වසරේ වාර්තාවන්ය. 2013 වසරේ දී සිදුව ඇත්තේ අධික වර්ෂාව හේතුවෙන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 36,000කට සීමා වීමයි. ඒ නිසා ලේවාය පාලනය කරන ලංකා ලූණු සමාගම එම වසරේ රුපියල් මිලියන 95ක පමණ අලාභයක් ලබා ඇත.

එහෙත් 2015 වසරේ දී වත්මන් ආණ්ඩුවේ අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ සමාගම වාර්තාගත රුපියල් මිලියන 170ක අලාභයක් ලබා ඇත. මෙය ලේවාය ඉතිහාසයේ ලැබී ඇති විශාලතම අලාභයයි. 2015 වසර තුළ සමාගමට නිෂ්පාදනය කිරීමට හැකිව තිබුණේ ලුණු මෙට්‍රික් ටොන් 29,000කට ආසන්න ප්‍රමාණයක් පමණි.

නමුත් 2014 වසරේ ඉතිරි තොගය ලෙස 2015 වසර සඳහා ලුණු මෙට්‍රික් ටොන් 53,000ක ලුණු තොගයක් ලැබී ඇත. ඒ අනුව වසර තුළ විකිණීම සඳහා ලුණු මෙට්‍රික් ටොන් 82,000ක් පමණ ඇත. සාමාන්‍ය අපතේ යාම් හා අවසන් තොගය හැරුණු කොට සමාගම 2015 වසර තුළ ලුණු මෙටි්‍රක් ටොන් 60,000කට ආසන්න ප්‍රමාණයක් විකුණා ඇත. 2015 වසර සඳහා මෙම ලුණු ප්‍රමාණය විකුණා රුපියල් මිලියන 1,010ක විකුණුම් ආදායමක් වන ඉතිහාසයේ දෙවැනි වැඩිම විකුණුම් ආදායම ලබා ගත්ත ද, ඉතිහාසයේ වැඩිම අලාභය වන රුපියල් මිලියන 170ක අලාභය ලබා ඇත්තේ ද 2015 වසර තුළය.

නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස මහතා 2016 නොවැම්බර් මස දී පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශ කර සිටියේ පසුගිය ආණ්ඩුවෙන් හම්බන්තොට ලුණු ලේවාය තමා භාර ගන්නා විට රුපියල් මිලියන 330ක ණය මුදලක් සහිතව භාර ගත් බවයි. නමුත්, මෙම ප්‍රකාශය ද සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයකි.

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් මූල්‍ය වාර්තාව අධ්‍යයනය කිරීමේ දී මෙවැනි විශාල ණය මුදලක් සම්බන්ධව කිසිවක් සොයා ගැනීමට නොහැක. සමාගමක මූල්‍ය තත්ත්වය පිළිබඳව අදහසක් ප්‍රකාශ කිරීමට පෙර සමාගමේ වගකීම් ගැන මෙන්ම වත්කම ගැන ද අවධානය යොමු කළ යුතු බව මූල්‍ය වාර්තාවක් හෝ ව්‍යාපාර පිළිබඳ ඉතා ම සුළු හෝ දැනුමක් ඇති ඕනෑම අයකුට තේරුම් ගත හැකිය.

සජිත් ප්‍රේමදාස විසින් හම්බන්තොට ලුණු ලේවායට සහ ලංකා ලුණු සමාගමට අත පොවන්නට පටන් ගන්නා මොහොත වන විට සමාගම සතුව තිබු ලුණු මෙට්‍රික් ටොන් 53,000ක ප්‍රමාණය, එවකට වෙළෙඳපොළ වටිනාකම අවම වශයෙන් රුපියල් මිලියන 650කට ආසන්න වේ. එසේ නම් එම මුදලින් ම ඉහත කී ණය මුදල පියවා ගැනීමට සමාගමට හැකියාව තිබුණේය. මීට අමතරව ස්ථාවර තැන්පතු, ණය ගැතියෝ, සේවක ණය ආදිය එකතු කළ විට මෙම අගය තවත් විශාල වේ. මේ අනුව ඉතාම පැහැදිලි වන්නේ විශාල ණය මුදලක් සහිතව එම සමාගම පැවති බවට සජිත් ප්‍රේමදාස ඇමතිවරයා විසින් කරගෙන යන ප්‍රකාශ අතේ රෝල් පමණක් බවය. රටේ මහජනයා නොමඟ යවන අයුරින් සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශයත්, සමාගමේ සභාපතිවරයා ඇතුළු සමාගමේ කළමනාකාරිත්වය වරින්වර ජනමාධ්‍යයන්ට සිදු කරනු ලබන ප්‍රකාශත් එම අතේ රෝලේම කොටස්ය.

එහෙත්, සමාගමේ සිදු වූ ඇතැම් මූල්‍ය ගනුදෙනු පිළිබඳ මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් හා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මඟින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව මේ කිසිවෙක් පවසන්නේ නැත. එසේම සමාගමේ ඇතැම් මිල දී ගැනීම් පිළිගත් ක්‍රමවේදයන්ට අනුව සිදු වී නොමැත. භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී මිල ගණන් කැඳවීම, මිල දී ගත යුතු භාණ්ඩය අනුමත කිරීම, තාක්ෂණ කමිටු අනුමැතිය හා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සිදු වූ ආකාරය පාර්ශ්වීය බවට මේ වන විටත් තොරතුරු ලැඛෙමින් තිබේ. එමෙන්ම ලුණු විකිණීම, අබලි භාණ්ඩ විකිණීම, ඉදිකිරීම් කටයුතු හා වාහන සදහා කුලී ගෙවීම ආදිය සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

එහෙත්, 2015 වසරේ සිට මේ දක්වා සේවකයන් බඳවා ගැනීම නම්, බොහෝ සෙයින් ඉහළ ගොස් තිබේ. සජිත් ප්‍රේමදාසගේ දේශපාලන න්‍යාය පත්‍රයේ එක් ජවනිකාවක් හෙළිදරවු වන්නේ මෙහිදීය. සජිත්ට ඡන්ද ගොඩ වැඩි කර ගැනීමටත්, තමන්ට මැතිවරණයේ දී උදවු උපකාර කළ පිරිස සතුටු කිරීමටත් අලූතෙන් රැකියා ලබා දිය යුතු වේ. ඒ අනුව මෙම සමාගමට අලුතෙන් සේවකයන් බඳවාගෙන ඇති අතර, ඇතැම් උසස් වීම් ලබා දීම්වල තර්කානුකූල බවක් හෝ දකින්නට නැත. 2015 වසරේ දී සමාගම මිලියන 170ක වාර්තාගත අලාභයක් ලබා තිබිය දී වුවද, එම වසරේ දීම අධ්‍යක්ෂ මණ්ඩලයේ මාසික දීමනාව දෙගුණ කිරීමට සජිත් ප්‍රේමදාස ඇමතිවරයා මැදිහත් වී කටයුතු කර තිබේ.

