Anonymous Reporter

සුධර්මන්ගේ පවුල ගිලගත් “ඉරිදා”සිකුරාදාම ගිනි ගනී

සෙනසුරාදාට එන බව කියමින් රට පුරා ජනතා ආකර්ෂණය දිනාගත් “ඉරිදා” පුවත්පත වැඩිකල් නොගොස් අර්බුදයට ලක්වන බව පුවත්පත එළි දකින්නටත් පෙර අපි පැවැසූවෙමු. එය සියයට සියයක් සත්‍ය බව දැන් සනාථ වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් වෙබ් මාධ්‍ය කිහිපයක් හා මුද්‍රිත මාධ්‍ය කිහිපයක් විසින් කරුණු අනාවරණය කර තිබුණි. ඉරිදා කාර්ය මණ්ඩලය තුළ සුදුසුකම් කිසිවක් සපුරා නැති කිහිප දෙනෙක් සේවයට බඳවා ගෙන ඇති සුධර්මන් රදෙළියගොඩසහ සුධර්මන් රදෙළියගොඩ ගේ හිතවතුන් විසින් එහි සමස්ත ක්‍රියාවලියම අකර්මන්‍ය කරමින් සිටින බව වාර්තා වෙයි.

මෙම පුවත් පතේ සේවයට බැඳුණු ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදීන් කිහිපදෙනෙකුම මේ වනවිට තම හිතවතුන්ට පවසා ඇත්තේ මේ ආකාරයට විළි ලැජ්ජා නැතුව ඥාති සංග්‍රහයේ යෙදෙන ආයතන පරිපාලකයෙක් තමන් කිසිදා නොදුටු බවකි.

# වෙළඳ දැන්වීම් සහ ප්‍රචාරක ක්ෂේත්‍ර යේ කිසිම දැනුමක් හා අධ්‍යාපන සුදුසුකම්වත් සපුරා නැති තම ළා බාල පුත්‍රයා රුපියල් එක්ලක්ෂ තිස්පන්දහසක (135,000/=) වැනි ඉහළම වැටුපකට මෙම ආයතනයට බඳවා ගැනීම

# තම නිවසේ සේවය කළ, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සේවිකාවක් වන ඥාති දියණියරුපියල්පනස් දහස ඉක්මවන වැටුපකට පුවත්පතේ කර්තෘ මණ්ඩලයට බඳවා ගැනීම

# තමන්ගේ පක්කිළි කටයුතු සියල්ල ඉටු කරන, කිසිම බුද්ධියක් නැති බුද්ධිදාස නැමැත්තෙක් රුපියල් හැත්තෑ දහස ඉක්මවන වැටුපකට විධායක ශ්‍රේණියට බඳවා ගැනීම

# තම හෙන්චයියෙක් වන රොෂාන් අහංගම සහ ඔහුගේ බිරිඳ වන අයේෂි රාජසූරිය මාධ්‍ය ක්ෂේත්‍ර යේ කිසිම සුදුසුකමක් නැතිව උප කර්තෘ ලෙස සහ ජ්‍යෙෂ්ඨ කර්තෘ මණ්ඩල සාමාජිකයින් ලෙස එකම කාර්යය මණ්ඩලයේ සේවයේ පිහිටුවීම (මෙම ආකාරයේ පත්වීම් කම්කරු ප්‍රඥප්තිපවා උල්ලංඝණය කිරීමකි)

මෙම ක්‍රියා සුධර්මන් රදළියගොඩගේ ක්‍රියාපටිපාටියේ ඉහළින්ම ඇති අතර, මේ පිළීබඳව විජිත පබ්ලිකේෂන් ආයතනයේ මවු සමාගම වන විජිත සමූහ ව්‍යාපාරය දැඩිව අවධානය යොමු කර ඇත. ඒ අනුව සුධර්මන් රදළියගොඩගේ විසින් කරන ලද ඉහත පත්කිරීම් සියල්ල අහෝසි කරන්නට පරිපාලන අධිකාරිය අදවන විට පියවර ගෙන ඇත. “මුල්පිටුව” නම් පුවත්පත සඳහා ද සම්බන්ධවී සිටි මෙම කණ්ඩායම එම ආයතනය සතුව තිබූ පරිගණක, පිඟන් කෝප්ප, දුරකථන ඇතුළු භාණ්ඩ රැසක් ද එම ආයතනයෙන් සොරකම් කරගෙන ගොස් තිබුණි.

