Breaking
5 Feb 2025, Wed

වියත්මගින් ආ ඩිල්මා මැඩම් රජයේ ඉඩම් වලට ගේම දෙයි… ගොඩහේවාගේ කැම්පෙන් එකට සල්ලි ගලන රහස… කඩා වැටෙන සංචාරක ව්‍යාපාරයෙන් ගොඩයන MJH Holding

Published on: Jun 23, 2020- සංචාරක ව්‍යාපාරය ලොව අංක එකේ ව්‍යාපාරයක් වන අතර ලංකාවේ සංචාරක ව්‍යාපාරයද දැවැන්ත මුදල් ඉපැයීමේ ව්‍යාපාරයක් ලෙස මුල් බැස ගෙන තිබේ. ඒ නිසාම මෙම ව්‍යාපාරය කෙරෙහි රටේ ලොකු පොඩි සෑම දෙනාගේම අවධානය යොමු වී තිබේ. සංචාරක ව්‍යාපරයේ ගමන් මග තීරණය කරනු ලබන රාජ්‍ය සංස්ථාව වන ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත තම කාර්යභාරය වෙනුවෙන් පැවරී ඇති වගකීම අති විශාලය. ඒ වගකීම කෙසේ වෙතත් සංචාරක සංවර්ධන අධිකාරියේ මල් පුටුවට බොහෝ ඇස් යොමුවන්නේ එකී ව්‍යාපාරයෙන් රටට සිදු කරන සේවයට වඩා එම ආයතනය සල්ලි උපයා ගත හැකි ඉල්ලමක් බව සැවොම දන්නා නිසාය. රටවටේ ඉඩම්වලින් තුනෙන් දෙකක හිමිකාරිත්වය සංචාරක සංවර්ධන අධිකාරිය සතු වීම නිසා ඉඩම් කොල්ල කන්නන්ට මෙම ආයතනය නිධානයකි. ඒ නිසා දැනට දශක දෙකක පමණ කාලයක සිට සංචාරක සංවර්ධන අධිකාරියේ මුල් පුටුවට පත් වූවන් තමන්ට යම් යම් ප්‍රතිලාභයක් ආයතනික බලයෙන් ලබාගත්තා මිස රටට කළ සේවයක් නැත. සංචාරක අමාත්‍යංශයට ඇස ගසා සිටින ඇමතිවරුන්ද මීට නොදෙවෙනි අතර ඔවුන්ද මෙම අමාත්‍යාංශය ඉල්ලා බාර ගන්නේ මෙහි ඇති ධන ආකරය ගැන දන්නා නිසාය.

ජනාධිපතිතුමන්ගේ “වැඩ කරන රටක්” තේමාවට අනුව සංචාරක සංවර්ධන අධිකාරියට සභාපතිනිය ලෙස වියත්මග හරහා පත්කළ ක්‍රිමාලි ෆර්නෑන්ඩු ද මෙම ආතනය ඉල්ලා බාර ගන්නේ එවන් අරමුණකින් බවට දෙස් දෙන්නේ ඇගේ වත්මන් ක්‍රියාකලාපයයි. ඇය ඩිල්මා ආයතනයේ MJH Holding අධ්‍යක්ෂ මලික් ෆර්නෑන්ඩුගේ බිරිඳයි. මලික්ගේ මහාපරිමාණ තේ ව්‍යාපාරයට අමතරව ඔහු සුඛෝපභෝගී නිවාඩු නිකේතන,සංචාරක හෝටල්, සෆාරි වැනි විශාල ව්‍යාපාර ගණනාවක් තිබේ. මේ වන විට ඔවුන්ගේ හෝටල් තුනක කාමර 94 ක් ඇති අතර එමගින් උපයන අදායම මිලියන ගණනකි. සේවකයින් 450 පමණ ඒවායේ සේවය කරන බව ඔවුන්ගේ වෙබ් අඩවිවල දක්වා තිබීමෙන් හෝටල් ක්‍ෂේත්‍රයේද ඔවුන්ගේ ප්‍රසාරණය කොතෙක්දැයි හදුනාගත හැකිය. එනිසා

ඩිල්මා (Dilmah) ආයතනය සංචාරක සංවර්ධන අධිකාරියේ ඉඩම් ගැන ඇස ගසාගෙන සිටීම පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් ඇති අතර මේ වන විට ඩිල්මා ආයතනයට අයත් යාල පිහිටා ඇති Yala Wild Coast Tented Lodge සුපිරි හෝටලය පිහිටා ඇත්තේද සංචාරක සංවර්ධන අධිකාරිය සතු ඉඩමකය. මීට අමතරව ඔවුන් කුච්චවේලි සහ ත්‍රිකුණාමලය ඉඩම් ගැන ඔවුන් අවධානය යොමු කර ඇත්තේ දීර්ඝ කාලයක සිටමය. එහෙත් ඒවා ක්‍රියාත්මක වන්නේ පහුගිය ආණ්ඩු කාළයේදිය. එයින් ප්‍රධාන ලෙස ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ත්‍රිකුණාමලය වෙල්ලමනල් ග්‍රාමයේ පිහිටා ඇති මාලබල් බීච් නම් වූ අගනා මුහුදු තීරය සහිත ඉඩමයි. මෙම ආකර්ෂණිය වෙරළ තීරය සහිත අගනා ඉඩම තමන් සතු කර ගැනීමේ කාර්‍යය කොවී ඩ් -19 වංසගතය පැවති පසුගිය මාස කාළයේදි වුව නතර නොවී තිබීමෙන් සහ ඒ වෙනුවෙන් වංචා සහගත ලෙස කටයුතු කිරීමෙන් සභාපතිනිය මෙම ඉඩම තම පවුලේ ව්‍යපාරය වෙනුවෙන් ලබා ගැනීම කොයිතරම් වැදගත් යැයි සිතා ඇද්දයි අමුතුවෙන් පැහැදිලි කල යුතු නොවේ.