ලුණු යනු අනම්‍ය ඉල්ලුමක් සහිත භාණ්ඩයකි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ලුණුවලට තිඛෙන්නේ කතිපයාධිකාරී වෙළෙඳ පොළකි. ඒ ලුණු නිෂ්පාදනය කරන ආයතන ලංකාව තුළ ඇත්තේ කිහිපයක් නිසාය. මෙම කිහිපය අතුරින් ද ලංකා සෝල්ට් ලිමිටඩ් විසින් ලංකාවේ මුළු ලුණු වෙළෙඳපොළෙන් 60%කට වැඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත. ලුණුවලට පවතින අනම්‍ය ඉල්ලුම නිසා ලුණු මිල කොතරම් වැඩි වුවද, ලුණුවල ඉල්ලුම් අඩු නොවේ. ලේවායේ ලාභය පෙන්වීම සඳහා වත්මන් පාලනය උපයෝගී කර තිඛෙන්නේ මෙම ආර්ථීක විද්‍යාත්මක කරුණයි. ඒ අනුව ලුණුවල විකුණුම් මිල දෙගුණ කර ආදායම වැඩි කර 2016 වසරේ දී වැඩි ලාභයක් ලැබු බවට මාධ්‍ය හරහා ප්‍රචාරයක් ගෙන යන ලදී. කතිපයාධිකාරි වෙළෙඳපොළක් තුළ වෙළෙඳපොළේ බහුතරය අත්පත් කරගෙන ඇති ආයතනයකට අනම්‍ය ඉල්ලුමක් සහිත භාණ්ඩයක මිල වැඩි කර ආදායම් පෙන්වීම හා ලාභ පෙන්වීම ඉතා සරල, පහසු කටයුත්තකි. සිදු කළ යුත්තේ එය නොවේ. කාර්යක්ෂමතාව වැඩි කර පිරිවැය අඩු කොට ලබා ගත හැකි උපරිම විකුණුම් ප්‍රමාණයකින් වැඩි ලාභයක් ලබා ගැනීමයි.

2017 වසරේ දී සමාගමට මේ දක්වා නිෂ්පාදනය කිරීමට හැකිව ඇත්තේ ලුණු මෙට්‍රික් ටොන් 50,000ක් පමණි. ඉතිහාසයේ කිසි දිනක නොවු ලෙස 2017 වසරේ දී පුත්තලමෙන් ලුණු මෙට්‍රික් ටොන් 8,500කට අසන්න ප්‍රමාණයක් ලංකා සෝල්ට් ලිමිටඩ් ආයතනය වෙත ගෙනැවිත් ඇත. නිෂ්පාදනය වැඩි වී ඇත් නම්, එසේ පුත්තලමෙන් හම්බන්තොටට ලුණු ගෙන එන්නේ ඇයි ? මේවා හතර බීරි වැඩය. එපමණක් නොව මේ වන විට වෙළෙඳපොළේ අලෙවි වන ලුණු පැකට් තුළ ඛෙල්ලන්, සිප්පි කටු වැනි අපද්‍රව්‍ය ඇති බවට පාරිභෝගික ජනතාවගෙන් චෝදනා එල්ල වී තිබේ. ‘ලක් ලුණු’ යනු ISO හා SLS සහතික සහිතව වෙළෙඳපොළේ අලෙවි වන ලුණු වර්ගයකි.

එසේ නම් මෙම ලුණුවල ප්‍රමිතිය එම තත්ත්වයට අනුකූල විය යුතුය. නමුත්, පුත්තලම් ප්‍රදේශයෙන් රැගෙන එන ලුණු ලක්ලුණුවලට භාවිත කිරීම සහ එහි දී ISO හා SLS ප්‍රමිතීන් කොතරම් දුරට රැකෙනවා ද යන්න ගැටලුවකි. එහෙත්, ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති වන අප්‍රසාදය වසන් කිරීම සඳහා වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරමින් සිටින අතර, ඒ සඳහා අධික වියදමක් සමාගම විසින් දරනු ලැබේ.

මේ සෝබන වැඩ සඳහා වන වියදම්වලට වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ එහි සේවකයන්ටය. සේවකයන්ට සහන පොලී අනුපාත යටතේ සමාගමෙන් ලබා දෙන ලද ණය මුදල් මේ වන විට ලබා දීම නවතා ඇතැයි සේවකයෝ චෝදනා කරති. එසේම සේවක සුබසාධන කටයුතු සඳහා මුදල් වෙන් කිරීම ද බොහෝ දුරට අඩු කර තිබේ.

ලංකා ලුණු සමාගම රජයට අයිතිය ඇති සමාගමකි. එහෙත් මේ දක්වා රාජ්‍ය ආයතනයකින් විගණනයක් සිදු කොට නැත. සමාගමේ පසුගිය කාලය සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුව මඟින් විගණනයක් සිදු කරන්නේ නම්, මෙම කරුණු බොහොමයක් අනාවරණය කර ගැනීමට හැකියාව තිබේ.

කෙසේ වෙතත්, මේ වන විට අල්ලස් කොමිසමේ පරීක්ෂණ කටයුතු හා කෝප් කමිටුවේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ. නමුත් වත්මන් සමාගමේ බලධාරීන් දූෂණ, වංචාවලට සම්බන්ධ ලිපි ලේඛන වෙනස් කිරීමට, සාක්ෂිකරුවන්ට බල පෑම් කිරීමට සූදානම් වන බවට ද කරුණු හෙළි වී ඇත. ඒ නිසා හම්බන්තොට ලේවායේ සිදු වන මේ අකටයුතුකම් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම නිසියාකාරව සිදු කිරීමට නම් ඒ පිළිබඳවත් වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බව අවසාන වශයෙන් පෙන්වා දිය යුතුය.

ඉරිදා ලංකා පුවත්පත

අප මිට පෙර කල අනාවරණය පහතින් දැක්වේ…

අට පාස් සජිත්ගේ නල්ල මලේ බඩ්ඩ ලුණු ලේවායේ අධයක්ශ මණ්ඩලයේ ඉහළ තනතුරකට

http://198.211.112.164/archives/10994

මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නිවස්නයක් ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි දේපලවලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මසකට වැඩි කාලයක් පොලිසිය මඟ හරිමින් සැඟව සිටියදී අත්අඩංගුවට ගත් අරඹේපොල රතනසාර හිමිලඟ තබී ගිහිවෙස් ගත් ව්‍යාජ හැඳුනුම්පතක් තිබී හමුවී තිබේ.

එසේ හමුවූ ගිහි හැඳුනුම්පත 2017/07/05 දින සකස් කර ඇති අතර ඒ හිමියන්ගේ පැවිදි හැඳුනුම්පත සකස් කර ඇත්තේ 2011/12/09 වන දිනය. ඒ අනු එම ගිහි හැඳුනුම්පත ව්‍යාජ ලෙස සකස්කරගෙන ලඟ තබාගෙන සිට ඇති අතර එම හැඳුනුම්පත ඔස්සේ පරීක්ෂණ සිදු කරගෙන යන බව පොලීසිය සඳහන් කරයි.

අධිකරණය වෙත ඉදිරිපත් කළ අරඹේපොල රතනසාර හිමි ලබන 30 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා නියෝග කර ඇත.

