Featured

කඳවුර පිපුරුමට ආරක්ෂක විධිවිධාන සියල්ල බිඳ වැටුනේ කෙසේද? මහින්ද රාජපක්ෂ

මෙවැනි අවි ගබඩා වලට දිවා රෑ ආරක්‍ෂාව සපයා තිබෙනවා පමණක් නොව දවසට දෙවරක් වත් පරීක්‍ෂණයටත් ලක් කරනු ලැබේ. කල් ඉකුත් වූ උණ්ඩ වෙනත් ස්ථානයකට ගෙන ගොස් විනාශ කරනු ලැබේ. විදුලි කාන්දුවක් වැනි ආපදාවක් සිදු වුවත් එයින් වන හානිය අවම කිරීමට විධිවිධාන ඇත. මේ සියල්ල බිඳ වැටුනේ කෙසේදැයි බලධාරීන් විමසා බැලිය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා

යුද හමුදා මධ්‍යම අවි ගබඩාව විනාශ වීම

කොස්ගම සාලාව කඳවුරේ පිහිටි යුද හමුදා මධ්‍යම අවි ගබඩාව පුපුරා විනාශ වී යාමෙන් මුළු රටම කම්පනයට පත් වී සිටි. මේ සිදුවීමෙන් මිය ගිය හමුදා සාමාජිකයා වෙනුවෙන් මගේ ශෝකය ප්‍රකාශ කරන අතර  තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. මේ සිද්ධියෙන්  යුද හමුදාවේ මෙන්ම සිවිල් වැසියන්ගෙත් දේපල වලට සිදු වූ හානිය අති විශාලය. එවක ආණ්ඩුව  1990 ගණන් වල මෙම ස්ථානයේ මධ්‍යම  අවි ගබඩාව පිහිටවනු ලැබුවේ  ජනාකීර්ණ ප්‍රදේශයක පුපරණ ද්‍රව්‍ය විශාල තොග රැස්කිරීමට විරුද්ධව එම පාලාත නියෝජනය කල දිනේෂ් ගුණවර්ධන හා බන්දුල ගුණවර්ධන වැනි මන්ත්‍රීවරුන් නැගූ විරෝධතාවයද නොතකාය.

යුද්ධය පැවති සමයේ මේ අවි ගබඩාවේ  ආරක්‍ෂාව උපරිම මට්ටමෙන් තහවුරු කිරිමට අපි පියවර ගත් අතර 2009 න් පසු මෙම ස්ථානයේ අවි හා උණ්ඩ ක්‍රමානුකූලව  ඉවත් කර ගැනීම ආරම්භ විය.  මට දැනගන්නට ඇති පරිදි එහි තිබූ බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය වලින් වැඩි කොටසක් තාවකාලිකව වේයන්ගොඩටත්, පුහුණු කටයුතු වල භාවිතා කිරීමට දියලතාව හා මාඳුරුඔය වැනි කඳවුරු වලටත්  ගෙන ගොස් තිබුණි. ඉතිරි උණ්ඩ තොග ගෙන යාමට මගේ කාලයේ දී ඔයාමඩුව, රඹෑව වැනි ප්‍රදේශවල නිත්‍ය අවි ගබඩා තැනීමට සියල්ල සූදානම් කර තිබුණි. නමුත් අපේ පාලන කාලයෙන් පසු මේ ගැන කිසිදු පියවරක් ගෙන නැත. ඒ කෙසේ වෙතත් මෙවැනි ස්ථානයක මේ ආකාරයේ  ආරක්‍ෂාව බිද වැටීමක් සිදු වීම ගැන මම මවිත වෙමි. යුද්ධය කාලයේ දී මෙවන් දෙයක් සිදු වුණා නම් යුද්ධය තාවකාලිව හෝ නතර කිරීමට සිදුවනු ඇත.

මෙවැනි අවි ගබඩා වලට දිවා රෑ ආරක්‍ෂාව සපයා තිබෙනවා පමණක් නොව දවසට දෙවරක් වත් පරීක්‍ෂණයටත් ලක් කරනු ලැබේ. කල් ඉකුත් වූ උණ්ඩ වෙනත් ස්ථානයකට ගෙන ගොස් විනාශ කරනු ලැබේ. විදුලි කාන්දුවක් වැනි ආපදාවක් සිදු වුවත් එයින් වන හානිය අවම කිරීමට විධිවිධාන ඇත. මේ සියල්ල බිඳ වැටුනේ කෙසේදැයි බලධාරීන් විමසා බැලිය යුතුය. ගින්න ඇතිවූයේ කෙසේදැයි අපි තාම නිෂ්චිතව දන්නේ නැති වුණත්, ආරක්‍ෂක හමුදාවන්වල ජීව ගුණය හා ආත්ම ශක්තිය පිරිහී තිබෙන අවස්ථාවක අධීක්‍ෂණය, නායකත්වය, අවධානය හා සුපරික්‍ෂාකාරී බව පිරිහෙනවාය යන්න, පොදු ප්‍රකාශයක් හැටියට වලංගු වේ. මගේ පාලන සමයේ මුල් මාස කීපයේදී ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට යුද හමුදාපතිවරයෙකුට ඔහුගේම මූලස්ථානය තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්තවාදීන්ට හැකි විය.