මාබල් බීච් වෙරළ තීරය සංචාරක සංවර්ධන අධිකාරිය සතු වන්නේ 1975 පෙබරවාරි 21 වන අංක 152 දරණ අති විශේෂ ගැසට් පත්‍රයකින් සංචාරක සංවර්ධන කටයුතු සඳහාය. මෙසේ ගැසට් පත්‍රයක් මගින සංචාරක සංවර්ධන අධිකාරියට ලැබෙනා රජයේ ඉඩම් සංවර්ධනය කර සංචාරක කටයුතු සඳහා යෙදවීම සංචාරක සංවර්ධන අධිකිරියේ වගකීම වන අතර එම ඉඩම් සංවර්ධනය කර 99 අවුරුදු බද්දකට යටත්ව සංචාරක ව්‍යාපාරිකයන්ට බඳුදිම අධිකාරියේ පිළිවෙත වෙයි . එමගින් රටට ලැබෙනා ආදායම ඉමහත්ය. එහෙත් මාබල් බීච් ඉඩම සම්බන්ධයෙන් භුක්තිය තහවුරු කර ගැනීමට සංවර්ධන අධිකාරයේ පාලනය අධිකාරිය එතරම් උනන්දුවක් දක්වා නොමැති අතර එය මේ වන විට ගුවන් හමුදාව භුක්ති විඳිමන් සිටි. ගුවන් හමුදාවේ ආකර්ශණීය සංචාරක නිකේතනයක්ද මේ වන විට මෙහි ඇති අතර ඔවුන් එය මැනවින් කළමණාකරය කරමින් සිටී. පසුගිය යුධ සමයේදි ජාතික ආරක්ෂාව හේතුවෙන් මෙම වෙරළ තීරය ගුවන් හමුදාව අත්පත් කර තිබුණද සංචාරක ආකර්ෂණිය ස්ථානයක් ලෙස ඔවුන් මේ වන විට එය පවත්වා ගෙන යමින් සිටී.

එහෙත් සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිනියගේ පිළිවෙත සංචාරක සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් වෙනස් වන අතර ඇයට අනුව සංචාරක සංවර්ධන අධිකාරිය සතු වටිනා ඉඩම්වල අයිතිය අධිකාරිය විසින් අත්හැරිය යුතු අතර අනතුරුව එම ඉඩම් ඇගේ සැමියා වු මලික් ෆ්රුන්ඩු මහතාට ලබාදීමට කටයුතු කළ යුතුය. මාබල් බීච් නම් වටිනා ඉඩමද එවන් ක්‍රමවේදයකින් ඩිල්මා ආයතනයේ පෞද්ගලික දේපලක් ලෙස අත්කර ගැනීමේ ඇගේ වෑයම සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත් වීමෙන් දැනට තාවකාලිකව නැවතී ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් තහවුරු වේ.එය ප්‍රසන්න රණතුංග කළ විශිෂ්ට ක්‍රියාවකි. නමුත් මෙම ඉඩම ඔවුන්ට අත්කර දීමට උත්සහ කරනා අනෙක් තැනැත්තා වන්නේ හිටපු ඇමතිවරයකු වූ සුසන්ත පුංචි නිළමේය. ඔහු ත්‍රිකුණාමලයේ ඉඩම් බොකර් කෙනෙක් ලෙස කටයුතු කරමින් මෙවන් ගනුදෙනු වලට සම්බන්ධ වේ. ඒ සඳහා පුංචි නිළමේ මහතාගේ ඒජන්තවරයෙකුද සංචාරක සංවර්ධන අධිකාරියට පත්කර එවා ඇත.

ඩිල්මා ආයතනය මාබල් බීම් මෙහෙයුම ක්‍රියාත්මක කිරීම ආරම්භ වන්නේ යහපාලන ආණ්ඩු සමයේදි වන අතර එයට සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතාගේ නොමඳ සහයෝගය ලැබී තිබේ. මෙම ඉඩමේ අයිතිය සඳහා රොහාන් පොන්නයියා නම් ව්‍යාපාරිකයෙකුද ඉදිරිපත් වී ඇති අතර එම අයිතිය දක්වා ඇතිතේ Socity of Jesus in the diocese නම් ක්‍රිස්තියානි ආගමික ආයතනයකටය. 2017 වසරේදි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ලෙස ගුවන් හමුදාව විසින් නාමිකව අත්පත් කරගෙන සිටිනා කොටසින් අක්කර 05 රූඩ් 02 ක කොටසක් නිදහස් කිරීමට කටයුතු කර ඇත.

