LNN SPY

චන්ද්‍රිකා හදන්නේ මට කෙලවන්න

හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බෞද්ධ සංවිධාන වලට බැන වැදිම හරහා රටේ සිංහල බෞද්ධයන් තමන් සමග වෛර බැඳගන්නා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.ඊයේ රාත්‍රියේ වර්ථමාන දේශපාලන තත්ත්වය පිළිබඳව තම කටයුතු භාර කණ්ඩායම සමග කල සාකච්ඡාවේදි එම කණ්ඩායම පෙන්වා දි ඇත්තේ පසුගියදා හිටපු ජනාධිපතිණිය කල ප්‍රකාශය හේතුවෙන් බොහො දෙනෙකු කලකිරිමට ලක්ව ඇති බවයි.

“දැන් ජනතාවට ගහන්න අර බල සේනා මේ බලු සේනා එන්නේ නෑ.මින් ඉදිරියට ඔවුන් ජනතාවට පීඩා කරන්න ආවොත් අපි ඔවුන්ව බලු කූඩු වලට දානවා.මෙහෙම මේ රටේ භේද භින්න ඇති වෙන්න දෙන්න බෑ.” යනුවෙන් පසුගියදා තිහාරිය ප්‍රදේශයේ මුස්ලිම් පිරිසක් සහභාගිවු රැස්විමකදි චන්ද්‍රිකා බණ්ඩාරනායක පවසා තිබේ.

බොදුබල සේනා සංවිධානයට් බැන්න කමක් නෑ….ඒ උනාට සිංහල බෞද්ධයන්ගේ හිත රිදේන කතා කියන්න් හොද නෑ……යනුවෙන් මෛත්‍රී පැවසු බව එම කණ්ඩායම නියෝජනය කරන නමුත් නමුත් නම සදහන් නොකරන අයෙකු LNW සමග පවසා සිටියේ.

සිංහල බෞද්ධ රටක ජිවත් වෙමින් ඒ රටේ ජනාධිපතිවරිය හැටි කටයුතු කල අයෙකු මේ අකාරයට කතා කිරිම තුලින් පිරිහෙන්නේ චන්ද්‍රිකා ගැනී නොව මෛත්‍රී ආණ්ඩුව බවද ඔහු සදහන් කළා.

Top