ත්‍රිවිධ හමුදාවටම වැරදි පූර්වාදර්ශයක්.

නිරෝගිමත් හමුදාවක් ඕනෑම අවස්ථාවකට මුහුණදීමට සූදානම් කර තැබීම සඳහා පොදු මහජනතාවගේ බදු මුදල් වැයකර රජය විසින් සෙබළ සෙබළියන් හට හිමි ගන්වා තිබූ ආහාර ද්‍රව්‍ය රැසක් ඔහුනට නොදී සාදයක් සඳහා එක්රැස්කර තබා ගනු ලැබූ 1 ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් ප්‍රසන්න වන්නිආරච්චි දින 14 කාලයක් යුද හමුදා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අත්අඩංගුවේ පසුවී පසුගිය පළවෙනි දින නිදහස ලැබුවේ විමර්ශනය අවසානයේ ඔහු වැරදිකරුවූ පසුබිමෙක හමුදා නීතියට අනුකූලව චෝදනා පත්‍ර ගොනු කිරීමෙන් අනතුරුවය.

සෙබලුන් හට හිමි ගන්වනු ලබන ආහාරවලින් කුකුල් මස් කිලෝ එකක් සොරකම් කළ නිලධාරීන් තනතුරුවලින් පහ කර ගෙදර යවපු අතීතයකට හිමිකම් කියන යුද හමුදාවට වැරදි පූර්වාදර්ශයක් දෙමින් කුකුල් මස් කිලෝ 35 ක් මාළු කිලෝ 25ක් බාස්මතී සහල් මිටි දෙකක් සම්බා සහල් මිටියක් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් සොරකම් කළ මෙන්න ඊට සෘජුව අනුබල දුන් මෙම දූෂිත අණදෙන නිලධාරිවරයා යුධ හමුදාපතිගේ අත්තනෝමතික නියෝගයෙන් ඉකුත් 16 වන දින නැවතත් අණදෙන නිලධාරි තනතුරට පත් කිරීම සෙබළ සෙබළියන්ගේ දැඩි කනස්සල්ලට පාත්‍රවී තිබේ.

යුද හමුදාපති පෞද්ගලික කාර්ය මන්ඩලයේ මීට පෙර සේවය කළ මෙම නිලධාරීවරයා යුද හමුදාපති සමග ඇති කිට්ටු සම්බන්ධතාවය මත චෝදනා ලබා සිටියදීත් නැවතත් අණදෙන නිළධාරී ලෙස පත් කර ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

මෙවන් දූෂිත නිලධාරීවරුන් හට කිසිම හිරිකිතයකින් තොරව තව තවත් දූෂණවල යෙදීමට ඉඩහසර සලස්වා තනතුරු තානාන්තර ලබාදෙන වත්මන් යුධ හමුදාපතිගේ අංක තහඩුව පිළිබඳව අපට ඇත්තේ පැහැදිලි සැකයකි. විමර්ශනාත්මක මාධ්‍ය කරණයේයෙදී හමුදාපති පිළිබඳවද සොයා බලා පාඨකයන් දැනුවත් කිරීමට කාලය එළඹී ඇත.

මහින්ද රාජපක්‍ෂට නමයෝජනා දීමට පෙරත් ඉන් පසුවත් මෙරට NGO ඝට්ටබියන්ද අනෙකුත් දේශපාලන පක්ෂවල අයද දිවමතුරක් සේ කියන දෙය නම් මහින්ද දැන් මැදමුලනට වී විශ්‍රාම සුවයෙන් කල්ගත කලයුතු බවයි.ඒ සඳහා ඔවුන් ගෙනෙන තර්කයක් වන්නේ මහින්ද දැරිය යුතු සියලු තනතුරු දරා තිබීම සහ ජනතාව ඡන්දයකින් පරාජය කොට ගෙදර යවාතිබීමයි. එක්වරක් පැරදුන පමණින් මොවුන් මහින්දට දේශපාලනය අකැප භාවිතයක් කියන්නේ කුමන පදනමක් ඇතුවද? ප්‍රජාතරන්ත්‍රවාදය,දේශපාලනය කිරීමේ අයිතිය, මත දැරීමේ අයිතිය, මානව හිමිකම්. අයිතිවාසිකම් වෙනුවෙන් හඬතලන ඊනියා සංවිධාන පවා මේ කාරණය මන්ත්‍රයක් සේ ජප කළහ. මහින්ද විශ්‍රාම සුවයක් ලබාදීමට මේ අයට ඇති හදිසි උවමනවා කුමක්ද? අපේ අදහස මහින්ද නැවත දේශපාලනයට පැමිණිය යුත්තේද ඒ නිසා මයි.

