All

සුභාෂ්කරන් අල්ලිරාජාගෙ කළු සල්ලි මසකට ඩොලර් බිලියන 2ක් වටේ යයි… ඇමරිකානු නියෝජිතයන් ගෝඨාභයට වාර්තාවක් දෙයි… ලෝක මුදල් විශුද්ධිකරණ කේන්ද්‍රය ලංකාවේ… පාස්කු ප්‍රහාරය ගැනත් අනාවරණයක්!

Published on: Jan 16, 2020-ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේසේවිකාවක පැහැර ගැනිම සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් ක්‍රියාමාර්ග සහ ඒ හරහා ඇමරිකානු තානාපති සබඳතාවයන්ට පවා හානී සිදුව ඇති බව ඇමරිකානු දූත පිරිස ශ්‍රි ලංකා ජනාධිපතිවරයා හමුවු අවස්ථාවේ පෙන්වා දි තිබේ.මීට අමතරව ලෝක මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියේ කේන්ද්‍රය බවට මේ වනවිට ශ්‍රි ලංකාව පත්ව ඇති බවත් ඒ හරහා ත්‍රස්තවාදීන්ට සහය ලැබෙන ආකාරය මෙන්ම පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන්ද නියෝජිත පිරිස දිර්ඝ වශයෙන් කරුණු හෙලිදරව් කර තිබේ.එ අනුව ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම ඉරානය ලෝක බලවතුන් සමග යුධමය තත්ත්වයක් ඇතිකර ගත්හොත් ශ්‍රි ලංකාව ඇක්සා(ACSA)ගිවිසුමට අනුව ඇමරිකාව සමග ක්‍රියාකල යුතු ආකාරයද මෙහිදි සාකච්ඡා කර තිබේ.

MCC ගිවිසුම අත්සන් කිරිම සම්බන්ධයෙන් අවසන් තින්දුවකට දෙපාර්ශ්වයම එකඟතාව පලකර ඇති අතර අප පසුගියදා අනාවරණය කරන ලද අකාරයටම එම කටයුතු සිදුවන අතර අත්සන තබන දිනය සම්බන්ධයෙන් පමණක් ගෝඨාභය ජනාධිපතිවරයා විශේෂත්වය සිදුකරන ලෙසට ඉල්ලිමක් කර තිබේ.

ඇමරිකාවේන් ආවේ කවුද?

ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ නියෝජිත කණ්ඩායමට ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස්(Alice wells) මහත්මිය සමග මුදල් විශුද්ධිකරණය පිළිබඳව ජාත්‍යන්තරව කටයුතු කරන නියෝජිතයෙකු ,වත්මන්ජ නාධිපති,ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ඇමෙරිකාව සමග අත්සන් කළ ඇක්සා ගිවිසුම ඉදිරියේදි සක්‍රීයව ක්‍රියාත්මක කිරිමට අදාලව සාකච්ඡා කිරිම සදහා නියෝජිතයෙකු සහ විශේෂ කාර්යභාරයක් සදහන් නොකල ඇමරිකානු බුද්ධි ප්‍රධානියෙකු ද මෙම සංචාරය සදහා එකතු වි තිබේ.

ඇමරිකානු දූත පිරිසේ හදිසී සංචාරය හේතුවෙන් රාජපක්ෂලාගේ කුප්‍රකට හොරකම් රැසක් වසාගෙන ඉන්නා මිත්‍ර රටවල් කලබලයට පත්වෙ යැයි බියෙන් චීන විදේශ අමාත්‍ය වැන්ග් යි (Wang Yi)ද කැදවා ඇති අතර අප පසුගියදා අනාවරණය කල පරිදිම රුසියානු ඇවන්ගාඩ් හයිපර්සොනික් මිසයිල මෙහෙයුම් පද්ධතියක් ලංකාවේ පිහිටුවිම සහ චීන,රුසියා ඉන්දීය සාගර කලාපය මිලිටරීකරණය කිරිමේ පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රෝව් (Sergey Lavrov)ද පැමිණි අතර ඒ පිළිබඳව අප කල අනාවරණයන් පහලින් කියවිමට හැක.

මුදල් විශුද්ධිකරණයේ ජාත්‍යන්තර කේන්ද්‍රය…..

