Breaking
5 Feb 2025, Wed

පාස්කු ප්‍රහාරයේ විමර්ශන වෙන පාරක! තවමත් නිදැල්ලේ සිටින පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ හසුරුවන්නා….! චෙන්නායි හි සහරාන්ලා මරාගෙන මැරෙන්න පුරුදු වු හැටි!

Published on: Feb 26, 2020 – පාස්කු ප්‍රහාරයේ විමර්ශන වල තත්ත්වය හා ඉදිරියේදි ගතයුතු ක්‍රියාමාර්ග ගැන සොයා බැලීමට ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා ගේ නියෝග මත බුද්ධි අංශ ප්‍රධානින්ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් පත්කිරිම් සම්පූර්ණයෙන්ම සිද්ධිය වෙනතකට යොමුකිරිම අරමුණු කරගනිමින් සිදුවු එකක් බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ජාතික බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් අල්විස් ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බලකායට රාජ්‍ය බුද්ධි ප්‍රධානි බ්‍රිගේඩියර් සුරේෂ් සලේයි,යුද හමුදා බුද්ධි අධයක්ෂ බ්‍රිගේඩියර් ශාන්ත හේවාවිතාරණ ,අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ,ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ,පොලිස් නිති අංශයේ අධ්‍යක්ෂ වැනි උග්‍ර ගෝඨාභයවාදින් මේ සදහා පත්කර ඇත.

මෙම අනාවරණය පහතින් කියවන්න …

පාස්කු ඉරිදා අප්‍රියෙල් (21) අන්තවාදි මුස්ලිම් ස්වරූපයෙන් එල්ල වු බෝම්බ ප්‍රහාරය පසුපස රාජපක්ෂවරු මෙන්ම කුප්‍රකට කළු සල්ලි මෙහෙයවන ව්‍යාපාරිකයෙකු මෙන්ම මුස්ලිම් අධිරාජ්‍යයෙකු ලෙස රහසේ පෙනී සිටින සුභාෂ්කරන් අල්ලිරාජාගේ (Subaskaran Allirajah) සැඟවුණු හවුල්කරුවෙකු ලෙස සිටින බවත් ඔහු විසින් මුදල් ගෙවා සහරාන් ඇතුලු කල්ලිය මිළදි ගැනිමට කටයුතු කර තිබේන CIA රහස් ඔත්තු සේවයේ සේවය කර දැනට පෞද්ගලික රහස් ඔත්තුකරුවෙකු ලෙස රටවල් ගණනකට සේවය සපයන ඔත්තු සේවා සපයන්නෙකු කල අනාවරණය අප විසින් පසුගියදා අනාවරණය කරනු ලැබුවා.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත්ටත් පාර වරදි 

එම අනාවරණයෙන් පැය 24ක් ගෙවිමත් සමග කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මාධ්‍ය හමුවක් කැදවා පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙතෙක් පත් කරපු කමිටු ලබාදුන්න තොරතුරු දත්ත පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත් හාරයේ සුල මුල අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව දැන ගතයුතු බවත් ඒ අතර “මේ අයට සල්ලි දුන්නේ කවුද? මෙයාලට මේ තරම් සංවිධානගත වෙන්න දේශපාලන හයියක් ලැබුණද?” යන්න වහාම පරික්ෂණ කර තොරතුරු අනාවරණය කලයුතු බව සදහන් කල අතර එදිනම ජනාධිපතිවරයාද හමුවු කාදිනල් එම ඉල්ලිම සිදුකර තිබේ.

උග්‍ර රාජපක්ෂවාදි කාදිනල් හදිසියේම මේ අකාරයට හැසිරිමට මුලිකම හේතුව අප විසින් සිදුකල අනාවරණයේ පිටපත් කාදිනල්ට සමීප පුද්ගලයන් විසින් ඔහුට ලබාදි ඇති අතර රාජපක්ෂ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිම සම්බන්ධයෙන්ද කාදිනල්වරයාට දැඩි ලෙස දොස් පැවරිමයි.

