Featured

G7 ගිහින් ආපු ගමන් රණවිරුවන්ගේ මුහුණේ ගූ ගෑ සිරා-ආරක්ෂක මණ්ඩල රැස්විම මෛත්‍රීගේ ගෙදර

ජපානයේ සංචාරය නිමවා පැමිණී විගසම ආරක්ෂක ප්‍රධානින්ගෙන් කිසිදු කරුණු විමසිමකින් තොරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා රණවිරුවන්න්ට ප්‍රසිද්ධියේ නින්දා කල නැගෙනහිර පළාත් මහ ඇමති හාෆීස් නසීර් අහමඩ්ට එරෙහිව ත්‍රීවිධ හමුදාව පනවා තිබු තහනම ඉවත් කිරිමට කටයුතු කිරිම පිළිබඳව ආරක්ෂක ප්‍රධානින් දැඩි ලෙස කණස්සල්ලට පත්ව ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනා විසින් තමන්ට එරෙහිව සම්බාධක පැනවීම ත්‍රිවිධ හමුදාව දේශපාලනයේ යෙදීමක් ලෙසින් හෙලා දකිමින් නැගෙනහිර පළාත් මහ ඇමති හාෆීස් නසීර් අහමඩ් විසින් ජනාධිපතිවරයාට සහ අගමැති වරයාට ලිපියක් ලියා දින කිහිපයක් ගතවිමටත් පෙර ජපානයේ සිට පැමිණි ආරක්ෂක අමාත්‍ය ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය ගැන කනස්සල්ලට පත් හමුදා ප්‍රධානින් සිය තනතුරු වලින් ඉවත් විමේ සුදානමක් ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

රටේත්, ජාතියේත් ආරක්ෂාව වෙනුවෙන්, ඊට එරෙහිව නැගී එන බලවේගවලට එරෙහිව ක්‍රියාත්මක වීමට නොහැකිනම් තව දුරටත් හමුදා නිළ ඇදුම දරාගෙන සිටීමෙන් වැඩක් නැති බවයි එම හමුදා ප්‍රධානින්ගේ අදහස වි ඇත්තේ.

මේ අතර නැගෙනහිර පළාත් මහ ඇමති හාෆීස් නසීර් අහමඩ්ටට තහනමක් පැනවිමට තරම් යුධ හමුදාව ශක්තිමත් විම අනාගත වත්මන් දේශපාලන ක්‍රමවේදයට හිතකර නොවන බවත් ඒ හේතුවෙන් පසුගියදා සිදුවු සිද්ධිය සමග හමුදාවට නායකත්වය දුන් නිලධාරීන් සොයා ඔහුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවත් අනාවරණය වි තිබේ.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡකිරිම සදහා විශේෂ ආරක්ෂක මණ්ඩල රැස්විමක් අද රාත්‍රීයේ ජනාධිපතිවරයාගේ නිළ නිවසේ පැවැත්විමට කටයුතු ද යොදවා තිබේ.

Top