මහින්ද රාජපක්ෂ මහතාට දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කිරිමේ අරමුණින් විකෘති කරන ලද ඡායාරූපයන් සහිත පිටු 8කින් යුත් මඩ පොතක් ඉන්දියාවේදි මුද්‍රණය කර අද හෝ හෙට දින ඇතුලත් ලංකාවට ගෙන එමට සුදානමක් ඇති බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකාරිනි ආසෝ ඛාන් අනාවරණය කර සිටි.

චෙන්නායි  SRI VAARRI OFFSET PRINTERS හි මෙම පොත් මුද්‍රණය කර ඇති ලක්ෂ 25ක පමණ ප්‍රමාණයක් මුද්‍රණය කර ඇති බවද අප වාර්තාකරු සදහන් කළා.අදාළ මඩ පොත් අද හෝ හෙට චෙන්නායි සිට ලංකාවට එවිමට මේ වනවිට සුදානම් කර ඇති අතර මෙම පොතේ පිටු කිහිපයක් දමිළ භාෂාවෙන්ද මුද්‍රණය කර තිබු බව මුද්‍රාණාල සේවකයෙකු හරහා අප වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

පොන්න මංගලගේ හතරගාතෙන් ඇද වැටුනු එජාප සන්නිවේදන මඩ බලකාය ලංකාවේ මහින්දට එරෙහිව මඩ පත්‍රිකා මුද්‍රණය කිරිමට ගත් සියලු අවස්ථා පරාජය විම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බව ඉතා පැහැදිලිය.

2015 අගෝස්තු 17 පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණයි.මෙම මැතිවරණය සහ මැතිවරණයේ ප්‍රතිඵලය පිලිබදව මේ වනවිට ජ්‍යෙතිෂ සාස්ත්‍රනුකූලව අනාවැකි කිහිපයක්ම ප්‍රකාශයට පත්වී තිබෙනවා.මෙම අනාවැකි මගින් මා දන්නා තරමට බහුතර අනාවැකි ප්‍රමාණයකින් කියවෙන්නේ වර්තමාන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මෙම මැතිවරණයෙන් ජයගන්නා බවට.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වන බවටත් ඔහුගේ දේශපාලන ගමනේ අවසානය මෙය බවටත් තවදුරටත් එම අනාවැකි මගින් කියවෙනව.කවුරු කොහොම කෙසේ කියූවත් මා මේ මොහොතේ ප්‍රකාශ කරනව මහින්ද රාජපක්ෂ මහතාට අගෝස්තු 17 මැතිවරණයේ වැඩි වාසි අත්වන බව..මම එය ඉදිරියේදී උදාහරණ සහිතව පැහැදිලිකර දීමට බලාපොරොත්තු වනවා.මේ කියන්නට යන කරුණු කිහිපය පිලිබදව මා මධ්‍යස්ත පැහැදිලි කිරීමක් කිරීමට බලාපොරොත්තු වනවා.මා කිසිවෙකුගේ කීමකට , මුදලකට නොවේ මෙම පැහැදිලි කිරීම සිදුකරන්නේ.

මෙවර මැතිවරණයේ ප්‍රධාන අග්‍රමාත්‍ය අපේක්ෂකයන් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා.එතුමන්ලාගේ කේන්ද්‍ර සටහන් පිලිබදව විග්‍රහයක් ඉදිරිපත්කිරීමට ප්‍රතම මා ඔබගේ අවධානය ලංකා කේන්ද්‍රය වෙත ගෙනයනවා.ලංකා කේන්ද්‍රය ආකාර දෙකකින් ලබාගත හැකියි.ඒ 1948 පෙබරවාරි 04 වනදා ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන මොහොතේ උදාවී පැවති කුම්භ ලග්න කේන්ද්‍රය සහ එදින කුම්භ ලග්නයට පැවති ග්‍රහ පිහිටීම අනුව එක් කේන්ද්‍ර සටහනකුත් අනෙක් කේන්ද්‍ර සටහන 1972 මැයි 22 වනදා දහවල් 12.43 ට ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූ මොහොතේ උදාවී පැවති සිංහ ලග්නය සහ ඒ මොහොතේ සිංහ ලග්නයට උදාවී තිබූ ග්‍රහ තත්වය අනුව සැකසෙන කේන්ද්‍ර සටහන.මෙම කේන්ද්‍ර සටහන් දෙකම පරීක්ෂා කිරීම අනුව දැනට ශ්‍රී ලංකාවට පවතින ග්‍රහ බලපෑම මේ ආකාරයෙන් මා විග්‍රහ කරනව.


​කුම්භ ලග්නයට ලග්නාධිපතිවූ සෙනසුරු ග්‍රහයා මේ මොහොතේ ලග්නයෙන් දසවැන්නේ ගමන් කරමින් සිටිනව.නිදහස් කේන්ද්‍ර සටහනේ ලග්නයෙන් දසවැන්නේ ගුරු සහ සදු ග්‍රහයන් තැම්පත්ව සිටිනව.ඒ අනුව 2014.11.22 වනදා සිට 2017.01.26 වනදා දක්වා ලංකා නිදහස් කේන්ද්‍රයට ජම්ම ඒරාශ්ටක අපලයක් ක්‍රියාත්මකයි.ජම්ම යනු උපත වශයෙන් හදුන්වනු ලබන නිසා රටක කේන්ද්‍ර සටහනකට ජම්ම යන වචනය යෙදීම සුදුසු දැයි ගැටලුවක් ඇතිවිය හැකියි.ඒ කෙසේ වෙතත් සදු සිටින ස්තානය හරහා සෙනසුරුගේ ගමන් කිරීම අපලයක් ලෙස සැලකුවහොත් මේ ගෙවෙන්නේ රටට කිසිසේත් යහපත් කාලයක් නොවේ.

කුම්භ ලග්නයට සෙනසුරු ලග්නාධිපතියා වනවිට ඒ ලග්නාධිපති ග්‍රහයා 2017 දක්වාම සතුරු තත්වයෙන් ලග්නයෙන් දසවැන්නේ වෘශ්චික රාශියේ ගමන් කිරීම යහපත් නෑ.ලංකා කේන්ද්‍රයේ ලග්නයෙන් දසවැන්න සාමාන්‍ය ජනයා නියෝජනය කරනව.එවිට මෙම අපල තත්වය ජනතාවට ක්‍රියාත්මක වනවා.ජනතාවගේ බුද්ධිය යටපත්වූ කාලයක්.ගුරු ග්‍රහයාද දසවැන්නේ සිටීම අනුව සහ මේ මොහොතේ එම ගුරු ග්‍රහයා සෙනසුරුගෙන් පීඩාවට පත්වීම මත ජනතාවගේ ආර්තික තත්වය සුබසාධනය ආදී වූ ලැබීම්ද සහනාධාර ආදියත් අහිමිවීම දුර්වලවීම 2017 දක්වාම පවතිනව.අනෙක් කරුණ වන්නේ දසවැන්නේ තැම්පත්ව සිටින සදු කුම්භ ලග්නයට හයවැන්න වන රොගස්තානය සතුරු ස්තානය දුෂ්ටස්තානය අධිපති ග්‍රහයා.මෙම සතුරු ග්‍රහයා කේන්ද්‍රයේ නීචව සිටීම සහ එම නීච සදු 2014.11.22 සිට 2017.01.26 දක්වා කාලයේ ඒරාශ්ටකයකින් පීඩාවීම මත රටට මෙන්ම ජනතාවට සිදුවන්නේ මහත් පීඩාවක් , අලාබයක් , පාඩුවක්.අනෙක් කරුණ නම් සෙනසුරු 2014.11.22 වෘශ්චිකයට පැමිනීම අයහපත්වීම.වෘශ්චික රාශිය කුජට අයත් රාශියක්.හදිසි අනතුරු , කෝපය , කලකෝලාහල ආදියට කුජ වගකියනව.සෙනසුරු කුම්භ ලග්නයට ලග්නාධිපතියා වුවත් පාපී ග්‍රහයන් අතර පලමු තැන සෙනසුරුට හිමිවනවා.එම සෙනසුරු තවත් බලවත් පාපී ග්‍රහයෙකු වන කුජගේ වෘශ්චිකයට පැමිනීම ඉතා අයහපත්.ඔබට මෙය පැහැදිලි නැතිනම් 2014.11.22 සිට මේ දක්වා ලංකාව තුල සිදුවූ විපත් කරදර පීඩා රිය අනතුරු , මිනීමැරුම් ආදිය පිලිබදව අවධානය යොමුකරන්න.එවිට ඔබට තේරුම් ගැනීමට හැකිවෙයි වෙනත් වසරකට වඩා ඉහත කාලය තුල සිදුව ඇති යහපත හෝ අයහපත.

හොදයි මා ඒ ඔබට පැහැදිලි කරනු ලැබූවේ ශ්‍රී ලංකාවට නිදහස හිමිවූ 1948 පෙබරවාරි 04 වනදා ඒ මොහොතේ උදාවී පැවති කුම්භ ලග්නයට සහ එම ලග්නයට එදින උදාවී පැවති ග්‍රහ පිහිටීම මත වර්තමානයේ 2017 දක්වා පවතින තත්වයයි.මා දැන් ඔබට පැහැදිලි කිරීමට යන්නේ 1972 මැයි 22 වනදා ශ්‍රී ලංකාව ජනරජයක් වූ මොහොතේ සිංහ ලග්නයට සහ එම ග්‍රහ පිහිටීමට අනුව වර්තමාණයේ පවතින තත්වය.

සිංහ ලග්නයෙන් සිව්වැන්නේ මේ මොහොතේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන අතර 2017.01.26 දක්වා එම ග්‍රහ ගමන සිදුවනව.ඒ අතරම රාහු ග්‍රහයා ලග්නයෙන් දෙවැන්නේ සදු සිටින ස්තානයේ ගමන්කරමින් සිටිනවා.එමගින් ලග්නයෙන් තුන්වැන්න පාප පීඩාවකට ලක්වනවා.ලගනයෙන් දෙවැන්නත් තුන්වැන්නත් සිව්වැන්නත් මේ මොහොතේ පීඩාවට පත්වීම මත ලංකාවට අසුබ තත්වයක් උදාවී පවතිනව.සිව්වැන්න සෙනසුරුගෙන් පීඩාවීම මත රටේ සංවර්ධනය ආර්තිකක වටිනාකම් බිදවැටීමක් සිදුකරමින් තිබෙනව.රාහු දෙවැන්නේ සදු සිටින ස්තානයේ සිටීම මත ජනතාවගේ සිත ව්‍යාකූල වනවා අතරම ජනතාවගේ ආර්තික ශක්තීන් දුබලවීමක් සිදුවනවා.එමෙන්ම තුන්වැන්න පීඩාවීම මත ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට විසාල හානියක් වන අතරම අසල්වැසියායේ අයහපත් බලපෑමක් ඇතිකරනව.එය විදෙස් රටවල් මගින් සිදුවනව.උඩින් මිතුරු යටින් සතුරු ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට වෙනත් රටවල් ක්‍රියාත්මක කරනව.ගිය ජනාධිපතිවරණය පිලිබදව සහ එයට විදෙස් බලපෑම් එල්ල වූ බවක් අපට අසන්නට දකින්නට ලැබුණ.මේ කීවේ සුලු පැහැදිලි කිරීමක් පමණයි.ඔබට මෙයත් පැහැදිලි නැතිනම්,මම ඔබට කියනව සිංහ ලග්නයේ පුද්ගලයන් දස දෙනෙකු හදුනාගෙන ඔවුන් මේ මොහොතේ ගෙවන ජීවන තත්වය පිලිබදව සොයා බලන්න.එම දසදෙනාගෙන් වැඩි පිරිසකට දේපල සම්බන්ද ගැටලු , ඉඩම් ගැටලු , තමාගේ වටිනා භාණ්ඩ කැඩීම් සොරු ගැනීම්, මව , මව් පාර්ශවය ආදියත් අසල් වැසියන් සමග පවත්වන සබදතා බිදවැටීම් ආදියත් පවතින බවට ඔබට හදුනාගත හැකියි, එමෙන්ම ගොඩනගමින් පැවති නිවාස දේපල අතරමග නැවතීම ආදී ගැටලුත් සිංහ ලග්න හිමියන්ට පවතින බව ඔබට හදුනාගැනීමට හැකිවනු ඇති.
හොදයි … දැන් මා ඔබගේ අවධානය මෙම මැතිවරණයේ ප්‍රධන අග්‍රමාත්‍ය අපේක්ෂක මහත්වරුන්ගේ කේන්ද්‍ර සටහන් වෙත ගෙනයනවා.පලමුව වර්තමාන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්ද්‍ර සටහනේ වත්මන් ග්‍රහ බලය පිලිබදව පැහැදිලි කිරීමක් සිදුකරනව.


