Breaking
19 Feb 2025, Wed

30 වසරක යුද්ධයේ අදුරු මතකයන් තවමත් අප සිත් තුළ හොල්මන් කරන්නේ නොමැකෙන මතකයන් දහසක් ඉතිහාසයට එක් කිරීමට දරුණු එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදීන්ට හැකිවූ නිසායි.මීට වසර ගණනාවකට පෙර උපන් ,නූපන් දරුවන් ලක් මෑණියන්ගේ භූමි තලය සිප ගැනීමට බිය වූයේ ත්‍රස්තවාදින්ගේ ගිනි ජාලාවල් ලක් මෑණියන් වටා පැතිර ගිය නිසා බව නොරහසකී.නිවසින් කෙනෙකු  පිටව ගිය විට ඔහු හෝ ඇය යළි නිවසට පැමිණෙන තුරු නිවැසියන් දෑස් යොමා බලා සිටී අතීතයක්ද අප හට පැවති බව සියළු දෙනා මතකයේ තබා ගත යුතුයි.කාලයක් ගතවී අවසන්.අතීතය තුළින් වර්තමානය ගොඩ නගා අනාගතය සුන්දර කර ගැනීමට කාලය එළැඹි ඇත්දැයි හැගේ.එයට මූලික අඩිතාලම දැමීමට 2009 වර්ෂයේදී අපට හැකියාව ලැබුණි.

හිටපු යුධ හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකගේ මෙහෙයුම් යටතේ මහින්ද රාජපක්ෂ රාජ්‍ය නායකත්වය යටතේ ලක් මෑණියන් කුරිරු ත්‍රස්තවාදින්ගෙන් බේරා ගැනීමට අපට හැකියාව ලැබුණි .2009 වර්ෂයේ මැයි 18 වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ හිසට බරපතල ලෙස තුවාලවී ඔහු මිය ගිය ආකාරය දුටු සැණින් අපගේ ඇගේ මයිල් කෙළින්වී ගියේ රට ජාතිය පිළිබද අපට හැගිමක් තිබූ නිසා මිසක් වෙන කිසිදු කාරණයක් නිසා නොවේ.සෑම නිවසකම ජාතික කොඩිය ළෙල දෙන්නට විය. පාසැල ,තුළ ජාතික ගීය වාදනය වන විට පාරේ යන මිනිහා පවා කෙළින් සිටගෙන එයට ගරු කිරීමට කටයුතු කලේ රට ,ජාතිය සම්බන්ධයෙන් සිංහලයා සතු උදාර භක්තිය නිසායි.යුද්ධය නිමා කර ජනාධිපති මහින්ද රාජපක්ෂ රටට පය තැබු විගස පොළවට වැද නමස්කාර කිරීමට තරම් ඔහු නිහතමානි වූයේ කිරි සප්පයාගේ සිට මහල්ලා දක්වා සියළු දෙනාගේම දෙනෙත් කදුළු වලින් තෙත් කරමිනි.”ආයුබෝවේවා මහ රජාණෙනි”මේ ගීතය අසන අසන වාරයක් පාසා අප ජනාධිපති මහින්ද රාජපක්ෂට ගරු කලේ ලෝකයේ උතුම්ම වස්තුව වන් නිදහස් නිවහල් රටක් අපට ලබාදීමට ඔහුගේ පාලන සමය  තුළදී හැකිවූ නිසාවෙනි.

හය හතර නොදත් පුංචි දරුවන් “ජය ශ්‍රි මහින්ද මාමේ “කියා කෑ ගැසුවේ ,මහින්ද රාජපක්ෂ යන මග දෙපස සිප ගැනීමට තරම් ජනයා නිහතමානි වූයේ රට පිළිබදව ඇති අපරිමිත ගෞරවය නිසායි.සෑම හදවතක් පාසාම ටිකෙන් ටික ලැගුම් ගත් ඒ රාජ්‍ය නායකයා ශ්‍රි ලාංකිකයා තිරිසනුන්ගෙන් බේරා ගත්තේ රටකට රටක් අවශ්‍ය බව සනාථ කිරීම සදහායි.යුද්ධය අවසන්වී හමාරයි.උතුර,නැගෙනහිර ,බටහිර ,දකුණද එක ධජයේ සෙලවෙන වාතාවරණයක් සකස් කර දුන්නේ කවුරුන් කෙසේ කීවත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය .එදා ජනතා හදවත් ස්පර්ශ කල ඒ රාජ්‍ය නායකයා යුධ අධිකරණයකට ගෙන යෑමේ කුමන්ත්‍රණයක් පවතී.

