Breaking
13 Oct 2025, Mon

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ඉන්දීයාව! රවී කාරක සභාවේ කියයි!අන්තවාදීන්ටත් සුදු හුණු ගායි!

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන ඇති බවත් ඒ පසුපස ඉන්දියාව සිටින බව තමන් විශ්වාසය කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න අද අනාවරණය කර තිබේ.පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව හමුවේ ප්‍රකාශයක් කරමින් රවී සෙනෙවිරත්න මේ බව සදහන් කර තිබේ.

පාස්කු ප්‍රහාරය හුදු අයිඑස් ප්‍රහාරයක් නොව, එය පසුපස කුමන්ත්‍රණයක් පවතින බවත් එය පසුපස ඉන්දීයාව සිටින බවත් සදහන් කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඔක්තෝබර් 08 වැනිදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව රැස්වු අතර රවී සෙනෙවිරත්නගේ ධුරය ස්ථීර කිරීම පිළිබඳ එම කමිටුව තුළ සාකච්ඡාවට ගෙන තිබේ. එහිදි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රවී විවිධ කරුණු මතුකර ඇති අතර කාරක සභාවේ නියෝජිතයෙකු මතුකල කරුණකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව අවධාරණය කර තිබේ.

මේ අතර පාස්කු ප්‍රහාරයට මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධ නැති බවට හගවමින් කාරක සභාව තුල රවීගෙ හැසිරිම හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාර්යප්පර රවීට සහය දෙමින් කතා කර ඇති අතර රවීට එරෙහිව එල්ල වු චෝදනා ශක්තිමත් චෝදනා නොවන බවටද නිසාම් කාර්යප්පර තර්ක මතුකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දීය රජයේ සම්බන්ධයක්  ඇති බව වත්මන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස එවකට දේශපාලන රැළියකදිද අනාවරණය කර සිටියා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *