Breaking
26 Feb 2025, Wed

මෛත‍්‍රීගේ කථාව ජනතාව රැවටීමේ රංගනයක්….අපි ඕවට රැවටෙන්නේ නැහැ….

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප‍්‍රකාශය ජනතාව රැුවටීමේ රංගනයක් පමණක් බවත් එය එසේ නොවේ නම් ජනාධිපතිවරයා එය ක‍්‍රියාවෙන් ඔප්පුකළ යුතු බවත් ගම්පහ දිස්ත‍්‍රික් පාරිලිමේන්තු මන්ත‍්‍රී එකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. මෙවැනි ප‍්‍රකාශ වලින් රටේ ජනතාව තව දුරටත් රැවටිය නොහැකි බව ජනාධිපතිවරයා ඇතුළු ආන්ඩුව වටහා ගත යුතුව ඇතැයිද රණතංග මහතා පෙන්වා දෙයි.

ජා-ඇල මෙරිල් පෙරේරා මන්ත‍්‍රීවරයාගේ නිවසේ අද (15) පැවති රැස්වීමකදි රණතුංග මහතා මේ බව සඳහන් කලේය. රැුස්වීම සංවිධාන කර තිබුනේ ජා-ඇල ප‍්‍රදේශයේ මරණාධාර සමිති සුභසාදක සමිති සහා ග‍්‍රාම සංවර්ධන සමිති සඳහා උපකරණ ලබා දීම සඳහායි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ප‍්‍රසන්න රණතුංග සහා ප‍්‍රසන්න රණවීර යන මන්ත‍්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදල් යටතේ රුපියල් ලක්‍ෂ 16 ක් මේ සඳහා වැය කර තිබුනි. තොරාගත් සමිති සඳහා ප්ලාස්ටික් පුටු හට්, බුෆේ සෙට්, ශබ්දවාහිනි උපකරණ ලබා දීම ඒ අනුව සිදු කෙරින.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රණතුංග මහතා මෙසේදි කිවේය.

‘‘අද මේ වගේ බඩු බෙදන එකත් හරි ගැටලූවක් කොයි වෙලාවේ අපිව ත්‍ක්‍ෂෘ ගෙනියයිද දන්නේ නැහැ පහුගිය දවසක ජනාධිපතිතුමා කියලා තිබුනා ත්‍ක්‍ෂෘ එක අල්ලස් කොමිසම කටයුතු කරන්නේ දේශපාලන නි්‍යායපත‍්‍රයකට අනුව කියලා මාවයි මගේ නෝනාවයිත් ත්‍ක්‍ෂෘ කැදවලා තිබුනා අපිවත් හිරකරන්නයි හැදුවේ හැබැයි මම එකෙන් බෙරුනා ඒ උනාට මට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා. එවයේ පොදු දේපල පනත යටතේ කිසිම චෝදනාවක් නැහැ එදා මාව දාන්න බැරි උන නිසා පළාත් සභාවේදි මම කරපු දේවල් දැන් හොයනවා මේ අය හදන්නේ කොහොම හරි අපිව හිර කරන්නයි.
ත්‍ක්‍ෂෘ එකයි අල්ලස් කොමිසමයි වැඩ කරන්නේ දේශපාලන නි්‍යායපත‍්‍රයකට අනුව කියලා අපි අවුරුදු 2 ක් තිස්සේ ඉදන් කියනවා. හැබැයි ජනාධිපතිතුමා මේක හදිසියේ කියන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි මේක නාට්‍යයක් අලූත් නාට්‍යයේ එක චරිතයක කොටසක් විතරයි ජනාධිපතිතුමා මේ රගපාලා වෙන්නුවේ ජනාධිපතිවරයාට මේ දේශපාලන නවත්වන්න ඔනෑනම් රටට ඒබ ව ඔප්පු කරලා පෙන්වන්න ඕනෑ 2001 යු.එන්.පී. ආන්ඩුව වෙලාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන විදිහට රනිල්ලා වැඩ කරද්දි චන්ද්‍රිකා මැතිනිය අමාත්‍යාංශ පවරාගෙන වහාම ආන්ඩුව විසුරුවා හැරියා මෛත‍්‍රිපාලන ජනාධිපතිතුමාටත් ඇත්තටම ඔනැකමක් තියෙනවානම් මේ දේශපාලන පලිගැනීම් නවත්වන්න ඒක රටට ඔප්පු කරලා පෙන්වන්න පුලූවන් අපි ජනාධිපතිතුමාට කියන්නේ කථාවෙන් ජනතාව ගොනාට අන්දන්නේ නැතුව ක‍්‍රියාවෙන් ඔප්පුකරලා පෙන්වන්න කියලා අද අපි පැහැදිලිව කියනවා. රට තුල එල්.ටී.ටී. ය. හිස ඔසවමින් තිබෙනවා. ජාත්‍යන්තරව එල්.ටී.ටී.ය හිස ඔසවමින් ඉන්නවා උතුරු පලාත් සභාව වැඩ කරන්නේ රටේ ජාතික ආරක්ෂාවට හානියක් වන විදිහට සංහිදියාව බල්ලට දාලා මේවා නතර කරන්න කටයුතු නොකර ජනාධිපතිතුමා කිය කියා ඉදලා වැඩක් නැහැ