මහින්ද විශ්‍රාම ගැන්වීම තීරණය කළ යුත්තේ මේ ඊනියා විකල්ප ගෝත්‍රයේ පඬියන් නොවේ. එය තීරණය කළ යුත්තේ මහින්දගේ කැමැත්ත සහ මේ රටේ පොදු ජනතාවයි. වරෙක පරාජය යනු ජයග්‍රහණයක් වෙනුවෙන් සුදානම් වීමට ලැබෙන කාලයකි. එක්වරක් පැරදීම දේශපාලනයෙන් විශ්‍රාම ගතයුතු කරුණක් නම් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඒ සඳහා හොදම උදාහරණ දෙන්නේ ජවිපෙ සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතායි. 29 වාරයක් පරද්දා විසි නමවාරයක්ම විශ්‍රාම යායුතු යයි ජනතාව අණ කළ රනිල් තවමත් අනුන්ගේ පිහිටෙන් හෝ බලය උරගා බැලීමට කුරුමානම් අල්ලයි. එක වරක් පැරදුන මහින්ද දේශපාලනයෙන් කොහෙත්ම විශ්‍රාම ගත යුතු නැත. මහජනතාවද ඊට කිසිසේත් ඉඩදිය යුතු නොවන්නේ අතීතයට වඩා මහින්ද රාජපක්ෂගේ භූමිකාව හෙට රටට අත්‍යවශ්‍ය බව වර්තමාන සිරිසේන හා රනිල් ඔප්පුකොට ඇති නිසාය.

රට අරාජිකත්වයේ පතුළටම කෙළවා හෝ බලය වෙනුවෙන් සක්කිලි දේශපාලනයක යෙදෙන රතන හිමි, චම්පික, අනුර, වැනි තක්කඩින්ටද විවරවිය යුත්තේ ඉතිහාසයේ කුණු බක්කිය නොව නිසැක වශයෙන්ම අපායේ දොරටුවය. දැන් ඔවුන් දේශප්‍රේමී සළු ලිහා සිංහල බෞද්ධයින්ටම හෙළුව වනමින් එජාප වේදිකාවේය. මව්බිම නැත්තම් මරණය කියූ පක්ෂයක අනුර කුමාර එජාප යොවුන් පෙරමුණේ (තිරය පිටුපස ) නායකයාය. NGO ඝට්ටබින්ගේද සුරතලාය.

ඉතිහාසය විසින් නිර්මාණය කළ වීරයා, පසුව,පෙරළා; වීරයා විසින් ඉතිහාසයක් නිර්මාණය කළේය.අනාගතයේදී, ඒ ඉතිහාසය අකා-මකා දැමීම සිදුවන පෙරනිමිති දැනටමත් ඔවුන්ගෙන් දිස්වෙමින් තිබේ.එබැවින් මහින්ද නැවතත් ඒ අරාජික හෙටට උවමනාය.

>1906 උපතලද ජේ.ආර් (JR) 1938 ලංකා ජාතික සංගමයෙන් දේශපාලනයට පිවිසෙන්නේ වයස අවු 32දීය.

>1940 කොළඹ මහනගර සභා මන්ත්‍රී ධූරයකට පත් වනවිට ඔහුගේ වයස අවු 34 කි.

>1906 උපත ලැබූ JR ව්‍යවස්ථාදායකයේ ඡන්දයෙන් ජනාධිපති වුයේ 1978 දී වයස 72 දීය.

>JR මහජනඡන්දයෙන් ජනාධිපති වුයේ 1982 දී වයස අවරුදු 76 දීය.

>JR විශ්‍රාම ගියේ 1989 වයස අවු 83 දීය!

>මහින්දට තවම වයස 69 කි. JR ජනපති වූ වයසට වසර 03කුත් බාලය. අනික රට බේරාගත් නායකයාය.

>සිරිමාවෝ වයස 84 දීත් රෝද පුටුවෙන් මරණ මංචකයට යනතුරු ලංකාවේ අගමැති තනතුර දැරුවාය!

>අවු 24 දී දේශපාලනයට පැමිණි, රටබේරාගත් නායකයා අවු 69 න් දේශපාලනයෙන් විශ්‍රාම යැවිය යුතු නැත.

ඔහු සැබෑ නායකයකු බව දැනෙන්නේ පෙන්දන් ජනාධිපති වූ විටය.

රත්තනදෙණියේ මේධානන්ද හිමි
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ලංකාවේ දින 168ක පාවාදීමේ ගමන් මග යලිත් නිවැරදි මගකට ගැනිම සදහා දිවිහිමියෙන් සටන් වදින බව ශපථ කරන ඓතිහාසික අනුරපුර සටන සදහා සියල්ල සුදානම් වෙමින් තිබේන බව මේ මොහොතේ අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගනයේ සිටින අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානී හිටපු ජනාධිපති මහින්ද රාජපෂක්‍ මහතා හෙට දිනයේ අනුරාධපුරයේ දී පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන මංගල මැතිවරණ රැලියේ වේදිකාවේ සිට රටම ඇමතිමට සුදානමින් සිටින අතර මෛත්‍රීපාල සිරිසේනගේ හිවල් ප්‍රකාශයන්ටද මහින්ද හෙට පිළිතුරු ලබාදෙනු ඇත.

මේ වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් 100කට අධික ප්‍රමාණයක්ල් අනුරාධපුරයට පැමිණ සියලු දෙනාම එකාමෙන් සංවිධාන කටයුතු වල නියැලි සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.හෙට සවස රැළිය සදහා සන්ධාන මන්ත්‍රිවරුන් 120ක් පමණ සහභාගි විමට නියමිතයි.

WS WS01 WS02

Top