හොරෙක්,මංකොල්ලකරුවෙකු,වංචනිකයෙකු දේශ්‍රප්‍රේමියෙක් හෝ දේශ්‍රද්‍රෝහියෙකුද යන්න අපට වැදගත් නැත.මහා දේශ්‍රප්‍රේමින් ලෙස පෙනී සිටිමින් රටේ ජනතාව් ගොනාට අන්දවමින් රටේ ජනතාව ජාතිවාදින් ලෙස හංවඩු ගසන සාරලා අතර සිටින රතනසාරද ලෝක හොරෙකු බව දැන් අනාවරණය වි තිබේ.

ලොවපුරා ජනතාවගේ මුදල් කොල්ල කෑ අරඹේපොල රතනසාරගේ පෞද්ගලික ගිණුමේ මේ වනවිට ලක්ෂ 50කට ආසන්න මුදලක් තිබේන බව රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.එම මුදල් විවිධ වංචනික ක්‍රියාවලින් හරහා අරඹේපොල රතනසාර සිය ගිණුමට එකතු කරගෙන ඇති අතර එම වංචනික ක්‍රියාවන් සොයා යෑමේදී “සිංහලේ ජාතික බලමුළුව” නමින් පෙනී සිටින රඹේපොල රතනසාර ජාත්‍යන්තරයේ මවුබිම පිළිබඳව කැක්කුමෙන් සිටින සිංහල ජනතාවගෙන්ද ඉතාමත් වංචනික අකාරටයට මුදල් ගසා කා තිබේ.

රට, ජාතිය ආගමට ද්‍රෝහී යහපාලු ගෙවලයන්ගේ යෝජිත ව්‍යවස්ථාව ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩ කටයුතු සඳහා එංගලන්තයේ ජීවත් වන දේශප්‍රේමී සිංහල පිරිසක් විසින් එකතු කර යවනා ලද මුදලක් “සිංහලේ ජාතික බලමුළුව” නමැති සංවිධානය විසින් වංචනික ලෙස අපහරණය කර ඇති බවට ලන්ඩනයේ එම දේශප්‍රේමීන් ප්‍රකාශ කර සිටී.

එක්සත් රාජධානියේ සිට වංචාවට හසු වූ සිංහලයින්…..

සිංහලේ නාමයෙන් සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් විකුණාගෙන කන සිංහලේ ජාතික බලමුළුව නමින් පෙනී සිටිට මේ හොරුන්ගෙන් ප‍්‍රවේශම් වන්න.

සිංහලේ රැල්ල කරලියට පැමිණීමත් සමග නොයේක් සංවිධාන සිංහලේ නාමය පෙරටු කර ගනිමින් බියි වුණි. ඒ අතර සිංහලේ ජාතික බලමුලූව ලෙස බිහි වූ සංවිධානය මුලදී පැවැති විධිමත්භාවය එහි ඇතැම් වගකිව යුතු නිළධාරීන් ඉන් ඉවත්වීමත් සමග නැති වී ගියේය. මුල් අවධියේදී එම සංවිධානය සීඝ‍්‍රයෙන් සමාජගතවීමට හේතු වූ සෑම වැඩසටහනකටම පාහේ බෝහෝ උපකාර කළ කණ්ඩායම වූයේ එංගලන්තයේ ජීවත් වන සිංහල පිරිස්ය.

එසේ තිබියදී එක්සත් රාජධානියේ දේශපේ‍්‍රමි සිංහල පිරිසක් ඒකරාශී වී යෝජිත ව්‍යවස්ථාව පිළිබද විශේෂ කලාපයක් ලෙස මුද්‍රනය කරන්නට නියමිතව තිබූ සිංහලේ සගරාවට අනුග‍්‍රහයක් ලෙස රු. 350 000 ට ආසන්න මුදලක් බැංකුගත කරන්නට යාමේදී සිදු වූ අතපසුවීමක් නිසා ‘‘සිංහලේ’’ නමින් පැවති ගිණුම වෙනුවට සිංහලේ ජාතික බලමුලූව නමින් පැවැති ගිණුමට මුදල් බැර වූයේය. එහිදී සිදු වූ අතපසුවීම සිහිපත් කරමින් එහි ලේකම් ලෙස පෙනී සිටින අරඹේපොල රතනසාර නැමැති චීවරධාරි තැනට දුරකනයෙන් වහාම දැනුම් දුන් අතර එහිදී පවසා සිටියේ ‘ආ ඕන සුලූ දෙයක්නේ ඒ මුදල් ටික අරන් දෙන්නම්’ ලෙස පවසා සිටි අතර. 2017.01.01ට ආසන්න දින කිහිපයේදී එසේ පොරොන්දු වූ නමුදු අද වන තුරු එම මුදල් ලබා නොදුන් අතර යක්කලමුල්ලේ පවර හා මුහුණු පොතේ කෝට්ටේ සිංහලයා ලෙසින් පෙනී සිටිමින් සංගම් රාශියක් කඩා බිද දමන්නට උඩගෙඩි දුන් ඒ වගේම පන්සල්වල ලැගගෙන යැපුණ පර්සි ටෙරන්ස් පීරිස් නැමැත්තා යන මෙම තිදෙනා එකතු වී මෙම මුදල් වංචාව ඉතා නින්දිත ලෙස සමස්ත ජාතික ව්‍යාපාරයටම නින්දාවක් වන අන්දමින් සිදු කිරීම කණගාටුවට කරුණකි.

දශක ගණනාවක් තිස්සේ අද දක්වාම අප දුරු රටක ජීවත් උනත් සිංහලකම වෙනුවෙන් බෝහෝ දේ සිද්ද කළා. නොයේක් කණ්ඩායම් සමග අපි වැඩ කලා. බෝහෝ අය අපිව රැවටු නමුත් වංචා කළේ නැත. නමුත් අපිට මේ වතාවේදී මේ චීවරධාරි පිරිස හා ගිහියා කළ බලූ වැඬේ ගැන ඇත්තේ ලැජ්ජාවක් හා කණගාටුවකි. අප නියෝජිතයන් කීප දෙනෙක් ලංකාවට ගිය පසු අරඹේපොල රතනසාර නැමැති චීවරධාරියා මුණගැසී පවා කතා කළ අවස්ථාවලදී මුදල් අපසු ලබාදෙන බව පැවසුවත් දිගින් දිගටම මග හැර ගියේය. යක්කලමුල්ලේ පවර නැමැත්තට කතා කළ පසු අපට කියන්නේ මම දන්නේ නෑ අරඹේපොල නැමැත්තා එම සියලූ මුදල් බැහර ගත් බවයි. එමෙන්ම අරඹේපොල නැමැත්තා පවසන්නේ තමන් දන්නේ නෑ. පවර නැමැත්තා සියලූ මුදල් අරගෙන ගිය බවයි. මේ අන්දමින් එකිනෙකාට මුසාබස් පවසමින් එම මුදල් ඉතා නින්දිත ලෙස වංචාකළ මොවුන් කටයුතු කරන්නේ සංවිධානාත්මකව. මන්ද පොදු ගිණුමකින් මුදල් බැහැරකර ගැනීමේ තනි පුද්ගල අත්සනකට එසේ කළ නොහැක. නොයේක් ජාතික කටයුතු හා එම ඇත්තන්ගේ පුද්ගලික කටයුතුවලට පුද්ගලිකව පවා උදව් උපකාර කළ අපටත් මේ අන්දමින් වංචා කරන්නේ නම් අනෙක් අයට කවර නම් කතාද.