ඇමරිකානු මුදල් විශුද්ධිකරණය පිළිබඳව ජාත්‍යන්තරව කටයුතු කරනු ලබන නියෝජිතයා විසින් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල කරන අතිශය වැදගත් වාර්ත රැසක් ශ්‍රි ලංකා ජනාධිපතිවරයාට ලබාදීමට කටයුතු කර ඇති අතර ඒ හරහා පෙන්වා දි ඇත්තේ ලෝව අධික පොලී ගන්නා සීට්ටු ක්‍රමයක් වැනි තහනම් ගනුදෙනු ක්‍රමයන් වන උණ්ඩියල් ,හබ්ලා (Undial,Hublaa) වැනි මුදල් විශුද්ධිකරණ ක්‍රම හරහා ජාත්‍යන්තරව කලු සල්ලි සූදුකිරිමේ ප්‍රධානම කේන්ද්‍රය ලෙස ලංකාව පත්ව ඇති බවයි. මේ අකාරයට කලු සල්ලි සුදු කිරිමේ කුප්‍රකට ව්‍යපාරය පසුපස 10 දෙනෙකුගේන් යුත් කණ්ඩායමක් සිටින බවත් ඒ අතර සිටින ප්‍රධානතම අයෙකු ලෙස අප අවස්ථා ගණනාවකදි අනාවරණය කල සුභාෂ්කරන් අල්ලිරාජා (Subaskaran Allirajah) සිටින බවද එම නියෝජිතයා තහවුරු කර තිබේ.

ඇමරිකානු -ශ්‍රි ලංකා හමුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර බුද්ධී අංශ අප සමග කල අනාවරණයට අනුව සුභාෂ්කරන් අල්ලිරාජා ජාත්‍යන්තරව ගෙනයන කළු සල්ලි ජාවාරම හේතුවෙන් රටවල් රැසක් බරපතල ආර්ථික අර්බුදයන්ට මුහුණ දි ඇති බවත්සු භාෂ්කරන් මාසිකව ඇමරිකානු ඩොලර් බිලියන 2ක මුදලක් ඔහු විසින් පාලනය කරන මුදල් විශුද්ධිකරණ ජාලය තුල සංසරණය කරවන බව එම එම නියෝජිත පිරිස පෙන්වා දි ඇති බවයි.

සුභාෂ්කරන් ප්‍රධාන මුදල් මාර්ගයන් වැටි ඇත්තේ ප්‍රධාන වශයෙන් යුරෝපය තුල වන අතර එයින් නැගෙනහිර සහ බටහිර යුරෝපය ප්‍රධාන තැනක් ගනී.උතුරු අප්‍රිකාව,මැදපෙරදිග මෙන්ම දකුණු හා නැගෙනහිර ආසියාව මෙන්ම මධ්‍යම ඇමරිකාව හරහාද සුභාෂ්කරන් ප්‍රධාන මුදල් මාර්ගයන් ගමන් කරමින් තිබේ.අල්ලිරාජාගේ එම මුදල් මාර්ගය කොටි සංවිධානය විසින්හ සුරුවන ලද මුදල් මාර්ගයම වන බවයි ඇමරිකානු නියෝජිතයන් පෙන්වා දි ඇත්තේ.

ඇමරිකානු බුද්ධි අංශ හරහා සිදුකල විමර්ෂණ වලට අනුව සුභාෂ්කරන්ගේ මෑතක සබඳතාවයන් පාකිස්තානය සමග බැදි තිබේන බව තහවුරු වි ඇති අතර පාකිස්තානයේ කලින් තිබු දුෂිත ආණ්ඩු සමග සමිප ලෙස ගණුදෙනු කර ඇති බව මේ වනවිට අනාවරණය වි ඇති අතර එම ගණුදෙනු සියල්ලම ජේ. සුධීර් ජෙයරාම් (Jay Sughir Jayaram) හරහා පවත්වාගෙන ගොස් ඇති බවද ඇමරිකානු බුද්ධි අංශ තහවුරු කර ගෙන තිබේ. පාකිස්තානු මුල්ලාවරු සමග සම්බන්ධ වෙමින් ජේ. සුධීර් හබ්ලා වැනි කලු සල්ලි සුදුකිරිමේ මෙහෙයුමේ නිරත වි ඇති බවද අනාවරණය කරගෙන තිබේ.

පසුගිය රාජපක්ෂ සමයේ රටපුරා ක්‍රියාත්මක වු පිරමිඩ මුල්‍ය වංචාව හරහා ද මැ‍ලේසියාවේ සිටින ගෝලීය සංවිධානවලට අයත් දෙමළ ජාතික ජාවාරම්කරුවන්ගේ මාෆියාව සඳහා මෙරටින් මුදල් අදිමින් මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලිය දියත් කල අතර ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ‍පෝෂණය කරන්නට එල්.ටී.ටී.ඊ.යේ ගෝලීය සංසදය ක්‍රියාත්මක වූ මූල්‍ය කටයුතු කළ ප්‍රධාන මූලස්ථානයක් වූයේද මැ‍ලේසියාවය. එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලයේ නායකයා මෙන්ම මහ මොළකරු වූ කේ.පී. හෙවත්කු මරන් පද්මනාදන් කොටුවන්නේද මැ‍ලේසියාවේ සිටය.

පාස්කු ප්‍රහාරය පසුපස අදිසි හස්තය …..

අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරයට අදාළ පරික්ෂණ මේ වනවිට මන්දගාමිව පැවැතුනද ඒ සම්බන්ධයෙන් එවකට රජයේ මැදිහත් විම මත ඇමරිකානු රහස් පොලීසිය ඇතුලු ත්‍රස්තවාදීන්ට එරෙහිව ජාත්‍යන්තරව කටයුතු කරන බුද්ධි අංශ විවිධ මාර්ග ඔස්සේ සිය විමර්ශන කටයුතු මෙහෙයු වු අතර ඒ අනුව මේ වනවිට පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකල මරාගෙන මැරෙන ප්‍රහාරයට අවශ්‍ය තාක්ෂණික දැනුම LTTE සංවිධාන ජාලය තුලින් ලැබි ඇති බව තහවුරු වි තිබේන බවද ඇමරිකානු නියෝජිත පිරිස සිය වාර්තා මගින් පෙන්වා දි තිබේ.

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු නිර්මාණය කිරිම,ඔහුට අවශ්‍ය බෝම්බය කට්ට්ලය නිර්මානය කිරිම සහ මරාගෙන මැරෙන බෝම්බ කරුගේ ගමන් මග තින්දු කිරිම යන තාක්ෂණික කටයුත්ත පහසු එකක් නොවන අතර ඒ වැනී තාක්ෂණයකට උරුම කී LTTE සංවිධානය ශේෂ විමත් සමග එම තාක්ෂණයද වැඩක් ගැනිමට හැකියාවක් ලැබුනේ නෑ.

මරාගෙන මැරෙන ප්‍රහාර ….

1867 වර්ෂයේ දි ඩයිනමයිට් සොයාගනු ලැබිමෙන් පසුව බෝම්බ නිර්මාණය කිරීමේ තාක්ෂණය ආරම්භ වූ අතර ලොව පළමු මරාගෙන මැරෙන ප‍්‍රහාරය දියත්වන්නේ රුසියාවේදිය. ඒ 1881 වර්ෂයේ මාර්තු මස 12 වැනිදා වන අතර එවකට රුසියාව පාලනය කල දෙවැනි ඇලෙක්සෙන්ඩර් ඉලක්ක කර එම් ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ රුසියාවේ ජනතා කැමැත්ත නමින්ත‍්‍ රස්තවාදි සංවිධානය විසිනි.පසුව දෙවැනි ලෝක යුද්ධයේදි 1944 වර්ෂයේ දි ජපනුන් විසින් ඇමරිකාවේ පර්ල් වරයාට ගුවනින් බෝම්බ හෙලනු ලබන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදාගෙනය.

ඉන්පසු දශක දෙක තුනක් යනතෙක් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන් ගැන ලොව රටවලින් අසන්නට ලැබුණේ නැති අතර නැවත වතාවක් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන් ගැන අසන්නට ලැබෙන්නේ 83 වර්ෂයේදි මැදපෙරදිග රටක් වන ලෙබනන් රාජ්‍යයෙනි. එයද යුද හමුදා කඳවුරක් ඉලක්ක කරගෙන සිදු වුවකි.

LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප්‍රහාර වලට අමතරව පුපුරුවා ගනිමින් ඝාතනයන් සිදුකල අනෙකුත් කණ්ඩායම් සලකා බැලු විට ඒ සියල්ලම යුධ ප්‍රවාහයක් තුල සිදුවන අතර බහුතරයක් මුස්ලිම් රටවල් ඉලක්ක කර සිදුවේ.

නමුත් පලමු වතාවට LTTE නොමැතිව යුධ මුක්ත, නාගරික,සාමකාමී පරිසරයක් තුල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් 21 වැනිදා එල්ල වු අතර එය ලෝකයේද මේ අකාරයට සිදුවු සිද්ධී දාමයන් සලකා බැලු විට එය යුධ විද්‍යාවේ Modus operandiට අනුව LTTE සංවිධානයට සම්පූර්ණයෙන්ම සමාන වේ.

21 ප්‍රහාරයට LTTE තාක්ෂණය…..

උතුරේ ත්‍රස්තවාදීන්ගෙන් පුනුරුප්තාපනය වු මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් මෙන්ම පැනගොස් විවිධ කර්මාන්ත වල යේදි සිටින මෙන්ම විදේශගතව සිටින කණ්ඩායම් හරහා එම තාක්ෂණය ලැබි ඇති බව මේ දක්වා කරන ලද විමර්ෂන හරහ අනාවරණය වි තිබේ.ඒ සදහා කුප්‍රකට කලු සල්ලි මෙහෙයුම්කරු සුභාෂ්කරන් අල්ලිරාජා සම්බන්ධ වි ඇති බවද අනාවරණය වි තිබේ.