එසේම 2020 වසරේ පෙබරවාරී මාසයේදි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව සාකච්ඡාවක් අමාත්‍යාංශයේදි පවත්වා ඇති අතර එහිදි සුසන්ත පුංචිනිලමේ හිටපු ඇමතිවරයා සඳහන්කර ඇත්තේ මලික් ෆර්නෑන්ඩු සහ රොහාන් පොන්නයියා එක්ව හොටල් සංකීර්ණයක් මාබල් බීච්හි ඉදකිරිමට අදහස් කරගෙන සිටිනා හෙයින් සංචාරක සංවර්ධන අධිකාරිය මාබල් බීච් ඉඩමට ඇති අයිතිය අත්හරිනා ලෙසයි. අනතුරුව රටේ පැවති කොවීඩ්-19 උවදුරු කාලාය්දිද මෙම ඉඩම අත්කර ගැනීම් උත්සයහ අත්හැර නොමැති අතර සභාපතිනිය අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් මගින් මෙම ඉඩම අත්හැරීමට අනුමැතිය ඉල්ලා ඇත. එහිදි මෙම අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේ අමාත්‍යතුමාගේ නිර්දේශ මේ සඳහා ලැබී ඇති බව වුවද ඒ සඳහා ලිඛිත සාක්ෂි නොමැති වීම නිසා අධ්‍යක්ෂ මණ්ඩලය ඇමතිතුමගේ අනුමැතිය ලිඛිතව ලබා ගන්නා ලෙසය. එහෙත් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සටහන්වල දක්වා ඇත්තේ මාබල් බීච් ඉඩම අත්හැරීමට සංචාරක සංවර්ධන අධිකාරියට අධ්‍යක්ෂ මණ්ලඩ අනුමැතිය ලැබුණු බවයි. එය ඇය හිතාමතා සැලසුම් සහගතව, වංචනික ලෙස අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන කර තිබෙන වැඩක් බව පැහැදිලිය. ඇගේ මෙම වංචනික ක්‍රියාව අත්වැරදීමක් බව පවසමින් මේ වන විට මෙම ඉඩම සම්බන්ධව ක්‍රියා කිරීම ඇය තාවකාලිකව නවතා ඇති බවද සැලවේ.

නමුත් රජයේ ඉඩම් මෙලෙස වංචාකාරී ලෙස අත්පත් කර ගැනීමට උත්සහ කිරීම බරපතල කරුණක් සේම සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය ලෙස කටයුතු කරනා ගමන්ම තම ස්වාමියාගේ ව්‍යාපාර සදහා තම ආයතනික බලය යොදමින් රජය සතු ඉඩම් නිදහස්කිරීම සදාචාරාත්මක නැත. ඇය එවැනි විනයක් ඇති තැනැත්තියකු නොවන බව සංචාරක ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු පවසති. ව්‍යාපාරික මලික් ෆර්නෑන්ඩුගේ බිරිද මෙවැනි තනතුරු පසුපස හඹා එන්නේම වැටුපකට රැකියාවක් කිරීමේ අහේනියක් ඇති නිසා නොව ආයතනික බලය ප්‍රයෝජනයට ගෙන තව තවත් පවුලේ ව්‍යාපාර ප්‍රසාරණය කරගැනීමේ කෑදරකම නිසාය. ඒ වෙනුවෙන් තම ප්‍රතිවාදීන්ගේ ව්‍යාපාර පවා විනාශ කිරීමට පසුබට නොවන බවද සංචාරක ක්ෂෙත්‍රයේ බොහෝ දෙනා පවසති.

ඇය සංචාරක මණ්ලයේ ආයතන හතරේම සභාපතීත්වය දරන අතර ඇය මේ සඳහා නිර්දේශකොට ඇත්තේ වියත්මග නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට කිට්ටු වූ නාලක ගොඩහේවා විසිනි. ඒ මෙම ව්‍යාපාරික පවුල ගම්පහ බැවින් තම ඡන්ද ව්‍යාපාරය ගොඩදමා ගැනීමට ලැබෙන මුල්‍ය ප්‍රතිලාභ හා අනෙකුත් සහයෝගයන් සලකා ඊට දෙන තුටු පඬුරක් වශයෙනි.මේ දේශපාලන පත්කිරීම් පසුපස ඇත්තේ එවැනි එකිනෙකාට උදව් කරගැනීමේ ගනුදෙනු බව සාමාන්‍ය ජනතාව නොදනිති. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති ලෙස තොරා පත්කර ගනු ලැබුවේ මෙවන් පුද්ගලයින් තනතුරු වලට පත්කර රටේ දේපල ඔවුන්ගේ පවුල්වල බූදල් කරගැනීමට ඉඩදීමට නොවන බව සිහිපත් කිරීමට කැමැත්තෙමු.

~~ සිංහල සුද්දා ~~

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.