Featured

රාජපක්ෂලා වටකර ප්‍රහාරයකට සිරිසේනලා මෙහෙයුමක

රවී කරැණානායකට එරෙහි විශ්වාස භංගයත් සමග යහපාලන දීගය නීතමය වශයෙන් කැඩී ගොස් ඇත. තවදුරටත් ඇමති මණ්ඩලය 48 පවත්වා ගැනීම සදහා මුදල් ඇමති වශයෙන් රවී කරැණානායක ව බිලි දීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටී. ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කරන බව කියමින් හිමින් සීරැවේ රවී කරැණානායකව මුදල් ඇමතිකමෙන් ඉවත් කර විශ්වාස භංගය පාර්ලිමේන්තුවට ගෙන ඒම නතර කර ගැනීම රනිල් වික්‍රමසිංහගේ උපායයි. ඒ අනුව රවී කරැණානායකව දේශපාලනිකව බිලි දී ඇමති මණ්ඩලය 48 ආරක්ෂා කර ගැනීමට හැකි වෙයි.

මේ ආකාරයට ජාතික ආණ්ඩුවේ සාමාජික SLFP මන්ත්‍රීවරැ විසින් දිගින් දිගටම ඇමතිවරැන්ට විරැද්ධව විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කළ හොත් ඒ සෑම අවස්ථාවකදීම ඇමති මණ්ඩලය ආරක්ෂා කිරීම සදහා ඇමති මණ්ඩල සංශෝධන සිදු කිරීමට සිදුවෙයි. මෙය ප්‍රායෝගික නො වන බව රනිල්-මෛත්‍රී දනී. ඒ අනුව රනිල්-මෛත්‍රී සහයෝගයෙන් ක්‍රියා කරන අතරම SLFP පක්ශයක් හැටියට විරැද්ධ පක්ෂයට යාම සිදු කරයි. ඒ අනුව ඩිලාන් පෙරේරා හෝ මහින්ද අමරවීර විරැද්ධ පක්ෂ නායකයා වෙමින් SLFP පක්ශයක් හැටියට විරැද්ධ පක්ෂයට යාම සිදුකරයි. සම්බන්ධන් විරැද්ධ පක්ෂ නායකත්වය අත් හරී. තවදුරටත් විශ්වාස භංග එන ආවද ඉන් ජාතික ආණ්ඩුවට නීතිමය බලපෑමක් සිදුවීම මෙයින් වැළැක්වෙන් අතර ඉදිරියේ ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමත්, ජනාධිපතිවරයාට විරැද්ධව ඇති SLFP ජනමතය පාලනය කිරීමත් මේ අනුව සිදු කර ගත හැකිය.

SLFP පක්ශයක් හැටියට විරැද්ධ පක්ෂයට යාමට පෙර SLFP මන්ත්‍රීවරැ කණ්ඩායමක් (SB,Mahinda Smarasinghe,Nimal Siripala, Susil Prem) ස්වාධින කණ්ඩායමක් (8-12) ලෙස වැඩිම ආසන ගත් දේශපාලන පක්ෂය සමග ජාතික ආණ්ඩුව පවත්වා ගැනීමට නීතිමය හැකියාව ඇත. ඒ අනුව ඇමති මණ්ඩලය 48 පවත්වා ගැනීමට, SLFP පක්ශයක් හැටියට විරැද්ධ පක්ෂයට ගියා කියා බාධාවක් නොවේ.

ඉන්පසුව විපක්ෂ නායක සහ ආණ්ඩුව යන දෙකන්ම මහින්ද පාර්ශවය අම්බානක කන හැටි බලා සිටින්න.

මෛත්‍රී මැයි රැළීය පැවැත්වීමට මහින්දගේ ඡන්ද බලකොටුවක් වූ ගාල්ලම තෝරා ගත්තේ ඇයි. මහින්ද සතු දකුණේ ඡන්ද පදනම දෙදරවීම රනිල් – මෛත්‍රී – චන්ද්‍රිරිකාගේ අරමුණයි. මහින්ද පාර්ශවයේ අය තනතුරැ දෙමින් එකා බැගින් මෛත්‍රී පාර්ශවය වෙත බා ගැනීම දැන් ඇරඹී ඇත. දිවයින පත්තරේ ගාමිණී සුමනසේකර මෙන්ම ඒ.බී.ලලිත් ද සිල්වා වැනි අය මේ වන විටක් බාගෙන ඇත. මහින්ද ලග ඉන්න කේවට්ටයිකන්ට ( දයාන් ජයතිලක, ලලිතසිරි ගුණරැවන් වැනි) මේවා තේරෙන විට පෙරහැර බොහෝ දුර ගොස් අවසානය. මහින්ද ලග සිටිමින් ඇගේ ඉදන් කන කන දයාන් ජයතිලක වැනි ෆෙඩරල් හිතවාදී සෙට් එක නිසා 2016 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්දගේ ඡන්ද පදනම මගින් පරාජිතයන් පාර්ලිමේන්තු යැවීමට සුසිල් පේම් කටයුතු කළේ අධිකරණ තීන්දුවලට මුවාවෙමින්.

ෆෙඩරල් ව්‍යවස්ථාව 2/3 ඡන්දයෙන් සම්ම්ත කර ගැනීම සදහා මහින්ද පාර්ශවය බිය කර ගත යුතුය. ඒ සදහා අධිකරණ භීෂණය ඉදිරිට ගෙන ඇත. යටත්කර ගැනීමට නොහැකි යැයි සිතන මහින්ද පාර්ශවයේ අය FCID, BRIBARY හරහා යටත් කර ගැනීම මේවනවිටත් සිදුකරගෙන යයි.

යහපාලනයට යටත්වන මහින්ද වාදීන්ට ඇමතිධූර, සංස්ථා සභාපතිකම්, තනාපති ධූර, විදේශ සවාරි. ලබා දෙමින් සිටී. එදා මහින්ද සමග සිටි දිවයින පුවත්පතේ ගාමිණි සුමනසේකරලා, මාධ්‍යවේදී ලලිත් ද සිල්වා ලා අද ඉන්නේ කා සමගද යන්න ජනතාව සිතා බැලිය යුතුය.

අනේ කාලේ වනේ වාසේ…..

Top