​වික්‍රමසිංහ මහතාට 2014.11.22 දක්වාම ඒරාශ්ටක අපල තත්වයක් පැවතිය.2014.04.13 සිට 2017.02.17 දක්වා සෙනසුරු මහදසාවේ රාහුගේ අතුරු දසාව පවතිනව.2014 ජුලි 12 වනදා දක්වා රාහු ග්‍රහයා ලග්නයෙන් අටවැන්නේ ගමන් කරමින් සිටිය.රාහු අටවැන්නේ ගමන්කරන කාලයේ සෙනසුරු ග්‍රහයා සමග යෝගව සිටි නමුත් 2014 ජුලි 12 වනදා රාහු ලග්නයෙන් හත්වැන්නට පැමිණිය.එහි රාහු බලවත් උනා.2014.11.22 දක්වා ලග්න අශ්ටම ඒරාශ්ටකය , මහදසාව අධිපතියා වන සෙනසුරුගෙන් යෙදී තිබූ නමුත් රාහු හත්වැන්නේ බලවත්වීමට පටන්ගැනීම සමග වික්‍රමසිංහ මහතා නැගී සිටීමට පටන්ගත්ත.වික්‍රමසිංහ මහතාගේ උප්පත්ති කේන්ද්‍රයේ රාහුගෙන් ත්‍රිකෝණස්තානයක සෙනසුරු සිටීමත් සෙනසුරුට ත්‍රිකෝනස්තානගතව රාහු සිටීමත් අනුව ඒරාශ්ටක අපලයේ අපල දුර්වල කරමින් අතුරු දසාව බලවත් වන්නට පටන්ගත්ත.මේ කාලය තුල තමයි ජනාධිපතිවරණය පිලිබදව ඉගිපලවෙමින් පැවතියේ.ලග්නයෙන් අටවැන්න මගින් පුද්ගලයෙකුගේ රැකියාවේ තත්වය සමාජ පිලිගැනීම ජනතා ප්‍රසාධය ආදිය ගැන කියවෙනව.හත්වැන්නෙන් විවාහය සම්බන්ද කරුණු කාරණ ප්‍රධාන උවත් මේ කතාකරන්නෙ දේශපාලනය සම්බන්ද කරුණක් හේතුවෙන් ඉහත සදහන්කල දේ ඉතා වැදගත් වනව.මේ ආකාරයෙන් සෙනසුරු මහදසාවේ රාහුගේ අතුරු දසාව වික්‍රමසිංහ මහතාට සුබපල ලබාදෙන්නට පටන්ගත් විට දේශපාලණ බුද්ධිය උපක්‍රමිකත්වය ආදිය භාවිතා කරමින් වික්‍රමසිංහ මහතා ඉදිරි දේශපාලන වැඩපිලිවල සකසමින් සිටිය.ඔහු ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය වටා ආගමික සමාජීය දේශපාලණික බලවේග විදෙස් බලවේග සියල්ල එක්වුන්නා.ඒ සියල්ලෙන්ම එතුමා බලවත් උනා.ඔහු සිය බුද්ධිය නිසි ආකාරයෙන් භාවිතා කර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී වෙනත් අපේක්ෂකයෙකු හරහා තම අරමුණු පක්ෂයේ අරමුණු ඉටුකරගැනීමට ක්‍රියාකලා . එය සාර්තක උනා.ජනවාරි 09 වනදා එතුමා ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍ය වරයා ලෙස වැඩ බාරගනු ලැබුවා.මේ සියලු තත්වයන් ලබාදුන්නේ රාහු ග්‍රහයාගේ අතුරු දසාව සහ රාහු හත්වැන්නට පැමිණ බලවත්වීම.මම මේ කියන්නෙ රාහු සියල්ල කලා කියන එක නෙවෙයි.රාහුගේ බලය සමග රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක නොවුනා නම් ඔහුට මෙම තත්වය ලැබෙන්නේ නෑ.බුද්ධිමත්බව සහ උපක්‍රමිකත්වය මගින් එතුමාට තනතුරු ලැබුණ තමයි.නමුත් රාහුගේ ග්‍රහ බලයද එතුමාට එම තත්වය ඇතිකරගැනීමට දායකත්වයක් සැපයූව……
නමුත් දැන් තත්වය වෙනස් වෙමින් පවතිනව.රාහු අතුරු දසාවේ වසරක පමණ කාලයක් ගෙවී අවසන්.රාහු හත්වැන්නෙන් හයවැන්නට ලන්වෙමින් සිටිනව.මේ අනුව රාහු මුල් අවස්තාවේ ලබාදුන් සුබ තත්වය වික්‍රමසිංහ මහතාගෙන් ගිලිහෙමින් පවතිනව…එයට උදාහරණ ඉදිරිපත්කල හැකියි.රාහු කිසිවිටක විස්වාසය තැබිය නොහැකි ග්‍රහයෙක්.රාහු මිනිසුන්ට මහා විපත් ඇතිකරවනව.චරිතය හානි කරනව.වැරදි කලත් නැතත් වරදකරුවෙකු කරනව.සොරමැරකම් සදහා යොමුකරවනව…තමා පිලිබදව සමාජයේ පැවති හොද නම නැතිකරවනව.එය ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාකලාපයන් අනුව තමයි තීරනය වන්නේ.නමුත් රාහු කුමන භාවයක කුමන රාශියක ගමන් කලත් කවදා හොදක් වෙයිද කවදා නරකක් වෙයිද කියා නිශ්චිතව කිව නොහැකි ග්‍රහයෙක්….වික්‍රමසිංහ මහතා රාහුගේ යහපත් ප්‍රතිඵල මුල් අවස්තාවේ ලබාදුන්නත් දෙවන අවස්තාවේ එතුමාට එදා යහපත කල රාහුම අයහපත කරන්නට පටන්ගෙන තිබෙනව….ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ නමට තත්වයට ගෞරවයට හානිවන බොහෝ දේ පසුගිය කාලය තුල සිදුවුනා…ඒ අතර මහබැංකුවේ මුදල් වංචාවක් සිදුවූවා යැයි මතයක් සමාජගත උනා.එහි සත්‍ය අසත්‍ය තාවය මම දන්නෙ නෑ.ඉන් පස්සෙ එතුමාගෙ පක්ෂයෙ සාමාජිකයන්ට විවිධ චෝධනා ඇතිවුනා.පාර්ලිමේන්තුවට විශ්වාස බංග යෝජනා ගෙන ආව.එතුමාට විරුද්ධවත් එවැනි දේ ක්‍රියාත්මක උනා.අවසානයේ පැවති පාර්ලිමේන්තුවේ ආයු කාලය ඉදිරියට තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යාමට සිදුවුනා…මේ ක්‍රියාත්මකවන්නේ අයහපත …..

දැන් අපි බලමු මහින්ද රාජපක්ෂ මහතාට සිදුවූ දේ…මහින්ද රාජපක්ෂ මහතාට 2014.11.22 චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය ආරම්බ වුනා.නමුත් මහින්ද රාජපක්ෂ මහතා සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලය මීට පෙර වසර හතයි මාස හයක් පුරා ගෙවමින් සිටිය.එහි බලවත් අසුබ අවස්තාවක් තමයි සෙනසුරු ලග්නයේ ගමන්කරන කාලය.නමුත් සෙනසුරු ලග්නයේ ගමන්කරන කාලයේ පැවති ජනාධිපතිවරණයෙන් මහිනද මහතා විශිෂ්ට ජයක් ලැබුව.ඒ 2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන්.එහෙනම් ඇයි සෙනසුරු අපල කරන මොහොතක එතුමා ජයග්‍රහනයක් ලැබුවේ.එපමණක් නොවේ.ඉහත සදහන් කල වසර හතයි මාස හය පුරාවටම මහින්ද මහතා විශාල වශයෙන් ජයග්‍රහන ලබාගත්ත.එය කවුරු කොහොම කිව්වත් රටට යහපතක් වූ සමයක්.ඉතින් 2014.11.22 ආරම්බ වූ ඒරාශ්ටක අපලයත් මහින්ද මහතාට බලවත් පීඩාවක් ඇතිකරන්නේ නෑ….නමුත් එයින් සුලු සුලු සිදුවීම් සිදුවුනා.ඒරාශ්ටකය යෙදෙන්නේ තුන්වැන්නේ.එය තමාගේ වික්‍රමත්වය ගැන කියවෙන ස්තානය අසල්වැසියා පිලිබදවත් සහොදරයන් පිලිබදවත් කියවෙන ස්තානය.මහින්ද මහතාගේ අගේ ඉදන් කන කන අසල්වැසියන් හිතවතුන් සිටිය.ඔවුන් මහින්ද මහතාට හානි ඇතිකලා.ඉන්දියාවත් අසල්වැසියෙක්,ඉන්දියාවත් හොද හිත පෙන්වමින් සිදුකලේ මහින්ද මහතාගේ දේශපාලන ගමනට හානි කිරීමක්.එය ඕනෑ තරම් අවස්තාවල දැකිය හැකියි….මහින්ද මහතාගේ පරාජයට එතුමා වටා සිටි අවස්තාවාදීන්ගේ ක්‍රියාකලාපය ප්‍රබලවම හේතු වුනා….

