Featured

පොලිස් බල්ලන් බැද තබනු

බල්ලාගේ ස්වරූපය නම් බුරා ගෙන විත් හපා කෑමයි. පිස්සු බල්ලකු හපා කෑවොත් තත්වය දරුණුය. ස්වාමියාගෙන් කෑම බීම යහමින් ලැබුනත් දහපාදුරාවේ ගොස් ජරාව කෑම බල්ලාගේ සිරිතය. ජරාවට ඇත්තේ පුදුම ඉවකි. වැට කඩොලු අතරින් රිංගා ජරාව සොයා යාම ඌට ගේමක් නැත. හොරා කෑමද උගේ සිරිතකි. බැල්ලියක් දු‍ටු විට උන්හිටි තැන් අමතක වෙයි. කකුලක් උස්සා ඕනෑම තැනකට හුජ්ජ කරන්නේ ඒ වැයික්‍යය උගේ බවත් ඌ එහි චන්ඩියා බවත් පෙන්වීමටය. ජරාව කා හත් පොලේ රීම බල්ලාගේ ගතියයි. ලංකාවේ පොලීසිය සුනඛ නාමය ලබා ගැනීමට අවශ්‍ය මේ සියලු සුදුසුකම් සපුරා ඇත.

රත්නපුර නගරයේ බට්ටි නම් ගනිකාවට නොමිලේ කොටන්ට අවසර නොලැබීම නිසා පොලිස් කාරයෙකු ඇයට පහරදුන්නේ දෙනෝදාහක් මැදය. මහ දවල් නගරය මැද අසරණ ගෑනියෙකුට බිම දමාගෙන පහර දුන්නේ නිල ඇදුම්ලා ගත් පොලිස් කාරයෙකි. දින කිහිපයක් වැඩ තහනම් කල පොලිස්කාරයා යලි සේවයේ පිහි‍ටුවීය. පොලිස් කාරයන්ට ගනිකා මඩම් වැටලීමට ඇති උනන්දුව යුද්ධ කිරීමට තිබුනේ නම් ප්‍රභකරන් කුදලාගෙන විත් බොහෝ කල්ය. ගනිකාවන් අල්ලා පොලීසියට ‍රැගෙන එන්නේ සදාචාරය සු‍රැකීමට නොවන බව කුඩා ලමයෙකු වුවද දනී. ‍රැගෙන ආ ගනිකාවන් පසු දින හෝටලයට උස්සා අනිනවා පමනක් නොව එතැන් පටන් ඩීල් කිරීම සිදුවන්නේද පොලිස්කාරයා අතින්මය.

තම ප්‍රදේශයේ අරක්කු, කසිප්පු , ගංජා පොලිස්කාරයන්ට ඉල්ලමකි. තමන්ගේ වැයික්කියේ කසිප්පු සහ ගංජා පොට් වලින් මාස් පතා කුට්ටියක් පොලීසියට ගෙවිය යුතුය. නැතහොත් ඌ කූඩුවේය. තම වැයික්කියේ තමන්ට නිසි පරිදි කප්පම් ගෙවන ජාවාරම්කාරයන් ආරක්ෂා කිරීමට පොලීසිය දිවා රෑ වෙහෙසෙයි. පොලිස්කාරයට ඇති එකම තර්ජනය නම් වෙනත් බල ප්‍රදේශයක පොලිස්කාරයන් තම ප්‍රදේශයට කඩා පැන බිස්නස් එක අවුල් කිරීමය. වෙනත් වැයික්කියක පොලිස්කාරයන්ගෙන් තම වැයික්කියේ ගොන් පොට්, බඩු පොට් ආරක්ෂා කරගැනීම පොලිස්කාරයාට ඇති ලොකුම අභියෝගයයි.

සමාන්‍ය මිනිසෙකුට සිදුවන අකරතැබ්බයක්දී පොලිසියෙන් කිසිදු පිලිසරනක් නැත. මෑතකදී හිරුනිකා නඩුවක් විසදුවේ පොලිසි ගොස් වැඩක් නැති නිසාය. ඒ අතින් හිරුනිකාගේ ඩිෆෙන්ඩර් ගේම අගේකල යුතුය.. නිවසක් සොරු කැඩීම පිලිබද පැමිණිලි කිරීමට ගෙහිමියා පොලිසි ගිය හොත් වදින්ඩ ගිය දේවාලය ඉහේ කඩා වැටෙයි. විමර්ශනයට එන්ඩනම් ජීප් එකේ ටයර් මාරු කරන්ඩ වෙනවා කියල සල්ලි ඉල්ලයි ,නැත්නම් පෙට්‍රල් ගහගන්ඩ සල්ලි ඉල්ලයි, එහෙමත් නැත්නම් ගේ කැඩුවෙ කවුද කියල අපෙන් අහයි. පොලිස්කාරයන් ගෙවල් හදන විට වැලි කැටේ සිට උලු කැටය දක්වා ගසා කෑම උගේ සිරිතය. කන බොන දේවලුත් ගෙදරට ගේන්නේ ලාවට ගසා කාල. ටැ‍ෆික් පොලීසිය කියන්නේ බල්ලන්ටත් නිගා දෙන ජාතියකි.

මෑතකදී එච් එන් ඩී ඒ සිසුන් පිරිසකට පොලීසිය පහර දුන්නෙ සත්තුන්ට වගෙ. ඒ පහරදීමේ උනුසුම යන්ඩත් කලින් ඇඹිලිපිටියේ කොටහලු ගෙදරකට ගිහිල්ල අහිංසක මිනිහෙක් මරලා දැම්ම. පොලීසියට බොන්ඩ අරක්කු නොදීම තමා සිද්ධියට මුල. මියගිය මනුස්සයට පොඩි ලමයෙක් ඉන්නවා, බිරිද බඩ දරු අම්ම කෙනෙක්. එච්චර හරියක් කරල පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන කැණහිල් බල්ලා කියනව, එතන අයිතු ජනරාශියක් තිබුනලු. මාධ්‍ය සාකච්ඡාවෙදී ඒ ගැන උගෙන් නැවත නැවත ප්‍රශ්න කරනකොට ඌ අපිට කියනව දන්ඩ නීති සංග්‍රහය කියවල එන්ඩ කියල. මෙහෙව් කාලකන්නි හැදුවට වඩා හොදා සරමෙ ඇරියා නම්.

ගෝඨාභයගෙ කාලේ නම් පොලිස් බල්ලො හිටියේ බැදල දාලා. බල්ල හිටියේ බල්ලගෙ තැන. දැං කොහෙද, දංවැල් කඩාගෙන ඉබාගාතේ යනවා. ජරාව කාල හත් පොලේ රෙනව .CID එකෙ ඉන්න බල්ලටයි FCIDඑකේ ඉන්න බල්ලටයි පිස්සු හැදිල. PSD එකෙ ඉන්න බල්ලගෙ ‍රැලේ යන කාලේ ඇවිල්ල. ඌ ‍රැලේ යන්නේ නිකන් නෙවේ සිරිසේනයත් එක්ක. වික්‍රමසිංහයා ඊලගට පොලිස්පති වෙන්ඩ ඉන්න එකා නේද. නාකි සිරිසේනයත් උස්සන් ‍ අවලමේ යන්නේ. අනේ කාලේ වනේ වාසේ , බල්ලට ගිය රට.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක.

Top