එල්ටීටීඊ සංවිධානයට අයත්ව යුරෝපයේ තිබු දුරකතන සමාගමක් වන Lebara Mobile විකුණාදමා දැනට උතුරේ IBC TAMIL නාලිකව මෙන්ම තවත් ව්‍යාපාර රැසක් මෙහෙයවනු ලබන කන්දයියා භාෂ්කරන්, Lyca අල්ලිරාජාගේ ව්‍යාපාර ජාලයේම අයෙකු වන අතර උතුරේ ත්‍රස්තවාදීන්ගෙන් පුනුරුප්තාපනය වු මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් ඇතුලු LTTE කාඩර් එකට අයත් විශාල පිරිසක් ඔහු යටතෙ සේවයේ යෙදි සිටි.ඒ හරහා මෙම තාක්ෂණය සහරන් ඇතුලු කල්ලිය අතට පත්වු බව මේ වනවිට අනාවරණය වි තිබේන බව විශ්වාසය කෙරේ.මිට අමතරව මාකදුරේ මධුෂ්,වෙළේ සුදා ඇතුලු රාජ්‍ය අනුග්‍රහය ලැබු බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ද මේ සදහා සහය ලබාදි තිබේ.

වර්චුසා(Virtusa)මෘදුකාංග ඉංජිනේරුවරයාට මොකද වුනේ…!

පාස්කු ප්‍රහාරයට අදාළව විශාල කාර්යභාරයක් ඉටුකල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් දෙමටගොඩ වර්චුසා (Virtusa) ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවකු වූ ආදිල් අමීස් (24) නමැති තරුණයා සුභාෂ්කරන් අල්ලිරාජාගේ Lyca Mobile සමාගම සමග සමිප සබඳතාවයක් පැවැති බව අනාවරණය වි තිබේ.කාලයක් Lyca Mobile හි අන්තර්ජාල මෙහෙයුම් කරුවෙකු ඔහු සේවය කර ඇති අතර ඒ සදහා විශාල වශයෙන් ඔහුට ගෙවිම් කර තිබේන බවද අනාවරණය වි තිබේ.

අයි.එස්. පුහුණුව ලද මුස්ලිම් අන්තවාදි සාමාජිකයා මාධ්‍යවේදියකු ලෙස පෙනී සිට ඇති මෙම සැකකරු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සහරාන්ගේ හා ඊබ්‍රාහිම්ගේ කණ්ඩායම් වලට තාක්ෂණික වශයෙන් සහාය ලබාදුන් අයකු බවද හෙළිවී වු අතර අයි.එස්. සංවිධානයේ ජාත්‍යන්තර කණ්ඩායම් සමග සබදතා පැවැත් වූ මොහු තමිල්නාඩු තව්හිත් ජමාද් සංවිධානය සමගද එක්ව කටයුතු කර ඇතැයි විමර්ශන වලදී හෙළි වී තිබේ.කෙසේවෙතත් ඔහු සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්ෂණ සම්බන්ධයෙන් හෝ ඔහුට සිදුවුයේ කුමක්ද යන්න මේ දක්වා අනාවරණය වි නෑ.

ගෝඨාගේ ගමන් මග….

මේ වනවිට ඉන්දියාව මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියට එරෙහිව දැවැන්ත පියවර රැසක් ගෙන ඇති අතර එය වත්මන් මෝදි පාලනය ලබාගත් විශාලම ජයග්‍රහණය වන අතර පසුගියදා ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවේ කල සංචාරයේදි ශ්‍රි ලංකාවේ කලු සල්ලි කේන්ද්‍රය නතර කිරිම සදහා සාකච්ඡාද සිදුවු බව ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කර තිබුනා.

ඒ අනුව ඊ.ටී.අයි ෆිනෑන්ස් (ETI Finance Limited) මූල්‍ය සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිශන් සභාවක් පත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තිරණය කල අතර එම අර්බුදය විසදිම හරහා ETI හී මුදල් තැන්පත් කල තැන්පත්කරුවන් තිස්තුන්දහසකට අධික පිරිසකගේ හිත දිනා ගැනිම මෙන්ම එම වස්තු සම්භාරය සතු මාධ්‍ය නාලිකා තමන්ගේ හිතවතෙකු වෙත පවරා දිම ඔහුගෙ ඉලක්කය වි
තිබේ.

කෙසේවෙතත් ඊ.ටී.අයි ෆිනෑන්ස් සහ එම සමාගමේ පවරාදිම හරහා සුභාෂ්කරන් අල්ලිරාජා, ජේ. සුධීර් සහ මනිවානන් හරහා මහින්ද ඇතුලු රාජපක්ෂ පවුල සිදුකල ගණුදෙනු හේතුවෙන් මෙම කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රාජපක්ෂලා මේ වනවිට කලබලයට පත්ව ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

Top