මෙහි ප්‍රධාන අසුබ තත්වය ඇතිකලේ සෙනසුරුගේ ඒරාශ්ටක අපලය නොවේ.අපලය ඇතිකලේ රාහු.මහින්ද රාජපක්ෂ මහතාගේ ලග්නයට රාහු පැමිණියේ 2014.07.12 වනදා.ඔබ මතක්කර බලන්න ඒ කාලයේ සිට එතුමාගේ ප්‍රතිරූපයට හානි වන බොහෝ දේ සිදුවුනා.වික්‍රමසිංහ මහතාට රාහු හත්වැන්නේ ලබාදෙන බලය මූලිකව යහපත් ආකාරයෙම් ලබාදෙන විට මහින්ද මහතාට රාහු ලග්නයේ මූලිකව ලබාදුන්නේ අයහපත.මහින්ද මහතා දුර්වල වන්න වන්න වික්‍රමසිංහ මහතා බලවත්වුනා.සියලු රාජ්‍ය බලයන් බිද දැමීට මහින්ද රාජපක්ෂ මහතාගේ ලග්නගතව ගමන්කරමින් සිටි රාහු ක්‍රියාත්මක වුනා…එක් අයෙක් එකම ග්‍රහයෙකු විසින් බලවත් කරනවිට තවත් අයෙක් එම ග්‍රහයා විසින්ම දුර්වලකලා….මෙයයි සිදුවූයේ…

නමුත් දැන් තත්වය සියලු ආකාරයෙන්ම වෙනස්.විපරීතයි..මහින්ද මහතා ජනවාරි අටවනදා ලැබූයේ ඉතිහාසගතවන පරාජයක්.එය ලැබූ චන්ද සංඛ්‍යාව හෝ පරතරය අනුව නොවේ.ජනාධිපති දූරයේ සිටියදී ඉදිරිපත්වූ මැතිවරණයෙන් එවකට ජනාධිපතිවරයා පරාජයවීම.එය ලංකා ඉතිහාසයේ පලමු වතාවට සිදුවූ දෙයක්..නම , තත්වය , ගෞරව සියල්ල ලග්නගතවූ රාහු විනාසකරනු ලැබූව.නමුත් පරාජයෙන් පසු මහින්ද මහතාගේ වේගවත් නැගිටීම දෙස බලන්න.එතුමාට එල්ල වූ බහුතරයක් චෝදනා බොරු බවට පත්වුනා.එතුමා එයට නිසි පිලිතුරු දුන්න.ජනතාව ලක්ෂ ගණනින් එතුමා හමුවීමට තංගල්ලට ගියා.එතුමා වෙනුවෙම් දේශපාලන රැස්වීම් සංවිධානය වුනා.ලක්ෂ ගණනින් ජනතාව කිසිදු පෙලබවීමකින් තොරව සහබාගී වුනා …. මෙන්න දැන් එදා තමාව විනාස කල රාහු තමාව ගොඩනගන්නට පටන්ගෙන.රාහු එහෙමයි.රාහු පුද්ගලයෙකුගේ ගෞරවය තත්වය විනාස කරනව වගේම තම,ඒ රාහුම ඒදා එම පුද්ගලයා සිටි තත්වයට වඩා , එම පුද්ගලයාට පැවති ගෞරවට වඩා දෙතුන් ගුණයකින් ඉහලට ඔසවා තබනව.එයයි මේ සිදුවෙමින් ඇත්තේ.මහින්ද මහතා වටා සිටි අවස්තාවදීන් අද අනාතවෙමින් සිටිනව.ඇති දා මෙන්ම නැතිදාත් මහින්ද මහතා වටා සිටි අවංකපුද්ගලයන් තව තවත් ශක්තිමත් වනව …

ඉහත රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්දවත් මහින්ද රාජපක්ෂ මහතා සම්බන්දවත් කල පැහැදිලි කිරීම සරලව මෙසේ තේරුම්ගන්න….රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්ද්‍රයේ හත්වැන්නට රාහු පැමිණීම සමග,එනම් රාහු හත්වැන්නේ ගමන්කරනා මුල් කාලයේ වික්‍රමසිංහ මහතාට යහපත ක්‍රියාත්මක වුනා.මහින්ද රාජපක්ෂ මහතාගේ ලග්නයට රාහු පැමිණි මුල් කාලයේ එතුමාට අයහපත ක්‍රියාත්මක වුනා..මේ වනවිට රාහු ක්‍රියාත්මක වන්නේ ඊට විරුද්ධ ආකාරයෙන්.එනම් රනිල් වික්‍රමසිංහ මහතාට මේ මොහොතේ සහ ඉදිරියට රාහු විසින් අයහපත ක්‍රියාත්මක කරනව.මහින්ද රාජපක්ෂ මහතාට යහපත ක්‍රියාත්මක කරනව.
​මැතිවරණය පැවැත්වන දිනය වන විට රනිල් වික්‍රමසිංහ මහතාට ධරිද්‍ර නම් අසුබ යෝගය යෙදෙනව.එය ලග්නාධිපති දුෂ්ටස්තානගතවීම සහ භාග්‍යස්තානය අධිපති නීච බවටපත්වීම අනුව.ධරිද්‍ර යෝගයේ ප්‍රතිඵලය එතුමාට යෙදී ඇති ආකාරය අනුව රජුන් පවා අසරණ කිරීමක්.( Even a royal scion becomes poor )

ඒ කුමන යෝගය කෙසේ වෙතත් රාහු පිලිබදව ඉහත සදහන් කල තත්වයන් වර්ථමාන දේශපාලනය තුල දකින්නට ලැබෙනව.මෙයින් මම කියන්නෙ නෑ.මහින්ද මහතා අගමැති වෙනවාමයි කියල.මොකද අගමැති දූරය ලබාදීම සම්බන්දව විවිධ මත පවතිනව.මේ කියන මම ඒ සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ සදහන් දේ සම්බන්දව වැඩි වැටහීමක් නැති අයක්..නමුත් මම මේ වෙලාවෙ කියනව , මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම බහුතරය ලබනව.එතුමා හැර නොගිය ප්‍රධාන දේශපාලන චරිත තව තවත් බලවත් වනවා.එතුමාට උඩින් මිතුරු යටින් සතුරු දිය යටින් ගින්දර ගෙනයන අයට සිදුවන්නේ අයහපතක් පමණයි.මේ මොහොතේ වැඩි වාසිය පවතින්නේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම සතුව.

තව කිවයුතුම දෙයක් තිබෙනව.2015 ජනවාරි 08 වනදා මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වූනේ ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිදාක අමතක නොවන , කිසිවෙකුට නැවත බිද දැමිය නොහැකි වාර්තාවක් සමග.එහෙනම් මම කියනව මහින්ද රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයෙන් ලංකා දේශපාලන ඉතිහාසයට තවත් කිසිවෙකුට කිසිදා බිදදැමිය නොහැකි වාර්තාවක් පිහිටවනව.ඒ එතුමා ලංකා දේශපාලණ ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයක තනි පුද්ගලයෙකු විසින් ලබාගන්නා වැඩිම ජනතා මනාපය ලබාගන්නව.එම වාර්තාව කිසිවෙකුට සමකල නොහැකිවනු ඇත.

අවසානයේ ජනතාව තීරණය කරයි කවුද අගමැති , කවුද විපක්ෂ නායක කියල.කොහොම උනත් ජ්‍යෙතිෂය පිලිගන්න නොපිලිගන්නා සියලු දෙනාම මතකතබාගන්න 2017 දක්වා ලංකාව කියන මේ රටට පවතින්නේ අයහපත් කාලයක්.එම අයහපතට සාර්තකව මුහුණදිය හැකි රටට මෙතෙක් කාලයක් හොදක් කලා කියල ඔබට වැටහෙන ,රට සංවර්ධනය කල හැකි, රට ආරක්ෂා කරයි , ජනතාව ආරක්ෂා කරයි කියල ඔබ හිතන , මතු පරපුරට වර්ග කිලෝමීටර් 65610 උරුමය ලබාදිය හැකි නායකයෙකු පත්කරගන්න.ඔබ ගන්නා නිවැරදි බුද්ධිමත් තීරණය මත අපි හැමෝටම රටක් ඉතුරු වනවා ඇති….ගහමරා ගන්නත් අපිට රටක් තියෙන්න ඕනෙ …

(ඔබේ අදහස් අපට ලියන්න -lankanewsweb.today@gmail.com)

ජනක පී කුමාර විසිණි.

+94714224572 +94775079690
hadahana.lanka@gmail.com Skype : hadahana.lanka

Online horoscope reading by www.hadahanalankamag.tk

හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය : Hadahana Lanka Astrological Services in Srilanka

බෙදුම්වාදින්ගේ එකම හතුරා බවට පත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කුරුණෑගල පිහිටි ප‍්‍රධාන මැතිවරණ කාර්යාලයට ඊයේ ගිනි අවියක් අතැතිව සැකකටයුතු පුද්ගලයෙකු ඇතුළු වී තිබේ.මේ සම්බන්ධයෙන් වහා ක‍්‍රියාත්මක වී ඇති එහි සිටි පිරිස් පොලීසිය දැනුවත් කර ඇති අතර පසුව ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.අදාල ද්‍රවිඩ ජාතික පුද්ගලයා කොටි සංවිධානයේ ආයුධ පුහුණුව ලබා ඇති අයෙකු බවටද තොරතුරු වාර්තා වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම් දාහත් දෙනකුගේ යුතු උතුරේ කල්ලියක්‌ද සමග පැමිණ මෙවර මැතිවරණය සඳහා ස්‌වාධීන කණ්‌ඩායමක්‌ ලෙස කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් තරග කිරීමට ඉදිරිපත් වීම පසුපස ඇත්තේ මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිමට සැලසුම් කිරිමක් බව අප මෙන්ම මේ රටේ ප්‍රගතිශීලි මාධ්‍ය අනාවරණය කර සිටියා.

එහි එක් පියවරක් ලෙස කොටි සන්නද්ධ අංශයේ නායක සන්තුරන්,ෂිවාජිලිංගම්ගේ සම්බන්ධීකාරක ලෙස කුරුණෑගලට පත්කර එවා තිබේන බව අප පසුගිය ජුලි 20 වැනිදා අනාවරණය කර සිටියා.

[box type=”warning” ]අපේ ජාතියේ සතුරා මහින්ද රාජපක්‍ෂ…. අප ඔහුට අභියෝගයක්‌ විය යුතුය…යැයි කියමින් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් මැතිවරණයට තරග වදින වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එන්. කේ. ෂිවාජිලිංගම් සහ දාහත් දෙනකුගේ යුතු උතුරේ කල්ලියේ සම්බන්ධිකරණ නිළධාරියෙකු ලෙස යහපාලනය පත්වු වහාම මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිම සදහ රාජිත,මෛත්‍රී,හා දුමින්ද දිසානායක සමග කුමන්ත්‍රණය කල පසුව අනාවරණය විමෙන් පසුව අතහැර දැමු කොටි සන්නද්ධ අංශයේ නායකයා වන සන්තුරන් (මිට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනයේ සංවිධායක) පත්කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඊයේ සවස වනවිට කුරුණෑගල නගරයේ පිහිටි ගොඩනැගිල්ලක් කුලියට ගත් ෂිවාජිලිංගම් සිය නිළ නොලත් මැතිවරණ කාර්‍යාලය ලෙස එම ස්ථානය පවත්වාගෙන යැමට තිරණය කර තිබේන බවද ඔහු සදහන් කළා.[/box]

එම පුවත කියවන්න –කොටි සන්නද්ධ අංශයේ නායක සන්තුරන්,ෂිවාජිලිංගම්ගේ සම්බන්ධීකාරක ලෙස කුරුණෑගලට!

