Featured

ෆෙඩරල් පාලනය ගැන කතා දෙකක් නෑ -ඉන්දියාව

උතුර නැගෙනහිර ෆෙඩරල් පාලනයක්‌ ස්‌ථාපිත කිරීම පිළිබඳව උතුරේ හෝ දකුණේ දේශපාලන පක්ෂ කිසිදු දෙගිඩියාවක් තබාගත යුතු නැති බවත් එය ඉතා ඉකමනින්ම ස්ථාපනය කිරිමට ශ්‍රී ලංකා රජය පුර්ණ එකගතාව පලකර ඇති බවද ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනාවරණය කර ඇති බව ඉන්දිය අප වාර්තාකාරිනී අසෝ ඛාන් පවසයි.

උතුර නැගෙනහිර ෆෙඩරල් පාලනයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා මැදිහත්වන ලෙස උතුර මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා ඉන්දීය රජයෙන් ඉල්ලා කල ඉල්ලිම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසිමකට අනුව ඉන්දිය මධ්‍යම රජයේ ප්‍රකාශකයෙකු මෙම අනාවරණය කර තිබේ.

1987 දී ඉන්දු ලංකා ගිවිසුම මගින් ඉන්දියාව ශ්‍රී ලකාවේ කටයුතුවලට මැදිහත්වී උතුරට හා නැගෙනහිරට පළාත් සභා දෙකම ලබාදුන් බව පැවසූ විග්නේෂ්වරන් මහතා ෆෙඩරල් පාලන ක්‍රමය ලබාගැනීම සඳහා මෙවරද ඉන්දියාව තම ඉල්ලීම ඉටුකිරීමට මැදිහත්විය යුතු බව පෙඩරල් පාලනය සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා ඉන්දියාවට ගිය උතුරේ විද්වතුන් පිරිසක්‌ ආපසු යාපනයට පැමිණි අවස්‌ථාවේ විග්නේෂ්වරන් පවසා තිබුනා.

Top