Featured

ඇමති නිමල්ට හිතවතුන් ගන්න ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් 04ක් හදිසියේ දොට්ට!

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න විසින් පත්වීම් ලබාදුන් පුත්තලම දිස්ත්‍රික්කයේ සේවකයින් 04දෙනකු අද දින, 2016 සැප්තැම්බර් 30 දින හදිසියේම සිය රැකියා වලින් ඉවත්කොට ඇති බවද වාර්තා වේ. සිය තනතුරු වලින් ඉහළ දැමීම සඳහා යයි කියමින් පසුගියදා විභාගයක් පවත්වා ඇති බවත් ඉන් අසමත් බව පවසමින් මෙසේ එම නිලධාරීන් ඉවත්කොට ඇත. මෙය ඇමති නිමල් සිරිපාලට හිතවත් පිරිසක් බඳවා ගැනීමට සිදුකරන ලද්දක් බවද අධිකාරී ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන අතර ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාද දිවයිනෙන් බැහැරව සිටින අවස්ථාවක මෙසේ සිදුකර ඇත.

වසර 03කට ආසන්න කාලයක් සේවය කලත් වහාම සේවයෙන් ඉවත්වන ලෙස දැන්වූ පසු දැඩි අපහසුතාවයට පත්වූ එම තරුණ සේවකයින් සිව්දෙනා ඉහළ කළමණාකාරීත්වයට හෙණ ඉල්ලමින් හැඬූ කඳුලින් එවලේම අධිකාරියෙන් ඉවත් ගොස් ඇත්තේ සියලු නිලධාරීන්ගේ නෙතට කඳුලක් එක් කරමිනි.

තවද ඇමති නිමල් සිරිපාලට හිතවත් කිහිප දෙනකු මේ වන විටත් කිසිදු පදනමකින් තොරව සේවයට බඳවාගෙන ඇති අතර එහිදී මෑතකදී තොරතුරු තාක්ෂණ අංශයට අළුතින් කළමණාකාරවරයකු බඳවා ගැනීම වෙනුවෙන් පැවති විභාගයෙන් අවම ලකුණු ලබා අසමත්වූ ඇමති නිමල්ගේ කළුතර ප්‍රදේශයේ හිතවතකු පත්කොට ඇති බවද අධිකාරියේ විශ්වාසදායක ආරංචි මාර්ග පවසයි.

Top