අප මාස 06 තිස්සේ බලාගෙන හුන්නේ වරද නිවරදි කරන තෙක්ය. එමෙන්ම අප නීත්‍යානුකූල පියවරකට හෝ සමාජයට මෙම නිරුවත හෙළි නොකර සිටියේ සිංහල බෞද්ධයන් ලෙස උඩ බලාගෙන කෙල ගසා නොගත යුතු නිසාවෙනි. එහෙත් මෙම වංචාකරුවන් නැවතත් ගං වතුරේ මුවාවෙන් දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් මුදල් රැස්කිරීමට පටන් ගෙන ඇත. එවන් තත්වයක මෙවැනි හොරුන්ට මේ සමාජයේ අහිංසක මිනිස්සුන් හසුනොවන්නට වග බලා ගැනීම අප සැමගේ යුතුකමක් හා වගකීමක් ලෙස මේ මොහොතේදී සලකමු. එනිසා මෙම අණාවරණය අකමැත්තෙන් නමුදු සිද්ධ කිරීමට තීරණය කළෙමු. ඒ තවත් දුක් මහන්සියෙන් හරි හම්බ කරන කෙනෙක්ගේ මුදල් ජාතියේ නාමයෙන් වංචාකොට සිය සැප පහසුව සදහා නොයොදවනු පිනිසය.

“සිංහලේ ජාතික බලමුළුව” නමින් පෙනී සිටින රඹේපොල රතනසාර සිය සංවිධානය නමට මුදල් බැරකරගත් අයුරු 

ඒකාබද්ධයේ කල්ලි වාදය හේතුවෙන්  පළාත් පළාත් පාලන මැතිවරණයට පෙර මෛත්‍රි – මහින්ද එකතු කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීමට පක්ෂයේ ජේ‍යෂ්ඨයන් පිරිසක්…විසින් ගෙන යන වැඩපිළිවෙළ මේ වන විට සාර්ථක නොවන තත්ත්වයක් උද්ගතව තිබේ.

මේ කණ්ඩායම් දෙකේම මන්ත්‍රිවරුන්ගේ ඒකාබද්ධ රැස්වීමක් පැවැත්වීමට සියලු දෙනාටම ලිඛිතව ආරාධනා කරන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කර තිබූ ප්‍රකාශයත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප කණ්ඩායමේ ප්‍රධානීන් ඉකුත් අඟහරුවාදා රැස්වී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබෙන අතර ඔවුන්ගේ ඒකමතික තීරණය වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙනවා නම් සන්ධානයේ මහ ලේකම්වරයා කරන යෝජනාව ගැන සලකා බැලිය හැකි බවයි.

කෙසේවෙතත් ශ්‍රීලංනිපය නියෝජනය නොකරන් ඒකාබද්ධයේ ඇතැම් කණ්ඩායම් වල බලපෑම් හේතුවෙන් ශ්‍රී ලනිපය තවදුරටත් ආණ්ඩුව සමඟ කරන දේශපාලනයෙන් බැහැර නොවන්නේ නම් ලිඛිත ආරාධනා කළත් එවැනි සාකච්ඡාවකට සහභාගි නොවිය යුතු බවට එම රැස්වීමේදී තීරණය කොට තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන්ගේ බහුතරය ප්‍රකාශ කර තිබෙන්නේ මෙවැනි හමුවක්  පවත්වන්නට යන්නේ දේශපාලන රැවටිල්ලකට බවයි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සමඟින් සිටින ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් කිහිප දෙනකුගෙන් විමසූ විට කීවේ ‘අපට තවම එහෙම ලිපියක් ලැබිලා නෑ’යි යනුවෙනි.

මේ අතර ඒකාබද්ධය නියෝජනය කරන ශ්‍රීලනීප විරෝධීන්ගේ ඉල්ලිමට ඉඩ ලබාදිමට කටයුතු කලහොත් බැසිල්ගේ දේශපාලන පක්ෂය හෝ වෙනත් සන්ධානයක් හරහා මැතිවරණයට ඉදිරිපත් විමට තම කණ්ඩායමට සිදුවන බවත් ඒ අකාරයට මැතිවරණයකට ඉදිරිපත් විමේන් අඩු ඡන්ද සංඛාවක් ලබා ගැනිම හරහා තම කණ්ඩායම ජනවාරි 8 වැනිදායින් පසුව රටේ ජනතාව තුල සාදා ඇති මතය සම්පූර්ණයෙන් වෙනස් වනු ඇති බවයි ඒකාබද්ධයේ සිටින ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

එම ඉල්ලිම ඉටුකිරිම එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලිම ඉටු කිරිමට සමාන බවත් ඒ හරහා මැතිවරණයකින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන් දොට්ට වැටිමට සිදුවන බවද ඒකාබද්ධයේ සිටින ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.ඒ හේතුවෙන් මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපය සමග එක්ව තරග කිරිම සදහා ඒකාබද්ධයේ සිටින ශ්‍රිලනිප කණ්ඩායමේ බහුතරයේ කැමත්ත් වි ඇති අතර හිටපු ජනාධිපතිවරයාද එයට කැමැත්තෙන් සිටින නමුත් ඇතැම් පාර්ශවයන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් ඔහු වැට උඩ සිටින බවයි ඒකාබද්ධයේ සිටින ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයෙකු අනාවරණය කර ඇත්තේ.

“මහින්ද මහත්තයා වෙනත් පක්ෂයකට ගියොත් නාමල්ට ආපහු අනාගතයක් නෑ….අපේ රටේ 3 වැනි පක්ෂයකට අවස්ථාවක් නෑ….එක පාරක් පක්ෂය කැඩුවොත් ආපහු අනාගතයක් නෑ..එම මහින්ද මහත්තයා අපිට වඩා දන්නවා….” යනුවෙන් ඒකාබද්ධයේ සිටින ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයෙකු අප දේශපාලන වාර්තාකරු හමුවේ අනාවරණය කර තිබේ.

දකුණේ ජනතාවගේ භීතියට පත්කරමින් පසුගියදා රාත්‍රීයේ (18) රාත්‍රී 9 ට පමණ විශාල පිපිරීම් හඬක් අසන්නට ලැබුනු අතර ඒ සම්බන්ධයෙන් විවිධ කතා පැතිර ගියද මේ වනවිට එම පිපිරීම් හඬට ආසන්නතම හේතුව අනාවරණය වි තිබේ.

ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ මුහුදට විශාල ශබ්දයක්‌ නඟමින් කඩා වැටී ඇත්තේ චීනයේ ටියෑන්ගොන් (tiangong-1)අභ්‍යවකාශ යානාවක්‌ බවට සැක පහළ වී තිබේ.

