Featured

මහින්දට කඩේ ගියොත් අඩු කඩනවා චන්ද්‍රිකා ශ්‍රීලනිප සටනට -19 වැනිදා සංවිධායකයන් කොළඹට

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් ඇති වන්නේ නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයකට තරග කිරිම මරු වැලද ගැනිමක් බව ඊයේ පැය 7ක පමණ කාලයක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙ ප්‍රධානත්වයෙන් අහුංගල්ලේ පැවැත්වු පැය 7ක පමණ සාකච්ඡාවේදි එම අවස්ථාවට එක්වු මන්ත්‍රීවරුන් අවධාරණය කර තිබේ.

එම සාකච්ඡාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද,ඇමැති මහින්ද අමරවීර, ඇමැති දුමින්ද දිසානායක, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, ඇතුලු චන්ද්‍රිකාවාදින් පිරිසකට පමණක් ආරාධනා කර තිබේ.

ඒ අනුව ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වා ගත යුතු බවත් ඒ සදහා අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පවතින විශ්වාසය කිසිදු අයුරිකින් පළුදු නොවන අකාරයේ වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින්ම සකස් කිරිමටත් රනිල්-මෛත්‍රී විරසක කිරිමට උත්සහ ගන්නා කණ්ඩායම් සහ පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වන විට අගමැතිවරයා තමන්ට තොරතුරු සපයා ඇති බවත් ඔහුන්ට එරෙහිව ඉදිරියේදි කටයුතු කිරිමට මෙහෙයුමක් සුදානම් කර ඇති බවද හිටපු ජනාධිපතිනිය අවධානරණය කර තිබේ.

මේ අතර අදාළ සාකච්ඡාවලදි ජනාධිපතිනිය නියෝග කර ඇත්තේ ලබන 19 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් කොළඹට කැදවා ඔහුන්ට දැඩිලෙස විනය නීති පනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ශ්‍රී නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගන්නා තින්දුවලට පිටින යන ඔනෑම සංවිධායකයෙකු වහාම ඉවත් කිරිමට වහාම කටයුතු කලයුතු බවද ඇය අවධාරණය කර තිබේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරුන් කෙසේ හෝ ආණ්ඩුවේ ඇමතිකම් සදහා එකතු කර ගැනිමට දිගින් දිගටම කටයුතු කල යුතු බවත් ඒ සදහා ඒකාබද්ධ විපක්ෂය තුල බැසිල්ගේ ආගමනය හේතුවෙන් ප්‍රශ්ණ ඇති බව පෙන්වමින් මන්ත්‍රීවරුන් අතර විරසකය නිර්මාණය කිරිම සදහා කටයුතු කලයුතු බවටද සාකච්ඡා සිදුව තිබේ.

Top