LNN SPY

ඉන්දියාවේ කුප්‍රකට චරපුරුෂ Ajit Doval නොකියාම එයි! දින 52 දෙක,ජනවාරි 8 කුමන්ත්‍රණය, මෙහෙයවු අජිත්ගේ ඊළඟ මෙහෙයුම! ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නව එකඟතාවක!

Published on: Jan 21, 2020 – ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සහතික කිරීම සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා  සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වී තිබේන බව ඉන්දියාවේ රාජ්‍ය  දුරදර්ශන පුවත් (Doordarshan News) වාර්තා කර තිබේ. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක  අජිත් ඩෝවාල් විසින් මෙම පියවර ගෙන තිබේන බවයි එම පුවත් සේවය පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිට පසුව ඉන්දියාවේ වඩාත්ම බලගතු පුද්ගලයා වන්නෙ අජිත් ඩෝවාල් (Ajit Doval).  වන අතර  “ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත් කිරීමේ සංකල්පය සමාලෝචනය කිරීමේ වැදගත්කම සහ අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් නිරීක්ෂකයින් ලෙස ඇතුළත් කිරීමේ වැදගත්කම ඩෝවාල් විසින් පෙන්වා තිබේන බවයි DD News වාර්තා පෙන්වා දෙන්නේ.

ට්‍රම්ප් ගේ විශේෂ නියෝජිත (White House Deputy Press Secretary and Deputy Assistant to the President from 2017 to 2019. ) Raj Sha ගේ නායකත්වයෙන් යුත් ඇමරිකානු කණ්ඩායම ශ්‍රි ලංකාවට පැමිණිමත් සමග පූර්ව නිවේදනයකින් තොරව අජිත් ඩෝවාල් එක්දින සංචාරය සිදු වූ අතර ඒ අනුව එම සංචාරය මොනතරම් හදිසියේ සිදුවක් බව ඉතා පැහැදිලිය.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිය පළමු විදෙස් සංචාරය සඳහා නවදිල්ලිය තෝරා ගත් අතර ශ්‍රී ලංකාවට ගිය පළමු විදේශිකයා විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් වු අතර පසුව නොවැම්බරයේ මැද භාගයේ රාජපක්ෂ ධුරයට පත්වීමෙන් පසු කොළඹට පැමිණි දෙවන ඉහළම ඉන්දියානු නිලධාරියා ලෙස අජිත් ඩෝවාල් පැමිණ තිබේ.

බලය බේදිම සදහා තමන්ගේ සුදානම උතුරේ දේශපාලන පක්ෂ අතර ජනප්‍රිය මාතෘකාවක් බවට පත්කර මහා මැතිවරණයේ විපක්ෂයේ නායකත්වයෙන් නිර්මාණය වන පුළුල් පෙරමුණ අවුල් කිරිම සහ සුළු දේශපාලන පක්ෂ යලි රාජපක්ෂකරණය කිරිම සම්බන්ධයෙන් නව මෙහෙයුමක් වෙනුවෙන් අජිත් ඩෝවාල් ගෝඨාභයට සහය දිමට සුදානම් බවට පොරොන්දු දි තිබේ.ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාව අතර සමුද්‍ර කලාපයට අදාළ බුද්ධි තොරතුරු සමාලෝචනය කිරීමේ වැදගත්කම ඩෝවාල් විසින් පෙන්වා දි ඇති අතර ඊට අදාළ උපදෙස් ලබාදිමටද ඔහු කටයුතු කර තිබේ.

Ajit Dovalට ගෝඨාභය රාජපක්ෂ සමග හිත හොද කමක් පැවැතියද දින 52 ක කාලය තුල සුළු පක්ෂ වල සහය ලබාදිමට අසමත් විම හේතුවෙන් බැසිල් සහ මහින්ද සමග ඇයි හොදයියක් නොමැති බව ප්‍රසිද්ධ රහසකි.

ආරක්ෂක, බුද්ධි අංශ හුවමාරු කර ගැනීම සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි සහයෝගීතාව ශක්තිමත් කිරීම ඇතුළු ද්විපාර්ශ්වික කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කළ බවත් ඉන්දියාව ශ්‍රී ලංකා මිලිටරිය සඳහා උපකරණ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ආරක්ෂක ආධාර ලබා දීමට පොරොන්දු වී වු බව ගෝඨාභයගේ ආණ්ඩුව රටේ ජනතාවට සිය ජඩ මාධ්‍ය හරහා අනාවරණය කර සිටියා.

