ලෝකයා

චීනය සහ බ්‍රික්ස් රටවල් අතර වෙළඳ හුවමාරු තවදුරටත් වර්ධනය වේ

චීනය සහ බ්‍රික්ස් රටවල් අතර වෙළඳ හුවමාරු අඛණ්ඩව වර්ධනය වී ඇත.

චීන රේගු මහා පරිපාලනයේ සංඛ්‍යාලේඛනයකට අනුව, ගෙවී ගිය පළමුවැනි කාර්තුවේ බ්‍රික්ස් රටවල් 9 සමඟ සිදු කළ චීනයේ අපනයන හා ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 1.5ක පමණ අගයකි. පසුගිය වසරේ සමාන කාලයට වඩා එය 11.3%ක වර්ධනයක් පෙන්නුම් කෙරෙන අතර, අපනයන හා ආනයනවල සමස්ත වටිනාකමෙන් එය 14.7%ක අගයක් වීම ද විශේෂත්වයකි.

රේගු මහා පරිපාලනයේ සංඛ්‍යාලේඛන හා විෂ්ලේෂණ කටයුතු පිළිබඳ ප්‍රධානී Lv Daliang මහතා සඳහන් කළේ, නැඟී එන වෙළඳපොළ හා සංවර්ධනය වෙමින් පවතින රටවල් නියෝජනය කරන බ්‍රික්ස් රටවල්, ලෝකයේ වත්මන් ආර්ථික ප්‍රකෘතිමත්වීම හා වෙළඳ සංවර්ධනය සඳහා ‘ගාමක බලවේගයක්’ වන බවයි.

2024 වසරේ ජනවාරි පළමුවැනි දා සිට, සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, ඉතියෝපියාව යන රටවල් බ්‍රික්ස් හි නිල සාමාජිකත්වය ගෙන තිබේ. මේ සමඟ, එහි සාමාජික රටවල් සංඛ්‍යාව 5 සිට 10 දක්වා ඉහළ ගොස් ඇත.

Top