Anonymous Reporter

මැතිවරණය තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නෑ…. හැකිනම් දෙසැම්බර් මාසයට පෙර පලාත් පාලන මැතිවරණය පවත්වනු….

දෙසැම්බර් මාසයට පෙර හැකිනම් පලාත් පාලන මැතිවරණය පවත්වන්නැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග මහතා ආණ්ඩුවට අභියෝග කරයි. පලාත් පාලන මැතිවරණයක්වත් පැවැත්වීමට නොහැකි ආණ්ඩුව රටක් පාලනය කරන්නේ කෙසේදැයි රණතුංග මහතා වැඩිදුරටත් ප‍්‍රශ්ණ කරයි.

උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී පසුගිය සෙනසුරාදා(08) පැවති රැස්වීමකදී රණතුංග මහතා මෙම අභියෝගය කලේය. මිනුවන්ගොඩ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ගුරු සංගමයේ නියෝජිතයන් වර්තමාන දේශපාලන තත්වය පිලිබදව දැනුවත් කිරීම සදහා රැස්වීම සංවිධානය කර තිබුණි. මෙම රැස්වීමට මිනුවන්ගොඩ ආසනය නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ගුරු සංවිධානයේ නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

“පලාත් පාලන මැතිවරණය කල් දාලා දැන් අවුරුදු 02කට කිට්ටුයි. විවිධ හේතු දක්වමින් ආණ්ඩුව හිතා මතාම මේ පලාත් පාලන මැතිවරණය කල් දමනවා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි. ආණ්ඩුව දන්නවා අද රටේ තත්වය. මැතිවරණය තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නෑ කියලා මේ අය දන්නවා. ඒ නිසා අපි මේ රනිල් මෛතී‍්‍ර ආණ්ඩුවට අභියෝග කරනවා. පම්පෝරි ගගහ ඉන්නේ නැතුව මැතිවරණය දෙසැම්බර් මාසෙට කලින් තියන්න. ඒකාබද්ධ විපක්‍ෂයේ අපි මොන විදියක්නි හරි එදාට මේ ආණ්ඩුව ගෙදර යවන පලමු වෙඩි මුරය තියනවා.

මේ ආණ්ඩුවේ කතාව දෝලාවෙන් ගමන පයින්. කිව්වේ නාස්තිය දුෂණය අවම කරනවා කියලා. හෙලිකොප්ටර්වල ගමන් බිමන් යන්නේ නෑ කියලා හතර අතේ පොරොන්දු වුනු ආණ්ඩුවේ ලොකු ලොක්කෝ අද යන්නෙම උඩින් සතයක්වත් ගෙවන්නේ නැතුව. පාර්ලිමේන්තුවේදී මේ ගැන අපි අහපුවාම මේ අයගේ උඩින් යන කෙරුවාව හෙලිදරව්වුනා. ඇත්ත හෙලිවුනාම කලබලවුනු ආණ්ඩුව ඒක සාධාරනීකරණය කරන්න ගිහින් හත්පොලේ ගාගත්තා. මේ ආණ්ඩුවේ ඉන්නේ කම්බ හොරු. හැබැයි. මේ අය අපිට හොරු කියලයි බලය ගත්තේ. අද රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස වලපල්ලට යමින් තිබෙනවා. දෙනවයි කියපු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මාධ්‍ය නිදහස කෝ හම්බවුනාද. ආණ්ඩුවට ඕන වුණේ කොහොමහරි බලය ගන්න. දැන් ඔවුන් වැඩ කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස ,නැති වෙන විදියටයි. පම්පෝරියයි,පලිගැනීමයි හැර මේ ආණ්ඩුවට කිසිවක් නෑ. රනිල් මෛතී‍්‍ර ආණ්ඩුව වැඩකරන්නේ ජාත්‍යන්තරයේ රූකඩයක් විදියට. ජාත්‍යන්තරයට අවශ්‍ය දේ කිසිදු අඩුවක් නොමැතිව ඉටුකිරීමයි ඔවුන් කරන්නේ. ජාත්‍යන්තර පදයට නටන මේ රූකඩ ආණ්ඩුව එට්කා ගිවිසුම අත්සන් කරන්න සූදානම් වෙනවා. අගමැති රනිල් ඉංදියවේදි කියනවා එට්කා ගිවිසුම දෙසැම්බර් වන විට අත්සන් කරනවලූ. ආණ්ඩුවෙම පාර්ශවකරුවන් වන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් ඇමතිවරු කියනවා. පාර්ලිමේන්තුවට නොදා ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. කොළ අලි එකක් කියනකොට නිල් අලි තව එකක් කියනවා. මේකෙන් ඔප්පු වෙන්නේ මොකක්ද . මේ ආණ්ඩුවට ප‍්‍රතිපත්තියක් නෑ. එක තීන්දුවක් නෑ. කොහෙද යන්නේ මල්ලෙ පොල් ආණ්ඩුවක් මේක.

අද මේ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය විනාශ කරලා ඉවරයි. පාසැල්වල ගුරුවරුන්ගේ ප‍්‍රශ්ණ විසදන්න මේ ආණ්ඩුවට වැඩපිලිවෙලක් නෑ. ගුරුවරුන්ගේ ගැටලූ වලට විසදුම් හොයනවා වෙනුවට ආණ්ඩුව කරන්නේ ගුරුවරුන්ගෙන් පලි ගැනීම. නිවැරදි අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් ආණ්ඩුවට නෑ.

ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයන් වෙනුවෙන් පක්‍ෂයේ නිල නායකයන් සිය යුතුකම සහ වගකීම ඉටුකරන්නේ නෑ. ඔවුන් කරන්නේ ආණ්ඩුවට මුක්කු ගැසීම පමණයි. ඒ නිසයි අලූත් බලවේගයක් පිලිබද අවශ්‍යතාවය රටතුල මතුවෙලා තිබෙන්නේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සිය සබෑ වගකීම හදුනාගෙන කටයුතු නොකිරීම නිසා මේ ජාතික බලවේගය ඉක්මනින් පිහිටුවන්නැයි පාක්‍ෂිකයන් අපෙන් ඉල්ලනවා. දැන් කිසිවෙකුට ඒ නව ජාතික බලවේගය බිහිවීම කිසිසේත් නතර කල නොහැකියි. තවදුරටත් ආණ්ඩුවට මුක්කු ගසමින් අලියාගේ නැට්ටේ එල්ලී ඉන්නා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන්ට අනාගතයේ හිමි තැන ජනතාව තීරණය කරාවි. අපිටනම් හිතෙන්නේ ඔවුන් දේශපාලන කුණු බක්කියට වැටෙන්න වැඩිකල් නොමැති බවයි. ජනතාවගේ ඉල්ලීම අනුව මේ නව ජාතික බලවේගය සැබෑ ආණ්ඩු විරෝධීන් වෙනුවෙන් ඉතා ඉක්මනින් බිහිවේවි. වර්තමාන ආණ්ඩුවට එරෙහි සියලූ බලවේග එකතුකොට ගොඩනගන මේ නව ජාතික බලවේගය මෙරට ඉතිහාසයේ බිහිවන ශක්තිමත්ම බලවේගය වන බව ස්ථීරයි.

ප‍්‍රදීප් අනුර කුමාර

Top