එය සනාත කිරීම සදහා ඕනෑ තරම් කරුණු පවතී.නිෂා බිස්වාල් ලංකාවට පැමිණීම ,කමලේෂ් ෂර්මා ලංකාවට පැමිණීම ,මංගල සමරවීර ඇමරිකාව බලා පිටත්ව යෑම ,ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ජනාධිපති මෛත්‍රිපාල සමග සාකච්ඡා පැවැත්වීම සහ මෛත්‍රිපාල ජනාධිපතිධූරයට පත්වූ විගස ඉන්දියාවට පැමිණෙන ලෙසට ඔහුට ආරාධනා කිරීම ඒ හේතූන්වේ.මින් කිසිම දිනක සිදු නොවූ ආකාරයට රට තුළට මේ අය පැමිණෙන්නේ ඇයිද යන්න අපට ගැටළුවක් පවතී.මෙවර ජනාධිපතිවරණය තුළදී උතුරු නැගෙනහිර පළාත් සම්පූර්ණයෙන්ම ජය ලබා තිබුණේ මෛත්‍රිපාල සිරිසේනයි.එදා ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ සමයේ ඔය කිසිදු රාජ්‍ය නායකයෙකුට උතුරේ සංචාරය කිරිමට හැකියාවක් නොලැබුනේ යලි යලිත් බෙදුම්වාදය උතුරේ ස්ථාපනය විමට ඉඩ නොතැබු නිසාය.

දෙමළ ජාතික සන්ධානය විග්නේෂ්වරන් පෙරටුකරගෙන නව දෙමළ ඊළාම් මෙහෙයුම පෙරට ගෙන යනවා. මේ තත්ත්වයට එරෙහිව එදා ”ප්‍රභාකරන්ගේ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටි අන්දමින් සියලු ජනතාව නැගී සිටිය යුතුයි. එසේ නොවුණහොත් ප්‍රභාකරන්ට අවියෙන් බැරි වුණු දේ විග්නේෂ්වරන්ලා ‘ව්‍යවස්ථා බිම් බෝම්බ” පාවිච්චි කර සිදු කරාවි”2009 නොවැම්බර් 6 දා මෙරට ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌ රහසිගතයි යනුවෙන් දක්‌වමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත සංදේශයක්‌ යවමින් මුස්‌ලිම් කොන්ග්‍රසයේ ක්‍රමෝපාය රාජපක්‍ෂ පාලනය පරාජය කිරීම බවත් ඒ හරහා වර්ග කිලෝමීටර් 46436 කින් යුත් ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටර් 9996 ප්‍රදේශය මුස්‌ලිම් රාජ්‍යයක්‌ බවට පත්කළ යුතු බවට වූ  ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රස් කුමණ්ත්‍රනය මේ වනවිට ඉතා සියුම්ව ක්‍රියාත්මක අවසන්‍ ය.

රටට නොගැළපෙන පුද්ගලයන් රට තුළට කැදවා ගෙන රට තුළ ගිනි දැල් නිවා දැමූ නායකයෙකු හේග් අධිකරණයකට ගෙන යෑමට යම් කෙනෙක් උත්සහ දරයි නම් එය මහා අසික්ඛිත ක්‍රියාවකි. නමුත් සත්‍යද එයම වේ වෛරි දේශපාලනය තුළ මව් බිම සිප ගැනීමට  හැකි නායකයෙකුගේ පිංතූර තමිල්නාඩුවට යවා පෙට්‍රල් වත්කර ගිනි බත් කිරීමට පවා කටයුතු කල යුගයක මහින්ද රාජපක්ෂව හේග් නුවර යුධ අධිකරණයට ගෙන යන නින්දිත ක්‍රියාවක් සිදු නොකරනු ඇති බවට කිසිවෙකුටත් සහතිකයක් දිය හැකි නොවේ.

දියසෙන් කුමරු    

ඔබගේ ලිපි යොමුකරන්න  – lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.