Breaking
23 Feb 2025, Sun

ඔහු සැබෑ නායකයකු බව දැනෙන්නේ පෙන්දන් ජනාධිපති වූ විටය

මහින්ද රාජපක්‍ෂට නමයෝජනා දීමට පෙරත් ඉන් පසුවත් මෙරට NGO ඝට්ටබියන්ද අනෙකුත් දේශපාලන පක්ෂවල අයද දිවමතුරක් සේ කියන දෙය නම් මහින්ද දැන් මැදමුලනට වී විශ්‍රාම සුවයෙන් කල්ගත කලයුතු බවයි.ඒ සඳහා ඔවුන් ගෙනෙන තර්කයක් වන්නේ මහින්ද දැරිය යුතු සියලු තනතුරු දරා තිබීම සහ ජනතාව ඡන්දයකින් පරාජය කොට ගෙදර යවාතිබීමයි. එක්වරක් පැරදුන පමණින් මොවුන් මහින්දට දේශපාලනය අකැප භාවිතයක් කියන්නේ කුමන පදනමක් ඇතුවද? ප්‍රජාතරන්ත්‍රවාදය,දේශපාලනය කිරීමේ අයිතිය, මත දැරීමේ අයිතිය, මානව හිමිකම්. අයිතිවාසිකම් වෙනුවෙන් හඬතලන ඊනියා සංවිධාන පවා මේ කාරණය මන්ත්‍රයක් සේ ජප කළහ. මහින්ද විශ්‍රාම සුවයක් ලබාදීමට මේ අයට ඇති හදිසි උවමනවා කුමක්ද? අපේ අදහස මහින්ද නැවත දේශපාලනයට පැමිණිය යුත්තේද ඒ නිසා මයි.

මහින්ද විශ්‍රාම ගැන්වීම තීරණය කළ යුත්තේ මේ ඊනියා විකල්ප ගෝත්‍රයේ පඬියන් නොවේ. එය තීරණය කළ යුත්තේ මහින්දගේ කැමැත්ත සහ මේ රටේ පොදු ජනතාවයි. වරෙක පරාජය යනු ජයග්‍රහණයක් වෙනුවෙන් සුදානම් වීමට ලැබෙන කාලයකි. එක්වරක් පැරදීම දේශපාලනයෙන් විශ්‍රාම ගතයුතු කරුණක් නම් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඒ සඳහා හොදම උදාහරණ දෙන්නේ ජවිපෙ සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතායි. 29 වාරයක් පරද්දා විසි නමවාරයක්ම විශ්‍රාම යායුතු යයි ජනතාව අණ කළ රනිල් තවමත් අනුන්ගේ පිහිටෙන් හෝ බලය උරගා බැලීමට කුරුමානම් අල්ලයි. එක වරක් පැරදුන මහින්ද දේශපාලනයෙන් කොහෙත්ම විශ්‍රාම ගත යුතු නැත. මහජනතාවද ඊට කිසිසේත් ඉඩදිය යුතු නොවන්නේ අතීතයට වඩා මහින්ද රාජපක්ෂගේ භූමිකාව හෙට රටට අත්‍යවශ්‍ය බව වර්තමාන සිරිසේන හා රනිල් ඔප්පුකොට ඇති නිසාය.

රට අරාජිකත්වයේ පතුළටම කෙළවා හෝ බලය වෙනුවෙන් සක්කිලි දේශපාලනයක යෙදෙන රතන හිමි, චම්පික, අනුර, වැනි තක්කඩින්ටද විවරවිය යුත්තේ ඉතිහාසයේ කුණු බක්කිය නොව නිසැක වශයෙන්ම අපායේ දොරටුවය. දැන් ඔවුන් දේශප්‍රේමී සළු ලිහා සිංහල බෞද්ධයින්ටම හෙළුව වනමින් එජාප වේදිකාවේය. මව්බිම නැත්තම් මරණය කියූ පක්ෂයක අනුර කුමාර එජාප යොවුන් පෙරමුණේ (තිරය පිටුපස ) නායකයාය. NGO ඝට්ටබින්ගේද සුරතලාය.

ඉතිහාසය විසින් නිර්මාණය කළ වීරයා, පසුව,පෙරළා; වීරයා විසින් ඉතිහාසයක් නිර්මාණය කළේය.අනාගතයේදී, ඒ ඉතිහාසය අකා-මකා දැමීම සිදුවන පෙරනිමිති දැනටමත් ඔවුන්ගෙන් දිස්වෙමින් තිබේ.එබැවින් මහින්ද නැවතත් ඒ අරාජික හෙටට උවමනාය.

>1906 උපතලද ජේ.ආර් (JR) 1938 ලංකා ජාතික සංගමයෙන් දේශපාලනයට පිවිසෙන්නේ වයස අවු 32දීය.

>1940 කොළඹ මහනගර සභා මන්ත්‍රී ධූරයකට පත් වනවිට ඔහුගේ වයස අවු 34 කි.

>1906 උපත ලැබූ JR ව්‍යවස්ථාදායකයේ ඡන්දයෙන් ජනාධිපති වුයේ 1978 දී වයස 72 දීය.

>JR මහජනඡන්දයෙන් ජනාධිපති වුයේ 1982 දී වයස අවරුදු 76 දීය.

>JR විශ්‍රාම ගියේ 1989 වයස අවු 83 දීය!

>මහින්දට තවම වයස 69 කි. JR ජනපති වූ වයසට වසර 03කුත් බාලය. අනික රට බේරාගත් නායකයාය.

>සිරිමාවෝ වයස 84 දීත් රෝද පුටුවෙන් මරණ මංචකයට යනතුරු ලංකාවේ අගමැති තනතුර දැරුවාය!

>අවු 24 දී දේශපාලනයට පැමිණි, රටබේරාගත් නායකයා අවු 69 න් දේශපාලනයෙන් විශ්‍රාම යැවිය යුතු නැත.

ඔහු සැබෑ නායකයකු බව දැනෙන්නේ පෙන්දන් ජනාධිපති වූ විටය.

රත්තනදෙණියේ මේධානන්ද හිමි
යුතුකම සංවාද කවය
www.yuthukama.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.