All

රනිල් දුවන්නේ ‘සර්ධාර් පණික්කාර්’ සැලැස්මට! අන්තිමට ලංකාව නවතින්නේ ඉන්දීයාවේ 30 ප්‍රාන්තය වෙලා!

අගමැති ලෙස හත්වතාවක් සහ ජනාධිපතිවරයා ලෙස එක් වතාවක් ඉන්දියාවට ගිය පොහොට්ටුව පත්කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලංකාවේ ස්වෛරීභාවය ඉන්දියාවට පාවා දීමට කටයුතු කළ ආකාරය පිළිබඳ සවිස්තරාත්මක හෙළිදරව්වක් දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය සිදුකර තිබේ.

ඒ අනුව ඉන්දියානු භූ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් ‘සර්ධාර් පණික්කාර්’ (K.M.Panikkar) විසින් සකස්කළ සැලසුම සාර්ථක කිරීමට රනිල් වික්‍රමසිංහ මෙහිදී කටයුතු කර ඇති ආකාරය ද මෙමගින් අනාවරණය වේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තයත්, 30 වැනි ප්‍රාන්තයත් බවට පත්කිරීමට රනිල් වික්‍රමසිංහ චරිතයේ කැපවීම පිළිබඳ සුවිශේෂී හෙළිදරව්ව

[doc id=30205]

ශ්‍රී ලංකාවේ ඊසාන දිග ගුවන් කලාපය ඉන්දියාවට පැවරීම. (මේ වන විට එම කලාපය තුළ
පියාසර කරන ගුවන් යානාවලින් ඉන්දියාව අයකරගන්නා ගාස්තු ප්‍රමාණය ශ්‍රී ලංකාවේ
රුපියල් වලින් මිලියන 6000ක් ඉක්මවා යන බව වාර්තා වේ.)

[doc id=30207]

චීන රාජ්‍යය සමාගමකට ලබා දීමට තීරණය කර තිබූ උතුරු පළාතේ නිවාස ව්‍යාපෘතිය එම
සමාගමට ලබා නොදී ඉන්දියානු සමාගමකට ලබාදීම.

ඉදිරියේදී ජනාධිපතිවරණය දක්වා බෙදුම්වාදීන් සතුටු කිරීම මගින් ඔවුන්ගේ ඡන්ද කුට්ටිය
ලබාගැනීම සඳහා මෙම ලැයිස්තුව තව බොහෝ දීර්ඝවන බව ඉතා පැහැදිලිය. බහුතර සිංහල
බෞද්ධ ජනතාව නිද්‍රාවට පත්වී සිටින තත්වයක් තුළ බෙදුම්වාදී, ජාතිවාදී, ආගම්වාදී බලවේගවල
සහයෝගයෙන් වත්මන් ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් ඊළම දක්වා
වන මඟ සළකුණු ඉතා සීග්‍රගාමීව පසු කෙරෙන බවට කිසිදු සැකයක් නැති බවයි ගෝලීය ශ්‍රී ලාංකීක සංසදය අවධාරණය කරන්නේ.

[doc id=30212]

අදාළ වේගවත් වික්‍රමසිංහ ගමනේ ඇති ලක්ෂණ අනුව ඉන්දු -පැසිෆික් ගිවිසුමේ  සියලුම කරුණුද සම්පූර්ණ කරමින් සිටින බව දක්නට තිබේ. චීන -ඇමරිකානු ගැටුමේ බිල්ල බවට ලංකාව පත්කර ගැනිමට ගිවිසුමට අනුව ඉන්දීයාව යොදාගෙන තිබේන බව නොරහසකි.ඒ නිසාම ඇමරිකානු චංග්ලා රනිල්ලාගේ අතේ එල්ලී දළදා වැදිමට යැම ගැන මහත් පුදුමයෙන් බලාගෙන සිටිය යුතු නැත.ඉන්දු -පැසිෆික් ගිවිසුම සම්බන්ධයෙන් අප ඔනෑතරම් අනාවරණයන් කර තිබේ.

චීන අභියෝගයට නැගී සිටීම… ඉන්දු-පැසිෆික් කලාපයේ ඇමරිකානු සටන ගැන CNAS වාර්තාවක්! චීනයට එරෙහිව සඳහා මිලිටරි අර්බුදයක් සදහා නවදිල්ලිය?

ඒ අනුව 1987 ජුලි 29 දින ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් අත්සන් කළ ඉන්දු – ලංකා සාම ගිවිසුම මගින් අපේක්ෂා කළ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ කූඨ ප්‍රාප්තිය ලෙස වසර 36කට පසුව 2023 ජුලි 21 ඇත්කරගත් එකඟතාවය සැළකිය හැක. ඒ ආකාරයට ඉහත සඳහන් කළ ආකාරයට ගිවිසුම් මගින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ අර්ධ යටත් විජිතයක් බවට පත්කිරීම සඳහා න්‍යාය ඉදිරිපත් කළ සර්ධාර් පනික්කාර්ගේ සිහිනය සැබෑ කිරීම හෙවත් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පාවාදීම සඳහා රනිල් වික්‍රමසිංහ විසින් ඉටුකරන භූමිකාව ඉතා හොඳින් තේරුම්ගත හැක.

ඇමරිකානු නියෝජිතයන්ගේ ශ්‍රි ලංකා ගමන ගැන වෙල්ස් කට අරී… ශ්‍රී ලංකාව ඉන්දු-පැසිෆික් කලාපයේ ඉතා වැදගත් දේපළ ශ්‍රී ලංකාව සතුයි.. ඒකීය ශ්‍රි ලංකාව සමඟ “මිලිටරි-මිලිටරි” ගිවිසුමක්! Alice G Wells ඉන්දියාවේ මාධ්‍ය හමුවේ කී කතාව…

 

 

 

Top