LNN SPY

නගරාධිපති මුසා,ධම්මිකගෙන් මසකට ලක්ෂ 10ක් අරන්!

කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාගෙන් මසකට රුපියල් ලක්ෂ 10 බැගින් කප්පම් ගන්නා බව LNW අනාවරණය කරගෙන තිබේ. ආණ්ඩුව පත්විමට පෙරසිටම තමන් කොළඹ නගරාධිපති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ තමන් සමග ඉතා මිත්‍රබවත් පවසමින් මෙම් කොල්ලයි මුසා විසින් මෙහෙයවා තිබේ.

ආණ්ඩුව පෙරලුණු වහාම ධම්මිකට කතාකල මුසා …”දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක්…හරිද?…දන්නවානේ රනිල් කියන්නේ මගේ දකුණු අත වගේ”……යනුවෙන් පුරසාරම් දොඩවා තිබේ.(සැ :යු මුසා යනු පසුගිය කලසිමාවේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව ආර්බුදය හටගත් අවස්ථාවේ සජිත් සමග එකතුව රනිල් එලවිමට කැසිනෝ සල්ලි විසිකරමින් කටයුතු කල අයෙකි.)

 අංක එකේ  කැසිනෝ කාරයෙකු වන මුසම්මිල්  පසුගියදා කොල්ලුපිටිය ‘මැරයින් ඩ්‍රයිව්‘හි පිහිටි කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න මහතාට අයත් සුපිරි පන්නයේ කැසිනෝ හලකදී රුපියල් මිලියන 15ක කැසිනෝ දිනුමක් ද දිනාගෙන තිබේ.නමුත් ඒ මොහොතේදී එම දිනුම් මුදල ගෙවීමට රවී විජේරත්න මහතාට මුදල් තිබී නැති බවත්, කොටස් වශයෙන් එම දිනුම් මුදල ගෙවීමට ඒ මහතා පොරොන්දු වී ඇති බවත් දැනගන්නට ඇත.

කොළඹ නගරාධිපතිවරයා කලෙක සිට කැසිනෝ ගැසීමට පුරුදු වී සිටි අයකු බවත්, ඒ සදහා නිතර නිතර රවී විජේරත්න මහතාට අයත් කැසිනෝහලට යන එන බවත් ප්‍රසිද්ධ රහසක් වන අතර මෙම කැසිනෝ ක්‍රිඩා කිරිම සදහා  ධම්මික පෙරේරාගෙන් සල්ලි ගරණ බවද වාර්තා වේ.මිට අමතරව ධම්මික පෙරේරාගේ කැසිනෝ ශාලා වලට යන  මුසම්මිල් කැසිනෝ ක්‍රිඩාකර සල්ලි නොදිම චණ්ඩිකම් පෙන්වා යන බවද වාර්තා වේ.

Top