පාස්කු ප්‍රහාරයට අදාළව රහස් ඔත්තුකරු කල තවත් අනාවරණයක් ……

අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරයට අදාළ පරික්ෂණ මේ වනවිට මන්දගාමිව පැවැතුනද ඒ සම්බන්ධයෙන් එවකට රජයේ මැදිහත් විම මත ඇමරිකානු රහස් පොලීසිය ඇතුලු ත්‍රස්තවාදීන්ට එරෙහිව ජාත්‍යන්තරව කටයුතු කරන බුද්ධි අංශ විවිධ මාර්ග ඔස්සේ සිය විමර්ශන කටයුතු මෙහෙයු වු අතර ඒ අනුව මේ වනවිට පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකල මරාගෙන මැරෙන ප්‍රහාරයට අවශ්‍ය තාක්ෂණික දැනුම LTTE සංවිධාන ජාලය තුලින් ලැබි ඇති බව තහවුරු වි තිබේන බවද පසුගියදා ගෝඨාභය ජනාධිපති හමුවු ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලීසා කර්ටිස් (Lisa Curtis) සහ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ නියෝජිතවරියක වන වන වන ඇලිස් ජි.වෙල්ස් (Alice G Wells) ඇතුලු ඇමරිකානු නියෝජිත පිරිස සිය වාර්තා මගින් පෙන්වා දි තිබේ.

චෙන්නායි හි සහරාන්ලා මරාගෙන මැරෙන්න පුරුදු වු හැටි!

පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයන් ලෙස සිය කාර්යභාරය මුදලට ඉටුකල ජාතික තව්හීත් ජමාඅත් ( NTJ) නමින් පෙනී සිටි මොහොමඩ් සහරාන් හෂීම් ඇතුලු කණ්ඩායම චෙන්නායි හි  විශාල භූමියක පිහිටි රහසිගත කදවුරක පුහුණු කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේන බව ඔත්තුකරු පවසයි. LTTE සංවිධානය ක්‍රියාකාරිව පැවැති සමයේ මරාගෙන මැරෙන දෙමළ කොටින් පුහුණු කර ඇත්තේද මෙම ස්ථානයේය.

විවිධ කණ්ඩායම් මෙම පුහුණුව ලබාදීම සදහා මැදිහත්වි ඇති අතර සහරාන් හෂීම් ඇතුලු කණ්ඩායමට මරාගෙන මැරෙන තාක්ෂණය සහ ප්‍රයෝග පුහුණුව ලබාදිමට කටයුතු කර ඇත්තේ ඊශ්‍රායලයේ මොසාඩ් (Mossad) රහස් ඔත්තු සේවය වන අතර ඔහුන්ට අමතරව ඉන්දිය “රෝ” සේවයට කුළීකරුවන් ලෙස සේවය කරන කිහිප දෙනෙකුගේ සහයද ලැබී තිබේ.

මොසාඩ් හි විශ්‍රාමික නිලධාරීන්ගේ වාර්තාවලට අනුව ඊශ්‍රායලය එකවර ශ්‍රී ලංකා හමුදාව සහ කොටින් පුහුණු කරමින් එක් එක් අයට ආයුධ ලබා දිමට කටයුතු කර තිබේ.

“බයි වේ ඔෆ් ඩිසෙප්ෂන්” (By Way of Deception) හි කතුවරයා වන වික්ටර් ඔස්ට්‍රොව්ස්කි (Victor Ostrovsky) 1991 දී ඉන්දියානු විදේශ ප්‍රවෘත්ති සේවයට පැවසුවේ කොටින් 1985 දී ඊශ්‍රායලයේ පුහුණුව ලැබූ බවයි. ”

“බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් සේවා (SAS) සමාගමක් වන කීනි මීනි සර්විසස් එකවර ශ්‍රී ලංකා හමුදාව සහ දෙමළ කොටින් (එල්ටීටීඊ) පුහුණු කරමින් සිටි බවද තහවුරු වි තිබේ. ”

ISIS යනු එක්සත් ජනපද-ඊශ්‍රායල් නිර්මාණයකි...

1990 දී ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මොසාඩ් විසින් ශ්‍රී ලංකා සහ දෙමළ ගරිල්ලා හමුදා පුහුණු කරන බවට කරන ලද චෝදනා පිළිබඳව රජයේ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කල අතර 1993 මැයි 1 වන දින කොළඹදී ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්විය.

රජීව් ගාන්ධි ශ්‍රී ලංකාවේ යුදෙව් අවි වෙළඳාම මුළුමනින්ම වසා දැමීමට ඉන්දීය නාවික හමුදාව යොදා ගත් අතර 1991 මැයි 21 දින රජීව් ගාන්ධි ඝාතනයට ලක්විය.

ඉන්දියාවේ අගමැති මෝදි ඊශ්‍රායල සංචාරයක් අතරතුර….