“Heavenly Palace” යනුවෙන් හදුන්වන එම යානාව මිටර් 12කින් යුක්ත වන අතර මිටර් 3.3ක විෂ්කම්භයකින් යුක්ත වේ.

මෙම අභ්‍යවකාශ යානාව තම පාලනයෙන් මිදී ඇති බවත් එය 2017 ඔක්‌තෝබර් සහ 2018 අප්‍රේල් පෘථිවියට කඩා වැටෙන බවත් චීන අභ්‍යවකාශ බලධාරීන් එක්‌සත්ජාතීන්ගේ සංවිධානයට දැනුම්දී තිබුණි.

ටොන් 8 ක්‌ බරැති මෙම අභ්‍යවකාශ යානාව පෘථිවියට එනවිට එහි කිලෝ 100 ක්‌වූ කැබලි බවට පත්වන බවද චින මාධ්‍ය වාර්තාකර තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට කඩා වැටුණේ චීන අභ්‍යවකාශ යානාව බවට චීනය මෙතෙක්‌ තහවුරු කර නෑ.

Disabled Chinese space lab likely to crash to Earth in coming months

A defunct, yacht-sized Chinese space lab is expected to fall out of orbit and crash to Earth in the coming months.

China launched the eight-tonne Tiangong-1 satellite in 2011. Tiangong means “Heavenly Palace” in Chinese. The satellite, which is 12 metres long and 3.3 metres in diameter, was designed to test technology for a future space station. The Chinese space program used it for a series of spacecraft docking tests and visits from astronauts.

The space lab broke down and stopped functioning in March 2016. That means China’s space agency no longer has control of it.

Chinese officials told the UN secretary general in May 2017 that Tiangong-1 was expected to re-enter Earth’s atmosphere between October 2017 and April 2018.

But as of Oct. 19, the satellite was still orbiting at an altitude of 305 kilometres above the surface and wasn’t expected to come down immediately, according to the satellite tracking site SatFlare.

Low risk

When it does crash, China says the risk that it will cause any damage or injury to aircraft or people or things on the ground is “very low” since most of it will burn up in the atmosphere as it falls.

However, Jonathan McDowell, an astronomer at the Harvard-Smithsonian Centre for Astrophysics, told the Guardian last week that pieces of up to 100 kilograms could crash down on the Earth’s surface. At that time, he said the satellite has begun dropping more quickly as it reaches denser parts of the Earth’s atmosphere.

McDowell tweeted that the satellite is similar in size to other objects that fell to Earth from orbit in 2012 and 2015 and just a fraction of the size of NASA’s 77-tonne Skylab space station, which went down in 1979.

China said it would monitor Tiangong-1’s descent and post its orbital status on the China Manned Space Agency website, but nothing has been posted on the website under “Tiangong-1 orbital status” since July.

Once China has the final forecast for the time and region of re-entry, it says it will issue an “early warning in a timely manner” and bring that to the attention of the United Nations Office for Outer Space Affairs and the secretary general of the United Nations.

යහපාලන ආණ්ඩුවේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අස්ගිරි -මල්වතු කාරක සංඝ සභාව කල ප්‍රකාශය “ව්‍යවස්ථාවට මහනායක හිමියන් විරුද්ධයි” යනුවෙන් පුවත් පත් වල සහ ඇතැම් විද්යුත් මාධ්‍ය හරහා පලවිමත් සමග යක්ෂාරූධ වුවෙකු ලෙස අග්‍රාමාත්‍යවරයා හැසිරිමට හේතු වි ඇත්තේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මල්වතු මහනාහිමියන්ගෙන් දුරකතනයෙන් කල විමසිමකදි ලබාදුන් පිළිතුරක් හේතුවෙන් බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

අස්ගිරි -මල්වතු කාරක සංඝ සභාව කල ප්‍රකාශ සම්බන්ධයෙන් අගමැතිවරයා පසුගිය 16 දින සිට විදේශ සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව සිටින ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ගෙන් දුරකතනයෙන් කල විමසීමේදී….”අගමැතිතුමා අලුත් ව්‍යවස්ථාවකට කැමති උනාට ජනාධිපතිතුමාගේ කැමත්තක් නෑනේ..”යනුවෙන් පවසා තිබේ.

අගමැතිවරයා එම ප්‍රකාශය හමුවේ කිසිවක් නොකියාම නිහඩ වි ඇති අතර ඒ සම්බන්ධයෙන් වෙනම සාකච්ඡා කිරිමට කටයුතු කරන බව පමණක් සදහන් කර තිබේ.

මිට අමතර අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන්  අස්ගිරි පාර්ශවයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන්ගේ විමසිමට අගමැතිවරයා අකමැත්ත පලකර ඇති අතර “එයාගෙන් අහලා වැඩක් නෑ …” යනුවෙන් පවසා තිබේ.

පසුව පාර්ලිම්න්තු සංකීර්ණයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් අගමැතිවරයා ජාතික පුවත්පත් වලට දරුණු ලෙස පහර දුන්නා.

“යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතමුන් ජනතාව නොමග යවමින් සිටින බව ඔබතුමන්ලා චෝදනා කළා. එහෙත් ජනතාව නොමග යවන්නේ කවුරුන්ද? මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු මහනාහිමියන් ප්‍රකාශයක් කළා යැයි සඳහන් කරමින්,
නාහිමියන්ගේ ඡායාරූපයද සහිතව සියලුම පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යවල ප්‍රවෘත්ති පළකර තිබෙන බව මම අද උදේ දුටුවා.ඒ පිළිබදව විමසීමට මම මල්වතු මහනාහිමියන් සම්බන්ධ කර ගත් අවස්ථාවේ දී, එවැනි ප්‍රකාශයක් කිරීමට තබා තමන් වහන්සේ මේ දිනවල දිවයිනේවත් නොමැති බව නාහිමියන් වහන්සේ මා සමග පවසා සිටියා. එසේ නම් එවැනි ප්‍රවෘත්තියක් හෝ ඡායාරූපයක් මාධ්‍ය තුළ පළවන්නේ කෙසේද?”

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියන්ගෙන් අප විශේෂ වාර්තාකරු කල විමසිමේදි උන්වහන්සේ සදහන් කර ඇත්තේ අස්ගිරි -මල්වතු කාරක සංඝ සභාව රැස්විම සදහා මහානායක හිමියන්ගේ අවසරය අත්‍යන්තයෙන්ම තිබිය යුතු බවත් ඊට අමතරව අස්ගිරි මල්වතු සංඝ සභා නිකුත් කළ ප්‍රකාශය සිදුකළේ මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් වහන්සේලාගේ අනුදැනුම මත බවයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි අස්ගිරි මල්වතු හිමිවරුන් විශේෂ ප්‍රකාශයක් කරනු ඇති බවද උන්වහන්සේ අවධාරණය කර තිබේ.මිට අමතරව යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු හිමිවරුන්ගෙන් වාර්තා ගත් බවට ලාල් විජේනායකයන් කර ඇති ප්‍රකාශය අමූලික බොරුවක් බවද අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියන් අවධාරණය කර තිබේ.