කුරුණෑගල සන්ධාන් පක්ෂ කාර්යාලයේ දි හමුවු සැකකරුවා – kurunegala paPosted by Sri AV Tv network on Sunday, 2 August 2015

“දෙමළ ජනතාවට එරෙහිව සිංහල ජාතිවාදි රජය මුදාහරින ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට අවශ්‍ය නම්, අපගේ ඊළාම් මාතෘ භූමිය පිළිගතහොත් පමණක්, එය ප්‍රායෝගිකව සාර්ථක වනු ඇත” යනුවෙන් යන එන මං නැතිව සිට යහපාලන පිංපියන්ට පිංසිදුවන්නට පණගසා ආඅ කොටි ත්‍රස්තවාදී සංවිධානය නියෝජනය කරන  දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රික් අපේක්‍ෂක නීතීඥ වී.මනිවන්නන් ප්‍රකාශ කර තිබේ.

යාපනය කලමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානත්වයෙන් පැවැති ‘මැතිවරණ ප්‍රශ්ණ වේලාව’ යන වැඩසටහනේදී, තම පක්‍ෂයේ ස්ථාවරය පිළිබඳව අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු සදහන් කර ඇත්තේ

“මෙම මාතෘ භූමියේ ප්‍රදේශයන් 02 ක් ඇත. එම ප්‍රදේශයන් ‍02 ක එක්කර, එක් රටක් ලෙස අපගේ රට වෙනස් කල යුතුය. එය අපගේ පක්‍ෂය ඒකමතික ස්ථාවරය, තිම්පු සම්මුතිය මූලික කරගෙන, අප එය ඉදරිපත් කරන්නෙමු… යනුවෙනි

ෆෙඩරල් පාලන විසඳුම, කොටස් දෙකකට බෙදිය හැකිය. ප්‍රදේශයන් දෙකක් එක්කිරීම සහ බලය බෙදාහැරීමට අප විරුද්ධවීමට හේතුව, මේ ආකාරයෙන් බෙදාහරින බලය මධ්‍යම රජයට ඕනෑම අවස්ථාවක නැවත ලබාගැනීමට හැකි අවස්ථාවක් ඇත. මහින්ද රාජපක්‍ෂ වැනි ඒකාධිපති පාලකයෙකු අනාගතයේදී පාලන බලයට පත්වුවහොත්, මෙම බලතල සියල්ල නැවත ලබාගනු ඇත… යනුවෙන් ඔහු ඔහුගේ දේශනය අවසන් කර තිබේ.

රට බෙදුම්වාදීන්ට යට කරමින් මවුබිමේ දිනු නිදහස පාවාදිමට එරෙහිව මෙන්ම රටේ අධ්‍යාපණ ප්‍රතිපත්ති විනාශ කරමින් රනිල්ගේ ගල් කොලුවන් ආධ්‍යාපණ ඇමතිකම් වලට පත් කරමින් කරන ලද විනාශයට අද ගුරුවරුන් සහ පොලිස් නිලධාරීන් සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කළ බව දිස්ත්‍රික්ක රැසක රාජ්‍ය සේවකයන් සමග කල සංවාද හරහා අප රටපුරා විසිරි සිටින 500කට අධික විශේෂ වාර්තාකරුවන් සදහන් කළා.

මේවර මැතිවරණය ඉලක්කකර ගනිමින් රටපුරා  විශේෂ වාර්තාකරුවන් 500ක් ස්ථානගත කිරිමට අප කටයුතු කර තිබේ.ඔහුන් විවිධ මට්ටමින් මෙන්ම විවිධ ස්වරූපයෙන් මෙම වාර්තාකාරණයට සහය ලබාදෙමින් සිටි.

අද විශේෂයෙන්ම ආරක්ෂක අංශ නියෝජනය කරමින් සියයට 90 ඉක්මවු පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සිය ඡන්දන්‍ය භාවිතා කර ඇති අතර ඔහු එය ප්‍රසිද්ධියේ නිර්භයව ප්‍රකාශ කර සිටි බවද අප වාර්තාකරුවන් සදහන් කළා.

මෙවර මහ මැතිවරණය සඳහා තැපෑල් ඡන්දය භාවිතා කිරීමට රාජ්‍ය සේවකයන් පන් ලක්ෂ හැට හයදහස් අටසිය විසිතුන්දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඉන් වැඩිම තැපැල් ඡන්ද දායකයන් පිරිසක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් විම ද විශේෂත්වයක්.රජයේ සේවයන්ට අගෝස්තු මස 5 සහ 6 යන දෙදින තුළ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කළ හැකිය .

මේ අතර රාජ්‍ය බුද්ධි අංශ විසින් හෙළි කල නවතම වාර්තාව අනුව සන්ධානය ඉදිරි මැතිවණයෙන් ලක්‍ෂ 68ක් ඡන්ද සමඟ ආසන 123ක් දිනාගන්නා බවත් එජාපයට හිමිවන්නේ ඡන්ද ලක්‍ෂ 28ක් සහඟ ආසන 74ක් බවත් කුරුණෑගල සන්ධාන අපේක්‍සක සාලින්ද දිසානායක මහතා පවසයි.

කුරුණැගලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඒ හේතුව නිසා මෙම වාර්තාව ප්‍රසිද්ධ කිරීම ද රනිල් මහතා තහනම් කර ඇති බවයි.

Sri Lanka is at a crucial juncture. The situation is far more dangerous than the 3 decades of terror that prevailed. It is such an intense situation that calls for all politicians to set aside their self-centred political ideologies and cunning to realize the thin line we are treading on and the abysmal outcome likely to result unless we all rise to the occasion as one nation protecting the nation from division or separation. This election is about voting to divide or secure the sovereignty of the country.

 Let us take incidents and put them in perspective to understand the plot.

 Firstly we need to realize that with the implementation of the 13th amendment via the India forced Indo-Lanka Accord in 1987 and the introduction of the provincial council system, Sri Lanka is in structure federal. However the Centre holds the powers to dismantle the provinces if they do not function to the countrys laws. The best example was the annulment of the merged North-East Provincial Council in 1990 when its Chief Minister Varatharaja Perumal declared Unilateral Declaration of Independence and thereafter ran off to India.

 Additionally it must also be stated that 36 of the 37 subjects have been devolved to the provinces barring police and land powers which have not been devolved to ANY of the provinces. Why should only the North seek it. The NPC cannot behave as spoilt children throwing tantrums without proving they are capable of governing the 36 powers under their purview! Obviously they are least interested in serving the people of the North proven by the simple example of utilization of the budget. TNA Provincial Administration requested Rs.5,831million for 2014 but had only utilized 25.17% for the entire 9months whereas the GOSL had spent Rs.290,271 million from the National budget for the same period. Who provided a service to the North – the GOSL or the NPC?

http://www.dailynews.lk/?q=features/sri-lanka-who-says-13th-amendment-not-implemented

http://www.lankaweb.com/news/items/2014/11/04/what-is-the-tamil-national-alliance-complaining-about/

 Ever since the Northern Provincial Council was established in 2012 with a former Supreme Court judge leaving Colombo where he lived for over 70 years to live for the first time in the North there has been nothing but a harangue of complaints and whining with little done to serve the people of the North. The TNA MPs had been travelling overseas campaigning together with LTTE diaspora among foreign leaders and UN officials.

 The packaged list of complaints have included demanding the closure of military camps and removal of military personnel, accusations of rape, claims of vices, colonization of Sinhalese. Taken together what the obvious intention is to remove military presence, nullify security blanket over the North and ensure that no Sinhalese was given entry to North. This high-handed initiative overlooked the fact that 10% of the population in the North in 1977 were Sinhalese and some Sinhalese had been living in the North well before 1940s while sufficient archaeological and historical artefacts serve to prove the Sinhalese occupied the entire island before Tamil migrants came from Tamil Nadu! Thus all mythical notions can be statistically & historically proven wrong though cultural genocide of Sinhala Buddhist artefacts need to now be showcased against both Tamil politicians and LTTE/supporters.

 To give oxygen to these demands by the TNA and the North Chief Minister in comes the usual culprits the human rights activists all of whom secure their monthly salaries from Western governments  plotting the outcome for Sri Lanka in Washington & London. Thus, we have C4, Sooka, Amnesty, HRW and their local paid stooges all coming out with reports, panel discussions, statements which are then quoted as if from the Bible by the UN and foreign envoys and leaders which suffice to establish grounds for resolutions totally ignoring the legalities involved. The global systems function in such a way that there is not a soul to question how the very players that labored to prevent the elimination of the LTTE militarily were the one’s bringing the resolutions against Sri Lanka for war crimes/crimes against humanity partnered by internationally proscribed LTTE’s handlers abroad! No one came forward to question how investigation calls for the last phase ended up making allegations on everything that could be packaged to bring their enemies to trial and put them out of the way of disturbing their plans for Sri Lanka.

 It was the same coalition that put together a common candidate and canvassed for the regime change in January 2015. The players were the same. The stakeholders the same.

 

Now imagine where these developments will gradually lead to:

Reiteration of a separate state through the TNA election manifesto while simultaneously the Muslims are also claiming that unelected PM had given to them in an unwritten election pledge. (these all call to mind how the unelected PM signed the 2002 cease fire agreement giving territory to terrorists without so much as even informing his own cabinet and thereafter promoting himself for his wessanthara gesture).

What we need to take home from these developments is the realization that while LTTE was a creation of India & Britain that drafted the 13th amendment & the provincial council system keeping in mind Sri Lanka’s geopolitical positioning and the Trinco natural harbour. It was with the assassination of Rajiv Gandhi that LTTE became directly controlled by the West via the Church and explains why Church leaders were the mouthpieces for both Tamils and the LTTE over the years inspite of over 98% Tamils being Hindus. The 3 decades of terror that kept Sri Lanka destabalized and curtailed to firefighting and damage control enabled the West’s covert operators the NGOs/INGOs and the UN entities to penetrate to Sri Lankan society and key structures that could be influenced – falling immediate victims were the SL media, handful of journalists, SL Bar Association and other key state structures.

 

When the decision to militarily defeat the LTTE was taken the West did their best to prevent the LTTE loss and when the elimination looked inevitable the West had a backup plan already in place and thus by bringing down the curtain on LTTE terrorism the next modus operandi was to resurrect the political arm of the LTTE via the TNA. This explains the manner in which significant attention was shown by the West towards the TNA. The GOSL erred in not initiating action to investigate TNA’s links to LTTE prior to holding elections in the North.

With the West realizing that in the TNA they have an easy partner ready to allow them to use North/East so long as Tamils were granted access to live in the West, the next stage was to secure a puppet down south. RanilW fitted the bill to perfection. With the powerful position of the Presidency diluted for the next 5 years by installing a rainbow multicultural President not knowing where his allegiance is, the overall security and stability of the country is now in a volatile position. Neutralizing the enemy comes via the UN and through the illegal mechanisms now in force to subject the national leaders for bogus war crimes and remove them from the picture.

So what does the picture now look like? With elections just weeks away the TNA manifesto and open declaration that UNP Leader has promised them a separate state fits perfectly with the slip of the tongue by the UNDP head referring to the Northern Provincial Council as the Northern Government! This is the ultimate outcome pursued.

