Featured

කෙලගෙන ගිය අගමැති ආරක්ෂකයෝ කුඩුපට්ටම් -වාර්තාකරන්න ගිය මාධ්‍යට තහංචි

අද (30)උදෑසන අටට (08)පමණ අම්බලන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ අගමැති ආරක්ෂක සේවයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ගමන් ගත් ජීප් රථයක් පෙරලි දැඩි අලාබ හානි හා කීප දෙනෙකු තුවාල ලබා තිබිණි .එම සිද්දිය වාර්තා කිරීම සදහා එම ස්ථානයට උදේ 08.30 පමණ ගිය මාහට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් බාදා කරමින් කියා සිටියේ එම සිද්දිය වාර්තා නොකරන ලෙසයි .

මෙම වීඩියෝව තුල තිබෙන දර්ශන මම ලබා ගත්තේ එම නිලධාරීන්ගේ පුද්ගලලිකත්වය ද ආරක්ෂා වන අයුරින් .මට මේ තුලින් වැරදි මතයක් ගොඩනගන්න ඕන නෑ .මොකද මම ලේ පැල්ලම් හොයා හොයා වාර්ථා කිරීමට යන මාධ්‍ය වේදියෙක් නොවේ .නමුත් මහා පාරක් කියන්නේ පොදු තැනක් එතැනදී මාධ්‍ය වේදියෙක් විදියට යම් සිදුවීමක් වාර්ථා කරනවානම් එතන ඉන්න අයගෙන් අවසර ගන්න ඕනද ? එහෙමනම් මේ රටේ කිසිදු රිය අනතුරක් තියා කිසිදු සිදුවීමක් වාර්ථා කිරීමට නොහැකි වේවි .

පස්සේ ඔය කතා කරන නිලධාරීන්ගේ ඉහල නිලධාරියත් ඇවිල්ලා මට ලබා දුන්නේ ඔය පිලිතුරම තමයි .මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා අතුරු මාර්ගයක අනතුර සිදුවෙලා තිබුනේ එවැනි පාරක කොතරම් වේගයකින් ජීප් රථය පදවා තිබිණිද යන්න ජීප් රථය දැක්කොත් ඔබට පුදුම හිතේවි .

රිය අනතුරක්වත් වාර්තා කිරීමට බැරි මෙ රටේ පුම්බා තිබෙන පුහු මාධ්‍ය නිදහස මේක බව මේ රටේ ජනතාව දැනගත යුතුයි .පුර්ණ මාධ්‍ය මාධ්‍ය නිදහසක් වෙනුවෙන් අරගල කලයුතු බව දකුණු පළාත් වෘත්තීය මාධ්‍ය වේදීන්ගේ සංගමයේ සභාපතිරාහුල් සමන්ත හෙට්ටිආරච්චි ද සදහන් කර තිබේ.

Top