අස්ගිරි -මල්වතු කාරක සංඝ සභාවේ ප්‍රකාශය පිළිබඳව ජනපති නිහඩයි…

අස්ගිරි -මල්වතු කාරක සංඝ සභාවේ ප්‍රකාශය හමුවේ අගමැතිවරය යක්ෂාරූධ වි කෑ ගැසුවද මේ දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර ඒ හේතුවෙන් අගමැතිවරයා සහ ජනධිපතිවරයා අතර සිතල යුද්ධයක් ඇතිවි ඇති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

එම මතය තහවුරු කරමින් අද (20) නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සෑමවිටම මහානායක ස්වාමීන් වහන්සේලාගේ මතයට සමාන වන බවයි.

අස්ගිරි -මල්වතු කාරක සංඝ සභාව කළ ප්‍රකාශය, එනම් ව්‍යවස්ථා සංශෝධනයක් හෝ අවශ්‍ය නැතැයි යන ප්‍රකාශය තමන්ගේ ද මතය පමණක් නොව එය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය බවද ඔහු සදහන් කර තිබේ.

අස්ගිරි -මල්වතු කාරක සංඝ සභාවේ ප්‍රකාශය මාධ්‍ය හරහා  අස්ගිරි -මල්වතු ප්‍රකාශයක් ලෙස පුවත් පත් වල සහ මාධ්‍යවල ප්‍රධාන පුවත් ලෙස පලකිරිමේ මෙහෙයුම පසුපස ජනාධිපතිවරයාට ලගදි සමිපවු අයෙකු දියත් කල සාර්ථක මෙහෙයුමක් බවද මේ වනවිට අනාවරණය වි තිබේ. ඒ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් ලගදිම.

 

Published on: Oct 20, 2017- වසර 15ක පමණ කාලයක් හන්තාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය අක්කර 148කට අධික හන්තාන රක්ෂිතයේ අක්කර 14ක ප්‍රමාණයක් බලහත්කාරයෙන් සහ ව්‍යාජ අන්දමින් ආණ්ඩුවේ ප්‍රබලයෙකු හොටල් ව්‍යාපෘතියක් සදහා පවරා ගැනිමට කටයුතු කරමින් සිටින බව අප මීට කලකට පෙර අනාවරණය කළා.

අදාළ ඉඩම 1987 වර්ෂයේදි එවකට ජනාධිපතිව සිටි ජේ.ආර් ජයවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් හරහා නිවාස අධිකාරියට පවරා දුන් අතර වත්මන් යහපාලනය බලයට පත්විමත් සමග ඉතාමත් කූට ආකරයට එම ඉඩමේ අක්කර 14ක ප්‍රමාණයකට හොර ඔප්පුවක් සාදා නිවාස අධිකාරියට පවරා දුන් ඉඩමක් පවරා ගැනිමට නෛතීක බලයක් නොමැතිව තිබියදි විශේෂ ගැසට් පත්‍රක් හරහා එම කොටස හොටල් ව්‍යාපෘතියක් සදහා පවරාදිමට කටයුතු කරමින් සිටි.

සුද්දගේ කාලයේ සිට මෙය රක්ෂිතයක් වන අතර  ජේ ආර් ජයවර්දන ජනාධිපතිතුමාගේ කාලයේ මෙය නිවාස වැඩසටහනකට ජනවසමට පවරා ගෙන  එතැන් සිට මෙම ඉඩම හිස්ව තිබු නිසා 2000 වසරේ බුද්ධ ශාසනයට ලබාදි තිබේ.

සම්පූර්ණ ගැසට් පත්‍රය පහතින් කියවන්න….

එතැන් සිට මහා නාහිමිවරු ප්‍රමුඛ දායකයින් මෙම විහාරය හා භුමිය ඉතා සාර්ථක්කව කරගෙන ගිය අතර එහෙත් 2017 වසරේ අප්‍රේල් මස විශේෂ ගැසට් නිවේදනයකින් හිමි කරුවෙකුට පවරා හෝටල් ව්‍යාපෘතියකට කොටි ගණනකට විකිණීමට කටයුතු යොදවා ඇති අතර මේ වනවිටත් එම ඉඩම් කොල්ලය සදහා අදාළ එජාප ප්‍රභලයා කෝටි ගණනක මුදල් කප්පම් වශයෙන් ලබාදි තිබේ.

අදාළ කොල්ලකරු පසුපස එජාපයේ ප්‍රභල අමාත්‍යවරයෙකුව සිටින ඉඩම්,සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු (වර්තමානයේ ඉඩම් අමාත්‍යධුරය ඔහුගෙන් ඉවත්කර ඇත. ) අමාත්‍ය ජෝන් ඇන්තනී එම්මානුවෙල් අමරතුංග අදාළ නව ගැසට් පත්‍රය හරහා එම අක්කර 14ක ප්‍රමාණය හොටල් ව්‍යාපෘතිය සදහා වෙන්කර දි ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටියකට අධික කප්පම් මුදලක් ලබාගැනිමට අමතරව සිය පවුලේ සමාජිකයෙකු එම ව්‍යාපෘතියේ කොටස් කරුවෙකු ලෙසද සම්බන්ධ කර තිබේ.

සම්පූර්ණ ගැසට් පත්‍රය පහතින් කියවන්න….

අදාළ ඉඩම අත්පත් කර ගැනිම සදහා 2017 අප්‍රියෙල් මස 26 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රය හරහා එම ඉඩමේ අක්කර 14ක ප්‍රමාණයක් පවරා ගැනිමට කටයුතු ලිහිල් කර තිබේන අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් රහසේ ගැසට් පත්‍රයට පටහැනිව යමින් අදාළ ඉඩමේ කොටසක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් පවරාගෙන වෙනත් අයෙකුට පැවරිමට කටයුතු කිරිම කෙතරම් සදාචාරාත්මක ද යන්න අප මිට පෙර ප්‍රශ්ණ කර සිටියා.

(අදාළ හෝටල් ව්‍යාපෘතිය සදහා හොර ඔප්පු සාදමින් ලබාදි තිබේන ඉඩම් කොටස හන්තාන රක්ෂිතයේ ලස්සනම කොටසට අමතරව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ(Temple of the Tooth) පත්තිරිප්පුව එක එල්ලෙම පෙනෙන ස්ථානයක්ද වනවා.)

2000 වසරේ සිට පවත්වාගෙන ආ විහාරස්ථානය 2017 වසරේ හෝටල් ව්‍යාපෘතියකට විකිණීමට කුට ලේකන සකසා අවසන් කර ඇති එජාප ප්‍රබලයන් මේ වනවිට පන්සලේ හිමිවරුන්ගේ කුටි මර බලයෙන් විනාශ කොට බිය ගන්වා පලවා හැරීමට කටයුතු කරමින් සිටි.