So what is the danger in TNA asking for autonomy? TNA is an unregistered coalition. It is the ITAK party that is the key party in this coalition. The ITAK – Illankai Tamil Arasu Katchchi has fooled the people by referring to itself as the Federal Party. Its Constitution has been challenged and ITAK is reluctant to reveal what ITAK’s constitution aims & objectives are. If ITAK claims ‘Shamasthi” stood for ‘federalism’ why did they substitute the word ‘shamasthi’ with ‘innaipachchi’ in August 2008 months before LTTE was eliminated? The allegation is that the new word stood for ITAK’s aim for a confederacy. A confederacy is a union of independent and sovereign States.  A confederacy is formed with an intention to create independent and sovereign States. The government of a confederation can withdraw from the Union and explains why TNA is making a strong bid for self-determination a quest that satisfies age-long mental preparation that will leave them in the same abysmal situation that the people of Kosovo finds themselves though only a handful of Tamils are now beginning to realize that the West is pursuing their ‘cause’ not for any love of them but because that ‘cause’ fits well into their overall plan. If we look deeper we can realize the ‘cause’ was actually created by the West and promoted using selfish Tamil politicians who viewed it as an opportunity to rule over their own people!

 

Be that as it may the West has been playing politics with the minds of people creating slogans to pitch the minorities against the majority in the time-tested successful divide & rule initiative.

It is in connecting the dots that we can put the puzzle together to understand why Mahinda Rajapakse is not the preferred choice but Ranil Wickremasinghe is while the dots should also reveal that these preferences are only until the job is done and thereafter it is cheerio darling… as Saddam, Osama, Gaddafi and even Mubarak found out too late.

What we as citizens need to now realize is that in allowing various foreign entities to interfere and dictate how a sovereign country should run itself we have invited the enemy and now that enemy is slowing closing in and disturbing the structure of the country. Though Sri Lankans are poor at comparing Sri Lanka’s case with the other countries that ‘democracy’ has been delivered to we are blindly walking into a trap that is destined to ruin the nation and our people.

Nationalist leaders will be imprisoned for concocted crimes while puppets who will be used to remove all legislative, constitutional and other legal barriers and thereafter once there of no use any more they too would be removed. Where does that leave the rest of the country’s citizens?

That answer merits some serious thinking in the next couple of days by Sri Lankan citizens to realize that this election should not be to vote because parties promise to reduce the price of essential goods, promises the sun and the moon or increasing salaries. This election is very much about voting to safeguard the sovereignty of the country or to blindly vote for parties that are willing to give the nation to foreign powers so long as they will be kept in power irrespective of what is good for the nation or people.

Shenali D W

 

චම්පක රණවකට හා රනිල් වික්‍රමසිංහට අනුව මෛත්‍රි සියල්ල විසඳා ඇත. මැතිවරණයෙන් පසුව මහින්ද අගමැති නොවනු ඇත. ඒ බව කියා ඇත්තේ අන් කිසිවකු නොව මෛත්‍රිපාල ය. රනිල්ට හා ඔහුගේ ගෝලයා වූ චම්පකට අනුව දහනවවැනි සංශෝධනයෙන් පසුව ද අගමැති පත් කෙරෙන්නේ ජනාධිපති විසින් තම මතය පරිදි ය. ව්‍යවස්ථාවට අනුව ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගත හැකි අයකු අගමැති ලෙස පත්කරයි. ජනාධිපති ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් කිරීමට බැඳී නැත. මෛත්‍රිපාල සිරිසේනගේ වචනවලින් ම කියන්නේ නම් මේ බම්බු ප්‍රජාතන්ත්‍රවාදයකි.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු විධායක ජනාධිපති බලතල කැපී පාර්ලිමේන්තුවට බලය ලැබීණි යැයි සෝභිත හිමි ඇතුළු සාධාරණ සමාජයීය සාමාජිකයෝ රට දෙවනත් කළහ. එහෙත් තවමත් අගමැති පත්කරන්නේ ජනාධිපති මතය පරිදි ය. මෛත්‍රිපාලගේ කුප්‍රසිද්ධ ජඩ ජූලි ප්‍රකාශනයෙන් කියැවුණේ ඔහු කිසි දිනෙක මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස පත් නොකරන බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් ඔහු මැතිවරණයට ද පෙර පාර්ලිමේන්තුවේ වැඩි බලය ඇත්තේ කාහට ද යන්න පිළිබඳ තම මතය සකස් කර අවසන් ය.

අගමැති පත් කිරීමේ දී බලපාන්නේ ජනාධිපතිගේ මතය බව පැහැදිලි ය. එහෙත් පෘථග්ජනයකු මන්ත්‍රිවරුන් තෝරා පත්කර ගැනීමටත් පෙර වැඩි දෙනාගේ කැමැත්ත ඇත්තේ (නැත්තේ) කාහට දැයි දැන ගත්තේ කෙසේ ද යන්න පැහැදිලි නැත. එය බම්බු ප්‍රජාතන්ත්‍රවාදයටවත් එකඟ නො වේ. පැහැදිලි ව ම මෛත්‍රීපාලගේ මතයට අනුව මහින්දට නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්තක් නැත.

මෙයින් කියැවෙන්නේ මෛත්‍රිපාල වෙනත් අය (තමන් පොදු අපේක්‍ෂකයා බවට පත්කළ බටහිරයන් ඉන්දීයයන් ආදීන්) සමග මහින්ද අගමැති ලෙස පත් නොකිරීමට එකඟතාවකට දැනටමත් පැමිණ ඇති බව ය. මේ එකඟතාව දේව කැමැත්තක් ලෙස සැලකීමට රනිල් හා චම්පක අපට කියයි. ඔවුන් කියන්නේ මහින්දට ඡන්දය දීමෙන් පළක් නොවන බව ය. ඔවුන් නොකියා කියන්නේ මෛත්‍රිපාල රනිල් අගමැති ලෙස පත්කරන බවත් එබැවින් සංධානයට ඡන්දය දීම ඵල රහිත බවත් ය.

මෙරට අගමැති කවුද යන්න අවසාන වශයෙන් තීරණය කරන්නේ මෙරට ජනතාව මිස මෛත්‍රිපාලවත්, රනිල්වත්, විදේශීය රටවල ඔත්තු සේවාවල නිලධාරීන්වත් නො වේ. මෛත්‍රිපාල සත පහකට විශ්වාස නැති පුද්ගලයකු බව අපි මුල සිට ම කීවෙමු. මෛත්‍රිපාලගේ හා මහින්දගේ ඊනියා සම්මුතිය ජයග්‍රහණයක් ලෙස සංධානයේ ඇතැම් නායකයන් පෙන්වද්දී අප කියා සිටියේ එයින් මුළා නොවිය යුතු බව ය. මෛත්‍රිපාල අද එන්නේ මොකාටද යන්න දැනගැනීමට ඊනියා දේශපාලන විචාරකයකු වීම අවශ්‍ය නො වේ.

මෛත්‍රිපාල හැකි කමක් ඇත්නම් ජනවාරි 9 වැනි දා කළ දේ අගොස්තු 18/19 වැනි දා ද කරනු ඇත. ඔහු හැකිනම් රනිල් පික්පොකට් අගමැති කරනු ඇත. එසේ නොහැකි නම් ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද නොවන අයකු අගමැති කරනු ඇත. එහි දී මුදල් ලබාදීම් ශ්‍රී ල නි පක්‍ෂයෙන්් මන්ත්‍රීන් බා ගැනීම්, ආදිය සැලසුම් කෙරෙන බව රහසක් විය නො හැකි ය. අදත් පික්පොකට් ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස සේවය කරන ශ්‍රී ල නි පාක්‍ෂිකයෝ වෙති. ඔවුහු බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරමින් ඔවුන් ඇමති තනතුරු අත්හරින්නේ ද නැද්ද යන වග ශ්‍රී ල නි ප මධ්‍යම කාරක සභාව ගත යුතු යැයි කියමින් කල් මරති. ඔවුන්ට අවශ්‍ය නම් කාගෙන්වත් නොඅසා තනතුරු අත්හැරිය හැකි ය.

ජනතාවට මෛත්‍රිපාල පැරදවිය හැකි ය. පළමුවෙන් ම කළ යුත්තේ සංධානයට මන්ත්‍රීවරුන් 125 දෙනකුට වැඩි සංඛ්‍යාවක් ලබා දී මන්ත්‍රින් බා ගැනීමට ඇති ඉඩකඩ අවම කිරීම ය. එවිට බොහෝ විට මෛත්‍රිපාලට සංධානයෙන් අගමැති කෙනකු පත් නොකර සිටීමට නොහැකි වනු ඇත. දෙවනුව මනාප සටනේ දී මහින්ද සමග නොසැලී සිටින අයට පමණක් මනාප දීමට ඉටාගත යුතු ය. චන්ද්‍රිකා, මෛත්‍රිපාල ආදීන් සමග කටයුතු කරන සංධානයේ අපේක්‍ෂකයන්ට මනාපයක් නොදිය යුතු ය. ඔවුන්ට මනාප දී ඔවුන් මන්ත්‍රීවරුන් වුවහොත් ඔවුන් සමග ද එකතු වී මහින්ද අගමැති නොවන බවට මෛත්‍රිපාල වග බලා ගනු ඇත. අද බටහිරයන්ට හා ඉන්දීයයන්ට අප රට ලේ විලක් බවට පත්කිරීමේ අවශ්‍යතාව ඇත. රට අස්ථාවර කිරීම ඔවුන්ගේ අරමුණ වෙයි. එහෙත් අපට කරුණු තේරුම් ගෙන කටයුතු කිරීමෙන් ඔවුන් පරාජය කළ හැකි ය.

මෙය ශ්‍රී ල නි පක්‍ෂය කැඩීමක් නො වේ. පක්‍ෂයට ද්‍රොහිකම් කර පක්‍ෂය ඝාතනය කළ සෝමාරාම පරදවා ශී්‍රී ල නි පක්‍ෂය ශක්තිමත්ව යළි බිහිකර ගැනීමකි. එහි දී පක්‍ෂය යළි ඉපදෙනු ඇත්තේ මහින්ද සමග මිස ඝාතකයන් සමග නො වේ.

නලින් ද සිල්වා

2015 ජූලි 26

ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිතයේකු පසුගිය බ්‍රහස්පතින්දා රහසේම දිවයිනට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු පිරිසක් සමග රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබේ.එම සාකච්ඡාවට පාඨලී චම්පික රණවක සහ රාජිත සේනාරත්න,සාගල රත්නායක ඇතුලු පිරිස සහභාගි වි ඇති බව සාගල විසින්ම සිය සමීපත්ම මිතුරෙකුට අනාවරණය කර තිබේ.

එම සාකච්ඡාවේදි මහා මැතිවරණයේ තත්ත්වය සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර මහා මැතිවරණය ජයග්‍රහණය කිරිම සදහා ඉන්දිය රජයේ සහය නිරන්තර ලබා දෙන බවට පොරොන්දුවක්ද ලබාදුන් බව පවසා තිබේ.