එවැනි ප්‍රහාරයක් කිරීමට ත්‍රස්තවාදීන්ට හැකිවීමට ආසන්න හේතුව ඒ අවස්ථාවේ යුද හමුදා මූලස්ථානයේ ආරක්‍ෂක විධිවිධාන වල තිබුණු අඩුපාඩු වුණත්, එම තත්වයට පාදක වූ මූලික හේතුව 2002-2006 සටන් විරාම ගිවිසුමෙන් ආරක්‍ෂක හමුදා සාමාජිකයන් තුළ ඇතිකර තිබු පරාජිත, අසරණ වූ මානසිකත්වයයි. පසුගිය වසරේ ජනවාරියේ සිට  ඇති වූ සිද්ධීන් ගණනාවක්  නිසා, අද වනවිට 2002-2006 සටන් විරාම සමයේදී වත් අත් නොදුටු තරමට ආරක්‍ෂක හමුදාවන්වල ජීව ගුණයත්, ආත්ම ශක්තියත් පහල වැටී ඇති බව ප්‍රත්‍යක්‍ෂ කරුණකි. කොස්ගම විනාශය ගැන කරන විමර්ශණය, මේ අවස්තාවේදී ආරක්‍ෂක හමුදාවල ජීවගුණය කුමන තත්වයෙන් පවතිනවාද කියන එක දෙසටත් යොමු වෙන්න ඕන. ඒ අතරතුර, මේ විනාශයෙන් හානි වූ නිවාස යළි ඉදිකර දෙන බවට ආණ්ඩුව දුන් ප්‍රතිඥාව මම අගය කරමි. අවතැන් වූ ජනතාවට නැවත නිවාස පිළිසකර කර දෙන තුරු නවාතැන් ගැනීමට විකල්ප ස්ථාන ලබාදීමද උචිත වේ.

මහින්ද රාජපක්‍ෂ (පා.ම)

හිටපු ජනාධිපති

Explosion at the Army central armoury in Kosgama

The explosion and complete destruction of the Sri Lanka Army’s central armoury located at the Salawa army camp in Kosgama has shocked the nation. I would like to express my condolences to the family of the soldier who lost his life in the disaster and wish those who have been injured, a speedy recovery. The destruction of army property and the properties of civilian residents living in the vicinity has been extensive. The central armoury of the army was established in this location in the late 1990s by the then government despite protests by politicians in the area like Messers. Dinesh Gunawardene and Bandula Gunawardene who warned against the storing of large quantities of ordnance close to residential areas.

During the war, we took special precautions to ensure the security of this installation and after 2009, the army had been gradually relocating this armoury and I am to understand that most of the ordnance in this location had been shifted temporarily to places like Veyangoda and distributed to Diyatalawa and Maduruoya for use in training. Two large farms in Oyamaduwa and Rambewa had also been identified to store the remaining ordnance on a permanent basis. But since our time no further action had been taken on this matter. Be that as it may, I am very surprised that a breakdown in security of this magnitude can occur at an installation like this. If something like this had happened during the war, the war effort would have been seriously undermined.

These installations are guarded day and night, and checked at least twice a day. Expired ordnance is regularly destroyed. There are precautions taken to minimise damage even in the case of accidents such as electricity leaks. However all those systems had failed and the authorities should inquire into why that happened. Though we still do not know for certain what caused the fire, it can be said as a general statement that when self esteem and morale are at a low ebb in a military organisation, supervision, vigilance, leadership and the general state of alertness also suffers. During the first few months of my presidency, for the first time in world history, terrorists were able to carry out a suicide attack on an army commander inside his own headquarters.

Though the immediate reason the terrorists were able to carry out such an attack were the shortcomings in the security arrangements at army headquarters at the time, the more important underlying cause was the defeatist mindset created among armed forces personnel by the 2002-2006 ceasefire. Several incidents since January last year have had the effect of seriously undermining the self esteem and morale of the armed forces to an extent unseen even during the years of the 2002 ceasefire. Any inquiry into the causes of the Kosgama disaster should also look into the general state of morale in the armed forces at present. In the meantime, I welcome the government’s announcement that they will rebuild the houses damaged by the explosion. The displaced will also have to be provided alternative accommodation until their houses are rebuilt.

Mahinda Rajapaksa (MP)

Former President of Sri Lanka

 

 

Top