අදාළ ඉඩම කොල්ලය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා දැනුවත් කරමින් මහනායක හිමියන් 2017 07 13 වැනිදා ලිපියක් යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපකල සොයා බැලිමේදි අනාවරණය වුයේ අදාළ ලිපිය මේ වනතෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමුකර නැති බවයි.අදාළ ලිපිය ජනාධිපති කාර්‍යාලයේ සිටින ඉඩම් කොල්ලකරුගෙන් කප්පම් ලබන් අයෙකු විසින් අතුරුදහන් කර ඇති බවද අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

සම්පූර්ණ ගැසට් පත්‍රය පහතින් කියවන්න….

හන්තාන ඉඩම් කොල්ලකරුවන්ගේ මැරයන් හිමිවරුන්ගේ කුටි මර බලයෙන් විනාශ කොට බිය ගන්වා පලවා හරින බවට පොලිසියටද පැමිණිලි කර තිබේ.

හොර ඔප්පු සාදමින් ඉඩම් කොල්ලකරුවෝ අල්ලාගත් කොටස …

J.R ජයවර්ධන ජනාධිපතිවරයා නිකුත් කල විශේෂ ගැසට් නිවේදනය 

මහනායක හිමියන් ජනපතිට ලියු ඉඩම් කොල්ලය පිළිබඳව වු ලිපිය…එය ජනාධිපති ලේකම් කාර්‍යාලයේදි හොරා කා ඇත.

ඉඩම්,සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු (වර්තමානයේ ඉඩම් අමාත්‍යධුරය ඔහුගෙන් ඉවත්කර ඇත. ) අමාත්‍ය ජෝන් ඇන්තනී එම්මානුවෙල් අමරතුංග ඉඩම් කොල්ලයේ කොටස්කරු වු හැටි.

හෝටල් ව්‍යාපෘතිය සදහා අල්ලාගත් අක්කර 14 

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උතුරේ සංචාරය කරනවිට නිරන්තරව ඔහු පිළිගැනීමට පැමිණෙන උතුරු මහඇමැති විග්නේෂ්වරන් මහතා පසුගිය සතියේ නම් රාජ්‍ය නායකයා පිළිගැනීමට පැමිණ සිටියේ නැත. විග්නේෂ්වරන් ජනපතිවරයා සමග උරණ වී සිටීද? දෙමළ සන්ධානය ජනපතිගේ උතුරේ සංචාරය වර්ජනය කිරීමේ තීරණය අනුව යමින් උතුරු මහ ඇමැතිවරයා හින්දු විද්‍යාලයේ පැවැති දෙමළ දින උත්සවයට නොපැමිණියේද? ත්‍රස්‌තවාදී සැකකරුවන් නිදහස්‌ නොකිරීම සම්බන්ධව උතුරු පළාත් සභාවම අමනාපයෙන් සිටින බව පෙනේ. එහෙත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිදහස්‌ කිරීමට වගකිව යුතු ආණ්‌ඩුවකට හැකියාවක්‌ තිබේද?

දෙමළ සිරකරුවන්ගේ ප්‍රශ්නය කවරක්‌ වෙතත් උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා යළිත් දෙබරයකට ගල් ගසා ඇත. ඒ අනුරාධපුර බන්ධනාගාරයට නොවේ. මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් මේ හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ උතුරු නැගෙනහිර අනාගමික කළ යුතු බවයි. ලංකාව සම්පූර්ණ බෞද්ධ රාජ්‍යයක්‌ බව සිදුකරන ප්‍රකාශ තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බවත් හෙතෙම අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සම්පූර්ණ සිංහල බෞද්ධ රටක්‌ යෑයි කරන ප්‍රකාශය ඉතිහාසය වැරදි ලෙස කියවීමක්‌ය යන්න උතුරු මහ ඇමැතිගේ අදහසය. 2013 දී මහඇමැති ධුරයට පත් වූ දා සිටම විග්නේශ්වරන් අනුගමනය කළේ උග්‍ර සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියකි. දෙමළුනි නැගිටිව් යනුවෙන් උද්ඝෝෂණ පැවැත්වූවේ ද හර්තාල සංවිධානය කළේද උතුරෙන් බුදු පිළිම ඉවත් කිරීම මෙන්ම හමුදාව ඉවත් කිරීම සඳහා ය. මේ ඉලක්‌ක සාර්ථක නොවීම නිසා මහ ඇමැතිවරයා යළිත් වරක්‌ සිය ජාතිවාදී ව්‍යාපාරය ආරම්භ කර ඇත. රටක විශේෂ පළාතක්‌ හෝ දෙකක්‌ පමණක්‌ අනාගමික කළ හැකිද? උතුරු නැගෙනහිරට පමණක්‌ විශේෂ නීති සම්මත කළ හැකිද? මේ ප්‍රදේශ අනාගමික කිරීමෙන් දෙමළ හින්දූන්ට යම් සාධාරණයක්‌ ඉටුවේද?

උතුර නැගෙනහිර පළාත්වල බහුතරය බෞද්ධයන් නොවන නිසාම ඒ පළාත් අනාගමික කළ හැකිද? එසේ නම් රටේ සෙසු පළාත්වල රාජ්‍ය ආගම බුද්ධාගම කළ හැකිද? මෙරට බෞද්ධයන් කිසි විටක බුද්ධාගම රාජ්‍ය ආගම කරන්නැයි ඉල්ලා නැත. නමුත් ඔවුන් රට අනාගමික කිරීමට බරපතළ ලෙස එරෙහිව වෙති. නව ව්‍යවස්‌ථාව හරහා රට අනාගමික කිරීමේ කුමන්ත්‍රණයක්‌ද සිදුවන බවට මෙරට බහුතරය තුළ සැකයක්‌ මතුව තිබේ. විග්නේෂ්වරන්ගේ නිවේදන හරහා තහවුරු වන්නේ එවන් සැක සංකාද?

දෙමළ භාෂාව කතා කරන ජනතාව පවා මෙරට බෞද්ධ රාජ්‍යයක්‌ වීම ගැන උරණ වන්නේ නැත. දෙමළ හින්දුන් හා බෞද්ධයන් අතර යහපත් සබඳතාවක්‌ පවතී. එසේ නම් විග්නේශ්වරන් මේ උත්සාහ කරන්නේ හින්දුන් හා බෞද්ධයන් අතර බෙදීමක්‌ ඇති කිරීම සඳහා දැයි පැහැදිලි නැත.

උතුරු පළාත් මහ ඇමැතිවරයාගේ උග්‍ර බෞද්ධ විරෝධය නිසා සංහිඳියාව දොරේ ගලා යන බව නම් පැහැදිලිය. උතුරු නැගෙනහිර පළාත් අනාගමික කිරීමෙන් සංහිඳියාව ඇති කළ හැකිද? මෙරට සංහිඳියාව ආරක්‍ෂා වූයේ බෞද්ධ සංස්‌කෘතිය නිසාය. උතුරේ කඳවුරුවල වෙසෙන හමුදා සාමාජිකයන්ට වන්දනාමාන කිරීම සඳහා බුදු කුටියක්‌ ඉදි වුවද උතුරු මහ ඇමැතිවරයා එය දකින්නේ බලවත් සංස්‌කෘතික ආක්‍රමණයක්‌ ලෙසය.