මැතිවරණයේ ප්‍රතිපල අනුව යම් තිරණාත්මක අවස්ථාවකට එලබුනහොත් ද්‍රවිධ ජාතික සන්ධානය ඇතුලු සුළු පක්ෂ එකතුකර ගැනිමට ඉන්දිය රජයේ සහය නිරන්තර ලබාදිමට පොරොන්දුවක්ද දි තිබේ.කෙසේවෙතත් දිවයිනට පැමිණි මෙම ඉන්දිය නියෝජිතයා ද්‍රවිධ සන්ධානයේ සමාජිකයන් හමුවි නෑ.පැය 3ක සාකච්ඡාවකින් පසුව ඉන්දිය නියෝජිතයා යලිත් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ඉන්දීය රහස් ඔත්තු සේවය හෙවත් රෝ සංවිධානයේ සමාජිකයන් 500ක් මේ වනවිටත් ලංකාවේ මැතිවරණය ඉලක්කකර විවිධ ක්‍රියාකාරම් වල යෙදි සිටින බව LNW ඔත්තුකරුවන් පසුගියදා අනාවරණය කළා.විශේෂයෙන්ම් උතුරු නැගෙනහිර ප්‍රදේශ මෙන්ම සුළු ජාතික දේශපාලන පක්ෂවලට වාසිදායක ප්‍රදේශ වල ඔහු නිරික්ෂණ කටයුතු වල යෙදි සිටින අතර එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කැෆේ සංවිධානය සහ පැෆ්රල් සංවිධානයේ නියෝජිතයන් ලෙස මෙම පිරිස් රටේ මැතිවරණ නිරීක්ෂණයේ යෙදේන බව අනාවරණය වි තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ තීන්දුව ලොව සියළු රටවලට ඉතා වැදගත් බව ඇමරිකානු බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්‍ෂක Itmiral Dennis Blair ප්‍රකාශ කර තිබේ.

ඇමරිකාවේ ‘ද ඩිප්ලෝමැඩ්’ යන සගරාවට අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. “ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ තීන්දුව, ඉන්දීය ප්‍රාන්ත කලාප රටවල් මෙන් ලොව සෑම රටකටම ඉතාමත් වැදගත් වනු ඇති බවයි.

දකුණු ආසියාවේ ප්‍රධාන ගමනා ගමන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ඇමරිකාව පූර්ණ සහයෝගය ලබාදිය යුතුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ඇමරිකාවේ ප්‍රථිපත්ති වලට පටහැනිව කටයුතු කර තිබේ.වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කටයුතු ප්‍රශංසා කල යුතුය. ශ්‍රී ලංකාවේ අනාගතය, දේශීය බලවේගයන් තීරණය කරනු ඇත” යනුවෙන් Itmiral Dennis Blair ප්‍රකාශ කර තිබේ.

[box type=”note” ]The US official notes that in Sri Lanka, the two contending sides contrast starkly while in Myanmar the contrasts are not as black and white. “Mahinda Rajapaksa was president for 10 years. In 2009, his forces finally crushed the prolonged and vicious Tamil insurgency. The brutal final stages of the government victory, in which thousands died, were never acknowledged or investigated. Subsequently Rajapaksa usurped more and more power into the office of the presidency, did little to reconcile the defeated Tamil minority, and allowed his family to profit handsomely from their government connections, while his security forces harassed, attacked, and sometimes killed critics,” Blair wrote.

Trying for a third presidential term, Rajapaksa was voted out of office in January of this year in favor of Sirisena, who quickly reversed many of his predecessor’s actions, restoring a democratic balance of power in the country. Sirisena has now called a parliamentary election seeking a mandate to continue reforms and Rajapaksa and his supporters are attacking Sirisena and his policies and seeking to return to power to continue their authoritarian and divisive policies, Blair said. According to the former intelligence official, domestic forces will determine the future of both Sri Lanka and Myanmar.

“Most important will be the results of the elections themselves, both of which appear on course to produce reliable results based on largely free and fair processes. The subsequent maneuvers and agreements of the leaders of the various factions will play the critical role in the shape and speed of the next phase of democratic reform in both countries,” he says. He recalled that the United States cooled relations as Rajapaksa’s regime became more oppressive, welcomed Sirisena’s election, and Secretary of State John Kerry made a visit to Sri Lanka in May. According to Blair, Washington has made it clear that democratic progress must continue, and that there must be accountability for the killings at the end of the civil war for bilateral relations to improve. Noting that Sri Lanka wants good relations, with more economic investment, the retired Admiral of US Navy suggested the US should support and encourage Sri Lanka’s democratic transformation given the recent positive developments in Sri Lanka.

“Brave men and women in both countries are taking risks and working hard to achieve them. We who enjoy these gifts already owe them support and encouragement.” Admiral Dennis C. Blair is Chairman and CEO of Sasakawa Peace Foundation USA, an independent American non-profit and non-partisan institution devoted to research, analysis and better understanding of the US -Japan relationship.[/box]

මහා මැතිවරණය ඉලක්ක කරගනිමින් රාජ්‍ය බුද්ධි අංශ යොදාගනිමින් ගෙවුනු සතියක කාලසීමාව තුල කරනු ලැබු මැතිවරණ සමික්ෂණයේ නිළ වාර්තාව ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදි තිබෙනවා.ඒ අනුව මේ වනවිටත් මැතිවරණයේ ඡන්දය භාවිතා කිරිම සම්බන්ධයෙන් ජනතාව තින්දුව රැගෙන අවසන් බවත්  පාවෙන ඡන්ද ලක්ෂ 10ක පමණ ප්‍රමාණයක් සම්බන්ධයෙන් අවසන් තින්දුවක් ගැනිම අපහසු බවද සදහන් කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට දිස්ත්‍රික්ක 14ක බලය ඉතා පහසුවෙන් තහවුරු කර ගන්නා බවත් එම දිස්ත්‍රික්ක අතර කුරුණෑගල,ගම්පහ,හම්බන්තොට,මාතර,කළුතර,ගාල්ල,රත්නපුර,මොණරාගල,අනුරාධපුර,පොළොන්නරුව,දිගාමඩුල්ල,පුත්තලම,ත්‍රිකුණාමල, තිබෙන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය නිශ්චිතවම පැවසිය නොහැකි බවද එම වාර්තා පෙන්වා දි තිබේ.

කෑගල්ල,බදුල්ල,මහනුවර,නුවරඑළිය,මාතලේ, යන දිස්ත්‍රික්කවල ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂය සතුවන බවද එම වාර්තා පෙන්වා දි තිබේ.

මිට අමතරව කුරුණෑගල,මොණරාගල,පොළොන්නරුව,අනුරාධපුර,ගම්පහ,හම්බන්තොට,මාතර, අයන් දිස්ත්‍රික්ක වල සන්ධානය ඉතා විශාල ඡන්ද සංඛ්‍යාවකින් ජයගන්නා බවද එම වාර්තා අනාවරණය කර තිබේ.

,මඩකලපු,වන්නි,යාපනය දිස්ත්‍රික් වල ජයග්‍රහණය ද්‍රවිධ ජාතික සන්ධානය හිමිකර ගැනිමට හැකියාව තිබුනද ඔහුන් බලාපොරොත්තු වන් මන්ත්‍රිවරුන් සංඛාවක් ලබා ගැනිමට නොහැකි වනු ඇති බවත් ඊට ප්‍රධානම හේතුව වනුයේ හිටපු  LTTE  සමාජිකයන් මැතිවරණයට තරග වැදිම නිසා බවද එම වාර්තා පෙන්වා දි තිබේ.

[box type=”warning” ]2010 මහා මැතිවරණයේදි කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය එක්සත් ජනතා නිදහස් සන්ධානය නතුවු අතර ඡන්ද 480,896 ලබාගත් අතර ප්‍රතිශතය 51.19%ක් වන අතර ආසන 10ක් හිමිකර ගත්තා. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 339,750 ලබාගත් අතර ප්‍රතිශතය 36.17%ක් වන අතර ආසන 7ක් හිමිකර ගත්තා. සරත් ෆොන්සේකා සමග එක්ව ජනතා විමුක්ති පෙරමුණ තරග කල අතර එහිදි ඡන්ද 110,683 ලබාගත් අතර ප්‍රතිශතය 11.78%ක් වන අතර ආසන 2ක් හිමිකර ගත්තා. නමුත් මෙවර සරත් ෆොන්සේකා සහ ජනතා විමුක්ති පෙරමුණ වෙන වෙනම තරග වැදි සිටි.[/box]

 

මැතිවරණ පවත්වන කාලයේ විවිධ දේශපාලන වේදිකාවල පොරොන්දු රැසකි. එනකොට සහ කරනකොට කෙසේ වූවද කියනකොට සහ යනකොට ඒවාට සීමා මායිම් නැත. රූපවාහිනී දේශපාලන වැඩසටහන් වලින් බොහෝ විට සිදුවනුයේ පොර කොටා ගැනීමකි. ඒ අනුව ගම්වල සිටින අහිංසක මිනිසුන්ද ඇණ කොටා ගනිති. දේශපාලන පොරොන්දු ගලේ කොටපු අකුරක් මෙන් ස්ථීර දෙයක් නොවන බව ඉතිහාසයෙන් පැහැදිලිය. බොහෝ දේශපාලනඥයන් කොට කජු ගස් හතෙන්ම පැනපු අය වේ.

එජාපයේ මෙවර මහ මැතිවරණ ප‍්‍රධාන පොරොන්දුවක් වන්නේ රටේ ග‍්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම සඳහා සියළු ගම්මාන එකතු කොට පොකුරු ගම්මාන 2,500ක් බිහිකර එම ගම්මානයන්හි ආර්ථිකය දියුණු කිරීමට උපදෙස් සහ ආධාර ලබාදෙන බවය. මෙය ගමට රටක් යනුවෙන් හැදින්වූවද ගම කන වැඩකි. ධර්මිෂ්ඨ සමාජයක් බිහිකිරීමට යැයි කියමින් 1977 ජුලි මස බලයට පත්වූ එජාප ආණ්ඩුව අවසානයේදී ග‍්‍රාමීය තරුණයින් 60,000කට ආසන්න ප‍්‍රමාණයකට ජිවිත අහිමි කළේය.

ශ‍්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 80ක් ජීවත් වන්නේ වතුකරයේ සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවලය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 160ක් ඇති අතර එය ග‍්‍රාම නිලධාරි වසම් 14,022ක් තුළ විහිදී ඇත. ඒවායේ ඇති ගම්මාන සංඛ්‍යාව 35,440කි. පොකුරු ගම්මාන 2,500ක් ඇති කරන්නේ ග‍්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමටලූ. අපනයන ගම්මාන නමින් එදා එජාපය ඇතිකල ප්‍රෝඩාවද ගම රැවටීමකි.

ගමක් යනු පරසර පද්ධතියකි. ගම සදාචාරය සහ ආර්ථිකයේ ප‍්‍රධාන අංගයකි. ගමට ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගිය හැක්කේ ග‍්‍රාමීය සම්පත් ඥානවන්තව උපයෝගි කර ගැනීමෙනි. ජන සහභාගිත්වය, ශිල්පීය ඥානය, නවතම දැනුම ඒ සදහා අතවශ්‍ය සාධකයින්ය. එය සිදුවිය යුත්තේ ගමේ සමබරතාවයට හානියක් නොවන පරිදිය. එජාපය 2002 ආණ්ඩුව ලබාගත් විට කීවේ කුඹුරුවල වී අස්වැන්නට වඩා වැඩි ආදායමක් ගර්කින් වගාකර ඒවා අපනයන කිරීමෙන් ලබාගත හැකි බවය. ඒ වී ගොවිතැනට ඇති එජාපයේ ආලේ තරමය. බුලත් වෙනුවට ආදේශකයක් ලෙස චුයින්ගම් හ`දුන්වා දීමට යෝජනා කළේය. එජාපය තංගුස් පට අල්ලාගෙන වැට නැති කටින් ඒවා කියාගෙන ආවද යන්නේ කිත්තං කඹ කඩාගෙනය. විජාතික වට්ටක්කා චින්තනය මත පදනම්ව ගමට රටක් කියා පොකුරු ගම්මාන 2,500න් සිදුවන්නේ ගම වැනසීමකි.

