Featured

කෝප් කමිටු සභාපති ඉල්ලා අස්‌වේ ද?

දේශපාලන බලපෑම් තිබෙන නිසා කෝප් කමිටු සභාපති ඉල්ලා අස්‌වෙන බවට ප්‍රකාශයක්‌ කර තිබීම බරපතළ ප්‍රශ්නයක්‌ බවත් සිය පක්‍ෂය ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත් කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පවසයි..බොරැල්ල, කොටා පාරේ පිහිටි ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ (27 දා) පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සදහන් කළා.

තමා කෝප් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ ඇමැතිවරුන්ට තියා ජනාධිපති, අගමැතිවරුන්ටත් තම කටයුතුවලට අත ගැසීමට ඉඩනොදී ස්‌වාධීනව කටයුතු කළ බවත් හෙතෙම පැවැසීය.

කෝප් කමිටුව කටයුතු කරන්නේ අධිකරණයක්‌ ලෙස බැවින් එය ආරක්‍ෂා කළ යුතු බවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ගෞරවය අප ආරක්‍ෂා කළ යුතු බවත් පැවැසූ ඩිව් ගුණසේකර මහතා කෝප් කමිටුව අමාත්‍යාංශවල කටයුතු සාකච්ඡා කරද්දී අදාළ ඇතැම් ඇමැතිවරුන් පැමිණීමට උත්සාහ කළත් තමා සභාපති ලෙස ඔවුන්ට ඇතුළුවීමට ඉඩනොදුන් බවත් සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කොප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කලබවත් එම සාකච්ඡා සම්බන්ධයෙන් වු එකඟතාවන් පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කල බවද අර්ජුන් මහේන්ද්‍ර සම්බන්ධයෙන් කොප් කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටලුවක් නැති බවත් ඉතා ඉක්මනින්ම අදාළ තින්දුව කොප් කමිටුව විසින් ලබාදෙනු ඇති බව දැනුම් දුන් බවද අනාවරණය කර තිබේ.මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනෙන විශේෂ කෝප් කමිටු රැස්වීමක් ලබන බදාදා (29වැනිදා ) සවස 2.00ට පැවැත්වීමට නියමිතව තිබේන aබවත් ප ඊයේ අනාවරණය කළා.

http://www.lankanewsweb.today/archives/11576

Top