නිහඬ බහුතරයට එරෙහිව උතුරු මහඇමැතිවරයා බරපතළ කුමන්ත්‍රණයක්‌ ආරම්භ කර ඇති බව පැහැදිලිය. උතුරු නැගෙනහිර පළාත් පුරාම බෞද්ධ පුරාවස්‌තු නටබුන් සිද්ධස්‌ථාන විසිරී පැතිරී ඇත. මේවායේ පූජනීය උරුමය බෞද්ධයන්ට අහිමි කර ඒවා වාර්ගික ශුද්ධකරණයට ලක්‌ කිරීමට මහ ඇමැති උත්සාහ කරන්නේද? විග්නේෂ්වරන් මහතා බහුතර ආගමික අයිතියට අත තැබීම සංහිඳියාවට කිසිසේත් ම ගැලපෙන්නක්‌ නොවේ.

රට අනාගමික රාජ්‍යයක් කිරිමේ දෙබරයට ගල්ගැසු විග්නේෂ්වරන් 

ශ්‍රී ලංකාව සම්පූර්ණ බෞද්ධ රාජ්‍යයක් බවට සිදු කෙරෙන ප්‍රකාශන තමන් තරයේම ප්‍රතික්ෂේප කරන බවත් උතුර නැඟෙනහිර පළාත්වල ජීවත් වන බහුතරය බෞද්ධයන් නොවන බැවින් එම පළාත් දෙක අනාගමික කළ යුතු බවත් පසුගියදා උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් නිකුත් කල නිවේදනය.

ශ්‍රී ලංකාව සම්පූර්ණ බෞද්ධ රාජ්‍යයක් බවට සිදු කෙරෙන ප්‍රකාශන මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමි. යාපනය රාජ්‍යය, වෙරළබඩ රාජ්‍යය උඩරට රාජ්‍යය මේ ආදී වශයෙන් මෙරට බෙදා පාලනය කෙරුණු කාලවකවානුවක් විය.

1833දී නැවත එම රාජ්‍යය පරිපාලනයේ පහසුව පිණිස එකතු කෙරුණි. මේ හේතුවෙන් උතුර නැඟෙනහිර ජීවත් වූ බහුතරය වූ දෙමළ ජනතාව මෙරට සුළු ජාතියක් බවට පත්විය. කෙසේ වෙතත් වර්තමානයෙත් උතුර නැඟෙනහිර බහුතරයක් ජීවත් වන්නේ දෙමළ භාෂාව කතා කරන ජනතාවය.

බි්‍රතාන්‍යයෙන් මෙරට මුළුමනින්ම නිදහස්වීමෙන් පසුව ඔවුන් මෙරට පරිපාලනය භාරදෙනු ලැබුවේ ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස සැලකූ ලාංකික නායකයන්ටය. පරිපාලනය තමන් අතට පත්වෙද්දී ඔවුන් ශ්‍රී ලාංකිකයන් ලෙස කටයුතු කළත් බලය ලැබීමෙන් පසු එම හැඟීම එතැනින්ම අමතක කර දැමූහ. සිංහල, දෙමළ, කඳුකර දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් මේ ආදී ලෙස බෙදීම් ඇති කර ගත්හ. මේ පදනම මත බහුතරය මෙරට නීතිය බහුතරයට එක්තරා ආකාරයකටත්, සුළුතරයට එක්තරා ආකාරයකටත් ක්‍රියාත්මක කෙරුණි. මේ හේතුවෙන් 1949 වසරේදී කඳුකර දෙමළ ජනතාවට ඡන්ද බලයද අහිමි වුණා.

1956 ‘සිංහල පමණයි.’ නීතිය හරහා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැසක් උදුරා ගැනුණි. මේ හේතුවෙන් අප ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපනයට විශාල බලපෑමක් ඇති විය. අපගේ පාරම්පරික ඉඩම් උදුරා ගැනීමක්ද සිදු විය.

1970 වසරේදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිංහල ජනතාව පදිංචි කිරීම සිදු කෙරිණි. උතුර හා නැඟෙනහිර පළාත්වලට වැඩි වශයෙන් සිංහල පොලිස් නිලධාරීන් අනුයුක්ත කරනු ලැබිණි. ඊට සමගාමීව හමුදාවත් මේ ප්‍රදේශවලට අනුයුක්ත කෙරුණි. උතුරේ තරුණයෝ ආයුධ අතට ගැනීම සිදු වූයේ මෙවැනි පසුබිමකදීය.

යුද්ධය අවසන් වීමත් සමඟම උතුරේ පැවැති බෞද්ධ සිද්ධස්ථාන හැර වෙනත් වෙහෙර විහාරස්ථාන උතුරේ තිබුණේ නැත. එහෙත් මේ වන විට හමුදාවේ මැදිහත්වීම මත උතුරේ එක් එක් ස්ථානවල බෞද්ධ පූජනීය ස්ථාන ඉදි කෙරෙමින් තිබේ. බෞද්ධයන් නොමැති ප්‍රදේශවල පවා මෙම පූජනීය ස්ථාන ඉදිකරන බව දකින්නට පුළුවන.

මේ රට සිංහල බෞද්ධ රටක් යන මතවාදය දැඩිව ඇති වුණේ යුද්ධයෙන් පසුවයි. කෙසේ වෙතත් දක්නට ලැබෙන්නේ ඉතිහාසය වැරැදි ලෙස කියවමින් බොහෝ පිරිස් ශ්‍රී ලංකාව සම්පූර්ණ සිංහල බෞද්ධ රටක් ලෙසට ප්‍රචාරය කරමින් තිබෙන බවයි.

උතුරේ කිසිදු අවස්ථාවක බහුතර බෞද්ධ ජනතාවක් ජීවත් වුණේ නැත. නමුත් බෞද්ධයන් සුළු පිරිසක් ජීවත් විය. අදටත් උතුරේ ඉතිරිව ඇත්තේ ඔවුන් විසින් අතහැර දැමු වෙහෙර විහාරස්ථාන පමණි.

උතුරු ජනතාව කෙරේ බෞද්ධාගම බලෙන් පැටවීමට උත්සාහ කිරීම ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. වර්තමානයේදීත් උතුර හා නැඟෙනහිර වෙසෙන බහුතරයක් බෞද්ධයන් නොවෙයි. එමෙන්ම වර්තමානයේ උතුර හා නැඟෙනහිර පළාත්වල ජීවත් වන බෞද්ධ ජනතාවගෙන් බහුතරයක් වන්නේද විවිධ ආණ්ඩු විසින් විටින්විට එම ප්‍රදේශවල පදිංචි කළ පිරිසකි. මේ හේතුවෙන් මේ රට සම්පූර්ණයෙන්ම බෞද්ධ හෝ සිංහල රටක් කියා කවරකු හෝ ප්‍රකාශ කරනවා නම් මම එය තරයේ ප්‍රතික්ෂේප කරමි.

මේ නිසා උතුර නැඟෙනහිර පළාත් හැර අනෙකුත් පළාත් හතේම බෞද්ධාගම සඳහා ප්‍රමුඛස්ථානය ලබා දුන්නත්, උතුර හා නැඟෙනහිර පළාත් අනාගමික කළ යුතුය.

Top