කොටි නිහස් කරන ආන්ඩුව රණවිරුවන්ව හිර ගෙට දක්වනවා ආරක්ෂක ලේකම්වරයා සහා හමුදාපතිවරුන් උසාවියට කැදවලා බංකු උඩු වාඩිකරවලා තියනවා. ජනාධිපතිතුමා රටට කියනවා මේවා දන්නේ නැහැ කියලා හමුදාපතිවරු උසාවියට දක්කපු එක වැරදියි කියලා. හත් දෙයියනේ එතුමානේ ජනාධිපති එතුමානේ ආරක්‍ෂක ඇමති එතුමානේ සෙනාධි නායක නතර කරන්න එපායැ දැන් කිඹුල් කදුලූ නොහෙලා අවශ්‍ය නම් මේවා සිදුවෙන එක නතර කරන්න ජනාධිපතිතුමාට තිබුනා එතුමා හදන්නේ මේ ජනතාව නැවත රවට්ටන්න හමුදාපතිවරුන්ව හිටපු ආරක්ක්‍ෂක ලේකම් වරයාව මේ විදිහට අධිකරණයට කැදවලා සතුටු කරන්නේ කාවද දෙමල ඩයස් පොරාව මේ ඉටුකරමින් තිබෙන්නේ දෙමළඩයස්පොරාවේ උවමනාව ඔවුන්ගේ ඉල්ලීම.

හෙට අනිදාට ආණ්ඩුව අය වැය ඉදිරිපත් කරන්න ලැහැස්ති වෙනවා මුදල් ඇමතිවරයා කියනවා. රට හොල්මන් කරන අය වැයක් ඉදිරිපත් කරනවයි කියලා ගිය පාර අය වැයේ ඉතුරු උනේ ගරු කථා නායක තුමනි කියන කැල්ල විතරයි අනිත් ඔක්කොම සංසෝධනය වුනා කිව්වේ නම් සරදියල් අයවැයක් ඉදිරිපත් කලා කියලා හැබැයි ඒක ඔල්මොරොන්දන් අය වැයක් හෙට අනිද්දට පාර්ලිමෙන්තුවට ගෙනෙන අයවැයෙන් ජනතාව අලූතින් හොල්මන් කරන්න දෙයක් නැහැ දැන් ජනතාව මේ ආන්ඩුව කරන වැඩ නිසා හොල්මන් වෙලා ඉවරයි.

මෙවර අය වැයෙන් ජනාධිපති වැය ශිර්ෂයට සියයට 320 කින් වැඩිවෙලා ගිය වතාවේ වෙන් කරපු මුදලට වඩා අධ්‍යාපනයට මුදල් අඩුවෙලා කිව්වේ නම් සියයට 6 ක් වෙන් කරනවයි කියලා හැබැයි ඒ ඔක්කොම දැන් බොරු වෙලා ඉවරයි. ආණ්ඩුව කියනකොට එහමයි කරනකොට මෙහෙමයි. මහා බැංකු හොරකම තමයි මේ රටේ සිද්ධ වුන ලොකුම හොරකම ඒකට වගකියන්න ඔනෑ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයායි. මේ හොරකමේ පාඩුව දරන්න වෙලා තියෙන්නේ අපේ රටේ ජනතාවට වැට් ගහලා මේ හදන්නේ ඒ හොරකමේ පාඩුව ජනතාව මත පටවන්නයි. අද රටේ සංවර්ධනය කොහොමත් නතර වෙලා මහාජන සුභ සාදනයත් නතර වෙලා මේ ආන්ඩුව මෙලෝ රහක් නැති ආන්ඩුවක් අපේ කාලේ වැඩත් කලා සහානත් දුන්නා දැන් වැඩත් නැහැ සහනත් නැහැ.

ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝදනය කරන්න හදන්නේත් දෙමළඩයස්පොරාවට ඔනෑ විදිහටයි. දැන් ආන්ඩුව හද්නේ ජනමතයක් නොගෙන පාර්ලිමෙන්තුව හරහා ආන්ඩුක‍්‍රම ව්‍යස්ථාව සංශෝදනය කරන්නයි. මේ ගෙන්න හදන ව්‍යවස්ථාව රටේ ජනතාව ඉල්ලපු ව්‍යස්ථාවක් නොවෙයි. පාර්ලිමේන්තුවට ඔනෑ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවක් හදන එක වැරදියි හදන්න ඔනෑ ජනතාවට ඔනෑ ව්‍යස්ථාවක් මේ රටට අහිතකර යෝජනා ගණනාවක් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා කමිටුවේ සාකච්ඡුා වෙමින් තිබෙනවා. මමයි දිනේෂ් ඇමතිතුමයි එහි සාමාජිකයින් අපි දැන්මම ඒවා හෙලි කරන්නට සුදානම් නැහැ හැබැහි රටට අහිතකර දෙයක් වෙනවානම් ඔය කමිටුවල අපි ඉන්න සුදානම් නැහැ කමිටුව මේ විදිහට නම් යන්නේ ඉදිරියේදි අපි මේ කමිටුවෙන් ඉවත් වෙන්න සුදානම්.

ප‍්‍රදීප් අනුර කුමාර

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.