සුධර්මන්ගේ පුත්‍රයා ප්‍රධානත්වයගත් දැන්වීම් අංශය මේවන විට පත්තර 8ක් සඳහා රැගෙනවිත් ඇත්තේ රුපියල් ලක්ෂ (6) හයකටත් අඩු දැන්වීම් ප්‍රමාණයකි. එහෙත් මේවනවිට පමණක් මාස එකහමාරක් තුළ සුධර්මන්ගේ පවුල විසින් විජිත ආයතනයෙන් රුපියල් ලක්ෂ හතරහමාරකට වැඩි මුදලක් වැටුප් සහ දීමනා ලෙස පමණක් ලබා ගති. සුධර්මන්ගේ පුත්‍රයාට ඉන්ධන සහිතව කාර් රථයක් සඳහා ආයතනය විසින් රුපියල් 50,000/= ද වැය කර තිබේ.

මෙයට අමතරව සුධර්මන් විසින් බලය යොදවමින් සිදුකරන තවත් පහත් ක්‍රියාවක් වන්නේ අනුන් ලියන ලිපි සහ ප්‍රවෘත්ති සඳහා තම බිරිඳ ගේ සහ පෙර සඳහන් කර ඇති ඥාති දියණිය ගේ (පෙර පාසල් සහායිකාවගේ) නම් යෙදීම ය. එහි ආසන්නම සිදුවීම් ජුලි 02 වන දා නිකුත් වූ පත්තරයේ ඇත. දෙනගම ධම්මික රණවීර පළපුරුදු මාධ්‍යවේදියා විසින් ලියන ලද මුලික ප්‍රවෘත්තියට සුධර්මන් විසින් පෙරපාසල් සේවිකාවගේ නම දමා ඇත. එයද දමා ඇත්තේ දෙනගම ධම්මික රණවීරගේ නමට ඉහළිනි.

මාස එකහමාරක් තුළ ආයතනයේ ප්‍රවාහනය වෙනුවෙන් වෙන් කළ මුදලින් (රුපියල් දෙලක්ෂ විසි දහසින්) හතරෙන් එකක් කිසිම බුද්ධියක් නැති එකෙක් වෙනුවෙන් වැය කර තිබීමද ගැටලු සහගත බව මවු සමාගමේ අදහස වී ඇත. මේ අනුව විජිත සමූහ ව්‍යාපාරයේ දක්ෂ පරිපාලන නිලධාරීන් විසින් මේ වනවිට “ඉරිදා” පුවත් පතේ සියලු පරිපාලන කටයුතු තමන් යටතට ගැනීමට සූදානම් ය.

මේ පිළිබඳ මූලික සාකච්ඡා සියල්ල ජූලි මස මුල් සතියේ සිදුකිරීමට නියමිත අතර ඉරිදා පුවත් පතේ පරිපාලන වෙනස් කිරීම් නිසා ඇතිවන අපහසුතා පිළීබඳව විජිත සමූහ ව්‍යාපාරය සිය කනගාටුව ප්‍රකාශ කරයි.

කොහොම නමුත් දැනට සේවයේ යෙදී සිටින සුදුසුකම් සපුරා ඇති මාධ්‍ය වේදීන්ට සහ සේවකයින්ට කිසිම අසාධාරණයක් නොවන බවද විජිත සමූහ ව්‍යාපාරය පවසයි.

මෙම කරුණු වලට යටත්ව සේවයේ යෙදී සිටිනවාද නැද්ද යන්න සුදර්මන් රදළියෙගොඩ තීරණය කරනු ඇතැයි අපි සමඟ අදහස් දැක්වූ විජිත සමූහ ව්‍යාපාරයේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.

මෙයට අමතරව පත්තරයේ එළි දැක්වීමේ උළෙල පැවැති දිනයේ වෝටර්ස් එජ් ආයතනයට පවා වැඩි මිලක් ගෙවන බව පවසමින් සුධර්මන් සහ තම හිතවතුන් කෙසෙල් ගෙඩියකින් පවා රුපියල් දහයක මුදලක් බැගින් ගසා කා ඇත. මේ වෙනුවෙන් සුධර්මන් විසින් යොදවා ඇත්තේ බුද්ධි දාස නම් මන්ද බුද්ධික වාමනයා බවත් මවු සමාගම හෙළි කරගෙන ඇත.

http://www.lankanewsweb.today/archives/11521

Top