Featured

චන්ද්‍රිකා ප්‍රසිද්ධියේම මෛත්‍රී විවේචන කරයි

මංගල සමරවීරට යහපාලන ආණ්ඩුවේ තැන නැතිවිමත් තමන්ගේ ආතල් කොලුවා වන අර්ජුන රණතුංගට පලා නොකියා පලා බෙදිමේ ක්‍රියාදාමය හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන සමග උරණව සිටින යහපාලන වට්ටි අම්මා හේවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුගිදා මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්ධියේ විවේචනය කර තිබේ.

අභාවප්‍රාප්ත අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධනට අවසන් බුහුමන් දැක්විමට කන්තලේ පිහිටි ඒ මහතාගේ නිවසට ගිය පැමිණි චන්ද්‍රිකා එම අවස්ථාවට පැමිණි සිටි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකත්වයක් දරණ මන්ත්‍රීවරයෙකු සමග යහපලනය ගැන විවේචනාත්මකව කතා කරමින් සිටි අතර එම සාකච්ඡාවට තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද සම්බන්ධ වි තිබේ.

මුලදි මුලදි යහපාලනය විවෙචනය නොකර සිටි චන්ද්‍රිකා පසුව එකවරම එම සාකච්ඡා සදහා මැදිහත් වෙමින් මෛත්‍රීපාල සිරිසේන විවෙචනය කරමින් කතාකර තිබේ.ඒ සමගම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවට සහභාගි විමට පැමිණි අතර ඒ සමගම සාකච්ඡා නතර කර දැමු චන්ද්‍රිකා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

Top