බටහිර බලවේගයන්ට අද අවශ්‍යව ඇත්තේ අපේකම නැතිකිරීමය. ඒ සමග එජාප යෝජනාවනම් කදිමට ගැළපෙන බවනම් සත්‍යයකි. සුනිල් සරත් පෙරේරාගේ පද රචනයකට අනුව සුනිල් එදිරිසිංහ ගායනා කරන ගීයක සඳහන් වන්නේ ‘‘කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා, දෙස බස රැකුමට නුවණින් වැඩකරපල්ලා’’ යනුවෙනි. අද පොකුරු ගම්මාන වෙනුවට එදා අධ්‍යාපන ධවල පත‍්‍රිකාවෙන් ගෙන ආවේ පොකුරු පාසැල්ය. අවසානයේ සිදුවූයේ නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමය. එදා කීවේ පාසැලක් විවෘත කිරීම යනු සිරගෙවල් දහසකට දොර අගුලූ දැමීමක් බවය. එහෙත් පොකුරු පාසැල් සංකල්පයෙන් සිදුවූයේ පාසැල් ඇරෙනවා වෙනුවට කුඩා පාසැල් වැසීයාමය.

එජාප මැතිවරණ තවත් පොරොන්දුවක් වන්නේ බස්නාහිර පළාතම නගරයක් කරන බවය. බස්නාහිර පළාතට කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත‍්‍රික්කයන් අයත් වේ. කොළඹ දිස්ත‍්‍රිකයේ අවිස්සාවේල්ල ආසනයත්, ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රික්කයන්ද අතිශයින් පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ගැමි සංස්කෘතියෙන් පිරිපුන් ප‍්‍රදේශයන්ය. එදා මේ පළාත් හැදින්වූයේ අලූත්කුරු කෝරළේ(මීරිගම අවට), සියැනෑ කෝරළේ(අත්තනගල්ල අවට), හේවාගම් කෝරළේ(අවිස්සාවේල්ල අවට), සල්පිටි කෝරළේ(පිළියන්දල අවට), රයිගම් කෝරළේ(හොරණ අවට* පස්දුන් කෝරළේ(මතුුගම අවට* ඇතුළු විවිධ නම් වලිනි.
බස්නාහිර පළාතේ මෙම ගැමිකම අදටද ඔවුනට ආභරණයකි. බස්නාහිර පළාතම නගරයක් කිරීමේ යටි අරමුණ ජනතාවගේ පොකැට් එකට තට්ටු කිරීමය. ඒ නගර සංකල්පය බිහිවූ පසු එහි වැසියන් ගෙන් අධික බදු අයකර ගැනිමට ආණ්ඩුවට හැකිවීමය. හැටේ දශකයේදී ශ්‍රීලනිපයෙන් කුමන්ත‍්‍රණකාරිව එජාපයට පැන්න නිවිතිගල මන්ත‍්‍රී ස්ටැන්ලි මොල්ලිගොඩ පාර්ලිමේන්තුවට යෝජනා කළේ නිවිතිගල පාරවල්වල වංගු වැඩි බැවින් ඒවා බිමට සමතලා කර අළුතින් පාරක් සැදිය යුතු බවය. එවිට ශ‍්‍රිලනිප කෝට්ටේ මන්ත‍්‍රී ස්ටැන්ලි තිලකරත්න, කථානායක ගෙන් අසා සිටියේ එක මොල්ලියක් තිබෙන තැනැත්තා ගොනා ලෙස හදුන්වන නමුත් මොල්ලි ගොඩකින් හදුන්වන තැනැත්තාට කියන නම කුමක්ද යන්නය.

බස්නාහිර පළාතේ මෙම සංස්කෘතිය විදේශ ආක‍්‍රමණ වලට පවා වෙනස් කල නොහැකි විය. එජාප රජය 2002 සිට වසර දෙකක් ආණ්ඩුව කරද්දී කෝට්ටේ ඇමතිවරයෙකුගේ යෝජනාවක් අනුව කෝට්ටේ බංගලා හන්දියේ පිහිටි ශ‍්‍රී ජයවර්ධනපුර විදුහලේ නාමය එහි කලින් තිබූ ක‍්‍රිස්තියන් කොලේජ් නමින් නම් කිරීමට තීරණය කළේය. දැඩි ජනතා විරෝධයක් පැන නැගිණි. පුරාවිද්‍යා ඉතිහාසය අනුව එදා ක‍්‍රිස්තියන් කොලේජ් පිහිටුවීමට අඩිතාලම යොදා ඇත්තේ රජකාලයේ සිට එහි තිබූ පිරිවෙනක් මුළුමනින් විනාශ කර බෞද්ධ භික්ෂූහු සිය ගණනක් ඝාතනයෙන් පසුවය. එම උද්ඝෝෂණය හමුවේ පාසැලේ නාමය පෙර පරිදිම විය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ගම දියුණු කළේ ගම තුළින් ලැබූ දැනුම, පළපුරුද්ද සහ ගම තුළ ජීවත්වූ අත්දැකීම් ඔස්සේය. ඉන් පැහැබර අනාගතයක වරුණ මතුවිය. වැහැරී ගිය ශ‍්‍රමය යළි පුනර්ජීවන චින්තනය ඵල දැරීය. වැළලී ගිය සම්පත් යළි උදා කර ගැනිමේ සංකල්පය මතුවිය. ගැමි ජනතාවගේ සැ`ගවුණු හැකියාවන් ප‍්‍රතිඋද්දීපනය කිරීමේ ප‍්‍රාර්ථනාවන් විකසනය විය. ගම් දොරට දියුණුවේ රන් දොරටු විවර විය. ගැමි ජනතාව වෙනුවෙන් සිදුකල එම වැඩසටහන් සියල්ලම අද ඇණහිට ඇත. ලක්ෂ සංඛ්‍යාතික පිරිසකට ජීවන මංපෙත් ඇහිරී ඇත. ඒ ගම කෙරෙහි ඇති එජාප ආණ්ඩුවේ කෙරුවාවය.

‘යහපාලන’ ආණ්ඩුව යනු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හදපු ගොඩනැගිලි විවෘත කිරීම අතරතුර හිටපු රජයෙන් කිසිදු සංවර්ධනයක් නොකර හොරා කෑවායැයි බොරු අවලාද නගන ආණ්ඩුවකි. ඉකුත් මාස 6 තුළ ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය විධිමත් ලෙස සිදු නොවු අතර මුදල් වැයකළේ රජයේ වියදම් පියවා ගැනීමටය. එම මාස 6 තුළ ලබාගත් ණය ප‍්‍රමාණය 2015 වසර වෙනුවෙන් සම්මතවූ මුළු ණය මුදලින් සියට 96කි. සමස්ත කොටස් වෙළෙදපොළේ අගය 2009දී ඇමරිකානු ඩොලර් බිලියන 5.2ක් විය. එය 2014වන විට ඩොලර් බිලියන 28 දක්වා ඉහළ ගෙන ඒමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හැකිවිය. ඉකුත් මාස 6 තුළ පමණක් එය ඇමරිකානු ඩොලර් බිලියන 23 දක්වා පහත වැටී ඇත. ‘යහපාලන’ ආණ්ඩුවේ මතට තිත වැඩසටහනද අන්න නයා, මෙන්න පොල්ල, මං සිල්ගත්තා වගේ ඇග බේරාගෙන කරන නර නාටකයකි. මෙරටට ගෙන්වූ එතනෝල් ප‍්‍රමාණය 2014 වසරේ මාස 12 ඇතුළත මිලි ලීටර් ලක්ෂ 14.7කි. අලූතෙන් ලබාදුන් එතනෝල් බලපත‍්‍ර සංඛ්‍යාව 26කි. මෙම වසරේ මුල් 6 මාසය තුළ මෙරටට ගෙන්වූ එතනෝල් ප‍්‍රමාණය මිලි ලීටර් ලක්ෂ 13.9කි. ‘යහපාලන’ ආණ්ඩුවේ ඇත්තෝ මේවා ඉදිරියේ හැසිරෙන්නේ ආදා මාළු ඉරට්ටෙන් කනවා වගේය.

වත්මන් ආණ්ඩුවේ දේශපාලන සටන් පාඨ වී ඇත්තේ යහපාලනය හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ. දූෂිතයා, හොරා, අපරාධකාරය යන පාදඩ දේශපාලන සටන් පාඨය. මෙම සටන් පාඨ එජාපයේ 1977 ආරම්භ කල දුර්දාන්ත පාලනයේ ක‍්‍රියාකාරකම්වල නිරුවත වසා ගැනීමක් පමණි. එබැවින් මෙම හුඹස් සටන් පාඨවල ඉලක්කය වන්නේ ඉතිහාසය ගැන නොදන්නා අය සහ හිතාමතාම ඉතිහාසය අමතක කල අය වේ. මෙවැනි අය උදේට ගල් ගසති. ?ට පොල් ගසති. උදෑසන මල් කඩති. රාත‍්‍රීයේ වල් නෙලති.

ශ‍්‍රිලනිප නායක මෛත‍්‍රීපාල සිරිසේනගේ විශේෂ ප‍්‍රකාශයෙන් වින්දනයක් ගත්තේ එජාපයේ සහ ජවිපෙ අය පමණි. අවම වශයෙන් ශ‍්‍රිලනිප මෛත‍්‍රී කල්ලියේ දඹුල්ලේ ජනක තෙන්නකෝන්, හිනිදුම පියසේන ගමගේ, කටානේ සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ වැනි අයට පවා එය අරහන්ය. ශ‍්‍රිලනිප සමාජිකයින් ඇතුළු රටපුරා ප‍්‍රගතිශීලින්ට එය තවත් චූන් පාන් කථාවක් පමණි. මෛත‍්‍රීපාලගේ එම විශේෂ ප‍්‍රකාශය එජාප නායකයා වන අගමැති රනිල් වික‍්‍රමසිංහට නම් කොහොඹ ගසට කරවිල වැල ගියා වගේ වැඩකි.

ශ‍්‍රීලනිපයේ සියයට 99යක ගේ අගමැති අපේක්ෂකයා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. ශ‍්‍රිලනිපයේ සියයට 99ක ගේ බලය ඇත්තේ මහින්ද රාජපක්ෂට බව ජනාධිපති සිරිසේනද පිළිගෙන ඇත. මෙම වෙනස වෙනස් කල නොහැකිය. ශ‍්‍රිලනිප නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායකගේ වදනකින් කියනවානම් ගලන ගඟ ආපසු හැරවිය නොහැකිය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනටද සිදුකල යුත්තේ පරණ ශේෂ පත‍්‍ර පරික්ෂා කරනවා වෙනුවට මහ මැතිවරණයේ සන්ධාන ජයග‍්‍රහණයෙන් පසු අලූත් හවුල් ගිණුමක් මහින්ද රාජපක්ෂ සම`ග ඇරඹීමය.