කවුද මේ අජිත් ඩොවාල්….

අජිත් ඩොවාල් යනු ලංකාවේ ජනතාවට හුරුපුරුදු නැති නමක් වන අතර 2014 ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි බලයට පත්වූදා සිට ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ, විශේෂයෙන්ම ඉන්දියාවේ අසල්වාසි රටවල් සම්බන්ධ ප්‍රතිපත්තියේ ප්‍රධානම තීරකයා ලෙස ජාතික ආරක්‌ෂක උපදේශකවරයා වන අජිත් ඩොවාල් කටයුතු කරමින් සිටි.ලෝක සහ ඉන්දියානු දේශපාලනය තුල ඩොවාල් යනු රාජතාන්ත්‍රිකයකු හෝ පරිපාලකයකු නොව චරපුරුෂයෙකි.

තමන් “ඡේම්ස්‌ බොන්ඩ්” කෙනකු හැටියට හදුන්වා දෙන අජිත් ඩොවාල් ඉන්දියාවේ අවශ්‍යතා වෙනුවෙන් රෝ සංවිධානයේ පකිස්‌තානයේ චරපුරුෂ සේවයේ යෙදි තිබේ.2015 ජනවාරි 8 වැනිදා ලංකාවේ රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහ කිරීම සදහා තමන් දියත් කල මෙහෙයුම සාර්ථක වු බව පවසන ඩොවාල් දින 52 දෙකේ කුමන්ත්‍රණය මෙන්ම පොදු අපේක්ෂක තරගයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමත්, මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිපයෙන් එළියට ගැනීමත්, ලංකාවේ සියලුම විපක්‌ෂ බලවේග එක වේදිකාවට ගැනිමත් සියලුම සුළු ජාතික පක්‍ෂ මහින්දට එරෙහි වන තත්ත්වයක්‌ නිර්මාණය කිරීමත් සියල්ල තමන්ගේ චරපුරුෂ මෙහෙයුමෙන් සිදුවූ බව පවසන අයෙකු වේ.

චීනය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉන්දියාවේ ආරක්‌ෂාවට තර්ජනයක්‌ වන නිසා එය නවතා දමන්නැයි ඩොවාල් 2014 දී කීප වතාවක්‌ම එවක සිටි ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂට දැනුම් දුන් අතර එයට කන් නොදීම ඉන්දියාව විසින් රාජපක්‌ෂ ආණ්‌ඩුව පලවා හැරීමට කටයුතු කිරීමට ප්‍රධානම හේතුවක්‌ වූ බවයි අජිත් ඩොවාල් සදහන් කර ඇත්තේ.

කෙසේවෙතත් පකිස්‌තානයේ එක්‌ පුවත් වෙබ් අඩවියක පළ වූ ලිපියක සඳහන් වූයේ අජිත් ඩොවාල්ගේ විදේශ ප්‍රතිපත්තිය දැන් ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වී ඇති බවට අදහසක්‌ භාරතීය ජනතා පක්‍ෂය තුළත් පැතිරෙමින් පවතින බවයි. ඉන්දියාවේ “ද වයර්” නමැති වෙබ් අඩවියේ ද ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය රෝ සංවිධානය විසින් “හයි ජැක්‌”කර ඇති බවට ලිපියක්‌ පළ විය. මේ වෙබ් අඩවියේම නැවතත් පවසා තිබුණේ ඩොවාල්ගේ සම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයෙන් බැහැර කර තිබෙන බවයි.

පහත දැක්වෙන්නේ ද ප්‍රින්ට් හි නිර්මාතෘ හා සංස්කාරක වන ඉන්දියානු මාධ්‍යවේදියෙකු වන ශෙඛර් ගුප්තා(Shekhar Gupta) විසින් පැහැදිලි කරන ලද “කට් ද ක්ලටර්”“Cut The Clutter” හි 2019 කථාංගයයි.වීඩියෝවේ ගුප්තා මහතා අජිත් ඩොවාල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.

Loading…


Top