සටහන:-  “අභ්‍යන්තර මැතිවරණ දේශපාලනය සම්බන්ධයෙන් පමණක් නොව, ශ්‍රී ලංකා ආන්ඩුව දුර්වල කිරීම හරහාද ඉන්දියාව සුවිශේෂී ලෙස වාසි ලබා ගනී.”

Mind control අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් 

NTJ යනු ශ්‍රී ලංකාවේ කුඩා රැඩිකල් මුස්ලිම් කණ්ඩායමක් වන අතර ඔවුන්ට මහා මාරාන්තික ප්‍රහාර පිළිබඳ ඉතිහාසයක් නොමැති අතර පුහුණුව ලබාදිමේදි සහරාන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත්තේ එක්සත් රාජධානියේ කිංස්ටන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් (36)නැමැත්තය,ඊට හේතුව වුයේ ඔහු කුඩා කලසිටම මනස පාලනය කිරීම (Mind control) ප්‍රවීණතාවයක් ලබා සිටිමයි.

අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් එක්සත් රාජධානියේ කිංස්ටන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ යුදෙව් ජාතික මහාචාර්ය ජුලියස් වෙයින්බර්ග් කිංග්ස්ටන් විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා වු අතර ඔහුන් ඉතා සමීපව කටයුතු කල බව තහවුරු වි තිබේ.ඒ අතරතුර ජමීල් මොහොමඩ් ‘ෆීජියානු හා කාම්බෝජ සම්භවයක් ඇති බෞද්ධයෙකු’ වන ඕස්ට්‍රේලියානු ජාතික නීල් ප්‍රකාශ් සමඟ සමිප ඇසුරක් පවත්වා ඇති අතර ප්‍රකාශ් යනු ISIS සඳහා බඳවා ගත් අයෙකු වන අතර අවස්ථා ගණනාවකදිම දෙදෙනා දින ගණන් අතුරුදන් ව සිටි බවට වාර්තා ලැබි තිබේ.

ඒකාබද්ධ ත්‍රස්ත මර්දන කණ්ඩායම විසින් 2014 දී ජමීල්ව ‘විමර්ශනය’ කළ බව ඕස්ට්‍රේලියානු අරක්ෂක වාර්තා අනාවරණය කල අතර ඒ සම්බන්ධයෙන් ඉන්දිය රෝ ඔත්තු සේවයටද වාර්තාවක් ලබාදි තිබේ.

අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්ට ටජ් සමුද්‍රා අතහැරුනේ ඇයි…

ටජ් සමුද්‍රා හෝටලයේ බෝම්බ උපකරණයක් පුපුරුවා හැරීමට අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් අසමත් වූ බවට චෝදනා එල්ල වී තිබේන නමුත් ඇත්තම කතාව එය නොවන බව ඔත්තු සේවා අනාවරණය කර තිබේ.එනම් සම්පූර්ණයෙන් මෙහෙයුම අවසන් වනතෙක් සිටිම සහ ටජ් සමුද්‍රා හෝටලයේදි ඔහුට ලැබුනු හදිසි පණිවිඩයක් හේතු වි තිබේ.

තවමත් නිදැල්ලේ සිටින පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ හසුරුවන්නා….!

පාස්කු දින ප්‍රහාර මාලාවේ ආරම්භක ප්‍රහාරය එල්ල වුයේ උදෑසන 8.25ට පමණ වන අතර ඒ ශාන්ත අන්තෝනි දේවස්ථානය වන අතර උදෑසන 08.17 වනවිට මිගමුව ශාන්ත සෙබස්තියන් පල්ලිය (St.Sebastian’s Church) අසල රැදී සිටි රතු ටී ෂර්ට් එකකින් සැරසුණු පුද්ගලයෙකු ප්‍රහාරකයන්ට උපදෙස් ලබාදීමට කටයුතු ර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.මෙම සැකකාර පුද්ගලයා ඉතා සියුම් හා වෘත්තීය පෙනුමක් ඇති කෙනෙක් වන අතර මේ දක්වා ඔහු අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ කණ්ඩායම් සමත්ව නෑ.මිගමුව ශාන්ත සෙබස්තියන් පල්ලියේ බෝම්බ පිපිරීම සිදුවුයේ උදෑසන 8:45ට පමණය.

මේ කවුද? මොනවාද කරන්නේ ? බලාපොරොත්තු වන්න

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


http://lankanewsnetwork.org/archives/23104

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.