එක් පසෙක මහ බැංකු පේ‍්‍රතයෝය. අනෙක් පසින් බෙදුම්වාදී කුම්භාණ්ඩයෝය. මහින්ද රාජපක්ෂ දේශපාලනය අත්නොහැරීම ප‍්‍රශ්නයක් වී ඇත්තේ ශ‍්‍රිලනිප පාක්ෂිකයින්ට හෝ රටේ බහුතර ප‍්‍රගතිශීලි ජනතාවට නොවේ. ඇමරිකාවට සහ ඉන්දියාවටය. ඔවුුන්ගේ ගැත්තන් සහ ඉත්තන්ටය. එන්.ජී. ඕ. ඩොලර් කාක්කන්ටය. කළගුණ දන්නා ජාතියක් ලෙස කොටි ත‍්‍රස්තවාදීන් පරදවා මව්බිමට විජයග‍්‍රහණය ගෙන දුන් මහින්ද රාජපක්ෂට කරපිංචා න්‍යායෙන් සැලකීමට ජනතාව කිසිසේත් සූදානම් නැත. මහින්ද රාජපක්ෂ අගමැති කල යුත්තේ දිනූ දේශය රැක ගැනීමටය. මව්බිමේ ආර්ථික පුනරෝදය යළි විකසිත කිරීමටය. එබැවින් ගමේ ජනයා මහින්ද අගමැති කිරීමේ සටන ජවයෙන් මදකුදු අඩු නොකර අධිෂ්ඨානයෙන් ඉදිරියට ගෙන යයි. එය හරියට ගෞතම බුදුන් මම බුදුවී මිස මෙම ඇසතු බෝරුක මුලින් නොනැගිටිමි කියා කල අධිෂ්ඨානය හා සමානය. ගම දිනාගැනීම සදහා පොකුරු ගම්මාන 2,500 ඇරඹීමේ සහ බස්නාහිර පළාත නගරයක් කිරීමේ එජාප මැතිවරණ කැරට් අලයෙන් සිදුවන්නේ අතීසාරයට අමුඩ ගැසීමක් පමණි.

කුරුණෑගල දිස්ත‍්‍රික්කෙන් ඉදිරිපත්වන මහින්ද රාජපක්ෂ පිටගම්කාරයෙක් යැයි පවසා කරන චෝදනා, වැල වරකා වැනි දෙලොවටම නැති කථාය. චන්ද්‍රීකා කුමාරණතුංග 1994 ගම්පහ දිස්ත‍්‍රිකයෙන් පොදුජන එක්සත් පෙරමුණෙන් තර`ගකර ඡන්ද 464,588ක් ලබා ගත්තාය. බැසිල් රාජපක්ෂ 2010දී ගම්පහ දිස්ත‍්‍රිකක්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කර ඡන්ද 425,861ක් ලබා ගත්තේය. එජාප නායකයා වශයෙන් 2004දී කොළඹ දිසත‍්‍රික්කයෙන් තරඟ කර රනිල් වික‍්‍රමසිංහ ඡුන්ද 329,524ක් ලබා ගත්තේය. මෙවර කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,266,443කි. ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මහින්ද රාජපක්ෂ සන්ධානයෙන් තරඟ කරමින් ලක්ෂ 8ක ආසන්න වාර්තාගත ඡන්ද ප‍්‍රමාණයක් කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් ලබාගනු ඇත. එබැවින් කුරුණෑගලට මහින්දගේ ආගමනය ගැන දොස් දෙවොල් තබන අයට අගොස්තු 18වැනිදා සිදුවනු ඇත්තේ වැල වහල්ලේ කෝදුරුවෝ මෙන් ඒකටම වැදී දේශපාලන වශයෙන් අනාථ වීමටය.

තැටිය රත්වුණු වේලේ රොටිය පුච්චාගන්නට සිතුවේය. දින 168ක් තුළම හිඟන්නාගේ තුවාලය මෙන් රොටිය විකුණාගෙන කෑමට සිතුවද අවසානයේදී රොටිය කරවිය. ‘යහපාලන’ බොරුවෙන් සැමදා රට රැවටිය නොහැකිය. පොකුරු ගම්මාන 2,500 සහ බස්නාහිර පළාත නගරයක් කිරීමේ යෝජනා දේශපාලන ඡන්ද කඩා ගැනිමේ කලගෙඩි සෙල්ලම් පමණි. ජනමත විචාරණය 1982දී පැවැත්වුයේ මේ කලගෙඩි සෙල්ලම් එජාපයට හොදටම හුරු පුරුදු බැවිනි. වසර 1815දී සිදුවු වරද නිවැරදි කිරීමට බොහෝ කලක් සිටීමට සිදුවිය. වසර 2002 සිදුවූ වරද නිවැරදි කිරීමට වසර 2ක් ගතවිය. ඉකුත් 2015 ජනවාරි 8 වැනිදා සිදුවූ වරද නිවැරදි කිරීමට මාස 7කින් හැකිවීම පූරුවේ පිනකි. ඒ සඳහා කල් යල් බැලිය යුත්තේ අගෝස්තු 17වන තෙක් පමණි.

ධර්මන් වික්‍රමරත්න

(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com)

මහින්ද රාජපක්‍ෂට නමයෝජනා දීමට පෙරත් ඉන් පසුවත් මෙරට NGO ඝට්ටබියන්ද අනෙකුත් දේශපාලන පක්ෂවල අයද දිවමතුරක් සේ කියන දෙය නම් මහින්ද දැන් මැදමුලනට වී විශ්‍රාම සුවයෙන් කල්ගත කලයුතු බවයි.ඒ සඳහා ඔවුන් ගෙනෙන තර්කයක් වන්නේ මහින්ද දැරිය යුතු සියලු තනතුරු දරා තිබීම සහ ජනතාව ඡන්දයකින් පරාජය කොට ගෙදර යවාතිබීමයි. එක්වරක් පැරදුන පමණින් මොවුන් මහින්දට දේශපාලනය අකැප භාවිතයක් කියන්නේ කුමන පදනමක් ඇතුවද? ප්‍රජාතරන්ත්‍රවාදය,දේශපාලනය කිරීමේ අයිතිය, මත දැරීමේ අයිතිය, මානව හිමිකම්. අයිතිවාසිකම් වෙනුවෙන් හඬතලන ඊනියා සංවිධාන පවා මේ කාරණය මන්ත්‍රයක් සේ ජප කළහ. මහින්ද විශ්‍රාම සුවයක් ලබාදීමට මේ අයට ඇති හදිසි උවමනවා කුමක්ද? අපේ අදහස මහින්ද නැවත දේශපාලනයට පැමිණිය යුත්තේද ඒ නිසා මයි.

මහින්ද විශ්‍රාම ගැන්වීම තීරණය කළ යුත්තේ මේ ඊනියා විකල්ප ගෝත්‍රයේ පඬියන් නොවේ. එය තීරණය කළ යුත්තේ මහින්දගේ කැමැත්ත සහ මේ රටේ පොදු ජනතාවයි. වරෙක පරාජය යනු ජයග්‍රහණයක් වෙනුවෙන් සුදානම් වීමට ලැබෙන කාලයකි. එක්වරක් පැරදීම දේශපාලනයෙන් විශ්‍රාම ගතයුතු කරුණක් නම් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඒ සඳහා හොදම උදාහරණ දෙන්නේ ජවිපෙ සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතායි. 29 වාරයක් පරද්දා විසි නමවාරයක්ම විශ්‍රාම යායුතු යයි ජනතාව අණ කළ රනිල් තවමත් අනුන්ගේ පිහිටෙන් හෝ බලය උරගා බැලීමට කුරුමානම් අල්ලයි. එක වරක් පැරදුන මහින්ද දේශපාලනයෙන් කොහෙත්ම විශ්‍රාම ගත යුතු නැත. මහජනතාවද ඊට කිසිසේත් ඉඩදිය යුතු නොවන්නේ අතීතයට වඩා මහින්ද රාජපක්ෂගේ භූමිකාව හෙට රටට අත්‍යවශ්‍ය බව වර්තමාන සිරිසේන හා රනිල් ඔප්පුකොට ඇති නිසාය.

රට අරාජිකත්වයේ පතුළටම කෙළවා හෝ බලය වෙනුවෙන් සක්කිලි දේශපාලනයක යෙදෙන රතන හිමි, චම්පික, අනුර, වැනි තක්කඩින්ටද විවරවිය යුත්තේ ඉතිහාසයේ කුණු බක්කිය නොව නිසැක වශයෙන්ම අපායේ දොරටුවය. දැන් ඔවුන් දේශප්‍රේමී සළු ලිහා සිංහල බෞද්ධයින්ටම හෙළුව වනමින් එජාප වේදිකාවේය. මව්බිම නැත්තම් මරණය කියූ පක්ෂයක අනුර කුමාර එජාප යොවුන් පෙරමුණේ (තිරය පිටුපස ) නායකයාය. NGO ඝට්ටබින්ගේද සුරතලාය.

ඉතිහාසය විසින් නිර්මාණය කළ වීරයා, පසුව,පෙරළා; වීරයා විසින් ඉතිහාසයක් නිර්මාණය කළේය.අනාගතයේදී, ඒ ඉතිහාසය අකා-මකා දැමීම සිදුවන පෙරනිමිති දැනටමත් ඔවුන්ගෙන් දිස්වෙමින් තිබේ.එබැවින් මහින්ද නැවතත් ඒ අරාජික හෙටට උවමනාය.

>1906 උපතලද ජේ.ආර් (JR) 1938 ලංකා ජාතික සංගමයෙන් දේශපාලනයට පිවිසෙන්නේ වයස අවු 32දීය.

>1940 කොළඹ මහනගර සභා මන්ත්‍රී ධූරයකට පත් වනවිට ඔහුගේ වයස අවු 34 කි.

>1906 උපත ලැබූ JR ව්‍යවස්ථාදායකයේ ඡන්දයෙන් ජනාධිපති වුයේ 1978 දී වයස 72 දීය.

>JR මහජනඡන්දයෙන් ජනාධිපති වුයේ 1982 දී වයස අවරුදු 76 දීය.

>JR විශ්‍රාම ගියේ 1989 වයස අවු 83 දීය!

>මහින්දට තවම වයස 69 කි. JR ජනපති වූ වයසට වසර 03කුත් බාලය. අනික රට බේරාගත් නායකයාය.

>සිරිමාවෝ වයස 84 දීත් රෝද පුටුවෙන් මරණ මංචකයට යනතුරු ලංකාවේ අගමැති තනතුර දැරුවාය!

>අවු 24 දී දේශපාලනයට පැමිණි, රටබේරාගත් නායකයා අවු 69 න් දේශපාලනයෙන් විශ්‍රාම යැවිය යුතු නැත.

ඔහු සැබෑ නායකයකු බව දැනෙන්නේ පෙන්දන් ජනාධිපති වූ විටය.

රත්තනදෙණියේ මේධානන්ද හිමි
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Top